මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ?
ලිව්වත් ඔටුවා, නොලිව්වත් ඔටුවා එකේ , ඔන්න ඔහේ අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)
මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට විචාරයක් දෙන්න, ඈ ?
"In Finnish culture, the owl has been considered a stupid animal, probably due to its wide-open eyes. The word pöllö means both "owl" and "idiot", and silmät pöllöllään "eyes owl-y" means "disoriented, dazed"


<උපුටා ගැනීම>මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී........
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන් වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන් බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.......</උපුටා ගැනීම>