Saturday, November 24, 2018

So long






You could be singin' this song
Long after I'm gone
Someone will be singin' this song
Long after you're gone

‘Cause we're all on some kind of journey
Tomorrow I could be leaving too
But where I end up going
I'll take a little piece of you

Monday, July 30, 2018

බස්සා , ඉඳික‍ටුව සහ ඇනිමේ


නිමිත්ත : කලානිධි( කාලා-බුදි) බස්සා


මාතෘකාව: තනි ඇහැට ඇඬිච්ච සිංදු දෙකක් සහ කා‍ටුන් එකක්
















මං ආයෙ සිංහල ටෙලි බලන්න ගත්තා. මිනි ගං දෑළ ගැන ඇතිවෙන්නෙ  අනෙක් අය ලියල තියන නිසා ආයෙ කියන්නෙ මොකැටෑ? ඇරත් මෙව්වා තියෙන්නෙ රස විඳින්න. මේකට කිට්‍ටුවෙන් යන  පරණ නමුත් වැඩි ප්‍රසිද්ධියක් නැති සිංදුවක් මේ:












කාළෙන් කාළෙට මගේ රස වින්දනය වෙනස් වෙනවා. දැන් අලුත්ම සොයා ගැනීම  ඇනිමෙ. 1995 හදපු කතාවක්. ඒත් කැත නැතුව බැලුවෑකි. මං කැමතිම අර සබ්වේ එකේ යන පුසගෙ කොටසට. කණගා‍ටුදායක පසු කතාවක්: ඩිරෙක්ටර් මලා - වැඩකරලා වැඩිවෙලා. ඒ නිසා බස්සො කම්මැලියි කියන ඔහෙලටයි මේ  කියන්නෙ, දැන් දන්නවෙනෙ අපි කම්මැලි ඇයි කියලා?




























Monday, February 19, 2018

බස්සා සහ අලිබබා





චන්දෙන් පස්සෙ විස්තර බලාකියා ගන්නත් එක්ක මං මැද මූකලාන දිහාවට පියෑඹුව නෙව, ඊයෙ හැන්දෑකොරේ.අම්මට හුඩු ඔය ඉන්නෙ, මැද මූකලානෙ සිංහරාජ හතර ගාතෙන් දපා තියලා. පොල් කට්ටෙන් චංද ජයපැන් බීලා, සලු වෙලා.









සිංහයා: ආ, වරෙන්, වරෙන් බෂ්ෂො. උම්බලට ඉතිං අපිව මතක් වෙන්න චංදයක් තියෙන්නම ඕන නේද?





බස්සා: අනේ  එහෙම නෑ බොස්. මේ දවස්වල බිසී





සිංහයා: අනේ පලයං යන්න. මං නොදන්නවද බොගේ හැටි.





බස්සා:  එහෙම නෙවෙයිනෙ බොස්. දැන් අලි වංසෙ වැඩ පෙන්නන කාලෙ. ආරංචි ඇති නෙව, අර මියන් කුමාර. මේං මෙච්චර පැටියා. අපවත් කලේ නැතෑ නායක උන්නාන්සෙ කෙනෙක්ව. මං මේ අහිංසක පක්සියා , හොඬ වැලෙන් දෙකක් පත බෑවොත්, කම්මුතුයි නෙව?





සිංහයා:  ඒක නෙමෙයි , මොකද මං ගැන කියන්නෙ , පස්ස බිම ඇණිච්ච අර හොර අලියා?




බස්සා: ආ එයා නං තවම කියන්නෙ පරණ සිංදුවම තමා. මයෙන් ඇහැව්වා , ජනතාවට ඕනෙ නිලකාස හොර තඩියව ආයෙ ගේන්නද කියලා?





සිංහයා:  ඈ ඕකා එහෙම  කිව්වද?  ඇයි මිනිස්සු මට විතරක් හොරා කියන්නෙ? ඇයි අලිය බැංකුවට කෙලියෙ නැත්ද? දැන් බලාපං බෂ්ෂො, විජය රජ්ජුරුවො  කියන්නෙ කව්ද? පල් හොරෙක් නෙව? ඉතිං හොරකම මයෙ වැ‍රැද්ද වෙන්නෙ කොහොමද? ඒක අපේ ජාතික ක්‍රීඩාව නෙව?





බස්සා:බලාගෙන ගියාම,ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.





සිංහයා: බෂ්ෂො උඹ අහල තියනවද අලිබබා සහ හොරු හතලිහ ගැන. දැන් අලිබාබා නෙව, කතාවෙ වීරයා?





 බස්සා:ඔව්





සිංහයා:  හා, දැන් කියපං, අලිබබා කියන්නෙ කව්ද? හොරුන්ගෙනුත් හොරකං කරපු හොරෙක් නෙව? ඉතිං මං කලෙත් ඒකම නෙව?






බස්සා:: හෑ, ඒ මොන හොරුන්ගෙන්ද ඔබතුමා හොරකං කලේ?





සිංහයා:  ඇයි වාහෙ, ජනතාවගෙන් නෙව? හා, හොඳයි කියපං බලන්න , ජනතාව කියන්නෙ හොරු කියලා, පැරා කිව්වද, නැද්ද?





 බස්සා: එහෙමම නෙවෙයි කිව්වෙ, රජයේ සේවකයො කියන්නෙ කම්බ හොරු ‍රැලක් කියල නං කිව්ව තමා.





සිංහයා: ඒක නෙව කියන්නෙ? එතකොට , තව සහෝදරවරු කියන්නෙ , තාම චෑන්ස් එකක් නොලැබිච්ච හොර මුලක් කියලත් කිව්වෙ නැත්ද?





බස්සා: එහෙම කතාවකුත් කිව්ව නං තමා. ඒත් සැකයේ වාසිය විත්තියට හින්දා, කොහොමද ටක්කෙටම කියන්නෙ සහෝදරවරුත් එහෙමමයි කියලා?





සිංහයා: අනේ පලයං බස්සො යන්න,හුහ් , අපි නොදන්න සහෝදරවරු .දැන් බලාපං,අර අපේ රජගෙදර රිලවා. චෑන්ස් එක ලැබිච්ච ගමන් කාගෙන, කාගෙන ගියෙ  මහසෝන වගේ.හා, එතකොට උඹ සුදනා වෙන්න එන්නෙ, ඇත්ත කියපං උඹ හොරා කාලම නැද්ද?





බස්සා: ම්... පොඩි කාලෙ පාලු වත්තෙන් හොර කුරුම්බා බීලා නං තියනවා.






සිංහයා: හා ඔය එන්නෙ. වෙන, වෙන?  





බස්සා: නෑ, ඉතිං අර සිංදුවකුත් තියෙන්නෙ " අපි ඔක්කොම හොඳ හොරු, ඔක්කොම රජවරු - තුන් සිංහලයම නෑදෑයෝ" කියලා. ආන්න ඒක කියන හාදයගෙ, හිතට අල්ලලා ගිය සිංදුවක් තියනවා. මාත් ඉතිං යූටියුබ් එකෙන්ම උස්සලා ඒකට පිංතූර දැම්මා, එඩිටින් ඉගෙන ගන්නත් එක්කලා. ඔහෙලට කියන්න, මේ හොරකං කරන එකත් ඉල ඇදෙන වැඩක් නෙව? පෝස්ට් එක ලියන්න ගියේ පැයයි. අර මලදානෙ දවස් දෙකක් තිස්සෙ එඩිට් කලා කියහංකො. ඊට පස්සෙ, විඩියෝව ආයෙ 100mb වලට වඩා අඩු වෙන්න එන්කෝඩ් කරන්න ඕනෙ. නැත්නම බ්ලොගර් දාන්න බෑ කියනවා.හොඳයිද ? වීඩියෝ කෑලි වල අයිති කාරයො නඩු නොදැම්මොත් ඉස්සරහටත් බලමු ඈ.










Friday, January 26, 2018

බස්සා සහ බොහිමියානුවා




හෝතම්බුවා: බස්සො බොහිමියානුවෙක් කියන්නෙ කව්ද?



බස්සා: : බොහිමියානුවෙක්  කියන්නෙ ‍තෝ වගේ එකෙකුට. හම්බුවෙනකොට  පාටි දාලා, කාක්කොන්ට ආප්ප අරං දීලා, දැන් කෙලවුනාම, ගලේ පහරපු බලලා වගේ, විරිත්ත,විරිත්ත ඉන්න එකෙකුට.



හෝතම්බුවා: : අනේ විහිලු නැතුව කියපංකො බං



බස්සා: නෑ මම කිව්වෙ බාගෙට ඇත්ත. අර්ථදැක්වීම අනුව, බොහිමියානුවෙක්  කියන්නෙ අසම්මත/ අමුතු ජීවන රටාවක් ගතකරන, බැඳීම්  අඩු, "හෙට මැරුණත් හිතට සැපයි , අද ජොලි කරලා" තියරියට ජීවත් වෙන, හැපී ගෝ ලකී පොරවල් වලට.සංගීතෙ තමා උන්දලාගෙ ආහාරෙ. බයිට් එක තමා ආදරේ.ආදරේ  කිව්වෙ





අර අහවල් වැඩේට.


https://i.pinimg.com/736x/97/fc/ab/97fcab860e3bfbddb6210cdf51d21705--portrait-art-portrait-paintings.jpg



හෝතම්බුවා: : එහෙම බලාගෙන ගියා ටොලාත් බොහිමියානුවෙක් නෙ? බැන්ජො, ගිටාර්, ගෑණු හුටපට , ඔක්කොම තිබ්බ නෙව?



බස්සා : හෑ, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ටොලා පාර්ට්- ටයිම් බොහිමියානුවෙක් කියලයි මට හිතෙන්නෙ?



Bohemianism කියන්නෙ උප-සංස්කෘතියක්, ලයිෆ්-ඉස්ටැයිල් එකක්.


කතාවෙ හැටියට වර්තමාන යුරෝපීය bohemianism වල ආරම්භය  ගැන සඳහන් වෙන්නෙ "French imagination with roving Romani people"කියල. මෙතන romani people කිව්වෙ යුරෝපියන් අහිකුණ්ටිකයො. ඒ අය විස්වාස කරනවා ඔවුන් පැවත එන්නෙ ඉන්දියාවෙන් කියලා.



Bohemianism මාර ඉස්ටැයිල් එකක් කියලා හිතන අයත් ඉන්නවා. හැබැයි, වැරදිලාවත් එහෙම අයට අහිකුණ්ටිකයො කියන්න යන්න නං එපා, දමලා අරී හොම්බ රිවට් වෙන්න. මට හිතෙන විදිහට , bohemianism වල core concept එක බැඳීම් අඩු , සරළ ජීවිතේ කියලා. ඕන්නං " හිතූමතේ ජීවිතේ" කියලත් කිව්වෑකි. මේ concept එක නං මිනිස් සමාජේ එක , එක කාල වල , එක එක තාලෙට අත්හදා බලල තියනව නෙව? සමහරු සෑසනේට ගියා, සමහරු සෙමනේරියට ගියා, සමහරු හිපියො වුනා. මේ සාවියෙ කස්ටිය නං homeless ගියා. 





සමහරු කියනවා, අපි හැමෝම තුලම බොහිමියානුවෙක්  ඉන්නවලු. ඒකලු අපි bohemianism වලට හොරෙන් ලව් කරන්නෙ. හෑ, මොකක්, මං කියන්නෙ බොරුයි කිව්වා? හහ්, ඔහෙල ඔය කතාව මූණු පොතේ කිව්වොත්, ඔහෙලව මැරෙන්නෙ කූඹි කාලා. බොරු කියන්නෙ මොකැටෑ,  ආස වුනට, මං ෆුල් ටයිම් බොහිමියානුවෙක් වෙන්න නං පට්ට බයයි. ඒකට හේතුව, හැමදේටම මිලක් තියන මේ සමාජ රටාවද මන්දා?



දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන කතාව bohemianism වලටත් අදාල වෙනවද?ඔය කියන තරම්ම bohemianism ආතල්ද? ඉන්ටනෙට් එකේ, නං කියන්නෙ වර්ථමානෙ bohemianism වඳවෙලා නෑ, underground ගිහිල්ලා කියලයි.දැන් ඔය හිපි ‍රැල්ල වුනත්, ආවා, ගියා නෙව? bohemianism underground ගියේ ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්ණෙ නිසා වෙන්න බැරිද?. ප්‍රධාන සමාජෙ එක්ක ජීවත්වෙන කොට, හිතූමතේ ඉන්න බෑ නෙව?ඒ කියන්නෙ bohemianism පවතින්න නම්, ඒකට හරියන පරිසරක් තියෙන්නෙ ඕනෙ - ඒ කියන්නෙ sub culture එකක්. මොකෑ නැත්තෙ?එහෙම තැන් තියනවා.




ඔහෙලා අපි නොහිතන තවත් බොහිමියානුවො සෙට් එකක්, මේ අපේ  නහය යටම ඉන්නවා. ඒත් අපි උන් ඉන්නවද කියලා වගේ-වගක් නෑ වගේ ඉන්නෙ. මිනිස්සු නිරීක්ෂණය කරන එක, ඉස්සර ඉඳන් මගෙත් ප්‍රියතම විනෝදාංශයක්. ඒත් එහෙම පිට ඉඳන් නිරීක්ෂණය කරල හරියට තේරුම්ගන්න බැරි අපූරු උප සංස්කෘතියක් තමා කොළඹ මුඩුක්කු. නාට්ටාමිලා. පදික වෙළෙන්දො,  නැත්නම් කොළඹ කාක්කො, මදාවියො, ගණිකාවො,පාදඩයො,සහ හිඟන්නො  එන්නෙ මේ  පරිසරයෙන්. මං මේ ලිස්ට් එකෙන් "හොරු" කියන එක හිතාමතාම අත් ඇරියා. හොරකම social norm එකක් වෙච්ච සමාජයක, ඒ ගැන කතා කරලා වැඩක් නෑ නෙව?




Bohemians were associated with unorthodox or anti-establishment political or social viewpoints, which often were expressed through free love, frugality, and—in some cases—voluntary poverty.

- Wikipedia -

මෙන්න මේ කතාව ඇත්ත නං, මේ අය බොහිමියානුවො නෙමෙයිද? මේක  ලෝකයක්, ඇතුලෙ ලෝකයක්. ඒ ලෝකෙදි,  පිටදී ජන්ම වෛරක්කාරයො වෙච්ච, බොහෝවිට එකක නොපෑහෙන  සිංහල, දෙමල, මුස්ලිම් අනන්‍යතාවය , දිය වෙලා යනවා. ඔවුන්ගෙ බාසාවත්- බජාර් බාසාව, සිංහල, දෙමල, ඉංග්‍රිසි මිශ්‍රණයක්. . මේ මිනිස්සු අන්ත දුගියොමත් නෙමෙයි, හැබැයි ඔවුන් සැප විඳිනව කියලත් කියන්න බෑ.( ඒක වෙනම ආතල් එකක්.)



මේ අය ගැන විස්තර හොයා ගන්න අමාරුයි. මොකද අපි ඉන්නෙ, උන් නොදැක්කා, නොඉයින්නවා ගාණට. ඔන්න එතකොට උන්ට තද වෙනවා. ඉඳලා හිටලා, අපේ පර්ස් එකට විදලා, පිට නැති කමිසයක් විකුණලා, උනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා අපිට මතක් කරලා දෙනවා. හරි, හරි මාමස්‌මි,  ආනමාළු ඉමිතියාස්, පොට්ට නවුෆර්ලත් එහේ තමා. ඒත් අපි ඔහෙල නොදන්නව උනාට පිටකො‍ටුවෙ එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කරන්න මූලික වෙලා තියෙන්නෙ බජාර් එකේ  අයියලා. සමිතියෙ භාන්ඩාගාරික ලීලා ස්ටෝර්ස් එකේ දෙමල මුදලාලි. සාමාජිකයො "පූස පියදාස", "පොලොං ගුණේ" . මතක විදිහට කියන්නෙ, සිළුමිණ අතිරේකයක තිබ්බෙ, හෙව්වා ඒ ලින්ක් එක දැන් හොයා ගන්න බෑ. එත් මුදලාලි ස්වේච්චාවෙන්ම භාණ්ඩාගාරික වුනාද, භාණ්ඩාගාරික කෙරෙව්වද කියන එක නම් ශුවර් නෑ. ලීලා ස්ටෝර්ස් එකේ ෂම්මුගම් තම්බයියා සින්නදුරේ මුදලාලි හින්දු බැතිමතෙක්. ඒ විස්තරේ නං මෙතන තියනවා.ඔය ඉතිං "අවුල් වන්නට පෙර"



 බොහිමියානු ජීවිතේ මෙච්චරම ආතල් නං , අපි හැමෝම බොහිමියානුවො  නොවෙන්නෙ ඇයි?මේකට උත්තරේ හොයන්න, අපි මුඩුක්කු ආතල් එක ගැන හොයලා බලමු.මේ ගැන මට ලැබිච්ච විස්තර බොහොම ටිකයි. " මචං " චිත්‍රපටියයි, අභාවප්‍රාප්ත මහාචාර්ය රත්නපාල සූරීන්ගෙ පොතුයි ඇරුනාම මේ අය ගැන දන්න අය බොහොම ටිකයි ඉන්නෙ. අරූ දැන් ලියන්නෙ නෑ .ආ, දුමින්ද සිල්වා , දැන් හිරේ නේද?

ඔන්න ඔය නිසයි , මට මුඩුක්කු හොයාගෙන ඉන්දියාවට යන්න වුනේ. "Slumdog Millionaire " තමා මෙයාලව පුම්බල ගත්තෙ. දැන් NGO පොර, කනවා උදව් කරන්න. ආ සුද්දොත් එනවා බලන්න,ඒක වෙනම සයිඩ්-ලයින් tour-guide බිසිනොස් එකක්.



මේ මුම්බායි වල "ධරාවි":



මෙතන පොලිටිකල් ගේමකුත් තියනවා කියල හිතෙන්නෙ බස්සොන්ටයි, කූඹින්ටයි විතරද? නැහ්නං "ignorance is bliss"  කියල කියමුද? කතාවෙ එක තැනක කියවෙනවා. ධරාවි බිල්ඩින්/ රිලොකේෂන් ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙන බව. අද ධරාවි කියන්නෙ ‍ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් එකක්. පොඩි පහේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක්. හැබැයි, වැස්සට උතුරන කුණු කාණු, බෝවෙන රෝග , කුඩු, අපචාර , ලමා ශ්‍රමය, එහෙම්මයි. ( human and environmental exploitation ).



මේ බොහිමියානු ආතල් එකේ අනිත් පැත්ත:



විවේචන තිබ්බත් , ගෝටා විතරයි කොළඹ මුඩුක්කු ගැන දෙයක් කරන්න මුල පිරුවෙ.  අපේ දේශපාලන මතවාද වෙනස් වුනත්, ඒ ගැන නොකිව්වොත් ඒක අඩුවක්. එත් ඒකෙන් වැඩක් වුනාද කියන්න මං දන්නෙ නෑ. මොකද ඒ පරිසරය, මුඩුක්කු සංස්කෘතියේම කොටසක්.මට හිතෙන්නෙ bohemianism, සමාජවාදෙ වගේ කියලයි. ඈතින් ඉඳන් ලව් කරන්න නං මරු. ගන්න හොඳ දේවල් බොහොම තියනවා, ඒත් සම්පූර්ණයෙන් ගත්තොත් හුටා තමයි. , බොහිමියානුවො යැපෙන්නෙ ප්‍රධාන සමාජයෙන්. තනියම පැවැත්මක් නෑ



මොනව වුනත් ධරාවි, අපේ මුඩුක්කු වලට වඩා දියුණුයි.

දැන් අපි   ධරාවි ආදර්ශෙට ගෙන අපේ මුඩුක්කු දියුණුකරන යෝජනා කීපයක් බලමු.:



හිටං තුමා: ආ, හරි අපි ඕකට කොමිසමක් පත්කරමු



හිටපු රජා: හා, දවල්ද?



අගමැටි : අපි , ඔය මුඩුක්කු ප්‍රදේශයෙ කාර් පැක්ටරියක් දාමු



ටිල්වින් සිල්වා: අනේ අපිටත් චෑන්ස් එකක් දීලා බලන්නකො.





හැන්දෑවේ කලුවරට‍


බෑං ගා අඬ‍ාගෙන


හෝන්දු මාන්දුව


බිත්තියට වාරු වෙන කල


දොරපලුව,


කලු සුරුට්ටු ගඳ පළමුව


පිපිරුනු කලු නියපොතු ඇති


නාකි නහර පය දෙවනුව


ගෙට අරගෙන.........


කොරවක්කෙක් මෙන් වකුටුව


එළිපත පැන එයි ඇතුළට.....


නාට්ටාමි සැම්සනයා


හෙවත් අපේ තාත්තා.





නාස් දෙපුට්ටෙන් හොටු රැල්


කබල් කමීසෙට උර උර


හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව


පුරුද්දකට ඔහේ අඳින


බොත්තම් නැති කොට කලිසම


අතින් අල්ලගෙන හැලි හැලි


සිලි බෑගේ මක්කාදැයි


උනන්දුවෙන් එබී බලයි


වේස දයාගේ කොලුවා


හෙවත් අක්කගේ දරුවා.





කෝටු කකුල් දෙක පෙනි පෙනි


රතු කොට කලිසම ඇඳගෙන


ඉර අව්වේ දවල් දවසෙ


අත් වැඩ දී හෙම්බත් වී


කොල්ලන් රැල වට කරගෙන


හොක් හොක් ගා හිනාවෙවී


බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...


මදාවි ආනන්දපාල


හෙවත් අපේ පැටි අයියා.





ඉස්කෝලේ ගිහින් එද්දි


බුලත් බංකුවේ ඇසිඩගෙ


හෙවත් අපේ අම්මාගේ


සොහොන ළඟදි


කණස්සල්ලට පිපිරිලා


ඇස්බෝල තාම ඇඬුවත්...


කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්


විද්දියාව පොත කියවයි


පස්ස පේලියේ රමණී......





හෙවත් මම හෙවත් හිච්චී....





- ගයාත්‍රි කුමාරි ගරුසිංහ -



එත් බස්සො ඇත්ත කියයිද?මේ ගැන ඔහෙලා මොකක්ද හිතන්නෙ?

ඔහේල කවදාවත් බොහිමියානු බස්සෙක් දැකල නැත්තෙ ඇයි කියලා , දැන් ඔහෙලට තේරෙනවා ඇති. මේකෙන් අදහස් කරන්නෙ නෑ, මම බොහිමියානු සංස්කෘතිය ප්‍රතික්ශේප කරනවා කියල. ඒකෙ කොටසක් අරගන්නවා - අර බැඳීම් අඩු කොටස, ආන්න ඒක.


“We are all just prisoners here, of our own device”







Saturday, January 6, 2018

කුරුමිට්ටන් සමඟ සුභ අලුත් අවුරුද්දක්!




ලියන්න කියල එහෙමට දෙයක් නම් තාම නෑ. මේ මකුලු දැල් කඩන්න ආපු ගමන්. එහෙම කියල පුළුවනෑ? ඔන්න ඔහේ ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා කොටලම දානවා.



මේ දවස් වල පට්ට හීතල. ගිය සැරේ ආවෙ ඇල්බර්ටා වලින්, මේ වංගියෙ සයිබීරියාවෙන්. ඔය කියන්නෙ ඇන්ටාක්ටිකාවට වඩා හීතලයි කියලා.


මේ වගේ හීතල වෙලාවක, උණුහුම්,සනීප,සැපපහසු පුංචි උනත් පිලිවෙලට තියන හුරුබුහුටි ගෙයක් දකින එකත් සැපක් නෙමෙයිද? මේ ඒ වගේ කතාවක්:



ඔහෙලත් මං වගේ ෆැන්ටසි කතාවලට කැමති නං, මෙන්න මේක මං දැකපු සුපිරිම ඇනිමේශන් ‍ෆිල්ම් එකක්.






මම නං කියන්නෙ, ඔරිජිනල් ජැපනීස් එක  හොයාගෙන ඉන්ග්ලිශ් සබ්-ටයිටල් එක්ක බලන්න කියලයි. අනේ මන්දා, අන්දෝ සංසාරයක් නොතේරුනාට( අර අරාබි සිංදුව වගේ)  ඒ බාසාවෙ මොකක්දෝ අමුතුම චමත්කාරයක් තියනවා. මේ ඉංග්‍රිසි වර්ශන් එකේ  කියවිල්ල වැඩියි.  මතක ඇතුව, අඩුම ගනනේ හොඳ හෙඩ්පෝන් දෙකක්වත් දාගෙන අහන්න. මේක හරියට රස විඳින්න නම්, ඒක වැදගත්, මොකද මේකෙ audio  වලට නං තව සම්මානයක් දෙන්න වටිනවා. සම්මාන 7 යි, තව හතරකට නොමිනේට් කරල තියනවා.



කතාව ගැන කියනවනම්, මේක Mary Norton ලියපු The Borrowers කියන පොත් සීරීස් එක මතයි පාදක වෙලා තියෙන්නෙ. මේ කතාව ගැන තව ‍ෆිල්ම් ගහල තියනව( ඇනිමේශන් නොවේ), , මම ඒවයෙ trailers බලල තියනව, මට නං එව්ව මෙලෝ රහක් නෑ. එකටත් එක්ක, මේ  Studio Ghibli  හදපු ඇනිමේශන් එක, මාරයි . එක අතකින්, නැහ්නං ඩිස්නිලා මේක ඉංග්‍රිසියෙන් හඬකවලා  රිලීස් කරාවියෑ.





මම පොත් සීරිස් එකත් බා ගත්තා.  මේ ‍ෆිල්ම් එක  පොත අනුසාරයෙන් ලියපු එකක්, එකම නෙමෙයි. ඒ ඔරිජිනල් කන්සෙප්ට් එක අරගෙන නියම වැඩක් කරලා තියනවා  Studio Ghibli  ජප්පො කස්ටිය. කතාවෙ සමහර කොටස් විස්තර වෙන්නෙ, කුරුමිට්ටන්ගෙ කෝණයෙන්. ඒකටම ලස්සනට ගලපල තියන audio . පොඩි imagination power  එකක් තියේ නං , කුරුමිට්ටන්ගෙ ලෝකයට පියමං කරන්න එච්චර අමාරු නෑ.




කොහොමත්, බස්සොන්ගෙ විසේස කැමැත්තක් තියනව නෙව ඔය පොඩි , පොඩි අය ගැන? නෑ, නෑ මීයො විතරක් නෙමෙයි. මං කිව්වෙ little people ගැන කතා ගැන. මුලින්ම හිතට වැදුනෙ Dunno and his friends කියන පොත. ඊට පස්සෙ ගලිවරගෙ සුවිසැරිය.  ගලිවරයා ඒ කාලෙ මගේ වීරයා උනාට, උන්දෑ මහ ගොන් මෝලා.  ඔහෙලට කියන්න, එක සැරයක්  මායාකාරී උල්පතකින් වතුර බීලා ගලිවරයාත් කුරුමිට්ටෙක් වුනා නෙව. අර ඉටිකිරිස් කුමාරිට ලයින් එකක් දාගෙන, අගේට  රජවෙලාඉන්න තිබ්බ චෑන්ස් එකට පයින් ගැහුව නෙව, ඔය ගොන් වාහෙ?



එඤ්ඤං , ඈ?





Day before you came(It's funny, but I had no sense of living without aim)






After you came ( New Rules)





කොහෙන් කැපුවත් රාත්තලයි








Sunday, November 5, 2017

පාත්තයෙක්ගෙන් පාඩමක්



https://static4.depositphotos.com/1020091/365/v/950/depositphotos_3652795-stock-illustration-autumn-tree.jpg

බස්සා ලියන එක නවත්තලා , හඳවල් ගාණක් ගතවෙලා. ඒ ඩිංගට රට්‍ටු කයි-කන්දර කියන්න පටන් අරන් නෙව?



පාඨකයෙක්: මං නං කියන්නෙ , බස්සාත් එක්ක බෝට්‍ටුව ගිලිලා



යාළුව මැරෙන ඇනෝ: මයෙ යාළුවෙක් බෝට්‍ටු පදින්න ගිහිල්ලා මලා



තවත් ඇනෝවෙක්: මල සේක!?



තවත් පාඨකයෙක්:දැන් කවුරු හරි ඉන්නවද , මේකාව දැකපු?



හෝතම්බුවා: බස්සා, බස්සා කිව්වට ඕකා මොකාද කව්දැ දන්නෙ? මං කියන්නෙ බස්සා කියන්නෙ පාත්තයෙක් .මෙන්න මේකා වෙන්න බැරිද?








පොලොස් කොට්ටෝරුවෙක්: ඒක වෙන්නත් බැරි නැ. මොකක්ද පාත්ත පෝස්ට් එකකුත් ලිව්ව නෙව? මේ අපි ඉන්නව, කෝ අපි ගැන ලිව්වැයෑ?



හෝතම්බුවා: හ්ම්... ඒකත් හැබෑව. උන්දෑ කොට්ටෝරුවො ගැන ලිව්වෙ නෑ තමා. එහෙම බලන් ගියාම උන්දෑ හෝතම්බුවො ගැන ලිව්වෙත් නෑ නෙව?






http://www.onegentleman.biz/Stories/images%20stories/Having%20Sons%20Pics/Boy-checking-out-Girl-Parts.jpg

පොලොස් කොට්ටෝරුවා:  හැබෑ නේන්නම් . ඒත් මට මතකයි , කුකුලෙක් ගැන නම් ලියලා තිබුණා. මේ මොකක්ද" කුකුලෙක් පණහයි" වගේ කුකුල් බිස්නස් එකක් ගැන. ඕකා කුකුලෙක් වෙන්න බැරිද? 



හෝතම්බුවා:ඒ කතාවෙ හැටියට නං මූ, පොඩිකාලෙ ඉඳලම  රජ කුකුලෙක් නෙව?




පාඩම: කෙටිල්ල මාරාන්තික විය හැක. බ්ලොග් වලටද "එක්ස්ෆයරි ඩේට්" ඇත.ලිවිල්ල අඤ්ඤකොරොස් වීගෙන එන විට, ආ‍ඳෙකු සේ ලිස්සා යෑම සරීර සවුක්කියට ගුණ වග කාක්කොත් දන්නා දෙයකි.


බ්ලොග් කල් ඉකුත් වීමට හේතු:

1. බස්සන් බෝට්‍ටු පදින්නට යෑම

2. නාරායන් සොයා යෑම

3. පහේ පන්තියට සමත් වීම

4. අවුල් වන්නට පෙර owl වීම

5. පූසන් ටොයිලට් භාවිතා කිරීම

6. කැවුම් මඩුව ගිණි ගැනීම


















Sunday, February 5, 2017

හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්‍ටුවක්




බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ  පොඩි කාලෙ, බසු මෑණියෝ  උන්දැගෙ ජල ව්‍යාපෘති  වැඩි හරියක් කඩා කප්පල් කලා.  ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ   වැටිලා නැති  නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ.  අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා.   අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්‍ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට  අපේ ගම් පට්ට ඩොටේ.



මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?



පහල  වෙලේ  ඇල කාටත් පරවේණී

මට තනි නැත , උඹ නාඬන් උලලේනී




http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/04/village-life-indonesia-herman-damar-9.jpgඔන්න මාන කොකා , බස්සව එක්කන් ගියා ඇලට පීනන්න පුරුදු කරවන්න.



මානකොකා : හා දැන්, ඔය බෝක්කුව උඩට නැගලා , මේන්න මෙහෙම අත් දෙක තියාගෙන  පැනපං ඇලට.



බස්සා , කොකා කිව්ව විදිහට පැන්න, ඒත් පිම්ම වැරදුනා. තලපතා පොලොවෙ ගැහැව්වා වගේ  වතුරට  හරහට වැ‍ටුන. බස්සා කෙඳිරි ගගා ගොඩට ආවා. ඒත් පස්සෙන් පහු  බස්සා පීනන්න ඉගෙන ගත්තා.





බස්සා සහ ජලය අතර තියෙන්නෙ බොහොම ගැඹුරු සම්බන්ධයක්. දෙවන ව්‍යාපෘතිය ඔරු පැදිල්ල. කට්ටිය එක්ක රා බීපු දවසක, බොල්ගොඩ ගඟේ තො‍ටුපලක නාන්න ගිය වෙලාවක, ඒකට චෑන්ස් එකක් ලැබුනා , එතන තිබ්බ අත්හැර දාපු පරණ ඔරුවක නැගගත්ත බස්සා සහ පිරිස. පොල්  පිත්තක් හබලක් ලෙස යොදා  ගත්තා. අඩියෙ හිලක් තිව්ව , කොල්ලෑවක් නැති ඔරු කබල නිසා එදා බසු  නාවික හමුදාව දියබත් වුනත්, කවදා හරි ඔරුවක් හබල් ගානවාමයි කියලා බස්සා ඒක "බකට් ලිස්ට් එකට" දාගත්තා.





http://rubberboats.com/templates/rubberboats.com/prodimages/68351-1.jpgබස්සගෙ බෝට්‍ටුව ඊයෙ තැපෑලෙන් ආවා. හොඳ ඩීල් එකක්. හුලං මෙට්ටෙකට වඩා ලාබයි.

මෙන්න මේක.

බෝට්‍ටුව ගත්තට , මෙහේ අහල ගං හතක ඇලක් , දොලක් නෑ.  පංච මහා විල් නං තියනවා,චෑ එව්වයෙ කිසි ගතියක් නෑ. එහා, මෙහා නොපෙනෙන, මේ විල් මුහුද වගේ, හීනියට ‍රැල්ලත් ගහනවා. ඒ වගේද, දෙපැත්තෙ සුන්දරත්වය නරඹමින් හබල් ගාන්න ඇහැකි අපේ ගඟවල්.






http://www.lankaholidays.com/pics/30906/1.jpg
බොල්ගොඩ 

හතරට  පහට නමාපු බෝට්‍ටුව දැක්කා ගෙදර ඉන්න හෝතම්බුවා.

හෝතම්බුවා: මොන ඇන්නෑවක්ද  බොල මේ ?

"බෝට්‍ටුවක්"  බස්සා අහිංසක විදිහට කිව්වා.

හෝතම්බුවා: හහ්, දැං ඕක ගත්ත  පාරෙ පදින්නද?  මං අහන්නෙ මොන කෙහෙම්මලකටද  ඕක?  හෑ, උඹටත් ටොලාගෙ ලෙඩේ බෝවුනාද? හයියෝ ෂල්ලි.







ටොලාට තිබ්බෙ යොට් එකක්. ඒ කතාව මෙතන තියනවා. ටොලා  පාටි දාලා තියෙන්නෙ යොට් එකේ. ෆුල් ෆන් එකක් ගත්තට , ටොලාව නැතිකලේ  ගෑණු කියලයි පුම්බා කිව්වෙ.






හෝතඹුවා ගත්ත ජාතියේ ඔරලෝසුවක් 



බස්සා: නෑ බං , මට එහෙම  මඟුල් පිස්සුවක් නෑ. මේක මේ  පොඩිකාලෙ ඉඳලා තිව්ව ආසාවක්  බං. හා , දැන් එහෙනං  උඹ ගත්තෙ මේවගේ තුන්ගුණයක් ගණන් ඔරලෝසුවක්. දැං බලාපං මොකක්ද අත් ඔරලෝසුවකින් දැන් ඇති වැඩේ. අද බලන, බලන තැන වෙලාව තියනවා. කම්පූටරේ, සාක්කුවෙ මොබයිල් එකේ පවා. ආන්න ඒ වගේ තමා  මේකත්. මට ඕනෙ මේක ලංකාවට යන දවසක ගෙනිහිල්ලා, බොල්ගොඩ ගඟේ පදින්න.



හෝතම්බුවා: අනේ මන්දා, කොන්ත නෝනගෙ **ට කොන්ත නෝනගෙ කැමැත්තක් කිව්වලු



ඌ එහෙම කිව්වෙ, අද රටේ ලෝකෙ, ඔය ජලයට සම්බන්ධ ‍රැකියාවල් කොරන උදවිය ගැන එන ආරංචි නිසා.ඔන්න එක හාදයෙක්, ඩෝරා  බෝට්‍ටුවකින්  පිඹල ගිහින්, පත්තරකාරයෙක්ගෙ හොම්බට ඇන්නලු. තව  අනුරාජපුරේ පැත්තෙ  වැලි ගොඩදාපු බෝට්‍ටුකාරයෙක් , වැලි තියනවද කියල බලන්න අහල පහල ගෙදරකට රිංගලා, පොරෝ පාරක් කාලා මැරිලා. මං නං දැණගත්තෙ පත්තරෙන්, හිටං.



කාලෙකට ඉස්සර අපේ  පහල වෙලේ ඇල ගැන කිව්වාම , බින්දි කිව්වෙ" හහ්, හිතං ඉන්නෙ ඒක තාම ඇති කියලද?" කියලයි. හුටා, ඇත්ත නෙවෙන්නම්, "many many moons ago, when the dinosaurs ruled the earth" නෙව අන්තිමට දැක්කෙ? ඔහෙලට කියන්න, ඒක මතක් වෙලා හඳුන්පොත "කීං" ගෑව. පටස් ගාලා ගිහින් ගුගල් ස්ට්‍රීට් වලින් බැලුවා. වෙලයි, ඇලයි දෙකම වළඳලා, ගන්න දෙයක් නෑ, යාංතං  උන්දලා බොල්ගොඩ ගඟ ඉතුරු කරලා තියනවා, උන්න හැටියට මලා මදැයි කිව්වලු.හිරණ තො‍ටුපලේ පාලම් පාරුව නෑ, පාලමක් හදලා. රුක්ගහ තො‍ටුපොලේ පාලම්පාරුව තියනවා. මහබෙල්ලන  වැඩි වෙනසක් නෑ.










https://static1.1.sqspcdn.com/static/f/297115/20858227/1352003036070/HouseboatExample5890850.jpg?token=xz5VStpKbYEelT2BPPfYA4gqwv4%3D

යටත්විජිත කාළෙ , ලංකාවෙ වාරිමාර්ග ආශ්‍රිතව, හොඳ ප්‍රවාහන සේවයක් තිබිලා තියනවා. මෝටර්වාහන බහුල නොවෙච්ච ඒ යුගේ, බරවාහන වෙලා තියෙන්නෙ කරත්ත, සහ ඔරු පාරු. එතකොට  ලංදේසි, පෘතුගීසි එහෙමත්  වාරිමාර්ග  වැඩිදියුණු කරල තියනවා. මතක විදිහට ලංදේසි/පරංගි ඇල කියලා කැප්පූ ඇලක් එහෙම තිබුණ බව මතකයි. ඒ කාලෙ පාරු වලට සේවය සලසන්න, ගඟ පැත්තට මුහුණ දාලා හදපු කඩයප්පං කඩ පවා තිබුණ කියල අපේ සීයල කියනවා මං අහල තියනවා. අද වෙනකොට ඒවා අභාවයට ගියත්, අපේ අසල්වැසි රටේ , කේරළයේ මේ  පැරණි රසාංගය, සරු සංචාරක  ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියනවා.







නෙදර්ලන්තෙන් ආපු ලංදේසි වාරිමාර්ග තාක්ෂණය අතින් ඉහල ජාතියක්. නෙදර්ලන්තෙ එක විශේෂත්වයක් බයිසිකල් නම් අනික බෝට්‍ටු සහ වින්ඩ් මිල්ස්. ගෙවල් පේලියක් තියනවා නම්, එක පැත්තක් පාර, පිටිපස්සෙන් ඇල. කාර් එක පාරෙ පාක් කරලා, බෝට්‍ටුව ගේ පිටිපස්සෙ  ඇලේ නවත්තලා.





මේ සාවියෙත්, සුපිරි ධනවතුන්ට මෙන්න මේ වගෙ සමර් හවුස් තියනවා. ඇත්තටම , ධනවතුන්ට විතරක්ම නෙමෙයි, මං දන්න රුසියන් පවුලක් හිටියා සාමාන්‍ය ‍රැකියා කරපු. එයාලටත් සමර් කොටේජ් එකක් තිබ්බා  විලක් අයිනෙ. මම කියන්නෙ, අවශ්‍යතාවය තියනවා නම්,ඕන කෙනෙකුට බැංකුවක් කඩන්නෙ නැතුව විනෝදාංශයක් කරගන්න පුළුවන් කියන එකයි.



http://lankapura.com/wp-content/uploads/2009/02/river-transport-at-ratnapura-ceylon.jpgමෙන්න අපේ  පැරණි පාරු කාරයො ගත්ත ආතල්. වෙලාව හොඳ නං , මයෙ දෙකයි පනහෙ බෝට්‍ටු කට්ට වුනත් ඇති "සොබාදහම් අසිරිය" නරඹන්න:)



වගේ අස මිතුර – මකියන දී            සවන

ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන

ගඟේ යන පානදුර – යේ තොටු       පලින

මගේ නම් මෙ ළඳ – ඇවිදිමි වඩා     ගෙන



කද්දුව එගොඩ උළු අම්බලම         ගාවා

ගැහැණු තුන් දෙනෙක් ඉස නාව    නාවා

අප දැකලා උන් කරවන              නුරාවා

කොහොමද ලියෝ සිත නළවන  උපාවා





මේ කාලෙ නං  විල් ඔක්කොම මිදිලා. ගිරීස්ම ඉර්තුවෙ , ඔහෙලා මේ පැත්තෙ ආවොත්, බාග වෙලාවට, බස්සෙකුයි, හෝතම්බුවෙකුයි ඔරු පදිනවා බලාගන්න පුළුවන් වෙයි.