Tuesday, December 31, 2013

සුභ අලුත් අවුරුද්දක්

 

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

 newyear-1

අවුරුදු තෑග්ග:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. ඔය wordpress blog වල කොමෙන්ට්  වලදිත් පිංතූර , වීඩියෝ එහෙම පෙන්නන්න පුළුවන් ඔයෙ හිතේ. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු!

නෑ, මං මේ කිව්වෙ අපි බ්ලොගර්, බ්ලොගර්  අපිට නේ. බ්ලොගර්ගෙ ඔය ඇටෑච් බාත් රූම් නෑ නෙව. නැත්තෙත් නෑ, බලාගෙන හියාම , මෙන්න මෙහෙම කලොත්:

මේක මං හොයා ගත්ත දෙයක් නෙමෙයි. .සම්පූර්ණ තොරනේ විස්තරේම  මෙතන  තියනවා .

ඔරිජිනල් ක්‍රමේ තියෙන්නෙ. blogger template එකේ script  එක මොඩිෆයි කරන විදිහට. ඔහෙලට කියන්න, ඕක ටිකක් බයානක වැඩේ. පොඩි වැ‍රැද්දක් එහෙම වුනොත් " සදා සොත්ති බවන්තුතේ" තමයි. ඇත්තටම මට එහෙම වෙලා තියනවා.

මෙන්න මගේ ක්‍රමේ. මහප්‍රාණ නෑ . කිසිම රිස්ක් එකක් නෑ , බොහොම සරලයි:

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලා පහත පිලිවෙලට කොටාගෙන, කොටාගෙන යන්න.

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලාsettings වල තියන layout page එකට යන්න. ඔතන තියනවා "Add a Gadjet" කියලා එකක්. ඇත්තටම තැන් හතරක් තියනවා. අපි මේ කරන්න යන දේ නං පහලම තියන එකක් ‍තෝරා ගත්තත් කාරියක් නෑ..

image

ඔය "Add a Gadjet" එකකට කෙ‍ටුවාම එනවා මෙන්න මෙහෙම එකක්image

. දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එක පහලට scroll කරගෙන යන එකයි. එතකොට හම්බු වෙයි " HTML/JAVA Script" කියල එකක්. අන්න ඒකට කොටන්න. දැන් එයි මෙහෙම කො‍ටුවක්. හෙඩිමට මුකුත් ලියන්න ඕනෙ නෑ. "Content" වලට මං මේ පහත දෙන කොඩ් කෑල්ල අලවලා, මතක ඇතුව "save" එකත් ඔබලා "logout වෙන එකයි තියෙන්නෙ.

image

මෙන්න අලවන්න ඕන කෝඩ් කෑල්ල:

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/></script>



දැං මේක වැඩකරන විදිහ:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. දැන්, අපිට එයිට අමතර  HTML   සෙට් එකකුත් ලැබෙනවා. සම්පූර්ණ සෙට් එකම ඕනෙ නං අර ඔරිජිනල් සයිට් එකෙන් බලාගන්ට. මට නං වැදගත්ම එක පිංතූර. දාන්නෙ මෙහෙමයි:
කොමෙන්ට් සාමානය විදිහට කොටලා, දාන්න ඕනෙ පිංතූරෙ URL නැත්නම් web address එක කොපි කරහෙන. , පහත විදිහට දානවා, එච්චරයි :)

[im]URL[/im]

Saturday, December 21, 2013

බස්සා සහ කොබෝ නයෙක්






කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.

මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහා‍ටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා

හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.


"නමස්කාර්"


" මං නමස්කාර් නෙමෙයි, බස්සා. අනේ පිං ඇති නයි හාමි. මේ අහිංසක පක්සියාව බය නොකර යන්න. මෙහෙම හිටියට ඇඟේ මස් කලඳක් නෑ, පිහා‍ටු විතරමයි"

" හෙහ්, හෙහ්, මං බ්රෙක්ෆස්ට් එක අරගෙනයි ආවෙ. මං ආවෙ ඔහේව ගිලින්න නෙමෙයි, රාජකාරියකට, පැමිණිල්ලක් විභාග කොරාන්ට"


"ඒක මිසක්කා. පැමිණිල්ලක් කිව්වා? මේ මට විරුද්දව? කව්ද ඒ නොසන්ඩාල වැඩේ කරපු අලුගුත්තේරුවා?"


" පැමිණිලි කරල තියෙන්නෙ මීයො කස්ටියක් - ඇනෝ මවුස්ලා"


"ඕක බොරු පැමිණිල්ලක්, නයි රාලහාමි. උන් මාත් එක්ක තරහයි"


" නයි රාළහාමි? මං ඔය සාමාන්‍ය නයෙක් නෙමෙයි. අපි කොබෝ නාග වංසෙ.
 ඉස්පැසල් එජ්න්ට් කොබා. පැමිණිල්ල බොරුද නැද්ද කියල බලන්න තමයි මං ආවෙ. තුමාරා නාම් ක්‍යා හේ - පූරා නාම්?"


"සෑර් හිමාලයෙන් නේද? මං අහල තියනවා. පියාඹගෙනද ආවෙ?සෑර්, අයි ඩෝං නෝ මෙලෝ දෙයක්, හිංගලෙන් නං ඕන දෙයක්"


" සොරි, තමාගෙ සම්පූර්ණ නම කියමු බලන්න?"


" උප්පැන්නෙ තියෙන්නෙ DGM බස්සා කියලා- දොරකඩ ගහේ මූකලං බස්සා"


" හරි, දැං තමාට තියෙන පලමු චෝදනාව: තමාගෙ වංසෙ කබල්ගෑම "


" මං කබල් ගාපු වංසයක් නෑ. අපි උභයකුල පාරිශුද්ධ බකුසු වංසෙ. ඉතිං මං බස්සෙක් නොකියා ගිරවෙක් කියල කියන්නයෑ? දැං , සර් උනත් කිව්වෙ, මං සාමාන්‍ය නයෙක් නෙමෙයි, කොබෝ වංසෙ කියලා.සර්ට ඔනෙ නං දාගන්ට, 'දකුණේ බොදු , කරාටේ උගත්' කියලා. මං නං එදත් බස්සා, අදත් බස්සා"


" හරි ඒක ඇරිච්චාවෙකො. එතකොට තමාගෙ හමේ පාට ගැන උදම් ඈණීම?"


"උදම් ඇනිල්ලක් ගැන නං දන්නෙ නෑ, සර්. මං පැණි පාටයි. පැණි පාටට , ගොඩක් අය කැමතියි. ඒක මයෙ වැරද්දයෑ?"


" නෑ, නෑ, මේකෙ තියෙන්නෙ සුද්දොන්ගෙ වගේ සුදු පාටයි කිව්වය කියලා"


" සෑර්, ඒ මං නෙමෙයි. වෙන කෙනෙක්. අනික එයා සුදුම නෙමෙයි, හෙල්මැලි පාටයි, පාණ්ඩු පාටයි -ප්‍රියංකා චොප්රා වගේ. බලන්ට එපෑ, ප්‍රියංකට මොනවත් කිව්වොත් එයෑයිට යන ඩෝං, මයෙ ත‍ටු ගලෝනව කිව්වා. එත් මං නං කැමති, පැණිපාට දීපිකාට :)"


" හරි, නේන්නං, ඒක ප්‍රින්ටින් බිස්ටේක් එකක්. එතකොට, තමාගෙ ඉහළ මධ්‍යම පන්ති සමාජ තත්ත්වය ගැන ඉඟි කිරීම. චෙරීස්- බෙරීස්, හැම් , බේකන්, චීස් ආදී ඉහළ පන්ති ආහාර ගැන කතා කිරිම. මං අහන්නෙ, ඇයි, කරවල, කොස්, දෙල් වගේ දේශීය ආහාර කන්න බැරි"

" සර් මේ මඟුලක් කියනවා. මං දුප්පත් බස්සෙක්. මෙහේ, කරවල, කොස්, දෙල් අස්ප ගණන්. අපි වගේ දුප්පතුන්ට කන්න ලාබෙට තියෙන්නෙ දේවල් ගැන තමා මං කිව්වෙ"

" හා, හා බස්සො, කට, කට, හොට, හොට. මං කියන්නෙ, ඔය ලියන කොට ඔය දේවල් එහෙම්මම නොලියා පොඩ්ඩක් දේශීය උරුවට ලියනවකො. නැත්නම් අපේ මේ සංවේදී දේශීය බ්ලොග් කියවන්නන්ගෙ හිත් රිදෙනවනෙ. ඔය අයිස් වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදුනා වෙගේ දේවල් වෙනුවට, මල් වැස්සට තෙමිලා උණසන්නිපාතය හැදුනා කියල ලියනවකො"

" එතකොට මෙහෙ ඉන්න මූස්, කැරිබු වගේ මයෙ අසල්වාසියො ගැනත් ලියන්න එපාද?"


" දේශීයකරණය අයිසෙ,දේශීයකරණය. මූස්ට දානව 'අං දිග ගෝණා' කියලා. කැරිබු - මීමින්නා, අහවරයි නෙව"


" අනේ මන්දා සර්. බලාගෙන ගියාම, මට මේ සංවේදී දේශීය මීයොත් එක්ක මේකෙ ලියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනෙ, ඔය කයියක් දෙකක් ඇරෙන්න?"


" ඔහේ කවිත් ලියනවද? කියමු එකක් බලන්න"


අඳුරු ලලා වහිනා කල පිට ඔ‍ටුවම තෙමෙන්න
ලතා මඬුලු අත වැනුවොත්, පණ එපා කියල දුවන්න
දුවන ගිරියෙ,ඉස්සො වඩේ බදිනවදැයි බලන්න
මට නොලැබෙන මසල වඩේ, ඔබට හැකිය ගිලින්න

අම්පාරට පායනවද, වහිනවදැයි කියන්න
මට නොපෙනෙන, ඒ මල්වැසි ඔබට හැකිය දකින්න




"" ඔය තියෙන්නෙ. අල වගේද ගෝව. ආන්න එහෙම ලියනව අපේ දේ අගේ කරල"


"සෑර්. ඒක නෙමෙයි. සීතල යන්නත් එක්ක කෝපි එකක් බොමුද?"


"කෝපි එපා"


" හරි, සැර්ල කෝපි නෙමෙයි බොන්නෙ චායි නෙව. ෂහ්, මා ගාව එව්ව නෑනෙ. මොකද කියන්නෙ,ෂැන්ඩි ටිකක් දාලා හීනියට බ්‍රැන්ඩි සොට් එකක් නමමුද?"


" ෂැන්ඩි එපා"

බ්‍රැන්ඩි සොට් දෙක දාන කොට කොබා නිකම්ම දේශීකරණය උනා, පෙනේ තාලෙට දෙපැත්තට වැනෙන්න ගත්තා.

" මචා.......න්, බෂ්ෂො. උඹ බයවෙන්න එපා. මං ලියන්නං මයෙ රිපෝට් එකේ, මේ චෝදනා සියල්ලටම උඹ නිවැරදිකරු කියලා. එහෙනං අපි කැපුනා, සනා. නමෂ්කාර්"

එහෙම කියපු කොබා. අත්තෙන් ගුවන්ගත වුනා. පියෑඹීම කෙසේ වෙතත්, තලපතා පොලේ ගැහැව්වා වගේ කෙලින්ම බිමට දෙරි ගහපු කොබා, කෙඳිරි ගගා පඳුරු අස්සෙන් ඇදිලා ගියා.

මං හිතන්නෙ පොරට ටේක්-ඔෆ් එක අප්සෙට්. නැහ්නං , මූ මට ඇරියෙ නයෙක් වත්ද? 



ප.ලි:
අයිස් වැහි කියන්නෙ නයි කියල හිතෙනව නං, ඔය පහල පිංතූර බලන එකයි තියෙන්නෙ. මේ ඊයෙ රෑ කාල-ගුනේ අයිය කර්පු වින්නැහිය. ලෝකෙ පෙරලෙනව කිව්වත්, මාව බෙනෙන් එලියට අදිනව නං බොරු :)
























මෙන්න නත්තලට ගස් වලට දාපු අයිසිං. දැන් වැඩේ සම්පූර්ණයි :)







Friday, November 29, 2013

ඤෑස් - NAS


ඤෑස්





කාලෙකට ඉස්සර එක ගම් පලාතක, කෑම රසයි කියල ප්‍රසිද්ධ හෝටලයක් තිබුණා. මේකෙ වඩාත්ම ප්‍රසිද්ධ , රසට හදපු සුප් එකකට කියල තමයි කතාවෙ කියවෙන්නෙ. කොහොමින් හරි, ඒ පැත්තෙ ගැවසුන බිලාල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවුනාය, හෝටලේ සුප් එක රස කලේ අහල පහල බලල්ලුය කියලා චෝදනා කරලා ,අහල පහල හෝටල් කාරයො ඔය කියන හෝටලේ, කැලෑ පත්තර ගහලා, වැස්සෙව්වලු.



දැං ඔහේල හිතයි, අහල පහල හිටියෙ හෝටල් කාරයො, මහ අජුත, හිරිකිත, ඊරිසියාකාර සැට් එකක් කියලා. නෑ, නෑ, එයාල එහෙම කලේ ඊරිසියාවට නෙමෙයි, මහජන හිතසුව පිණිසයි. කොහොම හරි , දැං අහල පහල හෝටල වලට බිස්නස් සරුයිලු. ඔන්න දවසක්, ඕය හෝටලයකට ආව පාරිභෝගිකයෙක්, සුප් එකක් , ඇනවුම් කලාලු. වේටර් කොලුව කිව්වලු " සෑර්, මේ දැං තමයි මස් ගෙනාවෙ, පොඩ්ඩක් ඉතර පරක්කු වෙයි" කියලා. එකම කියපු වේටර් කොලුව, කුස්සිය පැත්තට ගියාලු සුප් එක ලෑස්තිද බලන්න. ඔය වෙලාවටම, කොහෙදෝ යන බලල් තඩියෙක් කුස්සියෙ දොර හරහා මාරු වෙලා. වේටර් කොලුවට පෑගිලා බලල් තඩියගෙ නැට්ට. "ඤෑ......ස්"

වේටර් කොලුව සුප් එක අරන් ඇවිත් බලන කොට, පාරිභෝගික තැන අතුරුදහන් වෙලාලු.




NAS




අද කළු සිකුරාදා. ඔය කළු සිකුරාදා සමරන්නෙ, අපේ අහ නෙමෙයි, ලොකු අයියලැයි දිහා නෙව. ඒත් අපේ සමහර නොසන්ඩාලයො, වැට පැනල එහාට රිංගන බව දන්න අපේ සත්ගුණවත් මුදලාලිලා මොකද කරන්නෙ මෙහෙත් සේල් දාල, අපේ සාක්කුවට බහිනවා. මාත් ඉතිං ඔය "කල දු‍ටුකල වල ඉහගන්න " දස්ස සත්ත්වයා නිසා, බැලුව මොනවද තියන වාසි කියලා



එකසිය ගාණට බාන, සිත්තර පටි නිසා, මට කොහොමත් තව, හාඩ් ඩිස්ක් එකක් ඕන වෙලයි තිබුනෙ. මං දැක්කා මේ NAS එක ලාබෙට දාලා තියනවා.

ඉස්සර වගේ නෙමෙයි, දැං මෙව්වා අමුන ගන්න හරිම ලේසියි. ඒතරමෙ හාඩ් ඩිස්ක් එකකට යනව වගේ සුපියල් දහයයි වැඩිය ගියේ -ලාබයි.

ලාබෙට දෙන්න ඕන නිසා RAID, expansion වගේ වැඩි වැඩ නං නෑ. ඒත් අත්‍යාවශය ටික තියනවා. මැක්, වින්ඩෝස්, මොබයිල් ඕන එකකට ඇක්සස් කරන්න පුළුවනි.

අත්‍යාවශ්‍යම භාණ්ඩයක් නූනත් , තියනව නං ලේසියි.ඉස්සර , මෙව්වා හුදී ජනයාට අත පොවන්න බැරි භාණ්ඩ. අද ඉන්න හැටි දැක්කාම හිතට දුකයි, ඒකමයි ගත්තෙ.



කාළය මැව් වෙනසක අරුමේ.....

Tuesday, November 12, 2013

බස්සෙක්, කෝපි කෝප්පයක් සහ සිංදු දෙකක්...


මේ ලඟදි දවසක , බස්සගෙ ඉන්දියන් අඹ යාළුව එව්වා සිංදුවක්.

ඊට කලින් යාළුවව හඳුන්වල දෙන්නම්කො. ඌ කොට මොඩල්. කොටා වුනාට මූ හිත හොඳ එකා. මේකාත් එක්ක යාළු කම පටන් ගත්තෙ කවදද, කොහොමද කියන්න මතක නෑ. මොන ඇන්නෑවකට මූ මගේ සීමිත මිත්‍ර සංගමයෙ යාව-ජීව සාමාජිකයක් උනාද මන්ද? එහෙමට කියන්න තරම් අපේ කිසිම සමානකමකුත් නෑ. ඒත් මේකා මගේ හොඳම යාළුවෙක්



අපේ යාළුකම තියෙන්නෙ, ඌ මට කෝපි ගේන හින්දා කියල මං හිතෙන්නෙ නෑ. මේ පට්ට හීතල රෑ ජාමෙට කෝපි එක වටින්නෙ නැතුවම නෙමෙයි. ඒත් මං කියන්න හදන්නෙ, ඊට එහා ගිය මිත්‍රත්වයක් අපි අතරේ තියනව කියන එකයි. මේක මටත් ටිකක් පුදුමයක්, මොකද මේකා ඉන්දියන් නිසා. මට මේක කිව්වාම මතක් උනේ කාලෙකට ඉස්සර ලෙබනන් කාරයෙක්, උගේ රටේ "තුවක්කු සංස්කෘතිය" ගැන කියපු කතාවක්. ඌ කියනවා, උන්ගෙ රටේ කාට හරි වෙඩි තියන්න, හේතුවක් අවශ්‍යම නෑලු, " මං උඹේ මූණට කැමති නෑ" කියලා , අනිකාට වෙඩිතියන එව්වොත් ඉන්නවාලු. මට කියන්න ඕනෙ උනේ, දැක්ක ගමන් කිසිම හේතුවක් නැති වුනත්, හොම්බට දෙකක් අනින්න හිතෙන පොරවල් ඔහේලට හම්බවෙලා නැත්ද? ආන්න , ඒ වගේ දැක්කාම , කලින් කිසිම ඇඳුනුම් කමක් නැතත්, ප්‍රියමනාප හැඟීමක් ඇතිවෙන පොරවල් ඉන්නව කියන එකයි. 

හරි ඉතිං මේකා උගේ කරුමට හරි, මගේ කරුමට හරි , යාළුවෙක් වුනයි කියමුකො. වාසගම පටෙල්, ඉන්දියාවෙ ගුජරාත් ප්‍රාන්තයෙන්. මම එයාලගෙ උත්සව, වෙඩිං වල පිංතූර දැකල තියනවා, හරිම වර්ණවත්. මේ සිංදුවත් එහෙට සම්භන්ධ එකක්. බලන්නකො:














කොහොමද දීපිකාගෙ වැනිල්ල? :) ඒත්, මේ සිංදුව පුරාමෙ දිවෙන , මොකක්ද දුක්මුසු හැඟීමකුත් තියෙනවා කියල මට හිතෙනවා.

කොටා නං කිව්වෙ, මේක ගුජරාති සම්ප්‍රදායික නව-රාත්‍රී ,නැ‍ටුං-ගීත ආශ්‍රයෙන් කල එකක් බවයි. මං නං මේකෙ කැමතිම ,අර පියර-බබා වගේ හිනාවෙවී උඩ-පැන, පැන තඩි බෙරේට තඩිබාන එකාටයි :)

දැං දෙවෙනි සිංදුව:



මේකෙ ඉන්නෙ ප්‍රියංකා චොප්රා.සඳහන් වෙන විදිහට, වැඩියම දෙනා බලල තියෙන්නෙ මේ දෙවනි එක. එයා හොට්ලු, සෙක්සිලු, අරකලු , මේකලු. වරදවා හිතන්න එපා, ප්‍රියංකා චොප්රා, හොට්, සෙක්සි තමයි. ඒ වගේම ටැලන්ටඩ්, ඒකෙ කතා දෙකක් නෑ. " බර්ෆි" වල එයාගෙ රඟපෑම දැකපු ඕනම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි.



ඒත් බකුසු ටේස්ට් එක අනුව නං , වැඩිය හොට් දෙවනි සිංදුව නෙමෙයි, පලවෙනි එකයි. අනේ මන්දා, මට නං ප්‍රියංකාගෙ නැ‍ටුම දකිද්දි හිතුනෙ "Gosh,she's got bitch written all over her " කියලයි. සමහර විට ඒ බස්සො අමුතු සත්තු ජාතියක් නිසා වෙන්නත් ඇති. මං බේගල් ටෝස්ට් කරල, බටර් ගාල, මීපැනි එක්ක කනවා, දැකපු අයත් එහෙම කියල තියනවා :)

කොහොම උනත්, එකක් නං බුදු ෂුවර්, අර බැලුවයි කියන ප්‍රේක්ෂකයො බස්සො නං, කප් එක උස්සන්නෙ ප්‍රියංකා නෙමෙයි, දීපිකා :)

Wednesday, November 6, 2013

පිල්ලෝ මල් කඩන කොට....





මාත් එක්ක වැඩ කරන පිල්ලෙක් හිටපු ගමන් අළුත් ෆෝන් කට්ටක් අරන් ආවා. මං දැම්මා බකුසු ඇහැ..

" ඇයි අර තිබිච්ච එකට මොකද වුනේ?"
" ආ මං එක ගැහැව්ව නෙව පොලොවෙ"
" හෑ, මොන ඇන්නෑවකටද බොල, අර යස අගේට තිබ්බ කිරි ටොයියට එහෙම කලේ?"
" ගෑණි ඇද්ද වලියක්. මං ඇදල ගත්තා , දමල ගැහැව්ව පොලේ"




" ඈ බං. තොට පොලේ ගහන්න වෙන මොකත්ම තිබ්බෙ නැද්ද? මීට පස්සෙ ඔය ලාබ පිඟන් කෝප්ප, මල් පෝච්චි ටිකක් ගෙදර තැන් තැන් වල තියාපිය" , මං කිව්වෙ ඇත්තටම හිතේ අමාරුවෙන්

" හා දැන් එතකොට කෝ පොලේ ගහපු ෆෝන් එක"
" ඒකෙ ගන්න දෙයක් නෑ , බස්සො. සුනේ, සුං, මං ඒක දැම්මා නෙව කුණු බක්කියේ"
ඒක අහපු ගමන් , මයේ කන් දෙකත් එක්ක රතු වුනා" ඈ, බොල රට උගුඩුවෝ, ඒ මොන අලුගුත්තේරු
වැඩක්ද කලේ? අරං වර කිව්වෙ ඒක හෙට"

" හා, මං ගේන්නං, හැබැයි ලොක්කා, ඒකෙ කෑලි හැලෙනව"
" උඹ ගෙනෙන්කො, මට් එහෙම උනොත් , කෑලි වලටවත් ගන්න බැරියැ"

ඔය තියෙන්නෙ පිල්ලගෙ අහක යන වලියට, ගුටිකාපු අහිංසක ෆෝන් රාජයා"

ඉස්සරහයි, පස්සෙයි කෑලිත් නෑ, ඒත් මදේ හීරිලවත් නෑ.
කෑලි බෑලි ටික ඔඩර් කල ඔන්-ලයින් . සුපියල් පනාහක් විතර තමයි ගියේ ( චින්නු බුදු වේවා!) :). මං හිතන්නෙ ගොඩදා ගන්න පුළුවනි.

ඕකා හරි හබන් කුකුල, පුදුම වෙන්න දෙයක්යෑ, පිල්ලෙක් නෙව. ඔය අහුමුළු වලට වෙලා රෑ ජාමෙට කොල් ගන්නව මං දැකල තියනවා, ඉස්සර කිව්වෙ වයිෆ්ට ගන්නව කියලා, ඒ දවස් වල එයක් ‍රැ වැඩ. වැඩේ කියන්නෙ, මු තාමත් ඒක කරනව, හැබැයි මේ දවස් වල වයිෆ් ගෙදර :).මං කියන්නෙ, මුගේ හොර , චැට් , කෝල්ස් මොනව හරි වයිෆරේට මාට්‍ටු වෙන්න ගියා, මූ ගැහැව්වා ෆෝන් එක පොලොවෙ.
මට මොකටද, ඒකෙ වගක්, නිකං ෆෝන් හම්බ වෙන කොට


ආදර්ශය: පිල්ලො කැකුන තලන කොට මල් කඩන කොට, බස්සොන්ට රජ මඟුල්

Saturday, November 2, 2013

ආෂික්..



















ලස්සන සිංදුව....තියෙන්නෙ මෙන්න මෙහෙම තේරුමක් කියල තමා, මගේ ඉන්දියන් යාළුව කිව්වෙ:

අනේ, පනේ දැන් නං මට ඔයා නැතුව ඉන්න බෑ
හප්පුච්චියේ, මට මොනව වෙයිද ඔයා නැති උනොත්

ඔයාගෙන් මාව වෙන් කලොත්
මයෙ ආතල් (ආෂිකී) කුඩේ කුඩු තමයි.







මේකෙ පෙන්නනව වගේ වහින වෙලාවක , හිරි ගඩු පිපෙන හීතලක ඔහෙලට මතක් වෙන්නෙ මොකක්ද?
ඇත්තම කියන්න, මට නං මතක් වෙන්නෙ , හොඳට දුම් දාන කෝපි එකක්... මොකද? දැන් මෙහාට වහිනව. ඒ මදිවට හීතල.





ඉතිං , බස්සෙක් උනාට මොකද. අපටත් මෙහෙව් වෙලාවට රොමැන්ටික් සිතිවිලි පහල වෙනව. නෑ, නෑ , බස්සෝ නං හයි-වේ එක මැද්දෙ ජොඩු දාලා ජැකට් එකෙන් ඔලුව වහගෙන ආශික් ගන්නෙ නෑ :), මොකද, මෙහෙ ඉන්න ඉන්න ඩැයිවර්ලා අනින එක අනිනවා, කෙලින්ම දිවිය ලෝකෙට වීසා ලැබෙන්නම.





අනේ මයේ, කෝපි පනේ මට නං මේ පට්ට හීතලට ඔයා නැතුව නං ඉන්න බෑ, උම්මා....හ්





ප:ලි:



සමහර සිංදු තියනවානෙ , අහපු ගමන් කෙලින්ම බස්සට පොල්ලෙන් ගැහැව්වා වගේ කෙලින්ම ඔලුවටම වදින. මේකත් , අන්න ඒවගේ එකක්. මුලදි එක වචනයක්වත් නොතේරුනාට ,මොකක්ද මන්දා හිත කීරි ගැහෙන ආෂික් එකක් දැනුනා.




ආදරයක් අමරණීය වෙන්න නං එකෙක් මැරෙන්නම ඕනෙ. මේ කතාවෙත් කොලුව මැරෙනවා. සමහර විට , එහෙම වෙච්ච එක හොඳා, නැහ්නං ඌට වෙන්නෙ ජීවිත කාලෙම නොමැරි මැරෙන්න. මට මතක් වෙනවා , කව්දෝ නුවණක්කාර අම්මා කෙනෙක් , දෝණියැන්දට දීපු උපදෙසක් : 



"After marriage, there is no such thing called 'earth shattering love', It is just ordinary love"
සතුට යනු, බලාපොරොත්තුවක් ඇතිවීමත් , ඒ බලාපොරොත්තුව ඉ‍ටුවීමත් අතර මිනිස් සිතේ ඇතිවන පහන් සිතිවිල්ලකි.
- නාඳුණන දාර්ශණිකයෙක් -

ආදරය යනු, පලමු දැකීමත්, කසාද බැඳීමත් අතරේ දෝලනය වන මොකක්දෝ "මෙව්වා" එකකි
-දොරකඩ ගහේ බස්සා -






Sunday, October 6, 2013

කෝපි






http://www.tmstshoes.com/wp-content/uploads/2015/08/coffee-love-heart-kofe-chashka.jpgමම කෝපි වලට කැමතියි. අර කට්ටිය කියන්නෙ " get your lazy a** out of the bed & smell the coffee, mate" කියලා. ආන්න ඒ කෝපි තමා.

කෝපි ගැන කිව්වාම උගුඩුවො ගැනත් නොකියාම බැහැ. .නෑ, නෑ උගුඩුවො කෝපි බොන්නෙ නෑ : එයාල බොන්නෙ රා :). ඒත් ලෝකෙ මිල අධිකම කෝපි වර්ගයක් වන "Kopi Luwak" .හදන්නෙ උගුඩුවො", මෙන්න මෙහෙම :








ඒ නිසා අනිත් සැරේ , කරටි කැඩෙන්න රා බීලා වැනි, වැනි යන උගුඩුවෙකුට උනත් ටිකක් වැදගත් විදිහට සලකනව හොඳයි :)




මට ඊ-මේල් එකකින් ආපු මේ කතාවත් කෝපි ගැන. කතාවෙන් කියන්නෙ " Life is like a cup of coffee. Enjoy it, before it get too cold " කියලයි



















කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ඔය "කෝපි" එක රස විඳින්න නං " ජීවිතේ මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න ඕනෙ. කිව්වෙ මං නං නෙමෙයි,  මෙන්න මේ ගොයියා.



එහෙම "මූලික අවශ්‍යතා" සපුරගෙන ඉන්න කෙනෙක් නං , තමන්ගෙ "comfort zone". වෙලා ආතල් එකේ කෝපිවල රස බල, බල හිටියාට කාරි නෑ. නෑ, නෑ " ආත්ම සත්තියක් තියෙන" ගෑණු පරාණයක් " හිරේට " ගන්න එක ",මූලික අවශ්‍යතාවයක්" කියල සැලකෙන්නෙ නෑ :)