Saturday, March 2, 2013

When Life Gives You Lemons....




When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 




මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?






මෙන්න ගුගල් දෙයියා දුන්න විසඳුම්:



1.Take a day or two off. 

   ඒක නං ඉඳල හිටල කොරනවා, ඒත් වැඩක් නෑ. තව බාගෙන ‍ෆිල්ම් එහෙමත්     බලනව



2.Take a walk.

  හහ්, පිස්සු නැත්නම් හොඳයි, මේ පට්ට සීතලේ



3. Drink some water.

   හා



4. Take a nap.

    හා :)))))



5. Write a blog post

    හහ්, මඟුලක් කියනව



6. Get wild!

    ඒකත් කලා, බලමුකො මොකද වෙන්නෙ කියල :)

     

Sunday, October 28, 2012

සෙල් ලිපි




හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.



ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.








ඔය පහලින් තියෙන්නෙ ක්ලියොපැට්‍රාගෙ කස්ටිය සෙල්ලිපි කොටාපු හැටි.











මේකෙ නම සෙල් ලිපි" වුනාට, මං මේ කියන්න හදන්නෙ, දැනට අපට සිංහල කොටන්න තියෙන එක එක සොෆ්ට්වෙයා ගැනයි.



 ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔන්ලයින් එව්වා:



http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

(මෙකෙ  photoshop වලට නං ප්‍රයෝජනවත්:සිංහල font විදිහටම ගෙනියන්න.)

http://unicode.malindaprasad.com/

http://www.google.com/transliterate/sinhalese





මේවා වලත් වර්ග දෙකක් තියනවා. එකක් කොටන කොටම අකුරු පෙන්නන්න එව්වා, එහෙම නැති එවා.

මේ අතරින් Google Transliteration වල පහසුකං ගොඩක් තිබ්බට, කොටන කොටම අකුරු පෙන්නන්නෙ නෑ.මට නං ඒක අවුල්.





ඊට අමතරව වින්ඩෝස් වලට නං, stand-alone එව්වත් තියනවා. මං කැමති phonetic නැත්නම් සිංග්‍රීසි වර්ගයේ එව්වට විතරයි. හේතුව, ඔය සඤ්ඤක අකුරු කොහෙද තියෙන්නෙ කියලා හොය, හොය ඉන්න බැරි නිසා :). මේ තියන්නෙ මං පාවිච්චි කරන එකම එක:



Singreesi 1.8



ප්‍රස්ණෙ කියන්නෙ, මේක දැං හොයාගන්න නෑ. මා ලඟ නං කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත කොපියක් තියනවා වින්ඩෝස් වලට, දැන්නම් ඒක වැඩි දියුණු කිරිල්ල නැවතිලා පාටයි.



මේච්චර කල් කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කලත් වින්ඩෝස් වලින් වෙන එකකට මාරු වෙච්ච දාට තමයි අවුල. එක එක එව්වා අත්හදා බලල අන්තිමට නැවතුනේ, ඒකෙම browser addon එක ලඟයි. හැබැයි, add-on එක තියෙන්නේ Google Chrome වලට විතරයි.



https://chrome.google.com/webstore/detail/singreesi/enobjimolcbaplolgmplicbkllihadig



මෙක ලියපු  එක හේතුවක් තමා ඔහෙල හිංගල කොටන්න පාවිච්චි කරන්නේ මොනවාද? එව්වයෙ ගුණාගුන කොහොමද කියල දැණගන්න එක :)



ඒක හින්දා  මේක බලලා , හොර බලල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව , දැන්න දෙයක් කොටලම ගියානං අපිටත් දැණගන්නත් එක්ක :))







…

Saturday, September 8, 2012

බකුසු සිත්තරා




බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි. 

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.



කාංසිය මැකෙන්න කියලා, තැපැල් මහත්තයා හිතනවා සංගීතයට නැඹුරු වෙන්ට. බට නලාවත් ගෙන්න ගන්න තැපැල් මහත්තයා ඒක වාදනය කරන්න හදනවා, ඒත් එකෙන් එන්නෙ ග්‍රීස් නැතිව කැරකෙන කරත්ත රෝදයකින් එනවා වගේ හඬක් මිසක් මිහිරි නාදයක් නෙමෙයි. ඒ වැඩේ හරිගියේ නැති තැන , තැපැල් මහත්තයා හිතනවා චිත්‍ර අදින්න ඕනෙයි කියලා. ඒකට ඕනෙ කරන අඩුම-කුඩුම ටික ගෙන්න ගන්න තැපැල් මහත්තයා මනස්කාන්ත දර්ශණයක් අඳින්න මුල පුරලා, අඳිනවා කන්දක් ඉස්සෙල්ලාම. ඒක කන්දක් නොව නිකම්ම නිකං මැටි ගොඩක් වගේ පේන නිසා, හිත කලකිරෙන තැපැල් මහත්තයා , නගරයේ උද්යෝගීමත් ජීවිතය ගැන සිහින මවමින්,දුකසේ කාලය ගත කරනවා.

ඒත් අපේ කතානායකයාගේ ජීවිතය දිගටම එහෙම වෙන්නෙ නෑ. ඒත් මම මේ කතාව මෙතනින් නවත්තලා , දැං කියන්න යන්නෙ මේක බස්සාගේ කතාවට සම්බන්ධවෙන ආකාරයයි.







බස්සටත් හිතුනා සිත්තරයක් අඳින්න. ගත්තා මවුසා ගැහුව ඉරක්. ඒක සරල රේඛාවක් නං නෙමෙයි. ඇන්ඳා වෘතයක් ඒක නිකං තැලිච්ච පකිස් පෙට්ටියක් වගේ වුනා. අපේ කතානායකයා නං වැඩේ ඔතනින්ම අල්ලලා දානව නෙව. හහ්, එව්ව කොහෙද මං බස්සෙක් මිසක් තැපැල් මහත්තයෙක් යෑ?

මං නෙමෙයි සැලුනෙ. ඇන්ඳා චතුරශ්‍රයක්, වෘතයක් වෙලා එයිද බලන්න. ම්හු, ඒකත් හරි ගියේ නෑ. මේක මවුසාගේ අවුලක් කියල හිතලා ගත්තා ගැ‍ෆික් මෙව්වා එක. ඇන්ඳා, ම්හු..ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? එත් ඇරියෙ නෑ. කියවන්න ගත්තා සිත්තර ඇඳිල්ල ගැන. මෙන්න හොයා ගත්ත දේ:

සිත්තරෙක් වීමට කෙලින් ඉරක් ඇඳ ගැනීමේ හැකියාවක් අවශ්‍ය නැත. ඒ තියා මොනම උලව් හැකියාවක් වත් අවශ්‍ය නැත, කෙලින්ම පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ. සම්භාව්‍ය චිත්‍රයක් යනු බලන එකාට තියා ඇඳපු එකාවත් ඒකෙ තේරුම නොදන්නා එකකි. එතකොට තමා බලන එක එක එකා ඒකට විවිධ අර්ථකතන දෙන්නෙ. ඔහෙලට විස්වාස නැහ්නං බලන්න පහල තියන සිත්තර දිහා. ඔය සිත්තර දෙක ඇඳලා තියෙන්නෙ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියො දෙන්නෙක්. එක්කෙනෙක් නං ලෝක පූජිත කලා කාරයෙක් - පිකාසෝ. හා, කියන්න බලන්න කොයි එකද එයාගෙ කියලා? බෑ නේද? මං දන්නවා වෙනස් හොයාගන්න බැරි තරමට දෙකම විශිෂ්ඨ කලා නිර්මාණ බව :)



















දැං තේරෙනව නේද, මං කියාපු දේ? ඒ නිසා ඔබටත් විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වීමට අවශ්‍ය නං මං කියාපු විදිහට පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ.





ඔය උඩින් තියන සිත්තරේ ගත්ත පොත ලස්සන රුසියන් ලමා කතාවක්. මෙන්න ලින්ක් එක PDF එකට.
http://www.arvindguptatoys.com/arvindgupta/mir-nosov-dunno.pdf



කතාවෙ මේ පරිච්චේදයෙ නං පොඩි ආදර්සෙකුත් තියනවා: අනුන්ව සමච්චලයට ලක්වෙනකොට උඩ පැන, පැන හිනාවෙන අය, තමන්ටත් ඒදේ වුනාම හැසිරෙන හැටි :)




ප.ලි:

පොත් ගුල්ලා දීපු ඔත්තුවක් අනුව ඔරිජිනල් තාගෝර් තුමාගෙ පොත හොයා ගත්තා. මොන එකක්ද මන්දා, ඒත් ඒක අර හිංගල කෙටි කතාව තරම්ම හිතට වදින්නෙ නෑ.

STORIES FROM TAGORE


කතාව ගැන කව්දෝ ලියන තිව්ව මෙන්න මේක නං බොක්කටම වැදුනා :)





Human hopes are not always bound by reason, and such hopes are, more often than not, found to be illusory. The village girl - Ratan was tempted to find a hope in her companionship with and steady dependency upon the postmaster. But when the postmaster chooses to leave the village, and Ratan's prayer to take her with him is not granted, she is left alone with tearful eyes. The postmaster philosophises that all such finer feelings of companionship are bound to be left and forgotten in the real course of life. But, for Ratan, it means genuine hope being dashed to the hard ground of realities.




Monday, August 13, 2012

කතන්දර



කතන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

දැං සමහර කතන්දර, නැත්නම් වෙනත් ලිපි තියනවා නෙව, ලියල තියන විදිහට කියවන්න එපාවෙන. මං මේ ලඟදි ඉඳන් කියවන්න ගත්තා එහෙම බොහොම ප්‍රසිද්ධ පොතක කතා, බොහොම සරල, මටසිලි‍ටු විදිහට ලියන කෙනෙක්ගෙ කතා පෙලක්. කොච්චර ලස්සන, ආදර්ශමත් වුනත් විලියොං ගොයියගෙ ඔරිමජිනල් කතා ලියපු බාසාව අර පුරාණ ඉංගිරිස කියවන්න අමාරුයි නේද?  මං මේ කතාව කිව්වෙ, අනුන්ගෙ වුනාට, කොපි-පේස්ට් කලාට එහෙම කතාවක් වුනත් අපේ උරුවට, කියවන්න ලේසි ශෛලියට නැවත ලියන එක වැරද්දක් නෑ කියල කියන්නයි. කාගෙද, කව්ද, කොහෙන්ද කියක එකට වඩා වැදගත් ලියනදේ අන්තර්ගතය තමා. කෙලින්ම කිව්වොත්, අමු-අමුවෙ නැතුව, කලාවකට කොපි කරලා, නැත්නම් ආභාෂයක් අරගෙන වැඩක් කරන එකේ වරදක් මට නම් පේන්නෙ නෑ.

අපේ බාල කාලයේ අපට නින්ද යනතෙක් කතන්දර කිවූත්, හන්දියේ තෙල්-බේත් ටික වීකුන ගැනීමට කතන්දර කිවූත්, පිරිත්, මළ ගෙවල්වල නිඳිකිරා නොවැටීමට කතන්දර කිවූත්, වර්තමානයේ සයිබරයේ මොනයම්ම හේතු නිසා හෝ අප වෙනුවෙන් කතන්දර කිවූත් සියලුම කතන්දර කරුවන්/ කාරියන් වෙත කෙරෙන පිදුමකි :)









Friday, August 3, 2012

‍රැජිනගෙ ඇඳ







දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .


මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)





පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))


Thursday, August 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)
































 මං කැමතිම එක "Ouch! "







ඒත් මොකටෑ බොරු කියන්නෙ, මේං මෙව්ව දැක්කාම බස්සවත් නිකම්ම නැටවෙනවා :)










ඔන්න එහෙනං අදට හරියන නැ‍ටුමකුත්. මේකෙ බස්සෙකුත් ඉන්නවා :)













කොහොමද මේ නැ‍ටුම? ආදර්ශෙකුත් ගන්න පුළුවන් නේද? ;)







Sunday, July 29, 2012

පාරුවේ පුවක්


එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:


පංච මහා විල් ගැන අහල තියනවනෙ. ඔය විල් භාවිතා කරලා ඉඳිකරලා තියන වාරිමාර්ගයක් තියනවා. හරි ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වය?

පුරස්නෙ, මේ විල් තියෙන්නෙ එකම මුහුදු මට්ටමේ නෙමෙයි. එක විල ඉඳලා, අනිත් විලට නැව උස්සලා තියන්න වෙනවා :). මෙන්න පොඩි ක‍ටු සටහනක්:











අමතර බල ශක්ති ප්‍රභවයක් භාවිතා නොකර ,වැඩේ කෙරෙන්නෙ මෙන්න මෙහෙමයි:













ඔන්න Welland Canal, Soo Locks වල  
time-lapse
වීඩියෝ එකක් :





අද අභාවයට ගිහිල්ලා තිබුනත් කාලෙකට ඉහත අපේ රටෙත් වාරිමාර්ග භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහන ජයටම කෙරුනා. මේවාට ඈඳිච්ච රසකතා, ජනකවි වගේ වෙනම ගැමි සංස්කෘතියක් තියනවා. මේ ජනකවිවල දකින්න ලැබෙන විශේෂත්වයක් තමා අව්‍යාජ ගැමි සුවඳ:

මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

පලාතටම සුවඳ ගහන්න උයන, පාරු බතත්, ඒවා කන්ට දොලදුක හැදෙන ඉස්තිරි පක්සෙ ඈයො ගැනත් කතා බොහොමයි- ඔව්, ඔව් පාරු බත් උයන්නෙ පිරිමි තමා :))). අමුඩය ඇඳගත්ත, උතුංග දේහධාරී, කාළවර්ණ පාරු කාරයෙක් ගාවට එදා කොළඹ කාක්කෙක්/ බජාර් එකේ කකුලක් වත් කිට්‍ටු උනේ නෑලු - ටොයිං, ටොයිං :))

ඔය ගඟවල් අද්දර , ගඟ පැත්තට මුහුණලා හදාපු වෙනම කඩපවා එදා තිබුණ කියල මං අහල තියනවා - උණු, උණු ආප්ප, ලැවරියා, වණ්ඩු ආප්ප, හැලප එහෙමත් තියන්න ඇති නේද? -චව්,චව්....:))
පාරු විතරක් නෙමෙයි, කරත්ත කවිත්,කට වහරින් පැවත එන දේවල් . වැඩිහිටි පරම්පරාවත් එක්කම එව්වා අභාවයට යාවි. කවුරු හරි ඒ දන්න දේවල් ටික, ටික හරි ලියනවා නං බොහොම හොඳ වැඩක්





කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්තා වගේම, එදා ගැමියා වන්දනා ගමන් යන්නත් යොදාගත්තා. උයන , පිහින දේ පටවගෙන, මාස ගණන් හෙමීහිට ගිය මේ ගමන්, අද අපේ දඩි-බිඩි විනෝද ගමන් වලට වඩා රසවත් වූ බවට සැකයක් නෑ.




කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම





මෙන්න පැණි වෑහෙන කරත්ත කවියක්:

අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ

මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ








ඔන්න පහල තියනවා මං මේ කවි හොයාගත්ත ලින්ක් දෙකක්:

ජන කවි

සම්මත ජන කවි

පරණ පිංතූර හොයාගන්න මෙන්න කියාපු තැන:

ලංකාපුර