Tuesday, May 31, 2011

Mid-Summer Night's Dream....

නෑ, නෑ මේ අර එන්ග....ලාන්තයෙ ගොයියගෙ නාට්ටිය නෙමෙයි. මෙහේ සීත කාලෙ ඉවරයි. දැං ඕං ටික රත් වේගන එනවා. බස්සො ඉතිං කොහොමත් වැඩ රෑට නෙව. බස්සත් පාන්දර ජාමෙ 3.00 විතර යනවා ලඟ කෝපි කඩේකට , මේං මෙව්වා බොන්න:

 සොරි වෙන්න ඕනෙ, අපේ මැණිකෙ, මම ඔයාල ඔක්කෝම මතක් කරලම ඇදලා අරිනවා ලොකු සයිස් එකක්ම. ඔය කඩේ ඉන්නෙත් හරිම හිත හොඳ කෙල්ලො ටිකක්, මයෙ හිතේ බස්සගෙ අහිංසක මූණ දැක්කාම උන්ට දුක හිතෙනව ඇති, ඔය ‍ෆ්‍රී ඩෝනට්ස් පාර්සලයක් එහෙමත් එනවා නෙව. බස්සා කවමදාවත් අනුන්ගෙ පිනට දහමට අකුල් හෙලන සතෙක් නෙමෙයිනෙ, ඉතිං අහිංසක හිනවක් දාලා ඒකත් අරන් එනව....

In a Bar in Toledo

පහුගිය දෙසැම්බරේ බස්සා පලවෙනි සැරේට ගියා යැංකිංගෙ රටට, තවත් බස්සෙක්ව හම්බු වෙන්න. ඔව්, ඔව් අර "church-going gun lovers " ලගෙ රටට තමයි.

 හප්පේ ඔය කාලෙ සීත කාලෙ නොවැ, ඉතිං බස්සො දෙන්නා මඟදි කෝපි හේම බීලා i75 එක දිගේ මංගච්චන කොට දැක්කා මේ "Toledo" බොඩ් එක. බස්සට පටස් ගාලා මතක් වුනේ, ඌ කැමතිම සිංදුවක්. මේ පහල තියෙන්නෙ ඒක. ඉතිං බස්සො දෙන්නා, සිංදුවත් දාගෙන , තාලෙට ඔලුත් වන, වන ගියා.

කලිං පෝස්ට් එකෙන් අපේ පුරුෂ පක්ෂයට යම් මඳි පාඩුවක් වුනා නං මේ ඒ පාඩුව පිරි මැහෙන්නත් එක්කලා.....

Monday, May 30, 2011

ඔබේ දෑස දැක ගත්තෙමි.. සැඳෑ කලෙක ලඳුනේ...

මට මේ කතාව ආවෙ යාළුවෙකුගෙ ඊ-මේල් එකකින්. මං හිතන්නෙ නෑ, මට කියන්න දෙයක් ඉතිරිවෙලා තියෙනව කියලා. කියවල, අහලම දැනගන්නකො.

Saturday, May 28, 2011

සරල සැහැල්ලු ජීවිතයක්.....

අපි කවුරුත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න, නමුත් ඇත්ත තත්ත්වෙ අපි කාගෙත් ජීවිත එච්චරම සරල නෑ කියන එකයි. කොච්චර ඕනෙකම තිබ්බත් අපි ජීවත්වන පරිසරයත් මේකට බලපානවා. නිකං හිතන්නකො හයියෙන් ඉදිරියට යන සෙනඟක් මැද ඉන්න කෙනෙක් හෙමීට යන්න හැදුවොත් මොකද වෙන්නෙ කියලා, අනිත් අය නිසා එයාවත් තල්ලුවෙලා යනවා.

මං අද ඉන්න රටේ සමාජ රටාව එක්ක මේ පරස්පරතාවය මටත් බලපානවා. මේ ජනප්‍රිය සමාජ ‍රැල්ලට ගහගෙන යන්නෙ නැතුව, මං පොඩිකාලෙ ගමේදි පුරුදු පුහුණු කරපු පුරුදුත් ආදේශ කරගෙන ජීවිතේ ගනියන්න තමා බලාපොරොත්තුව. ඒත් එහෙම කියලා, මේ සමාජයට සම්පූර්ණ පිටස්තරයෙක් විදිහට ජීවත් වෙන්න හදන එකත් ප්‍රායෝගික නෑ කියලා මං දන්නවා.

සරලයි කියලා පෙනුනාට, මේක ලේසි සෙල්ලමක් නෙමෙයි. ඇයි ‍රැව්ලයි, කැඳයි දෙකම බේරගන්න එපැයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ මං ඉතාමත් අගේ කරන සංකල්පයක්, සමහර විට බුදුදහම කියන්නෙ මොකක්ද කියලා නොදන්න කවුරුහරි ඇහැව්වොත් මං පැහැදිලි කරන්නෙ මැද පිලිවෙත ගැන.

හැමතිස්සෙම කරන්න පුළුවනි කියලා සහතික වෙන්න බැරි වුනත් මං රකින්න උත්සහ කරන සමහර දේවල් මෙන්න:

වැඩිපුර ලොකු බලාපොත්තු ඇතිකර නොගැනීම

ලැබෙන දෙයින් සතු‍ටු වීම

"වැස්ස කාලෙට" ගන්න යමක් ඉතුරු කර ගැනීම

ජීවත්වීම සඳහා පමණක් කෑම ගැනීම ( කෑම සඳහා ජීවත් වීම නොවේ)

ජීවිතේ සරල දේවල් රස විඳීම

මහන්සි වී වැඩකිරීමෙන් පසු ලැබෙන විවේකය සුව විඳීම

ලොකු අනාගත සැලසුම් නැතත්, අනාගතය ගැන පොඩි ක‍ටු සටහනක් හිතේ ඇඳ ගැනීම

අද ගමේ මේ කියන සරල ජීවිතේ නැතිබව මං දන්නවා. ඒත් මගේ හීන ලෝකෙ ගමේ ජීවිතේ මෙන්න මේ වගේ:

http://www.artoflegendindia.com/images/images_big/pga069_scene_village.jpg

බස්සා ඕං ඔහොම සැහැල්ලුවෙන්, සෙමින් , දැහැමින් ජීවත්වෙනකොට තමා බැස්සි පිංතූරෙට ආවෙ. හුටා......

Thursday, May 26, 2011

මකබාස්

බස්සා පොඩිකාලෙත් හරිම මකබාස්. ඌට අළුතින් යම්ක් ලැබුනොත් ඒක ගලවලා බලන තුරු සිහියක් නෑ. වැඩි හරියක් කලේ කබාසීනියා කරන එකතමා.ගෙදර කස්ටිය ඔය නම ඌට බෞතීස්ම කලේ ඒකයි. අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනෙ...

උගේ ඔය කැත පුරුද්ද මේ මෑතක් වෙනකං තිබ්බා. ඇමරිකන් කාරයා "If it is working, Don't fix it " කිව්වට එහෙම කොහොමද? හුහ්, අපි අහුවෙයි ඕවට...

මේ කියන්න යන්නෙත්, අර අගේට තියෙන"Blogger template" එක කාබාසීනියා කරන්න අවශය අඩුමකුඩුම ටිකක් ගැනයි:

අවශය දේවල්:

Fire Fox browser

Firebug add-on for fire Fox

YSlow  for firebug

ColorZilla add-on

හැම template  එකකම අපට ඕනෙ විදිහට පාට, font size එහෙම වෙනස් කරන්න දෙන්නෙ නෑ. යාන්තං HTML, CSS දැණුමක් තියනවා නං , මේවා install කරලා පොඩි මන්කි බිස්නස් පාරක් දැම්මාම තමන්ට අවශ්‍ය දේ කරගන්න එච්චරම අමාරු නෑ. මොනව කරන්නත් ඉස්සෙල්ලා, template එක backup කරගන්න අමතක කරන්න එපා. නැත්නං කෙල උනාට පස්සෙ මාව අල්ලනව එහෙම නෙමෙයි.

ඔය තියෙන්නෙ firebug. අර වම්පැත්තෙ උඩ තියන නිල් පාට ඇරෝ එකට කොටල, තමන්ට වෙනස් කරන්න ඕනෙ බ්ලොග් එකේ තැනට කෙ‍ටුවාම ඒකට අදාල codes ටික පෙන්නනවා. මේකෙම එව්ව වෙනස් කරලා ටෙස්ට් කරන්න පුළුවනි. වෙනස් පෙන්නුවාට ඒක ඇත්ත template එකට save වෙන්නෙ නෑ.

එහෙනං .. තම තමන්ගෙ බ්ලොග් වලට කෙලෝගෙන ..මටත් කියන එකයි ඇත්තෙ..

එහෙම කිව්වට ඔය මකබාස් චරියාවෙ  හොඳ පැත්තකුත් තියනවා. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න මේ රට වලදි , බස්සගෙ පයිප්ප වැඩ සිට වඩු වැඩ දක්වා ගෙදර ඕනම දෙයක් කිරීමේ හැකියාවට ඒක උදව් නොවෙන්නෙමත් නෑ.

I Know..Something about Love..

මේ පිංතූරෙ නම් කරලා තියෙන්නෙ "Umbrella Sky" කියලා. පියාඹන මාලු සැට් එකක් නං ඉන්නව තමා - පියා මැස්සො කියන්නෙ මුන්ට වෙන්ටෑ. එව්ව ඇරිච්චාවෙකො, අපි පිංතූරෙ ගැන කතා කරමු. සමහරු කියනවානෙ වචන දාහකින් කියන එව්වා එක පිංතූරෙකි කියන්න පුළුවනි කියලා, මේක දැක්කාම එහෙම හිතෙනව නේද?

එයා කව්ද එනකං බලාගෙන ඉන්න පාටයි. ඒ මූණෙ බලාපොරොත්තුවක සේයාවක් තියෙනව කියල මට හිතෙනව.

Wednesday, May 25, 2011

සුදු මැණික

නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි. ඒත් මේකෙ ඉන්න "මැනිකෙ" නං කොළඹ මැනිකෙ කෙනෙක් වගේ...

මං මේ සිංදුවට කොහොමත් කැමතියි, ඒත් ඇයි කියන්න දන්නෙ නෑ. 

අර ගොයියා ඇඳං ඉන්නෙ කොට්ට උරයක්වත්ද හැබෑට?

නැ‍ටුං

මට නං ආයෙ නැ‍ටුං ගැන ලියන්න තේරෙන්නෙ නෑ, ඔන්න ඔහේ බලනව මිසක්. මෙන්න මං කැමති නැ‍ටුං ටිකක්:

Tuesday, May 24, 2011

In the Beginning There was the Word

යාළු මිත්‍රකම්, සම්බන්ධකම් නගර, රටවල් වල සීමා වැටකො‍ටු ඉක්මවා ගිය මේ යුගේ, අපගේ සමහර අතීසාර මිත්‍රයෝ සම්බන්ධ වෙන්නෙ වචන හරහායි. ඒ කිව්වෙ, මේ අය පිළිබඳව අපි මවාගන්න චිත්ත රූපෙ

සම්පූර්ණයෙන්ම අපි ගොඩනගාගන්නෙ  එයාල කියන ලියන දේ අනුවයි. ප්‍රශ්ණෙ තියෙන්නෙ , මේ ප්‍රතිරූපය කොච්චර යථාර්තයට සමීපද  කියන එකයි. දැං , කෙනෙකුට බෝලෙ අනිත් පැත්තට පාස් කරන්නත් පුළුවනි, " කව්ද කිව්වෙ ඔයාට එහෙම මං ගැන හිතාගන්න" කියලා. ඊ-මේල්, චැට්, බ්ලොග් හරහා එන "අංකිත ලෝකයේදි" මේ  ප්‍රති රූපය " online identity " කියලා හඳුන්වනවා.

මං හැමදාම විස්වාස කරන දෙයක් තමා, "online identity" සහ "real identity " අතර වෙනසක් තියෙන බව, ඒත් ප්‍රශ්ණෙ වෙන්නෙ මේ වෙනස සෑහෙන්න වැඩි උනාමයි.ඔන්න එතකොට තමා අපේ තාත්වික සහ අතාත්වික සීමාව බොඳ වෙන්න පටන් ගන්නෙ. හරියට හීනයක් වගේ.

දැං ඔයාල කියයි , මේ බකුසු තඩියගෙ වැඩේම හීන බලන එකයි කියලා. හුහ්, එතකොට කියමු බලන්න අර රෙනේ’ ඩෙ'කාර්ට්(René Descartes ) ගොයියට අපි මේ ජීවත්වෙන්නෙ හැබෑ ලෝකෙද, හීන ලෝකෙද කියලා පුරස්නයක් ආවෙ කොහොමද කියලා?  උන්දැ ප්‍රංශ කාරයා වෙච්චි, ටක්කෙටම  බැස්සියෙක් එක්ක පැටලැවිල්ලක් තියෙන්න ඇති. එයා නං කිව්වෙ "I think, therefore I am," කියලයි. ඒක නං නරක වැඩක් නෙමෙයි -මං මෙ කිව්වෙ, හිතන එක. 

ඔය වචන ගැන මටනං කියන්න තියෙන්නෙ මෙච්චරයි, ආයිබෝං!

(සොරි වෙන්න ඕනෙ , අගරජානෙනි!, ඔබතුමාගේ ඉන්ටනෙට් කෝටා එකට)

Monday, May 23, 2011

Forget Me Not

z122222222221මේ මල් ජාතියට කියන්නෙ "Forget-Me-Not” කියලලු. අනේ මන්දා ඇයි කියලා. ඒ කොහොම උනත් නිල් කියන්නෙ මං කැමතිම පාටක්. දැං ඉතිං කියන්න එපා, "අනේ බොලේ, බස්සො දන්න 'Forget-Me-Not '" කියලා. ඇත්තටම ක‍ටුරොළු මල් කීව නං බස්සා දන්නවා තමා.

මේ පින්තූරෙ නම් කරලා තිබුනෙ"High-Hopes " කියලා.පැල්මක් අතරින් ඉහලට යන්න හදන  මලක්. ඇත්ත එකක් නොවන්න ඇති, ඒත් මං ඒ අදහසට කැමතියි. අපෙත් ඉතිං ඔහොම බකුසු බලාපොරොත්තු තියනව නෙව. මොනවද, ඇහැව්වා? ඇයි මං කලිං කිව්වෙ? අර ජීවිතේ පොඩි පොඩි දේවල් රස විඳින්න,  චෙරීස් , බෙරීස් වගේ..හෙහ්..හෙහ්..

මට කව්ද ඊරිසියාකාරයෙක් කියල තිබුනා, " හුහ්, බස්සො දන්න චෙරීස්" කියලා. මෙන්න බස්සා චෙරිකන විදිහ:

හැමදාම කන්නෙ නෑ, වාරෙට පෙට්ටියක්ම අරගෙන ඇවිල්ලා එපා වෙන කං කනවා. අවුරුද්ද පුරාටම අපට නැත්නං, ලඟ තියෙන ඝර්ම කලාපීය දුපත්වලට හරි ඔය මොකක් හරි පලතුරක වාරයක් එනවා. ඉතිං බස්සටත් පලතුරු හිඟයක් නෑ.

බ්ලැක්/බ්ලු බෙරි ජෑම් හරිම රසයි. මං කියන්නෙ කෘතිම එක නෙමේ, අර ගෙඩි එහෙමම තියෙන එක. දිවුල් ජෑම් වගේම රස එකක්, හැබැයි වෙනස්.

දැං මේක කමු-බොමු එක වගේ වීගෙන එන නිසා ආයිත් මාතෘකාවට. Forget-Me-Not  සහ බලාපොරොත්තු ගැන.

මේ සිංදුව මං කැමති එකක්. ගමේ තාලෙ සුන්දර ආදර කතාවක්. මේ කොන්ක්‍රීට් වනාන්තරය සහ මෙහි ඇති පහසුකම් තමයි මගේ යථාර්තය. ඒත් හිතිං ගමට යන්න, ගැමි සුවඳ විදින්න ඒක බාධාවක් වෙන්නෙ නෑ. මං හීන බැලිල්ල ගැන මෙච්චර කතා කරන්නෙ ඒකයි, මොකද මං දන්නවා හැබෑටම ගමේ පදිංචි වෙන්න ගියොත්  වැඩේ වරදින බව. හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙ , ගමත් වෙනස් වෙලා ඇති.  මං ගම කියන්නෙ මගේ හීන ලෝකෙ තියෙන "Utopia" එකකට. ඇස්දෙක පියාගත්තාම , වියදමක් නැතුවම නිවාඩු ගන්න යන්න පුළුවන් තැනකට.

මොකද කියන්නෙ, ඉබ්බි, යමුද මාත් එක්ක ගමට?

Sunday, May 22, 2011

පතල් කවි

ඉස්සර කාලෙ අපේ අයගෙ ජීවන රටාව බොහොම සරලයි, සැහැල්ලුයි කියල කියනවනෙ. සමහර විට කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වෙච්ච කාලෙ එහෙම වෙන්න ඇති. යුරෝපය කාර්මික යුගයට ගිය කාලෙ, අපේ යටත් විජිත කාලේ මේක වෙනස් වෙච්ච බවයි පේන්නෙ. කුඹුරක් හේනක් කොරාගෙන කමත් කයියක්, පැල්කයියක් කියාගෙන හිටපු අපේ ඇත්තො, ධන නිධාන හොයාන බිං හාරන්න ගත්තා. පරම්පරාවෙන් ගොවියෝ වෙච්චි මගේ මුතුන් මිත්තොත් බෝගල මිනිරං පතලෙ වැඩට ගිහින් තියනවා.

වැඩ කරන අයගේ ආරක්ෂාව සත පහට ගිය ඒ යුගේ, පතල් කර්මාන්තය සෙල්ලමක් වෙලා නෑ. ඒ මොන දුක වින්ඳත් එයාල කවි කියලා ඒ දුක විඳ දරා ගෙන තියනවා.

වළ ඇතුලේ සොල්දර වාසනා වන්

සොල්දර උඩට දබරේ වාසනා වන්

දබරේ උඩට දම්වැල් වාසනා වන්

දුප්පත් අපට පතලේ වාසනා වන්

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට

බොන්නේ බොර දියයි පුරුවේ කල පවට

යන්නෙත් කවදාද මව්පියෝ දකින් නට

ගමේ ජීවත්වන තම ආදරවන්තිය ගැනත්, ඒ වගේම ගමේ තාලෙ රස කෑම වේලක් හැනත් දුප්පත් පතල්කරුවා දවල් හීන දකින්න ඇති.

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා

ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා

පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා

මීට වැඩිය නරකද ගම හිඟා කකා

මහන්සි වී වැඩකිරීම නරක දෙයක් ලෙස මං දකින්නෙ නෑ. ඒ අයට "ජිම්" යන්න ඕනෙ නෑ. සැප, දුක එකම කාසියක දෙපැත්ත ලෙසයි මං හැමදාම දකින්නෙ. දුක් විඳපු කෙනක් තමයි, සැප නියම විදිහට රස විඳින්නෙ. බඩගින්නෙ හිටිය කෙනක් තමයි, රස කෑම වේලක අගය දන්නෙ.කොච්චර රස කෑම උනත් හැමදාම කන කොට එපා වෙනවා. ඒ වගේම සරලම කෑමක් උනත් ඉඳලා හිටලා කන කොට අගේ වැඩියි. අපේ පතල්කරුවාගේ "staple diet " එක  වෙච්චි කරවල අද මට "luxary" කෑමක් වෙලා තියෙන්නෙ ඒකනෙ.

දැං මේ තියරි එක පවුල්-පන්සල් වලට ආදේශ කරලා හොර කො‍ටු පනින්න ලෑස්තිවෙනවා එහෙම නෙමෙයි. ඒක අදාල කෑමට විතරයි. අපි හිතමුකෝ, පරිප්පු කියලා - හී..හී.. ඒක අපේ ජාතික ආහාරය නෙ, අර අපි හැමදාම, කොහේ ගියත් කන එක. ඒක උනත් වෙනස් විදිහට හදන්න පුලුවන් නෙ. එක දවසක බෙරි කරනව, අනිත් දවසෙ රොස් කරනව. නෑ, නෑ, එක දවසක තෙම්පරාදු කරනව, අනිත් දවසෙ හොදි හදනව. පරිප්පු වර්ගෙ මාරුකරන්නත් පුලුවනි, කඩල පරිප්පු, මයිසූර් පරිප්පු, මුං පරිප්පු වගේ. දැං තෙරුනානෙ කතන්දරේ, විවිධත්වය තමයි, රහස. ඒත් ඔය මොන පරිප්පුව ගෙනාවත් රොස් කරලා දෙන, දස්ස කට්ටිය ඉන්නවා. එයාලගෙ නලලෙම ගහල තියනවා "You name it, We 'ross' it " කියලා.

හැමදාම රොස් පරිප්පු, අඟුරු වෙච්ච මාලු කාපු අය, සති අන්තෙ යාළුවෙක් උයන කෑම කාලා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා කියලා ආරංචියක්, මැලිබන් හංදිය පැත්තෙ ඉඳලා ආපු පක්ෂියෙකුගෙන් අහන්න ලැබුනා.

මං මේ කියනවට, නිකමට සති අන්තයක මහන්සිවෙලා ගෙදර, වත්තෙ පිටියෙ වැඩක් කරලා බලලා, තේකක් බීලා, කෑම වේලක් කාලා බලන්නකො.

Thursday, May 19, 2011

Un-Romantic

Have you ever being in love with a princess? You know, what I mean, don't you? The type with "blue" blood. Ever since I saw this movie, I love this ogre, and he is a my kind of guy. As for the princess, they always want to know the name. Mind you! it is the full name, just the middle name or the nick names won't do, here.

Wednesday, May 18, 2011

Enjoy the Simple Things in Life

Cherries & Berries … mmmm

Lemon Cake in a lazy

Winter afternoon

පිංතූරය මෙතැනින්:

flickr-lemon birthday cake

Walking barefoot in grass.

Listening to slow instrumental music and relaxing 

Taking a long, relaxing shower 

 Romance, by the fire place

Uuummmaaa 

හුටා!, ඉතිරිය බලධරයාගේ කතුරට අසුවිය......

Tuesday, May 17, 2011

අපි නොදන්න..ලව්

Three passions, simple but overwhelmingly strong, have governed my life: the longing for love, the search for knowledge, and unbearable pity for the suffering of mankind. These passions, like great winds, have blown me hither and thither, in a wayward course, over a deep ocean of anguish, reaching to the very verge of despair... Love and knowledge, so far as they were possible, led upward toward the heavens. But always pity brought me back to earth. Echoes of cries of pain reverberate in my heart. Children in famine, victims tortured by oppressors, helpless old people a hated burden to their sons, and the whole world of loneliness, poverty, and pain make a mockery of what human life should be. I long to alleviate the evil, but I cannot, and I too suffer. 

- Bertrand Russell -

බස්සා මේ රටට එන්න ඉස්සෙල්ලා හිතාගෙන හිටියෙ , ඌ දන්න ඉංග්‍රිසිය හොඳටම ඇති කියලයි. කොහෙද මේ සුද්දොත් එක්ක බැහැනෙ, උන්ට වතුර වගෙ ඉංගිරිසි පුළුවන්නෙ. ඕං ඉතිං බස්සත් ගියේ නැතැයි අකුරට. අර හිම බැසියෙක්ව හම්බ උනෙත් එහෙදි තමා.

හා, හා, බස්සො කට(හොට), ඕක නිකං තියාගෙන ඉන්න බැරිනං උලාපිය, ගලක.

(එහෙම කිව්වෙ බකුසු කකුල්..ආයිබෝං.)

ඕං ඔහේදි තමා බස්සට ඌගේ ප්‍රියතම ගුරුවරිය හම්බ උනේ. එයා ග්‍රීක් නෝන කෙනෙක්. නම "විකී කෝෂ්," මාස තුනයි, ඉගැන්නුවෙ, ඒත් අවුරුදු ගානක දේවල් ඒ ටිකේදි ඉගෙනගත්තා. ඔය උඩින් තියෙන්නෙත්, එයා පොටෝ කොපි කරලා අපට ගෙනත් දීපු එකක්. ඕක පරිවර්තනය කරන්න ගිහිල්ලා එකෙ තියෙන ලස්සන කා දාන්නෙ නැතුව මං ඒක එහෙමම තියනවා.

මේ කියලා තියනදේ ගැන බස්සට වෙනම පෝස්ට් එකක් උනත් ලියන්න ඇහැකි. බලමුකො, හැබෑටම මේ බර්ටන් ගොය්යත් මාර කියුං නෙව කියල තියෙන්නෙ. හා, මං කියන්නෙ උන්දැගෙ කටෙත් හැලප දෙකක් ඔබන්න වටින්නෙ නැහ්ද? 

Sunday, May 15, 2011

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..

Dream Angel 

Guarding your hopes and dreams...

Like Wisdom, or Serenity,our dreams serve a purpose. It's a good thing to dream, especially daydream; to give ourselves permission to just let our thoughts wander... it's sometimes where we get our best ideas. This might be a post topic for a writer, or simply a new hope for an average Joe like me...

අපි හැමෝම හීන දකිනවානෙ. මං නං දවල් හීනත් දකිනවා.කොහොමත් බස්සො බුදියන්නෙ දවල්ටනෙ. ඒත් මං කිව්වෙ ඇහැරිලා ඉන්න කොට දකින හීන ගැනයි. සමහර හීන හැබෑවෙනවා, සමහර හීන ඔහේ බොඳ වෙලා යනවා. ප්‍රශ්ණයක් නෑ, එතකොට අළුත් හීනයක් එතනට එනවා. හීන කියන්නෙ යථාර්තය නෙමෙයි. සමහර වෙලාවට හිතෙනවා නේද, මේ හීන දකින එක නවත්තලා දාන්න ඕනෙ කියලා? මටත් එහෙම හිතිලා තියෙනවා. ඒත් කියමනක් තියනවානෙ ලෝකෙ හිටපු හුඟක් වටින මිනිස්සු ඔක්කොම හීන දැකපු අය කියලා. එහෙම එකේ මේ අපි වගේ බස්සෝ හීන බැලුවම මොකද වෙන්නෙ? ඔන්න ඔහේ අපිත් හීන බලමු, රාළේ!

අපි දකින හීන කලු-සුදු කියලයි හැමෝම කියන්නෙ. ඇත්තටම මටත් දැකපු පාට-පාට හීන නං මතක නෑ. ඒත් මේ දවස්වල දකින හීන වලට සුරංගනාවියක් නං එනවා. එයා ඇවිත් මගේ ඔලුව අත ගාන ගමන් සිංදුත් කියනවා. පහල ඉන්න ඔක්කොම ගැරඬි කකුල් කඩාගෙන දුවනවා නං තමයි, ඒත් මට නං ඒ සිංදු වලට නින්ද යනවා.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..

ඒ සිහිනෙන් මා මුදන්න..ලං නොවන්න..

මේ සිංදුව, ඔයාලත් අහල ඇතිනෙ. මටත් දැං එහෙම හිතෙනවා. මට මේ හීනෙම දකින්න ඉඩදෙන්න...

ප.ලි. - ඉල්ලීමක් ආවා, වීඩියෝ කෑලි වැඩිය දාන්නෙ නැතුව, වැඩියෙන් ලියන්න කියලා. ඕං එහෙම කලා, මහරජ! .ඔය උඩින් තියෙන ඉංගිරිස් කෑල්ල මං ලියපු එකක් නෙමෙයි. ඔය පිංතූරෙ හොයන කොට හම්බ උනා, පටස් ගාලා කොපි කරගෙන පොඩ්ඩක් කපල කොටලා මට හරියන විදිහට හදාගත්තා. නැහ්නං බස්සො දන්න ඉංගිරිස්....

Sunday, May 8, 2011

Boy meets Girl

බස්සා පොඩිකාලෙ ටිකක් මේ කැලෑ කොලුව වගේ තමා. හැදුනෙ පුංචි ගම්මානයක. කොච්චෝරවත් ඉනෙන් හැලෙන කලිසං කොටයක් ගහගත්ත බස්සා කොලුව ගමේ ලඳු කැලෑ වල දං, බෝවිටියා; පාළු වතු වල කජු ගස්, හොර කුරුම්බා එකක්වත් ඇරියෙ නෑ. ඒ කාලෙ පහල වෙලේ කොක්කු, කොරවක්කුන්ගෙන් ඇහැව්වා නං බකුසු පැටියා ගැන හොඳ කැ‍රැක්ටර් සැටිපිකට් එකක් ගන්න තිබ්බා.

ඒ කාලෙ බස්සට කා‍ටුන් තිබ්බා නං කන්න, බොන්න ඕනෙත් නෑ. මේ බස්සගෙ කැමතිම කා‍ටුන් වලින් එකක්. ඒකාලෙ බකුසු පැටියාගෙ හිතේ තිබුණෙ මේං මේ වගේ කෙලි පොඩිත්තියෙක් හම්බවෙයි කියලයි. පස්සෙ තමයි දැන ගත්තෙ, එහෙම අය ඉන්නෙ කතාවල විතරයි කියලා...

As Baloo the bear said:

" Forget about them, nothing but trouble", heh.....heh...