Friday, August 29, 2014
Sunday, August 10, 2014
කතන්දර කියන බස්සෙක් හා නරියෙක්
ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.
මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:
" බස්ස, බස්ස"
හෑ, කව්ද මේ කැලේ මට ගරුනම්බු නැතුව මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා? මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.
"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"
" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"
" හරි, හරි, මට පොඩ්ඩක් බ්ලොග් කට්ට මඟෑරුනා නං තමයි. ඒත් මං අර පහුගිය දොහක එහේ ගිහින් මකුලු දැල් කඩලා ආව නෙව,නරිමොටෝ?"
" හහ්, මකුලු දැල් කැඩුව? අනේ මයෙ කට? එහෙම හරියනවද? අර වෙනදා වගේ හරි හමං කතාවක් දෙකක් ලියන්නෙ නැතිව?"
" හරි දැං උඹ ඔය කියන්නෙ , මට කතාවක් ලියන්න කියල නෙව? කතා දෙකක් විතර හිතේ නං තියේ, එකක් මේ සත්‍ය ප්‍රේමෙ ගැන කතාවක්"
" හහ් , සත්‍ය ප්‍රේමෙ??? ඇයි බොල බස්සො, උඹේ ඔය ශ්‍රී මුඛයෙන්ම නේද කිව්වෙ " අතත්‍ය වු ඉස්තිරී චින්තනයේ සත්‍ය පේරේමයක් උපදී නං, පුත්තලමේද ගෝවා වගා කල හැක " කියලා?"
" සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට, සත්‍ය ප්‍රේමෙ කියල එකක් තියනවා, අඩු ගානෙ තිබිල තියනවා. වැඩි ඇතක නෙමෙයි අපේ ගමේ - දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට ආපු සුද්දෙකුයි, අපේ ගමේ ගැටිස්සියකුයි අතර. මේක ඇත්තම ඇත්ත කතාවක්"
"හා, එහෙනං කියාපංකො කතාව" කියලා කැනහිලා, වට දෙකක් කැරකිලා හොඳට තප්පලං ගැහිලා වාඩිවුනා.
----------------------------------------------------
මේක මං පැටියා කාලෙ අහපු කතාවක්, ඒ කාලෙ මට ලව්-උලව් ගැන මෙලෝ අල බෝලයක් නොතේරිච්ච නිසා මං හාරා අවුස්සන්න ගියේ නෑ, ඒත් කතාවෙ සාරංශය නං අද වගේ මතකයි.
කාළය : දෙවැනි ලෝක සංග්‍රාමය සමය. ලංකාව එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ලෝකෙ නං දෙසින් "හිරු නොබසින අධිරාජ්‍යයේ" රාජකීය හමුදාවට සෙබලු බඳවා ගත්තා. සිදාදියේ ඉගෙනගත්ත , ඉංග්‍රිසි බස උගත් සමහර සිංහල තරුණයන්ද ඒසමයෙහි රාජකීය හමුදාවට බැඳී රට, රට වලට ගිය බව මා අසා තියෙනවා. නමුත් ඒ සොල්දාදුවන්ගේ රසකතා, අත්දැකීම් හරි හැටි ලේඛනගත වුන බවක් සඳහන් වෙන්නේ නැති එක අවාසනාවක්.
එම්.එස් ප්‍රනාන්දු මහතා ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි පිටරට ගිය සිංහල සොල්දාදුවෙකුත්, මැක්සිකන් තරුණියක් අතර පෙම් කතාවක් ගැන වුවත්, එය සත්‍ය සිද්ධියක් පදනම් වුනා දැයි කියන්න දන්නෙ නෑ.
කොහොම හරි ඔය කියන කාලෙ අපේ ගමට ආව එක සොල්දාදුවන් කණ්ඩායමක් අතර , මේ අපේ කතාවෙ සුද්දත් ඉඳලා තියනවා. සුද්දා ගමට ආවෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. බාග වෙලාවට හැලප කන්ට වෙන්ට ඇති. මේකා සුද්ද නිසා තම්බපු ඉස්සා වගේ පොත්ත රතුවට ලස්සනට ඉන්න නං ඇති.
අපේ ගමේ ගැටිස්සිගෙ මල් හී පාර සුද්දට සැරටම වැදිල තියෙනවා. සුද්දා ඩවුන්, යුද්දෙ ඉවරවෙලා ගමරට යනවා වෙනුවට සුද්දා අපේ ගමේ බින්න බැස්සා. ගමේ කරුමාන්ත ගැන කිසිම නිනව්වක් නැති අසරණ සුද්දා , ජීවත් වෙලා තියෙන්නෙ සෑහෙන අගහිඟකම් මැද්දෙ. අන්තිමට බඩ රස්සාවට ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි ජීවත්වෙලා තියෙන්නෙ. මේ දෙපලගේ දරුවන් හොඳින් ඉගෙනගත් බවත් , පසුව සියලුදෙනා ඔට්ටේලියාවට සංක්‍රමණය වුනබවත් තමයි කියවෙන්නෙ.සමහරවිට අද ඔට්ටේලියාවෙ ඉන්න අපේ අයගෙ යාළුවන් අතර මේ අයගෙන් පැවත එන්නනුන් ඇති.
ඉංග්‍රිසියත්, සුදු හමත් ඇත්නම් එය අමතර වාසියක් වෙන අද කාලෙ ගැන සලකන විට වුනත්, ඒ කාලෙ අපේ සුද්දා ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒකයි, ඔහු හැමදාම මගේ ලෝකයේ සැබෑ වීරයෙක් වෙන්නෙ.
කතාව ඉවර කරලා මම නරිමොටා දිහා බැලුවා. නෙදකින්, මේ අසමජ්ජාති කැනහිලා ගොරෝ, ගොරෝ බුදි නෙව?
Saturday, August 2, 2014
බස්තියං
We left the city, the pollution, the crowd
The air is clear here, ocean's blue, I love that sound
We're happy in this destination we found
And if you want us you can follow me
Now let's go, follow me and let's go
To the place where we belong
And leave our troubles at home
Come with me, we can go
To a paradise of love and joy
destination unknown.
destination unknown.......නෝන්...නෝන්. ආපු එකේ ඔය මොනව හරි කොටලම යනව.මෙන්න මේකත් බලලම ඉන්නකො:
බර්ෆි, පට්ට ෆිල්ම් එක . ඔව්, ඔව් ඒක් පූල් දෝ මාලි එකක් තමා. ඒත් මේක ඒ කැටගරි එකට දාන්න එපා. සරල වින්දනයක් ඕනෙ නං එහෙමයි. ඒත් කල්පනාවෙන් බැලුවොත් ජීවිතේ ගැන ගැඹුරු තේරුමකුත් තියනවා. රන්බීර් කපූර් මාරයි. ඒ නිසාම , මම එයා ඉන්න තව ෆිල්ම් හොය, හොයා බැලුව. මොන. මේකෙ කොලිටියට කිට්‍ටුවෙන්න වත් බෑ.
ලොකුම පුදුමෙ ප්‍රියන්කා චොප්රා. තනි ඇහැට ඇඬෙන්න ඇක්ටින් පාරක් දෙනවා. මේ මේකෙ ඉන්න ප්‍රියංකාමද කියල පුදුමත් හිතෙනවා.
එහෙනං අපි යන්නං ඈ...
Sunday, June 8, 2014
පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness
| http://ihatecommuting.files.wordpress.com/2008/09 /the-pusuit-of-happyness.jpg |
පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.
අර මීපුර වැසියෝ එකේ හිටියෙ.
"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..
තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."
අන්න එයා.
මීයා: මොනවද බස්සෝ, උඹ මේ ලියන කතා? මෙලෝ රහක් නෑ නෙව? දැං බලාපං, එක්කෝ මෙලෝ යකෙකුට නොතේරෙන ටැක්නිකල් පෝස්ට් ලියයි, නැහ්නං, කලිං පෝස්ට් එක වගේ අවලං කතා ලියයි. ඇයි යකෝ, බවලතෙකුට ලැජ්ජාවක් නැතුව කමෙන්ට් එකක්වත් දාන්න පුළුවනෑ? අර වීර කාන්තාවො දෙන්න නැහ්නං, සුම්මා තමා
" ඉතිං මං වෙන මොනව ලියන්නද, මී නයිදෙ? ඔය දන්න බඩකඩෙත්තුව තමා ලිව්වෙ"
"එහෙම නෙමෙයි. ලියපංකො ඉඳල හිටල හරි සම්භාව්‍ය එකක්. ඔය පොත්පත් විචාර වගේ එව්වා"
" මඟුලක් කියනව. ආං අරහෙ හැලපෙ එකක් ලියල, අර මැරිච්ච කේ. ජයතිලක මහත්තයත් බැනුම් අහගත්තා " සුරංගනා කතා ලිව්වය, ගං වල ගෑණු එහෙම නැත" කියල"
" හරි එහෙම නං මෙහෙම කොරපං.කකා වගේ දාපං ලින්ක්. ඊට පස්සෙ, කොහෙන් හරි කතාව පටන් අරං, කැරකිල වරෙන් වරායෙ කිටියට"
" ඉතිං මං වරායෙ කිටියව දන්නෙ නෑ නෙව?අනික ඔය බළල්ලු එක්ක නෑ නොවැ මයෙ වැඩි පයිරු-පාසානයක්. කොච්චෝරවත් 'ඤෑස්' කියාගත්ත ගමන්මයි'"
" ඇයි බොල, කව්ද උඹට වරායෙ කිටිය ගැන ලියන්න කිව්වෙ? ඒක හැලපෙ බලාගනී. උඹ ලියපං , උඹ දන්න දෙයක් ගැන"
" හරි එහෙනං මං ලියන්නම් consumerism ගැන. මට ලඟදි නෝනෙක් බැන්නත් එක්ක 'කුම්මැහි බස්සා' කියලා"
"හා, අන්න එහෙම හොඳා"
-----------------------------------------------------------
මෙදා සැරේ නං, පවුලේ සැමට එකට කියවිය හැකි, සම්භාව්‍ය පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගෙන ගියා ජාලෙ පැත්තෙ. මොකටද ජාලෙ ගියේ ඇහැව්වා? ඇයි ආයිබෝං වෙන මොනවටද, කාගෙ හරි පෝස්ට් එකක් හොරා කන්ට නෙව?
ඔන්න හම්බ උනා නියම පෝස්ට් එකක්.
Consumerism and the Pursuit of Happiness
කතාවක් තියනව නෙව reinventing the wheel කියල. මේ මහත්තයා මහන්සිවෙලා මෙච්චර හරබර විදිහට මාත්තුරුකාව ගැන ලියල තියෙද්දි ආයෙ මාත් ලියන්නෙ මොන ඇන්නෑවකටෑ? ඒත් ගෙඩි පිටින් උස්සන්නත් බයයි. ඇයි දෙයියෙනේ වසවර්ති මාරයගෙනුත් බේරෙන්න එපැයි. මොනව නැතත් උන්දැව ෂේප් එකේ තියාගන්ට ඕනෙ. මොකද මං දැනටමත් කියල තියෙන්නෙ , මේ ඉන්න ආගම් කරේ තියාගෙන, මිනී මරන්න උනත් රෙඩි සර්දාවන්තයො යන්නෙ දිවියලෝකෙ නං, මට අපාය හොඳා කියල.
ඔහෙලට ඇත්තම කියන්න, මං ඒ පෝස්ට් එක කියෙව්වෙ උඩින් පල්ලෙන්. මගේ හිත ඇඳිල ගිය වාක්‍යකුයි, තව කමෙන්ට් එකකුයි විතරක් මෙතන දාන්නං:
“I shop, therefore I am” කියල කිව්වෙ , Il mondo di una povera pazza නෝන. මාත් ශොපින් යන්න කැමතියි. වරු ගනන් රස්තියාදු වෙන්න නෙමෙයි. කලින් සේල්ස්/ ඩීල්ස් තියන එව්ව බලල, සමහර විට ඔන්ලයි ඕඩර් කරල එහෙම.
ඔන්ලයින් බඩු ගන්න එකේ. වාසි, අවාසි සහ අවදානමක් තියෙනව වුනාට එව්වා අවම කරගත්තාම , සමස්තයක් වශයෙන් වාසි වැඩියි. තව, බලං ඉඳලා, ඉඳලා , ගිහින් ලියුම් පෙට්ටිය අරින කොට පාර්සලයක් තියෙන දැක්කාම එන සතුට. හම්මේ, හරියට නිකං බාප්පව දැක්ක වගේ තමා :)
අරපරිස්සම ගැන ඇටමිදුළුවලටම කාවැදිච්ච ගැමි සංස්කෘතියක හැදී වැඩිල, දැන් පාරිභෝගික සමාජීය රටාවේ මුදුන්මල්කඩ වෙච්ච සමාජයක ජීවත්වෙන මට, අර "ආරේ ගුණ නෑරේ" වගෙ දේවලටත් මුහුණ දෙන්න වෙනවා.
" ඈ බොල බස්සො. තෝ අදත් අර පාවිච්ච් කරපු ටූත්බ්‍රෂ් එක අරං තිබ්බා නේද? විසිකරපිය කිව්වෙ, එනව මෙතන කුණුගොඩවල් එකතු කරගන්න"
" අනේ බං, ඕක තිබ්ච්චාවෙකො. ඔය දුවිලි බැඳිච්ච සර්කිට් බෝඩ් සුද්ද කරන්න , කියාපු භාණ්ඩෙ"
උදාහරණය විදිහට , මයෙ චකබ්ලාස් වෙච්ච හාඩ් ඩිස්ක්වල බෑඩ් සෙක්ටර්ස් චෙක් කරන්න මට ඕනෙ වුනා hard disk docking station එකක්. මෙන්න ගණන්:
හහ්, අපි අහුවෙයි ඔව්වට. ගිය සැරේ සේල් එකකින් ලාබෙට ගත්ත external hard disk එකක් වේලි, වේලි තිබ්බා. ගැලෙව්වා මදේ. හාඩ් ඩිස්ක් එක අරං කම්පුටරේට දාලා . ගත්තා මදේ.
වැඩේ ටිකක් කැත වුනාට, නියම hard disk docking station එක. බළල මැටි වුනත් මොකෝ ආයිබෝං, මීයො අල්ලනව නං :)
අර උඩින් තියෙන සුදු මහත්තගෙ පෝස්ට් එකේ consumerism ගැන දිගට හරහට නෙලල තිබ්බත්, මෙන්න මේ කමෙන්ට් එක දැක්කාම , මට හිතුන , බලාගෙන ගියාම ඒකක් ඇත්ත නෙව බොලේ කියල:
Posted May 23, 2012 at 11:15 PM
What do you call standard of living? we work our ass off, only to get sick at 40, there is no creativity, no time to think, only greed and stupid people following other stupid people.
I am 23 and I already feel so tired..there is so much running, run through college – no time to gain knowledge, just getting grades is enough, then job, again running to earn some money, then get sick, running still, then I die, having to realize, that I have wasted such an opportunity to be alive.
Poor people, we are no naive and so ignorant..
මං හිතෙන්නෙ"Poor people, we are so naive and so ignorant.." වෙන්ට ඕනෙ. ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්ටෑ :)
ඇත්තටම අපි අත්‍යාවශයම නොවෙන බඩු ගන්නෙ ඇයි? සමහර විට ආසාවට, නැත්නම් හිතේ සතුටට. ඉස්සර මගේ විනෝදාංශයක් වුනේ ඉලෙක්ට්‍රොනික්ස්. අද ඒකට වෙලාවක් නෑ. වෙලාව තිබ්බත් කම්මැලියි. කලා කියල ඇති වැඩකුත් නෑ, අළුත් එකක් ගන්න එක ඇත්තටම ලාභයි. ඒත් විසි කරන්න හිතෙන්නෙත් නෑ, හදන්නෙත් නෑ. තාමත් ලාබෙට ටූල්ස් දැක්කොත් පටස් ගාලා ගන්නවා.
ඒකයි මං කලින් කිව්වෙ, බඩු ගන්නෙ අත්‍යාවශය නිසාම නෙමෙයි ආසාවට කියල. ඉස්සර ගන්න ආසාවෙන් හිටිය, ඒත් දැන් අවශ්‍යම නැති දෙයක් වුනත්, දැක්කාම ගැනෙනවා. මටත් හිතෙන්නෙ කමෙන්ට් එක ලියල තියෙන හාදයා හරියි කියලයි. ගන්න හිතෙනවා නං, පුළුවන්කම තියෙනවා නං, ඕන පාං බාගයක් දෙකයි පනහයි කියලා ගන්න එකයි ඇත්තෙ :)
Wednesday, June 4, 2014
දුක නැති කිරීමේ මාර්ගය
මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.
මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.
" උගුඩු මචෝ, මේ බෑරක් යනවය?"
" ෂ්, ෂ්, කෑ ගහන්න එපා බෂ්ෂො. මේ ඇඟේ පතේ අමාරුවට හොර පොළෙන් දෙකක් නමා ගන්න කියල යන ගමන්. උඹට ඕන්නං වරෙන් යන්න"
"හහ්, පෙනේද මූ ඒක කියන ලස්සන, හරියට සල්ලි දීලා බොන්න යනව වගේ"
" ඉතිං බෂ්ෂො ඒක නෙව , මං කිව්වෙ හොර පොළෙන්ය කියලා"
ඔය දෙණියෙ, ඕවිටට එහායින් තියෙන ලන්දෙ තියනවා නෙව කිතුල් මණ්ඩියක්. ගමේ එකාල, හොරාට ඕකෙ මදිනවා. මේ හොර තඩියා යන්නෙ, ඔය මදින කිතුල් රා මුට්ටියකට හොම්බ දාන්ට.
" හා , හා යමන්කො. ඒක නෙමෙයි, උගුඩු මචෝ, උඹ දන්නවද දුකට හේතුව මොකක්ද කියලා?"
" ඇයි බං මං නොදන්නෙ? දුක , විතරක් නෙමෙයි, දුක නැති කිරීමේ මාර්ගයක් මං දන්නව"
" හුටා, අම්මපා අපි උඹට සලකනව මදි නෙව? හැබෑටමද උඹ ඔය කියන්නෙ?ඇත්ත කියපං ?"
"ඇත්ත තමා බෂ්ෂො. ආයෙ මං මොකටෑ උඹට බොරු කියන්නෙ, ආයෙ තෑගි ගන්නයෑ?"
හැබැටම මේකා රහත් වෙලා වත්ද? දැන් මේ කස්ටිය, රහත් වෙන, බුදුවෙන රේට් එකට , උගුඩුවෙක් රහත් වෙලා කිව්වත්, අපි ආයෙ නෑ කියන්නයෑ? නැහ්ද මං අහන්නෙ?
" හා, එහෙම නං කියපංකො දුකට හේතුව?"
" දුකට හේතුව පුක"
" චෑ, චෑ උගුඩුවෝ. එහෙම ග්‍රාම්‍ය විදිහට කියන්න එපා බං .කියපං පස්සා පැත්ත කියලා "
" ඒ වුනාට පුක කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි කියල තමා කකා කිව්වෙ"
" කකා දන්න ඉටි ගෙඩිය. දැං බලාපං ඕන කුණු හබ්බයක් ඉංගිරිසියෙන් කිව්වාම කොච්චර ලස්සනද? ඇයි උඹ දන්නෙ නැහ්ද, අර අකුරු හතරෙ වචනෙ හැම තිස්සෙම කියන ඇමරිකන් ගූගලයා, අපේ හැලපෙට දාපු සත්තම? ආයෙ කුණුහබ්බ ලිව්වොත් " තෝව මකෝනව" කිව්ව නෙව?"
"හරි එහෙම නං දුකට හේතුව තමා, පස්සා පැත්ත"
" ඈ බොල , මැටි උගුඩුවෝ. කොහොමද එහෙම වෙන්නෙ?"
" හා මං කියන්නෙ බොරු නං, ඔහෙත් ඔය ඇටි කෙහෙල් ඇවරියක් , දෙකක් කාලා බලනවකො"
ඔය උගුඩුවන්ගෙ ඇටි කෙහෙල් වලට තියන කෑදර කමත්, කෑවට පස්සෙ වෙන සැන්තෑසියත් නං මං අහල තියනවා.
ඕං ඔය ඇටි කෙහෙල් ඉදිලා සුවද එන කාලෙට,උගුඩුවත් එනවලු ගහ ලගට. හැබැයි ආවට කන්නෙ නැහැලු, කෑවොත් වෙනදේ දන්න නිසා.
කොහොම වුනත්, සුවද ඉවස ගන්න බැරිනිසා ගහදිගේ උඩට පහලට යනවලු, හොරැහින් බලබල " අපි අහුවෙයි ඕවාට" කිය කිය.පස්සෙ කියනවාලු "එකම එක ගෙඩියක් විතරක් රස බැලුවාට, මොනවා වෙනවාද කියලා".
එක ගෙඩියක් කාලා, කියනවාලු " එකක් කෑවා නං තව එකක් කෑවාට මක් වෙනවාද" කියලා.කොහොමින් කොහොමින් හරි ඔක්කොම ගෙඩි ටිකට වගකියලා තමයිලු පස්ස බලන්නෙ.ඉතුරු හරිය හිතාගන්න පුළුවනිනෙ. බඩට කොන්ක්‍රීට් දාගත්තා වගේ තමයි. පස්ස අල්ලගෙන " දුකයි, දුකා..යි, මටනං බැරියෝ. ආයෙ නං කන්නෙ නැතෝ" කිය කිය දුවනවාලු.
" හරි උඹ දුක, දුකට හේතුව දන්නවයි කියමුකො. හා එහෙනං කියපං බලන්න , දුක නැති කිරීමේ මාර්ගය?"
" ඇයි බං බෂ්ෂො, දුක නැති කිරීමේ මාර්ගය තමා තැටමීම"
මූ නං එසේ මෙසේ උගුඩුවෙක් නෙමෙයි නෙව? මං මොන පුරස්සෙ ඇහැව්වත් , මූට තියනවා නෙව උත්තර.
" හරි උඹ ඔච්චර දන්න එකා වෙච්චි. දුක දන්නවා, දුකට හේතුවත් දන්නවා, දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා. එහෙව් එකේ මොන උලව්වකටද බොල ආයෙ , ආයේ දුක වළඳන්නෙ - ඒ කිව්වෙ ඇටි කෙහෙල් ගිලින්නෙ?"
" ඇයි බං, බෂ්ෂෝ, උඹ දන්නෙ නෑ නෙව එහෙම දුකක් විඳලා එලි බැස්සාම තියෙන සනීපයක්? කොටින්ම දුක නැත්නම් එතන කොයින්ද සැපක්?"
අම්මපා , බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. ඉන්තේරුවෙන්ම මූ නං අළුත් කඩේ පැත්තෙ ඉපදිච්ච උගුඩුවෙක් වෙන්ටෑ?
මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.
" උගුඩු මචෝ, මේ බෑරක් යනවය?"
" ෂ්, ෂ්, කෑ ගහන්න එපා බෂ්ෂො. මේ ඇඟේ පතේ අමාරුවට හොර පොළෙන් දෙකක් නමා ගන්න කියල යන ගමන්. උඹට ඕන්නං වරෙන් යන්න"
"හහ්, පෙනේද මූ ඒක කියන ලස්සන, හරියට සල්ලි දීලා බොන්න යනව වගේ"
" ඉතිං බෂ්ෂො ඒක නෙව , මං කිව්වෙ හොර පොළෙන්ය කියලා"
ඔය දෙණියෙ, ඕවිටට එහායින් තියෙන ලන්දෙ තියනවා නෙව කිතුල් මණ්ඩියක්. ගමේ එකාල, හොරාට ඕකෙ මදිනවා. මේ හොර තඩියා යන්නෙ, ඔය මදින කිතුල් රා මුට්ටියකට හොම්බ දාන්ට.
" හා , හා යමන්කො. ඒක නෙමෙයි, උගුඩු මචෝ, උඹ දන්නවද දුකට හේතුව මොකක්ද කියලා?"
" ඇයි බං මං නොදන්නෙ? දුක , විතරක් නෙමෙයි, දුක නැති කිරීමේ මාර්ගයක් මං දන්නව"
" හුටා, අම්මපා අපි උඹට සලකනව මදි නෙව? හැබෑටමද උඹ ඔය කියන්නෙ?ඇත්ත කියපං ?"
"ඇත්ත තමා බෂ්ෂො. ආයෙ මං මොකටෑ උඹට බොරු කියන්නෙ, ආයෙ තෑගි ගන්නයෑ?"
හැබැටම මේකා රහත් වෙලා වත්ද? දැන් මේ කස්ටිය, රහත් වෙන, බුදුවෙන රේට් එකට , උගුඩුවෙක් රහත් වෙලා කිව්වත්, අපි ආයෙ නෑ කියන්නයෑ? නැහ්ද මං අහන්නෙ?
" හා, එහෙම නං කියපංකො දුකට හේතුව?"
" දුකට හේතුව පුක"
" චෑ, චෑ උගුඩුවෝ. එහෙම ග්‍රාම්‍ය විදිහට කියන්න එපා බං .කියපං පස්සා පැත්ත කියලා "
" ඒ වුනාට පුක කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි කියල තමා කකා කිව්වෙ"
" කකා දන්න ඉටි ගෙඩිය. දැං බලාපං ඕන කුණු හබ්බයක් ඉංගිරිසියෙන් කිව්වාම කොච්චර ලස්සනද? ඇයි උඹ දන්නෙ නැහ්ද, අර අකුරු හතරෙ වචනෙ හැම තිස්සෙම කියන ඇමරිකන් ගූගලයා, අපේ හැලපෙට දාපු සත්තම? ආයෙ කුණුහබ්බ ලිව්වොත් " තෝව මකෝනව" කිව්ව නෙව?"
"හරි එහෙම නං දුකට හේතුව තමා, පස්සා පැත්ත"
" ඈ බොල , මැටි උගුඩුවෝ. කොහොමද එහෙම වෙන්නෙ?"
" හා මං කියන්නෙ බොරු නං, ඔහෙත් ඔය ඇටි කෙහෙල් ඇවරියක් , දෙකක් කාලා බලනවකො"
ඔය උගුඩුවන්ගෙ ඇටි කෙහෙල් වලට තියන කෑදර කමත්, කෑවට පස්සෙ වෙන සැන්තෑසියත් නං මං අහල තියනවා.
ඕං ඔය ඇටි කෙහෙල් ඉදිලා සුවද එන කාලෙට,උගුඩුවත් එනවලු ගහ ලගට. හැබැයි ආවට කන්නෙ නැහැලු, කෑවොත් වෙනදේ දන්න නිසා.
කොහොම වුනත්, සුවද ඉවස ගන්න බැරිනිසා ගහදිගේ උඩට පහලට යනවලු, හොරැහින් බලබල " අපි අහුවෙයි ඕවාට" කිය කිය.පස්සෙ කියනවාලු "එකම එක ගෙඩියක් විතරක් රස බැලුවාට, මොනවා වෙනවාද කියලා".
එක ගෙඩියක් කාලා, කියනවාලු " එකක් කෑවා නං තව එකක් කෑවාට මක් වෙනවාද" කියලා.කොහොමින් කොහොමින් හරි ඔක්කොම ගෙඩි ටිකට වගකියලා තමයිලු පස්ස බලන්නෙ.ඉතුරු හරිය හිතාගන්න පුළුවනිනෙ. බඩට කොන්ක්‍රීට් දාගත්තා වගේ තමයි. පස්ස අල්ලගෙන " දුකයි, දුකා..යි, මටනං බැරියෝ. ආයෙ නං කන්නෙ නැතෝ" කිය කිය දුවනවාලු.
" හරි උඹ දුක, දුකට හේතුව දන්නවයි කියමුකො. හා එහෙනං කියපං බලන්න , දුක නැති කිරීමේ මාර්ගය?"
" ඇයි බං බෂ්ෂො, දුක නැති කිරීමේ මාර්ගය තමා තැටමීම"
මූ නං එසේ මෙසේ උගුඩුවෙක් නෙමෙයි නෙව? මං මොන පුරස්සෙ ඇහැව්වත් , මූට තියනවා නෙව උත්තර.
" හරි උඹ ඔච්චර දන්න එකා වෙච්චි. දුක දන්නවා, දුකට හේතුවත් දන්නවා, දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා. එහෙව් එකේ මොන උලව්වකටද බොල ආයෙ , ආයේ දුක වළඳන්නෙ - ඒ කිව්වෙ ඇටි කෙහෙල් ගිලින්නෙ?"
" ඇයි බං, බෂ්ෂෝ, උඹ දන්නෙ නෑ නෙව එහෙම දුකක් විඳලා එලි බැස්සාම තියෙන සනීපයක්? කොටින්ම දුක නැත්නම් එතන කොයින්ද සැපක්?"
අම්මපා , බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. ඉන්තේරුවෙන්ම මූ නං අළුත් කඩේ පැත්තෙ ඉපදිච්ච උගුඩුවෙක් වෙන්ටෑ?
Sunday, June 1, 2014
මල් වඩම් අනවශ්‍යයි
| http://www.hacknmod.com/wp-content /uploads/2008/11/hard-drive.jpg |
අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ නෑ. ඔය පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.
W.D Caviar (උපත- 2007 විපත- 2014)
මම නෙමෙයි මයෙ හාඩ් ඩිස්ක් එකක්. අවුරුදු හතයි, මාස තුනයි. කම්පුටර් වසර වලින් ගත්තාම, මේක ගල් යුගේ තරම් වයසක්. .මේක බූට් ඩ්‍රයිව් එක. ඒක තමා මට කෙලවිච්ච තැන.
ඉස්සර කාලයක් තිබ්බා, අවුරුද්දට තුන් හතර පාරක්වත් , හාඩ් ඩිස්ක් ෆෝමැට් කරනවා, OS රී-ඉන්ස්ටෝල කරනවා. ඒ කාලෙ , ඒකට ලෑස්තිවෙලාම යි හිටියෙ, ඔක්කොම ආවුද ආම්පන්න තිවුණා. පස්සෙ , පස්සෙ , පස්සෙ ඔය OS ස්ටේබල් වෙන්න ගත්තාම , ඒ " හොඳ" පුරුදු නිකම්ම නැති වෙලා ගියා. ආන්න එතන තමා මට වැරදුනේ.
සියලු සංස්කාරක ධර්මයෝ, නැසෙන සුළුය.
OS ඉන්ස්ටෝල් කරන එක එච්චර අමාරු දෙයක් නූනාට වස කම්මැලි වැඩේ. එච්චර නං මඳෑ, තව අටෝරාසියක් අත්‍යාවශ්‍ය පොඩි පොඩි කෑලිත් ඉන්ස්ටොස්ල් කරන්න එපෑය. ඉස්සර , මේ කරදරෙන් ගැලවෙන්න කරපු දෙයක් තමා , ඩ්‍රයිව් ඉමේජ් එකක් ගෙඩිය පිටින් සේව් කරගන්න එක, ඩ්‍රයිව් කිව්වට ඇත්තටම OS එක තියෙන පොඩි පාටිෂන් එක විතරයි
ඉස්සර පාවිච්චි කලේ Acronis True Image
දැන් නං එව්ව ඔනෙ නෑ, වින්ඩෝස් වලම තියනවා. ඒ නිසා , මේ වංගියෙ සිස්ටම් ඉමේජ් එකක් හදලාම තියා ගත්තා
මේ වෙච්ච අකරතැබ්බෙ , පෝස්ට් එකක් කලේ, ඔහෙලගෙනුත් නොදන්න දෙයක්, උපදේශයක් ලැබෙයි කියල හිතලයි :)
මට නං රිකවර් කරගන්න තරම් වටින දෙයක් තිබ්බෙ නෑ. ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ විහිලුවක් නෙමෙයි, ඇත්තටම මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්න විදිහ. (zip-lock බෑග් එකක දාන්න ඕනෙ)
Saturday, May 24, 2014
ජනතාව අවදි කරන්නෝ
බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)
හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව, කාලය කියන එක එච්චරම වටිනා සාධකයක් බව පේන්න නෑ. බොහෝ විට ස්වයං රැකියා කල අපේ පැරැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:
" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"
ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:
ඇටි කුකුළා - බුක් ගෑම
ගං කුකුළා - හැඬලීම
මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත් , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක් අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?
ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා, හඳුංකූරු සීනු ඔරලෝසුව.
මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:
මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:
නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව. මේ අනුව කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.
මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව.
හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක
දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.
මං සාමාන්‍යයෙන් බුදියන්නෙ කොටස් දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම, හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.
දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:
1.තඩි LED clock එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.
2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .
සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.
දැං බලන්නකො , මේ සුද්දො අතරෙත් ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?
අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක නං අති සාර්ථකයි. වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:
2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න.
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි..
Subscribe to:
Posts (Atom)
Arjob