Tuesday, November 24, 2020

ආර්ථික විජ්ජාව, ධනවාදය,සමාජවාදී විකල්පය සහ දර්ශණය


අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.  

එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.

 තව ඉතිං  ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලා

හඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමා උඩින් යතේ  ඒඒ...... අපෙ මාමා බිමින් යතේ....  ඒඒ.....

අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..

බිමින් කොහොම වෙතත්,  සමහරු  කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා,  ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා

1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන

2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා

3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය

ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර  "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු  පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා. 

නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා.  වරක්  නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා  හිටියා",  චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....

හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ  කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව? 

සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.

මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා. 

චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද? 

උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති

ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?

මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා.  මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.

දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල්  එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.

මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.





Friday, November 6, 2020

ව්‍යාකූල සහ නොසේදූ හාලේ බත

 Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!

හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි.   ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?ඉතිං, ඔය සීතකාලෙ ඇල්වතුරින් හාල් සේදීම පිළිබඳ ව්‍යාකූල තත්ත්වය තියෙන අල්ල පනල්ලෙ,මොකක්දෝ ඇනිමෙ එකක් දැක්කා, හාල් තුන් වතාවකට වඩා හෝදන්න එපා කියනවා. ජැපනීස් ඇනිමෙ කියන්නෙ. සූපශාස්ත්‍ර උපදෙස් ගන්න හොඳම තැන නූනත්, ඕකත් මයෙ හිතේ තිබ්බා.

ඕං ඔහොම ඉන්න කොට තමා, මේ හාදයව මුණගැහුනෙ. උන්දැ කිව්වා නෙව, මහ පුදුම කතාවක්!. මගෙන් ඇහුවා, ගන්නෙ "වැකුම් සීල්" කරපු හාල්ද කියලා? මම "ඔව්" කිව්වාම උන්දෑ අහපි " එහෙනං මොකටද වාහෙ හෝදන්නෙ" කියලා. විස්වාස කරාන්ට, මටත් ඔහෙලට හිතුන දේම හිතුනා. මං ටිකක් අදිමදි කලාම, මේකා ඇහුවෙ නැතෑ " ඇයි ඔහෙලා පාන් පිටිත් හෝදලද ගන්නෙ" කියලා? පස්සෙ මෙයා, නවීන හාල් නිශ්පාදන ක්‍රියාවලිය, සේදීමට/නොසේදීමට හේතු, සහල් විශේෂග්ඥ මතයත් එක්ක පෙන්නුවාම, මට පිලිගන්නම වුනා.

බොහොම කාලෙකට ඉස්සර, මගෙ දමිල යාළුවෙක් බතක් ඉව්වා. හාල් හෝදලා, කබලෙ ටිකක් වේලලා, තෙල් ටිකක් දාලා හාල් බැද්දා. ඊට පස්සෙ ඉව්වා. හොඳ රසයි, මොකක්දෝ දෙමල නමක් කිව්වා. බලාගෙන ගියාම ඒ කාල තියෙන්නෙ පයේයා (Paella -pronounce " pai·ei·uh")නැත්නම් රිසෝටෝ නෙව. හරියට හදන ක්‍රමේ වීඩියෝවෙ තියනවා:

හරි, හරි මං දන්නව. හෝතම්බුට පොල් ලෙල්ල අතාරින්න අමාරුයි, මට මගේ අල්පේච්ච ජීවන රටාව අතාරින්න අමාරුයි වගේ ඔහෙලට හාල් සේදීම අතාරින්න අමාරු ඇති. ඒත් මං එයින් එකදෙයක් ඉගෙන ගත්තා. ජීවිත කාලෙම බතුයි, පරිප්පුයි කාපු මම හාල් ගැන දැණන් හිටියෙ කොච්චර ටිකද කියලා? එතකොට පරිප්පු,,,,,,, නෑ, එයා පරිප්පු ගැන කිව්වෙම නෑ. කොහොමත් දැනට හාල් විතරක් ඇති. හැබැයි ගොයියෝ, හෝතම්බුට මාට්ටු උනොත්, ඌ මාව නෑඹිලියෙ  උලලා හෝදනවා.

නෑඹිලියක් නැතුව, කුරුඳු ලිහිණියෙක්ට කියා, හාල් ගරවා ගැනීමට සැරසෙන විදේශිකයක්:

අනුග්‍රහය https://drackey.blogspot.com/2020/10/blog-post.html
                                      හහ්! ගහපං බලන්න? තොගෙ ආච්චිට හාල් ගරන්න.
                                                                ( අනුග්‍රහය:https://drackey.blogspot.com/2020/10/blog-post.html)

බොහෝ කාලෙකට ඉස්සර, චයිනීස් ඩ්‍රැගන් කැෆේ යන පුරුද්දක් තිබුණා. ගියොත්, නොවැරදීම ඕඩර් කරපු දෙයක් තමා "චයිනීස් ඩ්‍රැගන් ස්පෙෂල් රයිස්" . කිරි රහට , තෙතට තිබුණ මේ බතේ තිබුනෙ පුදුම රහක්.දැන් හිතෙනවා ඒ බතත් උඩ කැටගරියට වැටෙන්න ඉඩ තියෙන බව.

එච්චරම දෙයක් නැතුව ඇති, ඒත් පහුගිය පෝස්ට් එකේ වෙළඳ දැන්වීමක් දාලා කල වංචාව මගෑරෙන්න, හරිහමන් පෝස්ට් එකක් ලියන්න හදන අහිංසක පක්සියාට, පොඩි චෑන්ස් එකක් දෙන්න, ඈ?


Tuesday, October 27, 2020

බස්සා, ටොරන්ට් සහ Seedr

මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම  නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?

හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.මම "එක මකුනයි ලමයෝ...." ආදර්ශ පාඨය අගේ කරන බස්සෙක්. ඒක අනුව මේ කප්පාදුව, මූලික බකුසු අයිතිය උල්ලංගනය කිරීමක්. එහෙමයි කියලා , මං වගේ අසරණ පක්සියෙකුට පුළුවනෑ , ජිනීවා යන්න?

ඒත් එහෙමයි කියල නිකං ඉඳලා බෑ නෙව? මං තීරණය කලා මේ අසාධාරණයට විරුද්ධ  වෙන්න. මෙන්න මෙහෙම Cloud Service එකක් පාවිච්චි කරලා.

ලංකාවෙ ගොබිලොන්ට ටොරන්ට් ගැන කියන්න යෑම, මාළුන්ට පීනන්න උගන්නන්න යනවා වගේ වැඩක් බව දන්නවා. ඒත් ලංකාවෙ  ටොරන්ට් වලට තහනමක් නැතුව ඇතැයි උපකල්පනය කලොත්,  මම පාවිච්චි කරන Cloud Service  ගැනත්, එව්වයෙ ඇති වාසි ගැනත් නොදැන ඉන්න ඉඩ තියනවා.

මෙන්න හොයා ගත්ත කරුණු:

1. මං දන්න හොඳම Free Cloud Service එක තමා Seedr

2. හොඳයි කිව්වෙ මේ නිසා: No nonsense policy, 2GB free space.

3. බොහෝ විට files වරු ගාණක් නැතුව, ඉතාමත් ඉක්මනින් බාගත කරගැනීමට ඇති හැකියාව. 

4.GB  2 ක් මුලදි ඇති කියලා හිතුනත්, මේ ප්‍රමාණය නොමිලේ වැඩි කරගන්න ක්‍රම තියනවා. ඒ එක ක්‍රමයක් තමා Seedr ගැන මේ වගේ Blog Post එකක් ලියන එක. අනිත් ක්‍රම තමා, පහල තියෙන Link එක පාවිච්චි කරලා register වෙන එක. එතකොට register වෙන ඔහෙලට 2.5 GB ත් , මට තව 0.5 GB නොමිලේ ලැබෙනවා.

මෙන්න Link එක:

https://www.seedr.cc/?r=3523406

ඉතිං ඊට පස්සෙ, ඔහෙලත් Seedr ගැන Blog Post එකක් හරි Tweeter Post එකක් හරි ලියනවා. එතකොට " පුතේ, උඹේ කටෙත් පස්. මයේ කටත් පස්"

Seedr බයිට් ගෙවන පොරොන්දුව මත පලකල වෙළඳ දැන්වීමකි -

Saturday, October 10, 2020

පඹගාලේ නරියා, Chaos theory සහ "අවුල්" සහගත ඇනිමේ

පඹගාලේ නරියා

 ඔහෙලට මතකද මන්දා අර රජවෙච්ච නරියා? ඔව්,ඔව් සැටලයිට් නෝන  නිල් බාල්දියට තල්ලු කරලා රජ කෙරෙව්වෙ, ආ හරි ආන්න එයා තමා. ඕං විස්වාස කොරාන්.....ට, මට එයාව මේ ලඟකදි  හම්බවුනා නෙව?

ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට. 

මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.

බස්සා: පැටලිලා වගෙයි නේද? 

නරියා: හුහ්?  අපි එහෙමත් පැටලෙනවද? මං මේ  ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?

බස්සා: හුටා! යකඩෝ,  මේ අපේ හිටපු  කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?

නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ  පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි. 

බස්සා: අපි නං ඉතින් උපතින්ම " අවුල්" නිසාද කොහෙද, ඒක ගැන මට  තේරුමක් නෑ. හා, මොනවද ඔය කියන අවුල්?

නරියා: ඇයි වාහෙ, දැන් බලපං ඇමරිකාව - අවුල්. ආං අරහෙ ට්‍රම්පුච්චා මුකවාඩමකුත් දාගෙන කොරෝනා උල-උල යනවා. එතකොට ඉන්දියාව, ඒකත් ෆුල් අවුල්. උඹ මට කියපං එක රටක් අවුල් නැති?

බස්සා: ලංකාව

නරියා: මඟුලක් කියනවා? ඉංතේරුවෙන්ම අවුල්. කොරෝනා නිසා ටිකා..ක් අවුල්. දැන් බලාපං, මේ අලුත් රජා, තැන් තැන් වලට පැනලා කරන අවුල?

බස්සා: ඔය කියන්නෙ අර RMV එකටයි, සතොසටයි, තව මේ බැංකුවටයි පැන්න කතාවනෙ? හා, දැන් කව්ද අවුල්?

නරියා: හහ්  කව්ද අවුල් කියල ඇහැව්වා? ඇයි මමද අවුල්? උඹනෙ අවුල්.

බස්සා: හරි. හරි මම අවුල් තමා. එහෙම නෙමෙයි, කව්ද ඔය කියන කඩාපැනිල්ල නිසා අවුල් ගියේ?

 නරියා: හහ්, ඇයි දැක්කෙ නැහ්ද RMV එක ලඟ කොළඹ කාක්කො සැට් එක? එතකොට මයෙ "ජහ-පාලන" සමයෙ, දෙයියනේ කියල සම්තිං එකක් හොයාගෙන හිටපු නිලදාරි සැට් එක. සේරම අවුල් 

බස්සා:  එතකොට බැංකු හොරු නෑල්ලුවෙ හොරු ටික අවුල් වෙන නිසාද?

නරියා: ආන්න උඹට තේරුනා. ඒ විතරක් නෙමෙයි, අර "පස්ස-වැගන්" පැට්ටරිය. අලියා ඕක ඇඹිලිපිටියෙ අටවන්න හදන කොට, මං තේරුං කරල දුන්නා වෙන අවුල. අපරාදෙ කියන්න බෑ අලියටත් තේරුණා කතාව. ජර්මනිය  වැන්දෙ නැති එක විතරයි. අපි බෑම කිව්වා. හප්පේ එහෙමත් සාමකාමී කාලයක්? කෙහෙල් කොලේ ඔතාගෙන ගෙදරින් ගෙනාපු බත් එක කාලා, පත්තරයක් බලාගෙන හිටං.... අම්මපා මතක් වෙනකොට ඇඩෙනවා.

බස්සා:  ඒ වුනාට ජහ-මනයා නං කියන්නෙ ඔහේ ගොං අලියට ඇරියයි කියලයි. ආං දැන් ඇපෙත් නැතුව ගෙදර. දැන් ඔහෙට උනත් ජහ-මනයාගෙ වැඩි කැමැත්ත නොලැබුන නිසා නේද රජකම ගහල ගියේ?

නරියා:  හෑ කොයි වාහෙද එහෙම කියන්නෙ? මං  අපේ ගමේ " වරිගයාට යුතුකං ඉටුකල නරියා" කියල පෝස්ටර් එකයි ගැහැව්වෙ, එහෙ ඔක්කොම හරක් ටික මට මනාපෙ දුන්නා.

බස්සා: එහෙනං ඔබතුමා තව ටිකක් ව්‍යායාම කරන්න. මං ගිහින් එන්නං

Saturday, October 3, 2020

ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)


 හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?

බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.

හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත්  බයවෙලා නූල්  බඳින්න වෙනවනෙ?

බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.


මේ Louis Rossmann - ඇපල් ලැප්ටොප් රෙපයාර් කලාවේ පිකාසෝ. ඉලෙක්ට්‍රොනික්ස් නොදන්න කෙනෙක් එහෙම නෙවෙයි. ඔය ගුවන්‍ යානා, ටෙස්ලා කාර් වල බැටරි පැක් ගිණි ගන්නවා දැකලා තිබුණට, මට ඒක දැණුනෙ නෑ ( අපිට එව්වා නෑ නෙව). ඒ තියා පුපුරණ සැම්සුං ෆෝන් නිව්ස් එකවත් එච්චර දැණුනෙ නෑ.

ඒත් මේක දැක්කම නං මං බය වුනා. අර බයිසිකලේ යකඩ ෆ්‍රේම් එක වාෂ්ප වුන හැටියට බය නොවී තියේයෑ? ඊට පස්සෙ Li-ion, LiPo  බැටරි ගැන විස්තර කියෙව්වා. හොයා ගත්තදේ එච්චර සුභදායක නෑ. 

ලිතියම්-අයන් යනු අපට පුරුදු "ඕන-පුකක්" Ni-Mh හෝ Nickel–cadmium නොවේ . 
(  the higher capacity of Li-Ion comes with a hefty price!). ඇත්ත, අපට ලිතියම්-අයන් තාක්ෂණයෙන් ගැලවෙන්න බෑ, අපි ඇබ්බැහිවෙලා අහවරයි. කරන්න තියෙන්නෙ පරිස්සම් වෙන එකයි. Li-ion සහ LiPo අතර සමහර වෙනස්කම් තියනවා.සමහර අයගෙ මතය LiPo , Li-ion තරම් නරක නැති බවයි. කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මේ අධිබලැති බැටරි කාල-බෝම්බ වලට සමානයි. අවශය කරන සාධක සැපුරුනොත්, බඩුම තමා!

අවශය එකම සාධකය - අධික උශ්ණත්වය. උශ්ණත්වය බාහිරවත්, ඒ වගේම අධික ධාරාව නිසාත් , ඒවගේම කෙමිකල්  රිඇක්ෂන්  (බැටරියට වෙන හානි) නිසාත්  ලැබිය හැකියි. පටන් ගත්තොත් බඩුම තමා - chain reaction.  මේක රසායනික ගින්නක්, බාහිර ඔක්සිජන් අවශ්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා.

1. අධික උශ්ණත්ත්වය ( අව්වෙ රත්වෙන කාර් එකේ ෆෝන් එක , GPS එක ඩෑෂ්බෝඩ් එක උඩ දමා යෑම)
2. අධික ධාරාව ( under discharge) නිසා ඇති වන රත් වීම 
3. බැටරියේ ඉලෙක්ට්‍රොලයිට් ස්ථර වලට වෙන හානි ( drop, bend etc) . සැම්සුං ෆෝන් පිපිරුනේ මේ නිසා - manufacturing defect. තිබ්බ අනිත් සේෆ්ටි ෆීචර්ස් (ඉලෙක්ට්‍රිකල්) වැඩක් වුනේ නැත්තෙ, එව්ව කෙමිකල් රිඇක්ෂන් වලට අදාල නැති නිසයි.
4.over charging. සිදුවිය හැකි මුත් විය හැකි සම්භාව්‍යතාවය අඩුයි. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ෆෙල් වුනොත් නං වෙයි. over charging නිසා වෙන්නෙ රසායන ප්‍රතිකියාවක් බවත් බැටරිය ඇතුලෙ ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන බවත් තමයි කියවෙන්නෙ. 

අපි ලිතියම්-අයන් වලට වගේම ලාභ චීන බඩුවලටත් ඇබ්බැහි වෙලා ඉවරයි. මොකක්, නෑ කිව්වා? හුහ් එතකොට ඔහෙලා එකට හතරක් දීලා ඔරිමජිනල් චාජර් විතරමද ගන්නෙ? ඔය රී-චාර්ජබල්  ටෝර්ච් එක ජපානෙ හැදුන කියලද, හිතාන ඉන්නෙ?

මගේ පොයින්ට් එක, අවදානම ගැන දැණුවත්වීම. දැණගෙන අවදානම මඟ හැරීමයි. 

Li-Ion චාර්ජ් කිරීමට, නියමිත නිශ්චිත වෝල්ටේජ් එකක් , ධාරාව නියමිත රටාවකට පාලනය කිරීමත් කල යුතුය.  අපේ හැම ලාබ චීන ගැජමැටික් එකකම BMS - මේ කියන චාර්ජින් සර්කිට් එක නැති වීමට ඉද ඇත. 
(Nope, BMS inside the battery is not the way to go - that's the first line of defense)

මේ BMS සර්කිට් වැලම,  ගෙඩි සුපියල් දෙකයි(හයියෝ අපේ ෂල්ලි!)
මේ PCB එකේ USB port එක ගාව තියෙන IC එක තමා ඉහත ප්‍රස්ථාරයට අනුකූලව current/voltage පාලනය කරන්නෙ. අනිත් IC දෙක protection/ cut-off වලට. ඒ IC දෙකම ආයෙ බැට්‍රිය  ඇතුලෙත් තියෙන නිසා මේ PCB තනි IC වර්ෂන් එකකුත් එනවා. සමහර චීන වාහෙලා කරන්නෙ, මේ chip set එක පාවිච්චි නොකර USB 5V රෙසිස්ටර් එකක් හරහා ඩ්‍රොප් කරලා බැට්‍රිය චාර්ජ් කරන එකයි.  ඒක වැරදි වැඩක්.


පරිස්සම් විය යුතු කාරනා:

1. ෆෝන් එක වැටුනොත්:  නෑ වාහෙ. විසිකරන්න ඕනෙ නෑ. ඒත් ආයෙ චාර්ජ් කරන කොට ෆෝන් එකට උඩින් මූණ ඔබාගෙන රත් වෙනවද බලන එකත් නෙමේ ක්‍රමය. මෙන්න මේ උලව්ව වගේ එකක්  චීනෙන් ගෙන්නගෙන අඩුගානෙ ගන්න කරන්ට් එකවත් බලන එකයි.  කොහේහරි මුල්ලකි ඇදලා අරගෙන කාලෙකින් චාර්ජ් කරන්න යන ගැජමැටික් වලටත් ,මේ වැඩේම අදාලයි,. (If  over discharged - I set my initial current limit to 500 mA in a bench power supply)

2.  No unsupervised charging. 

 රෑ-එලිවෙනකං චාර්ජ් වෙන්න දමා නොයෑම. හැකි සෑම විටම වෝල්ටේජ්, කරන්ට් බැලීම.


3. බැට්රි පැක් ඉදිමීගෙන එනවා නං, වහාම ඉවත දැමීම. අවුරුදු  දෙකක් ගියේ නෑ. ඔය බ්‍රෑන්ඩඩ් කියන  පව්ර් බෑන්ක් බැටරි පැක් එකක් ඉදිමුනා, තව ලැප්ටොප් බැටරි පැක් එකකුත්. හැබැයි ඒක නං පරණයි. මේ දෙකටම පොදු දෙයක් තමයි, පාවිච්චි කරමින් ඉඳලා, පාවිච්චිය අතහැර දැමීම. හැබැයි ඒක fact එකක්ද කියලා නං දන්නෙ නෑ.

හිටපියව් දැන්  ටිං එකේ

4 අමතර Li-Ion/LiPo බැටරි අතන මෙතන නොදා, සුරක්ෂිත ලෙස ගබඩා කිරීම. අනිත් බඩුත් එක්ක ලාච්චුවල ඔබන්න එපා. තැලුනොත්, හිල් වුනොත් වැඩේ සැම්-සුං ම තමා. 
මං මගේ ඔක්කොම අමතර ෆෝන් බැටරි, කැමරා බැටරි ඔක්කොම එකතු කරලා පරණ බිස්කට් ටිං එකකට දාලා, ඒක ප්ලාස්ටික් ස්ටෝරේජ් පෙට්ටියකට දැම්මා ( පරණ බැස්ටි වලට ගවුරවයෙන් සැලකීම). දැන් එතකොට  සෙල්ලං බඩු -අර "උඩයන. ඉගිලෙන ඇවිදින සෙල්ලං යානා පෙනී,පෙනී" කියන්නෙ, ආන්න එව්ව වලත් ඉන්නෙ මේ කස්ටියම තමා. Bonus point : Drone battery packs, usually don't have in-built BMS circuit :). නෑ, පවර් ටූල් බැටරි පැක් වගේ තද ප්ලාස්ක් කවර් තියෙන බැටරි ටින් එකට එබුවෙ නෑ. ඒත් උන්දලා ගැනත් ඇහැ ගහගෙන තමා ඉන්නෙ,

අනෙක් බැස්ටි වගේ නෙමෙයි,ලිතියම්-අයන් බැස්ටි පැරලල් කිරීම සිරා බිසිනොස් එකකි. බැලන්ස් චාර්ජින් කියල උලව්වක් ඇත. පැක් දෙකම එකම ගාණට චාර්ජ්/ ඩිසිපේට් වෙන්න විය යුතුය. පොඩ්ඩ එහා මෙහා වුනොත්, බඩුම තමා. Louis Rossmann වුනේ ඒකද කියන එක ප්‍රශ්ණාර්ථයක්. ඉතිං ලිතියම්-අයන් එයාගෙ පුටාර් එක වාෂ්ප කලා නං, මේ ඔහෙල අපි වගේ හුදී ජනයාගෙ අටංපහුරු ගැන කුමන කතාද?

දැං ඔය Quick Charge 3, 4    කිය කිය අළුත් චාජ්ර් එහෙම තියෙනවානෙ. කව්ද අකමැති පැයේ බැස්ටිය පැය කාලෙන් චාර්ජ් කර නොගන්න. අවවාදය: දැන ගියොත් කතරගම..... අසාමාන්‍ය ලෙස රත් වෙනවා නං, නැවැත්තීම සරීර සවුක්කියට ගුණදායකය. 

5.  පවර් ටූල් , කාර් බූස්ටර් බැටරි පැක් වගේ එව්වා චාජරේට ඔබන්න ඉස්සෙල්ලා ඇස්ගෙඩි ඇරලා තියෙන බැටරි ජාතිය බැලීම හොඳ පුරුද්දක්. Ni-Cd හරි Ni-MH නං අවුලක් නෑ. ඒත් දැන් එන ඔක්කොම බැටරි පැක් LiPo. ඉතිං ඇහැ ගහගෙන සිටීම සරීර සවුක්කියට හොඳය.


මං හිතන්නෙ ඔක්කොම වගේ කවර් කලා කියලයි. ආ අර ටයිටල් එක ඉස්සුවේ මෙන්න මෙයා bigcliveගෙන්. බලන්න, යමක් ඉගෙන ගන්න නියම  බුවා. 


දැන් ඔහෙලාට හිතෙනව නං, මූට මඤ්ඤං. නිකාං......කලබල වෙනවනෙ?  චීනෙ, ඉන්දියාවෙ යස අගේට ඔය සේෆ්ටි නැතුව ඉන්නෙ කියලා, මට කියන්න තියෙන්නෙ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට ගාණක් තියෙනවද කියලයි? ආ..අනික ගිණි ගත්තොත් බොලෑ ගෙවල් නෙව, මයෙ මොකෑ?.......

Monday, September 28, 2020

හෝතම්බුවා, උලමා පිස්සා සහ මාර්ග ඵල

 මම......බොහොම බය වුනා. මගේ පණ එපා වුනා. රෑ දොලහට බ්ලොග් එකකට මාව අහුවුනා...

හෝතම්බුවා: මොකෑ බොල. තෝ හොල්මනක්වත් දැක්කද?

බස්සා: හොල්මනක්මත්ම නෙවෙයි. ඒත් ඒ වගේ බ්ලොග් එකක්.

හෝතම්බුවා: මං හූනා කියැන්නැහෙ කිව්වෙ නැහ්ද, තෝ මේ යක්කු ගස් යන ජාමෙ නටන තොයිලෙන් ඕක වෙනව කියලා?

"ඈ බං ඇයි යක්කු රෑ ජාමෙ ගස් යන්නෙ? හොර කුරුම්බා බාන්න වත්ද?" මං අහිංසක විදිහට ඇහුවාම , පැන්නෙ නැතෑ  හෝතම්බුවාට මල.

අම්මපා තෝ  මොන ජාතියක උලමෙක්ද මන්දා? 

ඒක මේ පොදු වැරදි වැටහීමක්. උලම වෙනයි, බස්සා වෙනයි. උලමට බෝදිලිමා කියලත් කියනවා. අපි බස්සො, වංසෙ ඇවිල්ලා " මූකලං". ඔය අතන මෙතන බාන් වල ලගින බස්සොත් එක්ක  පටලව ගන්න එපා. එතකොට උලමා වෙනම කේස් එකක්.ආ තව, සමහර පැතිවල උලමට , යක් කුරුල්ලා කියලත් කියනවා.

අනේ මේ බස්සො තියාගනිං උඹේ වංසෙ කබල් ගෑවිල්ල. ඔච්චර වංසවත් නං මෙහාට ආවෙ ඇයි? 

ආ, එහෙ කස්ටිය දුන්න නෙව ගස් වලට බැස්ටිය. සංරක්ෂිතේ කපල ගම්මාන හැදුව, රට බල්ලට ගියා, බස්සො රට ගියා.

දැන් මොකක් දැකලද උඹ බයවුනේ?

මේං මේක දැකලා:

මේකෙ මොකක්ද බය වෙන්නෙ තියෙන්නෙ?

උඹ නං කියයි. ඇයි සීවරං දෙයියනේ අර ජීවිත කාලයක් අච්චර ලස්සනට පිලිවෙලට ආදරෙන් එකතු කරපු වස්තුව නේද අර ගෙඩි සුපියල් හාරසීයට වික්කෙ?  අර, අර රැව්ල වවාගත්ත ගෝරිල්ලා, වලං කඩේට පැන්න හරකා වගේ එව්වා  කඩන හැටි? හපෝයි මයෙ හිත වාවන්නෙ නැතුවා.

හා, හා උඹ කලබොල නොවී ඉදහං, ඒ පරණ වෑල්, ටියුබ් එක්ස්ෆයර් වෙලා නෙව.

ඈ බං හෝතම්බු, ඔය නිධානෙ රැකපු බහිරවයා, ඕක අත් හරින්න හිත හදාගත්තෙ කොහොමද දන්නෙ නෑ නේද?

මං හිතෙන්නෙ  රහතන් වහන්නසෙ කෙනෙක්ගෙන් බණ අහල මාර්ග ඵලයක් ලබන්න ඇති. එතකොට ඔය ඕන එකක් අත් හැරියෑකි.

මගුලක් කියනවා? එහෙනං අර අරහත් උන්නාන්සෙ පන්සල්, පිලිම අසපු එකතු කරන්නෙ. " මයෙ දානෙට කෙල හලන්නෙ නැතුව, තොපිත් වවාගෙන කාපියව්" කියලත් කිව්වා. අම්මපා මටත් බුද්ධාලම්භන ප්‍රීතිය පහල වුනා කිව්වම.

ආ එයා එහෙම තමා.  ඒක නෙමෙයි, මොකද මේ උඹ ඇක්ස්ෆයර් වෙච්ච ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් ගැන මෙච්චර හාර අවුස්සන්නෙ?

නැ බං හෝතම්බු, මයෙත් ඔය වෑල් නැති වුනාට අනිත්  ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් කලෙක්ශන් එක තියෙනවානෙ? ඈ බං එව්වත්  එක්ස්ෆයර් වෙයිද? 

අනිවා ඩෙෆා. ආයි මොනවද බඩුම තමා!

මාව නිකම්ම දියවුනා.....


පසු සටහන: කස්ටිය, නැති තැන උන්දව හඳුන්වල තියෙන්නෙ "Parts Maniac" කියන ආදර නාමයෙන්. ඉස්සර ඉලෙක්ට්‍රොනික්ස්  රෙපයාර් වලට හිටිය පතාක යෝදයෙක්ලු. ඔක්කොම අල්ලල දාලා පිටරට ගියාලු. මේ යෝදයා මෙහෙම දෙයක් අත්හැරියා නං ශුවර් එකටම සෝවාන් වෙලාවත් ඇති කියල තමයි හිතෙන්නෙ. 

"පිංවතුනි, මෙව්වාවත්  ආදුරුසෙට අරගෙන, දැන්වත් සසර බැමි අතාරිමු" කියල මං කිව්වම " මං අතාරිනවා එකක් බොගෙ ඔලුවට, මේ කෝපි මැසින් දෙකෙන් එකක් කුස්සියෙන් අස් නොකොලොත්" කියල කිව්ව නෙව ගෙදර ඉන්න මේ අසම්ජ්ජාති හිකනලා.....

Wednesday, August 19, 2020

බස්සා සහ මීපුර වැසියෝ





බකුසු මී හමුදාව

 බස්සන් සහ මීයො අතර තියෙන්නෙ, ගහයි පොත්තයි වගේ  සම්බන්ධයක්. මේ බ්ලොග් ලෝකෙ සැරිසරන ඇනෝ මීයොන්ට උනත්, බස්සා මනාප ඒකයි. මේ තියෙන්නෙ බස්සගෙ මී හමුදාවෙන් කොටසක්. මේ දැනට සක්‍රීය සේවෙ ඉන්න කස්ටිය. තව ඉන්නව, ඔය අහුමුළුවල, කරකවන බෝල තියෙන, නැට්ට ඇති කස්ටිය එහෙම. එයාලව ගවුරවාන්විතව  විශ්‍රාම යවලයි තියෙන්නෙ. අර වම් පැත්තෙ පහලම ඉන්නෙ හාදයා තමා දැන් ඩියුටි. එයා " නොකර සද්ද" මීයෙක්. හැබැයි හරකවන රෝදෙ සද්දයි. ඊගාවට ඉන්නෙ "නිල්-දතා" මීයා. කෙරෝලෙම ඉන්න නැට්ට ඇති මීයා, ඔය බයෝස්  වලට කෙලෝ ගත්ත වෙලාවට ප්‍රයෝජනයි.



හෝතඹුවා නං කිව්වෙ " කොයි මවුසත් එකයි බස්සෝ කලුවරට" කියලයි. ඒ  එයැයිට ටැපලිලා. මවුසො විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි.



හරි, හරි මං දන්නව, ඔහෙල හිතන දේ. මෙච්චර මී හමුදාවක් නඩත්තු කරන්න මූට පයිතියංද කියලනෙ? හා, එතකොට දියවන්නාවෙ ගවගාලෙ ඔච්චර හරක්.... එක්කො එව්වා ඕනැන්නෙ නෑ.  මෙහෙමනෙ ලොක්කා වැඩේ. මේක මයෙ වැරැද්ද නෙමෙයි, ඉංතේරුවෙන්ම මවුස් කොම්පැනිවල වරැද්ද. ඔන්න උන්දලා මවුසෙක් හදනවා. අපි වගෙ බස්සො එව්වා ගන්නවා. ටික කාලෙකින් මවුස් කොම්පැනි වෙන මවුසෙක් හදනවා. හදලා හීං සීරුවෙ අර පරණ මවුසට දෙන සපෝට් නවත්තලා ඌව අබ්බගාත කරනවා. ඒ කිව්වෙ ටච්, බච් අරක-මේක ඔක්කොම විච්චූරණ චකබ්ලාස්. ඒ නොකියා කියන්නෙ " හා, දැන් පරණ එකාව පැංසොන් යවල අලුත් එකා ගනිං" කියලයි. දැන් තේරෙනව නේද කතන්දරේ. ඔන්න ඕක නිසා මං, මලාට අලුත් මවුසො ගන්නෙ නෑ, සේල් නෙමෙයි නං. ඔය ඔක්කොම සේල් මවුසො. 




Logitech T400 -Damn you Logitech for making 

such a great mouse with crappy micro switches

මී හමුදාවෙ ඉහල නිලයක් දරපු , සාජන් මීජර් කෙනෙක් තමා මේ. අර කරකවන රෝදෙ වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. ඔය අවසේස කෝපල්ලා, පයිවෙට්ලා වගේ නෙමෙයි මෙයා. දැන් කියනව එහෙම නෙමෙයි , මේ හමුදා නිල ලිවුවා වැරදියි කියල එහෙම? රසදාවත  ලියන ප්‍රයිවෙට්ටාරච්ච්චි තමා කියල දුන්නෙ.

 මේ Logitech T400,  මම කැමතිම හාදයෙක්. රෝද කරකැවිල්ලක් නෑ. ටච් ස්ට්‍රිප් එක උලන්නයි තියෙන්නෙ. අවසනාවට, ක්‍රියාන්විත මෙහෙයුමකදි බිම් බෝම්බෙකට අහුවුනා. වම් පැත්ත සොත්ති. ක්ලික් වෙන්නෙ යලට -මහට. කීප විටක් මස් කරල ගොඩදාන්න බැලුව. ම්හු




A  very bad soldering job



ඔන්න ඒ වංගියෙ ගෙන්න ගත්තා , ඊබේ එකෙන් නේක වර්ග මයික්‍රො සුවිච් පෙට්ටියක්ම. ගත්තා බවුත් එක. දැම්මා වෙන මයික්‍රො සුවිච් එකක්, නිකම්ම නෙමෙයි . හතර වටේම ප්ලාස්ටි ටැබ් එහෙමත් පුච්චගෙන, ඉගෙන ගත් පාඩම: surface mounted - SMD component  තඩි බවුත් වලින් පෑස්සිය නොහැක. මයික්‍රො සුවිච් එක වැඩ නං කලා, ඒත් මේ බාල ඊ-බේ සුවිච් මීයොන්ට හරියන්නෙ නෑ. ඔය යලට-මහට ඔබන වෙන දේක වගේ නෙමෙයි, නිරන්තරයෙන් ඔබන මීයගෙ වම්පැත්තට. අනික මයෙ ඇඟිල්ල ඇද වෙනවා ඒක දිගටම පාවිච්චි කලා නං, එච්චර තදයි.







මෙතන උඩින්ම ඉන්නෙ Logitech T400, යටම ඉන්නෙ Logitech M325 with weighted wheel, එයා නව පරපුරේ කෙනෙක්. එතකොට මැද ඉන්නෙ පැංසොං ගිය Logitech මොඩල් එකත් මැකිච්ච හාදයෙක්, මෙයා Logitech  universal receiver වලට කලින් පරපුරේ කෙනෙක්. මගේ පොයින්ට් එක, එහෙව් වයසක උන්දත් පාවිච්චි කරල තියෙන්නෙ high quality Omron switch. දැන් තේරෙනව නේද Logitech T400 නිසි වයසට කලින් අබ්බගාත උනේ ඇයි කියල?







ඔය යටින් තියෙන්නෙ සිලිකන් මැට් එකක්. පාස්සන වැඩ වලට කියල තියෙන එව්වා ගණන්.  ලාභ බේකින් මැට් එක හරියටම හරි, එකම ජාතිය. පේනව නේද කොම්පැණිවල මාකටින් ජිමික්? හොට් එයා ගන් පාවිච්චි කරන කොට කාමරේ ගිනි නොතිය ඉන්න මේක වැදගත්.








උනුසුම් වායු තුවක්කුව

SMD පාස්සන්න ඕනෙ කරන හරිහමන් ආවුද ගෙන්න ගත්තට පස්සෙ, මට හිතුන පරන ඔරිජිනල් සුවිච් එක මස් කරන්න. ඉස්සෙල්ලම බැලුවෙ ගොඩින් බේරගන්න. ගැහුවා හෑන්ඩ් සැනිටයිසර්- ඇයි,  ඇල්කොහොල් නෙව. ම්හු. ඒ වංගියෙ ගැහුවා WD-40, ඒත් සුම්මා.

පස්සෙ ගැලෙව්වා මයික්‍රො සුවිච් මදේ. ඇත්තට කරන්න තිබ්බෙ ඒක. ඔය විච්චූරණ ආවුද ආම්පන්න මුකුත් ඕනෙ නෑ, පොඩි පැතලි ඉස්කුරුප්පු නියනක් විතරයි ඕනෙ. සර්කිට් එකේ තියෙද්දිම ගැලෙව්වෑකි. එක පැත්තක මෙටල් ටැබ් එකේ තියෙන ක්ලිප් එකක්  පැන්නුවාම සම්පූර්ණ මදේම එලියෙ. ඔය දෙවනි පිංතූරෙ තියෙන්නෙ? ඊලඟට තියෙන්නෙ ටික්ක - ඒ කිව්වෙ අර ටික්-ටික් ගාන මෙටල් ඩිස්ක් එක , අනිත් පැත්ත හරවන එකයි. ඕන්න එතකොට පෙනෙයි, වටේට  බැදිච්ච කාබන් කාරම් තොගේ. අන්න එව්වා උලලා සුද්ද කලාම සුවිච් එක යස අගේට වැඩ.










ස්තූතිය - චීනය

දැන් ඔහෙල හිතන්නෙ මවුසා හරි ගියා කියලද? මොන, සුවිච් එක හරි වුනාට, දැන් එබුවට ටැබ් එක සුවිච් එකේ වදින්නෙ නෑ. ඒ කලින් කරපු නානාප්‍රකාර අනවශය ඔපරේෂන් නිසා. ඔය තියෙන්නෙ ලාබ මයික්‍රො සුවිච් පෙට්ටිය. තව ටියුබ් එකේ තියෙන්නෙ ලික්විඩ්  ෆ්ලක්ස්. SMD soldering වලට හරියටම හරියන්නෙ එව්වා.





මේ වගේ ටැක්නිකල් පෝස්ට් තව එකක් ලියන්නද?  රෙපයාර් මත් නෙමෙයි, ලාබෙට PC  එකට RGB rainbow lighting guide එකක් සහ digital Vs addressable RGB  වෙනස.



මේක ඇත්තටම " How NOT to repair a mouse" guide එකක්.

mouse repair guide නං ඔය ඕන පදං තියෙන්නෙ YouTube වල. වැඩි දෙනෙක් කැමති නෑ නෙව තමන්ට වැරදිච්ච තැන් කතා කරන්න. මට හිතුනා ඒක වැදගත් කියලා



වැරදීම බකුසු ගතියකි.  පාඩම් ඉගෙන ගැනීම ......