Friday, December 23, 2016

දොර නාරින් අමල්බිසෝ











https://metrouk2.files.wordpress.com/2016/03/untitled4.png

ඔන්න මුළු නොවැම්බරේම යසට ඉඳලා, අපේ කාල-ගුනේ  වැඩ පටන් අරගෙන. ඔය කස්ටිය කියන්නෙ හිම වැස්ස, මල් තුහින කියලා එහෙම.ඇත්ත, මෙව්වා හරිම සුන්දරයි ගෙදර  ජනේලෙ ගාවට වෙලා , උණු කෝපි එකක් බොන ගමන් බලාගෙන ඉන්න. ඒත්  එලියට යන්න උනොත් , ඒක එච්චරම සුන්දර අත්දැකීමක් වෙන්නෙ නෑ.ඒත් හිම වැස්සකට අහුවෙලා, ගෙදර ඇවිල්ලා ත‍ටු ගසා-බසා දාලා  ඇඟ රත්වෙන්න දෙකක් නමා ගත්ත නං, ආන්න පිංවතුනි සැප.


http://miriadna.com/desctopwalls/images/max/Winter-pond.jpg

ඒත් නත්තල් පප්පගෙ සාවියෙ ජීවත් වෙනවා නම්,  සීත කාලෙ කියන එක ජීවිතේ කොටසක් විදිහට හිතන්න වෙනවා. මේ ඍතු හතර ජීවන චක්‍රයක්. කෘමීන් පාලනය, වැටිච්ච කොලරොඩු දිරාපත් කිරීම වැනි වැඩ කොටස  කරන්නෙ සීත කාලෙ.



අර දුක-සැප නිති පෙරලේ කියල කියනව නේද? ඒ කියන්නෙ දුක නැහ්නම් පෙරලෙන්න සැපක් නෑ , කියන එක නෙව?



 හෑ, තේරුණේ නෑ කිව්වා?  හොඳයි මෙහෙම හිතමුකො. සැප-දුක කියන්නෙ  රෝදයක් කියලා උඩ බාගෙ සැප. යටබාගෙ දුක. දැන් ඔය එක බාගයක් නැතිවුනොත් මොකද වෙන්නෙ? රෝද බාගෙකට  පෙරෙලෙන්න බෑ නෙව?






http://pixdaus.com/files/items/pics/6/70/514670_0122203762fffb563aa00c17025a6d6e_large.jpg
අවුල් වෙච්ච බස්සෙක්

මට කාළයක් තිබ්බ ප්‍රශ්ණයක් තමා . මොකටද  මේ කස්ටිය , ඔය හිමාලය වගේ කඳු නගින්න යන්නෙ කියලා.සමහරු නං ඕකට හේතුව වශයෙන් "ඇඩ්වෙන්චර්" කියලා බර වචනයක් කිව්වා. ඇහුවාම කිව්වෙ "අනතුරුදායක කමට" තියෙන්නෙ කැමැත්තට කියල. මට නං ඒක විස්වාස නෑ. ඔච්චරම අනතුරුවලට  ආස නං ,ඔය අධිවේගෙ මැද්දෙ හිටගෙන හිටපල්ලකො,පටස් ගාලා ප්‍රතිඵල ලැබෙයි.මට දැන් හිතෙන්නෙ, ඒ කස්ටිය යන්නෙ දුක හොයාගෙන කියල. ඇයි, උන්දලා දන්නවා ඊළඟට සැප කනේ කියලා. ඔන්න ඕකයි පිංවතුනි, දුක පිලිබඳ බකුසු තියරිය. ඇයි, අවුල් වගේද? ගණන් ගන්න එපා , සුද්දො අපිට "අවුල්" කියන්නෙ නිකන්යෑ?



පොතේ හැටියට, අපි විසි වෙනිද ඉඳන් නිවාඩු. ඔය කාලගුන සැන්තෑසිය දන්න නිසා මමත් හරි-බරි ගැහිලා උන්නෙ එහෙමයි.කොහොමින්, කොහොමින් හරි  අපේ බොසා මයෙ තවත් දවස් දෙකකට කෙලියා. මොනව කරන්නද? ඒ වැඩිපුර දවස් දෙකේ සල්ලි වලින්  මම, මටම නත්තල් තෑගි දෙනවා කියලා හිත හදාගෙන ඇදලා දැම්මා ඒකත්.



මෙන්න ගත්ත එක තෑග්ගක්. වැඩිය නෑ, ගෙඩි සුපියල් පනස් හතයි.



දැන් ඔහෙලා  හිතනවා ඇති , මූට නං බාගෙට පිස්සු කියලා. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත්, බස්ස සහ දොර අගුල්වලට  බොහොම පරණ අතීතයක් තියනවා.



බොහොම කාලෙකට ඉස්සර බස්සා පන්නිපිටිය පැත්තෙ තියන මාධ්‍ය ආයතනයක වැඩ කරන කාලෙ  ඒ කිට්‍ටුව  පදිංචි වෙලා හිටියා. ගෙවල් අයිතිකාරය හිටියෙ ඒ කිට්‍ටුව.




http://s4.favim.com/orig/50/bird-cute-owl-Favim.com-448230.jpg
දුක හිතෙන මූණක්





" මම මේ ගේ , හොඳ කෙනෙක් ලැබුනෙ නැති නිසා වහලයි තිබුනෙ. ඔහේ හොඳ කෙනෙක් වගේ පේනවා" එහෙම කිව්වෙ ගෙවල් අයිතිකාරයා. බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්දැට එහෙම හිතෙන්න ඇති.



වහල දාලා තිබ්බ ගේ , සම්පූර්ණයෙන් බස්සට කුලියට දුන්නෙ බොහොම සාධාරණ ගාණකට. විසාල ගේ, බස්සා විතරක් එක කාමරයක. කෑම කඩෙන්. දවසෙන් වැඩිවෙලාවක් රස්සාවට ගෙවිලා, නිදාගන්න විතරක් ගෙදර ආපු නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. නැත්නම් හරියට හොල්මන් බංගලාවක ඉන්නව වගේ තමා.




http://i.dailymail.co.uk/i/pix/2017/02/06/05/3CE2CFFE00000578-4194850-image-a-129_1486357279874.jpg

එක්තරා ඉරණම්කාර හෙනහුරාදා උදෑසනක, සුපුරුදු පරිදි නාගත්ත බස්තියං, තුවාය පිටින් , හෝදපු ඇඳුම් වනන්න එලියට ගියා. ආව හුලඟක්, වැහුනෙ නැතෑ දොර පටස් ගාලා. මෙන්න මේ චිත්‍රය හිතේ මවා ගන්නකො.



ඔහෙලා දන්නවා නෙව, අර ලාබ  කොළඹ පේව්මන්ට් තුවා. ආන්න ඒ වගේ තුවා කොටයක් ඇඳගත්ත ,තෙත රෙද්දක් අතින්ගත්  අඩ නිරුවත් බස්සෙක්, බාගෙට කටත් ඇරගෙන, වෙච්ච දේ අදහගන්න බැරුව, වැහිච්ච දොරක් දිහා බලාගෙන ඉන්න අසරණ විලාසය.



අනුන්ගෙ ගමක්, අහල පහල දන්න කියන කිසි කෙනෙක් නෑ. අර තුවා කොටේ ඇඳගෙන කොහොමද පාරදිගේ ගෙවල් අයිතිකාරගෙ ගෙදරටවත් යන්නෙ . ඔන්න ඔය සිදුවීමෙන් පස්සෙ ඉඳන් බස්සා   දොර අගුල් ගැන සෑහෙන උනන්දුවක් ඇතිකර ගත්තා.



දොර අගුල් විවිධයි, විශමයි, ගෝලාකාරයි. ඒත් ‍රැවටෙන්න එපා. හැම එකම එක වගේ නෑ. සමහර එව්වා  බොහොම භයානකයි.  නිකම්ම ලොක් වෙනවා. එලියෙන්  අරින්න බෑ යතුරු නැතුව.






ඔය පුරස්නෙ නිසා බස්සාගෙ විශේෂ කැමැත්තක් තියනවා " ඩෙඩ් බෝල්ට්" කියන අගුලු ජාතියට. දොර  ඉබේ ලොක් වෙන්නෙ නෑ. එක්කෝ යතුර දාන්න ඕනෙ, නැත්නම් ඇතුලෙන් ඉඳලා   ලොක් කරන්න ඕනෙ. 





මේ ගත්ත එකේ නම් , තව ගැජමැටික් තියනවා, එව්වා බෝනස් :)



සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!






Saturday, November 19, 2016

නැතිවූ දියමන්තියේ අභිරහස




ඔබ ජේත්තුකාර  ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්‍යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ  එයාලගෙ  අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං  ජීවිතේට දැකපු  හැකරම කට සහ  ලොකුම මූලග්ගාය තිබ්බෙ  උන්දෑට.



මං මේ කිය කිය හිටියෙ, මං පේජ්-බෝයි කෙනෙක් ලෙස ඒ තරුණ ආර්‍යාවන්ගෙ  සේවයට ගියා කියලයි. එතකොට මට යන්තං වයස පහලොවයි. ජූලියා ආර්‍යාව,



සර් ජෝන් වැරින්ඩර්ව(නැසීගිය) බඳින කල්ම මම එහේ හිටියා, . මේක මේ ඔහෙලත්, මාත් අතර විතරයි ඈ? ඔය සර් ජෝන් වැරින්ඩර් ඉන්නව නේද?  පංකාදු මනුස්පයා, එයාට ඕන කලේ එයාව කලමනාකරණය කරගන්න කෙනෙක් විතරමයි. ඉතිං එයා හොයපු කෙනා එයාට ලැබුණා,අපේ  පොඩි ආර්‍යාව එයාව පල්ලියට ඇදගෙන ගිහින් බන්දවව්ව ගත්තදා ඉඳලා,   හොඳට  කාල, බීලා , ආරපු  සර් ජෝන්, අවසානෙ බොහොම සන්තෝසෙන් ඇස් දෙක පියාගත්ත.



මට කියන්න බැරි වුනා නෙව, මම සෑර් ජෝන්ගෙ ලඟ සේවයට ගිය කොටස. ජූලියා ආර්‍යාව , සෑර් ජොන්ව බැඳගත්තාම , මාව වැරින්ඩර්  වලව්වට අරන් ගියා. අපේ ආර්‍යාව ගෙවතු වැඩ, සෑර් ජෝන්ගෙ වතුවල වගා කටයුතු ගැන උඅනන්දුවක් දක්වන බව දැක්ක මමත් ඒ ගැන උනන්දු වුනා. ඒකට තව හේතුවක් වුනේ, මම අඳ ගොවියෙක්ගෙ  පුතෙක් වීමයි. කොහොමින් හරි මම සෑර් ජොන්ගේ වතුවල කංකානම් තනතුරක් දක්වා උසස්වීමකුත් ලැබුවා.




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWOeAbmjP_NUSaeJXW1P3rGdOGIOF0W8-a06y3EkeArWifUEy_G6X0nP-NstBJahTrky0tfjamka3zych81a3FXv05kL7ASb-TnmtY1lSTjYfN6Gmgl5CvQY865LIldm1dfxkIp-gD-KQk/s1600/Willem+Joseph+Laquy+%25281738-1798%2529+-+A+Scullery+Maid+Preparing+A+Chicken.jpg
පාට එරන්වන් ගඟබඩ කොකුන්නේ

රෑට බතට චිකන්ද , අද තියෙන්නේ?



ඉන්න හිටින්න මටම වෙනම පොඩි ගෙයකුත්, උදේට වතුවල  නිරීක්ෂණ සංචාරත්, හැන්දෑවට   ගණන්පොත් තැබීමේ වැඩත්, ඉන්පසු දෙකක් නමාගෙන ,මගේ පයිප්පය දල්වාගෙන උඳුන ලඟ ගිණි තපින, වාසනාවන්තයකුට , තව මොනවද ඕනෙ කියල ඔබ අසාවි? මතක නෙව, ඊඩ්න් උයනේ  සනීපෙට හිටිය ආදම්ට ඕනෙ උනදේ? හරි, ඔබ ඒ ගැන ආදම්ට දොස් කියන්නෙ නැහ්නං , මටත්  දොස් කියන්න එපා.



මම ඇහැ ගහගෙන හිටිය කෙල්ල තමා, මයෙ ගෙදර වැඩට වලව්වෙන් එවාපු කෙලී -සැලීනා. බිරිඳක් තේරීම ගැන, අපේ පැරණි කියමනක්  එක්ක මං එකඟ වෙනවා. බලන්න ඇය කෑම, හොඳට හපලා කනවද? පොලවෙ හොඳට පය ගහල ඇවිදිනවද? කියලා, එච්චරයි. සැලීනා මේ අංස දෙකෙන්ම කිසිම අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ තීරණයට, මගේම සොයා ගැනීමක් වෙච්ච තව හේතුවක් තිබුණා. සැලීනාගෙ සේවය වෙනුවෙන්  මට මාසිකව සෑහෙන ගාණක් ගෙවන්න වුනා. සැලීනා මගේ බිරිඳ වශයෙන් , ඇයට මට ඒ සේවාවන් නොමිලේ සපයන්න වෙනවා. මම බැලුවෙ  ඒ කෝණයෙන් - ආදරය බිඳක් මුසුකල ආර්ථික විද්‍යාව!



කල්යල් බලලා, මම මේ අදහස අපේ  මැඩම්ට දැම්මා. " මම මේ




හපල කනවද බලන හැටි

සැලීනා කෙල්ලව හිතේ කරකවල බැලුව , මැඩම්"මම කිව්වා" මට හිතෙන විදිහට ඇයව තියා ගන්නවට වැඩිය බැඳගන්න එක ලාබයි, මැඩම්". හොඳ හැටි හිනා වුන අපේ ආර්‍යාව මට  අවසර දුන්නා.  මමත් සැලීනට වචනෙ දැම්මා. ඔබ පුදුම වෙයි , ඔබ කොච්චර ටිකද ගෑණු ගැන දන්නෙ කියලා, ඈ  දෙපාරක් හිතෙන්නෙ නැතුවම " හා" කිව්ව නෙව?





මගේ තනිකඩ ජිවිතේ කාලය අවසාන වේගන එනකොට, ඔය කොයි චන්ඩියටත් එන හැඟීම මටත් ආවා -  හිටිය විදිහට  හිතූමතේ ජීවිතේ ඉන්න තිවුණ නං කියලා. අපේ රටේ විවාහ පොරොන්දුවක් කියන්නෙ, නීතිමය බැඳීමක්. මම සැලීනට, පිහා‍ටු පුරෝපු මෙට්ටෙකුයි, සිලිං පනහකුයි  වන්දියට දෙන්න යෝජනා කලා,මේ මර උගුලෙන් ගැලවෙන්න. විස්වාස කරන්න, මේ මෝඩ ගෑණි "බැහ්" කිව්ව නෙව?



මං මේ කිය, කිය හිටියෙ මොකක්ද? ආ, හරි දියමන්තිය නැතිවෙච්ච හැටි ගැන නෙව?



-Chapter I ,THE LOSS OF THE DIAMOND






http://theweddingtodolist.com/wp-content/uploads/2015/11/funny-wedding.jpg
හහ්, එව්ව හඳේ මාත් එක්ක?

-THE EVENTSRelated by Gabriel Betteredge,

House-Steward
in the service of Julia, Lady Verinder


Year 1848




පොතේ නම The Moonstone, ලිව්වෙ විල්කි කොලින්ස් වර්ෂ 1868 දි. ලෝකයේ ප්‍රථම රහස්පරීක්ෂක නවකතාව කියලත් මතයක් තියනවා. A detective story with a dash of romance, මට හිතෙන්නෙ එහෙමයි.






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ9X-h6H0fUv_eBornE3tVGuz-4mmlJkB9x6H8Nf6oYwlrmZBqQtYK_isNBug6ZwS6NAML41Tgd40yeXhz2u1tHv8gJNPxNTVzavsj6k-muDGhcz203uJB2aTExakqHg4TWt4e1hQG24BT/s1600/Joseph+deCamp+%25281858-1923%2529+-+The+Steward+aka+Lewis+of+the+Porcellian+1919.jpg
Dinner is served, Sir

ඔය පඳුරු තැලිල්ල හොයා ගත්තෙත්  විල්කි කොලින්ස් කියලයි මට නං හිතෙන්නෙ. පොත කියෙව්වොත් ඔබත් මා එක්ක එකඟවෙයි. කතාවෙ මේ හරිය කියන,වැරින්ඩර් මන්දිරයෙ  ප්‍රධාන ගෘහ සේවක, ගබිරියෙල් උන්දෑ  පඳුරු තලන්න,වංගු ගහන්න දෙයියා.බලාගෙන ගියාම පඳුරු තැලිල්ල  පුරාණේ සිට පැවත එන වැදගත් චාලිත්තරයක් නෙව, ඔය කස්ටිය යස අගේට තලල තියෙන්නෙ පඳුරු එකදාස් අටසිය ගණන් වල? ඉතිං , ඔබ ඒ ගැන විල්කි කොලින්ට දොස් කියන්නෙ නැහ්නං , අර අහිංසක හැලපයට මුකුත් කියන්නත් එපා.



කීපවිටක් සිනමාවට නැගුවත්, පොත මාර රහයි කියල කිව්වෙ අසල්වාසී එළුවෙක්. මාත් ඒකා එක්ක එකඟ වුනා. එක හේතුවක් ,කතාව ඉදිපත් කරන විදිහ: කතාවට සම්බන්ධ විවිධ අයගේ ලිපි, සටහන් මඟින්. අර බ්‍රෑම් ස්ටෝකර්ගෙ , ඔරිමජිනල් ඩ්‍රැකියුලා පොතේ ඉට්ටැයිල් එකට. පරිසරය වැනිල්ල, කුතුහල , සංත්‍රාසය  ඒ වගේමයි, භීෂණ රසය ඇර. කතාවෙ ප්ලොට් එක මේක නෙමෙයි, මේ  ඒකට අවශ්‍ය වේදිකාව තනන කොටස්. මට නං වැඩියම රස මේ කොටස්. සිනමාවට ගන්න කොට කප්පාදු කරල තියෙන්නෙත් මේ කොටස්.





කොහොමත් වික්ටෝරියානු යුගයේ එංගලන්තය, මගේ ප්‍රියතම කාලයක්. ගල් ඇතුරූ මාවත්,  නිරන්තර  මීදුමින් වැසුනු නගර වල ගෑස් වීදි පහන්, අස්ප කරත්ත, පිලිවෙලකට ඇඳපු මිනිස්සු, අඳුරු ප‍ටු මාවත් මේ ඔක්කොම මගේ හිතේ ඇති කරන්නේ චමත්කාරයක්. ඒ පරිසරය අනුගතවෙලා මේ කතාව රස විඳින්න බලන්න කියලයි මම කියන්නෙ.  හොඳම දේ ඉංග්‍රීසි පොත කියවන එක. සියවස් එකහාමාරකට ඉස්සර ලිව්ව පොතක් වුනත් , පොතේ භාෂාව හරිම ලස්සනයි.මේ පොත සිංහලට පරිවර්තනය කරල තියනවා " චන්ද්‍රකාන්ති පාෂාණය" වගේ නමකින්, අඩුගානේ ඒකවත් හොයාගෙන කියවන්න.




ඔහෙල දන්නව නෙව , මං කම්මැලි බකමූණා වග, කම්මැලියාට දිවැස් තිබේ කියල කතාවකුත් තියන නිසා , මං ගියා පරිවර්තනය කරන්න ඕනා කොටසත් අරගෙන ගුගල් දෙයියා හම්බවෙන්න. ඔය තියෙන්නෙ උන්දැගෙ පරිවර්තනය,





අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ. The Moonstone pdf කියල ගුගල් කලාම හොයාගත්තෑකි. මෙහෙම පොත් නොකියවපු "ඔය දෑස් , මක්කටෙයි?"




http://payload411.cargocollective.com/1/18/599955/10535512/firma_reduida_1000.jpg















Saturday, November 12, 2016

Chef බස්තියං





https://cache-graphicslib.viator.com/graphicslib/thumbs674x446/2428/SITours/handmade-italian-pasta-cooking-course-in-florence-in-florence-168393.jpg

බොහොම කාලෙකට ඉස්සර අපේ  ඉස්කෝලවල ගෘහ විද්‍යාව කියල විෂයක් උගන්නලා තියනවා. ඉවුම්-පිහුම්, ගේ දොර අස්-පස් කිරිලි, මැහුම්-ගෙතුම් වගේ එදිනෙදා ජීවිතේට අත්‍යවශය දේවල් තමා මේකට ඇතුලත් වෙලා තිබුනා යැයි කියන්නෙ. මේ විෂය කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නැති වුනත්, සංකල්පයක් විදිහට මේක බොහොම වටිනා එකක්. නමුත් මෙතන බරපතල කොස්සක් - තිබිල තියනවා: මේක උගන්නලා තියෙන්නෙ ගෑල්ලමයින්ට විතරයි.



මං කියන්නෙ , මේක බරපතල gender discrimination එකක්. ඇයි අපි ඔ‍ටුවොද? ඇත්ත, මෙව්වා "පිරිමින්ට අයිති නැති, ගෑණු වැඩ" කියන සමාජ සංකල්පයක් තිබුණා තමයි. නමුත්  වර්තමානයේ  අපේ ජීවන රටාවත් එක්ක  මේ සංකල්පය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියලයි  මට හිතෙන්නෙ.අපට තියෙන්නෙ ,අපේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයෙ තියන , වැඩකට නැති විෂයක් හලලා හරි "ගෘහ විද්‍යාව" නැවත රිංගවන්න. මං නං කියන්නෙ ඒක අනිවාර්‍ය විෂයක් කරලා, අකමැති කොල්ලන්ට බලෙන්  හරි උගන්නන්න ඕනෙ.  උන්දලා පස්සෙ කාලෙක හරි ඒකට පිං දෙයි.



http://www.munchcatering.net/wp-content/themes/bootplate/images/man-with-yummies.pngතමන්ගෙ වැඩ තමන්ම කරගන්න, ස්වාධීනව ජීවත්වෙන්න හැකි සමාජයක, මේ"ගෘහ විද්‍යාව" කියන්නෙ බොහොම හුරුබුහුටි කුසලතාවයක්, මිස ලැජ්ජාවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. අද බොහෝ අය උසස් අධ්‍යාපනය, ‍රැකියාව වැනි දේ නිසා තරුණ කාලය ගත කරන්නෙ ගෙදරින් පිට, බෝඩින් වල. ජීවිතේ යම් කාලයක්  ගෙදරින් පිට ඉන්න නොවිච්ච අය , අද හොයාගන්නත් අමාරුයි. මෙවැනි පුහුණුවක අගය දැනෙන්නෙ අන්න එතකොටයි.




ඒ ඇරත් අද  සමාජයේ , කුස්සිය කියන්නෙ පිරිමින්ට  තවදුරටත් ආගන්තුක තැනක් නෙමෙයි. මං කියන්නෙ බොරු නං, ඔහෙල ඔය දන්න කියන ගෙවල්වලට හොම්බ දාලා බලන එකයි ඇත්තෙ. ඉස්සෙල්ලාම කුස්සිය පැත්තෙන් ඇහෙයි" ජිංජි බරස්, බරස්" කියල සද්දයක්, ඊට පස්සෙ ගෙදර ගෘහ මූලිකයා, කුස්සිය පැත්තෙන් මතුවෙයි' මං මේ  පොඩි රෙපයාර් වැඩක් කර, කර හිටියෙ' කියාගෙන. හොඳට බැලුවොත් පෙනෙයි, සරුවාංගෙ පුරාම  පොල් කෙඳි, පොල් කුඩු.



ගෘහ විද්‍යාවට අයත් දේ අතරින් වැදගත්ම, නමුත් වැඩිම අවතක්සේරුවට පාත්‍ර වෙලා තියෙන්නෙ සූප ශාස්ත්‍රය. මට අනුව නං උයනව කියන්නෙ කලාවක්. බෙරි නොවෙන්න, බතට කොච්චර වතුර කියන්න ඕනෙද කියන එකේ සිට , හොද්දට පදමට ලුණු-ඇඹුල් දැමිල්ල දක්වා හැම එකකටම කලාවක්-වෙලාවක්, ගාණක්-මිම්මක් තියනවා.



උදාහරණයක් විදිහට ඇඹුල් ගත්තාම, දෙහි, තක්කාලි, ගොරක,  සියඹලා ඔක්කොම ඇඹුල් උනාට එව්වයෙ රස වෙනස්,  මොන එක මොන වෑංජනයට දානවද කියන එක තමා කලාව.



තවත් මම දැකලා තියෙන දෙයක් තමා කෑම උයන්න දන්න අය උනත්, දන්න කෑම රෙසිපි ගැන උනත් තියෙන නොදනුවත් කම. සමහරු ඔහේ හිතට එනදේ හොද්දට දානවා , හිතෙන, හිතෙන විදිහට. අපේ හෝතම්බුවාට ඔය ගතිය සැරටම තියනවා.හදිසියෙ හරි, අල, ළූණු අඩුවට දාලා තිබුනොත් උන්දැට ඒක හොඳ නෑ, ගාණ වැඩි එකම තමා හොඳ. මට මතක් වෙන්නෙ බාලා. කාලයක් මම මැලේසියාව ලඟ තිබ්බ දූපතක වැඩකලා. බාලා හිටියෙ අපේ චමරියෙ. එදා බාලා උයන දවස. අපි ගෙදර ආවෙ හොඳට බඩගිනිවෙලා. බාලා ඉන්නවා ඉස්සරහ ඉස්තොප්පුවෙ  වාඩිවෙලා කකුල් වන,වන. මුකුත් උයල නැ. ඇහැව්වාම කිව්වෙ මෙහෙම " ගේ හරියෙ, කොත්තමල්ලි, උළුහාල් ඇටයක් නෑ, ඉතිං කොහොමද උයන්නෙ?"



අපේ හෝතම්බුවා මීගමුව පලාතෙ. හරියටම කියනව නම් කිරිමැටියානෙ. මස් , මාළු ගැන අපිට උන්දලා එක්ක හැරෙන්නවත් බෑ. උන්දැගෙ කුකුල්මස් කරියයි, මාළුමිරිස් දාලා මිරිසට හදන සැමන් එකයි පංකාදු පහයි. ඔන්න මං ඉල්ලුව රෙසිපිය:



මං: මචං , දැන් ඔය  වෑංජනේ හදන්නෙ කොහොමද?

හෝතම්බුවා: සැමන්, මාළුමිරිස් තුනපහ, මිරිස් අතගාලා පැත්තක  තියලා, ලූණු මිරිස්, කරපිංචා තෙලට දාලා , ඒකට අර සැමන් දාලා ගන්නවා.



මාත් ඒ කිව්ව විදිහට හැදුවා, බල්ලෙකුට කටේ තියන්න බෑ.

මං: ඈ බං, මං හැදුව හරිගියේ නෑ නෙව? ඒකට තව මොනව හරි අඩුයි වගේ? සුදු ළූණු දානවද?

හෝතම්බුවා: නැතුව

මං:දැං බලාපං , උඹ ඕක මට කලින් කිව්වෙ නෑනෙ? මේක හරියන්නෙ නෑ. උඹ හදපං , මං බලාගෙන ඉන්නම්.



පස්සෙ බලනකොට අඩුපාඩුව. ඇඹුල්.උන්ද ඒකට තක්කාලිත් දාලා, ගොරක බික් දෙක තුනකුත් දානව. ගොරක නැතුව මේ සම්මජාතියෙ ඒකෙ නියම රහ එන්නෙ නෑ. ගොරක තමා එතන  secret ingredient එක.



මං පරිප්පු උයන්නෙ, ඇට බෙරි නෙවෙන්න. මං පරිප්පු හදනවා , මිරිසට පොල්කිරි කඳුලක් නොදා , ගෙදර ළූණු නැත්නම් ඒ මුකුත් නැතුව. කිසි අවුලක් නෑ යස අගේට තියනවා. එකම දේ තෙම්පරාදු කරනවා. දැන් අපි එන්නෙ, වෑංජනේක secret ingredient එක කියන මාතෘකාවට.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzKgZDAouhteAxgwKIhiWANGhx6fluecWrU2y9FA0RDSLfpjl8L03sro42GQPlyCr83b9IGvuH3Gj8c4DLS2sfxfQO69ohi6nfBwXQ0chJzjODiYgPX7n41yvFSGvVE-9XqDO0C4iRG-HW/s1600/1_phixr.jpgසමහර විට මේ එක අත්‍යාවශය දේවල් එකක් හෝ අඩු වුනොත්, බලාපොරොත්තුවෙන රස ලැබෙන්නෙ නෑ. හිංගලෙන් ඔව්වට කියන්නෙ secret ingredient කියලා. සම්බෝලෙට, කරවල බැදුමට සියඹලා සහ අනෙක් බොහෝ වෑන්ජන වලට "oyster sauce" තමා මගේ secret ingredients.



ඉස්සර පොඩිකාලෙ මං පිට ගෙදරකට ගියොත් කෙලින්ම රිංගන්නෙ කුස්සියට, උයන හැටි බලන්න. අපේ ගමේ වයලට් අක්කා තමා , මට ඉස්සෙල්ලාම කරවල බදින හැටි ඉගැන්නුවෙ. ඉස්සෙල්ලාම බැදිය යුත්තේ කරවල බවත්, ලූණු තෙලට අන්තිමට එක්කරන්නේ කරවීම වැලක්වීමට බවත් කී වයලට් අක්කා , "In the game of cooking, timing is everything " නැමති වටිනා පාඩම මට ඉගැන්නුවාය.





කෑම වල texture එක කියන්නෙ බොහොම වැදගත් දෙයක්.

ආහාරයක, ගුණයත්, රසයත් , පෙනුමත් ගන්න නම් මේ texture  එක  ‍රැකගන වැඩිත් නැතුව, අඩුත් නැතුව උයාගන්න ඕනෙ. විශේෂයෙන්ම එලවළු, බෝංවි, කොල වගේ එව්වා. මේ කලාව චීන්නු හොඳට දන්නවා. ඔබ දකින චයිනීස් කෑම වල, එලවළු ලස්සනට කොලපාටට , කරස් ගාලා හැපෙන පදමට තියෙන්නෙ ඒකයි.තුනපහ  අධික ලෙස යොදා , තලප වෙන්න බෙරි කරලා උයන ඉන්දියන් කෑමට මම අකමැතිත් ඒකයි.



අවාසනාවට දේශීය වෙදකම වගේම, අපේ සුප ශාස්ත්‍රයත්  අභාවයට යන කලාවක් කියලයි මට හිතෙන්නෙ. තවකෙනෙකුට කියාදෙන්න ඇති අකමැත්ත, මෙව්වා ඉගෙන ගන්න, ලේඛණගත කරන්න උනන්දුවක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම වගේ හේතු ගණනාවක් මෙයට දායක වෙනවා ඇති.මා මෙන්ම ඔබත් බොහෝ විට අසා ඇති සමහරු මෙහෙම කියනවා " අපේ  අම්මා හදනවා  කිරිකොස් මාළුවක්, ආයෙ මොනවද ඒක එක්ක විතරක් බත් පිඟානක් කතෑකි" .



ප්‍රශ්ණෙ තියෙන්නෙ,  ඒ හැකියාව ඊලඟ පරම්පරාවට  නොයෑමයි. ඒ නිසා ඒ පරම්පරාවෙ අයට කියන්න වෙන්නෙ " අන්න අතන හෝටලයෙ  රෝල්ස් මාරයි, අහවල් හෝටලයෙ බුරියානි එක නියමයි" වැනි කතා විතරයි. පහල විඩියො එකේ 7.58 හරිය බලන්න. කොළඹ හොඳම බුරියානි හදන්නෙ මෙතැන. ලොකු, ලොකු තැන්වලත් මෙතනින් ඕඩර් කරලා අරගෙන ගිහින්  විකුනනවා.





මේකට විසඳුමක් ලෙස මා දකින හොඳම  දේ ඉන්ටනෙට් එක. මා මේ විෂය ගැන විශේෂඥයෙක් නූනත්, දැනටමත් මේ ගැන ලිපි ලියා ඇති අය උනන්දු කරවීම මගේ අරමුණයි.සොඳුරු සඳවතී ලියපු "පොඩි කාලේ කාපු බීපුවායේ රස !" කියන ලිපිය දැක්කාම තමා මට මේක ලියන්න හිතුනෙ. අපි ඉවීම අවතක්සේරුවට භාජනය කරන බව මට හිතුනෙ, එතරම් අමාරු දෙයක් ලෙස අප නොදකින "මිරිස් බැදිල්ල" ගැන මාරයා ලියපු ලිපියක් දැකලා. තව තේනුවර මහත්තයා කාලෙකට ඉහත ලියපු "අපේ දිව්‍ය භෝජන" ලිපි පෙලත්, මාතලන් ලියපු "මාළු ඇඹුල් තියල්" ලිපියත් බලන්න වටින එව්වා. මම නං බලල, සේව් කරගත්තා හිටං.





Now, this song is stuck in my head :)












Sunday, October 23, 2016

බස්සා සහ හීන් බබා සීයා






 ඉයන්ගෙ  අඩවියෙ අලුත්ම ලිපිය " ඉතින්, ඉතින් හීන් බබා සීයේ" බැලුවා, මට නැගලම ගියෙ ඒකෙ තිවුන හීන් බබා සීයා සහ සෝරත හාමුදුවන් අතර දෙබස. මං මේ කම්පනා කොලේ  හීන්බබා  සීයා ඕක මට කිව්වා නං  කොහොම වෙයිද කියලා



"උඹහෙට කියන්න බස්සෝ, මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."



"ඉතින්,  ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?"



"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "



" නියමයි නෙව සීයෙ"



" උඹ ඔය මට ඔච්චම් කරනව නේද, බොල?"



"පිස්සුද සීයෙ? මං එහෙමත් කරනවද? ගෙදර එන්නෙ නැතුව, කන්තෝරුවෙ නවතින්නයැ? දැං බලාපං අපේ  ප්‍රොඩක්ෂන්  මැනේජර් තුමා . මං හිතන්නෙ උන්දැ ජීවත් වුනේ වැඩපොලේ. ඔය ඉඳලා හිටලා ගෙදරත් ගියා. ආං, දැන් අස් වෙන්න යනවැයි කියන්නෙ? මං හිතන්නෙ, ආතතිය වෙන්ටෑ?



" අම්මපා බස්සෝ, උඹ විතරමයි මගේ පැත්ත ගත්තෙ. අනිත් උන් ඔක්කෝම මට හිනා වුනා" සීයා අඬන්න ගත්තා.



මම ජීවත් වෙන්නෙ ලොකු නගරයක. හරි, හරි   මිලියන දහතුනක් නෑ තමා, මිලියන හයයි කියමුකො. රෑ දෙගොඩහරි ජාමෙ උනත් අපේ 401 හයිවේ එක  දිහා බැලුවොත් පේන්නෙ මෙන්න මේ වගේ දර්ශණයක්:



http://il8.picdn.net/shutterstock/videos/3135076/thumb/1.jpgලවක් දෙවක් නැතුව දුවන මිනිස්සු. ‍රැ ජාමෙ මේ යක්කු කොහේ යනවද මන්දා? ඔහොම කිව්වට, හෙට රෑට බස්සත් ඔය මිනිස් ගංගාවට එකතු වෙනවා. කිලෝ මිටර් 33.33 , එකසිය  විස්සට ඇරියාම විනාඩි විස්සයි. වැඩට යන මිනිස්සු, ගෙදර යන මිනිස්සු, බඩු ප්‍රවාහණය කරන ට්‍රක් .මේ ප්‍රවාහන පද්ධතිය, තමා  කවදාවත් නොනිදන අපේ නගරයේ රුධිර නාල. නැවතුනොත් මලා තමයි.



සමහර වෙලාවට බස්සාටත්  ඔය ‍රැට් රේස් එකට ජොයින්ට් වෙන්න උපදෙස් නොලැබෙනවත් නෙමෙයි. මේ ලඟදි  අපේ  පිල්ලා -අර සෙල් ෆෝන් එක පොලේ ගහපු එකා, මට කියනවා:



" බස්සො, මෙහම ඉඳලා හරියන්නෙ නෑ, අපි  බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕනෙ"



" හා, මචං"



" ඔව්, ඉතිං බොට නං මොකද? මේ හම්බවෙන එක හොඳටම ඇති නෙව? ඒ වගේද මං? කලින් කසාදෙ  නඩත්තු ගෙවන්න ඕනෙ, වාහනේ පිනෑන්ස්, ගෙදර මෝගේජ්, තව කොච්චර නං  බිල් ගෙවනවද? "



ජීවිතේ රිස්ක් එකක් ගන්නෙ නැති අය දියුණු වෙන්නෙ නෑ කියලා ඔබ කියාවි. ඕනෙ නං , මූ  නං මහ කම්මැලි මූකලං බකමූණෙක් කියලා කිව්වත් කාරි නෑ. ඇත්ත, මං කම්මැලි බකමූණෙක් තමා, ඒත්  රිස්ක් ගන්නෙ නෑ කියල කියන්න බෑ නෙව?  වාහනයක් එලෝන කොට, රස්සාව කරන කොට  ගන්න රිස්ක් මට හොඳටෝම ඇති. ආයෙ බිසිනොස් කොරල  අමතර රිස්ක්  ගන්න ගියොත් වෙන්නෙ මටත් අරුන්දැට වෙච්ච එක , ආතතිය වැඩිවෙන එක.



ඔය ආතතිය තියනවා නෙවද? ඕක හරියට බ්ලඩ් ෂුගර් වගේ, වැඩි උනත් මැරෙනවා, අඩු උනත් මැරෙනවා. 



මට මතක් වෙන්නෙ ජෙරෝම්ව. ඒ  අපිත් එක්ක හිටපු තව පිල්ලෙක්. කොයි වෙලාවෙ බැලුවත් , හිනා වෙවී, සිංදුවක් මුමුන, මුමුන බොහොම ජොලියෙන් තමා හිටියෙ. මං ඇහුවාම ජෙරෝම් කිව්වෙ  සතුට යනු ‍තෝරාගැනීමක් බවයි.



So many choices

Something raining down

A river of what-to-dos, who-to-bes

Stand out? Blend in?

Help 'em? Go to war and win?








ඔබ කුමක් කල යුතුද කියා මට කියන්න බෑ. මගේ ක්‍රමය , ඔබට ගැලපෙනවා කියල කියන්නත් බෑ. සමාජ ආරක්ෂණ ක්‍රම, විශ්‍රාම වැ‍ටුප්, විශ්‍රාම ඉතිරි කිරීම්(retirement saving plan) සහ  සමස්ථයක් වශයෙන්  වැඩිහිටියන්ට  ඇති සමාජ සැලකිල්ල/ ආකල්ප මත ,මේක රටෙන් , රටට, සමාජයෙන් , සමාජයට වෙනස් වෙනවා. 










මං කියන්නෙ, අපි කරන්න ඕනෙ අපිට ඕනෙ දේ,  නැතුව අරය, මෙයා කරපු දේ නෙමෙයි. මොනව කලත් කරන දේ අපිව සතුටෙන් තියනව නං එච්චරයි. දැන් මං කලේ, දෙකක් නමාගෙන මෙන්න මේක අහපු එක: 





The Kiss or Promontory

From the  film The Last Of The Mohicans -1992



ඔහෙලා දන්නවා නෙව , මම කැමති ටයිප් එක - මැස්සො බීපු ගොයං ගහ වගේ එක. ඇඳුම ජිප්සි හෝ සෙල්ටික් වෙන්න ඕනෙ.මොකක්දෝ කියන්න බැරි දුක්මුසු බවක් එක්කම අමුතුම ලස්සනක් මේකෙ තියනවා. සමහර විට ඒක තේරෙන්නෙ , දෙකක් ලඟ, ලඟ නමාගත්ත කම්මැලි බස්සෙකුට විතරද මන්දා?




මට ආයෙත් මතක් වුනේ ජෙරෝම්ගෙ වචන:






http://pre06.deviantart.net/fe31/th/pre/f/2016/002/2/3/day2___sick_but_happy_owl_by_absolutedream-d9mirfx.png
A Happy Owl








Happiness is a choice




















Sunday, October 9, 2016

අපි කන හැටි ලිපා දනී










මේ සිංදුවෙ  ජාඩි ගැන ඇහෙන කොට මට ජාඩි හොද්දෙ රහ ගැන මෙන්න මෙහෙම කියැවෙනවා:



හෙරලි පොලොස්

දෙල් , අ‍ටුකොස්

ජාඩි හොදිත්

එක්ක ගුඩුස්



සමහරු ඔතෙන්ට " කොරලි හොදි" කියල කිව්වත්, මං කැමති ජාඩි නිසා එහෙම දාගත්තා.



සුනාමියෙන් නැත්තටම නැති වෙච්ච බලපිටියෙ, කොස්ගොඩ,  දිරිය පවුලක් , දකුණේ සුප්‍රසිද්ධ ජාඩි, ගෘහ කර්මාන්තයක් විදිහට පටන් අරගෙන. දැන් පැකට් කරලා රට පටවනවා කියන්නෙ, හිටං. අපටත් පැකට් ජාඩිවත් කන්න වාසනාව ලැබේවා!






රටෙන් බැහැරව ඉන්න අයට විතරක් නෙමෙයි, ගමෙන් බැහැරව ගෙන්දගං පොලොවෙ පය ගහල ඉන්න අයට උනත්, තමන්ට ආවේනික කෑම නැතිවෙනකොට අර මොකක්ද  මෙව්ව එක එනව නෙව.

හිංගලෙන් ඕකට කියන්නෙ nostalgia කියලා. හරි ඉංගිරිස් වචනෙ හෙව්වා, මධුර ඩික්ෂනරියෙ කියන්නෙ " සාංකාව " කියලයි. මං නං ඒකට කැමති නෑ. මට ඇති   anxiety

එකක් නෑ නෙව?



කොච්චියා නියම  nostalgic පෝස්ට් එකක් ලියලා  . රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා  කියලා, ඕකෙ බැදපු ඉස්සො බනිස් මෙන්ම පරාටා,බිත්තර රොටි,ආප්ප, ඉඳි ආප්ප, බිත්තර කරි සහ පරිප්පු ගැනද කියවෙන්නේය, මෙව්වා කියවන විට නහුතයට  වැඩිවන අපේ  මෙව්වා එක සමනය කරගැනීමට , විකල්පයක් සෙවිය යුතුමය.



බිත්තර කරි  - ගොරකා පේස්ට් හැන්දක් දාලා කිරි හොද්දක් හදලාහිටං,  බිත්තර ගෙඩි දෙකක් අතාරින්න - checked



පරිප්පුව -  තෙම්පරාදු කරලා ගත්ත බකුස් පරිප්පුවේ , කියන්නට තරං වරදක් නැත  - checked



ජාඩි - අපට කොයින්දෑ පූසො මාළු, අපි යැනවැයි මූදු



පරාටා - අවුලක් නැත. කඩේ පැකට් ඇත - checked



බිත්තර රොටි - පරාටාවක්  සාස් පානට  දමා  මැදට බිත්තරයක් අතාරින්න - checked



"කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක තම්බලා කෑමක්" ගැන කමෙන්ට් එකක තිවුනා. කොච්චිම නූනත් , ඊටත් වඩා සැර නයි මිරිස්, තායි මිරිස් මෙහෙ තියන නිසා ඒකත් අවුලක් නැත.



කාලෙකට ඉස්සර මැදපෙරදිග රෙස්‍ටුරන්ට් එකක කෑමට ගියා. එයාලගෙ විශේෂ sizzlers.

 සාස්, සූස් ගාන, දුං දාන sizzlers  අත උඩ තියාගෙන , වේටර්ලා ගිණිකසයො වගේ එහාට මෙහාට ගියා. එක් කෙනෙක් , අපේ මේසෙටත් දුං දාන sizzler එකක් ගෙනත් අතෑරියා, ඒකෙ තිව්නෙ dessert  එකක්. චොකලට් කේක්  ගෙඩියක උඩට අයිස්කිරිං කෝප්පයක් අතෑරලා වගේ. හැබැයි දිවියලෝක රහයි. චොකලට් කේක් එක යන්තමට රස්නෙයි, අයිස්කිරීම යන්තමට  දියවෙමින් පැවතුනත්, සීතයි.  නම අහගන්න බැරි වුනා, පස්සෙ  හෙව්වාම දැණගන්න ලැබුනෙ "Baked Alaska" කියයි.



මෙන්න  Baked Alaska සාදන ක්ෂණික ක්‍රමය = බකුසු ඉස්ටැයිල් :



බ්‍රවුනීස්  දෙක , තුනක්  මයිකෝවේව් එකේ තත්පර 15 රත්කර ගන්න. දැන් ඩබල් ක්‍රීම් වැනිලා අයිස්ක්‍රිම් මේස හැඳි දෙක, තුනක්  ඒ උඩට දමා ආයෙත් තත්පර 8 මයික්‍රොවේව් කරගන්න. උණු , උණුවෙම වළඳන්න.



අවවාදය: බ්‍රවුනීස් කර නොවීමටත්, අයිස්කිරිං දිය නොවීමටත්,  තප්පර ගාණ වැදගත්ය. 



 
මෙහෙම ලිව්වාට මං හුඟක් කෑම කන සතෙක් නෙමෙයි, මෙන්න මගේ මොටෝ එක:




eat like a bird and sleep like a bear









තුනෙන් එකක අනුපාතයට  "තරබාරුව" ප්‍රශ්ණයක් වෙච්ච අපේ සාවියෙ , මැස්සො බීපු ගොයං ගහ වගේ ඉන්න එක සරීර සවුක්කියට ගුණ වග බස්සො හොඳටම දන්නවා. මම දැන් වැඩිපුර කන්නෙ එලවලු. මස්. මාළු කෑම අඩුයි. "දුං ගැසූ සොසෙජස්" පැකට් ෆ්‍රිසර් එකේ තියනවා හදිස්සියකට ගන්න. තව ඔය සැමන් ටිං කීපයක්, වේලිච්ච හාල්මැස්සො පැකට් කීපයක් තියෙනවා, ඒ හොඳටම ඇති. මෙහෙම එලෝලුම කාගෙන, කාගෙන ගිහිල්ලා හිටපු ගමන්  මස් කන්න හිතුනාම පිලිස්සූ සැව්ලෙක් හරි නැට්ට කොටා හරි ගෙනැල්ල  ඇද බානවා, එච්චරයි. පැෂන් මොඩල්ලා කන්නෙ එහෙමලු, ජොස්තර ඇට්කින් තමා කිව්වෙ.



disclaimer: මස්, මාළු නොකෑමෙන් පමණක්  තරබාරුව  වලක්වාගත නොහැක. අඩුකල යුත්තේ පිටි කෑම - starch ය.  මස්-මාළු නැතිව කෑමෙන් , උස්මුරුත්තාවට එනතෙක් වැලඳීමේ පුරුද්ද පාලනය කරගත හැක






මේ , ඔහේලත් දන්න ‍රැසිපි තියනවා නං දාන්න , ඈ?


Friday, September 9, 2016

What's going on?








"තොට මහසෝන ගැහුවද බොල, මේ  පාන්දර ජාමේ  මරහත තියන්න තිබා ගත්තෙ? "







අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා  එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහා‍ටු , පුම්බලා, හොඳට ‍රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:




http://www.advalvas.vu.nl/sites/default/files/styles/large/public/nieuws/inspectie.jpeg?itok=k-22psu-



And I say, hey yeah yeah, hey yeah yeah

I said hey, 



what's going on?





"නෑ බං , මං මේ  කිව්වෙ , මේ ඇනෝමවුස් වලිය ගැන" මං එහෙම කිව්වා.




" හා , මං දැණගෙන හිටියා , උඹ කැරකිලා එන්නෙ මීයන් ගැන කතාවකට තමා කියලා"  පොලොස් කොට්ටෝරුවා කිව්වා.




" මං නෙමෙයි , ඇනෝමීයො ගැන කියලා බනින්නෙ - ෂර්ලොක් හෝම්ස්"




" හුටා, ඒ වංගියෙ ෂර්ලොක් හෝම්ස් මීයෝ අල්ලන රස්සාවට බැහැලද? "




" නෑ, නෑ මේ වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක්."




" මෙහෙමනෙ, ඔන්න ඇනෝමීයො වගයක් කමෙන්ට් දාලා. අපේ ෂර්ලොක් හෝම්ස් ගොයියා පැන්නා , ඇල්ලුවෙ නැතෑ මීයො ටික. උන් රට මීයො වගයක්ලු"



" නෑ, මං දැණගෙන හිටියා ෂර්ලොක් හෝම්ස් දස්ස හාදයා කියලා. හැබෑටම ඔය ලෝකල්  ෂර්ලොක් හෝම්ස් කියන්නෙ පූසෙක්ද?.
දැන් කොහොමද ඔය මීයො අල්ලන්නෙ? බැදපු පොල් කෑල්ලක් මී කතුරට තියල වෙන්ටෑ?"



" මඟුලක් කියනවා. දැන් කාලෙ මීයෝ එහෙම අල්ලන්න බෑ. එව්වට තියනවා  පුරාණෙ සිට පැවත එන පාරම්පරික  රහස් ක්‍රමවේද"



" ඒ කිව්වෙ?"



" එව්වා තියනවා. එහෙම හැමෝටම කියන්න බෑ. මේක තනිකරම ගණිතය මත පදනම් වෙලා තියෙන්නෙ.මීයගෙ උපන් වෙලාව  ද්විත්ව අනුකලනය කරලා , මේ ෆෝමියුලා එකට දැම්මහම , පටස් ගාලා පෙන්නනවා, මීයාගෙ ගෙදර ඇඩ්‍රස් එක"



" අනේ පලයං බස්සො ටොම්පච කෙලින්නෙ නැතිව?"



" හා , හා උඹත් ඔය කන්න තමයි ෂර්ලොක් හෝම්ස්ගෙන්. දැන්  වටේටම නෙලල, ඔහොම කියපු උන් හත් අට දෙනෙක්ම බිම"



" හැබෑටම බස්සො එයා ටක්කෙටම මීයො අල්ල ගත්තද?"



" මඟුලක් කියනවා. උන්දෑ අල්ලපු මීයෙක් නෑ. එයා අල්ලයි මීයන්ගෙ නැට්ට? පස්සෙ ,මීයොන්ට එන්න දුන්නා කියලා දොස්තර හොඳහිතට දුන්නා ඇස්ටි හැලෙන්න"



" දැන් මේ  උඹ මෙච්චර පරක්කු වෙලා මෙව්වා දාන්නෙ ඇයි? "




"මචං පොලොස් , මටත් පුළුවනි අපේ  අනිත් වැදගත්  ලියන මහත්තුරු වගේ " ඇවිලෙන වලියට පිදුරු නොදා" ඉන්න ."




" හෑ , ඒ මොන ඇන්නෑවකටද බොල වලියට පිදුරු දාන්නෙ ? හරක්ට කන්නද"






" අනේ මංද බං, එයා නං නිතරම කිව්වෙ "සම හරක්" කියලයි. දැන් යන විදිහට පිදුරු කන්නෙ හරක් විතරමද කියලයි සැක?"



" දැන් මොකක්ද උඹ මේ කියන්න තෙපර බාන්නෙ? උඹ කියන්නෙ , ඔය පුරාණ දේශීය ක්‍රමවේද ඔක්කොම බොරුයි කියලද?



" නෑ එහෙම කියන්නෙ නෑ. හරිද නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං එකක් දන්නවා, මිනිස්සු මානසිකව වැ‍ටුනාම  ඔව්වා වලට ඇදිලා යනවා. මාත් එහෙම කරල තියනවා..එතකොට බොහෝවිට ඒ අයව  ගසා කනවා. 





 දැන්  ඔව්වා ගැන උනන්දුවක් නෑ. මට  අදාල නෑ, කවුරු හරි එව්වා විස්වාස කරනවා නම්, ඒක ඒ අයගෙ කැමැත්ත. ඒත් මෙව්වා ගැන අදහස් දක්වන්න ඉඩ තියෙන්නෙ ඕනෙ. ඒක  තර්ජනය කරලා නවත්වන්න හදනවානම්, මං විරුද්ධ අන්න ඒකට.  





I may not agree with what you have to say, but I'll defend to the death your right to say it. 

- Evelyn Beatrice Hall -

Sunday, July 31, 2016

සියා සහ බරකා


නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.



Sia කිව්වෙ  Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.











දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර  ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං  නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග?  සින්දුවෙ නම  cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.





ඊළඟට කථා නොකරන  චිත්‍රපටයක් Baraka.  මොන කෑටගරියට දාන්නද කියලා හිතාගන්න අමාරුයි. වාර්තා කියන්නත් අමාරුයි. එක, එක අයට එක, එක විදිහට පෙනේවි.



කොහොම පෙනුනත්  බැලුවට පාඩු නෑ. දැන් ඔහෙල හිතනව නං " හහ්, කොට්ටෝරුවො දන්න ‍ෆිල්ම්" කියල, මට කියන්න තියෙන්නෙ "වඳුරොන්ට මොන  jacuzzi ද?"" කියලයි. චිත්‍රපටිය පටන් ගන්නෙ, තඩි වඳුරු මොටෙක්  වින්ටර් එකේ  හොට් වෝටර් බාත් එකක් ගන්න සීන් එකකින්.







මෙන්න ට්‍රේලර් එක:












සම්පූර්ණ මූවි එකම  YouTube එකේ තියනවා -මෙතන

Monday, July 25, 2016

මුට්ටිය දමා බැලීම











ඔහෙල දන්නව නෙව ඉස්සර මේකෙ බ්ලොග් ලියපු බකුසු තඩියා. උන්ද මලා නෙව. මේ හොඳට  හිටියා. ඔන්න එක දවසක් නයිට් එක ඇදලා ඇවිත්  අත්ත උඩ වෙනදා වගේම තනි අණ්ඩෙන් නිදි කිර,කිර ඉඳලා තියනවා.  වැ‍ටුනා අත්තෙන් පහලට, ඔලුව පහලට හිටින්න. ඔන් ද ස්පොට්.







ආ , කියන්න බැරි වුනා නෙව? මං මේ අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුව. සමහරු නං කියන්නෙ , හොඳ වැඩේ  වුනේ ඔය බකමූණට, ඉන්න කල්, කලේ එක එකාට මඩ ගහපු එකයි කියලා. ඒ තියා ඕකා මගෙන් අවසර නොගෙන මං ගැනත් ලියලා තියනවා කියහල්ලකො.





ඒත් මං නං එහෙම කියන්නෙ නෑ. මොනව උනත් මයෙ අසල්වාසියා වෙච්චි. උගේ පාඩුවෙ පණං හතරක් හොයාගෙන, ඔය අත්ත උඩට වෙලා, හූම් ,හූම් කිය කිය හිටියා මිසක්කා වෙන කරදරයක් කලේ නෑ නොවැ? මං ඒක නිසා " සුභ ගමන්. බස්තියං " කියලා බැනර් එකකුත් එල්ලුවා. දැං මේ නිකං තියන බ්ලොග් කට්ටෙ පෝස්ට් එකක් ලියලා මුට්ටිය දාලා බැලුවෙත් ඒකයි.





අපි නං ඉතිං ඉඳි කිරීම් අංසෙ තමා වැඩ. සෑහෙන්න බිසී මේ දවස්වල, මේ දැනුත් බාර ගත්ත වැඩ දෙකක් තියනවා, වැඩ කිව්වෙ,ගෙවල් හදනවා  නෙව? කොස් ගහේ එකයි, දෙල් ගහේ එකයි. මේ ඔහෙලත් ගෙවල් හදාගන්න ඕනෙ නං කියන්ට, ඈ. හොඳ රවුමට  හදලා දෙනවා.





එහෙනං , ඔය ඉඩ තියෙන වෙලාවට පොස්ට් කට්ටත් , දෙකක් කොටා දමඤ්ඤං.