Saturday, November 28, 2015

කෙටි චිත්‍රපට



මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ? 












ලිව්වත් ඔ‍ටුවා, නොලිව්වත් ඔ‍ටුවා එකේ , ඔන්න ඔහේ  අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)

මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට  විචාරයක් දෙන්න, ඈ ?

Sunday, November 22, 2015

ඇයි අපි ඔ‍ටුවොද?







https://c2.staticflickr.com/4/3441/5814508221_1920da9229_b.jpg

කවදාවත් කමෙන්ට් කරල නැති වුනාට , නිතරම කියවන බ්ලොග් එකක් උඩුවාගේ සටහන්.ඒකෙ අලුත්ම පෝස්ට් එකෙන් කියවෙන්නෙ සමාජයේ පහල ස්ථරයක් ගැන කතාවක් - වීදි සරන ලඳුන් ගැන.



වීදි සරන ලඳුන් නැත්නම් නූතන යුගයේ අම්බපාලිලා ගැන ගීත කීපයක් ලියැවිලා තිබුණත් එයින් හොඳම එක ජොලි සීයගෙ "බජාර් එකේ ලලක්කා" කියලයි මට හිතෙන්නෙ.  ටිකක් අමුවෙන්ම කිව්වත් තිත්ත ඇත්ත ඒක තමා.



බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා



මයියොක්ක පිපිඥ්ඤා

වම්බටු පොඩි බණ්ඩක්කා

කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා



අක්කගෙ අම්ම ඉසක්කා

ඉස්සර එලවළු වික්කා

කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා

නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා

වික්ක නොවික්කා ගානයි මහලු ඉසක්කා











මම දන්න විදිහට වීදි සරන ලඳුන් සහ යාචකයින් ගැන කරපු එකම ප්‍රායෝගික සමාජ සමීක්ෂණය කලේ මහාචාර්ය නන්දසේන රත්නපාල.  අවුරුදු පතා  විශ්වවිද්‍යාල වලින් ටොන් ගණන් උපාධිධාරීන් බිහි වුනත්, අපේ අවාසනාවට, ඊට පස්සෙ කිසිම ප්‍රායෝගික සමාජ විද්වතෙක් බිහිවෙලා නෑ. සමාජ විද්‍යා පොතේ ආචාර්යවරු නම් නිබන්ධන ලියල ඇති, ආචාර්ය පට්ටම් අරගෙනත් ඇති. ඒත් තාමත් බට්ටිලාට , අපේ මහජන සේවකයො පන්න පන්නා නෙලනවා.



"බට්ටිලා, මේනකාලා" බ්ලොග් ලියනවා කියලා මං හිතන්නෙ නෑ, ඒ නිසා මේ අය ගැන දැන  ගන්න, ඔවුන්ගෙ කතා අහන්න, සිතුම් පැතුම් තේරුම් ගන්න තියන ලඟම දේ තමා බටහිර " කෝල් ගර්ල්ස්" ලෙස හඳුන්වන අයගෙ බ්ලොග් බලන එක. එහෙම බැලුවොත් තේරේවි අපි කවුරුත් මනුෂ්‍යයෝ කියලා.


සමාජ කතිකාවට භාජනය වියයුතු ඒත් එත් අපි "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" ගාණට ඉන්න තවත් කොට්ටාශ දෙකක් තමා:



ඇඟලුම් කම්හල් සේවිකාවො

මැදපෙරදිග ගෘහ සේවිකාවො


http://www.mswandas.co.uk/wp-content/uploads/2012/09/ActionAid-factory.jpg





මෙයින් පලමු කොටස වන ඇඟලුම් කම්හල් සේවිකාවන්ගෙ ලිංගික සූරාකෑම ගැන අනුවේදනීය කතාවක් කොළඹ ගමයාගෙ "පොකුණු දිය බොර කල පට්ට වේ*******ගේ කථාවක්" පෝස්ට් එකේ කියැවෙනවා.



අදටත් මේ තත්ත්වයෙ වැඩි වෙනසක් වෙලා ඇති කියලා නොසිතෙන්නෙ, රටට විදේශ විනිමය ගේන මේ අසරණියන්ගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කීරීම කෙසේ වෙතත්, ඇඟලුම් කම්හල් සේවිකාවන් දු‍ටුවිට,ඔවුන්ට "ජුකී අක්කලා" නැත්නම් "ගාමන්ට් කෑලි" යැයි පහත් ලෙස කලකන අපේ හුදීජන සමාජ මානසිකත්වයේ පවා වෙනසක් වෙලා නැති නිසයි. දැන් මියගොස් යැයි කියැවෙන  ඉහත කතාවේ සඳහන් වන දේශපාලු වසලයාගේ නම පවා හෙළිවෙන්නේ නෑ.



ඊළඟ කොටස මැදපෙරදිග ගෘහ සේවිකාවො. රිසානාගෙ හිසගසා දැමීමේ සිද්ධියට පස්සෙ පොඩි උණුහුමක් ආවත්, අපේ දේශපාලුවො ඒකෙන් ලස්සනට ලිස්සලා ගිහින් "දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා" මෝඩ් එකට ආවා.



දැන් නැවතත් සවුදියේ තවත් ශ්‍රි ලාංකික කාන්තාවක් ගල්ගසා මරණයට නියම වෙලා. දැං කාටහරි කියන්න පුළුවන් ඒකිත් " පට්ට වේ****" කියලා. තිත්ත ඇත්ත ඒක නෙමෙයි. අපි ගෑණුන්ව වැඩකාරකම ඇරලා ජොලි කරන මහ ලැජ්ජ නැති ජාතියක්.



"සුජී, දීපන් ඔය ෆෝන් එක ලමයෙකුට". මේ අපේ සමාජ හෘද ශාක්ෂියයි.