එදත් වෙනදා වගේම පට්ට රස්නෙ දවසක්. මං හිටියෙ රාත්‍රී වැඩමුරයට යන්න ලෑස්ති වෙමින්. ගෙදර ඉන්න හෝතම්බුව , මට කතා කලා.
" බස්සො, උඹ දැන්නව නේද ටොලාව? අන්න බුවා, ආපහු ඇවිත්. මං හිතන්නෙ මිනිහට ඉන්න තැනක් නෑ"
"හෑ, ඉන්න තැනක් නෑ? එතකොට කොහෙද අද රෑ ඉන්නෙ?"
" මිනිහට මෙහෙ එන්නද අහන්න ඕනෙකම තියනවා. ඒත් කෙලින්ම මට කිව්වෙ නෑ. ඇහුවම කිව්වෙ, ඔෆිස් එකේ නිදාගන්නව කියලයි. මං ගිහින් තියනවා ඒකට. ඒක මේ හුංඩුවක් වගේ තැනක්, පුටුව උඩ දපා තියල ඇති, පව් වැඩේ"
" ඔන්න ඔහෙ එන්න කියපං, අපේ එක්ස්ට්‍රා ඇඳ තියනවනෙ"
තිබ්බ ඔක්කොම සබ්බ සකලමනාවම පොඩි ට්‍රොලි බෑග් එකක දාගෙන ගිටාර් දෙකකුත් කරේ දාගෙන, පහුවදා ටොලා අපේ ගෙදරට සැපත් වුනා. ඔහෙලා දැකලා තියනව නෙව කව්බෝයිලා, අර බුදියන පැදුරයි, පොරෝනයයි රොල් කරලා අස්පයගෙ පස්සෙ බැඳගෙන යන්නෙ. නැහ්නම්, අර බයිකර්ලා, සියලු සබ්බ සකලමනාවම බයිසිමොටෝවෙ දාගෙන , ලෝකෙ පෙරලුනත් ගාණක් නෑ වගේ යන්නෙ. මට ටොලාව පෙනුනෙ , අන්න ඒ නූතන කව්බෝයි කෙනෙක්ගෙ සිරි ලංකන් වර්ශන් එක වගේ.
ටොලා , හෝතම්බුවගෙ යාළුවෙක්.මං මිනිහව කීපවිටක් මුණගැහිලා තිබුණත් කලින් එච්චර දැණහැඳුනුම්කමක් තිබ්බෙ නෑ.සාධාරණ, හිතහොඳ මනුස්පයා.මිනිහා හොඳ විනෝදකාමියා, සංගීතකාරයා. පිලිවෙලකට ඇන්දා, කව්බෝයි හැට් එකක් නූනත් අමුතු තොප්පියකුත් දැම්මා . බොනවා, ඒත් බේබද්දෙක් නෙමෙයි.
ගෙදරදි බිව්වට වාත වෙන්නෙ නෑ. පදම වැඩි වුනාම, හෝතම්බුවාව ඇදගෙන යනවා බිලියඩ් ගහන්න, ඒකට කිව්වෙ " බෝල තල්ලුකරනව" කියලයි. සමහරදාට හෝතම්බුව කම්ප්ලේන් කරනවා :
" මූත් එක්ක බෑ බං. පබ් එකේදි ආයෙ බියර් ගැහැව්වා. ඒ කරලා, මූ යනවා සුද්දොන්ට බිලියඩ් ගහන හැටි කියාදෙන්න" :)
ටොලාගෙ මේ ෆ්‍රී බර්ඩ් ලයිෆ් ඉස්ටැයිල් එක මං වගේම, පුම්බාත් අනුමත කලේ නෑ. ආ , පුම්බා කියන්නෙත් හෝතම්බුවා මාර්ගයෙන් අඳුන ගත්ත තව මිතුරෙක්. පුම්බා අපි වගේ හිතන කෙනෙක්. ලංකාවෙදි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ රැකියාවක් කරපු කෙනෙක්.
වයස විසිගණන් වල මෙහෙට ආපු ටොලා, යාන්ත්‍රික විද්‍යාව හදාරපු කෙනෙක්. නවසිය බරගණන්වල, මෙහෙ රැකියාවල් අඩගහල දෙන කාලෙ ,හොද රැකියාවක් ලැබුණත්, සේවා මුර කරන්න බෑ කියලා එව්ව අත්හැරලා. ඒත් තමන්ගෙම ව්‍යාපාර කරල හොඳට හම්බ කරල තියනවා. තමන්ගෙම ගෙවල් දෙකක්, ඒ තියා අර්ධ සුඛෝපභෝගී යොට් එකක් පවා තිබිල තියනවා. එව්වා ඔක්කොම නැති කරගෙන, ඒත් මේකාට ඒව්වයෙ වගක්වත් නෑ, ඔය ඉන්නෙ යස අගේට :)
ටොලාගෙ වීක්නස් එක තමා ගෑණු.ලෝකෙ ඉන්න ඔක්කොම ජාති වල, විවිධ වයස් වල ගෑණු යාළුවො ඉන්නවා, කලු කෙල්ලොත් එක්කම. දවසක්, වෙන රාජකාරියකට එක්කගෙන ආවා යාළුවෙක්. නමේ හැටියට ජා, නැත්නම් මැලේ. තරුණවිය ඉක්ම යමින් තිබුණත්, පෙර රූ සිරියෙ නටබුන් අඩු නැතුව තිබුණා. කතව අතරෙදි , කියවුනා, එයත් ටොලාගෙ යොට් එකේ පාටිවලට සහභාගි වෙච්ච බව :)
පුම්බා නං කියන්නෙ, ටොලාව නැතිකලේ ගෑණු කියලා. " ටොලා, ෆන් අරගෙන වැඩියි" එහෙමයි, පුම්බා කියන්නෙ. ටොලා නෙමෙයි ඒ විවේචන සත පහකට ගණන් ගන්නෙ:)
By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher
මෙහෙම කියල තියෙන්නෙ සොක්‍රටීස්. මං හිතන්නෙ ටොලාට ඕනෙ වෙලා තියෙන්නෙ දාර්ශනිකයෙක් වෙන්න. බාගදා, හතර සැරයක්ම බැඳල තියෙන්නෙ ඒ නිසා වෙන්ටෑ?
ටොලා " ලිවින් ෆෝ ද ඩේ" ක්‍රමවේදය ප්‍රමෝට් කලා. නැති කරගත්ත දේ ගැනවත්, ගතකල ජීවිතේ ගැන වත් අබමල් රේනුවක පසුතැවිල්ලක් තිබ්බෙ නෑ.ඒත්, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනක් ලෙස, ඔහුට සාමාන්‍ය ආදායමක් තිබ්බා.
ඇත්තටම Epicurus කියල තියෙන්නෙත් මෙයට සමාන දෙයක
Epicurus notes that it is essential to eliminate all pointless fears, starting with the two biggest: fear of the gods, and fear of death.
Once these two great metaphysical anxieties have been rejected, Epicurus analyses the question of the pleasure that enables us to reach happiness. He starts by noting that our unhappiness results essentially from our permanent dissatisfaction. Then, he makes a first distinction between three sorts of desire: natural and necessary desires (eating, drinking, dressing, having a roof over our heads …); natural and non-necessary desires (fine cooking, beautiful clothes, a comfortable home …); non-natural and non-necessary desires (power, honors, great luxury …). He explains that we need to satisfy only the first group in order to be happy; the second group can be sought, even if it would be better to renounce them; as for the third group, they need to be avoided.
- Happiness :Frédéric Lenoir
,In the Garden of Pleasures, with Aristotle and Epicurus
කෙටියෙන් කිව්වොත්, "Life is short, so make sure you enjoy it , while you can" කියපු Epicurus දාර්ශණියෙක් නම්, ජීවිතේ හොඳට රස විඳපු , ඒ ගැන පසු නොතැවෙන ටොලාගෙ ලයිෆ් ඉස්ටැයිල් එකත් දර්ශණයක්.ප්‍රශ්ණෙ තියෙන්නෙ ජීවිතකාලයක් සිරි ලාංකික "හොඳ පුරුදු" ප්‍රගුණ කරපු මටවත්, පුම්බාටවත් ඒක දිරවගන්න බැරි එකයි. මං කොහේද දැක්කා . හුස්මක් කටක් නොගෙන දැන් වැඩ කරලා, රිටයර් වෙලා ෆන් ගන්න හදනකොට, පරක්කු වැඩියි, බෝට්‍ටුව ගිහිල්ලා තියෙයි කියලා :)
ටොලා උග්‍ර රාජපක්ෂ පාක්ෂිකයෙක්. ටොලා, පුම්බා එක්ක ගැටෙන්න එක හේතුවක් ඒක. දෙන්නා ගෙ දේශපාලන විවාද, අපට නොමඳ විනෝදය ගෙන දුන්නා. පහුගිය ටිකේ , මාත් අසාමාන්‍ය ලෙස, සති අන්ත සාද වලදි, කරටි කැඩෙන්න බිව්වා. ටොලාගෙ පැරණි රසාංග - පරණ කතා සහ සිංදු අහන එක එච්චරටම නැගලා ගියා. "Guitar is a life saver" අදටත්, මිනිහගෙ දුක සැප බෙදා ගන්න සංගීතය ගැන ටොලා කිව්වෙ එහෙමයි.
ඔව්වා ඇහෙන කොට පුම්බට තද වෙනවා :). ටොලා කැමති සිංදුවක් තමා " සුරංගනා කතා තවත් නොකියනු මැන මට" කියන එක. පුබ්බා නිතරම ඇනුම්පදයකට ඇදලා ගත්තෙ ඒක.
ගිය සඳුදා ටොලා ගියා.දැන් උදේ පාන්දර ගෙයි දොර අරිනකොට කෝපි සුවඳ දැනෙන්නෙ නෑ. බැන්ජො ගිටාර් එකේ සෞම්‍ය සංගීතය ඇහෙන්නෙත් නෑ,මට දවස් දෙකක් විතර ගියා , පුරුදු ට්‍රැක් එකට එන්න.මං සැලුනෙ, හුස්මක් කටක් ගන්නෙ නැතුව එකසිය ගාණට , පුළුවන් කාලෙ වැඩ කරලා, "වැස්ස" කාළෙට ගන්න යමක් ඉතුරු කරගන්න ඕනෙ කියන බස්සාගෙ " කුහුඹු" තියරි එකේ බවුන්ඩේසමටම, ටොලා නැමති තණකොළ පෙත්තා කෙලිය නිසාද, නැත්නම් මට ටොලා තුලින් මගේම අනාගත ප්‍රතිරූපය පෙනුන නිසාද කියලා අදටත් මට පැහැදිලි නෑ.
හිටිය ටික දවසට , ටොලා මගේ ජීවන ගමනේ සලකුණක් තියලා ගියා කියල නං හිතෙනවා.
ටොලාගෙ පැරණි රසාංගයක්: