Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!
හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි. ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?ඉතිං, ඔය සීතකාලෙ ඇල්වතුරින් හාල් සේදීම පිළිබඳ ව්‍යාකූල තත්ත්වය තියෙන අල්ල පනල්ලෙ,මොකක්දෝ ඇනිමෙ එකක් දැක්කා, හාල් තුන් වතාවකට වඩා හෝදන්න එපා කියනවා. ජැපනීස් ඇනිමෙ කියන්නෙ. සූපශාස්ත්‍ර උපදෙස් ගන්න හොඳම තැන නූනත්, ඕකත් මයෙ හිතේ තිබ්බා.ඕං ඔහොම ඉන්න කොට තමා, මේ හාදයව මුණගැහුනෙ. උන්දැ කිව්වා නෙව, මහ පුදුම කතාවක්!. මගෙන් ඇහුවා, ගන්නෙ "වැකුම් සීල්" කරපු හාල්ද කියලා? මම "ඔව්" කිව්වාම උන්දෑ අහපි " එහෙනං මොකටද වාහෙ හෝදන්නෙ" කියලා. විස්වාස කරාන්ට, මටත් ඔහෙලට හිතුන දේම හිතුනා. මං ටිකක් අදිමදි කලාම, මේකා ඇහුවෙ නැතෑ " ඇයි ඔහෙලා පාන් පිටිත් හෝදලද ගන්නෙ" කියලා? පස්සෙ මෙයා, නවීන හාල් නිශ්පාදන ක්‍රියාවලිය, සේදීමට/නොසේදීමට හේතු, සහල් විශේෂග්ඥ මතයත් එක්ක පෙන්නුවාම, මට පිලිගන්නම වුනා.බොහොම කාලෙකට ඉස්සර, මගෙ දමිල යාළුවෙක් බතක් ඉව්වා. හාල් හෝදලා, කබලෙ ටිකක් වේලලා, තෙල් ටිකක් දාලා හාල් බැද්දා. ඊට පස්සෙ ඉව්වා. හොඳ රසයි, මොකක්දෝ දෙමල නමක් කිව්වා. බලාගෙන ගියාම ඒ කාල තියෙන්නෙ පයේයා (Paella -pronounce " pai·ei·uh")නැත්නම් රිසෝටෝ නෙව. හරියට හදන ක්‍රමේ වීඩියෝවෙ තියනවා:
හරි, හරි මං දන්නව. හෝතම්බුට පොල් ලෙල්ල අතාරින්න අමාරුයි, මට මගේ අල්පේච්ච ජීවන රටාව අතාරින්න අමාරුයි වගේ ඔහෙලට හාල් සේදීම අතාරින්න අමාරු ඇති. ඒත් මං එයින් එකදෙයක් ඉගෙන ගත්තා. ජීවිත කාලෙම බතුයි, පරිප්පුයි කාපු මම හාල් ගැන දැණන් හිටියෙ කොච්චර ටිකද කියලා? එතකොට පරිප්පු,,,,,,, නෑ, එයා පරිප්පු ගැන කිව්වෙම නෑ. කොහොමත් දැනට හාල් විතරක් ඇති. හැබැයි ගොයියෝ, හෝතම්බුට මාට්ටු උනොත්, ඌ මාව නෑඹිලියෙ උලලා හෝදනවා.
නෑඹිලියක් නැතුව, කුරුඳු ලිහිණියෙක්ට කියා, හාල් ගරවා ගැනීමට සැරසෙන විදේශිකයක්:
හහ්! ගහපං බලන්න? තොගෙ ආච්චිට හාල් ගරන්න.බොහෝ කාලෙකට ඉස්සර, චයිනීස් ඩ්‍රැගන් කැෆේ යන පුරුද්දක් තිබුණා. ගියොත්, නොවැරදීම ඕඩර් කරපු දෙයක් තමා "චයිනීස් ඩ්‍රැගන් ස්පෙෂල් රයිස්" . කිරි රහට , තෙතට තිබුණ මේ බතේ තිබුනෙ පුදුම රහක්.දැන් හිතෙනවා ඒ බතත් උඩ කැටගරියට වැටෙන්න ඉඩ තියෙන බව.
එච්චරම දෙයක් නැතුව ඇති, ඒත් පහුගිය පෝස්ට් එකේ වෙළඳ දැන්වීමක් දාලා කල වංචාව මගෑරෙන්න, හරිහමන් පෝස්ට් එකක් ලියන්න හදන අහිංසක පක්සියාට, පොඩි චෑන්ස් එකක් දෙන්න, ඈ?
බස්නායක සර්, ඔය සීත රටවල උදවිය ඉතින් තව තව දේත් හෝදනවා හොරයිනේ
ReplyDeleteහුටා! හැබෑ නේන්නම්. එහෙම වුනාට, ඒ කස්ටිය අනෙක් අංස වලින් පිරිසිදුකම ඉහලින්ම පවත්වාගෙන යනවා.
Deleteහිරිකිතයක් නැතුව යන්න පුලුවන් public toiletsවත් නැති රටකින් එන මිනිස්සු සුද්දො හෝදන්න හොර තැන් ගැන කතා කරන එක විහිලුවක් නේද.
DeleteOMG Lotus මේ අපේ ප්‍රධාන ආහාරය ගැන කතා කරන පොස්ට් එකක මොකෑ public toilet ගැන කතා කරන්නේ.
Deleteපරිප්පු කියලත් හෝදන්නම ඕන නෑ ඉතිං
ReplyDelete"ඒම බෑ". පරිප්පු හේදුවෙ නැත්නම් හිතට හරි නෑ. හාල් වල තියෙන පිටි ගතිය, මේ දියාරු බතට දායක වෙනවා, පරිප්පුවල එහෙම දෙයක් නෑ.
Deleteඉතිං ලෝඩ් බැස්ටියන් ඔහෙ තියනවානෙ සෝදා පිරිසිදුකල රෙඩි ටු ඊට් කේල්, සැලඩ් එහෙම. ඒවා නොසෝදන එකේ තම්බන හාල් මොකටද?
ReplyDeleteඒක නෙමෙයි ඔබතුමාට හදුනාගත නොහැකි නමකින් හරි ඊමේල් ලිපිනයක් තියනවද?
සැ.යු. පැරනොයිඩ් නම් ඉහත දෙවන ප්‍රශ්නය නොසලකා හරින්න.
DeleteHeh, thanks for the code.
Deleteවැල්කම්
Delete//රෙඩි ටු ඊට් කේල්, සැලඩ්..//
Deleteතියනවා, තියනවා. ඒත් ඒවා වෙනයි, හාල් වෙනයි. හෝතම්බුවොගෙ වලිය තියෙන්නෙ හාල් එක්ක.
//පැරනොයිඩ් නම්..//
ආයෙ අහනව, පැරනොයිඩ් කියන්නෙ මයෙ මැද නම. ඊ-මේල් නං එකට වැඩිය තියනවා. ඒත් මේ ස්පෑම් හාවස්ටින් උන්දලගෙන් බේරිලා, කියන්නෙ කොහොමද කියලයි කම්පනා කලේ.
හරියට මෙතන ටයිප් කලොත්, ස්පෑම් එන්නෙ තැපෑලෙන්. ඊමෙල් සහ පබ්ලික් ෆෝරම් කියන්නෙ රෙසිපි ෆෝ ඩිසාස්ටර්
ටෝටියා වගේ
ReplyDeleteටෝටියා කියන්නෙ රොටි ජාතියක් නේද? හැමතැනම තිබ්බත්, මගේ ප්‍රියතම කෑමක් නං නෙමෙයි.
Deleteමං කිව්වෙ Spanish double L pronunciation නිසා. කොහොමවෙතත් මං කැමති ටෝටියා, චපාති සහ බිස්කට් වගේ හදන අපේ රොටි වලට තමයි. පරාටා සහ ගනකම පොල් රොටි වලට කැමති නෑ.
Deleteහරි පයේයා ස්පැනිශ් තමයි. මගේ රොටි තේරීම ඕකෙ අනිත් පැත්ත. ඝනකම පොල් රොටියි, තෙල් බේරෙන්න කලුවට උයපු චිකන්/පෝක් තියනවා නං ආයෙ මොනවද?
Deleteහෝතම්බු දේවසරණ ගියාම පෝක්/බීෆ් තහනං වුනා. මං කියන්නෙ, ඇයි කුකුලා කියන්නෙ කතරගම දෙවි වාහනේ නේද? චිකන් කනව නං ඇයි ඌරට/හරකට වෙනස්කං කරන්නෙ. කිසිම ලොජික් එකක් නැති වුනත්, දිනපතා දෙයියන්ට පූජා පවත්වන, සතියකට සැරයක් පල්ලියන කතෝලික හෝතම්බුවෙක්ගෙ විස්වාසය වෙනුවෙන් කැපවෙන්න සිම්පල් බස්සෙක් වෙච්ච මට සිද්ධවුනා.
පැරනොය්ය අසාධ්ය තත්වයෙ යාලුවෙක් ඉන්නවා හාල් overnight soak කරන. එතකොටලු හාල් වල ආසනික් අයින් වෙන්නෙ. ඕක ඔලුවෙ තිබිලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දවසක් මමත් පැය 4ක් විතර හාල් පෙඟෙන්න දලා එදා කන්න වුනේ පරිප්පු.
ReplyDeleteවැකුම් සීල් තියරිය අනුව මමත් ඉස්සර පරිප්පු හේදුවෙ එක පාරයි. ලොක්ඩවුන් කාලෙ Youtube cooking බලන කොට තමයි ඉගෙන ගත්තෙ පරිප්පු වල රහ එන්න දෙතුන් පාරක් අතුල්ලලා හෝදන්න ඕනෙ කියල. එතකොටලු පරිප්පු ඇටවල තියෙන fragrance එක එලියට එන්නෙ.
සමහර හාල් වර්ග, පැය බාගයක් විතර පොඟවලා උයන්න කියල තියනවා, මමත් දැකලා තියනවා. ඒත් මට නං කියන්න තරම් වෙනසක් දැණිලා නෑ. ඊට වඩා වෙනසක් ගත්තෑකි රම්පෙ කෑල්ලක් දැම්මාම.
Deleteඅත්දැකීමෙන් දන්න දෙයක් තමා, බතට තියන වතුර, හාලෙන්, හාලට වෙනස් වෙනවා කියලා. බොහෝවිට රයිස්කුකර් එක කලින් ඕෆ් කරන්න වෙනවා, බත ගානට ඉදෝගන්න.
පරිප්පු ක්‍රම කීපෙකට හැදුවෑකි. ඇට හැපෙන්න, නැත්නම් බෙරි වෙන්න හදන පරිප්පු තෙම්පරාදුව වගේ. ඔය දෙක තමා,මගේ ප්‍රියතම ක්‍රම.
***
ReplyDeleteඔය හෝතඹුව ඒක පාක්ෂිකයි. හෝදන්නේ නැතිව උයන්න පුළුවන් හාල් වර්ගය තමයි ඇමෙරිකන් හාල. මොකද ඒක ඔය පෙන්වනවා වගේම තදට පිරිසිදු කරල එන්නේ. ලොකු ඇට. තුර්කි උන් පාවිච්චි කරන්නෙත් ඒක. අවශ්‍ය නැහැ. නමුත් අපෙන් කින් කි දෙනාද ඒ හාල කන්නේ. දියවැඩියාවට නරකම හාල ඒ වගේම කිසිම ගුණයක් නැහැ. මම ඉතා කලාතුරකින් ගේනවා. මගේ මව්තුමිය ආපු දවස් වල ගෙනත් උයල තුක් කියල විසික් කළා. එයින් පස්සේ ගන්නේ නැහැ. අනිත් හාල් එහෙම සුද්ධ කරලා එන්නේ නැහැ. අපි ඉන්දියන් කඩ වලින්, ලංකාවේ දෙමල කඩ වලින් ගන්න ඒවා. හේදුවේ නැත්තන් බත් නෙමෙයි හැදෙන්නේ කැඳ.
ReplyDeleteඒක පාක්ෂිකද කියලත් අහනවා. ඒක පාක්ෂිකයි, උද්දච්චයි, කුජීතයි හැබැයි පැරනොයිඩ් තරමට පිරිසිදුයි. අවුලක් නෑ.
Deleteඔව් ඉන්දියන්. දෙමල කඩ හාල හේදුවෙ නැත්නම්, බඩුම තමා.
ඔය පයෙයා එක මමකාලයක් කිවේ පයෙලා කියල.පස්සේ අර වාසුදෙවට කියන නම ට ය යන්න දාල.කුණු හරපේ. වෙටර්ලට තේරුණ නිසා කමක් නැහැ. මට ලංකාවේ රොටි සහ ගොදඹ රොටි තරම් නැගල යන රොටි ජාතියක් නැහැ. නමුත් මෙහෙ වැඩිපුර ගන්න තියෙන්නේ චපාති නිසා ඒක තමා කන්නේ. පරිප්පු එක්ක. පරිප්පු නම් හතර පාරක් විතර හෝදනවා.
ReplyDeleteමගෙත් ප්‍රියතම ලංකාවේ ක්‍රමේ මහත රොටි සහ ගොදම්බා රොටි තමා
Deleteබස්නායක සර්,
ReplyDeleteකොක් පාඩමේ කොකුන් වර්ග කීපයක් සිටී කිව්වා වගේ හාල් පාඩමේත් හාල් වර්ග බෝමයක් තිබේ කියල නේ පොතේ තියෙන්නේ.
මුලින්ම කියන්නේ ඔය රෙඩිමේඩ් ඇමරිකන් හාල් ගැන නොදන්නා හාල්පරුවෙක් තමා මං.
හැබැයි චීන ජපන් කෂ්ටියට අපි වගේ වැඩිය හෝදන්ඩ ඕනෑන්නේ නෑ මොකෝ අර කෝටු දෙකෙන් අල්ලගන්ඩ ලම්ප් වශයෙන් බත තිබෙන්නට ඕනෑ නිසා.
දකුණු ඉන්දියාවේ හා ලංකාවේ අයට බත් ඇට වෙන වෙනම ගණන් කරන්නට අවශ්‍ය නිසා හාල හොඳින් හෝදන්ඩ වෙනවා අර හාල් ඇටේ වටේ තියෙන කුඩු වැනි ඉස්ටාච් ටික අස් කරගන්නට. ඉස්ටාච් තිබුනොත් ඇට එකට ඇලී චීන ක්‍රමයට ලඟා වෙනවා.
ඊළඟට හාල් කිව්වම උතුරු ඉන්දියාවේ ෆේවරිට් එක බාස්මතී වගේ ඇට දිග හාල. පහලට ආවම සම්බා වගේ චූච්චන් ඇට හාල් තමා ඉල්ලන්නේ. අන්ඩර ප්‍රදෙශේ සෝන මසූරි (කැකුළු) ජාතික හාල වෙනකොට කේරළේ රෝස මට්‌ට (තම්බපුව) තමා මාකට් වෙන්නේ.
දැන් ලංකාවේ උනත් රතු කැකුළු, සම්බා, තම්බපු හාල්, සුදු හාල් ඩිමාන්ඩ් වෙන්නේ එක එක ප්‍රදේශ වල නේ.
ඉස්සර කාලේ ගෙදර වංගෙඩියේ වී කොටන්ඩ තම්බලම ගන්ඩ එපෑ. නැත්තං හාල් ඇටේ කැඩෙනවා. ඊලඟට පාගන කමතෙන් හා පැදුරේ දාල වේලන තැනින් එන ගල් වැලි. ඔය සේරෝම අස් කොරන්ඩ නෑඹිලියේ දාල හාල් ගරන්ඩම එපෑ. දැන් ජපන් මැසිමේ සම්බා ඇටේ උනත් එළකිරි ලෙසට නොකැඩි පොලිෂ් කොරාල ගන්ඩ ඇහැක්නේ. දැන් නං ආච්චිට හාල් ගරන්ඩවත් ගෙදරක නෑඹිලියක් නෑ. සොරි වෙලා තියෙන්නේ.
මේ සේරෝම කිව්වේ, අර බල්ලා නිදාගන්ඩ රවුං තුන ගහනවා වගේ මේ හේදිල්ලත් අපේ ෆම්වෙයා එකේ තියෙන්නේ. අලුත් අප්ඩේට් එකක් එනකල් ඔහොමම තියේවි. ඒ අප්ඩේට් එකේම රට ගියත් බත්ම ඕනේ එකත් ඉන්ක්ලුඩඩ්. ඕඕ යේස්.
අර Lotus මතක් කොරපු කොලෙන් පිහිදාන එකත් 'ඊයා....' නොකියා කොරගන්ඩත් අප්ඩේට් එක ආවොත් මරු.
ආයේ මාසෙකට කොමෙන්ට් ලියන් නෑ
ජයවේවා!,
මේ එක නෙවේ ලොකු සර් ඇහැක්නං අර PraJay උතුමාට එවන ඇඩ්‍රස් කෑල්ල මටත් කොපි කරන්ඩ සර් ඈ.
ඔය ලියල තියෙන්නෙ, හාල් වංස පුරාණෙ හරි අපූරුවට. හේදිල්ල විතරක් නෙමෙයි තව බොහෝදේ අපේ ෆර්ම්වෙයා වල තියනවා. ඒත් ඒ බොහෝදේ වලින් හානියක් නෑ.
Deleteඅපොයි එහෙම කමෙන්ට් නොලිය ඉන්න එපා අප්පා. අසාධ්‍ය තත්ත්වයේ පවතින සිංහල බ්ලොග් ගොඩගන්නයි, මේ බැරි මරගාතෙ ලියන්නෙ.
ඔය ඉවිලි අංසෙ ගැන මගේ දැණූම පළපුරුද්ද බොහොම් මදි. ඉස්සර රට ඉන්න කාලෙනම් කමරේ සෙට් එක එකතු වෙලා ඔක්කොම හොදි එක හොද්දකින් උයන් කෑවා වගේ මතකයි..
ReplyDeleteමේ පෝස්ට් එක දැක්කම මතක් වුනේ ඉස්සර ගෙවල් වල නෑඹිලි, බත්වළං (අපි ඕකට බත්තලාද කියලත් කිව්වා), ඇතිලි, හට්ටි වගේ ජාති තිබුනා කියලා තමා.. ඒවට වෙච්ච දෙයක් නෑනෙ...
අහා නෑඹිලිය, අර කට්ට,කට්ට තියෙන එක. ඉස්සර ඕකෙ උල, උල හෝදනව හේදිල්ලක්...
Deleteමාත් ඇවිත් කියවලා ගියා. ඉස්සර නං අපි හාල් පොළලා ගරලා උයනව. දැං කාලෙ ඔය මොනවත් උවමනා නෑ
ReplyDeleteඒක නෙවෙන්නං, කුල්ල, නෑඹිලිය, ඇතුල්පත එක්කම හුණුසාල්. කළුඇට ඔක්කොම පැංසොං අරගෙන.
Deleteපැරනොයිඩ් කියන එකට මටනං හිතෙන්නේ මනෝකාරයා (අර මනෝ ගහලා ඉන්නවා කියන්නේ) හොඳයි කියළා. නමුත් එයාලාගේ මානසික රෝගයි අපේ ඒවායි වෙනස් නිසා එකට එක ගැලපෙන වචන නෑ. මොකක් හරි හදලා ගන්න වෙනවා. හාල් වතුර පාටට එනකම්ම හොඳට හෝදලා තමයි මම උයන්නේ. හාල් සුද්ද කරත්දී පාගනවා කියල අහලා තියෙනවා. කොයිකටත් හොඳට හෝදන එක හොඳයි. මොකද කුඩු වශයෙන් තියෙන ටික එතකොට දිය වෙලා යනවා. නැතිනම් අඩිය අල්ලන්න හේතු වෙන්න පුළුවන්. තව දෙයක් රයිස් කුකර් එකේ උයනකොට වතුර ටිකක් අඩුවෙන්(හාල් අනුව වෙනස් වෙනවා) තියන එක හොඳයි. පරිප්පුත් එහෙමයි. අර පාප්ප වගේ බත් එක ජපන්නු කන ස්ටිකි රයිස් එක නෙවෙයිද ?
ReplyDeleteපැරනොයිඩ් කියන එකට තමි වචනයක් හමුවුනේ නෑ. ජපන් අය විතරක් නෙමෙයි, තව බොහෝ ජාතීන් එහෙම දියාරු බත් කන්න කැමතියි. මං හිතන්නෙ අපේ වැඩි කැමැත්ත, ඇට නොඇලෙන්න තම්බපු බත් වලට.
Delete