Sunday, October 9, 2016

අපි කන හැටි ලිපා දනී










මේ සිංදුවෙ  ජාඩි ගැන ඇහෙන කොට මට ජාඩි හොද්දෙ රහ ගැන මෙන්න මෙහෙම කියැවෙනවා:



හෙරලි පොලොස්

දෙල් , අ‍ටුකොස්

ජාඩි හොදිත්

එක්ක ගුඩුස්



සමහරු ඔතෙන්ට " කොරලි හොදි" කියල කිව්වත්, මං කැමති ජාඩි නිසා එහෙම දාගත්තා.



සුනාමියෙන් නැත්තටම නැති වෙච්ච බලපිටියෙ, කොස්ගොඩ,  දිරිය පවුලක් , දකුණේ සුප්‍රසිද්ධ ජාඩි, ගෘහ කර්මාන්තයක් විදිහට පටන් අරගෙන. දැන් පැකට් කරලා රට පටවනවා කියන්නෙ, හිටං. අපටත් පැකට් ජාඩිවත් කන්න වාසනාව ලැබේවා!






රටෙන් බැහැරව ඉන්න අයට විතරක් නෙමෙයි, ගමෙන් බැහැරව ගෙන්දගං පොලොවෙ පය ගහල ඉන්න අයට උනත්, තමන්ට ආවේනික කෑම නැතිවෙනකොට අර මොකක්ද  මෙව්ව එක එනව නෙව.

හිංගලෙන් ඕකට කියන්නෙ nostalgia කියලා. හරි ඉංගිරිස් වචනෙ හෙව්වා, මධුර ඩික්ෂනරියෙ කියන්නෙ " සාංකාව " කියලයි. මං නං ඒකට කැමති නෑ. මට ඇති   anxiety

එකක් නෑ නෙව?



කොච්චියා නියම  nostalgic පෝස්ට් එකක් ලියලා  . රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා  කියලා, ඕකෙ බැදපු ඉස්සො බනිස් මෙන්ම පරාටා,බිත්තර රොටි,ආප්ප, ඉඳි ආප්ප, බිත්තර කරි සහ පරිප්පු ගැනද කියවෙන්නේය, මෙව්වා කියවන විට නහුතයට  වැඩිවන අපේ  මෙව්වා එක සමනය කරගැනීමට , විකල්පයක් සෙවිය යුතුමය.



බිත්තර කරි  - ගොරකා පේස්ට් හැන්දක් දාලා කිරි හොද්දක් හදලාහිටං,  බිත්තර ගෙඩි දෙකක් අතාරින්න - checked



පරිප්පුව -  තෙම්පරාදු කරලා ගත්ත බකුස් පරිප්පුවේ , කියන්නට තරං වරදක් නැත  - checked



ජාඩි - අපට කොයින්දෑ පූසො මාළු, අපි යැනවැයි මූදු



පරාටා - අවුලක් නැත. කඩේ පැකට් ඇත - checked



බිත්තර රොටි - පරාටාවක්  සාස් පානට  දමා  මැදට බිත්තරයක් අතාරින්න - checked



"කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක තම්බලා කෑමක්" ගැන කමෙන්ට් එකක තිවුනා. කොච්චිම නූනත් , ඊටත් වඩා සැර නයි මිරිස්, තායි මිරිස් මෙහෙ තියන නිසා ඒකත් අවුලක් නැත.



කාලෙකට ඉස්සර මැදපෙරදිග රෙස්‍ටුරන්ට් එකක කෑමට ගියා. එයාලගෙ විශේෂ sizzlers.

 සාස්, සූස් ගාන, දුං දාන sizzlers  අත උඩ තියාගෙන , වේටර්ලා ගිණිකසයො වගේ එහාට මෙහාට ගියා. එක් කෙනෙක් , අපේ මේසෙටත් දුං දාන sizzler එකක් ගෙනත් අතෑරියා, ඒකෙ තිව්නෙ dessert  එකක්. චොකලට් කේක්  ගෙඩියක උඩට අයිස්කිරිං කෝප්පයක් අතෑරලා වගේ. හැබැයි දිවියලෝක රහයි. චොකලට් කේක් එක යන්තමට රස්නෙයි, අයිස්කිරීම යන්තමට  දියවෙමින් පැවතුනත්, සීතයි.  නම අහගන්න බැරි වුනා, පස්සෙ  හෙව්වාම දැණගන්න ලැබුනෙ "Baked Alaska" කියයි.



මෙන්න  Baked Alaska සාදන ක්ෂණික ක්‍රමය = බකුසු ඉස්ටැයිල් :



බ්‍රවුනීස්  දෙක , තුනක්  මයිකෝවේව් එකේ තත්පර 15 රත්කර ගන්න. දැන් ඩබල් ක්‍රීම් වැනිලා අයිස්ක්‍රිම් මේස හැඳි දෙක, තුනක්  ඒ උඩට දමා ආයෙත් තත්පර 8 මයික්‍රොවේව් කරගන්න. උණු , උණුවෙම වළඳන්න.



අවවාදය: බ්‍රවුනීස් කර නොවීමටත්, අයිස්කිරිං දිය නොවීමටත්,  තප්පර ගාණ වැදගත්ය. 



 
මෙහෙම ලිව්වාට මං හුඟක් කෑම කන සතෙක් නෙමෙයි, මෙන්න මගේ මොටෝ එක:




eat like a bird and sleep like a bear









තුනෙන් එකක අනුපාතයට  "තරබාරුව" ප්‍රශ්ණයක් වෙච්ච අපේ සාවියෙ , මැස්සො බීපු ගොයං ගහ වගේ ඉන්න එක සරීර සවුක්කියට ගුණ වග බස්සො හොඳටම දන්නවා. මම දැන් වැඩිපුර කන්නෙ එලවලු. මස්. මාළු කෑම අඩුයි. "දුං ගැසූ සොසෙජස්" පැකට් ෆ්‍රිසර් එකේ තියනවා හදිස්සියකට ගන්න. තව ඔය සැමන් ටිං කීපයක්, වේලිච්ච හාල්මැස්සො පැකට් කීපයක් තියෙනවා, ඒ හොඳටම ඇති. මෙහෙම එලෝලුම කාගෙන, කාගෙන ගිහිල්ලා හිටපු ගමන්  මස් කන්න හිතුනාම පිලිස්සූ සැව්ලෙක් හරි නැට්ට කොටා හරි ගෙනැල්ල  ඇද බානවා, එච්චරයි. පැෂන් මොඩල්ලා කන්නෙ එහෙමලු, ජොස්තර ඇට්කින් තමා කිව්වෙ.



disclaimer: මස්, මාළු නොකෑමෙන් පමණක්  තරබාරුව  වලක්වාගත නොහැක. අඩුකල යුත්තේ පිටි කෑම - starch ය.  මස්-මාළු නැතිව කෑමෙන් , උස්මුරුත්තාවට එනතෙක් වැලඳීමේ පුරුද්ද පාලනය කරගත හැක






මේ , ඔහේලත් දන්න ‍රැසිපි තියනවා නං දාන්න , ඈ?


Friday, September 9, 2016

What's going on?








"තොට මහසෝන ගැහුවද බොල, මේ  පාන්දර ජාමේ  මරහත තියන්න තිබා ගත්තෙ? "







අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා  එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහා‍ටු , පුම්බලා, හොඳට ‍රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:




http://www.advalvas.vu.nl/sites/default/files/styles/large/public/nieuws/inspectie.jpeg?itok=k-22psu-



And I say, hey yeah yeah, hey yeah yeah

I said hey, 



what's going on?





"නෑ බං , මං මේ  කිව්වෙ , මේ ඇනෝමවුස් වලිය ගැන" මං එහෙම කිව්වා.




" හා , මං දැණගෙන හිටියා , උඹ කැරකිලා එන්නෙ මීයන් ගැන කතාවකට තමා කියලා"  පොලොස් කොට්ටෝරුවා කිව්වා.




" මං නෙමෙයි , ඇනෝමීයො ගැන කියලා බනින්නෙ - ෂර්ලොක් හෝම්ස්"




" හුටා, ඒ වංගියෙ ෂර්ලොක් හෝම්ස් මීයෝ අල්ලන රස්සාවට බැහැලද? "




" නෑ, නෑ මේ වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක්."




" මෙහෙමනෙ, ඔන්න ඇනෝමීයො වගයක් කමෙන්ට් දාලා. අපේ ෂර්ලොක් හෝම්ස් ගොයියා පැන්නා , ඇල්ලුවෙ නැතෑ මීයො ටික. උන් රට මීයො වගයක්ලු"



" නෑ, මං දැණගෙන හිටියා ෂර්ලොක් හෝම්ස් දස්ස හාදයා කියලා. හැබෑටම ඔය ලෝකල්  ෂර්ලොක් හෝම්ස් කියන්නෙ පූසෙක්ද?.
දැන් කොහොමද ඔය මීයො අල්ලන්නෙ? බැදපු පොල් කෑල්ලක් මී කතුරට තියල වෙන්ටෑ?"



" මඟුලක් කියනවා. දැන් කාලෙ මීයෝ එහෙම අල්ලන්න බෑ. එව්වට තියනවා  පුරාණෙ සිට පැවත එන පාරම්පරික  රහස් ක්‍රමවේද"



" ඒ කිව්වෙ?"



" එව්වා තියනවා. එහෙම හැමෝටම කියන්න බෑ. මේක තනිකරම ගණිතය මත පදනම් වෙලා තියෙන්නෙ.මීයගෙ උපන් වෙලාව  ද්විත්ව අනුකලනය කරලා , මේ ෆෝමියුලා එකට දැම්මහම , පටස් ගාලා පෙන්නනවා, මීයාගෙ ගෙදර ඇඩ්‍රස් එක"



" අනේ පලයං බස්සො ටොම්පච කෙලින්නෙ නැතිව?"



" හා , හා උඹත් ඔය කන්න තමයි ෂර්ලොක් හෝම්ස්ගෙන්. දැන්  වටේටම නෙලල, ඔහොම කියපු උන් හත් අට දෙනෙක්ම බිම"



" හැබෑටම බස්සො එයා ටක්කෙටම මීයො අල්ල ගත්තද?"



" මඟුලක් කියනවා. උන්දෑ අල්ලපු මීයෙක් නෑ. එයා අල්ලයි මීයන්ගෙ නැට්ට? පස්සෙ ,මීයොන්ට එන්න දුන්නා කියලා දොස්තර හොඳහිතට දුන්නා ඇස්ටි හැලෙන්න"



" දැන් මේ  උඹ මෙච්චර පරක්කු වෙලා මෙව්වා දාන්නෙ ඇයි? "




"මචං පොලොස් , මටත් පුළුවනි අපේ  අනිත් වැදගත්  ලියන මහත්තුරු වගේ " ඇවිලෙන වලියට පිදුරු නොදා" ඉන්න ."




" හෑ , ඒ මොන ඇන්නෑවකටද බොල වලියට පිදුරු දාන්නෙ ? හරක්ට කන්නද"






" අනේ මංද බං, එයා නං නිතරම කිව්වෙ "සම හරක්" කියලයි. දැන් යන විදිහට පිදුරු කන්නෙ හරක් විතරමද කියලයි සැක?"



" දැන් මොකක්ද උඹ මේ කියන්න තෙපර බාන්නෙ? උඹ කියන්නෙ , ඔය පුරාණ දේශීය ක්‍රමවේද ඔක්කොම බොරුයි කියලද?



" නෑ එහෙම කියන්නෙ නෑ. හරිද නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මං එකක් දන්නවා, මිනිස්සු මානසිකව වැ‍ටුනාම  ඔව්වා වලට ඇදිලා යනවා. මාත් එහෙම කරල තියනවා..එතකොට බොහෝවිට ඒ අයව  ගසා කනවා. 





 දැන්  ඔව්වා ගැන උනන්දුවක් නෑ. මට  අදාල නෑ, කවුරු හරි එව්වා විස්වාස කරනවා නම්, ඒක ඒ අයගෙ කැමැත්ත. ඒත් මෙව්වා ගැන අදහස් දක්වන්න ඉඩ තියෙන්නෙ ඕනෙ. ඒක  තර්ජනය කරලා නවත්වන්න හදනවානම්, මං විරුද්ධ අන්න ඒකට.  





I may not agree with what you have to say, but I'll defend to the death your right to say it. 

- Evelyn Beatrice Hall -

Sunday, July 31, 2016

සියා සහ බරකා


නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.



Sia කිව්වෙ  Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.











දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර  ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං  නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග?  සින්දුවෙ නම  cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.





ඊළඟට කථා නොකරන  චිත්‍රපටයක් Baraka.  මොන කෑටගරියට දාන්නද කියලා හිතාගන්න අමාරුයි. වාර්තා කියන්නත් අමාරුයි. එක, එක අයට එක, එක විදිහට පෙනේවි.



කොහොම පෙනුනත්  බැලුවට පාඩු නෑ. දැන් ඔහෙල හිතනව නං " හහ්, කොට්ටෝරුවො දන්න ‍ෆිල්ම්" කියල, මට කියන්න තියෙන්නෙ "වඳුරොන්ට මොන  jacuzzi ද?"" කියලයි. චිත්‍රපටිය පටන් ගන්නෙ, තඩි වඳුරු මොටෙක්  වින්ටර් එකේ  හොට් වෝටර් බාත් එකක් ගන්න සීන් එකකින්.







මෙන්න ට්‍රේලර් එක:












සම්පූර්ණ මූවි එකම  YouTube එකේ තියනවා -මෙතන

Monday, July 25, 2016

මුට්ටිය දමා බැලීම











ඔහෙල දන්නව නෙව ඉස්සර මේකෙ බ්ලොග් ලියපු බකුසු තඩියා. උන්ද මලා නෙව. මේ හොඳට  හිටියා. ඔන්න එක දවසක් නයිට් එක ඇදලා ඇවිත්  අත්ත උඩ වෙනදා වගේම තනි අණ්ඩෙන් නිදි කිර,කිර ඉඳලා තියනවා.  වැ‍ටුනා අත්තෙන් පහලට, ඔලුව පහලට හිටින්න. ඔන් ද ස්පොට්.







ආ , කියන්න බැරි වුනා නෙව? මං මේ අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුව. සමහරු නං කියන්නෙ , හොඳ වැඩේ  වුනේ ඔය බකමූණට, ඉන්න කල්, කලේ එක එකාට මඩ ගහපු එකයි කියලා. ඒ තියා ඕකා මගෙන් අවසර නොගෙන මං ගැනත් ලියලා තියනවා කියහල්ලකො.





ඒත් මං නං එහෙම කියන්නෙ නෑ. මොනව උනත් මයෙ අසල්වාසියා වෙච්චි. උගේ පාඩුවෙ පණං හතරක් හොයාගෙන, ඔය අත්ත උඩට වෙලා, හූම් ,හූම් කිය කිය හිටියා මිසක්කා වෙන කරදරයක් කලේ නෑ නොවැ? මං ඒක නිසා " සුභ ගමන්. බස්තියං " කියලා බැනර් එකකුත් එල්ලුවා. දැං මේ නිකං තියන බ්ලොග් කට්ටෙ පෝස්ට් එකක් ලියලා මුට්ටිය දාලා බැලුවෙත් ඒකයි.





අපි නං ඉතිං ඉඳි කිරීම් අංසෙ තමා වැඩ. සෑහෙන්න බිසී මේ දවස්වල, මේ දැනුත් බාර ගත්ත වැඩ දෙකක් තියනවා, වැඩ කිව්වෙ,ගෙවල් හදනවා  නෙව? කොස් ගහේ එකයි, දෙල් ගහේ එකයි. මේ ඔහෙලත් ගෙවල් හදාගන්න ඕනෙ නං කියන්ට, ඈ. හොඳ රවුමට  හදලා දෙනවා.





එහෙනං , ඔය ඉඩ තියෙන වෙලාවට පොස්ට් කට්ටත් , දෙකක් කොටා දමඤ්ඤං. 






Saturday, December 26, 2015

හිරු නොබසින ලෝකය



http://68.media.tumblr.com/tumblr_mcabbhj11Z1qezj1no1_1280.jpg

ප්‍රථමයෙන්, මම ඔබ මේ කතාව විශ්වාස කරාවි යැයි බලාපොරොත්තු නොවෙමි. එසේම  මගේ  සම්පූර්ණ නොසැලකිල්ල සහ සහ

 මෝඩකම නිසා,  හෝතම්බුවාට මේ කතාව කීවිට, බෝක්කුවක් තරමට කටත් ඇරගෙන උන්දෑ මා දෙස  බලාගෙන සිටි සුන්දර දසුන ඔබ දු‍ටුවා නම්, ඔබ ඒ ගැන පුදුම නොවන බවත් මා  දනිමි.බස්සන් කට ඇරියොත් කියන්නේ අලි කෙබර යැයි නොසන්ඩාල  රට්‍ටු කියන කතා පයිසෙකට මායිම් නොකර මම මේ කතාව ඔබට කියමි.



දැන්  නියත වශයෙන්ම ඔබ, මා එක්කෝ නත්තල් පප්පාගේ  සෙල්ලම් බඩු මල්ල හොරකම් කලා යැයි හෝ නැහ්නම් කෞතුකාගාරයෙන් රජ ඔ‍ටුන්න පන්නාගෙන යන්න ඇති වැනි නසරානී වැඩක් කරන්න ඇතියැයි සිතනවා වෙන්න පුළුවන.





හිතවත් පාඨකය, මේ එවැනි කතාවක් නොවේ. අරුම පුදුම කතාවක්  වුවත්, අවසානයේ මා කලා මෙන්ම ඔබද, හෝතම්බුවාද, අල්ලපු ගහේ පොලොස් කොට්ටෝරුවාද,  මේ කතාව විස්වාස කරනු ඇත.



පහුගිය දොහක මං අරාබි කාන්තාරයක් පැත්තෙ ගියේ පාත්තයො දඩයම් කරන්න. මගේ දඩයම් පාටියේ සිටි එකම බස්සා වූ මා, කාන්තාරයේ දරුවන් සහ නෞකාවන් වූ අරාබීන් සහ ඔ‍ටුවන් සමඟ උතුරු දෙසට ගමන් කලෙමි. ඉතා කුඩා ක්ෂේම භූමියක් තුළ ඉඳි කල, එළු සමින් ආවරණය කල, අටක් හෝ දහයක් අරාබි කූඩාරම් අප ඉදිරියේ විය. කිසිදු බලාපොරොත්තු නොවූ විටක, ඉතා හදිසියේ එයින් එක කූඩාරමකින් එලියට පැමිණි ඔහු අප හමුවීමට වේගයෙන් ඉදිරියට පැමිණියේය.



" අප්පට හුඩු, බස්සෙක්"" යැයි මොරගැසූ ඔහු " දෙවියන්ට ස්තූති වේවා" යැයි කීවේය.වටේ  කැරකුනු ඔහු " බස්සෙක්ම තමා " යැයි කීවේ මා නිරීක්ෂණය කරමිනි.



"මට, අද දිනය කියන්න. මොකක්ද වසර ? "



මම අද දිනය කී විට ඔහුගේ මුහුණේ ඇති වූ විශ්මය මොනවට පැහැදිලි විය.



"එය විය නොහැකිය!" ඔහු මොහොතකින් පසු මොරගැසීය. "එය විය නොහැක! ඔබ වැරදි බව මට කියන්න, මේක විහිලුවක් නේද?. "



"මම ඔබට කිව්වේ ඇත්ත, මිත්‍රයා," මම කිව්වා. "ඇයි මම නාඳුනන අමුත්තෙක් රවටන්නේ, නැත්නම් අද දිනය වගේ සරළ ප්‍රශ්ණයකට බොරු කියන්නේ?"



යම් කාලයක්  ඔහු හිස නමා  නිහඬව සිටියේය.

http://www.tarzan.org/art/ffeb22.jpg

"වසර දහයකට!" ඔහු තමාටම කියා ගත්තා. "මම හිතුවේ වසරකට  අඩු මිසක් වැඩි නෑ කියලයි. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ, ගෙඩි පිටින් වසර දහයක්?"


මේ එදා  අරාබි මරු කතරක, හුදකලා ක්ෂේම භූමියක , නිසල තරු විය

නක් යට ඔහු මට කී කතාවයි. මෙය අරාබි නිසොල්ලාසයේ කතාවක් තරමටම රසවත් බවට , මට සහතික විය හැක.





***********************************




කතාවෙ ඉතුරු ටික කියවන්න ඕනෙ නම් මෙන්න ලින්ක් එක. කතා පොත් 5 තියනවා. අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ.



 Pellucidar



කැමති නං කියවපල්ලා, අකමැති නම් , ඒත් කියවපල්ලා






********************


කියවන්න අවශ්‍ය අඩුම -කුඩුම:


1.Fire Fox


2. EPUBReader Addon


3. gtranslate Addon



























Saturday, November 28, 2015

කෙටි චිත්‍රපට



මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ? 












ලිව්වත් ඔ‍ටුවා, නොලිව්වත් ඔ‍ටුවා එකේ , ඔන්න ඔහේ  අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)

මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට  විචාරයක් දෙන්න, ඈ ?

Sunday, November 22, 2015

ඇයි අපි ඔ‍ටුවොද?







https://c2.staticflickr.com/4/3441/5814508221_1920da9229_b.jpg

කවදාවත් කමෙන්ට් කරල නැති වුනාට , නිතරම කියවන බ්ලොග් එකක් උඩුවාගේ සටහන්.ඒකෙ අලුත්ම පෝස්ට් එකෙන් කියවෙන්නෙ සමාජයේ පහල ස්ථරයක් ගැන කතාවක් - වීදි සරන ලඳුන් ගැන.



වීදි සරන ලඳුන් නැත්නම් නූතන යුගයේ අම්බපාලිලා ගැන ගීත කීපයක් ලියැවිලා තිබුණත් එයින් හොඳම එක ජොලි සීයගෙ "බජාර් එකේ ලලක්කා" කියලයි මට හිතෙන්නෙ.  ටිකක් අමුවෙන්ම කිව්වත් තිත්ත ඇත්ත ඒක තමා.



බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා



මයියොක්ක පිපිඥ්ඤා

වම්බටු පොඩි බණ්ඩක්කා

කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා



අක්කගෙ අම්ම ඉසක්කා

ඉස්සර එලවළු වික්කා

කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා

නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා

වික්ක නොවික්කා ගානයි මහලු ඉසක්කා











මම දන්න විදිහට වීදි සරන ලඳුන් සහ යාචකයින් ගැන කරපු එකම ප්‍රායෝගික සමාජ සමීක්ෂණය කලේ මහාචාර්ය නන්දසේන රත්නපාල.  අවුරුදු පතා  විශ්වවිද්‍යාල වලින් ටොන් ගණන් උපාධිධාරීන් බිහි වුනත්, අපේ අවාසනාවට, ඊට පස්සෙ කිසිම ප්‍රායෝගික සමාජ විද්වතෙක් බිහිවෙලා නෑ. සමාජ විද්‍යා පොතේ ආචාර්යවරු නම් නිබන්ධන ලියල ඇති, ආචාර්ය පට්ටම් අරගෙනත් ඇති. ඒත් තාමත් බට්ටිලාට , අපේ මහජන සේවකයො පන්න පන්නා නෙලනවා.



"බට්ටිලා, මේනකාලා" බ්ලොග් ලියනවා කියලා මං හිතන්නෙ නෑ, ඒ නිසා මේ අය ගැන දැන  ගන්න, ඔවුන්ගෙ කතා අහන්න, සිතුම් පැතුම් තේරුම් ගන්න තියන ලඟම දේ තමා බටහිර " කෝල් ගර්ල්ස්" ලෙස හඳුන්වන අයගෙ බ්ලොග් බලන එක. එහෙම බැලුවොත් තේරේවි අපි කවුරුත් මනුෂ්‍යයෝ කියලා.


සමාජ කතිකාවට භාජනය වියයුතු ඒත් එත් අපි "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" ගාණට ඉන්න තවත් කොට්ටාශ දෙකක් තමා:



ඇඟලුම් කම්හල් සේවිකාවො

මැදපෙරදිග ගෘහ සේවිකාවො


http://www.mswandas.co.uk/wp-content/uploads/2012/09/ActionAid-factory.jpg





මෙයින් පලමු කොටස වන ඇඟලුම් කම්හල් සේවිකාවන්ගෙ ලිංගික සූරාකෑම ගැන අනුවේදනීය කතාවක් කොළඹ ගමයාගෙ "පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්" පෝස්ට් එකේ කියැවෙනවා.



අදටත් මේ තත්ත්වයෙ වැඩි වෙනසක් වෙලා ඇති කියලා නොසිතෙන්නෙ, රටට විදේශ විනිමය ගේන මේ අසරණියන්ගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කීරීම කෙසේ වෙතත්, ඇඟලුම් කම්හල් සේවිකාවන් දු‍ටුවිට,ඔවුන්ට "ජුකී අක්කලා" නැත්නම් "ගාමන්ට් කෑලි" යැයි පහත් ලෙස කලකන අපේ හුදීජන සමාජ මානසිකත්වයේ පවා වෙනසක් වෙලා නැති නිසයි. දැන් මියගොස් යැයි කියැවෙන  ඉහත කතාවේ සඳහන් වන දේශපාලු වසලයාගේ නම පවා හෙළිවෙන්නේ නෑ.



ඊළඟ කොටස මැදපෙරදිග ගෘහ සේවිකාවො. රිසානාගෙ හිසගසා දැමීමේ සිද්ධියට පස්සෙ පොඩි උණුහුමක් ආවත්, අපේ දේශපාලුවො ඒකෙන් ලස්සනට ලිස්සලා ගිහින් "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" මෝඩ් එකට ආවා.



දැන් නැවතත් සවුදියේ තවත් ශ්‍රි ලාංකික කාන්තාවක් ගල්ගසා මරණයට නියම වෙලා. දැං කාටහරි කියන්න පුළුවන් ඒකිත් " පට්ට වේ****" කියලා. තිත්ත ඇත්ත ඒක නෙමෙයි. අපි ගෑණුන්ව වැඩකාරකම ඇරලා ජොලි කරන මහ ලැජ්ජ නැති ජාතියක්.



"සුජී, දීපන් ඔය ෆෝන් එක ලමයෙකුට". මේ අපේ සමාජ හෘද ශාක්ෂියයි.