Thursday, November 18, 2021

අපි නොදන්න රාග තාල


බස්සගෙ ජීවිතේ වෙනස් වෙන්න, බලපාපු එක සිංදුවක් තමයි ඔය. ඔය තියෙන්නෙ,You got mail සිත්තර පටියෙ, මම කැමතිම කොටසක්. හප්පේ ඔය කොටස ආයෙ, ආයෙ බලාපු වාර ගාණ මෙච්චරයි කියන්න බෑ. නිව්‍-යෝක් නගරෙ, උදෑසන අවදිවෙන හැටි, ස්‍ටා'බක් කොෆී කල්චර් එක එහෙම ලස්සනට පෙන්නනවා. ඒ කාලෙ කාන්තාරෙක වේලි, වේලි හිටිය බස්සෙකුට, ඔය පෙන්නන්නෙ ග්ලෝරිෆයිඩ් කරපු වෙස්ටන් ලයිෆ් ඉට්ටැයිල් එක කියල තේරුන එකක්‍ යෑ? අනිත් සිත්තර පටියෙ කැමතිම කොටස තමා, ඩයල්-අප් මොඩම් එක " ඤෑ....ඈක්, ඤුක්, ඤී....ඊක්, හුචැක්" කියල AOL මේල් කනෙක්ට් වෙන කොටස.

කොහොමත් මේක  පට්ට සිංදුව -Dreams ,කියන්නෙ The Cranberries. චෙරි, බෙරි කන පක්සියෙකුට, මේ අයිරීෂ් බෑන්ඩ් එකේ සිංදුව අල්ලලා ගිය එක ආයෙ අහන්නත් දෙයක්ද? එකම අවුල, ඕක ඇහිච්ච ගමන් බකුසු ඔලුව, තාලෙට වැනෙන්න ගන්න එක, ඔලුවට මෝල් ගහකින් පතබෑවත්, නවත්තන්න බැරි එකයි.


ආයෙත් පාරක් අද මේ සිංදුව, මට අහන්න ලැබුනෙ 1994 Chungking Express සිත්තර පටිය බලන කොටයි. බලල නැත්නම් බලන්න වටින පිචෑර් එක, බලන්න.

මේ සින්දුවත් අයත් වෙන්නෙ "One-hit wonder" කියන කැටගරියට වෙන්ට ඕනෙ. ඒකෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. බොහොම අපූරු ගීත බොහොමයක්, ඒ කැටගරියෙ තියනවා. අපට සංගීතෙ විශ්ලේෂ්ණය, විච්චේදනය කරන්න තරම් දැණුමක් නං නෑ. ඒත් දැක්කා, ඇහැව්වා නිසා, ඔන්න ඔහේ ලියලම දැම්මා.

අනූව දශකයෙදි ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඒ දශකයෙ, මේ සිංදුව නැති සිත්තර පටියක් හොයාගන්න අමාරුයි කියලයි කියවෙන්නෙ. මෙන්න ඒ චිත්‍රපටි වලින් කොටසක්:

Chungking Express (1994), which prominently featured Faye Wong's Cantonese version
Safe Passage (1994)
Milk Money (1994)
The Next Karate Kid (1994)
Boys on the Side (1995)
The Baby-Sitters Club (Trailer only) (1995)
Mission: Impossible (1996)
You've Got Mail (1998)
Shot Through the Heart (1998)
Mona Lisa Smile (Trailer only) (2003)
Sound of My Voice (2011)
Prom (2011)
The To Do List (2013)
Second Act (2018)
Thunder Force (2021)

ප්‍රධාන ගායිකාව වන Dolores O'Riordan ට අනුව, ගීතය ලියා ඇත්තේ ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන, "මම එය ලිව්වේ මගේ පළමු ආදරය ගැන, මම අයර්ලන්තයේ ජීවත් වන විට ... එය පළමු වතාවට ඇත්තටම ආදරයක් දැනීම ගැන".

විවාහයෙන් පස්සෙ, කන් පාත් වෙන්නම , බොන්න පටන් ගත් ඇගේ ජීවිතේ රෝස මල යහනාවක් වුනේ නැති බවයි පේන්නෙ. ඔය බොලත් ටිකිලා ගහන කොට, ගාණක් මිම්මක් ඇතුව ගහපල්ලා, ඈ? ටොමියගෙ  මිත්‍ර බොක්සරයටයි මේ කියන්නෙ.😉

R.I.P Dolores O'Riordan (1971-2018)

බෝනස්:


🎪🎪🎪🎪🎪🐶🐶🐶🐶🍞🍞🍞🍞🐶🐺🐺🐺🐺🐺

ඇත්තටම, Wong Kar-wai කියන්නෙ, පට්ට සිනමා අධ්‍යක්ෂක වරයෙක්. මෙන්න ලිස්ට් එක:
1988As Tears Go By旺角卡門 Wong gok ka moon
1990Days of Being Wild阿飛正傳 Ah fei zing zyun
1994Chungking Express重慶森林 Chung Hing sam lam
Ashes of Time東邪西毒 Dung che sai duk
1995Fallen Angels墮落天使 Do lok tin si
1997Happy Together春光乍洩 Chun gwong cha sit
2000In the Mood for Love花樣年華 Fa yeung nin wa
20042046
2007My Blueberry Nights
2013The Grandmaster一代宗師 Yi dai zong shi
ඔය අතරින්, My Blueberry Nights2046In the Mood for Love දැනටමත් බෑව. Fallen Angels තමයි Chungking Express දෙවන කොටස. ඒත් එකම ස්ටැයිල් එක මිසක්, විශේෂ සම්බන්ධයක් නෑ,

ස්තූතිය: The Traveler's Blog

(වීඩියෝ අන්තර්ජාලයෙනි)

Thursday, November 11, 2021

අටවන මාටිංගේ ජනෙල් අළුත්වැඩියාව

  වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.

මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.

ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට.  ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා  කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?

නෑ, All Apps ගහදිගේ බඩගාලාත් ඕක හොයන්න බෑ, ගහෙන් බහින්නම පැය බාගයක් විතර යනවා, ඒ මදිවට, ඇප්ස් තියෙන්නෙ ෆෝල්ඩර් ඇතුලෙ. කොටල, දිගෑරලා බලන්නම වෙනවා. දැන් තේරෙනවා නේද, වැඩේ හිතනවට වඩා සංකීර්ණයි කියලා? කොච්චර ඇප්ස් තිබ්බත් වැඩක් නෑ,  කෙලවෙච්ච වෙලාවට, ඒකට අදාල ඇප් එකක් තියනවද, ඒක කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නැත්නම්. ඇප් ගෲප්ස් අදාල වෙන්නෙ, විශේෂයෙන්ම, අමතකවීම උපන්ගෙයි දෝෂයක් වෙච්ච අපි වගේ නිසාචර සත්තුන්ටයි.

මම ක්‍රමයක් අටව ගත්තා, ඔය පහල පිංතූරෙ තියෙන විදිහට. ඒත් පොඩි කොස්සක් තියනවා. වින්ඩෝස් 10 ඉඳලා, පරණ ගෲප්ස් ටික ගේන්න විදිහක් දන්නෙ නෑ. ආයෙ අලුතින්ම ගෲප්ස් හදලා නොදා, ගොඩින්ම ජාම බේරගන්න විදිහක් තියනවද කියල හොයාගන්නයි, මේ වෑයම.


වින්ඩෝස් 10 ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලට කියන්නෙ ලේ-අවුට් කියලලු. තියෙන්නෙ XML ෆයිල් එකක් විදිහට කියලයි කියන්නෙ. මට ඒ මහප්ප්‍රාණ තේරෙන්නෙ නෑ, මට ඕනෙ මෙච්චරයි. මේං මේ ගෲප් එකේ, මේං මේ ඇප්ස් ටිකේ ෂෝර්ට්-කට් ටික තියනවා කියන එකයි. දන්න පිංවතෙක්, පොඩි අයිඩියා එකක් දුන්නොත්, ලොකු උදව්වක්, ඈ?

පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.

මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?

ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.

මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/