Saturday, March 27, 2021

මිල්ල සොයා යෑම

 


මේ සිංදුවෙම වෙනත් වීඩියෝ එකකට මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබුණා:

"මේ සිංදුව එක්ක මටනම් සෙට් වෙන්නෙ "මචං" ෆිල්ම් එක හිතට ලොකු ශක්තියක් එනවා මොන ගේමක් හරි ගහල දියුණු රටකට පනින්න"

අපේ හිතවත් බ්ලොග් රචක you-know-who මහතාට වැටිච්ච කමෙන්ටුවක් මේක:

"ඔහෙලා එදා ඉදං කියනවා ලංකාවේ ආර්ථිකේ මෙච්චර පහල බැහැලය, තව ටික දොහකින් මෙහෙම වෙනවය, අරක මේක.ඒ උනාට එදා ඉදං අපි නං හැන්දෑවට අඩියක් ගහලා, කාන්තා ඇසුරේ යෙදිලා, විවේකයට රට රාජ්ජ වල ඇවිදලා කරලා ඉන්නවා විනෝදෙන්. ඔහෙලා මේ කියන ආර්ථික ගැටළු කෝ? වසර 96/98 කාලේ වගේ කිව්වා 2000 වෙනකොට නියග එනවා, කන්න නැති වෙනවා අනං මනං බයිලා. ඒ කාලේ කිව්වා වසර 2020-2025 වෙනකොට බොරතෙල් ඉවර වෙනවා, බලශක්ති අර්බුධයක් එනවා, මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති වෙනවා, ඔක්සිජන් ටැංකි පිටේ බැදන් යන්න වෙනවා කතා.

ඔහෙලා ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඒකයි මෙහෙම ෆේල් වෙන්නේ බොරු මත කියලා. ආර්ථිකේ පහලට වැටුණු එකක් නැහැ. මිනිස්සුන්ගෙන් ඇහුවොත් නං කියයි මීට කලින් හොදට හිටියා, හැබැයි දැන් හරි නැහැ කියලා. ඒ හැටි. ගිය අවුරුද්දේ ෆුට් සයිකලේ ගිය ඩයල් එකත් මේ සැරේ ඇල්ටෝ එකක යද්දිත් කියන්නේ, ගිය පාර හොදයි දැන් සවුත්තුයි කියලා.

ඔහෙලා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. ඒක කිව්වට වටහා ගන්නෙත් නැහැ."

මම මේ කමෙන්ට් දෙක දැම්මේ, "සමාජ ජාල කියන්නේ අපේ සමාජය නිරූපණය කරන තවත් පැතිකඩක්" කියල කව්ද කිව්ව නිසයි. මම මේ කමෙන්ට් විවේචනය කරන්න යන්නෙ නෑ. එහෙම කරන්න, සදාචාරාත්මක අයිතියක් මට තියනවද කියල දන්නෙත් නෑ. අනික මම බස්සෙක් මිසක් Sociologist කෙනෙක් නෙමෙයි නෙව?


ඊලඟට මෙන්න මේක:

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ"

මෙහෙම කියන්නේ චන්දිම ගෝමස්ට හමුවූ යුදෙව්වෙක්. ෂමොටි දොඩම් කියන්නේ ඊශ්‍රායලයෙන් එන කොලිටියෙනුත්, මිලෙනුත් ඉතා ඉහල දොඩම් වර්ගයක්. චන්දිමගේ "පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ" පෝස්ට් එකම ඉතා අගනා එකක් නිසා, කියවල නැත්නම් බලන්න කියල මම ඉල්ලා සිටිනවා.

මෙතන මොකක් හරි "අවුලක්" තියනව කියල හිතෙන්නෙ මම බස්සෙක් නිසාද? සුද්දො දියුණු වුනේ අපේ තාක්ෂණේ හොරකං කරගෙන ගිහිල්ල කියන කතාව බොරුද? බෝට්ටුවෙන් හරි හැමෝම රට පනින්න යන්නෙ මොකද? එතකොට මං රට ගියේ...... ආ, දැන් මට ඒක මතක නෑ නෙ?

Tuesday, March 23, 2021

දෙවියන් සොයා යෑම සහ The Circle of Life

 මෝගන් ෆ්‍රීමන් තමා ගියේ, මම කලේ බලාගෙන ඉන්න එක.



ඕං ෆුල් එපිසෝඩ් එකම යූ-ටියුබ් එකේ නොමිලේ දාලා තියනවා. කතාවෙ හරය පැත්තක තිබ්බත්, මෝගන් ෆ්‍රීමන්ගේ  බටර් වගේ සුමුදු සිත නිවන කටහඩත්, ඊජිප්තුවේ පිරමීඩ, යෙරුසලමේ ශුද්ධ වූ පල්ලිය, ඉංදියාවේ වාරාණාසී නුවර වගේ තැන්වල දර්ශණ ටිකම වටිනවා.

යෙරුසලමට ක්‍රිස්තියානි, ජුදා සහ මුසල්මානු තුංගොල්ලම අයිතිවාසිකම් කීමත්, වාරාණාසිය බෞද්ධ වගේම හින්දු ශුද්ධ නගරයක් වීමත්, හින්දූන් මෝක්ෂය ගැන කතා කිරීමත් උනන්දුව ඇති කරන කාරනා කියලයි මට හිතුනෙ.

හරි ඉතිං ඕක බලල මොනවද ඉගෙන ගත්තෙ? හ්ම්......ඒක නං ටිකක් අමාරු ප්‍රශ්ණයක්. මම හිතාගෙන හිටියෙ මම අදේවවාදී කියලනෙ? දැන් බලාගෙන ගියාම මම අදේවවාදී agnostic බස්සෙක්. දැන් ඔහෙල දන්නව නෙව යේසුස් වහන්සේව කුරුසියට තියල ඇණ ගැහුවෙ අපේ පව් ගෙවෙන්න කියල? කවුරු හරි දන්නවද බස්සෙක්ව වැටට තියල ඇණගහන්න හදන්නෙ මොන පාපයක් ගෙවෙන්නද කියල?

Thursday, March 18, 2021

The New Corporation, ගූගල් සහ ඇල්ගොරිතම

 සුජීව කොකාවෙලගෙ The null device බ්ලොග් එකේ ඉන්ටරෙස්ටින් ලිපියක් කියවන්න ලැබුනා


අතීතයේ සිට වර්තමානය දක්වා ඉතිහාසගත වෙලා ඉන්න "වීරයො" ගැන අලුත් මානයකින් බලන ඔහු දර-දිය ඇදපු "ෆුට් සෝල්ජ්ර්ස්ලා" ට ලැබිච්ච තැන ගැන සාධාරණ තර්කයක් මතු කරනවා. මේ වීරයොන්ගෙ ඇසින් ලෝකය දැකීමේ නැත්නම් ටිකදෙනෙක් විසින් අපේ අනාගතය තීරණය කිරීමේ පොඩි අවුලක් තියනවා. ඇයි, අපි උපකල්පනය කරනවා "වීරයො" හැමතිස්සෙම චෝයි,  බලන්නෙම ලෝකෙ හොඳ තැනක් කරන්න කියලා.

The New Corporation ඩොකියුමෙන්ට්‍රි එක කරපු කස්ටිය කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. සියට සීයක් එකඟ නූනත්, ඒ අය අහන ප්‍රශ්ණ එහෙම ලේසියෙන් මඟහරින්න බෑ.



මට වීරයෙක් වෙන්න බෑ, වෙන්න ඕනෙත් නෑ. වීරයො එක්ක ඒ හැටි අවුලකුත් නෑ. මම ලියන්නෙ ගූගල්ට පිංසිද්ධ වෙන්න. බුකියෙන් ගැලවුනත්, ගුගල්ගෙන් ගැලවෙන්න ලේසි නෑ. හරි වචනෙ "not worth",  ගුගල් සෑහෙන දෙයක් අපට දීලා තියනවා. අපි granted  කියල ගන්න "search"  අද කොච්චර දුර ගමනක් ඇවිල්ලා තියනවද ?



නමුත් ඒකෙන්. ගූගල් කියන්නෙත් Corporation එකක් කියන  fact එක, වෙනස් වෙන්නෙ නෑ. ගූගල් කියන්නෙ චැරිටි සර්විස් එකක් නෙමෙයි බිස්නස් එකක්. ප්‍රමුඛතාවය ෂෙයාර් හෝල්ඩර්ලා සහ ලාභය. පාරිභෝගිකයො වෙන අපි යම් මිලක් ගෙවනව. හැබැයි මදුරුව ලේ ගන්නවා වගේ දැනෙන්නෙ නෑ.එතකොට  ඔහෙලා අහවි "දැන්  මොනවද අපට කරන්න කියන්නෙ" කියලා. ඒ හැටි දෙයක් කරන්න බෑ, එක දෙයක් ඇරෙන්න. ආන්න ඒක ගැනයි මේ කියන්නෙ. 

" Information is Power"  කියන එක තව දුරටත් රහසක් නෙමෙයි. ඒක ගූගලුත් දන්නවා, ඇමසන්, MS විතරක් නෙමෙයි හුවාවෙයිත් දන්නවා. නැහ්නම් මිලියන ගාණක් quantum lab එකකට යට කරාවියැ?

ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ එකතුකරන දත්ත භාවිතා කරන විදිහ ගැන.  ඕක ලේසියෙන්ම අනිසි භාවිතයට ගන්න පුළුවන්. උදාහරණෙ චීනය.

මම චීනෙ දේශපාලන ක්‍රමයට කැමති නෑ. ඒත් චීනෙ සුපිරි ධනවාදයත්, රාජ්‍ය  ඒකාධිපති වාදයත් අතර බල අරගලය, බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මතකනෙ "ජැක්-මා" . ඔව්, ඔව් අර සතපහ වගේ මූණ තියෙන හාදය තමා. CCP  එක ඇරියනෙ එයාට. තව "සතදහය" කොම්පැනියෙ ලොක්කෙකුටත් දුන්නා සබ්බුව. කතාවෙ කියවෙන්නෙ ජැක්-මා , සුපිරි ව්‍යවසායකයින් පුහුණු කරන පාසලැක් ආරම්භ කලා කියලයි. අසීමිත බලය ඒකරාශීවීම - දුන්නා බැස්ටිය.


මම සංශයවාදී, අඥාතවාදී බස්සෙක්. තේරෙන බාසාවෙන් කියනවා නං හැමදේම ප්‍රශ්ණ කරන එකෙක්. වීරයො චෝයි, Corporation චෝයි . සිස්ටම් එක ඒක බලාගනීවි, සෙල්ෆ් රෙගියුලේට් වෙලා ගාණට බැලන්ස් කර ගනීවි,කියල එකක් මගේ පොතේ නෑ. හෑ, ඇයි කියල ඇහැව්වා? එහෙම තමා Boeing ලත් කිව්වෙ. ඔය සෙල්ෆ්-සර්ටිෆයි කරගෙන ඇන්නෙ. අපි මේ කතාකරන්නෙ දෑවැන්ත සහ බලසම්පන්න යාන්ත්‍රණයක් ගැන.සමහර කොම්පැණි වල ආදායම, සමහර රටවල් වලටත් වැඩියි. 

වැඩිදෙනාගෙ කැමැත්තට ගරු කිරීම වගේම හැමදේම ප්‍රශ්ණ කරන එකෙන් යම් තරමකට පාලනයක් වෙනවා කියල මට හිතෙනවා. Take the red pill...and stay in Wonderland, or find the rabbit hole and see  how deep it goes, And yeah, learn to read between lines.





Wednesday, March 17, 2021

කුසුම්පුරේ කීඩෑවෝ සහ සපත්තු ලේස් -2

මම පොඩි කාලෙ බොහොම ආසාවෙන් කියෝපු පොතක් තිබුණ "දැත්තා සහ යහළුවන්ගේ හපන්කම්" කියලා.  මේක බොහොම අපූරු  රුසියානු මනෝරාජික  සුරංගනා කතාවක්. 

ඔය ඉන්නෙ මම මේ කියන, ගොබිලො කස්ටිය තමා, පේනවනෙ සයිස් එක? කියවන්න කැමති කෙනෙක් ඉන්නව නං  මේං තියනව පොතේ ඉංගිලිසි පරිවර්තනය. මං කියන්න යන්නෙ ඕකෙ සිංහල පරිවර්ථන දෙකෙන් එකක් ගැනයි. එයාලට කිව්වෙ "කීඩෑවො" කියලයි, හිටියෙ "කුසුම්පුරේ". ඔය අතරේ හිටිය "දත්තා", එයා හැම දෙයක්ම දන්නවා. එක්කෝ දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. ඒත් කතාවෙ, කතා නායකයා වුනේ වෙන හාදයෙක්, දැත්තා. දැත්තා ගිය, ගිය තැන අවුල්. දන්න දේකුත් නෑ, කෙලින්ම මකබාසෙක්. ඔන්න දවසක් දැත්තා යනවා කවි ලියන්න ඉගෙන ගන්න. පාඩම මැදදි දැත්තා මෙහෙම කියනවා " අයියෝ , හරි සිම්පල් නෙ, පදේ අන්තිම අකුර ගැලපුවා නං , එච්චරයිනෙ?" කියලා. ගුරුතුමා දැත්තා එලව ගන්නවා. ගෙදර ගිය දැත්තා තමන්ගෙ මිත්‍රයා "බාගවිට" ගැන ලියපු කවිය මේ:

මේ තමයි බාගවිට

ගිල දමන කාරියට

පුස් පාං බාගෙකට

වග කියයි සීරුවට

ඔය "බාගවිට"ත් හරි අපූරු හාදයා. "බාගදා" එයාගෙ සහෝදරයා. මේ ඩබල හැමදේටම " බාගවිට/බාගදා ඒකෙත් ඇත්තක් තියනවා" කියල කියනවා. දැන් ඕන්නං, කෙනෙකුට මේ කතාව, හදාරලා, විශ්ලේෂණය, විච්චේදනය කරලා කියන්න පුළුවන් බාගවිටයි, බාගදායි අඥාතවාදියො කියලා. බාගවිට ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ, නේද? හැබැයි. ඒ කතාව කියවන කොට මම නං තාම පහේ පංතියෙ බස්සා.

මං මේ කතාවෙ කොටසක් කිව්වෙ, කියන්න යනදේට ප්‍රවේශයක් ගන්නයි. ඔහෙලා දන්නව නෙව මාත්, නමෝ විත්තියෙන්ම කවියක් රචනා කොලා කියල? ඊට පස්සෙ සිංදුවකුත් ලිව්ව කියල? රට්ටු මට එක, එක කතා කියනව , අපෙ හාංදුරුවනේ! එකෙක් උළම කිව්වා. තව එකෙක් "අනේ බොගෙ සිංදු...!" කිව්වා. තව, "ග්‍රීස් ගා ගත් nostalgic ගල් ආඳා" කියලත් කිව්වා. (හුහ්! යෙපිලට තමා පුෂ්, පුෂ්. අඳෝමැයි, ලෝකයට තවත් කවි අංකුරයක් අහිමි විය).

ඒක නිසා මං හිතා ගත්තා, ඕනෙ පාං බාගයක් දෙකයි පණහයි කියලා , ටැක්නිකල් පෝස්ට් එකක් දාන්න. එහෙම කිව්වාට ඇති ටැක්නිකල් එකකුත් එහෙමට නෑ. පහල කොටස අදාල වෙන්නෙ, පරිපථ අළුත්වැඩියාව පිළිබඳ උනන්දුවක් තියන අයට විතරක් නිසා, කෙටි යෙදුම් පැහැදිලි කිරීම අනවශ්‍යයි කියල හිතනවා.

සපත්තු ලේස් - 1 කියවපු  සමහර පාඨකයො, විරෝධය පල කරලා තිවුනා, බස්සාගේ "ලාබෙට කෙටීමේ" ඇබ්බැහියට. අපි සැලුනද, නෑනේ? මේකත් ටිකාක් ඒ වගේ තමා.

ලංකාවෙ අපි  බවුත් එක කියන එක දන්නවා නෙව? නෑ , වාහෙ ගරාජ් බාස්ගෙ වෑල්ඩිං බවුත් එක නෙමෙයි. අර ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් වල ඊයම් වලින් පාස්සන එක. ආන්න ඒක. මෙහෙ කියන්නෙ "පාස්සන යකඩෙ" කියලයි.

මෙන්න භාණ්ඩෙ. ගන්න. ගෙදරක තියාගන්න වටින ආවුදයක්.  

https://pine64.com/product/pinecil-smart-mini-portable-soldering-iron/?v=0446c16e2e66


 BC 1.5 bevel Tip එක දාගත්තාම, SMD වැඩ වලට කියාපු භාණ්ඩෙ. යැංකි සුපියල් 25 යි (විකල්ප TS 100 එකක් 100ක් විතර වෙනවා). flexible silicon charging cable එකකුත් ගත්තාම හරිම සැහැල්ලුයි. 

USB type C: PD and QC 3.0 12V-20V 3A සහ Barrel Jack: DC5525, 12V-21V DC 3A dual Power. 

Open Source Ralim’s IronOS firmware

දැනට out of stock, 23 වෙනිදා ඊලඟ stock එක එනවා. දාපු ගමන් උණු කැවුම් වගේ විකිනෙනවා.

එතනම chargers, cable එහෙමත් තියනවා. පරණ ලැප්ටොප් power brick එකක් Barrel Jack එක හරහා පාවිච්චි කිරීමේ ලාබ ඔප්ෂන් එක තිබ්බත් USB-C power delivery (PD) හැම අතින්ම ඉහලයි.

මෙතන තියනවා රිවීව් එකක්,  යමක්-කමක් දන්න, අපක්ෂපාත ප්‍රියමනාප, නිහතමානී  හාදයා. හරි, හරි රැව්ල එලුවගෙ වගේ තමා, ඉන්නෙ එංගලන්තෙ දුප්පත් ගමක. ඇහුවොත් එයා ගැන පැහැදෙනව සිකුරුයි.



Monday, March 15, 2021

බස්සා දුටු බුකිය

https://i.pinimg.com/originals/4c/8c/a6/4c8ca694652d1cc93da653662342b7f6.jpg

තැන තැන රවුමට ඉඳගෙන 
ඉඳහිට එබිකම් කර කර

ප්‍රවෘත්ති දැණගන්න ළමයි බුකි ගත වෙන්නා

බුකිය වටේ යන විට කවිපද කියැවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා - පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

"කැකිරි" කියල  ලියඤ්ඤා - හතර වටේ බෙදඤ්ඤා


පැණි මොර මල් පිපුණු රෑට -  බ්ලොග්වල ලිපි දැක්කදාට

බකුසු අපේ සිත් තුළ සතුටක් මතු වෙන්නා 

එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා


වෝල් එකේ ලියනවාලු - "ලැයික්" කියල කියනවාලු

හොඳ නං "ටැග්" - වලි නං "බ්ලොක්"

ප්‍රොෆයිල් ඇවටාර් මෙව්වා මොනවද මන්දා

"ඕල්ඩ් ඉස්කූල්" බකමූණෝ ඔව්ව නොදන්නා


වැටට කණුත් ඉන්දුවෙ අපි 

"හූම්" කියල දිව්වෙත් අපි

හරිම වැඩේ අද ළමයින් මේව නොදන්නා

වයිවාරණ "සකර-බුර්ග" බුකිය ගෙනැල්ලා

පසු සටහන: සඤ්ඤක වැරදි නං, අහිංසක පක්සියාට සමාව දෙන්ට ඈ?


Sunday, February 21, 2021

මතක මංතීරුව දිගේ....පහළට නොහොත් ගෑස්පා හංදියෙන් ඉහලට



මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා

එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස  වහිනවා

දවල් බුදියන බස්සො, රෑට නිදි    මරනවා

එලි සමක් නැතිවුනත් බස්සො කවි ලියනවා


අපේ ගම් අඩවියේ හාදයෙක් හමුවුනා

ගල්කන්දෙ පාන් ගැන කවි රසක් මතුවුනා

වැඩි කතාවට ගියොත් පටිත් දිග ඇරෙන්නා

ආඳාගේ ක්‍රමවේදෙ  පිහිට මට තියෙන්නා


මරදානෙ හංදියත් තාම ඔහෙ තියෙනවද

පරණ පොත් කඩ වලට වුන දෙයක් දන්නවද

පෙට්ටිකඩ වල තවත් බුරියානි ඉදෙනවද

චිකන් කරියේ තාම ඉඟුරු පෙති හැපෙනවද


ඔටුව, පිටෝටුව මට හීනෙනුත් පෙනෙනවා

සීනි සම්බල් පාන් රස දිවට දැනෙනවා

දුරින් ඉඳගෙන හිතින් එහි රසය විඳිනවා

හිතේ ඇති පිටෝටුව, නැති බවත් දන්නවා


 

මේ අපි ගැන කියවෙන සිංදුවක්. අර කියන්නෙ "සියොතුන්" කියලා.  හරි, හරි කාක්කො, කොක්කු , පාත්තයො එහෙමත් ඒ කුලේම තමා. ඒත් බස්සත් සියොතෙක් තමා.





Tuesday, December 22, 2020

බස්සා සහ සපත්තු ලේස්


නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.

දැන් මොකක්ද එතකොට ප්‍රශ්ණෙ? අටෝරාසියක් වෙන ප්‍රශ්ණ තිබ්බත්, එව්වා ඉවසතෑකි, අවුල, මේකෙ තියෙන්නෙ SATA port 4 යි. Windows SSD එකයි  , Catalina SSD එකයි ගියාම තව ඉතුරු SATA port දෙකයි. මම ප්‍රතිපත්තියක් විදිහට 8Tb වලට වැඩි HDD නොගන්න නිසා, ඔව් මේක සෑහෙන්න  බොන්න වෙන ප්‍රශ්ණයක්.

කොහොමත්, SATA port වල ඇති ජන්ම speed-limit නිසා SSD වල උපරිම වේගය ලැබෙන්නෙ නෑ(bottleneck). මේකට විසඳුම SATA interface එක භාවිතා නොකරන, PCI bus එකට කෙලින්ම සම්බන්ධ වෙන M.2 Nvme වලට යන එකයි. එත් අපිට කොයිද පූසො මාළු, කියන්නැහෙ, මගෙ ලාබ motherboard එකේ M.2 නෑ.

විසඳුම: තවත් shoestring ගැජමැටික් එකක්: PCI-e to M.2 Nvme extension card. සුපියල් හත-අටකටද කොහොද චීනෙන් ගෙන්න ගත්තෙ. මේක හොඳින් නිරීක්ෂණය කලොත් පේනවා, PCIx1 කොටසට විතරයි ට්‍රැක්ස් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒ තියා අනික් කොටස් ඕනෙ නැත්නම් කඩා දාන්න පුළුවන් විදිහට හිල් පේලියක් දීලත් තියනවා. මගේ දුප්පත් motherboard එකට හොඳට ගැලපෙන පාටයි.

ඔන්න ඔහොම ඉන්න කොට තමා, මෙන්න මෙයාව  Crucial 2TB P1 NVMe M.2 2280 Internal SSD යැංකි සුපියල් 91$කට සේල් දැම්මෙ. මොනවා අහනවද? කෙටුව ස්වාමීනි කෙටුවා. අපේ සාවියට Free Shipping, ටැක්ස් විතරයි. ඔය මං ඩීල් බලන්න යන සයිට් එකේ, ආප්තෝදේශයක් තියනවා, " Buy now, think later" කියලා. මං ඕක අකුරටම පිළිපදිනවා. මොනවද කියන්නෙ, විනාඩි දහයෙන් බඩු ඉවරයි, වාෂ්ප වුනා.


ඊළඟ නැවතුම චීනෙ. Aliexpress වලින් ඕඩර් කලා ලාබෙට heat spreaders. SDD and RAM දෙකටම ගියේ සුපියල් දහයක් විතර තමා. බඩු එන්නෙ එන මාසෙ, අවුලක් නෑ. ඔන්න ඔහොම තමා පිංවතුනි, මේ දවස්වල මයෙ පොකැට් එක හිඳෙන්නෙ.

ඔන්න මාසෙට පෝස්ට් තුනේ කෝට එක ඉවර කලා. සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! x 2