Sunday, April 27, 2014

කාක්කන්ට කූඩු තැනීම





http://funny-pics-fun.

com/wp-content/uploads/Funny-

Cute-Owls-27-320x240.jpg

මේ තියෙන්නෙ , අවුල් පාර්ලිමේන්තුවක්. මං නෙමෙයි , සුද්දො තමා එහෙම කියන්නෙ. ඇයි කියල නං , මං දන්නෙ නෑ. බාගදා, බස්සො කීප දෙනෙක් එකකු වුනොත් එතන අවුල් හවුලක් නිසාද, නැත්නම් සාමාන්‍යයෙන්  පාර්ලිමේන්තුවෙ ඉන්න අය ගැන හිතලම එහෙම කිව්වද මන්දා?







ඔහොම කිව්වාට, පාර්ලිමේන්තුවෙ බස්සො නෑ.  නෑ, නෑ, අර  හැමදේටම " හූම්, හූම්" කිය, කියා  ඉන්න . සතපහකට වැඩක් නැති "පොලිටිකල් බකුස්" සැට් එක නෙමෙයි. මේ අපි වගේ  ත‍ටු තියෙන බස්සො.



බස්සො දේශපාලනේ කරන්නෙ නැති බව හැබෑව, ඒත් ඒක එහෙමයි කියලා, අපට කතා කරන්න තහනමක් නෑ නෙව?අද මට හිතුනා කාක්කො ගැන කතා කරන්න. 


http://ak8.picdn.net/shutterstock/videos/3101545/preview/stock-

footage-a-murder-of-crows-pecking-at-and-rending

-the-mangled-flesh-of-a-hapless-road-killed-bunny.jpg



A Murder Of Crows





ඔහෙලට කියන්න, සෑහෙන කාලෙකින් පහුගිය දොහක මං කපුටො දෙන්නෙක්ව දැක්කා. මං හිතුවෙ මෙහෙ කපුටො නෑ  කියලයි. අම්මපා  මයෙ බාප්පුච්චා දැක්ක වගේ සන්තෝසයි. මං බයේ හිටියෙ රට කපුටො හින්දා , කඩුව වනයිද කියලා. මොන?බොහොම නිහතමානි විදිහට පුරුදු බාසවෙන්ම " කාක්, කාක්" කියල කිව්වා.



බොහොම කාලෙකට ඉස්සර , බෝනියෝ දූපත් වලට අයත්, පොඩි දූපතක, බස්සා රස්සාච කලා. එහේ කාක්කො නෑ, බස්සගෙ යාළුවෙක් දවසක් මෙහෙම කිව්වා" මුන්ට සල්ලි තිබ්බට,  මේක මහ සාපලත් රටක් බං,බලපං,  මෙහේ කාක්කෙත්වත් ඉන්නවාද කියලා". ඒත්, සුද්දො නං  හිතන්නෙ, කාක්කා මහ අසුබ, අද්භූත පක්සියෙක් කියලයි. ඔය සිත්තර පටිවල් තියෙන්නෙ, මන්තර කාරියො ගාව ඉන්න කාක්කො ගැන. ඒත් සුද්දො දන්න  ඉටිගෙඩිය, කාක්ක කියන්න, බොහොම ප්‍රයෝජනවත් සතා.



කාක්කොන්ට වැඩියම පුරසිද්දද කොළඹ. එහෙ ඉන්නව නානප්‍රකාර කාක්කො.පාස්පෝට් කාක්කා, ඉස්පිරිතාල කාක්කා, , ඒ තියා අවමංගල අන්සෙ  වැඩ කරන. මිනී/ එම්බාම් කාක්කොත් ඉන්නවා. . හැම ආණ්ඩුවෙ කන්තෝරුවක් ගාවම කාක්කො ඉන්නව. හුදී ජනයාට කාර්යක්ෂමව, "එසැනින්" යම් සේවයක් ලබාගන්න ඕනෙ නං, මේ කාක්කෙක්ව අල්ල ගන්න ඕනෙ.  වැඩිය කරදර වෙන්න ඕනෙ නෑ.  වැඩිය පුරුදු නැති බව පේන්න , පොඩ්ඩක් නන්නත්තාර වෙලා බව පෙන්නන්න විතරයි තියෙන්නෙ.  කාක්කො එනව  අපිව හොයාගෙන. මේ කාක්කොන්ට, ඔහෙල අපිට වගේ නෙමෙයි, ඕන ආණ්ඩුවෙ දේවාලෙකට ඩිරෙක්ට් ඇක්සස් තියනවා.  ලියන මහතැන්ට, කාක්කොන්ට ආප්ප අරං දෙන්න පොඩි ගාණක් දෙන්න විතරයි තියෙන්නෙ. වැඩේ ගොඩ, කිසිම රස්තියාදුවක් නෑ.



කපුටා ගොවියාගේ මිතුරාය කියල තමා , අපට පුංචි කාලෙ ඉගැන්නුවෙ. මං ඉස්සර හිතාගෙන හිටියෙ , ගොයියා  වැඩ ඉවරවෙලා  නාගෙන  එහෙම ඇඟේ පතේ අමාරුවට හොර පොලෙන් දෙකක් දාගන්න,  වෙලාවට කාක්කො ඒක්ක සෙට් වෙනවා ඇති කියලයි. පස්සෙ තමා ඇත්ත කතාව දැණ ගත්තෙ, පත්තරේ තිබිල.



කොළඹට කාක්කො සප්ලයි කරන්නෙ දකුණෙන්. දකුණෙ පාරම්පරික රස්සාව ගොවිතැන එහෙදි, කාක්කො , ගොවියට උදව් කරනවා. අර මත්තල අලි එලවන්න, බිත්තර ගහන්න ආවෙත් එහෙම  කාක්කො සැට් එකක්.



 ඔය ආණ්ඩුවෙ කන්තෝරු ගාව ඉන්න කොමිස් කාක්කත්, පදික වේදිකාවෙ  බඩු  විකුණන කාක්කත්,  ඔය කොයි කාක්කත් වැටෙන්නෙ,වැඩ කරන ජනතාවට- අපේ සමාජ  රෙද්දෙම  (social fabric) කොටසක්. කාක්කො හොඳට කන, බොන ජාතියක්. කොච්චර හම්බ කලත් අතේ පිච්චිය නෑ. කොටින්ම ඉන්න හරිහැටි  කූඩුවක්වත් නෑ. එච්චර දුප්පත් කාක්කොන්ව

ඔය වාමාංසිකයො පක්සෙට ගන්නෙ නෑ නෙව. උන්ට නමක් දාලා "ලුම්පන් පන්තිය" කියලා, කොන් කරනවා.



දැන් මෙතන්දි, කාක්කොන්ගෙ  උදව්වට එන්නෙ කව්ද? දකුණෙන් ආපු ගොවි රජෙක්. එතුමාට පේනව , හරිහැටි කූඩුවක්වත් නැතුව මේ කාක්කො දුක් විඳ, විඳ කරන සමාජ සේවෙ. එතුමා, හදනව අලුත්ම කූඩු සංකීර්ණයක්. දැං බලනවකො,මේ මෝඩ කාක්කො කැමති නෑ නෙව එව්වට යන්න. ඒ මදිවට, තව කට කැඩිච්ච කතාත් කියනවා, ඔය හදන්නෙ, ඉඩං ටිකට බැස්ටිය දෙන්නෙයි කියලා.උන් දන්න රෙද්ද වස්තරේ.



දැං ඔහෙලම කියන්න බලන්න, මේ සමාජ සත්කාරයක් නෙමෙයිද?



Slums & shanties must be removed from Colombo



හැන්දෑවේ කලුවරට‍

බෑං ගා අඬ‍ාගෙන

හෝන්දු මාන්දුව

බිත්තියට වාරු වෙන කල

දොරපලුව,

කලු සුරුට්ටු ගඳ පළමුව

පිපිරුනු කලු නියපොතු ඇති

නාකි නහර පය දෙවනුව

ගෙට අරගෙන.........

කොරවක්කෙක් මෙන් වකුටුව

එළිපත පැන එයි ඇතුළට.....

නාට්ටාමි සැම්සනයා

හෙවත් අපේ තාත්තා.



නාස් දෙපුට්ටෙන් හොටු රැල්

කබල් කමීසෙට උර උර

හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව

පුරුද්දකට ඔහේ අඳින

බොත්තම් නැති කොට කලිසම

අතින් අල්ලගෙන හැලි හැලි

සිලි බෑගේ මක්කාදැයි

උනන්දුවෙන් එබී බලයි

වේස දයාගේ කොලුවා

හෙවත් අක්කගේ දරුවා.



කෝටු කකුල් දෙක පෙනි පෙනි

රතු කොට කලිසම ඇඳගෙන

ඉර අව්වේ දවල් දවසෙ

අත් වැඩ දී හෙම්බත් වී

කොල්ලන් රැල වට කරගෙන

හොක් හොක් ගා හිනාවෙවී

බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...

මදාවි ආනන්දපාල

හෙවත් අපේ පැටි අයියා.



ඉස්කෝලේ ගිහින් එද්දි

බුලත් බංකුවේ ඇසිඩගෙ

හෙවත් අපේ අම්මාගේ

සොහොන ළඟදි

කණස්සල්ලට පිපිරිලා

ඇස්බෝල තාම ඇඬුවත්...

කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්

විද්දියාව පොත කියවයි

පස්ස පේලියේ රමණී......

හෙවත් මම හෙවත් හිච්චී....



- ගයාත්‍රි කුමාරි ගරුසිංහ -



ගත්තෙ :http://reargate.blogspot.ca/2010/07/blog-post_31.html







Tuesday, April 8, 2014

ස්ට්‍රොබෙරීස්, චෙරීස් සහ වයින්










Strawberries cherries and an angel's kiss in spring

My summer wine is really made from all these things



I walked in town on silver spurs that jingled too

A song that I had only sang to just a few

She saw my silver spurs and said lets pass some time

And I will give to you summer wine

Ohh-oh-oh summer wine



Strawberries cherries and an angel's kiss in spring

My summer wine is really made from all these things

Take off your silver spurs and help me pass the time

And I will give to you summer wine

Ohhh-oh summer wine



My eyes grew heavy and my lips they could not speak

I tried to get up but I couldn't find my feet

She reassured me with an unfamiliar line

And then she gave to me more summer wine

Mmm-mm summer wine



Strawberries cherries and an angel's kiss in spring

My summer wine is really made from all these things

Take off your silver spurs and help me pass the time

And I will give to you summer wine

Mmm-mm summer wine



When I woke up the sun was shining in my eyes

My silver spurs were gone my head felt twice its size

She took my silver spurs a dollar and a dime

And left me cravin' for more summer wine

Ohh-oh-oh summer wine



Strawberries cherries and an angel's kiss in spring

My summer wine is really made from all these things

Take off your silver spurs and help me pass the time

And I will give to you summer wine

Mmm-mm summer wine






http://winesisterhood.com/wp-content/uploads/2012/09/iStock_summer_wine_649_362.jpg

මං කැමති සිංදුවක්. චෙරිස්, බෙරීස්, වයින් හෙමත් තියනවා නෙව. මේක කීපදෙනෙක්ම කියනව වුනාට , මං කැමති මේ වර්ශන් එකට.



මට හිතෙන්නෙ මේ කතාවෙ  ඉන්නෙ මන්තරකාරියෙකුයි, දුප්පත් අසරුවෙකුයි කියලයි. ඇයි අර රිදී සන්ක‍ටු ගැන කියන්නෙ. අසරුවා දුප්පත් කියල කිව්වෙ, ඒකා ගාව සන්තකේටම තිබිල තියෙන්නෙ රුපියලයි සත දහයයි. ඕං බලන්නකො, මේ ගෑණුන්ගෙ හැටි, ඒකටත් විදල නෙව :)



චෙරීස් , බෙරීස් වයින් ගැන තිබ්බට මේකා බස්සෙක් නං වෙන්න බෑ. බස්සො අස්පයො පිටේ යන්නෙ නැ නෙව.  ඔන්න බලාන්ට,  වයින් බෝතලයක් පෙන්නුවාම මිනිස්සුන්ට වෙන දේ?  අනික, "අරක, මේක ගලවන්ට, එතකොට මං සමර් වයින් දෙඤ්ඤං" කියන කොටම දැණගන්ට එපායෑ , මේ මහගෙ ලෑස්ති වෙන්නෙ මොකක් හරි නූල් සූත්තරයකට වග? තියෙන බඩජාරි කොමට , කරටි කැඩෙන්න ගහලා, "මං නැගිටින හැදුවා, ඒත් මයෙ කකුල් දෙක හොයා ගන්ට බැරි වුනා,  මයෙ ඔලුව දෙක වෙලා වගේ දැණුනා" කිව්වාට වැඩක් තියේවියෑ?



මට තියෙන පුරස්සෙ, ඇයි මක්තරකාරි, අස්සයව අරං නොගියෙ කියන එකයි. සමහර විට බටකොළ ආච්චියෙක්ද දන්නෙ නෑ නේද? එයාලට , එයාලගෙම  ගමනාගමන පහසුකම් තියනව  නෙව?



මට නිතරෝම අහන්න ලැබෙන කියමනක් තමා " සෑම දෙයකටම මිලක් ඇත" කියන එක. මං හිතන්නෙ මේ හාදය ඒක අහල නෑ. වයින් වල ගාස්තුව, සන් ක‍ටු දෙකයි, රුපියලයි සත දහයයි.



 මේ සිංදුවෙ මතුපිටින් පේන අර්ථයට වඩා දෙයක්  තියෙනව වත්ද? 




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJVKZ0RCylGARHWkeZKplLXYhzhRmaemkdW8dQ2cFK0wlSqTvxivu7fRvQoMlF-VRl8woiutjwok8RBTHZYGEu_0cDHhfBVuFKudrJ_vhRnEK9Y7Unf7qzOvmnUj0FPwUj7hj4WLcO6RSe/h120/emp.jpg



අපි මෙහෙම හිතමුකො? ලස්සන, පරම , පවිත්‍ර ප්රේම ලෝකයක් මවන  මන්තර කාරියක්. ඕ.. යේස්.. ඒ සමර් වයින් එක ගැහැව්වාම නං මත් වෙනව තමා. ඊට පස්සෙ උතුර , දකුණ පේන්නෙ නැතුව යනවා. ඒකෙන් මත් වෙලා . සබ්බ සකලමනාවම මන්තරකාරි බාරේ  තියන බස්සෙක්. ඔය කියන "වයින්" ගහල තියෙන කස්ටිය නං දන්නවා ඇති, ඔහොම යනකොට හිටපු ගමන් , ඉඳහිට තේරෙනව   නිකං තමන්ට කන්ට්‍රොල් නෑ වගේ ගතියක්. එතකොටම දෙනව නෙව, තව වයින් වඩියක්. ඉතිං ආයෙත් පාරක් නොකවුට්.ඇහැරිල බලන කොට, ඔය කෙලල තියෙන්නෙ පාත්තරේටම.




ආන්න ඒ වගේ කතාවක් නං, බස්සොත් එක්තරා ආකාරයක මෝඩ සත්තු ජාතියක්, ආයිබොං :)






ඕ.....ඕ......සමර් වයින්

Saturday, April 5, 2014

පිස්සු හැදෙන සඳ



මං ඔය පරිසරය වැනිල්ලට එච්චර දස්ස නෑ නෙව , ආයිබෝං. නම් ගම් වසයෙන් වෙන , වෙනම නොකීවාට,ඔය වැනිල්ලටම ඉපදිච්ච දස්ස බ්ලොග් ලියන්නො ඉන්නව නෙව අපිත් එක්ක. පුහ්, හප්පා බලන්න එපැයි එයාල වනන ලස්සන. අනික මං බස්සා, මයෙ ආයෙ මොකක් කියල වනන්නද?



එත්,ඔය සමහර සිංදු, කවි එහෙම තියනව නේද,  අහන කොට අපූරු චිත්‍රයක් මැවෙනව නෙව හිතේ. ආන්න එතකොට මටත් නොදැනිම, වැනෙනව නෙව. දැං බලාන්ට



පුන්සඳ පායපු මහ රෑක

ගඟ ලඟ ඉඳිකල පොඩි ගේක

නැතිකර ගන්නට දුක සෝක...

හැමදාමත් කරනව මේක...



මල් ඔතනෝ.. මුං, මල් ඔතනෝ..





හුටා, සොරි, වැරදි සිංදුව  . දැන් බලමු මේක :






http://imgc.artprintimages.com/images/P-800-
800-50/66/6690/DPDA100Z/stretched-canvas-print/ray-of-light.jpg







පුන් සඳ ඇවිත් වැජඹෙන විට අඹර පිට

හිනැහෙයි , මඳින්, මඳ තරුවැල් කණක කැට

වවුලෝ පියාඹති , දොර අඹ වනයෙ සිට

සඳ‍රැස් වැටේ කවුළුවකින්, නිදන ගෙට













මට මේ කවිය කියවන කොට  එන්නෙ මේ වගේ  පිංතූරයක්:

අඩ සිය වසකට පමණ පෙර, ඈත පිටිසර ගම්මානයක තියෙන, අඹ, දඹ , නාරං, ගස් පිරිච්ච ලොකු වත්තක් මැද්දෙ තියෙන පරණ තාලෙ ගෙයක්. සෞමය සඳ එලිය  කව්ලුව තුලින් වැට්ච්ච කාමරයක්. ජනේලෙ ලඟට වෙලා පරිසරයේ සිරි නරඹන බස්සෙක්. ආ,තව   ලස්සන බස්සියෙකුත් ඇඳේ නිදි. එලියෙ අඹගෙඩි වලට  පොරකන වවුල් සැට් එක. දැං බලාන්ට , මේක සුන්දර නැත්ද?



තවත් ඔහොම සුන්දර චිත්‍රයක් මැවෙන සිංදුවක් තමා මේක. කියන්නෙ, ඩෙස්මන් සිල්වා, මයෙ හිතේ වොලී බැස්ටියන් මහත්තයගෙ සිංදුවක්ද කොහෙද









දැං මේකෙ  කියනව නෙව මහසෝනා ගැන. ඔය  යකෙක්, දෙන්නෙක් බ්ලොග් ලෝකෙ කැරකුනාට , ඔරිජිනල් යකෙක් ගැන අහපු කාළයක් මතක නෑ. මට හිතුනා පොඩ්ඩක් හොයල බලන්ට. දවස් ගාණක් , හොයල හොයල යාන්තං හොයා ගත්ත මහසෝනව.



 මං: කොහෙද යකෝ, මෙච්චර කල් මකබෑවිලා හිටියෙ? බලපං, මේ කාලෙ යකෙක් හොයා ගන්න තියෙන අමාරුව?



මහසෝනා: ඇයි බොල මැටි බස්සො, මං ඉතිං තනිකම ආත්මය කරගත්ත  එකා වෙච්චි.ම කැමති නෑ , ඔය සමාජ ආස්සරේට. කොටින්ම මම මූණු පොතේවත් නෑ.



" ඒකත් ඇත්ත තමා. මචං , මහසෝන් , මොකද මේ  නිකං ඇදිල ගිහිල්ලා වගෙ? බලපං උඹේ හැටි?ඇයි යකෝ,  උඹව දැක්කාම බයත් හිතෙනව, කොයි වෙලේ කූරියා ගහයිද කියලා"



" කියල වැඩක් නෑ, බස්සො. මට දැං ජීවිතේම එපාවෙලා ඉන්නෙ. දොල පිදේනියක් දැකපු කාලයක් මතක නෑ.  උඹට කියන්න, මං දැං කුණු බක්කි අවුස්සල කාලා තමයි ජීවත් වෙන්නෙ.දැං ඉන්න එකාල , අපට ඉස්සර වගේ සලකන්නෙ නෑ නොවැ?"



"අම්මපා? දුක තමා රංජනී. මේ එක නෙමෙයි බං, කෝ  බං උඹේ හිටිය අනිත් යක්කු සැට් එක? රීරී යකා එහෙම?"



" රීරී පැන්න රට, ඌට දැන් ජයයි. දැං ඌ රට පටෝන ඒජන්සියක් කරනවා. කොහොමත් ඌ ඉස්සර ඉඳන්ම කොලේ  එක එකාගෙ රීරී මාංසෙ බීපු එක නෙව"



" එතකොට කළු කුමාරයා?"



" ආ කළුවට තමා, අපේ සැට් එකෙන් ජයම. කළුව කොහොමත් දැකුම්කලු හාදය වෙච්චි, ඉස්සෙල්ලාම පැන්න රඟ පෑමට. ඔය ටෙලි නාටය වලත් හිටියෙ?දැන් එයා  ගරු කළු මැතිතුමා - පලාත් සභා මන්තිරි කෙනෙක්"



" හැබෑටම.  අහල තියෙන විදිහට කළු කුමාරයා මල් මාමා -බවලත් උදවියට බැල්ම දාන්න දෙයියා කියල තමයි කියන්නෙ. දැන් එව්ව අත් හැරල පිලිවෙලකට ඉන්නව ඇති  නේද?"



" පිස්සුද බස්සො. ඇයි බං උඹ පත්තර කියවන්නෙ නැහ්ද? මේ ලඟදිත්, කව්ද සල්ලිකාර මුදලාලි කෙනෙක්ගෙ පවුලව පන්න ගෙන ගිහින්, මුදලාලිගෙ  අඬු කැඩෙන්න ගහල තිබ්බෙ"



" නෑ. ඇයි බං, ඉතිං මිනිස්සු චන්දෙත් දුන්නද?  උසාවියෙන් අච්චු කලේ නැත්ද?"



" බොට පයිත්තියන්ද බස්සො? මේක  ලංකාව නෙව? ඔය උසාවියෙන් දඩ ගහල තිබ්බෙ එක කකුලට  500 ගානෙ ගෙඩි සුපියල දාහක්ම"



" එතකොට මෝහිනී?"

" අපොයි, බස්සෝ. මෝහිනී නගාට නං එච්චර සාර සුබාවක් නෑ. ඒ කෙලී  ගියා මැද පෙරදිග, ඔය හවුස් මේඩ්ද මොකක්ද එකකට"



" නියමයි. දැං එහෙනං ඔ‍ටුවන්ව බය කරනව ඇති  ඕසෙට. හොඳ වැඩේ, මට පෙන්නන්න බෑ ඕකුන්ව"



" මඟුලක් කියනව. මේ ලඟදි ඒකි නිවාඩුවට ආපු වෙලාවක මාත් එක්ක අඬ, අඬා  විස්තරේ කිව්වා. බය කිරිල්ල කෙසේ වෙතත්, ඇඳන් ඉන්න රෙද්ද පරිස්සම් කරගන්නත් අමාරුලු, ඔය වල් ඔ‍ටුවන්ගෙන්"



Friday, April 4, 2014

පුස්තකාලයක් සහ පොතක්




පොත් ගුල්ලෙකුගේ සිහිනය - ( පිනුම් ගහන්නට පෞද්ගලික පොත් ගුලක්)







අපේ ගමේ උගතෙකුගේ සාඩම්බර පෞද්ගලික පොත් ගුලක්

http://www.papertigers.org/wordpress/wp-content/uploads/2013/08/ANITHA-BOOKSHELF.jpg



මහජන පොත් ගුල - කොළඹ

http://www.colombopubliclibrary.org/images/Colombo%20Public%20Library10.jpg



"බුදු අම්මෝ" පොත් ගුලක්

http://room-decorating-ideas.com/wp-content/

 

අපේ ජාත්‍යන්තර පොත්ගුල

http://blog.eogn.com/.a/6a00d834

 

පෝටබල් පොත්ගුලක්/ පොතක්

https://cdn.tutsplus.com/net/authors/jeremymcpeak/http2-http.jpg

 

ආදර්ශය - කියවීම, බස්සකු, බකමූණෙකු කරයි



ප.ලි: මේ පිංතූර දාන්න ගියාම බ්ලොගර් පික්සුම කෙලිය නෙව. ෆෝමැටින් සේරම අප්සැට් ගියා - ඔලුව ජපන් , කඳ ජ්ර්මන්. මං  දැන්නම් විස්වාස කරනව, අර හැලපෙ කිව්ව දේ " දවස් දෙකක මහන්සිය , තත්පරෙන් හතරෙන් එකකින් වාෂ්ප වුනා" කිව්ව එක. හොඳ වෙලාවට මං ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා, වින්ඩොව්ස් ලයිව් රයිටර් එක බාලා, ගොඩ දා ගත්තා. :)









Tuesday, April 1, 2014

කඩචෝරු





http://farm5.staticflickr.com/4068/4242246916_65d82a0642_z.jpg

බඩේ ගාය කියන්නෙ බස්සගෙ ප්‍රියතම අසනීපය. දැං බලාන්ට, ඔය උණ, හෙම්බිරිස්සාව වගේ  අජූත ලෙඩ හැදුනාම  ඇඟට පන නෑ, සති ගාණක් යනකං විඳවනව නෙව. ඒ වගේද බඩේ ගාය, හැදුනා නං, සැරට කලු කෝපි එකක් හැදුවා  දෙහි බෑයක් මිරිකලා දැම්මා , ඇදල ඇරියා , අහවරයි නෙව. දරුණුම එකක් නං, බ්‍රැන්ඩි  ටිකකුත් දානව, නැහ්නං අත්දු‍ටු බේත තමා ක්‍රිම්රාජ කරල් ගුලි. ඉඟුරු ඉස්ම, දෙහි යුෂ, මීපැණි  සම සමව ගෙන, ගුලි  දෙකක්  සමග ගිලිනු , පත්තියම් නෑ, ගුලි වල පුස් තිබුනාට නරක් වී නොමැත ( මයෙ හිතේ ඒ කියන්නෙ ඇක්ස්පයරි ඩේට් නෑ වෙන්ටෑ )




බඩේ ගාය, නොහොත් පස්සා පැත්තේ අමාරුව ගැන කියල පටන් ගත්තෙ,බස්සගෙ ප්‍රියතම කෑමක් වෙච්ච කඩචෝරු ගැන කියන්නයි. . කඩචෝරු  වලට කැමති කෙනෙක්, අනිවා බඩේගායටත් කැමති වෙන්නම ඕනෙ, මොකද  ඔය දෙක ගහයි පොත්තයි වගේ එකටම බැඳිච්ච දෙකක් නිසා. පොඩි කාලෙ කඩචෝරු කෑවෙ හොරෙන්, ඇයි දැක්කොත් බණිනවා " හා, කාලා වරෙන්කො, බඩේ ගාය හදාගෙන" කියලා. එහෙම කියල  බස්සා ගේම අතහැරියෙ නෑ. ඌ කඩචෝරු කාලම, බඩ  පදං කරගත්තා කොන්ක්‍රීට් කෑවත් දිරවන ගාණට.





එතකොට අර කෝච්චිය ඉස්ටේසමකට ඇල්ලුවම ඇහෙන කංකලු  නාදය " වඩේ, වඩේ, ඉෂ්ෂො වඩේ ඒ..ඒ..... හප්පේ  මතක්වෙන කොට තනි ඇහැට ඇඬෙනවා.. ආයිබෝං.












http://travelandfoodworldwide

.files.wordpress.com/2012/10/20121028-192917.jpg




http://migrationology.com/wp-content/uploads/2012/01/woodapple-fruit.jpg




















එක්තරා අයිතිහාසික වාදෙකට පුරසිද්ද නගරයක තමා , බකුසු ගමට කිට්‍ටුම ඉස්ටේසම තිබ්බෙ. කොච්චියෙ ඇවිල්ලා, ඉස්ටේසමේ ඉඳලා බස් නැවතුම් පොලට එන පාරෙ  තිබ්බා  බේකරියක් - ගල්කන්ද හෝටලේ. ඉස්සර ඔය හෝටලේ හවසට දාන, උණු, උණු මාළුපාන් වලට ගහන්න එකක් ඒ අහල ගං හතකවත් නෑ. හදන්නෙ ටිකයි, මොනවද ආයෙ විකිණෙන්නෙ උණු කැවුම් වගේ. එයින් එකක්, දෙකක් නිවාර්යෙන්ම බස්සගෙ  බඩටත් ගියා.








http://2.bp.blogspot.com/-9lU8otM34zs

/UJ7YYkXs_XI/AAAAAAAATHw/WD4aJSEKbt8/s

1600/kandy +sri+lanka+street+food+tour+

kottu+roti+hoppers+18-10-2012+2-29-35+PM.JPG

ආ එතකොට  ඒ පාරෙම  හිටිය "කඩලෙ". දුං දාන කඩල බේසමත් තියාගෙන  හිටියෙ. සුදු සරමයි, සුදු කමිසයයි ඇඳලා. බොහොම පිලිවෙලයි. ඒ වගේම හරිම සුහදශීලියි. මතක විදිහට තරුණ මුස්ලිම් වෙළෙන්දෙක්. පුදුම රහක් තියෙන්නෙ.  බැදපු මිරිස් කෑල්ල හපලා, කඩල කාලා, වැඩිසීනි ප්ලේන්ටියක් බීවාම, ආයෙ  නිවන් ගියා වගේ තමයි.




 මං හිතන්නෙ, මෙව්වා මෙච්චර රසයි කියල දැනෙන්න , අවස්ථාව සහ පරිසරය බලපානව ඇති. බොහෝ ඉස්සර කියවපු කෙටිකතාවක ඔන්න ඔහොම අදහසක් තිබුණා වගේ මතකයි.පාරක් අද්දර තිබුණු "දුවන ගිරියකට" මහත්තයෙක් ගොඩවෙනවා, හැමෝම ඒ කඩෙ තේ හරිම රසයි කියන නිසා. තේ බිව්ව මහත්තයා කියනවා තේ රස නැහැයි කියලා. මුදලාලි කියනවා " මේ තේ වල රස දැනෙන්නේ ' ඇඟ මහන්සි කරලා වැඩ කරන මිනිසුන්ට විතරයි" කියලා.




මේ කතාවෙ යම් ඇත්තක් ඇතියි කියලා මට හිතුනෙ, කලකට පෙර, මැදපෙරදිගදි දැක්ක දර්ශණයක් නිසා. දවසේ  ලැබිච්ච සුළු නිවාඩුවෙ,  හෙවනකට වෙලා " චායි" එකක් රස විඳින, දුප්පත් ආසියාතික මහාමාර්ග කම්කරුවෙක්. ඔහු ඒක කොච්චර හිත් ඇදගන්න විදිහට බිව්වද කියනව නං, මටත් "චායි" තිබහවක් හැදුනා.අපේ රටේ තේ වැව්වට, ඉන්දියන් කාරයො තමා තේ හදන්න කප්පිත්තො.අර චායි කියයි මේ චායි කියයි. මට දැං මතක "ගරම් චායි" විතරයි. ගරම් චායි කියන්නෙ, කිරි තේකක්, පොඩි සැරකුත් එනවා, තව ඔය සුවඳ කුළුබඩු, සරක්කු එහෙමත් දාලා නිසා, අපූරු සුවඳකුත් තියනවා.ඉන්දියාවෙ ටී මේකර්ලා තමයි "චායි වාලා"ල.ඉන්දියන්කාරයො කියන්නෙ  චායිවාලාලගෙ  අඩිය, යාරෙට ඇදලා දාලා දෙන  චායි එකේ කොලිටිය , ගෙදර හැදුවට ගන්න බෑ කියලයි.



ඉස්සර අපි චන්ද අහන්න නිදි මර,මර, ටීවී එකේ පිචෑර් බල, බල, කාපු කඩල  මතක් වෙනව.ඉස්සො වඩේ නැති, කඩල කාරයො නැති, චායි නැති රටක  ඉන්න වුනොත් , අපි මොකද කරන්නෙ? කඩල හදාගෙන කනව, මෙන්න මෙහෙම :




මේක මේ කම්මැලි බකුසු රෙසිපිය. හදන්න යන්නෙ විනායි පහයි. ඒත් හොඳ රහයි.




තම්බපු කඩල ටින් එක කඩල, කඩල ටික හෝදලා  පෙරා ගන්න.



කඩල දීසියකට දමා, මයික්‍රොවේව් එකේ විනාඩි තුනක් වසා තම්බාගන්න.

උණු කඩල දීසියට, මාගරින් හෝ බටර් යහමින් දමා, චයිනීස් චිලි සෝස්, අලුත අඹරාගත් ගම්මිරිස්, අමුමිරිස් කෑලි ටිකක් දමා කලවම් කර ගන්න.



එච්චරයි. ගම්මිරිස් නං ඒවෙලාවෙම කොටපුව වෙන්නෙ ඕනෙ, නැත්නම් රහ නෑ

Sunday, March 30, 2014

සිංදු තුනක්


ගැල්කරුවාගේ බිරිඳගේ ගීතය













ගැල්කරුවාගේ  ගීතය









බස්සාගේ ගීතය










Saturday, March 22, 2014

බස්සෙක්, බරවාහනයක් සහ කරත්තයක්




හුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත් තිබුනා.




 පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන් බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. මට පොඩි චකිතයක් ඇති  නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ, තිබ්බෙ ෆයිල් කවරයක් :) සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලි‍ටු  ඉටි-කිරිස් කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො  අඩුයි.






ලඟට ආව කෙල්ල, මගෙන් පෑනක් තියේද ඇහැව්වා. මං නෑ කියලා, පැන්සලක් නං තියේ කිව්වා. කමක් නෑ, කියලා  පැන්සල ගත්ත කෙල්ල, ස්තූති කරලා , ආයෙත් අර මල් හිනාව දාලා , මගෙ පැන්සලත් අරං, කදිම පස්ස තාලෙට වන, වන යන්න ගියා. ඊට පස්සෙ එතන ඉතුරු වුනේ, හෙඩ් ලයිට් වැදිච්ච මුවෙක් වගේ ඇස් දෙකත් ලොකුකරන්, කටත් බාගෙන ඇරගෙන, ඒ දිහා බලා හිටිය බස්සෙක් විතරයි.



මං ගෑණුත් දැක්කා, මේවගෙ ගෑණු නොදැක්කා ...




ඔය ට්‍රක් එලවන වැඩේ තියනව නේද? ඕක හරිම ආතල් ‍රැකියාවක් වෙන්න ඇති කියලා, මට නොයෙක් වෙලාවල හිතිල තියනවා. පඩිත් ගෙවනවා, රට-තොටත්  බලාගන්න ගමන්, මඟ දිගට තියෙන  කඩ වලින් බඩ පැලෙන්න කඩචෝරු කන්නත් ඇහැකි නෙව? පොඩි කොස්සකට තියෙන්නෙ , ගියර් 18 විතර තියනවාලු, ඔටෝමැටික් එහෙම නෙමෙයි. 



ඉස්සර ලංකාවෙ ඔය ට්‍රක් වල රාජකාරිය කරල තියෙන්නෙ කරත්ත. මෙව්වා සින්ගල් ඇන්ජින්, ඩබල් ඇන්ජින් කියන මොඩල් දෙකම තිබිල තියනවා.ගමේ ගොඩේ සිල්ලර වැඩවලට තනි ගොනා බැඳපු කරත්තෙ යොදාගත්තත්, මේ වගේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නෙ ගොන්නු දෙන්නා බැඳපු කරත්ත. සොර සතුරු, වන සිව්පා උවදුරු වලින් බේරෙන්න, මේ  කරත්ත ගිහින් තියෙන්නෙ  නඩයක් විදිහට. මේ ගැල්කරුවොත්, හොඳ කලාකාරයො. බලන්නකො කියල තියන කවිවල ලස්සන.





කම්මල තිබෙන තැන පල්ලම   බස්සනවා

යන්නට හෙමින් පිට දීලා       නවතනවා
රයිගම දෙපාවේ පාලම         පසුවෙනවා


කොයි හැටි ගියත් කොතලාවල නවතිනවා


නිරන්තර ගමනේ යෙදිච්ච , ගැල්කරුවන්ගෙ ජීවිත , පතල්කරුවන්ගෙ ජීවිතවගේ දුක්බර නෑ කියලයි හිතෙන්නෙ. යනගමන්, මඟදියට තියෙන ආප්ප, ලැවරිය, හැලප කකා, වටපිට සිරි නරඹමින් යනකොට මොන දුකක්ද? 





සත් කෝරලේ දොරවක  බල්ලාපාන

වල්ල සුණු අංග දුම්බර          නාපාන

පලිස් පත්තුවේ ගම මැද        වටපාන
ඉඹුල කැපූ රුව බල         ගුන්නෑපාන


මේ ගැල්කරුවන් ඉලක්ක කරගත්ත කඩයප්පන් කඩත්  මඟදෙපස තිබිල තියන පාටයි. ගැල් කරුවන් උණු ආප්ප ගිලින්න රුසියො බවත් මේ කවිවලින් පෙන්නුම් කරනව. උණු ආප්ප වගේ විකිනුනා කියල, කතාවට කියන්නෙ නිකංයැ? ආප්ප දාන ලිප අසල තියෙන  ඇඹුල් කෙසෙල් කැන වරුවට ඉවරවෙනවා කියල තමයි මං අහල තියෙන්නෙ. උණු ආප්ප සහ ඇඹුල් කෙසෙල්, කට්ට සම්බල්, සීනි සම්බල්,ඇඹුල්තියල් කියන්නෙ ජාඩියට මූඩිය වගේ  ගැලපෙන සුසංයෝගයක්.

බොහෝ කාලයකට පෙර, ගම්මානයක  සතිපොලක් ගැන සොඳුරු මතකයක්  බකුසු මතකයේ තාම තියෙන්නෙ, එහිදි ගිලපු උණු ආප්ප නිසයි. අසලින් ගලාගෙන ගිය ගංගාව අද්දර පොල් අතු සෙවිලිකල මේ තාවකාලික  කඩයප්පන් කඩපෙලේ ආප්ප කඩයකුත් තිබුනා. ආප්පවල නියම රස විඳින්න නං , ආප්ප ලිපෙන් බාපු ගමන් කන්න ඕනෙ. රස වැඩිවෙන්න පරිසරයත් බලපානව ඇති. 




අපේ ගැල්කවියා  හොඳ විනෝදකාමියෙක්. හොඳට  කෑවා වගේම හොර පොලෙන් දෙකක් නමාගන්නත්, අමතක කරල නෑ

කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ

ඩකු ඩුකු ගගා බිම පෙරළෙන            පීප්පේ

එගොඩ ගොඩේ රා විකුණන        කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන            ආප්පේ





ඒ දවස්වල , කරත්ත ගාල් තිබිල තියනවා, සමහර ගාල්වල නතරවෙලා, උයාගෙන කාලා , නිදාගෙන පාන්දර ජාමෙ තමයි ආයෙත් ගමන පටන් අරන් තියෙන්නෙ. මේක දින ගණනක් යන විනෝද ගමනක් වගේ තියෙන්න ඇති



බත උයලා කාබී අපි සිත             අයුර

තණ කවලා ගොන් දෙන්නට දී   වතුර

නතර වෙලා අද රෑ ගාලෙහි        වැතිර

එළිවෙන ජාමෙ පිටවී යමු හිත    මිතුර



අතමිට හොඳ කලට , හොර පොලෙන් ,රේන්ද පොලට...






බැඳලා විය බාන ගොන් දෙන්නගෙ   කරට

මැනලා ගනිමු බෝතලයක්          සිලිමකට

බෙදලා බොමුව හැම දෙන එක්ක   හරියට

කොතලාවල පසුකර මිතුර            හනිකට




සසඳ කවි  කියන්නෙනෙත් ගැල්කවි විශේෂයක්. හැම කවියක්ම ආරම්භවෙන්නෙ "සසඳ සසඳ" කියලා. එක කරත්තයකින් කියන්නෙ එක පේලියයි. මේ ක්‍රමේට නඩයේ ඔක්කොම කරත්ත කරදරයක් නැතිව යනවා කියල අනිත් අයට දැණුම් දීමක් වෙනවා.





සසඳ සසඳ සඳ පානේ අපි                 යනවා

මක්කොලි බඳට ගොන් බානක් බැඳ   යනවා

සකිය සගව්වට රෝදේ            කැරකෙනවා

දත් කැකුළට  නාරම්මල            ලතැවෙනවා


අපේ ජනකවියා බිහිවෙලා තියෙන්නෙ ගොවියො, පාරුකාරයො, පතල්කරුවො,ගැල්කරුවො වගේ වැඩකරන ජනතාව අතරින්. කටවහරෙන් පැවතගෙන ආපු මේ ලස්සන කවි, අභාවයට යන්න දෙන්නෙ නැතුව , මතු පරම්පරාවට ඉතුරු කරන්න උත්සාහයක් ගන්නව නං  අගෙයි.



අපේ සිංහල විකිපීඩියාවෙ සිංහල ජනකවි කියල කොටසක් තියනව.  මාත් ඔන්න මේ ටික " කරත්ත කවි" යටතෙ එකතු කලා

මෙන්න ලින්ක් එක:



 සිංහල ජන කවි

දන්න කවි ටික , ටික හරි ලියමු නේද?



ප.ලි:

විකිපීඩියාවෙ ලියන්න වෙන්නෙ HTML වලින්. එහෙම කිව්වට බයවෙන්නෙ කාරි නෑ. හැම පේලියක් අගටමත්, කවිදෙකක් අතර හිස් ඉඩක් ගන්නත් <br /> දාන එක විතරයි තියෙන්නෙ. නැත්නම් වෙන්නෙ දාන ඔක්කෝම ටික තනි පේලියක් විදිහට එන එකයි









(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)