කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා. මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල් පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත් පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.
මටත් දැන් හොඳටම තේරෙනවා, පෝස්ට් එකක් ලියන්න දැං උනන්දුවක් නෑ කියලා. මේක තමයි බ්ලොග් ලෝක ධර්මතාවය.
බැරි නං , ඊළඟ පරම්පරාවට ඉඩ දීලා , වැඩේ "අප්පුච්චා" කරගන්නෙ නැතුව , නම්බු පිටින් පැංසොං ගන්න එක හොඳයි නෙව? නැහ්ද, මං අහන්නෙ?ඔය අතරෙ ඉන්නවා, මන්දගාමීව උනත් කොලිටිය අඩු නොකර උඩුගං බලා පීනන උදවියත්. ඒ අයට මගේ ප්‍රණාමය පුදකරන ගමන්, සාමානය මූකලං බස්සෙක් වෙච්ච මට, සමාව දෙන මෙන් ඉල්ලා සිටිනවා.
හැලප ගිලින්න ගිය වෙලාවක, අහම්බෙන් මේක හම්බ උනා. ලස්සනයි, දක්ෂතාවයයි දෙකම එකට පිහිටන්නෙ කලාතුරකින් නිසා ,මේක දාන්න හිතුනා.
මේක නැගලා ගිය නිසා තව හොයන කොට ඊළඟ එක හම්බ වුනා.
නිරීක්ෂණය: මේකප් වලට සැබෑ වෙනසක් කල හැක.
පරීක්ෂණය: මේකප් නොදාපු බස්සෙක්
මේකප් දාපු බස්සෙක්
බස්සා මේකප් දැම්මට පස්සේ කොට වෙලානේ :D
ReplyDeleteකොට, කොට ඉඳලම කොට වෙලා :)
Deleteතටු ටිකේ ක්‍රීම් ගෑව පාර කොටවෙලා තමානේ. :P
Deleteමේකප් දැම්මට පස්සෙ නෙවෙයි බොලන්, ඒ බස්සා පිහාටු ටික trim කරලා.. ඒකයි ඔය කොට වෙලා වගේ පේන්නෙ..
Delete@ පොකු
Delete:p
@බුරා
ආන්න යමක් කමක් තේරෙන හාදයෙක් :)
// මේක තමයි බ්ලොග් ලෝක ධර්මතාවය. //
ReplyDeleteනෑ බොල, මේක තමා පොදු ලෝක ධර්‍මතාවය.. ඕක තේරුම්ගත්තු එකා පීක් එකේදිම සමුගන්නවා, හරියට සංගා රිටයර් වුනා වගේ.. නැත්තං ඉතිං අර සනා බෝයි එල්ලිලා හිටියා වගේ ඉඳලා අන්තිමට හැමෝටම එපා වෙලා තමා ගෙදර යන්ට වෙන්නෙ..
සංගා පැත්තක තියමුකො, මං දන්න හාදයෙක් හිටියා, එයා නයිට් කෙනෙක්. පීක් එකේදි සුටුස් ගාලා අන්තරස්ධාන වුනා :)
Deleteආන්න යමක් කමක් තේරෙන හාදයෙක්.. ;-)
Deleteඑහෙම හාදයෙක්,කාලෙකින් දකින්න ලැබීම සතුටක්
Deleteමේකප් එකෙන් වහන්න යන්නෙත් සැබෑ ලෝක ධර්මතාව තමයි බශ්ශෝ.
ReplyDeleteඑහෙයි, අපෙ හාංදුරුනේ :)
Deleteපැංසොං යන එකෙයි මේකප් වලයි සම්බන්දෙ මොකක්ද කියල මංවගේ මැන්ටල් ගොලුබෙල්ලෙකුට කියල දෙනවද
ReplyDeleteඅම්මපා, ඒ වංගියෙ ගොඉලුබෙල්ලට ඇන්දද? මං හිතුවෙ මැංටල් මටයි කියලයි :)
Deletesee comment in
Deletehttp://bassigenawathana.blogspot.com/2015/09/blog-post_8.html
අන්න මාත් උත්තර බැන්දා :)
Delete//වැඩේ "අප්පුච්චා" කරගන්නෙ නැතුව// නවතම ආත්තෝපදේශය.
ReplyDeleteනූතන ආත්තෝපදේශ, මේ දැං ගොඩ බෑවෙ :)
Deleteහෙහ් හෙහ්, ලියන්න දේවල් නැති වෙනවටත් වැඩිය කාලය හරස් වෙන වෙලාවලුත් එනවනේ බං..
ReplyDeleteමම මේ කල්පනා කලේ මේකා ලියාගෙන ආවේ එකක් අවසන් කලේ එකකින්.. ඔන්න ඔහොමවත් ලියහං බං එක්කෝ..
අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වොත් , ඕන බස්සෙක් මඤ්ඤං වෙනවා.අර කිව්වැගෙ , ඔන්න ඔහේ ,අවාරෙට කජු වැටෙන්නැහෙ ලියලම දානවා :)
Deleteදැන් උඹ මේකප් දාලද නැද්ද හා???
ReplyDeleteමොකෑ නැත්තෙ? යාන්තමට දානවා :)
Deleteඑකෙ වැරැද්දක් කියනවා නෙමෙයි, සැබෑ වෙනසක්, එච්චරයි
(අර වීඩියෝ දෙක බැලීමෙන් පසු )
ReplyDeleteමොකක් ගැනද බං පෝස්ට් එකේ තිබුනේ
මටත් මතක නෑ :)
Deleteඇත්ත කතාව තමා බස්සා ගෑනු ලමයව මේකප් නැතුව දැකීම. :P
ReplyDeleteසංසාරෙත් එපාවුනාලු...:D
ගෑණු ලමයි, මේකප් නැතුව දැකීම , සතර පෙර නිමිත්තක් කියල ඔය රට්‍ටු කියන්නෙ :)
Deleteමළ කෙළියයි.එන නොවැම්බර් වලට මටත් තුන පිරෙනවා නොවැ බොලං බස්සෝ.
ReplyDeleteනෑ, නෑ හැලපෙ කලබොල වෙන්න කාරියක් නෑ, ඒක මේ නිකං කටකතාවක් විතරයි :)
Deleteඒ සින්දු කියන්නේ සෝමතිලක සොහොයුරියන් දෙන්නා ය.
ReplyDeletehttp://kathandara.blogspot.com/2013/06/what-i-did-on-sunday.html
.
හුටා! කතන්දර මෙයාලව හොයාගෙන තියෙන්නෙ 2013 වල නෙව?
Deletereinventing the wheel :)