Wednesday, August 19, 2015

ඈවරයි, දෑවරයි



http://jimhillmedia.com/mb/images/upload/RAT_221-web.jpg

මං තීරණය කලා, අද ඉඳන්වත්  වැදගත් බස්සෙක් වෙන්න. කතිර යුද්දෙත් ඉවර වෙච්චි, අප්පච්චිත්, සෙත්ත පෝච්චි වෙච්චි, එහෙව් එකේ වැටිච්ච් එකාට උඩ පැන , පැන තලන එක හොඳ නෑ නෙව? එහෙම හිතලා , 

 මං අහල පහල හිටිය බ‍ටු මී නයිදෙව මුණගැහෙන්න ගියා



"  උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"





මීයා ඔලුව වැනුව " ඒ කියන්නෙ බස්සෝ, උඹැහෙ ආයෙ   පොලිටිකල් එව්වා ලියන්නෙ නැතෙයි?"



" නෑ බං, ඔය මඳැ අප්පුච්චට තඩි බෑව. අනික, මහ අලිය උනත්, ටිකක්  අප්සැට් සතා, පැටිකිරියත් හොඳම නෑ, මොනව කරාවිද කව්දෑ දන්නෙ?"



" අනේ මන්ද බස්සෝ, ඒත් අප්පුච්චා , එයැයිට බලේ තියෙද්දි බොලාට එක දිගටම නෙලුවෙ?"



" ඒක නං එහෙම තමා. ඒත් අපි  එහෙම ජාතියක් නෙමෙයි නෙව? අපි එව්වා, පටස් ගාලා අමතක කරනවා"



"හෑ,  , එතකොට , අප්පුච්චා, රජගෙදර රිළවා ලව්වා , රිළා නැ‍ටුං පෙන්නන්න ආවොත්?"



" බොලං මී නයිදෙ, අපි එතකොට, ඔපරේෂන් " මෛත්‍රි" කරනවා ", මොනව කලත් ආගමානුකූලව තමයි"



" මට නං විස්වාස නෑ, උඹ ආයෙ  පොලිටිකල් කතා නොලියයි කියලා , බස්සො"



" හා , බලපංකො. ඔන්න බලාපං, මං  නෙමෙයි ආයෙ කට අරින්නෙ. පිංතූර විතරමයි දාන්නෙ"




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMSgmYbH86s1FBcyZlvRuMg-0V275LFypr7foyguMqbWmPg8dc36_UVaJSAHgs6jJmKHTp3TcGaly5O9E_y96WBbwP9QaHeYJ0Ih5SWxkI4LPtU00KicMel1Amvv91SunTNVEXFRBN38Dk/s1600/The-Best-Of-Expectations-VS-Reality-2013-8.jpg











Expectation-

A nice parking job
















                               Reality

















Parking - Arabic style

Saturday, August 8, 2015

බස්සා සහ මකරාක්ෂයා





http://wm.schoolofdragons.com/SoD/Joomla/templates/schoolofdragons/images/HTTYD_BarfAndBelch.png

මකරා ඉස්සෙල්ලම ආවෙ දකුණෙ දෙවන කැ‍රැල්ල කාලෙ. ඌ රතු කමිසයක් ඇඳලා,  තරුවක් ගහපු, කජු ලෙල්ල වගේ තැලිච්ච තොප්පියක් දාලා හිටියා.ඉස්සෙල්ලම කෑවෙ. පලාතෙ චංඩි ටික. අපි මකරට රහසින් පෙම් කලා.  මකරගෙ ක්‍රමය හරිම සිම්පල්, ආව තිබ්බ ඔලුව කුඩු වෙන්න. නඩු නෑ, සාක්කි ඕනෙ නෑ, උසාවි , අබ්බගාත්ලා , කල්ප ගණන් ඇදෙන නඩු නෑ. අපි හිතුව , කමක් නෑනෙ , උන් අපරාධකාරෙයො නෙව කියලා. පස්සෙ, මකරා කලාකාරයො. ගුරුවරු, ග්‍රාමසේවකලාව කන කොට නං අපිට හිතුනා , එයාලට නං නිදහසට කාරණා කියන්න චෑන්ස් එකක් දුන්න නං හොඳයි කියලා. මකර පාලනය තුල විවෙචන වලට ඉඩක් නෑ. අපිත් කට පියාගෙන හිටියා, නැත්නම් වෙන්නෙ ඔලුව නැති කරගන්න.



රතු මකරව කන්න ආවෙ කොල පාට මකරෙක්. අලුත් මකර ආවෙ කැලෑ කොල ඇඳුම ඇඳලා බූට්ස් දාලා , දොරවල් ගලවපු පැජරෝ එකේ.අරූ මොන මකරද, මූ නෙව මකරා ? 



 අපි රතු  මකරා ගැන දුක් වුනා. ඌ අපේ පන්තියෙ මකරා. " මොනව වුනත් දුප්පත් සතා, පං මල්ලෙ ගල්කටස් එක දාගෙන ඇවිල්ල , බඩට බත් නැතුව සටන් කලේ " අපි කිව්වා , 



දකුණෙ හිටිය බුරුසුවක් වගෙ උඩු ‍රැව්ල තිබ්බ හාදයෙකුත් අපිත් එක්කම රතු මකරාට වෙච්ච සැන්තෑසිය ගැන දුක් වුනා. එයා දකුණෙ ඉඳන් කොලොම්පුරේට පා ගමනකුත් ගියා.



මකරාධිපතිය හිටියෙ කොලොම්පුරේ. කොණ්ඩෙ සුදු වෙච්ච  උස පොරක්. ඒත්  මකරාධිපතියගෙ රිමෝට් එක තිබ්බෙ, සතපහ වගෙ හත‍රැස් මූණක් තිබ්බ උපාසක මහත්තයෙක්ගෙ සාක්කුවෙ. මකර යුද්ධෙ නැගලම ගියා. රතු මකරා නැති භංගස්ථාන වෙලා ගියා.



කාලය  ගලාගෙන ගියා. රතු මකරා ගැන අපිට අමතක වෙලා ගියා. ඔය අතරෙ උතුර පැත්තෙන් කලු මකරෙක් මතු වුනා. අපි ඌත් එක්ක යුද්ධෙට කොල මකරව ඇරියා.








මකර යුද්ධෙ දකුණින් , උතුරට මාරු වුනා. කලු මකරා කොලොම්පුරේට බයිසිකල් කාරයෙක් එව්වා. දවසක් හදිසියෙම මකරාධිපතියගෙ  වාහනේ පිපිරුවා. මකරාධිපතිය , කුකුලෙක් වගේ රෝස් වෙලා මලා. මූණ හත‍රැස් උපාසක මහත්තයා ගාවිනුත් , බයිසිකල් කාරයෙක් මාරුවුනා. එයත් නිවන් ගියා."දිඨට ධම්ම වේදනීය කර්ම" මිනිස්සු කිව්වා.



උතුරෙ මකර යුද්ධෙ අවසාන වුනා. ජයග්‍රාහී කොල මකරා  නොන්ඩි ගගහා ,  අත්වාරුවකින් ආවා. අපි නොන්ඩි කොල මකරව , මල් මාලා දාල පිලිගත්තා.ඒත්, ඒ වෙනකොට කොලොම්පුරේ අලුත් මකරෙක් බිහිවෙලා හිටියා. ඒ තමයි, අර පාගමන ගිය බුරුසු ‍රැව්ලා. 



බුරුසු ‍රැව්ල් මකරා කෑවෙ අමුතු විදිහකට. ඌ වැඩියම කෑවෙ රට.



අපිට පටි තදකරගන්න කියලා , ඌ කන්න පටන් ගත්තා. උන්දැ  චයිනීස් කන්න දෙයියා, ඉඳලා හිටලා ආප්පත් කෑව . ඔය අතුරුපසට  , පත්තර කාරයෙක්,රගර්  කාරයෙක්  එහෙමත්  කෑව වුනාට , කවදාවත් එව්වා කෑව කියලා පිලිගත්තෙ නෑ.





අපි බුරුසු ‍රැවුල් මකරා එක්ක සටනට , සෑර් ලාන්ස්ලොට්ව යැව්වා.    එයා අලිය පිටේ නැගලා යුද්ධෙට ගියා. රැවුල් මකරා පැරදිලා හෙලි -කොට්ටඋරේක නැගලා පැනලා ගියා. 


පස්සෙ ‍රැව්ලා නන්නත්තාර වෙලා හිටියෙ . ඔය අතරෙ, අලිමොටා ගම කෑව. මේකෙන් වුනේ සෑර් ලාන්ස්ලොට්ගෙත් සායම ගිය එක.



දැං බුරුසු ‍රැව්ලා ආයෙ යුද්ධෙට එන්න හදනවා. "මාස්ටර් සර්, මගෙ හිමි තැන දෙන්න " කියලත් කියනවා. 


සෑර් ලාන්ස්ලොට් නං කියනවා, එයා කවදාවත් මකරට අඳින්නෙ නෑ කියලා, ඒත් අපට  අර අලිමොටාව නං විස්වාස නෑ. ඒත් ඉතිං වෙන කරන්න දේකුත් නෑ, මොනව වුනත් අලි බෙටිත් ඕන වෙන වෙලාවලුත් තියනවා. අලියා  ඒ වැඩේට නං දස්සයා




<උපුටා ගැනීම>මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී........
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන්‍ වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන්  බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.......</උපුටා ගැනීම>




 - ධර්මසිරි බණ්ඩාරණායකගේ මකරාක්ෂයා -






https://s-media-cache-ak0.pinimg.com/736x/bc/0c/c2/bc0cc23ecc60c40478a4e1f77a1347f9.jpg



Thursday, August 6, 2015

වින්ඩෝස් 10




නිකං දෙන දෙමල පත්තරේ නෙව?  ඕන  පාං බාගයක් පනං අටයි  කියල , ඔන්න ඔහේ දාගත්තා.



අර ටාස්ක් බාර් එකේ තියන අයිකන් එකට කොටල  වද වෙන්න එපා, එතකොට රිසර්ව් කරල පෝලිමේ ඉන්න ඕනෙ.





1. මේ ලින්ක එකට යන්න

     https://www.microsoft.com/en-us/software-download/windows10



2. 32 bit / 64 bit ද කියල සිලෙක්ට් කරගන්න.



3.  අදාල  media creation tool එක බාගෙන රන් කරන්න.



මේ tool එකෙන්, තියන පරණ වින්ඩෝස් එක, අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ටිකක් වෙලා යනව නං තමයි, ඒත් කිසි අවුලක් නැතුව , තිබ්බ ඔක්කොම ප්‍රෝගැම්ස්  ටික අලුත් එකට ආව. 



මතකයිනෙ , නෝවගෙ නැව පෝස්ට් එකේ  macrium reflect. එයා  මේ වගෙ රිස්කි වැඩ වලට දෙයියා. ඇයි  කියන්න බෑ නෙව? අප්ග්‍රේඩ් කරන්න ගිහිල්ලා , කෙලල ඇරියා පාත්තරේටම, මලා නේද? 



මම ඉස්සෙල්ලම කලේ , කලින් වින්ඩෝස් එකේ පාටිෂන් බැකප් එකක් වෙන ඩ්‍රයිව් එකකට ගත්ත එක. දැං , බය නෑ  නෙව?, වැරදුනොත්  ආපහු කලින් තැනට ගියෑකි.  ඊට පස්සෙ, අර tool එක පාවිච්චි කරලා අප්ග්‍රේඩ් කලා. කිසිම ප්‍රොඩක්ට් කී එකක් අහන්නෙ නෑ.



 ඊට පස්සෙ tool එක ආයෙත් රන් කරලා, මේ සැරේ iso ෆයිල් එක බා ගත්තා, වැඩි පරිස්සමට. මං හිතන්නෙ එක රන් කරලා ක්ලීන් ඉන්ස්ටෝල් එකක්  කරන්න නං ප්‍රොඩක්ට් කී එකක් අහවි. 



ඔක්කොම ටෙස්ට් කරල බලල, ආයෙම අලුත් වින්ඩෝස් වල බැකප් එකකුත් ගත්තා.



වින්ඩෝස් 10 - මට හිතෙන හැටි:



වාසි:



මේක මේ මහා ලොකු ටෙක්නිකල් රිවීව් එකක් නෙමෙයි, බස්තියංගේ  සිම්පල් වර්ශන් එක:



1. හොඳයි, වින්ඩෝස් 8.1 වගේමයි. වින්ඩෝස් 8 පාවිච්චි කරල තියනව නං ගේමක් නෑ.



2. ස්ටාර්ට් මෙනු එක ආය දාලා. වින්ඩෝස් මොඩර්න් ඇප්ස්,  සහ පරණ ඇප්ස් දෙකම මෙනු  එකේ තියනවා. මෙනු එක කස්ටමයිස් කරගන්න පුළුවන්.



3. මොඩර්න් ඇප්ස්  , දැං ඇත්තටම ඇයක් වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න ඇහැකි. කලින් වගේ ෆුල් ස්ක්‍රීන්වත්, වෙනම  GUI එකකට ස්විච් නොකර. 



4. වින්ඩෝස් ෆයිල් සයිස් එක පොඩියි.



5. ඇපල් වලින් ණයට ගත්ත දේවල් වගේ පෙනුනත්, සමහර වැඩිදියුණු  පහසුකම් හොඳයි. වින්ඩෝස් චාම්ස් වෙනුවට ඇක්ෂන් සෙන්ටර් එක වගේ එව්වා. දැන්  ඔක්කොම සෙටින්ග්ස් එක තැනක, හොයන්න ලේසියි.



6. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා . ඩිෆොල්ට් ඇප්ස් වගේ එව්වා , අලුතින් ඉන්ස්ටෝල් කරගන්න ඇප්ස් වලට ඕන, ඕන විදිහට වෙනස් කරගන්න බැරි පාටයි.   



අවාසි:







1. මට නං "කෝටානා" ඇණයකි. පුදුම වෙන්න දේකුත් නෑ, උන්දැත් ගෑණු සතෙක් නෙව?



2. සිංහල ෆොන්ට් එකපාරටම වැඩ කලේ නෑ. " ඉස්කෝල පොත" ttf ෆයිල් එක හොයලා  ඉන්ස්ටෝල් කලා, දැන් වැඩ.



3. ඉඳලා, හිටලා පරණ ප්‍රෝගෑම් එක දෙකක් වැඩ කරන්න බෑ කියාවි. කම්පැටිබිලිටි මෝඩ් ගිහින්, වින්ඩෝස් 8 වලට සෙට් කලාම ඒක හරියනවා.



4. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා උනත්, වින්ඩෝස් ඩිෆෙන්ඩර් ඩි-ඇක්ටිවේට් කරලා. ඒ වෙනුවට වෙන එකක් දීලත් නෑ. වින්ඩෝස් firewall නම් වැඩ.



5. පරණ වින්ඩෝස් , වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරලා , ඇක්ටිවේට් කලාට, අලුත් එකේ ප්‍රොඩක්ට් කී එක වෙනස් කරනවා. කෝකටත් හොඳයි ඒක  හොයාගෙන ලියල තියාගන්න එක . හොයන්නෙ මෙන්න මෙහෙමයි:



https://gist.github.com/eyecatchup/d577a2628666a0ad1375



ඒකෙ තියන කෝඩ් එක නෝට් පෑඩ් එකේ අලෝලා, all files විදිහට සිලෙක්ට් කරලා, .vbs එක්ස්ටෙන්ෂන් එක දාලා ඩෙස්ක් ටොප් එකක සෙව් කර් ගන්න. ඊට පස්සෙ ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා රන් කලාම, පොප් අප් බොක්ස් එකක, ප්‍රොඩක්ට් කී එක පෙන්නනවා



සමස්තයක් වශයෙන් , පාඩු නෑ - කොහොමත් ගෙව්වෙත් නෑ නෙව? :) . නෑ , ඒකම නෙමෙයි. පසුතැවෙන්න දෙයක් තියනවා කියල හිතෙන්නෙ නෑ. මහා ලොකු දේකුත් නෑ, අර යස අගේට තිබ්බ, වින්ඩෝස් 7 , 8  කරන්න ගිහිල්ලා ඇණ ගත්ත ටික , ආපහු හදලා තියනවා.





Sunday, August 2, 2015

අලි බබා, ගිරව කරේ සහ හොරා




මේ අසමජ්ජාති  මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.



කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.



කිතුල් ගස් මණ්ඩිය පහුකරන කොටම ඇහෙනවා , කව්දෝ මහ හයියෙන් කෑ ගහනවා



" කපනව ඩෝ පෙති පෙති. හුරිජ්කරිජ්ජ පාගපු මං  හුරුල්ලත් දන්නවා, කුරුල්ලත් දන්නවා"



අම්මට හුඩු, මේ අපේ මැදමූකලානෙ සිංහයා නෙව, දොල ලඟ ගල්තලාවෙ , රා කළයකුත් තියාගෙන ඉන්නෙ? රජගෙදර රිළවත්  ඒ ලඟ ම ඉන්නවා.



" ආ, බෂ්ෂො, වරෙන් , වරෙන්. දෙන්නද  පොල් කට්ටෙන් දෙකක්. මේ දැං බාපු ගහේ බඩු"



" බොහොම ස්තූතියි , ආයිබෝං. මයෙ පාවිචියක් නෑ. ඒක නෙමෙයි රජෝ, මොකද මේ කස්ටිය ඔබතුමාට හොරා කියල කියන්නෙ?"



" කව්ද ඩෝ එහෙම කියන්නෙ?   කපනව ඩෝ පෙති පෙති "



" නෑ , මේ  රට්‍ටු තමා එහෙම කියන්නෙ. හරි හොරාමයි කියමුකො. ඒත් ඔබතුමා  එසේ මෙසේ හොරෙක් වන්න බෑ නෙව? "



" ආන්න උඹට තේරුනා. හොරා නෙමෙයි, මංකොල්ලකාරයා, හිංගලෙන් කියන්නෙ පයිරේට් කියලා" එතුමා මාව නිවැරදි කලා.



" දැං එතකොට මංකොල්ලකාරයා කියන්නෙ හොරෙක් නෙමෙයිද?"



" තොට පයිත්තියන්ද බොල?" එතුමා සිංහ ගර්ජනා කලා. " මංකොල්ලකාරයා කියන්නෙ ඔය තුට්‍ටු දෙකේ  හොරෙක් නෙමෙයි, වැදගත්, හොඳ සමාජ තත්ත්වයක් තියෙන ප්‍රභූවරයෙක්"



" දැං බලාපං බෂ්ෂෝ, හොරා කියන්නෙ. ඔය ගමේ  පොල් ගෙඩියක් කඩාගන්න, කුකුලෙක් පන්නගෙන යන සාමාන්‍ය එකාලට නෙව? ආන්න උන්ව තමා ගස් බඳින්න ඕනෙ, පොලෝසියට ගෙනිහිල්ලා අඬු කඩලා උසාවි දාලා  නඩු දාන්න ඕනෙ"



" අම්මපා , මං දැනගෙන හිටියෙ නෑනෙ , ඒ වග" මං හූමිටි තිබ්බා.



" ඒක නෙව කියන්නෙ? දැං බලාපං, මංකොල්ලකාරයො ගැන සිත්තරපටි පවා හදලා තියනවා. එතකොට  ජනකතා ලියැවිලා තියනවා, අහල නැහ්ද, රොබින්හුඩ්, අලිබබා ගැන එහෙම?"



" ඒත් රජෝ, අලිබබා කියන්නෙ මංකොල්ල කාරයෙක් නෙමෙයි නෙව?"



" ඔන්න, ඔන්න ඉතිං උඹත් මට උගන්නන්න එනවා. හරි, එයා  ඇරියෙ නැහ්ද  ලස්ස ගාණක වස්තු සම්භාරයකට? එතකොට හොරු හතලිහක්ම  අතුරුදහන් කලේ නැහ්ද?"



" ඒක නං එහෙම තමයි, ඒත් එයා හොරුන්ගෙන් හොරා කෑව මිසක්, මංකොල්ල කෑවෙ නෑ නෙව?" මං  ඔලුව කස, කස කිව්වා.



"මේ අහපං බෂ්ෂෝ. හොරා කියන්නෙ ඔය පොඩි , පොඩි හොරකං කරන එකාට. ඌ ඒක කරන්නෙ හොරෙන්. අපි, මංකොල්ල කාරයො එහෙම නෑ. අපි හොරකං කරන්නෙ මහ දවල්. ගියා භාණ්ඩාගාරෙට " ඕපන් සෙසමේ" කිව්වා, ගත්තා, වටේ ඉන්න ගෝලයොන්ටත් කට්ටක්, දෙකක් විසිකලා එච්චරයි. කවුරු හරි , අසමජ්ජාති පත්තරකාරයෙක් කට ඇරියොත්' ඇයි, අවුල්ද?' කියල ඇහැව්වා. එව්වා සුදු වෑන් එකක්. උන්දැ චකබ්ලාස්, ගේම ක්ලෝස්. තේරුණාද?"


තේරුණා කියල කියන්න, මං ඔලුව වනාගෙන, වනාගෙන ගිහින් හතර සැරයක් "හූම්, හූම්" කිව්වා. " ඒත් රජෝ , අලිබබාගෙයි, ඔහේගෙයි තියන සමාන කම මොකක්ද?"



" ඇයි බං, අලි බබාට හිටියෙ හොරු හතලිහයි, මං ගාව හිටියා නෙව එකසිය හතලිහකටත් වඩා?" කියලා රජා කිව්වා.



" ඒත් මං දැකලා තියනවා නෙව ඔය මංකොල්ලකාරයොන්ගෙ කරේ ගිරවෙක් ඉන්නවා. දැං ඔබතුමාටත් ඉන්නවද එහෙම එකෙක්?"



" ආ , ඒකට මං අපේ රිළවව පුරුදු කරලයි තියෙන්නෙ. බලන්න එපෑයෑ මූ ගිරව වගේ " විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ" කියන අපූරුව. මං දැං ඔය උගෙ කටට ප්ලාස්ටර් දාලයි තියෙන්නෙ. ඇයි බං, මටත් දැං ඕකම අහල එපාවෙලා ඉන්නෙ"



ඔන්න එතකොටම කැලේ පොඩි වෙන සද්දෙකුයි, මහා කාලගෝට්ටියකුයි ඇහෙන්න ගත්තා.



 රා පොල්කට්ටෙන් දෙකක් නමා ගත්ත සිංහයා , සාටකෙන් කට පිහදා ගෙන " ආ , ඔය එන්නෙ අපේ කස්ටිය" කියල කිව්වා.



එතකොටම කැලේ පොඩිකරගෙන ආවෙ අම්බරුවො රෑනක්. උන් පෙලපාලියක් යනවා :



" අපේ හොරා , අපට හොඳා"

"යන්න ගියත් යන්න දෙන්න බෑ. හැට පැන්නත්, හොරා, හොරාමයි"

" වී වන්,වන්,වන්,වන්,වන් නෝනා. හොරාවමයි ඕනා "



" පේනව නේද? ජනතාව තමයි මාව ඉල්ලන්නෙ " ආඩම්බරයෙන්  කොන්ද කෙලින් කරගත්ත සිංහයා කිව්වා.



" මුංට සුමාන දෙකක් ගියාම මුකුත් මතක නෑ. ඒක නෙව මුංට අම්බරුවොයි කියන්නෙ" මං ඇඟට , පතට නොදැනෙන්න කියල දැම්මා.



ඔය අතරෙ  හිටිය එක මඤ්ඤං අම්බරුවෙක් රජතුමාගෙ කිරිපල්ල අස්සට අතදාලා , වසී බෝලෙ මිරිකුවා.ඊට පස්සෙ, එතුමාම , එතුමාගෙ ආරක්සාව සලස ගත්තා. එනපොට හොඳ නැති නිසා,කෝකටත් සූජනං සරීරෙ කියලා, මම එතනින් ලිස්සලා ගියා.












--------------------------------------------------------------------------------




මෙන්න පිංවතුනි , වැනිල්ල අංක දෙක. මං වැනිලිත් දැක්කා මේ වගෙ වැනිලි නොදැක්කා......





Tuesday, June 30, 2015

බස්සා සහ නෝවාගේ නැව






කාලෙකින් , අර  ලියපු මටවත් නොතේරෙන ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා නෙව?  ගරිල්ලා ගොරිල්ලා ඇටෑක් එන්න ඉඩ තිබුනත්, ඕන පාං බාගයක් දෙකයි පනහයි කියල ලියලම දානවා.



If it's not broke, don't fix it කියල කිව්වෙ සුද්දා. ඒත් බස්සො 

කියන්නෙ සුද්දො ජාතියක් නෙමෙයි නෙව? ඒ නිසා මේ යස අගේට 

වැඩ කරන දේවල් වලට හෙනහුරු දසාව ලබන එක  " හවුස් බස්තියං" 

වල  සාමාන්‍ය සිද්ධියක්.





මගේ දුප්පත් ගොන්පීතර රාජයාටත් , ඔය සංසිද්ධියෙන් ගැලවීමක් නෑ.

 හිටපු ගමන්, ෆයිල්ස් විතරක් නෙමෙයි, පාටිෂන් පිටින් අතුරුදහන්

 වෙනවා. අනික, දැන් ඉස්සර වගේ නෙමෙයි, 

වින්ඩොස්  බූට්  ප්‍රොසිඩියර් එක සංකීර්ණයිපොඩී දෙයක් එහා මෙහා 

වෙච්ච  ගමන් නෝ වින්ඩෝස්. මෙහෙම සන්තෑසියක්, 

ලෝක විනාසෙට වඩා හොඳ වෙන්නෙ  බොහොම සේසයකින්. 

ඇයි, ඉතිං අපි  ලෝකෙ දිහා බලන, පත්තර, ප්‍රවෘත්ති බලන   ජනේලෙ

 වින්ඩෝස් නෙව.



ඔන්න දැන් තමයි මේ 
විනාසෙන්  ගොඩ න්න " නෝවගේ නැව" 

නැත්නම්  බැකප් ඕනෙ වෙන්නෙ. මම නොයෙක් බැකප් ඇප්ස් 

අත්හදා බලල තියනවා.

 මේක මට හොඳම එක. මං කියන්නම් ඇයි කියල:



1. වේගය - 64 බිට් වර්ශන් එක දා ගත්තාම  රොකට් එක වගේ 


බැකප් එක ගහනවා



2. වැඩි තොරොම්බල් නෑ, සිම්පල් ඉන්ටෆේස් එක . සරලයි, තේරුම්


 ගන්න පහසුයි.



3. 
Differential බැකප් සපෝට් කරනවා.  බැකප් ප්‍රොෆයිල් එක 

කස්ටමයිස් කරන්න ඇහැකි.



4. ‍ෆ්‍රී වර්ශන් එකක් තියනවා.ඒකෙ 
full / differential බැකප් 

විතරයි. ඒත් ඒක හොඳටම ඇති.  නූල් සූත්තර නෑ, එක්ස්ෆයරිඩෙට් නෑ,

 නියම  නොමිලේ දෙන එකක්. 



5. බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් එකක් විදිහට වැඩ කරනවා. උන්දැට ජොබ් එක


 බාර දීලා, තමුන්ගෙ වැඩ ඕනෙ එකක් කලෑකි.



6.බැකප් ෆයිල් සයිස් එක. අනිත් බැකප් ඇප් වලට වඩා පොඩියි. 

පාටිෂන් එකේ සයිස් එකට නෙමෙයි, තියන ෆයිල්ස් ටික විතරක් 

කම්ප්‍රෙස් කරලා ගහනවා. ඒ වගේම ආයෙ රෙස්ටෝ කරද්දි, සමාන , 

හෝ අසමාන ඕනෙම  සයිස් පාටිෂන් එකකට දා ගත්තෑකි.



7.බැකප් ෆයිල් එක මවුන්ට් කරන්න ඇහැකි. හදිස්සියෙ, ෆයිල් එක, දෙකක් හෝ 

ෆොල්ඩර් එකක් අවශ්‍ය වුනොත් එහෙම මවුන්ට් කරලා කොපි කර 

ගත්තෑකි.



මෙන්න භාණ්ඩෙ බාගන්ටෝ:







Macrium Reflect Free


දැන්, ඔහෙල අහයි නෙව, ඇයි  "වින්ඩෝස් රිකවරි" තියෙන්නෙ කියලා. පේන විදිහට "වින්ඩෝස් රිකවරි" කියන්නෙත්  කප්පාදු කරපු  ඉන්ක්‍රිමෙන්ටල් බැකප් ඇප් එකක් කියලයි හිතෙන්නෙ. කප්පාදු කරලයි කිව්වෙ, කිසිම කන්ට්‍රොල් එකක් අපිට නොදෙන නිසයි.වින්ඩෝස් රිකවරි , කොහොමටවත් බස්සොන්ට ගැලපෙන ජාතියක් නෙමෙයි. වින්ඩෝස් රිකවරි රන් කරන්නෙ කොහොමද වින්ඩෝස් බූට් වෙන්නෙවත් නැති කොට :) 



 ඒ එක්කම,මං ඔය නිකන් දෙන දෙමල පත්තරේ සොෆ්ට්වෙයා ඉන්ස්ටොල් කරන්න ගිහිල්ලා, ඒවත් එක්ක බෝනස් විදිහට එන ස්පයිවෙයා අයින් කරන්න ගියාම, වින්ඩෝස් රිකවරි ෆේල් වෙලා තියනවා. Macrium Reflect තාම   එලකිරි වගේ වැඩ.



මෙන්න මගේ බැකප් ප්‍රොෆයිල්/ඩෙ‍ෆිනිෂන්  එක:



1. හැම මාසෙම ෆුල් බැකප් එකක්



2. සුමාන දෙකකට සැරයක් differential බැකප් එකක්



full  බැකප් දෙකක් තියා ගන්න. differential හතරක් තියා ගන්න කිව්වාම , ඇප් එක එව්වා මැනේජ් කරනවා.



මේ ඉන්නෙ හාදයා  windows task scheduler එකේ









Difference between Full, Incremental and Differential Backup







මේ විස්තර දැණගන්න අත්‍යාවශයම නෑ, ඒත් මගේ අත්දැකීමෙ හැටියට Incremental ,Differential  සමහර වෙලාට එච්චරම විස්වාස නෑ, ඒත් ෆුල් බැකප් දෙකක් හැමවිටම තියෙන නිසා  ඒ දෙකෙන් එකකට රොල් බැක් කරගන්න පුළුවනි.



ආ තව එකක්, වින්ඩොස් සහ වර්ක් ෆයිල්, ඩවුන්ලෝඩ්ස් ඔක්කොම මැලේ අච්චාරුව වගේ එකම පාටිෂන් එකේ දා ගන්න එපා. වෙනම පාටිෂන් හදලා වින්ඩෝස් ඉස්ටොලේෂන් එක වෙනම පාටිෂන් එකක තියලා,ඒක විතරක් පාටිෂන් බැකප් එකක් ගන්න.සිස්ටම් බැකප් කියල එකක් තිබුණත්, මෙහෙම කලාම, වින්ඩෝස් සහ බූට් ලෝඩර් ඔක්කොම  බැකප් වෙනවා, වැඩේ  ෂුවර්



මතක ඇතුව  රෙස්කිව් මීඩියා එක සීඩී එකකටම බර්න් කරගන්න. ලිනක්ස් නැත්නම් වින්ඩෝස් PE දෙවිදිහිටියම කරගන්න  ඇහැකි වුනත් , මං  කැමති වින්ඩෝස් PE වලට.





ප.ලි:



සියලුම නැටි ඇති/ නැති  වානර සාමාජිකයන් වෙත සංවේගයෙන් දැණුම් දෙමි. සති අන්තයේදි  නොන්- ටැක්නිකල් පෝස්‍ටුවක් ලිවීමට අදහස් කරමි.



මාත්තුරුකාව - සන්නාලියන්ගේ ගීතය සහ ගහ මුල විප්ලවය



Saturday, June 27, 2015

සහසික සිනමාව, ඌරකඩුව සහ මස් කරල






සතියෙ දවස් පහක් බඩ රස්සාව කරල, මං ඉන්නෙ සති අන්තෙ වෙනකං ඇඟිලි ගැන ගැන. ඒ දවස් දෙකෙන් හෙනහුරාදා බුදියන දවස. ඇයි සිකුරාදා නයිට් එක ඇදලා උදේ නෙව එන්නෙ?  එතකොට  ඉරිදා තමා උයන්න, සොපින් යන්න වගේ සිල්ලර වැඩ කරගන්න තියෙන්නෙ. එතකොට දෙකක් නමා ගන්න, පිලුම් බලන්න , විවේක ගන්න තියෙන්නෙත් ඉරිදට . සඳුදා බෑ, රෑට වැඩට යන්න  දවල්ට බුදියන්න තියන නිසා. 



ගිය සතියෙයි, මේ සතියෙයි දෙකේම , අපේ ලොක්කො මගේ මේ වටිනා සති අන්ත නිවාඩුව කප්පාදු කලා. දැන් ඉරිදත් වැඩ.



දැන් ඉතිං කාලය  තිතට කළමනාකරණය කරන්න වෙනවා. ඒ නිසා මං  ලෑස්ති වුනා හෙනහුරාදා උදේම දෙකක් නමා ගන්න.බයිට් එකට ගත්තෙ දුම් ගැසූ සොසේජස්. සොසේජස් නං එක්කෝ ස්මෝක්ඩ් නැත්නම් පෝලිෂ්. මට චිකන් සොසේජස් නං පෙන්නන්න බෑ. හරියට රබර් කනව වගේ. 



ඔය සොසේජස් හදන එකත් එක්තරා කලාවක්,  හැමෝටම රහට හදන්න බෑ. හොම් මේඩ්, නැත්නම් සමහර මස්කඩ වලත් හදනවා, ඒත් රස නෑ.  අහල තියන විදිහට  බ්‍රිටිෂ් සොසේජස් රසයිලු. මං නං කාලා නෑ. පෝලිෂ් සොසෙජ් නං නියමයි, හැබැයි  ගණන්.  



සොසේජස්  හදන්න ඕනෙ ඌර ගෙන්.  ලංකාවෙ එලිෆ්න්ට් හවුස් එක ඔය කලාව දැනගෙන හිටියා. එයාල හැදුව  සොසේජ් එකක්, ඒකට කිව්වෙ  ලිංගුස් කියල. ගම්මිරිස් යහමින් දාලා හදන ලිංගුස් වල රස, සුද්දගෙ සොසෙජ් එකට දෙවෙනි නෑ.



ලංකාවෙ සොසේජස් සංක්කෘතිය පටන් ගත්ත මුල් දවස් වල වෙච්ච කතාවක් මේක. 



හෝටලේ කෑමට ආ නිත්‍ය ගනුදෙනුකරුවන් දෙදෙනෙක් ලඟට කිට්‍ටු කල වේටර් කොලුවා මෙහෙම කිව්වලු: 

" මහත්තයො, නියම මස් ජාතියක් ඇවිල්ලා තියනවා පොසේජස් කියල. තනිකරම මස් කරල"



අපේ ගම්පලාතෙ තියනව හංදියක් ඌරකඩුව කියල , ඔය කිට්‍ටුව තියන එළුවිල කියන හරියෙ ඉන්නවා   මුස්ලිම් කස්ටිය. මේක වෙලා තියෙන්නෙ බොහෝ කාලෙකට ඉස්සර.  ඌරගෙ නම කියන්නවත් අකමැති ,  දැඩි ඉස්ලාම් භක්තිකයෙක් ඌරකඩුවට යන විදිහ ඇහැව්වෙ මෙහෙමලු: 



" මාත්තියා, අර ඔම්බ නිකං පොල් ලෙල්ල වගේ,  නැට්ට නිකං හනෂ්ෂ වගේ ෂතාගෙ කඩුවට යන්නෙ කොහොමද?"



ට්රූ ඉස්ටෝරි. බොරුවත් නං අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුවට හෙන ගහන්න ඕනෙ:)



සහසික සිනමාව

මේ වචනෙ ඇහැව්වෙ බොහෝ කාලෙකට ඉස්සර. මං මේ කියන්න යන සිත්තර පටිය වැටෙන්නෙත් ඒ කැටගරියට. හොල්මන්, අත්භූත දේවල් නෑ, අමුතුයි, මිනිස්  හිතේ අඳුරු පැත්ත. Oldboy (2003 film) කියන කොරියන්  ‍ෆිල්ම් එක  බලල තියනවා නං, ටිකක් ඒ වගේ, එච්චරම ටැබූ නෑ. වඩා කිට්‍ටු හිච්කොක්ගෙ  ‍ෆිල්ම් වලට. ‍ෆිල්ම් එකේ නම Wild Tales







මේක ආජන්ටිනා හෝ බ්‍රසීල  සිත්තර පටියක්. සබ් ටයිටල් දාගන තමා බලන්න ඕනෙ. හැම අතින්ම සුපිරි නිර්මාණයක්. කෙටි චිත්‍රපට හයක් එකට ඈඳලා. 

1.1 "Pasternak"

1.2 "Las Ratas" ("The Rats")

1.3 "El más fuerte" ("The Strongest")

1.4 "Bombita" ("Little Bomb")

1.5 "La Propuesta" ("The Proposal")

1.6 "Hasta que la muerte nos separe" ("Until Death Do Us Part")



මං කැමතිම එක "Until Death Do Us Part". කාලෙකට ඉස්සර මං දන්න පවුලක මෙහෙම සිදුවීමක් වුනා. 





බොහොම කාලෙකට ඉස්සර බස්සා රට ඉඳි ගහක තිබ්බ බෙනේක වැඩ වාසය කලා. ඔය අහල පහල හිටිය පැණි කුරුලු ජෝඩුවක් , බස්සගෙ මිත්තරයො.



දෙන්න  ජාඩියට මූඩිය වගේ කැපෙන බොහොම විනෝදයෙන් හිටිය අය. හිටපු ගමන් කිරිල්ලි  වෙනස් වෙන්න ගත්තා.  එකට වැඩකරපු පොලොස් කොට්ටොරුවෙක් එක්ක පටලැවිල්ලක් තියෙනව කියල ආරංචි ආව. අපි  යාලුවොත්, ගෙවල් වලිනුත් සාම සාකච්චා, අවවාද වගේ කරන්න පුළුවන් හැම දේම කලා. දවසක් කුරුල්ලා ගෙදර යනකොට, බාගෙට බීපු  බෝතලේකුයි  වයින් වීදුරු දෙකකුයි තිබිලා . එක වීදුරුවක් බිඳිලා. සම්පූර්ණ ක්‍රයිම් සීන් එකේ  ඔක්කොම එවිඩන්ස්  මේසෙ, ඇඳ, පු‍ටු හැමතැනම තිබිල තියනවා. ජෝඩුව කෙටි සාකච්චාවක් තිබ්බා. කිරිල්ලි   චෝදනාව පිළිගත්තා. කුරුල්ලා දිහා ටික වෙලාවක් දුකසේ බලා හිටිය කිරිල්ලි, ටිකක් අඬලා වෙන් වෙලා ගියා. හැමෝගෙම අනුකම්පාව අසරණ වෙච්ච කුරුල්ලට හිමි වෙනකොට , කිරිල්ලි වැරදිකාරි වුනා.



ඇත්තම කතාව ආරංචි වුනේ පස්සෙ. කුරුල්ලා වෙනුවෙන් සෑහෙන පරිත්‍යාග  තොගයක් කරල තියෙන්නෙ කිරිල්ලියි. මුලදි කිරිල්ලි, බොහොම  සිම්පල් ජේන් කෙනෙක් ලෙස ඉඳලා තියනවා. පරම්පරාගත ප්ලේ බෝයි  කෙනෙක් වෙච්ච කුරුලු හපුව තමා කලින්ම කො‍ටු පැනල මාට්‍ටු වෙලා තියෙන්නෙ. අන්තිමට කිරිල්ලි කරල තියෙන්නෙ, එයාගෙ බේතම ආපහු දෙන එක විතරයි.ඒත් ඒක කෙලවර වුනේ නං සුඛාන්තයකින් නෙමෙයි.



revenge is sweet when served cold


සිත්තර පටිය ගැන කියනවා නම්,අනිත් කොටස් පහ නරකයි කියනවා නෙමෙයි, මං මේ කොටසට වැඩිය කැමතියි. 



කොහොම වුනත්මේ නිර්මාණයට සම්මාන නොලැබුනොත් , ඔව්වා විනිශ්චය කරන එවුන්ට සීනි දාලා වෙඩි තියන්න ඕනෙ, කූඹි කාලා මැරෙන්න :)







Sunday, June 7, 2015

බස්සා සහ සිංහයා








පහුගිය දොහක මං ගියා මැද මූකලානෙ, මිත්තරයෙක් මුනගැහෙන්න. ඔය රූස්ස කැලේ , ගල් දෙබුක්කාවක් ලඟ තියෙනවා දොල පාරක්. මාත් ඒ පැත්තට පියෑඹුව , වතුර ටිකක් බොන්න හිතාගෙන. 



"ෂ්,ෂ්, බෂ්ෂො" කව්දෝ මට කතා  කරන සද්දයක් ආව. ඔහෙලට කියන්න, මට පොඩි බයකුත් ආව, ඔය සාවියෙ හොල්මන් ගැන අහල තිබ්බ නිසා. කව්දෝ  ගොබිලෙක් දොල ලඟ ගල්තලාවෙ  ඉන්නව පේනව.



" බෂ්ෂො, වරෙන් , වරෙන්. උඹලට දැන් අපිව පේන්නෙත් නෑ නේද? කෝ අර කලින් තිබ්බ රාජපක්ස බාවෙ?"



" අම්මට හුඩු, මේ අපේ හිටපු රජතුමා නෙව?  ඉතිං, ඉතිං කෝමද සැප සනීප කාරිය?"



" සැප? සැප කණේ. මතක් කරන්න එපා. අර නිල් බාල්දියට වැටිච්ච නරියා, මගේ රජකම පැහැර ගත්තට පස්සෙ. මේ පේන්නැද්ද ?  විස්කි බ්‍රැන්ඩි ගහපු තේජවන්ත රජෙක් නේද, අද මේ කසියා ගහන්නෙ?" 



" අම්මපා, රජෝ  ඒකනං හැබැව. කොහොමට හිටපු රජෙක්ද , මේ  ඇඳිලා ගිහිල්ලා තියෙන්නෙ?" කොකටත් සූජානං සරීරෙ කියලා මං ගල්තලව ලඟ තිව්ව ගහක ටිකක් උස අත්තක ලෑන්ඩ් කරන ගමන් මං කිව්වා.  බඩගින්නෙ ඉන්න සිංහයක්ව විස්වාස කරන්න බෑ නෙව?  කොහොමත්, උන්දෑ රජවෙලා ඉන්න කොට , රටම උලා කාපු හැටියට , බස්සෙක් මොන කජ්ජක්ද?



" ඌ වළඳන්නෙ මගේ රාජ භෝජන. ඉන්නෙ මගෙ රජ ගෙදර. මූව මකබෑවිලා යන හදි හූණියම් උඹේ  සාත්තරෙ නැහ්ද ගණින්නාන්සෙ? " හිටපු රජතුමා දෙස් දෙවොල් තියන්ට තිබා ගත්තා.



" කොහෙ ඉන්න ගණිතයෙක්ද, රජෝ, ඇයි මතක නැත්ද  ඔබතුමා එයාව පැන්නුවෙ පරාද වෙච්ච වෙලාවෙ"



" හා, හැබෑ නේන්නං. කට ඇරියොත් කිව්වෙ බොරු. උන්දැගෙ සෑස්තරේ තමා මාව නැති කලේ"




" හැබැයි රට්‍ටු නං කියන්නෙ වෙන කතාවක් රජෝ. ඔබතුමා රට වැසියොන්ට 2500න් කන්න කියලා, රටම උලා කෑව කියලයි කියන්නෙ"



"මුංට හෙන ගහන්න එපැයි මේ කියන කතා වලට? රටම කෑවෙ නෑ, පොඩි කෑල්ලක් ඉතුරු කොලා. ඒකත් කන්න සැට් වෙන කොට තමා, මුං මාව පැන්නුවෙ. බලාපං, බෂ්ෂො මුං වගේ කෙලෙහිගුණ නැති ජාතියක්?  මං නේද  මුංව කොටින්ගෙ  කරදරවලින් බේරගත්තෙ? රට වෙනුවෙන් තමන්ගෙ දරුවව පවා හමුදාවට පූජා කලා. වෙන රජෙක් නං එහෙම කරයිද?"



" අනේ මංද? රට්‍ටු නං කියන්නෙ, හමුදාවෙ හිටියට එයා  සටන් බිමක් දැක්කෙවත් නෑ කියලයි. අතට පයට කමාන්ඩර්ලා වැඩට තියාගෙන හමුදාපති වගේලු හිටියෙ."



" ඇයි යකෝ, මුං කියන්නෙ රාජ කුමාරයෙක්  තුවක්කුවක් කරේ තියාගෙන , මැරෙන්න යවන්න ඕනෙ කියලද? ඒකට තමා මේ සාමාන්‍ය සෙබලු ඉන්නෙ."



" රට්‍ටු නං කියන්නෙ , ඔබතුමා යුද්ධෙත් විකුණගෙන කෑව කියලයි "



" කව්ද ඩෝ, එහෙම කියන්නෙ? පෙති, පෙති කපල ඇඹුල් තියල් දානව ඩෝ" රජතුමා සරම කරට ගත්තා.



" හා, හා රජතුමනි, වසී බෝලෙත් පේනවා. සරම පහලට දාන්න, ගැලරියෙ ඉස්කෝලෙ ලමයිනුත් ඉන්නව නෙව?"



" දැං බලාපං, ඒක අර  ගණිතයගෙ වැ‍රැද්ද නෙව? ඕකා කිව්ව නෙව මට සදාකාලික රාජයෝගයක් පිහිටලා තියනවා කියලා. ඉතිං මාත්  කාගෙන, කාගෙන ගියා"



" ඒක නෙමෙයි රජෝ, අර ඔබතුමාගෙ සෙරෙප්පු සුප් බිබී හිටපු ගස් බඳින හාදයා  පැන්නලු නේද අනිත් පැත්තට?"



" මතක් කරන්න එපා දෙපිට කාට්‍ටුවව. රිලවයි, තව ඌරො සැට් එකකුයි විතරයි මයෙත් එක්ක ඉන්නෙ. ආරංචි විදිහට එච්චර සාර සුබාවක් නැතිලු සෙරෙප්පුවට. ඕකා ආයෙ එයි බඩගාගෙන මයෙ සෙරෙප්පුව ලෙව කන්න"



" එයා නං ඔබතුමාටම කැපෙන හාදයා. එතකොට හිටපු ‍රැජිණ ගැන ඔබතුමා මොකක්ද හිතන්නෙ?"



" මතක් කරන්න එපා,ඔය ගෑණිව. මුලින් නරියා කැමති වෙලා නෑ රජ වෙන්න. ඔය ගෑණි තමා ඌව නිල් බාල්දියට තල්ලු කරලා තියෙන්නෙ. ඔය ඔක්කොම කුමන්ත්‍රණ පස්සෙ ඉන්නෙ ඔය ගෑණි තමා"



" ආරංචියෙ හැටියට , උන්දැගෙ  කියන්න තරම් වැ‍රැද්දක් නෑලු. ඔය ඉන්නෙ යස අගේට?"



" ඒක නෙව මැටි බස්සො, මාත් මේ  කොහෙන් හරි කොනක් හොයාගෙන අවුලල රට ගිණි තියන්න හදන්නෙ?"



"  කොන් හොයා ගෙන අදින පරණ කේස් වලින්, දැං ඔබතුමාගෙ කස්ටියගෙ පස්සට ගිණි ඇවිලිලා කියලයි රට්‍ටු කියන්නෙ"




" උඹට ඇත්තම කියන්න මාත් ටිකක් බයේ ඉන්නෙ. ඔය ඉඩ තියන වෙලාවට පන්සල්, කෝවිල් ගානෙ යන්නෙත් ඒ නිසා තමයි"



" අම්මපා රජෝ, එව්වා දැක්කාම මට මතක් වෙන්නෙ අපේ හිටපු රජෙක් - පුෂ්ප කුමාර. උන්දැට නං  ඒ පිං ඉක්මණටම  පල දුන්නා, බොහොම ඉක්මණටම ස්වර්ගස්ථ වුනා"



" මට දැම්ම ස්වර්ගස්ථ වෙන්න බෑ බොල. අම්මපා මතක් වෙනකොට බඩ පපුව දාලා යනවා විඳපු රජ සැප. මොන බාල්දියක් ඇදලා හරි  ආපහු රජ වෙන්න දත කන්නෙ ඒකයි"



 " ඒ කිව්වෙ ආයි රජවෙලා පරණ වැරදි හදාගෙන  යහපාලනේ කරන්න වත්ද?"



" තොට පයිත්තියංද බෂ්ෂො? රෙද්දෙ යහපාලනයක් නෙමෙයි. ඉතුරු වෙච්ච් තැන ඉඳන් ආයිත් කන්න. ආ පරණ වැරදි නං හදා ගන්න තියනවා. පහුගිය වතාවෙ වගෙ  කොන් ඉතුරු කරන්න හොඳ නෑ"



තව මගේ තියනව ලිස්ට් එකක් ගල් ගහලා මරන්න ඕනෙ අය එහෙම. ආ, ඉඳා ගහපං උඹත් මේකෙන් පොල් කට්ටක්. අමුර්තෙ වගේ, රජ බඩු"



" බොහොම ස්තූතියි ඔබතුමාට. මගේ පාව්ච්චියක් නෑ"



" අරී, අවුලක් නෑ, බෂ්ෂො. එහෙනං අපිත් කැපුනා"



ඉතුරු අරිස්ට වඩියත් කටේ හලාගත් හිටපු රජතුමා, ගස්ගල් වල වැදෙමින් සීපදයක් කියාගෙන පල්ලම් බැස්සේය.



නපුරු කලට සතහට පැමිනෙන විපත

එදුරු නොවෙයි කලකම් පල දෙවා මිස

යන්න ගියත් යන්න දෙන්න බෑ

ලොං හැලුනත් රජා, රජා මයි







කැටගරිය : මුට්ටිය දමා බැලීම



ප.ලි: බස්සො දන්න දේශපාලනේ