Wednesday, December 15, 2021

නත්තල් තෑග්ගක්

හැමදාම ලියන, ගත්ත අලුත්ම නරිවාදං ගැන නොලියා, මට හිතුනා ඇත්තටම ඔහෙල වැඩිදෙනෙක් කැමති වෙයි කියල හිතෙන දෙයක් ගැන ලියන්න. ඒ තමයි "ඕප-දූප". හෑ, කැමති නෑ කිව්වා? මේ බොරු නං කියන්න එපා! සඟිස්කුරුතියෙන් අපේ ඇටමිදුලු වලටම කව්වලා තියෙනෙ දේට, කොහොමද අකමැති වෙන්නෙ? රාළේ මෙව්වා, ජාතියන්තර ඕපදූප. 

ඔරුමත්තුනාඩුවෙ, මෙන්න මේ හාදයගෙ සාවියෙ ඉන්න පිංවතුන්ට පුළුවනි, තම තමන්ගෙ පරණ කම්පූටර් මේ ග්‍රෙග්ට දෙන්න, එයා ඒවා සුද්දකරලා විතරක් නෙමෙයි, අලුත්ම කෑලි-බෑලි ටිකකුත් දාලම දෙනවා. සත පහක් ගන්නෙ නෑ. විස්වාස කරන්න අමාරුයි  වගේ නේද? බලන්නකො වීඩියෝව, දැන් එහෙම තමයි අලුත් විවුර්ත ආර්ථිකේ වැඩකරන්නෙ.


ග්‍රෙග්ගෙ අසල්වාසියෙක් නොවීම නිසා, අපි ඔහෙලට මේ චෑන්ස් එක ලැබෙන්නෙ නෑ. මේක දැම්මෙ, සමාජ සේවයක් නූනත්, මෙහෙම එව්වත් තියනවා කියල කියන්නයි. උන්දැට වෑර් කෑලි දෙකක් පාස්ස ගන්නවත් බෑ. ඔහුගේ විශේෂඥභාවය තියෙන්නෙ, කම්පූටර එකලස් කිරීම ගැන. තමන් දන්න දේ හරියට කිරීමත්, නොදන්න හත්ඉලව් වලට කෙලින්ම "බෑ" කීමත්, අවංක භාවයත් හරහා, ඔහු අද සාර්ථක ආදායම්ලාභියෙක් වෙලා ඉන්නවා. ඔහු නම්බුකාර, සාඩම්බර "ක්ලීනර්" කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.

                                                 (〃 ̄︶ ̄)人( ̄︶ ̄〃)

මෙයා ගැන සමහරු දන්නවා. මේ ඉන්නෙ "ස්නෝ වයිට්" ගෙ චීන වර්ශන් එක. කෙලින්ම නොකිව්වත්, ඇඟෙව්වෙ , නගරයේ කෘතීම යාන්ත්‍රික "මී තරඟය" එපා වී, ආත්තම්මාගේ ගොවිගෙදරට ගිය ගැමි කෙල්ලෙක් බවටයි. චීනෙ හරිම ජනප්‍රිය චරිතයක්. ලෝකෙ අනිත් පැතිවලත් එහෙම තමා. අපේ අය කීපදෙනෙකුත්, ඒ බිසිනොස් මොඩල් එක "ණයට" ගත්තත් එක්ක.

මේකෙන් දෙන අදහස, කෙලින්ම වදින්නෙ මොලේට,දෙවර පෙරනලද පරණ අරක්කු වගේ. ඇයි හතිලව්වේ, කොන්ක්‍රීට් වනාන්තරවල ඉන්න, යාන්ත්‍රීක සත්තු වන අපේ හීනෙ ඕක නෙව? පැවැත්මක් නැති, සැබෑ නොවන, යථාර්ථවාදී නොවන සිහිනයක්. ඔව්, මාත් ගිල්ලා ගුලිය, ඇයි අවුල්ද?


ඒත් යථාර්ථය හීන වලට බොහොම දුරයි. පිංවතුනි. 




ඔබේ-බටේ හීන විකුණන්න තහනමක් නෑ. ඒත් ඒක කොච්චර සදාචාරාත්මකද කියන එක ප්‍රශ්ණයක්. විශේෂයෙන්ම, ඔබ ඔබේ පාට-යක්කුන්ව "රයිඩ්" එකකට ගෙනියනවා නම්, මම ඒකට කැමති නෑ. ග්‍රෙග්, චීන "ෆෙයරි ප්‍රින්සස්" දෙන්නම " content creators වුනාට, වෙනස ඒකයි. අවසානයට, මේ  ඔක්කොගෙම තෝන් ලණුව තියෙන්නෙ, ගූගලයා අතේ.

කුක්කුර වුනාට ඉහත සංදියේ, මම ගූගලයට බයයි නංගියේ!



Monday, December 13, 2021

අමුතු අදේවවාදියෙක් සහ බකුසු නොස්ටැල්ජියාව

 

හිංගල බවුද්දයෙක්  ලෙස ඉපදිලා, ආගම් ගැන දෙයිය ගැන තියෙන විස්වාසය සීග්‍රයෙන් පල්ලම් බැහැපු මූකලං බකමූනෙක් ලෙස, මට අදේවවාදය ගැන වුනත් ආයෙ හිතන්න වෙන විදිහෙ වීඩියෝවක් හම්බවුනා.

මේ තට්ටයා මහත්තයා කියන විදිහට, අදේවවාදීන් දරදඞු වැඩියිලු. එක්තරා විදිහකට, අදේවවාදයත් තවත් ආගමක්(faith) වගේලු. නිකම්ම ආගමක් නෙමෙයි, ටිකා..ක් අන්තවාදී ගතියකුත් තියනවාලු. අනිත් අයව, නිර්දය ලෙස විවේචනය කරනවාලු, පහර ගසනවාලු. දැන් මේකට "අනේ මම නං එහෙම නෑ" කියන්න, මම කැමති නෑ. හොඳට කල්පනා කරල බැලුවොත්, අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නෙ " guily as charged" කියල තමයි. 

හදිස්සියෙවත් කකුල ගල් ගෙඩියක හැපුනොත්, අදේවවාදී බස්සන් තවමත් "බුදාම්මෝ!" යැයි කියනවා මා අසා ඇත. හොට බිම ඇනී, හොම්බෙන් යනකල, අහස දෙස බලා" ඇයි අපටම මෙහෙම වෙන්නේ" යැයි කියා ඇත. 

"මා අදේවවාදී වන්නේ, දෙවියන් ඇති බවට කිසිම සාක්කියක් නැති නිසාය" කියන එකත් එච්චර සාර්ථක උත්තරයක් නෙමෙයි කියලයි, තට්ට මහත්තයා කියන්නෙ. එකක් ඔය කියන "සාක්කිය" පැහැදිලි නෑ ලු. අනික, සාක්කියක් නැතිකමම හේතුවක් වෙන්නත් ඇහැකිලු. එයැයි කියන්නෙ ද්‍රව්‍ය/පදාර්ථවාදයෙන්ම හැමදෙයක්ම පැහැදිලි කරන්න බෑ කියලයි. බාගදා අධ්යාත්මිකවාදයත්, පදාර්ථවාදයත් දෙකම වැරදි වෙන්නත් ඇහැකිලු.

මට නං හරියටම මේකා කියන හරුපෙ තේරුනේ නෑ. බලන්ට, ඔහෙලට තේරෙනවද කියලා. හැබැයි, "බාගදා ඒකත් හරි, මේකත් හරි, හැබැයි සැකයි" ආන්න ඒ ලිස්සන සුළු ගුණයට මයෙ හිත ඇදිලා ගියා. ටයි-කෝට් ඇඳලා හිටියට, බාගදා උන්දැත් බස්සෙක් වෙන්නත් ඇහැකි. හා, නැද්ද?
Professor Raymond Tallis is a philosopher, poet, novelist and cultural critic and was until recently a physician and clinical scientist.


මේ සිංදුවෙ නම "පූසා මහත්තයා - අඳුර වැටුන පසු". මේක නං බකමූණොන්ට නොස්ටැල්ජියාව ගේන දසුන් පෙළක්. සරීර සවුක්කියට අගුණ නිසා, ඊට වැඩිය යමක් කියන්න අමාරුයි. ඔය තියෙන්නෙ, අපේ සාවියෙ තිබිලා වැහිලා ගිය Target කියන වෙළඳසැල් ජාලය. ඒක වැහුනෙ ඇයි කියලා, දැන් තමයි තේරුනේ.🤔

Sunday, December 5, 2021

ලොවෙන් අඩකට ඇති ලෙඩක්

ඉස්හොරි කිව්වාම කැතයි වගේ හින්දා, ගූගල්ගෙන් ඇහැව්වාම "හිසේ කැක්කුම" කියල තමයි කිව්වෙ. ලෝකෙන් බාගයකට වඩා දෙනෙකුට මේක තියනවා නං, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. 

මෙන්න TED-Ed වීඩියෝ එක:


මේක තියෙන පලවෙනි කමෙන්ට් එක දැක්කාම, නිදිගෙ හිනා පෝස්ට් එක බැලුව වගේ දැණුනා. " මං මෙතනට ආවේ පිළිතුරක් බලාගෙන නමුත් යන්නේ ආවටත් වඩා අවුල් වෙලාය" කියලයි ඒකෙ තිබුනෙ.

තවත් වටිනා කියමනක්: "“We might consider ourselves individuals, but we’re actually colonies”. මේ කියන්නේ, මම තමයි හොඳටම කලේ කියල හිතාගෙන හිටියට, අපිව ජීවත් කරවන්න, අපේ ඇඟේ බැක්ටීරියා රෑ දවල්, ඕ.ටී නැතුවම වැඩ කියන එකයි. සමහර බැක්ටීරියා ප්‍රයෝජනවත්, අනෙක්වා අවුල්. තවත් අයගෙන් හානියක් නෑ. එහෙම හානියක් නැති එකෙක් තමා, ඉස්හොරි ඇති කරවන්න ප්‍රධාන වෙන Malassezia කියන පුස් ජාතිය. මෙයාගෙන් කරදර වුනාට වෙන හානියක් නැහැලු. ඒ ඇරුනම, වෙන හානිකර බැක්ටීරියා එහෙම ආවොත්, මුන්දෑ උන්ට ගහලා පන්න ගන්නවලු.

අනෙක් වැදගත් කරුණු: Malassezia.ඉස්හොරි ඇතිවීමට එක කරුණක් පමණක් නිසා

1. ජනප්‍රිය Head & Shoulders, හැමෝටම, හැමවිටම සාර්ථක නොවිය හැක.

2. මම Head & Shoulders එදා-වේල ටුවර්ස් දුවන්න බාවිතා කරන නමුත්, හදිසි අවස්ථාවලට Zelsun Blue තිබේ.

Zelsun වල සුවඳට ලංකාවේ කෙල්ලන් කැමතිය. වරක්, Zelsun ගෑ බකුසු ඔලුගෙඩියට, කෙල්ලක් " ඤුහ්,ඤුහ්" ගා ඉව ඇල්ලුවේය. ඔලුව ගලවාගෙන, ගෙදර අරං යයි බියවූ බකුසුතොමෝ, බාගයක් පාවිච්චිකල Zelsun බෝතලය දන් දුන්නේය.

3. Nizoral සහ Neutrogena T/Gel හොඳ යැයි දන්නෝ කියති. ඒත් මේවා තම, තමන්ම අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණාය.
වීඩියෝවේ කමෙන්ටුවක ගූගල් පරිවර්තනය:

"ඔබ මා වැනි නම්, ඔබ ඉස්හොරි සඳහා අලෙවි කරන ෂැම්පූ වර්ග බොහොමයක් උත්සාහ කර ඇත, නමුත් මගේ ජීවිතයේ වැඩි කාලයක් ඒ කිසිවක් සාර්ථක වී නැත.  මෙම වීඩියෝවේ සඳහන් යීස්ට් ඉස්හොරි ඇති විය හැකි විවිධ හේතු වලින් එකක් පමණක් වන අතර, යීස්ට් වලට එරෙහිව ඉලක්ක කරගත් ෂැම්පූ තවමත් ඔබට උදව් නොකරනු ඇත. කෙසේ වෙතත්, අවසානයේ මා සඳහා ඉස්හොරි ඉවත් කරන එක් ෂැම්පු එකක් මම සොයා ගත්තෙමි. නියුට්‍රොජිනා ටී-ජෙල්. එය වචනාර්ථයෙන් මා වෙනුවෙන් ක්‍රියාත්මක වූ එකම නිෂ්පාදනය වන අතර ජාතික Psoriasis පදනම විසින් නිර්දේශ කරනු ලැබේ, සහ Psoriasis ඇති පුද්ගලයින්ට අධික ඉස්හොරි ඇතිවිය හැකි බැවින් මෙම සංවිධානයේ නිර්දේශයකට සවන් දිය යුතුය. 

සති කිහිපයක් සඳහා දිනපතා එය භාවිතා කරන්න. එය ආරම්භ කිරීමට සති කිහිපයක් ගතවනු ඇත, පසුව ඔබට එය නිතිපතා භාවිතා කිරීමට සිදුවනු ඇත, නමුත් ඔබට අවම වශයෙන් සතියකට කිහිප වතාවක් පමණක් එය භාවිතා කිරීම කපා හැරිය හැක, නමුත් ඔබ ඒ සඳහා ස්තුතිවන්ත වනු ඇත. එසේම, ස්නානය ආරම්භයේදී එය ඔබේ හිසකෙස්වල තබා විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න. එය ප්‍රසන්න සුවඳක් නැත, නමුත් ඔබ එය මින්ට් කන්ඩිෂනර් එකක් මෙන් අනුගමනය කරන්නේ නම්, ඔබට හොඳ වනු ඇත. මට මේ දිග කමෙන්ට් එක ලියන්න වද වුනේ මට හොදටම ඉස්හොරි තියෙන නිසා සහ මම වගේ ඉන්න තව කෙනෙකුට උදව් කරන්න ඕන නිසා. එය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී අමුද්‍රව්‍යය ගල් අඟුරු තාර සාරය වන අතර එය Web-MD ට අනුගත වේ, "keratoplastics ලෙස හඳුන්වන ඖෂධ කාණ්ඩයට අයත් වේ. එය ක්‍රියා කරන්නේ සමේ ඉහළ ස්ථරයෙන් මිය ගිය සෛල වැගිරීමට සහ වර්ධනය මන්දගාමී කිරීමට හේතු වේ. සමේ සෛල, මෙම බලපෑම කොරපොතු සහ වියලි බව අඩු කරයි. ගල් අඟුරු තාර මෙම සමේ තත්ත්වයන් නිසා ඇතිවන කැසීම ද අඩු කළ හැකිය." ඔබට මෙය භාවිතා කරන වෙනත් නිෂ්පාදන සොයා බැලිය හැකි නමුත් Neutrogena T-Gel ප්‍රායෝගිකව ඕනෑම තැනක දක්නට ලැබේ. "

Almost heaven, සපරගමු  pro...vince,
කබරගල  Mountains, කැලනිවැලි Ri...ver.
Life is old there, older than the trees, 
younger than the mountains, blowing like a breeze.
Belt & ro.....ad, take me home to the place I'm not belong.
හුකා බොල සෑනා, අඹතලේ මාමා , take me home, belt & ro....ad.

-ඒවං මේසුතං සමයං-


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Wednesday, December 1, 2021

Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල

 

තොට ලඟ තොරණ වගේ බලුප් පත්තුවෙයි කියලයි හිතුවෙ, ඒම වුනේ නෑ. තව ප්‍රශ්ණ තිබ්බත්, "ලාබ බඩුවේ හිල් ඇත" කියල හිත හදා ගත්තා. 

ක්‍රෑෂ්-ෆ්‍රී බයෝස් පහසුකම, නෑ කියලයි පේන්නෙ. කෝකටත්  සූජානං  සරීරෙ කියලා, බයෝස් චිප් තුනකටම ඕඩරේ දැම්මා චීනෙට. ලාබයි, වැලම සුපියල් තුනයි. අනෙක් අඩුම කුඩුම කලින්ම ලාබෙට ගෙන්න ගෙන තියෙන්නෙ. බොහෝ විට බයෝස් ෆයිල් එකෙන්, bin/rom ෆයිල් එක හදාගන්න වෙනවා. කොහොමත් ඒක වෙනමම ආතල් එකක් නිසා, ලියන්න අදහසක් නෑ. මේකත් ලිව්වෙ, ඩ්‍රැකියාගෙ විචිකිච්චාව මැකෙන්නයි. අපි එහෙමයි, අපේ දුක( විහින් හදාගත්ත) වුනත්, ඔහෙලට ආතල් ගන්න ඉඩ දෙන්නෙ.
 
ඉත්තෑ අමාරුව හොඳටම වැඩි එවුන්ට









තම තමන් ගේ ආරක්ෂාව තමන්ම සලසාගන්න. 





Vetroo V5
මේ CPU Cooler එකට නං, වෙලාවට කොටා ගන්න බැරි වුනා. අපි හැරෙන කොට, කාක්කො ටික කොටලම ඉවර කරලා. ඒ වංගියෙ මං, ඒකම ඊබේ එකෙන් බාගත්තා. තවත් ලාබයි, ඒත් එන්න කල් යාවි.

කියන්න අවුලක් නෑ, ගාණ හිතන්න බැරි තරම් ලාබයි.

කාලයක් මම AIO cooler වලට කැමති වෙලා හිටිය. නමුත් දිගු කාලීන පාවිච්චියේදී එන ප්‍රශ්ණ නිසා අත්හැරියා. Air cooler සරලයි, නඩත්තුවට ලේසියි.  Direct touch heat pipes, pressure optimized fans, effective fin-array design වගේ කාරණා නිසා, දැන්  මේවා වල කාර්‍යක්ෂමතාවය බොහොම ඉහලයි.  

Thermaltake SpinQ
මේ තියෙන්නෙ දැනට පාවිච්චි කරන එක, අවු 10 විතර පරණ මොඩල් එකක්. ඒක ගත්තෙ, ඇමසන් ක්ලියරන්ස් සේල් එකකින්. දැන් කොයි වෙලේ හරි ෆෑන් එකේ පණ යාවි. ඒකෙ අවුල, ෆෑන් එක අලුතින් දාන්න බැරි කමයි, PWM කොන්ට්‍රෝල් නැති එකයි. මව්පුවරුවට හයිවෙන හැටිත් හොඳ නෑ. බැක් ප්ලේට් එකක් නෑ.  අර කෝටුවෙ ගිය ඉබ්බා වගේ, අයින හපාගෙන ඉන්නෙ.ප්‍රොසෙසර් එක අඩු වොටේජ් නිසාම ඔරොත්තු දෙනවා. උන්දැගෙ අනිත් නම black widow. ඒකෙ තේරුම, හරියට අටෝ ගත්තෙ නැත්නම් මලා කියන එක වෙන්ටෑ?
 Heat pipe තාක්ෂණය වෙනම හදාරන්න ඕනෙ දෙයක්. එක අතකට, හැදෑරුව කියලා ලැබෙන කෙංගෙඩියකුත් නෑ. දැන ගන්න ඕනෙ, ඒක දිගටම වැඩි දියුණුවෙනව කියලත්, අලුත් ඒවා, පරණ ඒවට වඩා දියුණු බවත් විතරයි. 



ජර්මන් ක්‍රමේට කම්පුටරයක්( සබන් ගා පොල් මුඩ්ඩෙන්  ඉලීම ඇතුලුව) ක්ලීන් කරන හැටි 




Oh, I want something just like this......



I've been reading books of old
The legends and the myths
Achilles and his gold
Hercules and his gifts
Spiderman's control
And Batman with his fists
And clearly, I don't see myself upon the list

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Thursday, November 18, 2021

අපි නොදන්න රාග තාල


බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්‍-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක්‍ යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.

කොහොමත් මේක  පට්ට සිංදුව -Dreams ,කියන්නෙ The Cranberries. චෙරි, බෙරි කන පක්සියෙකුට, මේ අයිරීෂ් බෑන්ඩ් එකේ සිංදුව අල්ලලා ගිය එක ආයෙ අහන්නත් දෙයක්ද? එකම අවුල, ඕක ඇහිච්ච ගමන් බකුසු ඔලුව, තාලෙට වැනෙන්න ගන්න එක, ඔලුවට මෝල් ගහකින් පතබෑවත්, නවත්තන්න බැරි එකයි.


ආයෙත් පාරක් අද මේ සිංදුව, මට අහන්න ලැබුනෙ 1994 Chungking Express සිත්තර පටිය බලන කොටයි. බලල නැත්නම් බලන්න වටින පිචෑර් එක, බලන්න.

මේ සින්දුවත් අයත් වෙන්නෙ "One-hit wonder" කියන කැටගරියට වෙන්ට ඕනෙ. ඒකෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. බොහොම අපූරු ගීත බොහොමයක්, ඒ කැටගරියෙ තියනවා. අපට සංගීතෙ විශ්ලේෂ්ණය, විච්චේදනය කරන්න තරම් දැණුමක් නං නෑ. ඒත් දැක්කා, ඇහැව්වා නිසා, ඔන්න ඔහේ ලියලම දැම්මා.

අනූව දශකයෙදි ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ දශකයෙ, මේ සිංදුව නැති සිත්තර පටියක් හොයාගන්න අමාරුයි කියලයි කියවෙන්නෙ. මෙන්න ඒ චිත්‍රපටි වලින් කොටසක්:

Chungking Express (1994), which prominently featured Faye Wong's Cantonese version
Safe Passage (1994)
Milk Money (1994)
The Next Karate Kid (1994)
Boys on the Side (1995)
The Baby-Sitters Club (Trailer only) (1995)
Mission: Impossible (1996)
You've Got Mail (1998)
Shot Through the Heart (1998)
Mona Lisa Smile (Trailer only) (2003)
Sound of My Voice (2011)
Prom (2011)
The To Do List (2013)
Second Act (2018)
Thunder Force (2021)

ප්‍රධාන ගායිකාව වන Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".

විවාහයෙන් පස්සෙ, කන් පාත් වෙන්නම , බොන්න පටන් ගත් ඇගේ ජීවිතේ රෝස මල යහනාවක් වුනේ නැති බවයි පේන්නෙ. ඔය බොලත් ටිකිලා ගහන කොට, ගාණක් මිම්මක් ඇතුව ගහපල්ලා, ඈ? ටොමියගෙ  මිත්‍ර බොක්සරයටයි මේ කියන්නෙ.😉

R.I.P Dolores O'Riordan (1971-2018)

බෝනස්:


🎪🎪🎪🎪🎪🐶🐶🐶🐶🍞🍞🍞🍞🐶🐺🐺🐺🐺🐺

ඇත්තටම, Wong Kar-wai කියන්නෙ, පට්ට සිනමා අධ්‍යක්ෂක වරයෙක්. මෙන්න ලිස්ට් එක:
1988As Tears Go By旺角卡門 Wong gok ka moon
1990Days of Being Wild阿飛正傳 Ah fei zing zyun
1994Chungking Express重慶森林 Chung Hing sam lam
Ashes of Time東邪西毒 Dung che sai duk
1995Fallen Angels墮落天使 Do lok tin si
1997Happy Together春光乍洩 Chun gwong cha sit
2000In the Mood for Love花樣年華 Fa yeung nin wa
20042046
2007My Blueberry Nights
2013The Grandmaster一代宗師 Yi dai zong shi
ඔය අතරින්, My Blueberry Nights2046In the Mood for Love දැනටමත් බෑව. Fallen Angels තමයි Chungking Express දෙවන කොටස. ඒත් එකම ස්ටැයිල් එක මිසක්, විශේෂ සම්බන්ධයක් නෑ,

ස්තූතිය: The Traveler's Blog

(වීඩියෝ අන්තර්ජාලයෙනි)

Thursday, November 11, 2021

අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව

  වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.

මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.

ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට.  ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා  කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?

නෑ, All Apps ගහදිගේ බඩගාලාත් ඕක හොයන්න බෑ, ගහෙන් බහින්නම පැය බාගයක් විතර යනවා, ඒ මදිවට, ඇප්ස් තියෙන්නෙ ෆෝල්ඩර් ඇතුලෙ. කොටල, දිගෑරලා බලන්නම වෙනවා. දැන් තේරෙනවා නේද, වැඩේ හිතනවට වඩා සංකීර්ණයි කියලා? කොච්චර ඇප්ස් තිබ්බත් වැඩක් නෑ,  කෙලවෙච්ච වෙලාවට, ඒකට අදාල ඇප් එකක් තියනවද, ඒක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැත්නම්. ඇප් ගෲප්ස් අදාල වෙන්නෙ, විශේෂයෙන්ම, අමතකවීම උපන්ගෙයි දෝෂයක් වෙච්ච අපි වගේ නිසාචර සත්තුන්ටයි.

මම ක්‍රමයක් අටව ගත්තා, ඔය පහල පිංතූරෙ තියෙන විදිහට. ඒත් පොඩි කොස්සක් තියනවා. වින්ඩෝස් 10 ඉඳලා, පරණ ගෲප්ස් ටික ගේන්න විදිහක් දන්නෙ නෑ. ආයෙ අලුතින්ම ගෲප්ස් හදලා නොදා, ගොඩින්ම ජාම බේරගන්න විදිහක් තියනවද කියල හොයාගන්නයි, මේ වෑයම.


වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට කියන්නෙ ලේ-අවුට් කියලලු. තියෙන්නෙ XML ෆයිල් එකක් විදිහට කියලයි කියන්නෙ. මට ඒ මහප්ප්‍රාණ තේරෙන්නෙ නෑ, මට ඕනෙ මෙච්චරයි. මේං මේ ගෲප් එකේ, මේං මේ ඇප්ස් ටිකේ ෂෝර්ට්-කට් ටික තියනවා කියන එකයි. දන්න පිංවතෙක්, පොඩි අයිඩියා එකක් දුන්නොත්, ලොකු උදව්වක්, ඈ?

පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.

මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?

ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.

මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/

Saturday, October 30, 2021

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, වින්-ඩිවෝස්


ඔහෙලා දන්නව නෙව, මම වින්ඩෝස් 11 පාවිච්චි කරන එක කල්  දැම්ම බව. ඒත් බැකප්  SSD එකේ, උන්දැ හිටියා. මමත් ඔය සුමානෙකට දෙපාරක් විතර ගිහින්, සැප-දුක අහලත් ආවා. වැඩියම අහන්න ලැබුනෙ, දුකම තමා. ඔය ටික දොහට ජනේල ගෙදර වාහෙලා, මහිතේ එක විසි-තිස් පාරක්වත් අප්ඩේට් එවන්න ඇති. ඕං ඔහොම දුකසේ ඉන්නකොට තමා, එක පාරටම ස්ටාර්ට් බටන් එකයි, සර්ච් එකයි වැඩ කරන්න ගත්තෙ. තව මට මල පීදිලා හිටිය, "ඉස්කෝල පොත" පුරස්නෙත් හරි ගියා. අකුරුත් ලස්සනයි, ඇහැටත් ප්‍රියයි. 

රිවීව් එකක දැක්කා, ඉන්"සයිඩර්" බීටා එක දාගන්නවා නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටෙස් කරන්නත් දෙනවා කියලා. ඇප් ඉස්ටෝරුවට ගිහාම කියපි, ඒක දෙන්නෙ, යැංකි දේසෙ ගොබිලින්ට විතරයි කියලා. මෙව්ව කෙත වැඩ අප්පා! කලින් මට වින්ඩෝස් 11 එපා වෙලා හිටියෙ, තිබ්බ ලෙඩ නිසා නෙව? මෙදා සැරේ තේරුනා, දැන් ඒ හැටිම අප්සෙට් එකක් නෑ කියලා. ඒත් තවම, වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට විසඳුමක් නම් නෑ.මගේ ස්ටාර්ට් ඇප් ගෘප්ස් සැට් එක දාලා යන්න වුනාට, හිතට දුකයි තමා. ඒත් අසරණ අපි වෙන මොනවා කරන්නද?  මාත් ගියා, අලුත් මහගෙත් එක්ක දීග කන්න.

වින්ඩෝස් 11 වලින් සැබෑ වෙනසක් වෙන්න නං, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හරි හැටි වැඩ කරන්න ඕනෙ. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දුවන්නෙ, වර්චුවල් ස්පේස් එකක වෙන එක අවුලක් නෑ. ඒ ටැක්නිකල් ඩීටේල්ස්, නෝමල් යූසර්ට ට්‍රාන්ස්පේරන්ට්. එව්වා ඔක්කොම OS එක බලාගන්නවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ, ඒක තාම රිලීස් වෙලා නැති එකයි. ඒ වගේම, තාම වින්ඩෝස් 10 අප්ඩේට්ස් එවනවා. පේන විදිහට, තාමත් වින්ඩෝස් 10 සූදානම් කරන පාටයි. ඉදිරියට, දැනට රෙකමන්ඩ් නොකරන, තරමක් පැරණි සිස්ටම් වලටත්, වින්ඩෝස් 11 දාගන්න ඉඩ දෙනවා කියලත් කතාවක් තියනවා. මේවා ඔක්කොම තාම, ටෙස්ට් කරමින් ඉන්න දේවල් වගෙයි පේන්නෙ. 

වින්ඩෝස් ඉන්ස්ටොලේෂන් එක, දැනට දැකපු, හොඳම එක. 80% ක්ම වෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එකක් විදිහට. ඒ කාලය තුල, අපට සාමාන්‍ය විදිහට වින්ඩෝස් 10 භාවිතා කල හැකියි. ඩවුන්ලෝඩ් කරගෙන, ඉන්ස්ටෝල් කරගෙන, අහක් වෙලා රී-ස්ටාර්ට් එකට යනවා. එතන වැඩිම වුනොත් විනාඩි 10( depending on your system) විතර යනවා. කහින්නෙ, කාරන්නෙ නැතුව ඔක්කොම මටසිලිටු ලෙසම වුනා. පේන විදිහට, නං ඔක්කොම වගේ ඇප්ස්  වැඩ.

බ්ලුටූත් කී-බෝඩ් එක ආයෙ කනෙන්ට් කරන්න ගියාම නං, අවුලක් වුනා. එක අතකට ඒක අවුලකට වඩා, අවුල ලිහිල්ලක්. ටිකක් නැටුවත්, දැන් මගේ තුට්ටු දෙකේ CSR බ්ලුටූත් ඩොංගල් එක, නියමාකාරයට "Microsoft" Generic එකක් විදිහට වැඩ. 





ඉන්ටනෙට් එකේ තියනවා, කොහොමද WSA( Windows sub-system for Android) සහ ඕනෙ නං, Google App ඉස්ටෝරුවම දාගන්න විදිහ. ඒත්, ඒවාත් එක්ක, වෙන මොන,මොන ට්‍රෝජන් අස්පයො එනවද කව්දෑ දන්නෙ? දැනට මේ ඇති, ඉවසගෙන ඉඳලා, Microsoft ඔෆීෂියලි දුන්නාම දාගන්න එක තමා නුවනට හුරු දේ. මම ඔන්-ලයින් පේමන්ට් වලට වින්ඩෝස් භාවිතා නොකලත්, මොකටද නිකං ඉල්ලගෙන කන්නෙ?
පැහැදිලිවම, වින්ඩෝස් 11 හොඳට හාඩ්වෙයා පාවිච්චි කරනවා. ප්‍රොසෙසර්, ග්‍රැෆික්-කාඩ් එහෙමත් වෙනදට වඩා සීතලට දුවනවා. ඉතිං, ඉදිරියට එන්න තියෙන දේත් එක්ක, දැනට පෙරමඟ නිමිති සුභදායකයි.

වින්ඩෝස් 10 පනේ, උඹව දාලා යන්න දුකයි බං. අම්මපා, බොරුවක් මුසාවක් කියනව නං, අහල-පහල හෝතම්බුවෙකුට හෙන ගහන්න ඕනෙ. අපි දෙන්නා, යක්කු ගස් යන ජාමෙ, එකට ඉඳන් බලපු, සිත්තර පටි, දෙන්න එක්ක ගිය වල් ටුවර්, අද වගේ මතකයි මචං. සංසාරෙ හැටි ඔහොම තමයි බාං. බස්සගෙ ත්‍රී-වීල් එකට, තව බොහෝ බබලත්තු නැගලා, බැහැල ගිහින් තියනවා. මේක ඉන්න රට්ටු, හිටවන මාටින්ලා, ලෝකයා මං ගැන නොයෙකුත් කයි-කතන්දර කියාවි. උඹ ඒව අහල හිත අමනාප කරගන්න එපා, සුදෝ.






අම්මපා, මං උඹව මගේ ස්පෙයා-වීල් එක විදිහට තියාගන්නවා. මේ අලුත් මහගෙ, මාව එලියට දාලා දොර වහපු දාකට, මං එඤ්‍ඤං උඹව බලන්න. 

පිදුම: පෝස්ට් එකක් ලියන තුරු, පන්න පන්නා පස්ස හැපූ නමියාට.


But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave Windows 10 in back-up drive