නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.
Sia කිව්වෙ Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.
දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග? සින්දුවෙ නම cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.
ඊළඟට කථා නොකරන චිත්‍රපටයක් Baraka. මොන කෑටගරියට දාන්නද කියලා හිතාගන්න අමාරුයි. වාර්තා කියන්නත් අමාරුයි. එක, එක අයට එක, එක විදිහට පෙනේවි.
කොහොම පෙනුනත් බැලුවට පාඩු නෑ. දැන් ඔහෙල හිතනව නං " හහ්, කොට්ටෝරුවො දන්න ෆිල්ම්" කියල, මට කියන්න තියෙන්නෙ "වඳුරොන්ට මොන jacuzzi ද?"" කියලයි. චිත්‍රපටිය පටන් ගන්නෙ, තඩි වඳුරු මොටෙක් වින්ටර් එකේ හොට් වෝටර් බාත් එකක් ගන්න සීන් එකකින්.
මෙන්න ට්‍රේලර් එක:
සම්පූර්ණ මූවි එකම YouTube එකේ තියනවා -මෙතන