Thursday, February 17, 2022

වින්ඩෝස් 11 නරි වාදං

වින්ඩෝස් 11, Dev version Bulild 22557 අද ආවා.ප්‍රධාන වෙනස්කම්:

1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා

2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක

3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව

දැන් ඔහෙලා කියාවි, ඉතින් වාහෙ, ඔව්වා ඔක්කොම වගේ වින්ඩෝස් 10 තියනවනෙ කියලා. ඇත්ත, ඒත් වින්ඩෝස් 11 අවුල වුනේ, වින්ඩෝස් 10 තිබ්බ, අපි කැමතිම පහසුකම් හලපු එක නෙව?  දැන් ඒ ප්‍රශ්ණෙත් කම්මුතුයි. තව ඉතිං, ටාස්ක් මැනජර්ටත් නව මුහුණුවරක් දීලා. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක ගාවට මවුසා ගෙන ගිය සැනින් විජට් වින්ඩෝව පෙන්නනවා. කොටන්න ඕනෙ නෑ.

තව මෙන්න මෙහෙම, අලුත් වින්ඩෝස් ස්නැප් ප්‍රිවීව් එකකුත් අලුතින් දීලා තියනවා

තව තියනවා, efficiency mode කියලා, අලුත් පහසුකමක් ටාස්ක් මැනේජර් එකේ. වින්ඩෝස් සර්ච් එකත් වැඩි දියුණු කරලා. තව, දැන් ටාස්ක් බාර් එකට ඇප්ස්, ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප් කලෑකි. කොහොමත් වින්ඩෝස් 11 අසාර්ථක OS එකක් නෙමෙයි. හොඳයි හැබැයි තාමත් අසම්පූර්ණයි.

ඒත් වින්ඩෝස් 11 පාවිච්චි කරන්න, ඔක්කොම ඉවර වෙනකල් ඉන්න එක හරියන වැඩක් නෙමෙයි. ඒනිසා මම කියන්නෙ, දැන් පාවිච්චි කරන්න ගත්තට කමක් නෑ කියලයි.

ස්ටාර්ට් මෙනු ගෘප්ස් දුන්නට, මට දැන් ඒක පරක්කු වැඩියි. මම 7Stacks පාවිච්චිය අත්හරින්න අදහසක් නෑ. මේ තියෙන්නෙ මගේ 7Stacks, ටූල්ස් ගෲප් එක:

ඕකෙ ඇට-හුටාමාරක් යුටිලිටි ඇප්ස් තිබ්බට, මම අලුතෙන්ම දාගත්ත, OCCT බොහොම හුරුබුහුටි යුටිලිටි ඇප් එකක්. AIDA64, HWINFO, HWMonotor, CPUZ, GPUZ වගේ ඇප්ස් බොහොම ප්‍රයෝජනවත් වුනාට, OCCT වල විශේෂත්වය වන්නේ, දැනට මම දැකපු හොඳම UI ඩිසයින් එක නිසයි. අවශ්‍යකරන විස්තර, කියවන්න ලේසියි වගේම ඇහැට ප්‍රියයි. ඔබට අවශ්‍ය ඔක්කොම දේවල් දැන් එකම වහලක් යට ලබා ගන්න, ඔබත් අදම ගන්න OCCT (බාගැනීම නොමිලේ මෙතනින්)



කලින් පෝස්ට් එකේ, විසුල කවින්ද මැතිතුමා, වටිනා ඉල්ලීමක් කරලා තිබුනා. එයැයි හොයනවා කළුනික යූටියුබ් වීඩියෝ ප්ලේයර් එකේ තියෙන පහසුකම් තියෙන, ස්ටෑන්ඩ්-එලෝන් මීඩියා ප්ලේයර් ඇප් එකක්.  ඒක ගැන විසුල කවින්ද  බාසාවෙන් ලියූ ඉල්ලීම, සම්පූර්ණයෙන්:

මම හොයන තාමත් නොලැබුන මෘදුකාංග දෙකක් තියෙනවා.
1. යූටියුබ් වීඩියෝ ධාවකයේ මෙන් ටයිම්පීකරය තුල මූසික සූචකය තබා සිටින විට එතැනදී පෙන්වන රූප රාමුව පෙන්වන, චිත්‍රපටියක් බාගෙට නරඹා වසා දමා නැවත නරඹන්න පටන්ගත්විට කලින් නතරකල තැනින් පටන්ගන්නා මාධ්‍ය ධාවකයක්.

2. තිරස් අතට පිටු අනුචලනයවන සහ වෙබ් ගවේශකයක මෙන් ‘ආපසු‘, ‘ඊලඟ‘ පිටු වලට යන්න බොත්තම් ඇති පීඩීඑෆ් පෙන්වනයක්

මම හෙව්වම, මෘදුකාංග කීපයක්ම ලැබුනත්, PotPlayer තමයි හොඳටම කලේ. මේකෙ තියෙන විශේෂත්වය තමයි, seek/thumbnail preview පහසුකම වඩා සුමුදු ලෙස පෙන්වීම. ඒත් දාගත්ත ගමන්, ඒ පහසුකම ඉබේ එන්නෙ නෑ. ඔප්ෂන් ගිහින් ඔන් කරගන්න ඕනෙ.

පිලිගැන්වීම: ටැක්නිකල් ලිපි ලිවීම ආරම්භ කර, අසරණ නිදිව වෙන්දේසිකල නමියාට.


හොඳ වෙලාවට උදේ ගිහින්, කන්න බඩු ටික අරං ආවෙ. මේං දැන් "දෙන්න පටන් ගති, දෙන්න පටන් ගති, දණබිම ඇනගෙන"

ආ, තව Brothers Game එක ආං නිකං දෙනවා, බාගනිල්ලා. ගූගල් එකවුන්ට් එකකින් ලොග් වෙතෑකි, නූල්-සූත්තර නැත. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Saturday, February 12, 2022

අලුත් බිත්තර සහ කුණු බිත්තර

Newegg කියන්නෙ, මේ සාවියෙ ඉන්න කම්පියුටර් කොම්පැණියක්. වොල්මාට් වගේම යැංකි එකක් වුනත්, ඇමසන් එකෙන් එන තර්ජනය හමුවේ, තාමත් ඉහ ගහගෙන ඉන්න කොම්පැණි අතලොස්ස අතරින් එකක්. ඉස්සර, හොඳ නමක් තිබ්බත්, දැන්, දැන් වාර්තාවෙන සිද්ධි නිසා, මිලදී ගන්න පෙර, දෙපාරක් හිතන්න වෙනවා.

බිත්තර කියල කිව්වද?
 මේ වීඩියෝවෙ ඉන්න, කොන්ඩෙ දිග හාදයා,  ශ්‍රී නාමෙ දැළි නොගාගත්ත, ස්වාධීන තාක්සනික සමාලෝචකයෙක්. Newegg එක වරද්ද ගත්තෙ, ඔහු ඕඩර් කර,  පෙට්ටියවත් නොඇර රිටර්න් කරපු, මව්පුවරුවකට අභූත චෝදනාවක් මත, ගෙවීම පැහැර හැරීමට තැත් කිරීම නිසයි. දෙබරෙට ගල් ගැහැව්වා වගේ, ඉන්ටනැට්ටෙ තාක්සනික ගැන්සිය ඇවිස්සුනාම, Newegg එකට තේරුනා වැඩේ වැරදුන බව. අත්හිටවපු ගෙවීම කරලා, පෙට්ටියත් ආයෙම එව්වා. ඒකෙන් වුනේ, Newegg එක, දෙවනවරටත් අනා ගත්ත එකයි. පෙට්ටියෙ අලවලා තිබුන, ලේබල් එකක් ආධාරයෙන් ඔප්පු වුනා, Newegg එක, දැන දැනම කඩේ ඇරියා කියලා. 

අද මෙවැනි වෙළඳ අධිකාරි විතරක් නෙමෙයි, තව බොහෝ දේවල් ස්වාධීනව අභියෝගයට ලක් කෙරෙනවා. මේ යන අලුත් නිදහස් තාක්ෂණික නැඹුරුවට මම නං කැමතියි. අසාධාරණ වෙළඳපොල ඒකාධිකාරිය වගේම  ව්‍යාජ බමුණු කුලත් බිඳ වැටිලා, දැණුම නිදහසේ බෙදා හැරෙන හැටි හරිම අපූරුයි. සොරි, පිරිසිදු හැල බසින් නං ඒක කෙරෙන්නෙ නෑ.

මම මගේ මව්‍ පුවරුව බාගත්තෙත් Newegg එකෙන්, ගත්තට පස්සෙ, උන්දලා ඒකම තව සුපියල් 30ක් අඩුවටත් දැම්ම නිසා, මම හිටියෙ නයා මැරිව්ව අහිකුණ්ථිකයා වගේ. ඒත් මේව්වා දකිනකොට, දැන් හිතෙනවා, අතක් පයක් නොකැඩි, ඔයින් ගියා මඳැයි කියලා. 

කොන්ඩෙ දිග හාදයාගෙ කොම්පැණියට GN( Gamers Nexus), 1.57M දායක සභාවක් ඉන්නවා. නෑ, නෑ, ගෝට් චීස් එක්ක සැමන් ෆිලේ කනවද කියන්න නං දන්නෙ නෑ. එයාගෙ ලැබ් එකට අවශ්‍ය ටෙස්ට් මැෂින් ගන්න පවා දායක වෙන්නෙ, කොමියුනිටි එකේ කස්ටිය. මම ඔහුව අගේ කරන එක කාරණයක් තමයි " කිසිම සන්නාම නාමයකට(brand) ගැන, ඕනවට වඩා අන්ධ භක්තියක් ඇති කරගන්න එපා(ඔවුන්ගෙ රිවීව් ගැන පවා)"  කියලා ඔහු කියන එක ගැන.  බුදු බණේ තියෙන්නෙත් එහෙමම නේද?


මේකෙ විස්තර කරන්නෙ, හොඳ කොලිටියේ, බජට් පවර්-සප්ලයි එකක් ගැන. මේ රොකට් සයන්ස් නෙමෙයි. X,Y safety capacitor,Thermistors( surge suppression) , common-mode noise rejection, ripple filterring, EMF noise, load regulation, buck converter වගේ මූලික පවර් ඉලෙක්ට්‍රොනික්ස් සිද්ධාන්ත දැණගත්තාම, වීඩියෝව තේරුම් ගන්න අමාරු නෑ.අනික මේ හදන්නෙ, පවර්-සප්ලයි රෙපයාර් කරන්න නෙමෙයි නිසා, සරලව, උඩින්-පල්ලෙන් දැණගත්තාම හොඳටෝම ඇති.  හොඳ පවර්-සප්ලයි එකක් නම්, ඕවර් ලෝඩ් වුනත්, පියුස් යන්න ඉස්සෙල්ලා කට්-ඕෆ් වෙන්න ඕනෙ.  සාමාන්‍යයෙන් ඕවර් ලෝඩ් කට්-ඕෆ් පොයින්ට් එක 120-140% අතර තියෙන්නෙ. ඒකෙ අදහස, එහෙම දිගටම කරටියෙ පාවිච්චි කලාට අවුලක් නෑ කියන එක නෙමෙයි. ඒ ඉලෙක්ට්‍රොනික්ස්, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොලයිටික් කැපෑසිටර් වල ආයු කාලය, උෂ්ණත්ව වැඩිවීමට  ප්‍රතිලෝමව සමානුපාතික නිසයි. ඇවරේජ් පවර්-සප්ලයි රේට් කරලා තියෙන්නෙ, 40c වලට.

තට්ට මහත්තයාගෙ නමේ  "ගල්" කියල කොටසක් තියෙනවා වුනාට, එයා ගල් ආඳා වගේ නොලිස්සා, හොඳට පැහැදිලි කලා. එයා කියනවා, අපිට තියෙන්නෙ විචාර බුද්දියෙන් අහගෙන ඉන්නයි( මෙතන තියනවා, වඩා ගැඹුරු රිවීව් එකක්). ගාණෙ හැටිය වටින භාණ්ඩයක්.
ඊයෙ බලන කොට, මේන්න ඕකම Newegg එකේම යැංකි සුපියල් 30ට දාලා. ප්‍රී ෂිපින් දෙනවාත් කිව්වා. කෙටුවද කියලත් අහනවා? ඊයෙ කෙටුව, අද  තැපෑලෙ ආවා. ඒත්, වල් තැපලා මට ඒක දුන්නෙ නෑ, බිල්ඩිමට එන සැකුරිටි කෝඩ් එක නෑ කියලා, ආයෙ අරං ගියා.ඕකව දීයාම  කාපිය! දැන් එන අඟහරුවාදා එනව කියන්නෙ.

දැන්, තියෙන එක තාම වැඩ නං, ඕක ගත්තෙ මොන උලව්වකටද? එතකොට, අර පලවෙනි වීඩියෝවෙන්වත්, Newegg එක ගැන පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද? ම්හු....බකුසු මොටෝ එක "පලමුව කොටන්න, දෙවනුව හිතන්න" කියන එක නිසා, නොකොටා කොහොමද? ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක්- කැල්කියුලේටඩ් රිස්ක් එකක්. 

මේ තියෙන්නෙ, 2016 දි දැන් තියෙන EVGA PSU එක ගන්න කලින් තිබ්බ පවර්-සප්ලයි එක. ඒකත් Cooler Master ම තමයි( ඒත් අද Cooler Master තත්ත්වය සහ කොලිටිය හුඟක් වෙනස්). ඔය Cooler Master-460W එකේ, 12V රේල් එකේ උපරිම රේටින් 300W. ඒත් ඒකවත් හරියට දුන්නෙ නෑ. අලුත් GPU එකක් දාපු ගමන්, ස්ක්‍රීන් එකේ අකුරු ස්ක්‍රැම්බල් වෙන්න ගත්තා. එහෙම හදිසියේ අලුත් එක ගත්ත නිසා, ගන්න වුනේ සුපියල් හැට පහකට. ලඟකදි EVGA  ෆෑන් එකේ සද්දයක් ආ නිසා, ග්‍රීස් ගසා උඩු යටිකුරු කර භාවිතා කරන නමුත්, දැනට අවුරුදු 5කට වැඩි, සීනියර් සිටිසන්  EVGA ලඟකදී අභාවප්‍රාප්ත වීමටත් ඉඩ ඇත. එසේ වුවහොත්, විශ්‍රාම ගැන්වීමට මිස, අටවා දිවවීමට කිසිම අදහසක් නැත.

එතකොට කොහොමද, හෝතම්බුවා එකම PSU එක අවුරුදු 10 පමණ තාමත් පාවිච්චි කරන්නෙ? උත්තරය "Ignorance is  bliss"

අවුරුදු 5 ක් කියන්නෙ, කම්පියුටර් වර්ෂ වලින් දිග කාළයක්. PSU සම්මත වගේම ආරක්ෂක ක්‍රමවේදයන්ද සෑහෙන පමණ වෙනස් වෙලා.  ෆෑන් බෙයාරිං ක්‍රමවේදත්( dust proof) ඒ එක්කම දියුණු වුනා. මේ සියල්ල සලකා බැලූවිට, කම්පියුටරයේ, ඉදිරිපෙල ආරක්ෂකයා වන PSU එකට, යැංකි සුපියල් 30 ආයෝජනය, සාධාරණ බව හිතෙන්නෙ නැද්ද?

Cooler Master 650W 

ප.ලි: තැපලා ආවා. පාර්සලෙත් ගෙනාවා😊👌

 


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, February 9, 2022

ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං

ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්‍රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.

ඔන්න ඔය ක්‍රමයට තමයි, බස්සාගේ ටිං කටරයේ කතාව ගලා ගෙන ගියේ.  හැල-හැප්පුම් නැතුවම, ගලා ගෙන ගියා කියල නං කියන්න බෑ. ටිං එකට අත කපා ගත්ත වාර ගාණ මතක නෑ. ලොකුම අවුල තමයි, කපාපු ටිං පියන, නැවත ටිං එක උඩ තියන එක. ඒකටත් ක්‍රමයක් හොයා ගත්තා. ටිං එක මැදින් ඔබල, ඉලිප්සාකාර කරලා, පියන උඩින් තියන එක. ඒත් ඔය, අසමහ්ජාති පියන, කොහොම හරි රිංගනවා ටිං එක ඇතුලට. 

ඔය අතරෙ තව අත්හදාබැලීම් කලා. පියන සම්පූර්ණයෙන්ම නොකපා, ටිකක් ඉතුරු කර දොරක් සේ භාවිතා කිරීම වගේ.

ඒත් ටික වතාවක් අරින,වහන කොට පියන වෙන් වෙනවා.අනිත් අවුල තමයි, පියන හොඳ හැටි "සීල්" නොවන නිසා , අඩංගු දේ වියලෙන එක. බාලම ටිං කටර් සිට, බ්‍රෑන්ඩඩ් එව්වා දක්වා ටිං කටර් වර්ග කීපයක් අත්හදා බැලුවත් එකම සන්තෑසිම තමයි වුනේ.

ඔය අතරේ දවසක්, මෙන්න මේක ඇන්න ආවා. ටක්කෙටම කෙලගෙන එන්න ඇත්තෙ, සේල් එකකින් වෙන්ටෑ? ගෙනාවට මුන්දෑ උන්නෙ පැත්තක. ඒ පැත්ත, මේ පැත්ත පෙරලලා බැලුවා. 

ම්හු...අර දන්න ටිං කටර් වගේ නෑ, කැපෙන්නෙ කොහොමද කියලා හිතාගන්නම බෑ. මඟුලක් අහනවා? පිස්සුද, ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද මැනුවල් කියවන එක?

කියන්න කණගාටුයි මහත්වරුනි, පස්සෙ ලැජ්ජාව බිමින් තියලා යූ-ටියුබ් වීඩියෝවක් බැලුව. මේක වැටෙන්නෙ safety can opener කියන කැටගරියට. කැපෙන්නෙ පිට පැත්තෙ තියන දාරෙන්. කපාගෙන යනකොට, කැපෙනවා කියල හිතෙන්නෙත් නෑ.

ඒත් සම්පූර්ණ වටයම ගියාම, අතට සියුම් බුරුලක් දැනෙනවා. ඒත් පියන කැපිලයි තියෙන්නෙ කියල පේන්නෙ නෑ. කියල තියන විදිහට,පැත්තෙ තියෙන අඞුවෙන් අල්ලලා පියන ඉස්සුවාම, අපූරුවට ගැලවිලා එනවා.

මේ දවස්වල වැඩිය ෂොපින් නොයන නිසා, ටිං කෑම නැගලා යනවා. අලුත්ම අතුරුපස ලෙස කලවං පළතුරු තට්ටුවක් දැමූ ජෙලි සමඟ උඩින් දැමූ ටින්කිරි  අත්හදා බලන ගමන් මේ ඉන්නෙ. කුකුලා මාක් ටිංකිරි එක ලඟ, පැන්සොන් ගිය ටිං කටරයාට හේත්තුව දාගෙන ඉන්නෙ අලුත් එකා. හොඳම කොටස, දැන් පියන ඇතුලට වැටෙන්නෙ නැති එකයි, සෑහෙන තරම් හොඳට පියන සීල් වෙන එකයි.

දේශීය තාක්සනය යොදාගෙන, කටර් නැතුව සිමෙන්ති වලින් ටිං ඇරපු, ආරක්ෂක භටයෙක් අඹතලේ හිටියා . උන්දෑ ටිං අරින්න දෙයියා. ටිකක් ඈත ඉඳන් වැඩට ආවෙ පුෂ්-සයිකලේමයි. එනකොට මඟදිම සලු වෙලයි එන්නෙ. එයැයිගෙ, රෑ කෑම පොඩි සැමන් ටින් එකක් විතරයි. තව ගේනවා තක්කාලි, ලුනු-ලූණු සහ අවුමිරිස්. අර ගෙනාපු සැමන් ටිං එකේ දාරෙ උලනවා සිමෙන්ති පොලවෙ, දාරෙ ගෙවෙන කල්.  අකාලෙ මලා, ඒත් උන්දෑ නියම හැල යක්ඛ පුතෙක් .   

කෙටි වීඩියෝව:


සම්පූර්ණ තොරණෙ විස්තරේ:


ටිං වගේම බස්සා කැමතිම කෙනෙක් තමයි ටිංටිං. මැකීගිය දඩමං පොස්ට් සීරීස් එකේ තියෙන විදිහට,මම ප්‍රංසෙ ඉඳන් ඇම්ස්ටඩෑම් යද්දි කෝච්චිය බ්‍රසල්ස් හරහා ගියත් නැවැත්තුවෙ නෑ. බ්‍රසල්ස් වල ගොඩ බැහැපු බුරතීනෝටවත් ටිංටිං එක්ක කෝපි බොන්න චෑන්ස් එකක් ලැබිලා නෑ. අද වගේ පහසුකම් නැති, මගේ කුඩා කාලෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු කරපු  එක හාදයෙක් තමයි මේ ටිංටිං . අද වුනත්, කැත නැතුව කෙනෙකුට මේ පොත් නිර්දේශ කල හැක්කේ, එහි භාෂාව,ව්‍යාකරණ නිවැරදි නිසයි. Z-libraray එකේ මේ පොත් තියනවා. දාලා තියෙන පිංතූර, ටිංටිං මුල්කාලෙ පොතක් වන TinTin - 01 - Land of the Soviets පොතෙන්. PDF කියවන්න මම පාවිච්චි කරන්නේ Cover-Comic Reader.

ඩික්ෂණරිය ලඟ තියාගෙන, කොමික් පොත් කියවන එක ලේසි වැඩක් නෙමෙයි, ඒත් එදා ඒ ක්‍රමය සාර්ථක වුනා. අද මේ ඉන්ටනෙට් යුගේ එහෙම කරන්න අවශ්‍ය නෑ, ඊට වඩා හුඟක් පහසුකම් තියනවා. පටන් ගැනීමක් හැටියට සබ්-ටයිටල්, ගූගල් ට්‍රාන්ස්ලේට් හොඳ වුනාට, ඒවට ඇබ්බැහිවීම, බොරු වලක වැටීමක් කියන එකයි මගේ අදහස. 





මට හිතෙන දෙයක් තමයි,  කොතරම් අපහසු වුනත්, අපි අපේ පුරුදු විස්වාස/ඇදහිලි වලින් වෙනස් වෙන්න කැමති නෑ කියන එක. සුද්දා ඕකට කියන්නෙ "comfort zone" කියලයි. කොච්චර අත කපාගත්තත්, මම මෙච්චර කාලයක්ම පුරුදු ටිං කටර් එක අතනෑරියෙ ඒනිසා වෙන්ටෑ?  ඒත් සාධක නැති අපේ හැම විස්වාසයක්ම එහෙමද, නැත්නම් ඒ අපේ නොදන්නා කමද?

ගමරාළ නං කිව්වෙ, හා බොරු නං වත්තෙ ලස්සනට වැවිච්ච මල් පාත්තියක පිංතූරයක්, මූණුපොතේ දාලා බලපල්ලකො, මල් ටික හුටස් ගාලා කූරියා ගහන්නෙ නැද්ද කියලයි.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Monday, January 31, 2022

මාරු මාදිලිය බල සැපයුම

පරිගණකයක, මම අතපත ගාන්න අකමැතිම කොටස තමයි, මාරු මාදිලිය බල සැපයුම (PSU) එක. හේතුව බොහොම සරලයි. ඕකෙ තියනවා හුණ්ඩුවක් විතර තඩි කැප් එකක්. ඕක 300v වලට විතර චාජ් වුනාම, චාජ් එක සෑහෙන වෙලාවක් තියනවා. විදුලිය විසන්ධි කලත්, කැප් එක ඩිස්චාජ් කරන්නම ඕන අලුත්වැඩියාවකට.

මේ ඉන්නෙ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර් කෙනෙක්. පරණ ඇනලොග් යුගයෙන් පටන් ගෙන, නවීන ඩිජිටල් තාක්ෂණය දක්වාම යවත්කාලීන වුන කෙනෙක්,  අපි ඔහෙලා වගේ හාල් කෑලි නෙමෙයි. එහෙව් ඔස්තාර්ටත්, මාරු මාදිලිය දවල් තරු පෙන්නුව කියහංකො. ටයිම්-ස්ටෑම්ප් 5:55 සහ 53:10


 Bad electrolytic capacitor
විදුලිය විසන්ධි කල මරු මාදිලියා මෙහෙම නං, SMPS(switch mode power supply) අලුත් වැඩියා කරන්න/ පරීක්ෂා කරන්නම බැරිද? උත්තරය සාපේක්ෂයි - meh! . පැහැදිලිවම පේන, ඔලුව ඉදිමිච්ච කැපෑසිටර් තියේ නං මාරු කරලා දැමීමට කමක් නෑ. ඊට අමතරව, ඔව්වා අතපත නොගා ඉන්න තරමට ඇඟට ගුණයි කියන එක තමා මගේ අදහස. හේතුව, මේ ආකාරයේ බල සැපයුම් සංකීර්ණයි. ඒ වගේම, බොහෝවිට එව්වා පිච්චෙන්නෙ දාම ක්‍රියාවක් විදිහට නිසයි. අලුත් වැඩියාව, අනතුරුදායක පැත්තට බරයි. ආරක්ෂාවට,මා ලඟ සුපියල් විස්සකට ඇමසන් එකෙන් බාගත්ත Isolation Transformer ගැජමැටික් එක්කුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න ඕනෙ දේ තමයි, මේ වගේ අලුත්වැඩියාවකින්, මහන්සියේ හැටිය ප්‍රයෝජනයක් නැති බව. පරිගණකයක අඩුම මිලක් ඇති, ඒත් ඉතා වැදගත් වගේම, බොහෝ විට අවතක්සේරුවට භාජනය වන උපාංගයක් තමයි බල සැපයුම. මගේ පොයින්ට් එක, තුට්ටු දෙකේ බල සැපයුමක්ම නොගෙන, ඒත් හැකි සෑම විටම ඔය මල හත් ඉලව්වෙන් ඈත් වෙලා ඉන්න කියන එකයි. Prevention is better than cure and Safety is not an option . 
විල්ලුද නළල් යටිකුරිත්තා

ඔව්වා ගැන දන්න කෙනෙක්, අපේ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර්ගෙ වීඩියෝවෙදි මෙහෙම කිව්වා:

I could tell right from the start when you were randomly touching the board that you were going to get a belt from the big caps. That part didn't surprise me at all hehe! The reality is modern PSUs are not worth fixing unless it's an obvious bulged cap. Modern PSUs are far too complicated even if you have the schematic and are a professional repairer. When a PSU fails it's often catastrophic and takes out many parts and almost always it's not visible.
 Any PSU with visual high voltage damage is a lost cause, no point even looking. They are not that expensive to replace with a new one.

මේ කියන හරුපෙ, හරියටම තේරුම් ගන්න නං, නවීන multi-layer PCB සහ ඒවා සාදන ද්‍රව්‍ය වල ගතිගුණ සලකා බලන්න වෙනවා. තේරෙන බාසාවෙන් කියන්නෙ, ඔහොම "ආර්ක්" වෙලා පිච්චුනාම, පේන්නම පිච්චිලා තියෙන ඒවා වලට වඩා හානිය බරපතල වියහැකි බවයි.අටවන මාටින්ල, දැණගන්න ඕනෙ අටවන්න හැකි/බැරි දේ තෝරා බේරා ගන්න. මරු මාදිලියා වැටෙන්නෙ "නොකල යුතු" කොටසට. කරන්න පුළුවන් දේ තමයි පිච්චෙන එක වැලැක්වීම. ඒ සඳහා, ඉඳලා හිටලාවත් ඕකෙ දූවිලි කඩලා, පංකාව වැඩද කියලා බලන එක, ඉදිමිච්ච කැප්ස් තියේද බලන එක නං හොඳ වැඩක්. මම කලේ සුද්ද-බුද්ද කරලා, පංකාවෙ පැත්ත මාරු කරලා, බල සැපයුම ඇතුලට දූවිලි එන එක අවම වෙන විදිහට සකස් කරන එකයි.  

දැන් තේරෙනවා නේද, ඇයි මගේ "මාරු මාදිලිය බල සැපයුම්" අකමැත්ත කියලා? මම අකමැති වුනාට, මේක නැතුවම බැරි භාණ්ඩයක්. මමත් කාළයක් ගත්තෙ, නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් තමයි. ඒත් ටිකක් මිළ අධික GPU වලට මාරු වුනාට පස්සෙ, දැන් තියෙන සන්නාම බල සැපයුම ගත්තා. බල සැපයුමෙන් ආරක්ෂා වෙන්නෙ, ඊට වඩා කීප ගුණයකින් මිළ අධික උපාංග .ඔහෙලට, අපට ඉහළම තත්ත්වෙ මිළ අධික PSU වගේ නරි-වාදං ගන්න බැරි එක ඇත්ත. ඒත් නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් නොගන්න එක(මැදුම් පිළිවෙත), දීර්ඝ කාළීනව ලාභදායකයි. 

පරිගණකයකට, මම කැමැත්තෙන්ම ගන්නා එකම over-kill උපාංගය තමයි බල සැපයුම.බල සැපයුමක් උපරිම ධාරිතාවෙන් වැඩ ගැනීම, ඉතා නරක ( පොලියත් එක්කම ගෙවන්න වෙන) පුරුද්දක් විය හැක. 

සාමාන්‍ය පවර් සප්ලයි(බොහෝවිට අපි භාවිතාකරන) රේට් කරල තියෙන්නෙ 0c-40c වලට. වැඩි ධාරිතාවක පවර් සප්ලයි එකක්, අඩු ධාරිතාවයකින් භාවිතා කල යුත්තේ, එය ඉහත උශ්ණත්ව පරාසය තුල තබා ගැනීමටයි. මගේ පස් -චාස් වියැති "මරු මාදිලියා" තවත් චිරාත් කාළයක් යෙහෙන් වැජඹේවා, ඒස්වාහ පුහ්! 







(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, January 19, 2022

හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය

මම "Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල" පෝස්ට් එකේ කියාපු, සුපියල් 32 කට,  ඊ-බේ එකෙන් ගත්ත, Vetroo V5 CPU cooler එක ආවා. ඒත් තාම පරණ එක හොඳට වැඩ කරන නිසා මාරුකලේ නෑ. කොන් දෙකක්, පොඩ්ඩක් තැලිලා තිබුණා. ලාබෙට දුන්නෙ ඒ නිසාද මන්දා? ඒත් ටැක්ස්වත් ගෙව්වෙ නැති නිසාත්, හානිය, කාර්‍යක්ෂමතාවට එතරම් බලපෑමක් නැති නිසාත්, මට නං අවුලක් නෑ. Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ. ඒ නිසා, මම මේ ලඟදී CPU cooler  එකක cold plate එක පැතලි කරන විදිහ( lapping) ගැන වීඩියෝ එකක් බලමින් හිටියා. 

දැන් මේ වීඩියෝවෙ කියනවා, වැලි කඩදාසිය, සාමාන්‍ය වීදුරු තහඩුවක් මත තියලා උරච්චි කරන්න කියලා. සාමාන්‍ය වීදුරු තහඩුවක්, සෑහෙන පමණ පැතලි පෘෂ්ඨයක් කියලා කිව්වා විතරයි, දෙබරෙට ගල් ගැහැව්වා වගෙ, කස්ටිය ටිපර් වෙනවා.

I'm not sure I'd even call this lapping tbh. sure its TECHNICALLY lapping but its nowhere near properly accurate.

"Glass is perfectly flat" every machinist replacing their expensive granite surface plates with glass. Invest in a lapping plate.

මෙතන මේ granite surface plate කියන්නෙ, මැකෑනිකල් ඔස්තාර්ලා පාවිච්චි කරන පැතලි පෘෂ්ඨයට. උන්දලාට ඒක තමයි පැතලි බවේ බයිබල් එක. හැම මිනුමකටම, සාපේක්ෂ වන්නේ (reference) surface plate පෘෂ්ඨයයි.

 ඒත් ඇත්තම තත්ත්වය ඊට වෙනස්. වීදුරු තහඩුවක පැතලි බව දෙවනි වන්නේ, ස්වාභාවික මයිකා ෂීට් එකකට විතරයි. ඒත් මයිකා ෂීට් පැතලි වුනාට දෘඩ බවනැති නිසා, ප්‍රායෝගික නෑ. කැඩෙන සුළු නිසා වීදුරු තහඩුවක්, granite surface plate එකකට විකල්පයක් වෙන්නෙත් නෑ තමයි. ඒත්, අටවන මාටින් උරච්චිකරන වැඩකට, අස්ප ගණන් surface plate නැති හුදී ජනයාට, ලාභ වීදුරු තහඩුවක පැතලි බව හොඳටම ප්‍රමාණවත් වෙනවා.


පළවෙනි, උරච්චි කරන වීඩියෝව විනාඩි 16 නිසා නොබැලුවට කමක් නෑ. වැදගත් එක විනාඩි දහයෙ දෙවනි වීඩියෝවයි. අපි ඇත්තයි කියල, කොච්චර මිත්‍යා විස්වාස අදහනවද? ලාබ බඩු හැම එකකමත් හිල් නෑ. මොකද කියන්නෙ? අධි-පරිභෝජනවාදය ඉවත දමලා, අපිත් අටවන මාටින් කලබ් එකට ජොයින්ට් වෙමුද?



ආ, තව සුපියල් අටේ කී-කැප්ස් සෙට් එකකුත් ආවා, මැකෑනිකල් කී බෝඩ් එකට. මේන්න මෙහෙමයි, දාගත්තාම පෙනුම. ගානෙ හැටියට, ප්‍රයෝජනේ වටිනවා. තිබිච්ච කලු කී-කැප්ස් වල, අකුරු බැක් ලයිට් නැතුව අඳුරුයි. මේවා එහෙම නෑ.

ඩබල්-ෂොට් කී-කැප්ස්

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, January 9, 2022

තර්ජන ,ගර්ජන සහ ආරක්සාව

"මැරුං නොකා ලියපිය" කියලා චිට් එකක්, බෙල්ල හපන ආදිපාද එවල තිබුණා. මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්. 

දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්‍රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්‍රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්‍රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.

දැන් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, ආරක්ෂාව කියන එක සාපේක්ෂයි , 100% ආරක්ෂාව කියල එකක් නෑ, කියල. දැන් ඔය MacOS වල වෛරස්, සයිබර් ඇටෑක් අඩුයි කියනවනෙ. එහෙම වෙලා තියන්නෙ, MacOS වල ආරක්ෂාව වින්ඩෝස් වලට වඩා හොඳ නිසයි. එතකොට, "මොකටෑ අපි පුම්ක ඉරාගෙන මේක හැක් කරන්නෙ, අර ලේසියෙන්ම රිංගන්න ඇහැකි වින්ඩොස් තියෙන කොට?" කියලා හැකරු එන්නෙම
අපිට කෙලින්නයි.

වින්ඩෝස් වල ආරක්ෂාව, යම් පමණකට සවිමත් කරන ක්‍රම තුනක්:

1. Core Isolation

2. Microsoft Application Guard 

3. Windows SandBox

මේ ක්‍රම තුනටම, windows virtualization භාවිතා වෙනවා. මේ අතරින්, Core Isolation කියන්නෙ, වින්ඩෝස් වලින් නඩත්තු කරන memory integrity ආරක්ෂක ක්‍රමවේදයක්. අනිත් ක්‍රම දෙක, පාවිච්චි කරන්නා විසින් ආරම්භ කලයුතු, virtual environment දෙකක්. Microsoft Application Guard කියන්නෙ, බ්‍රව්සර් සෙෂන් එකකට එන Mini-SandBox එකක් වගේ එකක්.

ඉස්සෙල්ලාම, බයෝස් වලින් Hyper-V සහ Above 4G Memory Decording, ඔන් කර ගන්න ඕනෙ. එතකොට SandBox නං නිකම්ම වැඩ කරන්න ගන්නවා. Core Isolation, වින්ඩෝස් සෙටිං වලින් ඔන් කරගෙන, පස්සෙ Windows Features වලින් ඇක්ටිවේට් කරගන්න වෙනවා.  කාටත් තේරෙන, සරල "විසුල කවින්ද" ක්‍රමේට කියනවා නං, ප්‍රධාන පරිගනක සම්පත් වලින් හුදකලා කරන ලද, අතත්‍ය මතක ගබඩාවක ඇති, චෞර  පරිගනකයක් මවා දීමක් තමයි වෙන්නෙ. හැලප ගිලින්න යන්න, වල් ටුවර් දාන්න කියාපු භාණ්ඩෙ. රාජකාරිය අවසානයේ, අතත්‍ය පරිගනකය වාෂ්ප වෙනවා.

මේක ටැක්නිකල් ටියුටෝරියල් එකක් නෙමෙයි. මෙහෙම එව්වත් තියනවා, කියන දැණුම් දීමක් පමණයි. මේවා වල සීමා-මායිම් සහ ප්‍රායෝගිතාවය, රඳා පවතින්නේ, පාවිච්චි කරන්නා මතයි. ඒ නිසා ඈස්චර්‍යයක් බලා පොරොත්තු වෙන්න එපා.


ඔව්වා මොනවද ලොක්කා. මෙව්ව නෙව ඈස්චර්‍යය?



පාඨක ප්‍රතිචාර:

වැටධිපති: හෙහ්........

නමියා: අපි නොදන්න මොණරතැන්න?

විසුල කවින්ද: මේ.....ඔයාගෙ සසම්භාවී ප්‍රවේශ මතකය ගිගා බයිට් කීයද?


මුකලං බස්සා: සුරුස්.............


Wednesday, December 15, 2021

නත්තල් තෑග්ගක්

හැමදාම ලියන, ගත්ත අලුත්ම නරිවාදං ගැන නොලියා, මට හිතුනා ඇත්තටම ඔහෙල වැඩිදෙනෙක් කැමති වෙයි කියල හිතෙන දෙයක් ගැන ලියන්න. ඒ තමයි "ඕප-දූප". හෑ, කැමති නෑ කිව්වා? මේ බොරු නං කියන්න එපා! සඟිස්කුරුතියෙන් අපේ ඇටමිදුලු වලටම කව්වලා තියෙනෙ දේට, කොහොමද අකමැති වෙන්නෙ? රාළේ මෙව්වා, ජාතියන්තර ඕපදූප. 

ඔරුමත්තුනාඩුවෙ, මෙන්න මේ හාදයගෙ සාවියෙ ඉන්න පිංවතුන්ට පුළුවනි, තම තමන්ගෙ පරණ කම්පූටර් මේ ග්‍රෙග්ට දෙන්න, එයා ඒවා සුද්දකරලා විතරක් නෙමෙයි, අලුත්ම කෑලි-බෑලි ටිකකුත් දාලම දෙනවා. සත පහක් ගන්නෙ නෑ. විස්වාස කරන්න අමාරුයි  වගේ නේද? බලන්නකො වීඩියෝව, දැන් එහෙම තමයි අලුත් විවුර්ත ආර්ථිකේ වැඩකරන්නෙ.


ග්‍රෙග්ගෙ අසල්වාසියෙක් නොවීම නිසා, අපි ඔහෙලට මේ චෑන්ස් එක ලැබෙන්නෙ නෑ. මේක දැම්මෙ, සමාජ සේවයක් නූනත්, මෙහෙම එව්වත් තියනවා කියල කියන්නයි. උන්දැට වෑර් කෑලි දෙකක් පාස්ස ගන්නවත් බෑ. ඔහුගේ විශේෂඥභාවය තියෙන්නෙ, කම්පූටර එකලස් කිරීම ගැන. තමන් දන්න දේ හරියට කිරීමත්, නොදන්න හත්ඉලව් වලට කෙලින්ම "බෑ" කීමත්, අවංක භාවයත් හරහා, ඔහු අද සාර්ථක ආදායම්ලාභියෙක් වෙලා ඉන්නවා. ඔහු නම්බුකාර, සාඩම්බර "ක්ලීනර්" කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.

                                                 (〃 ̄︶ ̄)人( ̄︶ ̄〃)

මෙයා ගැන සමහරු දන්නවා. මේ ඉන්නෙ "ස්නෝ වයිට්" ගෙ චීන වර්ශන් එක. කෙලින්ම නොකිව්වත්, ඇඟෙව්වෙ , නගරයේ කෘතීම යාන්ත්‍රික "මී තරඟය" එපා වී, ආත්තම්මාගේ ගොවිගෙදරට ගිය ගැමි කෙල්ලෙක් බවටයි. චීනෙ හරිම ජනප්‍රිය චරිතයක්. ලෝකෙ අනිත් පැතිවලත් එහෙම තමා. අපේ අය කීපදෙනෙකුත්, ඒ බිසිනොස් මොඩල් එක "ණයට" ගත්තත් එක්ක.

මේකෙන් දෙන අදහස, කෙලින්ම වදින්නෙ මොලේට,දෙවර පෙරනලද පරණ අරක්කු වගේ. ඇයි හතිලව්වේ, කොන්ක්‍රීට් වනාන්තරවල ඉන්න, යාන්ත්‍රීක සත්තු වන අපේ හීනෙ ඕක නෙව? පැවැත්මක් නැති, සැබෑ නොවන, යථාර්ථවාදී නොවන සිහිනයක්. ඔව්, මාත් ගිල්ලා ගුලිය, ඇයි අවුල්ද?


ඒත් යථාර්ථය හීන වලට බොහොම දුරයි. පිංවතුනි. 




ඔබේ-බටේ හීන විකුණන්න තහනමක් නෑ. ඒත් ඒක කොච්චර සදාචාරාත්මකද කියන එක ප්‍රශ්ණයක්. විශේෂයෙන්ම, ඔබ ඔබේ පාට-යක්කුන්ව "රයිඩ්" එකකට ගෙනියනවා නම්, මම ඒකට කැමති නෑ. ග්‍රෙග්, චීන "ෆෙයරි ප්‍රින්සස්" දෙන්නම " content creators වුනාට, වෙනස ඒකයි. අවසානයට, මේ  ඔක්කොගෙම තෝන් ලණුව තියෙන්නෙ, ගූගලයා අතේ.

කුක්කුර වුනාට ඉහත සංදියේ, මම ගූගලයට බයයි නංගියේ!