Tuesday, December 22, 2020

බස්සා සහ සපත්තු ලේස්


නෑ, නෑ සෙරෙප්පු සුප් නෙමෙයි, මේ වෙන එකක්. ඇත්ත, ලෝකයා මට " චීප් ****" කියනවා තමා. ඒත් අපි සැලෙයි ඔව්වට, උන්යෑ මට කන්න දෙන්නෙ?

කම්පියුටර් අප්ග්‍රේඩ් වලට ආවම, මගේ ප්‍රතිපත්තිය තමා shoestring budget. බස්සා කියන්නෙ සේල් කාක්කෙක්. දැක්කද ඩීල් එකක්, කොටන්නෙ උඩ පැනලා. සමහර විට මේ සෙල්ලම වරදින වෙලාවලුත් නැත්තෙම නෑ. දැන් බලාන්ට සේල් නිසා කොටල ගත්ත, Intel i5 9400F හොඳම තේරීම නෙවෙයි, මොකද එව්වට එන motherboard ගණන් නිසා, එහෙම කියල බෑ නෙව? දැම්මා shoestring තියරිය, ගත්තා MSI H310m pro-vdh plus motherboard එක. ඔබට සතුටුයිද දැන්? නෑ නෙව.

දැන් මොකක්ද එතකොට ප්‍රශ්ණෙ? අටෝරාසියක් වෙන ප්‍රශ්ණ තිබ්බත්, එව්වා ඉවසතෑකි, අවුල, මේකෙ තියෙන්නෙ SATA port 4 යි. Windows SSD එකයි  , Catalina SSD එකයි ගියාම තව ඉතුරු SATA port දෙකයි. මම ප්‍රතිපත්තියක් විදිහට 8Tb වලට වැඩි HDD නොගන්න නිසා, ඔව් මේක සෑහෙන්න  බොන්න වෙන ප්‍රශ්ණයක්.

කොහොමත්, SATA port වල ඇති ජන්ම speed-limit නිසා SSD වල උපරිම වේගය ලැබෙන්නෙ නෑ(bottleneck). මේකට විසඳුම SATA interface එක භාවිතා නොකරන, PCI bus එකට කෙලින්ම සම්බන්ධ වෙන M.2 Nvme වලට යන එකයි. එත් අපිට කොයිද පූසො මාළු, කියන්නැහෙ, මගෙ ලාබ motherboard එකේ M.2 නෑ.

විසඳුම: තවත් shoestring ගැජමැටික් එකක්: PCI-e to M.2 Nvme extension card. සුපියල් හත-අටකටද කොහොද චීනෙන් ගෙන්න ගත්තෙ. මේක හොඳින් නිරීක්ෂණය කලොත් පේනවා, PCIx1 කොටසට විතරයි ට්‍රැක්ස් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒ තියා අනික් කොටස් ඕනෙ නැත්නම් කඩා දාන්න පුළුවන් විදිහට හිල් පේලියක් දීලත් තියනවා. මගේ දුප්පත් motherboard එකට හොඳට ගැලපෙන පාටයි.

ඔන්න ඔහොම ඉන්න කොට තමා, මෙන්න මෙයාව  Crucial 2TB P1 NVMe M.2 2280 Internal SSD යැංකි සුපියල් 91$කට සේල් දැම්මෙ. මොනවා අහනවද? කෙටුව ස්වාමීනි කෙටුවා. අපේ සාවියට Free Shipping, ටැක්ස් විතරයි. ඔය මං ඩීල් බලන්න යන සයිට් එකේ, ආප්තෝදේශයක් තියනවා, " Buy now, think later" කියලා. මං ඕක අකුරටම පිළිපදිනවා. මොනවද කියන්නෙ, විනාඩි දහයෙන් බඩු ඉවරයි, වාෂ්ප වුනා.


ඊළඟ නැවතුම චීනෙ. Aliexpress වලින් ඕඩර් කලා ලාබෙට heat spreaders. SDD and RAM දෙකටම ගියේ සුපියල් දහයක් විතර තමා. බඩු එන්නෙ එන මාසෙ, අවුලක් නෑ. ඔන්න ඔහොම තමා පිංවතුනි, මේ දවස්වල මයෙ පොකැට් එක හිඳෙන්නෙ.

ඔන්න මාසෙට පෝස්ට් තුනේ කෝට එක ඉවර කලා. සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! x 2








Saturday, December 19, 2020

We will "meat" again!

මේ ගතවෙන්නේ, එච්චරම හොඳ කාළයක් නූනත්, හෙටත් ඉර පායනවා, මල් පිපෙනවා, කුරුල්ලෝ සිංදු කියනවා, අපි බයිල කියනවා. ඔව්වා ඔහොම තමා. මේවාත් එක්ක ජීවත් වෙන ක්‍රමයක් හදාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.  මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, කියල කව්දෝ කිව්වය කියල මම අහල තියනවා.  ඒක එහෙම නං, අපිට තාම අපේ බලාපොරොත්තු ඉතිරිවෙලා තියනවා කියල හිත හදාගන්න බැරි කමක් නෑනෙ? 

සතුට කියන්නෙ, බලාපොරොත්තුවක් ඇතිවීමත්, එය ඉටුවීමත් අතර සිතේ ඇතිවන හැඟීමක් කියලා අර්ථකතනයක් තියනවා. ඒත් මං හිතන්නෙ සතුටෙ ආයු කාළය, බලාපොරොත්තුව ඉටුවීම පස්සෙත් ටික කාළයක් තිබිලා දියවෙලා යනවා කියලයි. 

මේ කොරෝනා කාලෙ, මං නං බලාපොරොත්තු ගෙන්න ගන්නෙ තැපැල් මාර්ගයෙන්.මේ එහෙම ගෙන්න ගත්ත දෙකක්:

නිතරම ඇසෙන, කියන අසුභ කතා පැත්තක තියලා, මේ උත්සව සමයෙ මට හිතුනා, ටිකක් හරි හිතට සැනසුමක්  ගේන දෙයක් කරන්න. අවාසනාවට බස්සොන්ට කලාත්මක හැකියාවක් නෑ. ඒ නිසා මට හිතුන, මම දැකපු, හිතට සැහැල්ලුවක් ගෙනාපු වීඩියෝ කීපයක්, ඔහෙලත් එක්ක බෙදාගන්න.

කතාකරන බල්ලෙක්: Foo....d, you are always on my mind

අම්මා:

සිංදු වලට කැමති මායා:

හා " meat " හොයාගෙන මෙතන්ට ආපු කස්ටියට මෙන්න මේක:

මගේ අතීසාර දමිල මිත්‍රයෙක් ටික කාලයක් අපිත් එක්ක හිටියා. උම්බලකඩවත් නොකන, භාජනවල කලින් මස් උයල තියනවා කියලා, කෑම කඩවලින් කෑම නොකන මෙයා, මාව බයිට් කරන්නෙ "ඈ බං, උඹ හරි මස් ගොයියා, නේද?" කියලයි. දවසක් මුන්දෑ "වෝක්" එකකට ගිය අල්ලපනල්ලෙ, හෝතම්බු ෆ්‍රීසර්  එකෙන් කුකුලා සින්ක් එකට දාලා, අයිස් දියවෙන්න. ගෙදර ආපු දමිල මිත්‍රයා මට කියනවා " කුකුල ඉන්නවා සින්ක් එකෙන් බෙල්ල එලියට දාගෙන" කියලා.

අපේ ගෙවල් ලඟම Costco එකක් තියනවා. තඩි රෝස් කුකුලා ගෙඩි සුපියල් 7.99 යි. ඒකව ගෙනැල්ලා ආයෙ හොඳට ලුණු-ඇඹුල් දාලා පොඟවලා අර ගැජමැටික් එකේ දාලා ස්කින් එක කරකරනවා. තව එකෙන්ම අල තීරු කිලෝ 2ක විතර පැකට් එකකුත් ගෙනාවා. තෙල් ඕනෙ නෑ. රාත්තල් කාලෙ hot-dog,
beefසහ Polish Sausage එකක් 1.50 ගානෙ ගේනවා. හෝතම්බු ඕකට කියන්නෙ"ඕං යනවා කිඹුලා කන්න" කියලයි. ඔන්න ඔහොමයි බීෆ්/පෝක් hot-dog අස්සෙ ගෙදර එන්නෙ, තනි කරම මස් කරල. ඇයි දෙයියනේ, නැත්නං කොහොමද , අසරණ මාංස බක්සක පක්සියාගෙ දොලදුක නිමෙන්නෙ? එක වංගියක් ඔහොම හොරෙන් පෝක් කුට්ටියක් ගෙනත් මාට්ටුවෙලා, "හා දෙයියො එව්ව බලා ගනීවි" කියලා හෝතම්බු කිව්වා. 

Is Ignorance really bliss?


කොච්චර නොබල ඉන්න හැදුවත්, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කොරෝනා පැණිය ගන්න ආපු ජන ගංගාව ගැන නිව්ස් එකක් බැලුනා. ආයෙ හිත හොඳටම පෑරුනා. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. ඒ වගේම  desperate වුනාම  rational විදිහට නොසිතන එකත් සාමාන්‍ය මිනිස් ගතියක්. ඕකට, එච්චරම පරාර්ථකාමී නැති, අපේ සමාජ මානසිකත්වයත් එකතු වුනාම, අර්බුදයකට හොඳ වට්ටෝරුවක්.

කොරෝනා පාලනය කරන්න බැරිවෙලා තියෙන්නෙ, අපේම නරක පුරුදු නිසා කියලයි කියන්නෙ. පැණිය ගන්න ආපු ජන ගංගාව හිටිය හැටි දැක්කාම, ඇති වෙච්ච හැඟීම සුභවාදී එකක් නම් නෙවෙයි. චීනෙ අල්ලපු වැටේ ඉඳලත්, කොරෝනා සාර්ථකව පාලනය කරගත්ත, හොංකොං වගේ රටවල් එහෙම කලේ කලින්ම ආරක්ෂක විධිවිධාන තරකරගත්ත නිසයි.

එතකොට ඔච්චර දියුණුයි, ක්‍රමානුකූලයි කියන බටහිර රටවලට වුනේ මොකක්ද? මේක ටිකක් සංකීර්ණයි. ආර්ථිකෙයි, ආරක්ෂාවයි බැලන්ස් කරනවා කියන එක "මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ වැඩක්. පෞද්ගලික මට්ටමෙන් ගත්තාම මේක තේරුම් ගන්න ලේසියි. දැන් ඔය කොරෝනා එක, එක අයට බලපාන්නෙ වෙනස් විදිහට කියනවනෙ? සමහරුන්ට බොහොම අසාධ්‍ය/ මාරාන්තික වෙනවා, අනෙක් අයට බොහොම මෘදු ලෙස හැදෙනවා, සමහරුන්ට හැදුනා කියල දන්නෙත් නෑ. දැන් ඔය කොරෝනා විරෝධී/පෙලපාලි යන කස්ටිය ඉන්නවා නෙව? මේ හැමෝම හිතන්නෙ, තමන් ඉන්නෙ අර මෘදු ලෙස හැදෙන ගොඩේ කියලයි. කාටද  අසාධ්‍ය වෙන්නෙ, කාටද  මෘදු ලෙස හැදෙන්නෙ කියලා කවුරුවත් කලින් දන්නෙ නෑ,හැබැයි මේ හැමෝම රෝගය පතුරවනවා. මම දැක්කා සමහරු මුලදි කියනවා, අයියෝ, ෆ්ලූ සීසන් එකට අච්චර-මෙච්චර මැරෙනවා කියල. ඔන්න දැන් සෞඛය බලධාරීන් කියන්නෙ, දැනටමත් ෆ්ලූ සීසන් එක වගේ දහ ගුණයක් මැරිල කියලා.


කොරෝනා ආවෙ ස්වාභාවිකවද, වලක්වන්න පුළුවන්කම තිබිලත් ලෝකෙටම ව්‍යාප්ත වෙන්න ඇරියද? මේ ව්‍යවසනය වෙළදාමක් විදිහට භාවිතාවෙනවද? මේ ප්‍රශ්ණ වලට අපිට කවදාවත් උත්තර  නොලැබෙන්න ඉඩ තියනවා. නිවුස් එකක් දැක්කා, රුසියාව කියල තියනවා වැක්සීන් එක ඩොලර් 9 වගේ  "සාධාරණ" මිලකට ලංකාවෙ ආණ්ඩුවට විතරක් දෙනවා කියලා, අනේ මන්දා?  Wiki Leaks අවශ්‍යතාවය, මට නං තදටම දැනෙනවා. Wiki Leaks වලට විස්තර දුන්නෙ, ඉහල තැන්වලම ඉන්න, හෘද සාක්ෂියක් ඇති මිනිස්සු, අද ඒ අයට ඒ ඉඩ ප්‍රස්ථාව නැති කරලා. සැබෑ "enemies of humanity" ඉන්නෙ එලියෙ කියල හිතෙන්නෙ මට විතරමද? They say "Karma is a bitch". In a true British way, let's say " Oh, f*** sake, there is no karma..

කියන විදිහට, අපට වැක්සීන් එක නොමිලේ ලැබෙන පාටයි. පැණිය කෙසේ වෙතත් වැක්සීන් එක ගැන පවා මගේ නං තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. වැක්සීන් කියන්නෙ බේතක් නෙමෙයි. ගැරන්ටී එකක් නෑ, ආරක්ෂාව සදාකාලික නෑ, කාල සීමාවක් තියනවා. ඒ ඔක්කොටම වඩා, ඕක ගහගත්ත අයට එන "false sense of security" , වඩා භයානක වෙන්න පුළුවනි. වැක්සීන් ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙතන තියනවා:


මට කියන්න තියෙන්නෙ, ආයෙත් JR කියපු දේම තමා " තමුන්නාන්සෙලාගේ ආරක්ෂාව තමුන්නාන්සෙලාම සලසා ගත යුතුයි".

හැමෝටම ප්‍රීතිමත් නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!

Tuesday, December 1, 2020

දෙවියනි! ඔබ කොහිද?

අපි මොන දේස දීපන්කරේ පදිංචියට ගියත්, අපේ සංස්කෘතික බැගේජ් අරං යනවා. ඉන්දියන් කාරයො අපිට එහා. රුසියන් තොප්පිය, ජපන් කෝට් එක එංගලාන්ත සපත්තු වුනාට " හදවත" ඉන්දියන් කියල කිව්වෙ රාජ් කපූර්. ඔන්න ඔය නිසා  ඉන්දියන්කාරයා යන තැන පොඩි දේවාලයක් අටවගෙන පුංචි ඉන්දියාවක් හදාගන්නවා(ඉන්දියන් විතරක් නෙමෙයි, අසල්වැසියො වෙච්ච අපි පවා).නෑ, නෑ  බස්සා ඔව්වට නෑ. කොහොමත් "හුඟක් individualistic සහ ටිකක් introvert" බස්සො මුකුත් හදන්නෙ නෑ. පරිසරට අනුගත වෙනවා   .ප්‍රාජේ තමයි කිව්වෙ.

ඉන්දියාවෙත් දෙයියො තිස් තුන් කෝටියම ඉන්නවා. ඒ වුනාට ලොක්කා ශිව දෙයියො. ගණ, විශ්ණු , සායි බාබා වගේ ජනප්‍රිය දෙවිවරුත්  ඉන්නව, තව කාලි, සරස්වතී වගේ ස්ත්‍රී දෙයියොත් ඉන්නවා. අවසේස දෙවිවරුන්ට ඇපෙත් නැතිවෙලා තියෙන්නෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. ඉන්දියාවෙ මිනිස්-දෙවි සම්බන්ධතාවය හරි අපූරුයි. ඔන්න  හින්දු බැතිමතා දේවාලෙට ගිහිල්ලා පඬුරු පුදලා, බිම පෙරලිල වැඳලා උවමනාව කියනවා. වැඩේ හරි ගියොත්, ආයෙ මොනවද දෙයියංගෙ කරේ රත්තරං, පූසාරිගෙ මල්ල කරේ.  

වැදගත්ම දේ තමා, පාර්ථනාව ඉටු නූනොත්  හින්දු බැතිමතා අනුගමනය කරන ක්‍රමය. යනවා දේවාලෙට. දෙයියට බැනගෙන, බැනගෙන යනවා පස්පඩංගුවේ. ඇඟිල්ල උලුක් කරල කියනවා, තව එක චෑන්ස් එකයි දෙන්නෙ කියලා. ඒකත් හරි නොගියොත් දේවාලෙ මාරු කරල, යනවා වෙන දෙයියෙක් ගාවට. මං හිතන්නෙ, ඉන්දියන්කාරයො අපට වඩා හොඳට දේව ගේම් එක තේරුං අරගෙන තියනවා.

මේ ලඟකදි  මං අපේ ගුජරාති මිත්‍රයා එක්ක ගිය සංවාදයක් මේක:

ගුජරාතියා: ඒ, බස්සො උඹ දෙයියො විස්වාස කරන්නෙ නෑ නේද?

බස්සා:  කොයි දෙයියද? ( මං මගේ සුපුරුදු ලිස්සන න්‍යාය අනුගමනය කලා)

ඌ නෙමෙයි ඇරියෙ, හාර හාරා එකම දේ අහනවා. මටත් මල පැන්නා.

බස්සා: හලෝ, සාර්ර්ර්ර්......කොරෝනා වසංගතයෙන්, තමන්ගෙ දේවාලෙ රැකගත්ත එක දෙයියෙක් මට පෙන්නපං. එතකොට විස්වාස කොරඤ්ඤං.

දැන් ඔහෙල හිතයි, බස්සාගෙ ඔරොප්පුව දේව සභාව එක්කය, එක සර්ව බළධාරී දෙයියෙක් දුන්න නං උන්දෑ සරෙන්ඩර් කියලා, ඒ ඔහෙලට වැරදිලා. ලෝකයේ  විතරක් නෙමෙයි, අපේ රටෙත් ඔය ආගමික,දේව විස්වාසය පාවිච්චි වෙන්නෙ දේශපාලන බලය රැකගන්න තියෙන ආයුධයක් ලෙසයි.

කෝ දැන් බෙලි කපන අයිසිස්? කොරෝනා නිසා ගුහාගත වෙලාද? නෑ "ස්පොන්සර්ලගෙන්" ෆන්ඩ්ස් එන්නෙ නෑ. කොහොමත් දැන් මොසාඩ්(සාතංගෙ පුත්තු), ඩුබායි, සවුදි ගිය නිසා වැඩේ අනාතවෙලා තියෙන්නෙ.

මම අදේවවාදී වුනාට දේව විරෝධී නෑ. ඇත්තට මම කැමතියි දෙයියො ඉන්නවට. මිනිස්සුන්ට දේව සංකල්පය නැතුව බෑ. සමස්ථයක් වශයෙන්, ආගම් වලින් කෙරෙන්නෙ මානුෂික ජීවන රටාවකට මිනිසුන් හික්මීම. අවුල කරන්නෙ දෙයියගෙ නියෝජිතයො. 
ඔය ජර්මනිය දෙකට බෙදලා, සමාජ පර්‍යේෂණයක් කලා නෙව.. සම්ප්‍රධායික දෙයියො එලෙව්වහම, අලුත් දෙවිවරු  පහල වුනා. කාල් මාක්ස් දෙයියො, මාඕ සේතුං දෙයියො වගේ අය. දාස් කැපිටාල් බයිබලය වුනා. හරි ගියේම නෑ. 

කැමති දෙයියෙක් ඇදහුවාට කාරියක් නෑ. හැබැයි මගෙ දෙයියා, බොගෙ දෙයියට වඩා ලොකුයි කියන්නවත්, දෙයියන් වෙනුවෙන් මිනී මරන්න යන්නෙ නැත්නම්.

පෘතුවියේ පිහිටීම, පැවැත්ම, පරිසරය, ජීවය ගහකොළ මේ හැමදෙයක්ම එක්තරා ප්‍රාතිහාර්‍යයක් (දෙයියො නැතුවත්). Goldilocks Zone එකෙන් පොඩ්ඩක් එහාමෙහා වුනා නං බබිත් සුං, බබීගෙ දෙයියත් සුං. මට හිතෙන්නෙ මිනිස්සුන්ට  මේ සංකීර්ණ, සූක්ෂම සමතුලිතතාවය තේරුංගන්න, විසඳන්න ඕනෙ. එබුව  සර්ව බළධාරී දෙයියෙක් සමීකරණයට, වැඩේ ගොඩ.

මම සිම්පල් බස්සෙක්. ඒ නිසා මට ඔය සූත්තරේ විසඳන්න  කිසිම අදහසක් නෑ. මේ දේව විස්වාස ගැන බකුසු මතය ටිකක් කිට්ටුවෙන් යන්නෙ ජපන් ෂින්ටෝ ඇදහීමේ "Kami" කියන සංකල්පයත් එක්ක. Wikipedia වල Kami අර්ථකතනය වැරදියි. Kami කියන්නෙ දෙයියො නෙමෙයි "පූජනීය" වගේ දෙයක්,  ජලය, හුළඟ,  පරිසරය ඔක්කොම Kami- පූජනීයයි. පාවිච්චි කරන්නෙ බොහොම ගරු-සරු ඇතුව. විශ්වයේ රහස් අපට තාම බොහොම දුරයි. එතකං උලාකන්නෙ නැතුව, තියෙන ලබ්බ රැකගනිල්ලා.

එහෙම නැතුව උඩ ඉඳන්,  අපි දෙන දාන-මාන, පඬුරු වල වටිනාකම බලල, මිනිස්සුන් ගෙ ප්‍රාර්ථනා ඉෂ්ථ කරල දෙන, දෙයියො ගැන මගේ එච්චර විස්වාසයක් නෑ. ආගමික නායකයො, රාජ්‍ය නායකයො මේ බොරුව දන්නවා. මං හිතෙන්නෙ කොරෝනා, ශුද්ධ වූ ජලයෙන් හෝදන්න ගිය, එක්කෙනෙක් සුවර්ගස්ත වුනාද, කොහෙද?

මාත් දෙයියො නිසා දුක් විඳින බස්සෙක්. හෝතම්බු  හතරවටේම දෙයියොන්ට පහන් තියනවා. ගෙදරට බීෆ්, පෝක් ගේන්නෙ නෑ. කාටද දුක? ඒත් මම සාධාරණ බස්සෙක් නිසා දුක ඉවසගෙන ඉන්නවා.  හැබෑටම ඌරා කොයි දෙයියගෙ වාහනේද? අනික කතරගමත් "චිකන්" තියනවා නේද?

දැන් මම මේක කිව්වා කියල ඔහෙලා දේව විස්වාසෙ ගැන වෙනස් කෝණයකින් බලාවිද? මොන පිස්සුද?  මිනිස්සු තමන්ගෙ විස්වාස එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක අනන්‍යතාවය ගැන ප්‍රශ්ණයක්. ඇදහිලි, විස්වාස "මම" කියන සංකල්පයෙ එක කොටසක්. ඒ නිසා දෙයියා විවේවනය කලාම ,හෙලවෙන්නෙ අපේම බවුන්ඩේසම. මරාගෙන මැරෙනව යකෝ, කියන්න තරං කේන්තියක් එන්නෙ ඒකයි. හොඳ වෙලාවට ප්‍රංසෙ නොහිටියෙ, නැත්නම් මෙලාහටත් බෙල්ල නෑ. Achmed The Dead Terrorist මැලේසියාවෙ තහනං කලා. අපි එහෙම නෑ කිව්වා? හරි එහෙනං අපි පොඩි අත්හදාබැලීමක් කරමුකො. 

දැන් ලංකාවෙ ජාතික මාංශය "චිකන්" කියල  දවසක් පැරා කිව්වා. එතකොට ඔහෙල ගන්නෙත් ප්‍රොසෙස් කරල, පැක් කරපු චිකන් නෙව? අර හාල් හෝදන්න එපා කියපු ගොබිලව මතකයි නෙව? විස්වාස කොරා..න්ට, උන්දෑ කියනව නෙව, චිකනුත් හෝදන්න එපා කියල. නෑ, නෑ පස්ස ගැන නං මුකුත් කිව්වෙ නෑ.

ඇහුව, ඇහුවා, එයැයිට පයිත්තියං නෑලු. හෝදලා ඔක්කොම බැක්ටීරියා මරන්න බෑලු, තම්බලා මිසක්. අපි කරන්නෙ, හෝදනවයි කියලා සින්ක් එකෙයි, අපේ ඇඳුම් වලයි, කුස්සියෙ හතර වටේ බැක්ටීරියා වපුරන එකලු. ඔන්න තියනවා වීඩියෝව. 

ඉතුරු හරිය, මං හොම්බට ඇනල කියන්නෙ ඕනෙ නෑනෙ? ඔන්න පහල තියෙනවා කමෙන්ට්. හා, දැන් ලියපල්ලා නිදහසට කාරණා.

පසු සටහන: මුල් යුගයේ සිංහල බෞද්ධයා දේවාල ගානෙ ගියේ නෑ. සිංහල රජවරුන්ගෙ ඉන්දියන් බිසෝවරුයි, පසුව වඩිග රාජ පරපුර හරහා තමයි, ඉන්දියන් දෙවිවරු ලංකාවට ආවයි කියන්නෙ. ඊට පස්සෙ දෙවිවරු පන්සල් වලට රිංගලා පදිංචි වුනා. කොහොමත්, සිතූපැතූ සම්පත් ලාබෙට එසැණින් දෙන, පොඩි ගාණකට අල්ලපු ගෙදර එකාව මකවන දේව සංකල්පය මාකට් කරන්න ලේසියි නෙව?



Saturday, November 28, 2020

පාරාදීසයේ බස්සා,ඔටුවා සහ කාන්තාරයේ කහවනු


පරාදීස වල ඔටුවො නෑ. කාන්තාරවල බස්සො නෑ. සල්ලිකාර ඔටුවො රාමසාන් කාළෙට පරාදීසවලට යනවා, ආතල් ගන්න.  එතකොට පරාදීස වල බස්සො කාන්තර වලට යන්නෙ ඇයි? ඔහෙල හිතන්නෙ, රට ඉඳි කන්න කියලද? නෑ . සල්ලි හොයන්න. 

කොහොමත් මං පෞද්ගලිකව, ඔටුවන්ටත් , ඔටු නීතියටත් කැමතිම නෑ.  ඇයි කියල ඇහැව්වා? මං පොඩි උදාහරණයක්  දෙන්නම්: ඔටුවෙක්, බවලතෙකුට බලහත්කාරකමක් කලොත්, ඔටු නීතියට අනුව වැරදි කාරය බවලතා. බවලතා ඔටුවව කුලප්පු කරල තියෙනවා. ඔටු නීතියට අනුව, ඔටුවා සහජයෙන්ම උපාසක සතෙක්. එහෙම නෑ කියල ඔප්පු කරන්න නං, ඔටුව අහවල් වැඩේ කරන කොට වටවෙලා බලාගෙන හිටිය, තව ඔටුවො හතර දෙනෙක් කියන්න ඕනා, වැරැද්ද ඔටුවගෙ කියලා. කොහොමද සාධාරණේ? කොටින්ම, ඒ කියන්නෙ , අපිට කියල ඇරෝ ගන්න, උඹ මෙහෙ ආවෙ ඇයි කියලයි. බවලත්තු රිපෝට් කරල තියනවා. කැකිල්ලෙ ඔටු නීතියට අනුව, ඔටුව එලියෙ, බවලතා කූඩුවෙ. ආන්න ඒ වගේ සාධාරණ, කිරෙන් පෙරාපු සත්තු ජාතියක් තමා ඔය ඔටුවො. දැන් ඔහෙල අහවි මට ඔටුවො එක්ක ඇරියස් තියනවද කියල? ඔව් තියනවා,  පොදුවෙ හැම ඔටුවටම එහෙම කියන එක "stereotype" සහ "politically correct" නෑ නේද? සෙද්ද, උන්ට කරන්න හොඳයි, මට කියන්න හොඳ නෑ? මම දැක්ක දේ මං කිව්වා, ඇයි අවුල්ද?

අනන්තවත් තුන්වල ලෝකෙ සත්තු එහෙ යනවා. ඇරෝ ගන්න නෙමෙයි වාහෙ, මසුරං හොයන්න. එහෙම හොයන මසුරං, ප්‍රධාන ආදායම වෙච්ච රටවල් පවා, තියනවා කියල අහල තියනවා.

හා, මොලේ කචල්වෙන ඔටු නීතිය  පැත්තක තියලා, ආපු කාරණාවට බහිමුකො.ටිකාක් දිගයි, පුළුවන් කමක් තියනවා නං මේක බලන්න:

ඔහු කියන ඔක්කොම දේ සමඟ එකඟ නූනත්, වැඩි හරියක් හරියි කියල හිතෙනවා. මේකෙ ඩුබායි, සහ බටහිර රටවල් ගැන කතාවෙන නිසා, අදාලයි කියල හිතුනා, මාත් අවුරුදු ගාණක් ඔය කාන්තාරෙ කට්ට කෑව නිසා.

ඩුබායි කියන්නෙ වෙළඳ මධ්‍යස්ථානයක් කිව්වට, වඩා ප්‍රසිද්ධ කළු සල්ලි සුදු කරල දෙන ලොන්ඩරියක් කියලයි. ලෝකෙම ඉන්න හොරුන්ට නං පාරාදීසයක්. දැන් නම්, ඩුබායි, එමිරේට්ස් දිගට හරහට කස්ටියව සේවයෙන් පහ කරනවා. ඒක නරකයි කියල හිතෙනවා නං , ඔය වීඩියෝ එකේ ඉන්න හාදයගෙ  ජීවිත කතාව බලමුකො: උන්දෑ  දෙමව්පියො එක්ක ඩුබායි ඇවිත් තියෙන්නෙ අවු: 2 දි. ඒ කියන්නෙ ඉස්කෝලෙ, යාළුවො, සමාජෙ ඔක්කොම ඩුබායි. හිටපු ටිකේ හොඳට කාලා, බීලා පාටි දාලා, ජීවිතේ හොඳට වින්දා කියන්නෙ. අවුලක් නෑ, ඒක එයාගෙ ජීවිතේ, තීරණයත් එයාගෙ.

බස්සාත් ඩුබායි ගියා. ඒත් කව්දෝ මුලදිම කිව්ව " මේක ගමනාන්තය නොව ට්‍රාන්සිට් එකක් විතරක් කියල හිතන්න" අවවාදය, නොමැකෙන ලෙස මගේ හිතේ කෙටුනා. කෑව, බීවා වුනාට වීඩියෝවෙ හාදයාට තරම් ජීවිතේ හොඳට වින්දා කියල නං කියන්න බෑ.

මේ ජීවන රටා  දෙකෙන් කොයිකද හරි කියන්න බෑ. දෙකම සාපේක්ෂයි. හැබැයි, එකක් කිව්වෑකි. අපේ ජීවිතේ "ලයිෆ් චොයිස්" කියන එව්වා එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂ බව. 

බස්සාත් සෑහෙනෙ කාලෙකට ඉහත එහෙම "ලයිෆ් චොයිස්" එකක් ගත්තා. කාන්තාරෙන්, නත්තල් පප්පගෙ සාවියට කරණමක් ගැහැව්වා. මුලදි නං ලේසි වුනේ නෑ. සීත ඉර්තු ගාණක් ගෙවිල ගියා. ඒත්, ඌත් ඇරියෙ නෑ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම හිටියා. කාළයක් යනකොට, අපි පරිසරයට හැඩ ගැහෙනවා. තව ඉතින් , හිම කුණාටුවල වාහන එලවන හැටි වගේ, දේවල් එහෙම පුරුදු වෙනවා. මොකෑ නැත්තෙ? ඇන්නා ස්වාමීනි ඇන්නා, දෙපාරක්ම පස්සෙන් ඇවිත් ඇන්නා.

දැන් බලමුකො වීඩියෝ එකේ ඉන්න හාදය ගැන. එයා ඔහොම ජොලියෙ ඉන්න කොට, එක්තරා සුන්දර දවසක ආර්ථික අවපාතෙ වගේ අවුලක් ආවා. අර අතුරු මිතුරු දඹදිවතුරු ඔටුවො සැට් එක මෙහෙම කිව්වා" මේ හලෝ. ඔයා අපි වගේ හිටියට ඔටුවෙක් නෙමෙයිනෙ, ඒ නිසා දැන් යන්න". හුටා නේද? කොහෙද යන්නෙ? තමන් නොදන්න, තමාව නොදන්න උපන් රටට? ම්හු... එයා දැනට ඉන්නෙ තායිලන්තෙ.

දැන් ඔහෙල හිතයි, බස්සා දස්ස පක්සියා, වැරදි ""ලයිෆ් චොයිසස්" අරගෙනම නෑ , කියලා. මොකෑ නැත්තෙ? ඒත් බකුසු මාපකයට අනුව වුනත්, වීඩියෝ එකේ හාදයගෙ අවස්ථාව ඛෙදනීයයි. එහෙම දොට්ට දාන තුරු හිටියොත්, තමන්ට "ලයිෆ් චොයිස්" එකක් ගන්න තියෙනෙ අවස්ථාව නැති වෙනවා. 

" තෝ බස්සා. එහෙනං හිටු බස්සෙක් විදිහට, පාත්තයෙක් වෙන්නෙ යන්නෙ නැතුව". මේ බකුසු පරපුරේ ආප්තෝදේශය. වීඩියෝවෙ කියනවනෙ, පඩියෙන් 60% වත් ඉතුරු කරන්න කියලා. හහ්, උන්දැ නං කියයි?

ඔහෙලට කියන්න, අම්මා මුත්තා කිව්වත් , තමන් ගෙ සරල ජීවිත රටාව අත්හරින්නෙ නැති,  කාටවත් හානියක් නැති මං වගේ පක්සියෙකුට රට්ටු කියන කතා? " මොකක්ද බං ඔය ජීවිතේ", " හපෝයි, ඕකට කියන්නෙ පූරුවෙ පව, විඳිනව නෙමෙයි විඳෝනව කියලා" . ඕන්න ඔය වගේ එව්වා. කව්ද කියන්නෙ? එදා වේල ටුවර්ස් දිව්වත්,  ණය වෙලා හරි, පාටි දාන හෝතම්ඹුවා. අපි සැලුනද, පිංවතුනි, නෑ? ඒකත් තව බකුසු "ලයිෆ් චොයිස්" එකක්. කාටවත් ණය නැති, ආර්ථික නිදහස. මම අහල තියනවා ආර්ථික නිදහස ලබාගන්න නං මිලියන් අච්චර ඕනෙ වගේ කතා. මොන බොරුද? අවශ්‍ය සරල ජීවන රටාවයි, දැන් ඔය ඇති කියල "අත්හැරීමයි" විතරයි.

මේ ලිපියේ අරමුණ, ඩුබායි වලට මඩ ගැසීමවත්, බටහිර රටවලට සුදු හුණු ගෑමවත් නෙමෙයි.ජීවිතේ කියන්නෙ එක්තරා ආකාරයක, සූදුවක් බව කියා දීමයි. 
ජීවිතේ ජය ගැනිල්ල කොහොම වෙතත් ජාම බේරගෙන හිටියොත්, මට නං හොඳටෝම ඇති.  ඒකට ඉන්න තැන ගේම් එක දැණගෙන ඒ අනුව ප්ලේ කරන්න ඕනෙ, බුදු බණේ ඕකට කිව්වෙ "මැදුම් පිළිවෙත" කියලයි. කෙනී රොජර්ස් නං කිව්වෙ "The Gambler" කියලයි. නෑ, නෑ එයා කිව්වෙ බණ නෙමෙයි, සිංදු:

You got to know when to hold 'em,
Know when to fold 'em,
Know when to walk away,
And know when to run.
You never count your money
When you're sittin' at the table.
There'll be time enough for countin'
When the deal is done.


Tuesday, November 24, 2020

ආර්ථික විජ්ජාව, ධනවාදය,සමාජවාදී විකල්පය සහ දර්ශණය


අහල තියන විදිහට, ලංකාවට නිදහස ලැබෙන කොට, ලංකාව ලෝකෙට ණය වෙලා තිබුනෙ නෑලු.  

එතකොට සුද්ද ගල විදල උඩරටට පාර කපල, තාරත් දාල තිබුණලු. එතකොට තව, රේල් පාරවල් හදලා, අඟුරු කෝච්චිත් තිබුණලු. කොළඹ ගෑස් වීදී ලාම්පු තිබ්බලු.

 තව ඉතිං  ට්‍රෑම් කාරුත් තිබ්බලු, ඒක නං කිව්වෙ මනප්පුවා. කොලොම් පුරේ ශ්‍රියා දැකපු, සිංගප්පූරු නායකයා කිව්වලු, සිංගප්පූරුව ලංකාවෙ තත්ත්වයට ගේනව කියලා. උන්දැගෙ වාසනාවටද කොහෙද පස්සෙ ඒ අදහස වෙනස් කරගෙන තියනවා, මෙන්න මේ සිංදුව අහලා

හඳ මාමා උඩින් යතේ...අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමා උඩින් යතේ  ඒඒ...... අපෙ මාමා බිමින් යතේ....  ඒඒ.....

අපෙ මාමා ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැනමයි හිතුවේ..

බිමින් කොහොම වෙතත්,  සමහරු  කියන්නෙ අපි යන්නෙ හොම්බෙන් කියලයි. තව රිම් එකෙන් යනවා කියලත් කියනවා,  ඇයි ඒ කියල ඇහුවාම මෙන්න මෙහෙම කියනවා

1. අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන

2. සුද්දගෙ වැරැද්ද - ගියේ කලු සුද්දන්ට රට බාර දීලා

3. මහජනයාගෙ දූපත්/වහල් මානසිකත්ත්වය

ඔන්න ඔය වගේ මහ බරසාර වචන දාලා,තණමල්විල කොල්ලොංගෙ යටිබඩ කොරවෙන ටෝක් දෙනවා. ඔහෙලට කොහොම වෙතත්, මට නං ඔය මෙලෝ අල බෝලයක්වත් තේරෙන්නෙ නෑ . හොඳ වෙලාවට, පැරණි වමේ, තුන් හවුල් ආණ්ඩුව, අපිට පොඩ්ඩක් විතර  "සමාජවාදී විකල්පය" රසවිඳින්න, අවස්ථාව දීලා තිබුණ. මිනිස්සු බත් කන්න ඕනෙ දවස් මොනවද, අඳින්න ඕනෙ මොන භූමිතෙල් රෙද්දද කියන එක, තීරණය කලේ ආණ්ඩුව තීරණය කරන එක, කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. හාල් පොලු, මිරිස් පොලු  පාරෙ තිබුනා, හාල්, පරිප්පු, උඹලකඩ ගෝනි පිටින් සමූපකාර මැනේජර්ගෙ ගෙදර තිබුනා. 

නවසිය හැත්තෑ හතේ සිට අපි ආර්ථිකේ විවුර්ත කලා.  වරක්  නිදහස රස බලපු මිනිස්සුගෙන් ඒක ආයෙ ගැනීම, දේශපාලන සියදිවි නසා ගැනීමක් වන බව, වමේ පක්ෂ පවා තේරුං අරං, සිංදුව මාරු කලා. පස්සෙ ඔය වමේ, දකුණෙ පක්ෂවල වෙනස හොයාගන්නත් අමාරු තරම මැකිල ගිහින්, එව්වා නිකම්ම දේශපානික වෙළඳ ව්‍යාපාර බවට පත්වුනා. නොවෙච්ච එකම දේ, රටට අවශ්‍ය නායකත්වය, මඟපෙන්නීම නොලැබීමයි.එයාලත් "ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා  හිටියා",  චන්දදායකයො වෙච්ච අපිත්"ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා හිටියා. අපිත් "ශෂ්‍ය මාරු " ක්‍රමේට අපේ මනාපය දුන්නා, රට එතනමයි. සිංගප්පූරු මාමා උඩින් ගියා...අපෙ මාමා බිමින් ගියා. ඉතිරිය , ඉතිහාසගතයි....

හා, ඒ නොදන්න දේශපාලනෙන් , මේ ඔහෙල අපි වගේ හුදී ජනයාට වැඩක් නෑ  කියල බෑ නෙව? අපි කැමති වුනත්, අකමැති වුනත් මේ දේශපාලන විජ්ජාවෙන් අපට ගැලවුමක් නෑ. ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෑ.ඒත් කරුමෙ කියන්නෙ, මේ උලව්ව තේරෙන්නෙ නෑ නෙව? ආන්න එතකොට, අපිට විජ්ජාව පෙන්නන කස්ටිය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අවුරුදු හැත්තෑ පහක්ම අපි " ඔහෙ කකුල් වන,වනා එදා දවස ගැන හිත, හිතා" හිටියා නෙව? 

සමහර විට හේතුව ඔය එකක්වත් නොවෙන්නත් පුළුවන්. නැත්නම් අඩු-වැඩි වශයෙන් ඔය ඔක්කොගෙම සම-මිශ්‍රණයක් වෙන්නත් පුළුවනි. වැඩි වශයෙන් වැරැද්ද, දේශපාලකයාගෙ නොවී, චන්දදායකයාගෙ වෙන්නත් පුළුවන්. කෙලින්ම කියනව නං, අපේ කල්කිරියාව, සමාජ සම්මත, සමාජ ආකල්ප මේ එකතැන පල්වීමට හේතුවුනා වෙන්නත් පුළුවන්.

මට මේ වගේ මෝඩ හිතුවිල්ලක් පහල වුනේ. අපේ හිටපු රජා, මොකක්ද කොමිසමකට දීපු සාක්කියක් දැකලා. 

චෝදනාව : කොච්චිකඩේ පල්ලියෙ බෝම්බ සිද්ධියට සම්බන්ධ සහරාංගෙ ගෝලයොන්ට ජනපති සමාව දුන්නද? 

උත්තරය : මට මතක නෑ, සමහරවිට දෙන්න ඇති

ඇයි, කියවල බලල නෙමෙයිද, අත්සන් කරන්නෙ?

මඟුලක් කියනවා. දවසට සීයක්, හමාරක් අත්සන් ගහන්න තියෙනකොට, කොහෙ කියවන්නද? සහායක ඇඟිල්ල තියල පෙන්නවා, මං අත්සන ගහනවා.  මේක වගකීම ගන්න ඕනෙ ජ'පති කාර්‍ය සාධක මණ්ඩලයෙ ලේඛම්ල.

දැන් බලාන්ට, සුද්ද යනකොට අපිට අධ්‍යාපන ක්‍රමයක් දීලා. පාසැල් හදලා , විශ්ව විද්දියාල හදලා දීලා ගියා. අපි කොළඹට කිරි, ගමට කැකිරි ක්‍රමේ හදාගත්තා. මෙරිට් ක්‍රමේට විශ්ව විද්‍යාල වලට ගිය සොච්චම, එහේදි "නිදහස් අද්දියාපනයට අත නොතබනු" කියල දේශපාලනය කලා. උපාධියෙන් පස්සෙ " අපිට රැකියා දියව්" කියලා පිකටිං කලා. පෞද්ගලික අංසය එයාලට කැමති වුනේ නෑ. මේ අය ඉල්ලුවෙ, රජයේ රැකියා. ඒසී රූම් එක, මේසය මත සිංහ කොඩිය සහ තේ එක, සහ දිනපතා පුවත් පත, පැත්තකින් කොම්පීටරය. පත්තරේ බලල , තේ බීලා, කවුරුහරි ගේන ෆයිල්  එකේ ඇඟිල්ල තිබ්බාම , අත්සන ගහන රස්සාවක්. මට හිතෙන්නෙ, අපේ සමාජය පුරාම ඔඩු දුවපු පිලිකාවක් තියනවා. එහෙම නෑ. කියල හිතනතාක් කල්, අපිට අබ සරණම තමා.

මේ ඉන්ටනෙට් යුගයේ, මේ බරසාර මාත්තුරුකා , කාටත් තේරෙන බාසාවෙන් තේරුං ගන්න හදපු අහිංසක වෑයමක් මේක. දැන් එතකොට අපේ ප්‍රශ්නවලට උත්තර මෙතන තියනවද? මඟුලක් අහනවා? තප්පර හැටෙන් එහෙම උත්තර දෙන්න ඇහැකි නං, පුත්තලමේද ගෝවා වැවිය හැකිය. ආ, එහෙම කිව්වට පුත්තලමෙ ග්‍රීන් හවුස්වල ගෝවා වවන්න පුළුවන් කියන්නෙ. මගේ පොයින්ට් එක, කාමරේ අලියව දැකලා, නොදැක්කා වගේ ඉන්න එපා කියන එකයි. සමාජ ආකල්ප වෙනස් කරන එක ලේසිපාසු වැඩක් නෙමෙයි. ඒත් නොකල හැකි දෙයකුත් නෙමෙයි. ඒ සඳහා යම් මිලක් ගෙවන්න වේවි. එයින් කොටසක් තමා, දැණුම.





Friday, November 6, 2020

ව්‍යාකූල සහ නොසේදූ හාලේ බත

 Paranoid කියන වචනෙ ගූගල් ට්‍රන්ස්ලේට් කරන්නෙ"ව්‍යාකූල" කියලයි. දැන් අපි ආයෙ "ව්‍යාකූල" ගූගල් ට්‍රන්ස්ලේට් කලොත්, මේං ඒ වංගියෙ උන්දෑ කියනවා ඒක "Confused" ලු!

හරි, හරි ලිතියම් බැස්ටි වලට, වෙබ් සයිට් වලට පවා බයවෙන බස්සෙක් Paranoid කියල ඔහෙල කියාවි.   ඔය අපේ හෝතම්බු ගොබිල ඉන්නව නේද? උන්දෑ ලංකාවෙදි, වට්ටක්කා ගෙඩියක් වරුගාණක්, පොල් මුඩ්ඩකින් මැද, මැද හේදුවාලු. මට ඒ කතාව පිලිගන්න හේතු තියනවා. මම ප්‍රතිපත්තියක් ලෙස හාල් උණුවතුරෙන් හෝදන්නෙ නෑ. තද සීතකාලෙ හාල් හෝදන කොට දෙපාර පැන්න ගමන් අත, ගල්ටික් වෙනවා, හීතලට. මං කරන්නෙ, තුන්වෙනිපාර හෝදන්නෙ ප්ලාස්ටි හැන්දෙන්. ඕකට මේකා මට හිනාවෙනවා. දැන් එතකොට Paranoid මමද? හෝතම්බුවද?ඉතිං, ඔය සීතකාලෙ ඇල්වතුරින් හාල් සේදීම පිළිබඳ ව්‍යාකූල තත්ත්වය තියෙන අල්ල පනල්ලෙ,මොකක්දෝ ඇනිමෙ එකක් දැක්කා, හාල් තුන් වතාවකට වඩා හෝදන්න එපා කියනවා. ජැපනීස් ඇනිමෙ කියන්නෙ. සූපශාස්ත්‍ර උපදෙස් ගන්න හොඳම තැන නූනත්, ඕකත් මයෙ හිතේ තිබ්බා.

ඕං ඔහොම ඉන්න කොට තමා, මේ හාදයව මුණගැහුනෙ. උන්දැ කිව්වා නෙව, මහ පුදුම කතාවක්!. මගෙන් ඇහුවා, ගන්නෙ "වැකුම් සීල්" කරපු හාල්ද කියලා? මම "ඔව්" කිව්වාම උන්දෑ අහපි " එහෙනං මොකටද වාහෙ හෝදන්නෙ" කියලා. විස්වාස කරාන්ට, මටත් ඔහෙලට හිතුන දේම හිතුනා. මං ටිකක් අදිමදි කලාම, මේකා ඇහුවෙ නැතෑ " ඇයි ඔහෙලා පාන් පිටිත් හෝදලද ගන්නෙ" කියලා? පස්සෙ මෙයා, නවීන හාල් නිශ්පාදන ක්‍රියාවලිය, සේදීමට/නොසේදීමට හේතු, සහල් විශේෂග්ඥ මතයත් එක්ක පෙන්නුවාම, මට පිලිගන්නම වුනා.

බොහොම කාලෙකට ඉස්සර, මගෙ දමිල යාළුවෙක් බතක් ඉව්වා. හාල් හෝදලා, කබලෙ ටිකක් වේලලා, තෙල් ටිකක් දාලා හාල් බැද්දා. ඊට පස්සෙ ඉව්වා. හොඳ රසයි, මොකක්දෝ දෙමල නමක් කිව්වා. බලාගෙන ගියාම ඒ කාල තියෙන්නෙ පයේයා (Paella -pronounce " pai·ei·uh")නැත්නම් රිසෝටෝ නෙව. හරියට හදන ක්‍රමේ වීඩියෝවෙ තියනවා:

හරි, හරි මං දන්නව. හෝතම්බුට පොල් ලෙල්ල අතාරින්න අමාරුයි, මට මගේ අල්පේච්ච ජීවන රටාව අතාරින්න අමාරුයි වගේ ඔහෙලට හාල් සේදීම අතාරින්න අමාරු ඇති. ඒත් මං එයින් එකදෙයක් ඉගෙන ගත්තා. ජීවිත කාලෙම බතුයි, පරිප්පුයි කාපු මම හාල් ගැන දැණන් හිටියෙ කොච්චර ටිකද කියලා? එතකොට පරිප්පු,,,,,,, නෑ, එයා පරිප්පු ගැන කිව්වෙම නෑ. කොහොමත් දැනට හාල් විතරක් ඇති. හැබැයි ගොයියෝ, හෝතම්බුට මාට්ටු උනොත්, ඌ මාව නෑඹිලියෙ  උලලා හෝදනවා.

නෑඹිලියක් නැතුව, කුරුඳු ලිහිණියෙක්ට කියා, හාල් ගරවා ගැනීමට සැරසෙන විදේශිකයක්:

අනුග්‍රහය https://drackey.blogspot.com/2020/10/blog-post.html
                                      හහ්! ගහපං බලන්න? තොගෙ ආච්චිට හාල් ගරන්න.
                                                                ( අනුග්‍රහය:https://drackey.blogspot.com/2020/10/blog-post.html)

බොහෝ කාලෙකට ඉස්සර, චයිනීස් ඩ්‍රැගන් කැෆේ යන පුරුද්දක් තිබුණා. ගියොත්, නොවැරදීම ඕඩර් කරපු දෙයක් තමා "චයිනීස් ඩ්‍රැගන් ස්පෙෂල් රයිස්" . කිරි රහට , තෙතට තිබුණ මේ බතේ තිබුනෙ පුදුම රහක්.දැන් හිතෙනවා ඒ බතත් උඩ කැටගරියට වැටෙන්න ඉඩ තියෙන බව.

එච්චරම දෙයක් නැතුව ඇති, ඒත් පහුගිය පෝස්ට් එකේ වෙළඳ දැන්වීමක් දාලා කල වංචාව මගෑරෙන්න, හරිහමන් පෝස්ට් එකක් ලියන්න හදන අහිංසක පක්සියාට, පොඩි චෑන්ස් එකක් දෙන්න, ඈ?


Tuesday, October 27, 2020

බස්සා, ටොරන්ට් සහ Seedr

මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම  නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?

හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.මම "එක මකුනයි ලමයෝ...." ආදර්ශ පාඨය අගේ කරන බස්සෙක්. ඒක අනුව මේ කප්පාදුව, මූලික බකුසු අයිතිය උල්ලංගනය කිරීමක්. එහෙමයි කියලා , මං වගේ අසරණ පක්සියෙකුට පුළුවනෑ , ජිනීවා යන්න?

ඒත් එහෙමයි කියල නිකං ඉඳලා බෑ නෙව? මං තීරණය කලා මේ අසාධාරණයට විරුද්ධ  වෙන්න. මෙන්න මෙහෙම Cloud Service එකක් පාවිච්චි කරලා.

ලංකාවෙ ගොබිලොන්ට ටොරන්ට් ගැන කියන්න යෑම, මාළුන්ට පීනන්න උගන්නන්න යනවා වගේ වැඩක් බව දන්නවා. ඒත් ලංකාවෙ  ටොරන්ට් වලට තහනමක් නැතුව ඇතැයි උපකල්පනය කලොත්,  මම පාවිච්චි කරන Cloud Service  ගැනත්, එව්වයෙ ඇති වාසි ගැනත් නොදැන ඉන්න ඉඩ තියනවා.

මෙන්න හොයා ගත්ත කරුණු:

1. මං දන්න හොඳම Free Cloud Service එක තමා Seedr

2. හොඳයි කිව්වෙ මේ නිසා: No nonsense policy, 2GB free space.

3. බොහෝ විට files වරු ගාණක් නැතුව, ඉතාමත් ඉක්මනින් බාගත කරගැනීමට ඇති හැකියාව. 

4.GB  2 ක් මුලදි ඇති කියලා හිතුනත්, මේ ප්‍රමාණය නොමිලේ වැඩි කරගන්න ක්‍රම තියනවා. ඒ එක ක්‍රමයක් තමා Seedr ගැන මේ වගේ Blog Post එකක් ලියන එක. අනිත් ක්‍රම තමා, පහල තියෙන Link එක පාවිච්චි කරලා register වෙන එක. එතකොට register වෙන ඔහෙලට 2.5 GB ත් , මට තව 0.5 GB නොමිලේ ලැබෙනවා.

මෙන්න Link එක:

https://www.seedr.cc/?r=3523406

ඉතිං ඊට පස්සෙ, ඔහෙලත් Seedr ගැන Blog Post එකක් හරි Tweeter Post එකක් හරි ලියනවා. එතකොට " පුතේ, උඹේ කටෙත් පස්. මයේ කටත් පස්"

Seedr බයිට් ගෙවන පොරොන්දුව මත පලකල වෙළඳ දැන්වීමකි -

Saturday, October 10, 2020

පඹගාලේ නරියා, Chaos theory සහ "අවුල්" සහගත ඇනිමේ

පඹගාලේ නරියා

 ඔහෙලට මතකද මන්දා අර රජවෙච්ච නරියා? ඔව්,ඔව් සැටලයිට් නෝන  නිල් බාල්දියට තල්ලු කරලා රජ කෙරෙව්වෙ, ආ හරි ආන්න එයා තමා. ඕං විස්වාස කොරාන්.....ට, මට එයාව මේ ලඟකදි  හම්බවුනා නෙව?

ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට. 

මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.

බස්සා: පැටලිලා වගෙයි නේද? 

නරියා: හුහ්?  අපි එහෙමත් පැටලෙනවද? මං මේ  ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?

බස්සා: හුටා! යකඩෝ,  මේ අපේ හිටපු  කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?

නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ  පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි. 

බස්සා: අපි නං ඉතින් උපතින්ම " අවුල්" නිසාද කොහෙද, ඒක ගැන මට  තේරුමක් නෑ. හා, මොනවද ඔය කියන අවුල්?

නරියා: ඇයි වාහෙ, දැන් බලපං ඇමරිකාව - අවුල්. ආං අරහෙ ට්‍රම්පුච්චා මුකවාඩමකුත් දාගෙන කොරෝනා උල-උල යනවා. එතකොට ඉන්දියාව, ඒකත් ෆුල් අවුල්. උඹ මට කියපං එක රටක් අවුල් නැති?

බස්සා: ලංකාව

නරියා: මඟුලක් කියනවා? ඉංතේරුවෙන්ම අවුල්. කොරෝනා නිසා ටිකා..ක් අවුල්. දැන් බලාපං, මේ අලුත් රජා, තැන් තැන් වලට පැනලා කරන අවුල?

බස්සා: ඔය කියන්නෙ අර RMV එකටයි, සතොසටයි, තව මේ බැංකුවටයි පැන්න කතාවනෙ? හා, දැන් කව්ද අවුල්?

නරියා: හහ්  කව්ද අවුල් කියල ඇහැව්වා? ඇයි මමද අවුල්? උඹනෙ අවුල්.

බස්සා: හරි. හරි මම අවුල් තමා. එහෙම නෙමෙයි, කව්ද ඔය කියන කඩාපැනිල්ල නිසා අවුල් ගියේ?

 නරියා: හහ්, ඇයි දැක්කෙ නැහ්ද RMV එක ලඟ කොළඹ කාක්කො සැට් එක? එතකොට මයෙ "ජහ-පාලන" සමයෙ, දෙයියනේ කියල සම්තිං එකක් හොයාගෙන හිටපු නිලදාරි සැට් එක. සේරම අවුල් 

බස්සා:  එතකොට බැංකු හොරු නෑල්ලුවෙ හොරු ටික අවුල් වෙන නිසාද?

නරියා: ආන්න උඹට තේරුනා. ඒ විතරක් නෙමෙයි, අර "පස්ස-වැගන්" පැට්ටරිය. අලියා ඕක ඇඹිලිපිටියෙ අටවන්න හදන කොට, මං තේරුං කරල දුන්නා වෙන අවුල. අපරාදෙ කියන්න බෑ අලියටත් තේරුණා කතාව. ජර්මනිය  වැන්දෙ නැති එක විතරයි. අපි බෑම කිව්වා. හප්පේ එහෙමත් සාමකාමී කාලයක්? කෙහෙල් කොලේ ඔතාගෙන ගෙදරින් ගෙනාපු බත් එක කාලා, පත්තරයක් බලාගෙන හිටං.... අම්මපා මතක් වෙනකොට ඇඩෙනවා.

බස්සා:  ඒ වුනාට ජහ-මනයා නං කියන්නෙ ඔහේ ගොං අලියට ඇරියයි කියලයි. ආං දැන් ඇපෙත් නැතුව ගෙදර. දැන් ඔහෙට උනත් ජහ-මනයාගෙ වැඩි කැමැත්ත නොලැබුන නිසා නේද රජකම ගහල ගියේ?

නරියා:  හෑ කොයි වාහෙද එහෙම කියන්නෙ? මං  අපේ ගමේ " වරිගයාට යුතුකං ඉටුකල නරියා" කියල පෝස්ටර් එකයි ගැහැව්වෙ, එහෙ ඔක්කොම හරක් ටික මට මනාපෙ දුන්නා.

බස්සා: එහෙනං ඔබතුමා තව ටිකක් ව්‍යායාම කරන්න. මං ගිහින් එන්නං

Saturday, October 3, 2020

ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)


 හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?

බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.

හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත්  බයවෙලා නූල්  බඳින්න වෙනවනෙ?

බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.


මේ Louis Rossmann - ඇපල් ලැප්ටොප් රෙපයාර් කලාවේ පිකාසෝ. ඉලෙක්ට්‍රොනික්ස් නොදන්න කෙනෙක් එහෙම නෙවෙයි. ඔය ගුවන්‍ යානා, ටෙස්ලා කාර් වල බැටරි පැක් ගිණි ගන්නවා දැකලා තිබුණට, මට ඒක දැණුනෙ නෑ ( අපිට එව්වා නෑ නෙව). ඒ තියා පුපුරණ සැම්සුං ෆෝන් නිව්ස් එකවත් එච්චර දැණුනෙ නෑ.

ඒත් මේක දැක්කම නං මං බය වුනා. අර බයිසිකලේ යකඩ ෆ්‍රේම් එක වාෂ්ප වුන හැටියට බය නොවී තියේයෑ? ඊට පස්සෙ Li-ion, LiPo  බැටරි ගැන විස්තර කියෙව්වා. හොයා ගත්තදේ එච්චර සුභදායක නෑ. 

ලිතියම්-අයන් යනු අපට පුරුදු "ඕන-පුකක්" Ni-Mh හෝ Nickel–cadmium නොවේ . 
(  the higher capacity of Li-Ion comes with a hefty price!). ඇත්ත, අපට ලිතියම්-අයන් තාක්ෂණයෙන් ගැලවෙන්න බෑ, අපි ඇබ්බැහිවෙලා අහවරයි. කරන්න තියෙන්නෙ පරිස්සම් වෙන එකයි. Li-ion සහ LiPo අතර සමහර වෙනස්කම් තියනවා.සමහර අයගෙ මතය LiPo , Li-ion තරම් නරක නැති බවයි. කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මේ අධිබලැති බැටරි කාල-බෝම්බ වලට සමානයි. අවශය කරන සාධක සැපුරුනොත්, බඩුම තමා!

අවශය එකම සාධකය - අධික උශ්ණත්වය. උශ්ණත්වය බාහිරවත්, ඒ වගේම අධික ධාරාව නිසාත් , ඒවගේම කෙමිකල්  රිඇක්ෂන්  (බැටරියට වෙන හානි) නිසාත්  ලැබිය හැකියි. පටන් ගත්තොත් බඩුම තමා - chain reaction.  මේක රසායනික ගින්නක්, බාහිර ඔක්සිජන් අවශ්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා.

1. අධික උශ්ණත්ත්වය ( අව්වෙ රත්වෙන කාර් එකේ ෆෝන් එක , GPS එක ඩෑෂ්බෝඩ් එක උඩ දමා යෑම)
2. අධික ධාරාව ( under discharge) නිසා ඇති වන රත් වීම 
3. බැටරියේ ඉලෙක්ට්‍රොලයිට් ස්ථර වලට වෙන හානි ( drop, bend etc) . සැම්සුං ෆෝන් පිපිරුනේ මේ නිසා - manufacturing defect. තිබ්බ අනිත් සේෆ්ටි ෆීචර්ස් (ඉලෙක්ට්‍රිකල්) වැඩක් වුනේ නැත්තෙ, එව්ව කෙමිකල් රිඇක්ෂන් වලට අදාල නැති නිසයි.
4.over charging. සිදුවිය හැකි මුත් විය හැකි සම්භාව්‍යතාවය අඩුයි. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ෆෙල් වුනොත් නං වෙයි. over charging නිසා වෙන්නෙ රසායන ප්‍රතිකියාවක් බවත් බැටරිය ඇතුලෙ ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන බවත් තමයි කියවෙන්නෙ. 

අපි ලිතියම්-අයන් වලට වගේම ලාභ චීන බඩුවලටත් ඇබ්බැහි වෙලා ඉවරයි. මොකක්, නෑ කිව්වා? හුහ් එතකොට ඔහෙලා එකට හතරක් දීලා ඔරිමජිනල් චාජර් විතරමද ගන්නෙ? ඔය රී-චාර්ජබල්  ටෝර්ච් එක ජපානෙ හැදුන කියලද, හිතාන ඉන්නෙ?

මගේ පොයින්ට් එක, අවදානම ගැන දැණුවත්වීම. දැණගෙන අවදානම මඟ හැරීමයි. 

Li-Ion චාර්ජ් කිරීමට, නියමිත නිශ්චිත වෝල්ටේජ් එකක් , ධාරාව නියමිත රටාවකට පාලනය කිරීමත් කල යුතුය.  අපේ හැම ලාබ චීන ගැජමැටික් එකකම BMS - මේ කියන චාර්ජින් සර්කිට් එක නැති වීමට ඉද ඇත. 
(Nope, BMS inside the battery is not the way to go - that's the first line of defense)

මේ BMS සර්කිට් වැලම,  ගෙඩි සුපියල් දෙකයි(හයියෝ අපේ ෂල්ලි!)
මේ PCB එකේ USB port එක ගාව තියෙන IC එක තමා ඉහත ප්‍රස්ථාරයට අනුකූලව current/voltage පාලනය කරන්නෙ. අනිත් IC දෙක protection/ cut-off වලට. ඒ IC දෙකම ආයෙ බැට්‍රිය  ඇතුලෙත් තියෙන නිසා මේ PCB තනි IC වර්ෂන් එකකුත් එනවා. සමහර චීන වාහෙලා කරන්නෙ, මේ chip set එක පාවිච්චි නොකර USB 5V රෙසිස්ටර් එකක් හරහා ඩ්‍රොප් කරලා බැට්‍රිය චාර්ජ් කරන එකයි.  ඒක වැරදි වැඩක්.


පරිස්සම් විය යුතු කාරනා:

1. ෆෝන් එක වැටුනොත්:  නෑ වාහෙ. විසිකරන්න ඕනෙ නෑ. ඒත් ආයෙ චාර්ජ් කරන කොට ෆෝන් එකට උඩින් මූණ ඔබාගෙන රත් වෙනවද බලන එකත් නෙමේ ක්‍රමය. මෙන්න මේ උලව්ව වගේ එකක්  චීනෙන් ගෙන්නගෙන අඩුගානෙ ගන්න කරන්ට් එකවත් බලන එකයි.  කොහේහරි මුල්ලකි ඇදලා අරගෙන කාලෙකින් චාර්ජ් කරන්න යන ගැජමැටික් වලටත් ,මේ වැඩේම අදාලයි,. (If  over discharged - I set my initial current limit to 500 mA in a bench power supply)

2.  No unsupervised charging. 

 රෑ-එලිවෙනකං චාර්ජ් වෙන්න දමා නොයෑම. හැකි සෑම විටම වෝල්ටේජ්, කරන්ට් බැලීම.


3. බැට්රි පැක් ඉදිමීගෙන එනවා නං, වහාම ඉවත දැමීම. අවුරුදු  දෙකක් ගියේ නෑ. ඔය බ්‍රෑන්ඩඩ් කියන  පව්ර් බෑන්ක් බැටරි පැක් එකක් ඉදිමුනා, තව ලැප්ටොප් බැටරි පැක් එකකුත්. හැබැයි ඒක නං පරණයි. මේ දෙකටම පොදු දෙයක් තමයි, පාවිච්චි කරමින් ඉඳලා, පාවිච්චිය අතහැර දැමීම. හැබැයි ඒක fact එකක්ද කියලා නං දන්නෙ නෑ.

හිටපියව් දැන්  ටිං එකේ

4 අමතර Li-Ion/LiPo බැටරි අතන මෙතන නොදා, සුරක්ෂිත ලෙස ගබඩා කිරීම. අනිත් බඩුත් එක්ක ලාච්චුවල ඔබන්න එපා. තැලුනොත්, හිල් වුනොත් වැඩේ සැම්-සුං ම තමා. 
මං මගේ ඔක්කොම අමතර ෆෝන් බැටරි, කැමරා බැටරි ඔක්කොම එකතු කරලා පරණ බිස්කට් ටිං එකකට දාලා, ඒක ප්ලාස්ටික් ස්ටෝරේජ් පෙට්ටියකට දැම්මා ( පරණ බැස්ටි වලට ගවුරවයෙන් සැලකීම). දැන් එතකොට  සෙල්ලං බඩු -අර "උඩයන. ඉගිලෙන ඇවිදින සෙල්ලං යානා පෙනී,පෙනී" කියන්නෙ, ආන්න එව්ව වලත් ඉන්නෙ මේ කස්ටියම තමා. Bonus point : Drone battery packs, usually don't have in-built BMS circuit :). නෑ, පවර් ටූල් බැටරි පැක් වගේ තද ප්ලාස්ක් කවර් තියෙන බැටරි ටින් එකට එබුවෙ නෑ. ඒත් උන්දලා ගැනත් ඇහැ ගහගෙන තමා ඉන්නෙ,

අනෙක් බැස්ටි වගේ නෙමෙයි,ලිතියම්-අයන් බැස්ටි පැරලල් කිරීම සිරා බිසිනොස් එකකි. බැලන්ස් චාර්ජින් කියල උලව්වක් ඇත. පැක් දෙකම එකම ගාණට චාර්ජ්/ ඩිසිපේට් වෙන්න විය යුතුය. පොඩ්ඩ එහා මෙහා වුනොත්, බඩුම තමා. Louis Rossmann වුනේ ඒකද කියන එක ප්‍රශ්ණාර්ථයක්. ඉතිං ලිතියම්-අයන් එයාගෙ පුටාර් එක වාෂ්ප කලා නං, මේ ඔහෙල අපි වගේ හුදී ජනයාගෙ අටංපහුරු ගැන කුමන කතාද?

දැං ඔය Quick Charge 3, 4    කිය කිය අළුත් චාජ්ර් එහෙම තියෙනවානෙ. කව්ද අකමැති පැයේ බැස්ටිය පැය කාලෙන් චාර්ජ් කර නොගන්න. අවවාදය: දැන ගියොත් කතරගම..... අසාමාන්‍ය ලෙස රත් වෙනවා නං, නැවැත්තීම සරීර සවුක්කියට ගුණදායකය. 

5.  පවර් ටූල් , කාර් බූස්ටර් බැටරි පැක් වගේ එව්වා චාජරේට ඔබන්න ඉස්සෙල්ලා ඇස්ගෙඩි ඇරලා තියෙන බැටරි ජාතිය බැලීම හොඳ පුරුද්දක්. Ni-Cd හරි Ni-MH නං අවුලක් නෑ. ඒත් දැන් එන ඔක්කොම බැටරි පැක් LiPo. ඉතිං ඇහැ ගහගෙන සිටීම සරීර සවුක්කියට හොඳය.


මං හිතන්නෙ ඔක්කොම වගේ කවර් කලා කියලයි. ආ අර ටයිටල් එක ඉස්සුවේ මෙන්න මෙයා bigcliveගෙන්. බලන්න, යමක් ඉගෙන ගන්න නියම  බුවා. 


දැන් ඔහෙලාට හිතෙනව නං, මූට මඤ්ඤං. නිකාං......කලබල වෙනවනෙ?  චීනෙ, ඉන්දියාවෙ යස අගේට ඔය සේෆ්ටි නැතුව ඉන්නෙ කියලා, මට කියන්න තියෙන්නෙ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට ගාණක් තියෙනවද කියලයි? ආ..අනික ගිණි ගත්තොත් බොලෑ ගෙවල් නෙව, මයෙ මොකෑ?.......

Monday, September 28, 2020

හෝතම්බුවා, උලමා පිස්සා සහ මාර්ග ඵල

 මම......බොහොම බය වුනා. මගේ පණ එපා වුනා. රෑ දොලහට බ්ලොග් එකකට මාව අහුවුනා...

හෝතම්බුවා: මොකෑ බොල. තෝ හොල්මනක්වත් දැක්කද?

බස්සා: හොල්මනක්මත්ම නෙවෙයි. ඒත් ඒ වගේ බ්ලොග් එකක්.

හෝතම්බුවා: මං හූනා කියැන්නැහෙ කිව්වෙ නැහ්ද, තෝ මේ යක්කු ගස් යන ජාමෙ නටන තොයිලෙන් ඕක වෙනව කියලා?

"ඈ බං ඇයි යක්කු රෑ ජාමෙ ගස් යන්නෙ? හොර කුරුම්බා බාන්න වත්ද?" මං අහිංසක විදිහට ඇහුවාම , පැන්නෙ නැතෑ  හෝතම්බුවාට මල.

අම්මපා තෝ  මොන ජාතියක උලමෙක්ද මන්දා? 

ඒක මේ පොදු වැරදි වැටහීමක්. උලම වෙනයි, බස්සා වෙනයි. උලමට බෝදිලිමා කියලත් කියනවා. අපි බස්සො, වංසෙ ඇවිල්ලා " මූකලං". ඔය අතන මෙතන බාන් වල ලගින බස්සොත් එක්ක  පටලව ගන්න එපා. එතකොට උලමා වෙනම කේස් එකක්.ආ තව, සමහර පැතිවල උලමට , යක් කුරුල්ලා කියලත් කියනවා.

අනේ මේ බස්සො තියාගනිං උඹේ වංසෙ කබල් ගෑවිල්ල. ඔච්චර වංසවත් නං මෙහාට ආවෙ ඇයි? 

ආ, එහෙ කස්ටිය දුන්න නෙව ගස් වලට බැස්ටිය. සංරක්ෂිතේ කපල ගම්මාන හැදුව, රට බල්ලට ගියා, බස්සො රට ගියා.

දැන් මොකක් දැකලද උඹ බයවුනේ?

මේං මේක දැකලා:

මේකෙ මොකක්ද බය වෙන්නෙ තියෙන්නෙ?

උඹ නං කියයි. ඇයි සීවරං දෙයියනේ අර ජීවිත කාලයක් අච්චර ලස්සනට පිලිවෙලට ආදරෙන් එකතු කරපු වස්තුව නේද අර ගෙඩි සුපියල් හාරසීයට වික්කෙ?  අර, අර රැව්ල වවාගත්ත ගෝරිල්ලා, වලං කඩේට පැන්න හරකා වගේ එව්වා  කඩන හැටි? හපෝයි මයෙ හිත වාවන්නෙ නැතුවා.

හා, හා උඹ කලබොල නොවී ඉදහං, ඒ පරණ වෑල්, ටියුබ් එක්ස්ෆයර් වෙලා නෙව.

ඈ බං හෝතම්බු, ඔය නිධානෙ රැකපු බහිරවයා, ඕක අත් හරින්න හිත හදාගත්තෙ කොහොමද දන්නෙ නෑ නේද?

මං හිතෙන්නෙ  රහතන් වහන්නසෙ කෙනෙක්ගෙන් බණ අහල මාර්ග ඵලයක් ලබන්න ඇති. එතකොට ඔය ඕන එකක් අත් හැරියෑකි.

මගුලක් කියනවා? එහෙනං අර අරහත් උන්නාන්සෙ පන්සල්, පිලිම අසපු එකතු කරන්නෙ. " මයෙ දානෙට කෙල හලන්නෙ නැතුව, තොපිත් වවාගෙන කාපියව්" කියලත් කිව්වා. අම්මපා මටත් බුද්ධාලම්භන ප්‍රීතිය පහල වුනා කිව්වම.

ආ එයා එහෙම තමා.  ඒක නෙමෙයි, මොකද මේ උඹ ඇක්ස්ෆයර් වෙච්ච ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් ගැන මෙච්චර හාර අවුස්සන්නෙ?

නැ බං හෝතම්බු, මයෙත් ඔය වෑල් නැති වුනාට අනිත්  ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් කලෙක්ශන් එක තියෙනවානෙ? ඈ බං එව්වත්  එක්ස්ෆයර් වෙයිද? 

අනිවා ඩෙෆා. ආයි මොනවද බඩුම තමා!

මාව නිකම්ම දියවුනා.....


පසු සටහන: කස්ටිය, නැති තැන උන්දව හඳුන්වල තියෙන්නෙ "Parts Maniac" කියන ආදර නාමයෙන්. ඉස්සර ඉලෙක්ට්‍රොනික්ස්  රෙපයාර් වලට හිටිය පතාක යෝදයෙක්ලු. ඔක්කොම අල්ලල දාලා පිටරට ගියාලු. මේ යෝදයා මෙහෙම දෙයක් අත්හැරියා නං ශුවර් එකටම සෝවාන් වෙලාවත් ඇති කියල තමයි හිතෙන්නෙ. 

"පිංවතුනි, මෙව්වාවත්  ආදුරුසෙට අරගෙන, දැන්වත් සසර බැමි අතාරිමු" කියල මං කිව්වම " මං අතාරිනවා එකක් බොගෙ ඔලුවට, මේ කෝපි මැසින් දෙකෙන් එකක් කුස්සියෙන් අස් නොකොලොත්" කියල කිව්ව නෙව ගෙදර ඉන්න මේ අසම්ජ්ජාති හිකනලා.....

Wednesday, August 19, 2020

බස්සා සහ මීපුර වැසියෝ





බකුසු මී හමුදාව

 බස්සන් සහ මීයො අතර තියෙන්නෙ, ගහයි පොත්තයි වගේ  සම්බන්ධයක්. මේ බ්ලොග් ලෝකෙ සැරිසරන ඇනෝ මීයොන්ට උනත්, බස්සා මනාප ඒකයි. මේ තියෙන්නෙ බස්සගෙ මී හමුදාවෙන් කොටසක්. මේ දැනට සක්‍රීය සේවෙ ඉන්න කස්ටිය. තව ඉන්නව, ඔය අහුමුළුවල, කරකවන බෝල තියෙන, නැට්ට ඇති කස්ටිය එහෙම. එයාලව ගවුරවාන්විතව  විශ්‍රාම යවලයි තියෙන්නෙ. අර වම් පැත්තෙ පහලම ඉන්නෙ හාදයා තමා දැන් ඩියුටි. එයා " නොකර සද්ද" මීයෙක්. හැබැයි හරකවන රෝදෙ සද්දයි. ඊගාවට ඉන්නෙ "නිල්-දතා" මීයා. කෙරෝලෙම ඉන්න නැට්ට ඇති මීයා, ඔය බයෝස්  වලට කෙලෝ ගත්ත වෙලාවට ප්‍රයෝජනයි.



හෝතඹුවා නං කිව්වෙ " කොයි මවුසත් එකයි බස්සෝ කලුවරට" කියලයි. ඒ  එයැයිට ටැපලිලා. මවුසො විවිධයි, විචිත්‍රයි, ගෝලාකාරයි.



හරි, හරි මං දන්නව, ඔහෙල හිතන දේ. මෙච්චර මී හමුදාවක් නඩත්තු කරන්න මූට පයිතියංද කියලනෙ? හා, එතකොට දියවන්නාවෙ ගවගාලෙ ඔච්චර හරක්.... එක්කො එව්වා ඕනැන්නෙ නෑ.  මෙහෙමනෙ ලොක්කා වැඩේ. මේක මයෙ වැරැද්ද නෙමෙයි, ඉංතේරුවෙන්ම මවුස් කොම්පැනිවල වරැද්ද. ඔන්න උන්දලා මවුසෙක් හදනවා. අපි වගෙ බස්සො එව්වා ගන්නවා. ටික කාලෙකින් මවුස් කොම්පැනි වෙන මවුසෙක් හදනවා. හදලා හීං සීරුවෙ අර පරණ මවුසට දෙන සපෝට් නවත්තලා ඌව අබ්බගාත කරනවා. ඒ කිව්වෙ ටච්, බච් අරක-මේක ඔක්කොම විච්චූරණ චකබ්ලාස්. ඒ නොකියා කියන්නෙ " හා, දැන් පරණ එකාව පැංසොන් යවල අලුත් එකා ගනිං" කියලයි. දැන් තේරෙනව නේද කතන්දරේ. ඔන්න ඕක නිසා මං, මලාට අලුත් මවුසො ගන්නෙ නෑ, සේල් නෙමෙයි නං. ඔය ඔක්කොම සේල් මවුසො. 




Logitech T400 -Damn you Logitech for making 

such a great mouse with crappy micro switches

මී හමුදාවෙ ඉහල නිලයක් දරපු , සාජන් මීජර් කෙනෙක් තමා මේ. අර කරකවන රෝදෙ වෙනුවට තියෙන්නෙ ටච් ස්ට්‍රිප් එකක්. ඔය අවසේස කෝපල්ලා, පයිවෙට්ලා වගේ නෙමෙයි මෙයා. දැන් කියනව එහෙම නෙමෙයි , මේ හමුදා නිල ලිවුවා වැරදියි කියල එහෙම? රසදාවත  ලියන ප්‍රයිවෙට්ටාරච්ච්චි තමා කියල දුන්නෙ.

 මේ Logitech T400,  මම කැමතිම හාදයෙක්. රෝද කරකැවිල්ලක් නෑ. ටච් ස්ට්‍රිප් එක උලන්නයි තියෙන්නෙ. අවසනාවට, ක්‍රියාන්විත මෙහෙයුමකදි බිම් බෝම්බෙකට අහුවුනා. වම් පැත්ත සොත්ති. ක්ලික් වෙන්නෙ යලට -මහට. කීප විටක් මස් කරල ගොඩදාන්න බැලුව. ම්හු




A  very bad soldering job



ඔන්න ඒ වංගියෙ ගෙන්න ගත්තා , ඊබේ එකෙන් නේක වර්ග මයික්‍රො සුවිච් පෙට්ටියක්ම. ගත්තා බවුත් එක. දැම්මා වෙන මයික්‍රො සුවිච් එකක්, නිකම්ම නෙමෙයි . හතර වටේම ප්ලාස්ටි ටැබ් එහෙමත් පුච්චගෙන, ඉගෙන ගත් පාඩම: surface mounted - SMD component  තඩි බවුත් වලින් පෑස්සිය නොහැක. මයික්‍රො සුවිච් එක වැඩ නං කලා, ඒත් මේ බාල ඊ-බේ සුවිච් මීයොන්ට හරියන්නෙ නෑ. ඔය යලට-මහට ඔබන වෙන දේක වගේ නෙමෙයි, නිරන්තරයෙන් ඔබන මීයගෙ වම්පැත්තට. අනික මයෙ ඇඟිල්ල ඇද වෙනවා ඒක දිගටම පාවිච්චි කලා නං, එච්චර තදයි.







මෙතන උඩින්ම ඉන්නෙ Logitech T400, යටම ඉන්නෙ Logitech M325 with weighted wheel, එයා නව පරපුරේ කෙනෙක්. එතකොට මැද ඉන්නෙ පැංසොං ගිය Logitech මොඩල් එකත් මැකිච්ච හාදයෙක්, මෙයා Logitech  universal receiver වලට කලින් පරපුරේ කෙනෙක්. මගේ පොයින්ට් එක, එහෙව් වයසක උන්දත් පාවිච්චි කරල තියෙන්නෙ high quality Omron switch. දැන් තේරෙනව නේද Logitech T400 නිසි වයසට කලින් අබ්බගාත උනේ ඇයි කියල?







ඔය යටින් තියෙන්නෙ සිලිකන් මැට් එකක්. පාස්සන වැඩ වලට කියල තියෙන එව්වා ගණන්.  ලාභ බේකින් මැට් එක හරියටම හරි, එකම ජාතිය. පේනව නේද කොම්පැණිවල මාකටින් ජිමික්? හොට් එයා ගන් පාවිච්චි කරන කොට කාමරේ ගිනි නොතිය ඉන්න මේක වැදගත්.








උනුසුම් වායු තුවක්කුව

SMD පාස්සන්න ඕනෙ කරන හරිහමන් ආවුද ගෙන්න ගත්තට පස්සෙ, මට හිතුන පරන ඔරිජිනල් සුවිච් එක මස් කරන්න. ඉස්සෙල්ලම බැලුවෙ ගොඩින් බේරගන්න. ගැහුවා හෑන්ඩ් සැනිටයිසර්- ඇයි,  ඇල්කොහොල් නෙව. ම්හු. ඒ වංගියෙ ගැහුවා WD-40, ඒත් සුම්මා.

පස්සෙ ගැලෙව්වා මයික්‍රො සුවිච් මදේ. ඇත්තට කරන්න තිබ්බෙ ඒක. ඔය විච්චූරණ ආවුද ආම්පන්න මුකුත් ඕනෙ නෑ, පොඩි පැතලි ඉස්කුරුප්පු නියනක් විතරයි ඕනෙ. සර්කිට් එකේ තියෙද්දිම ගැලෙව්වෑකි. එක පැත්තක මෙටල් ටැබ් එකේ තියෙන ක්ලිප් එකක්  පැන්නුවාම සම්පූර්ණ මදේම එලියෙ. ඔය දෙවනි පිංතූරෙ තියෙන්නෙ? ඊලඟට තියෙන්නෙ ටික්ක - ඒ කිව්වෙ අර ටික්-ටික් ගාන මෙටල් ඩිස්ක් එක , අනිත් පැත්ත හරවන එකයි. ඕන්න එතකොට පෙනෙයි, වටේට  බැදිච්ච කාබන් කාරම් තොගේ. අන්න එව්වා උලලා සුද්ද කලාම සුවිච් එක යස අගේට වැඩ.










ස්තූතිය - චීනය

දැන් ඔහෙල හිතන්නෙ මවුසා හරි ගියා කියලද? මොන, සුවිච් එක හරි වුනාට, දැන් එබුවට ටැබ් එක සුවිච් එකේ වදින්නෙ නෑ. ඒ කලින් කරපු නානාප්‍රකාර අනවශය ඔපරේෂන් නිසා. ඔය තියෙන්නෙ ලාබ මයික්‍රො සුවිච් පෙට්ටිය. තව ටියුබ් එකේ තියෙන්නෙ ලික්විඩ්  ෆ්ලක්ස්. SMD soldering වලට හරියටම හරියන්නෙ එව්වා.





මේ වගේ ටැක්නිකල් පෝස්ට් තව එකක් ලියන්නද?  රෙපයාර් මත් නෙමෙයි, ලාබෙට PC  එකට RGB rainbow lighting guide එකක් සහ digital Vs addressable RGB  වෙනස.



මේක ඇත්තටම " How NOT to repair a mouse" guide එකක්.

mouse repair guide නං ඔය ඕන පදං තියෙන්නෙ YouTube වල. වැඩි දෙනෙක් කැමති නෑ නෙව තමන්ට වැරදිච්ච තැන් කතා කරන්න. මට හිතුනා ඒක වැදගත් කියලා



වැරදීම බකුසු ගතියකි.  පාඩම් ඉගෙන ගැනීම ......










Wednesday, July 15, 2020

බනානා රිපබ්ලික්






හෝතම්ඹුවා : ඉඳා,  කාපිය



බස්සා : හුහ්, අපි නං කයි ඔය ජරාව. ඔය බැබලි,බැබලි හිටියට මෙලෝ රහක් නෑ



 උඹට කියන්න වෙන්නප්පුවෝ ( හෝතඹුවාගෙ ගම  වෙන්නප්පුවෙ), අපි පොඩිකාලෙ නෙව කෙසෙල් කෑවෙ. අප්පා එව්වයෙ රහ. කෝලිකුට්ටු, ඇම්බුං, රත් කෙහෙල්, තව නාග සලං



හෝතම්ඹුවා : හෑ. තෝ ඒකත් කෑවද? මං දැණ ගත්තා දේවාලෙ නාග සලං අතුරුදහන් වුනාම? නාග සලං නෙවෙයි උලමො ඒ  ආනම් පලං



බස්සා :  ආන්න හරි. ආනම් පලං. ඒ තියා එච්චර ලකයක් නැති ඇඹුල්, වතුපාලු උනත් මේ උලව්වට වඩා හොඳා. දැක්කා නේද  අර ලංකාවෙන් ගෙන්නුවයි කිව්ව අර නාටු ඇඹුල් ඇවරියෙ ගාණ. අම්මපා මයෙ තටු දෙකත් උගස් කරන්න වෙනවා නෙව එව්වා කන්න.





හෝතම්ඹුවා : ඈ බං. අපි ඒ කාලෙ කෑව අර කොල පාට ආනමාලු වලට මොකදෑ වුනේ?



බස්සා : වඳ වුනා



හෝතම්ඹුවා :  හෑ?



බස්සා : ඔව්, ඔව් වඳ වුනා, චුත වුනා, වාෂ්ප වුනා. දැන් මේ අපේ පරණ බ්ලොග් ලියන අප්පුල වාෂ්ප වුනේ? ආන්න ඒ වගේ තමා.



ඔන්න ඔහොමයි බස්සාගෙ බනානා රිසර්ච් එකට අඩිතාලම වැටුනෙ.



ඕං බනානා..... ඕං බනානා......







ඔය දැන් අපි කන කහ ඉත්තට බැබලි,බැබලි ඉන්නෙ

Cavendish බනානා. අර රස ඉදුනත් කොලපාට ආනමාලු Gros Michel. දිලීර රෝගයක් නිසා Gros Michel වැඩිහරියක් වඳ වෙලා. කෙසෙල් ගෙඩියේ කතාව එච්චරම සරල නෑ. හැබැයි බලන්න කම්මැලි නෑ.මට හිතෙන්නෙ මේ පහල වීඩියෝව ඒ ගැන හොඳට පැහැදිලි කරනව කියලයි.







ඔන්න එහෙනං monoculture, බහුජාතික සමාගම්. වෙළඳ අධිකාරිය. . මාෆියාව. බනානා රිපබ්ලික් දේශපාලනය සමඟ අපේ කෙසෙල් ගෙඩියේ අනාගතය.



ඇත්තම කතාව, එච්චරම රස නැතත් Cavendish නරකමත් නෑ. අකමැති වුනත්,  කෙසෙල් සරිරෙ සීනි පාලනයට අවශය, පොටෑසියම් ආකරයක්. අනික ඔය කිඹුල්ලු යස අගේට කිරිමැටිත් ගිලින්නෙ?



පසු සටහන:

නිවේදක ගෑල්ලමයා ග්‍රීන් හවුස් සුද්ද දිහා දාපු  බැල්ම වගේ අවස්ථාවකට ඔහෙලට මුහුණ දෙන්න වුනොත්, තම තමංගෙ කෙහෙල් ගෙඩි පරිස්ස කරගන්න එක, ඔහෙලගෙ වගකීම ඈ?

( අවුලක් නැ , මං නං ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)

Monday, June 8, 2020

ස්වයංපෝෂිත සිහිනය


මට මුලින්ම ලිසී ව හමු උනේ කවදාදැයි හරියටම මතක නැත. ලිසී කීවට හරියටම නම ලී සීකීද (Li Ziqi)දන්නෙත් නැත. මොක උනත් ඔන්න ඔහේ දන්න විදිහට ලිසී කියලා කියංඤං. හැබැයි ඒ හඳවල් ගානකට කලින්. එතකොට ලිසී යූටියුබ් එකේ එච්චර ප්‍රසිද්ධ නෑ. හැබැයි ඒ වෙනකොටත් එයා චීනෙ නම් ප්‍රසිද්ධයි. ඔයාලා දන්නවා ඇතිනේ චීන ඉන්ටර්නෙට් එකට වැටක් ගහල තියෙන බව. ඔව්, ඔව් චීන මහා ප්‍රාකාරය තමා. ඒ නිසා, ඒ දවස්වල චීන Weibo සයිට් එකේ තිබ්බ එයාගේ videos youtube වලට පෝස්ට් කලේ වෙන ගොබිලෙක්. දැන් නං එයා youtube වල ඉන්නවා. ඉන්නවා විතරක් නෙමෙයි 10.7 million අනුගාමිකයො ඉන්නවා.

මට හිතෙන්නෙ මේ ස්වයංපෝෂිත කියන සංකල්පය තුලම අවුලක් තියනවා කියලයි. හා දැන් බලාන්ට, ස්වයංපෝෂිත කිව්වාම, හැමදේම තමන්ම හදාගන්න ඕනෙ කියන අන්තයට තල්ලු වෙන්නෙ නැහ්ද? අපි එහෙම වැටක් ගහ ගන්නෙ ඇයි? මට නං එන්නෙ නිකං  eco terrorism වගෙ හැඟීමක්. අපි එහෙම සීමා වැටවල් ගහ ගන්න ඕනෙමද?

හරි වචනෙ sustainable living නැත්නම් eco living වෙන්න ඕනෙ. අර ඉන්නෙ Off the Grid living කරන කස්ටිය. එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඈත් වෙන්න හෝ වැරදිලාවත් ඉන්ටනෙට්, ස්මාට් ෆෝන් පාවිච්චි නොකර ඉන්නම අවශයම නෑ. මං හිතන්නෙ ලිසී වැටෙන්නෙ මේ දෙවනි කැටගරියට.  

දැන් අපි ලිසීව පොඩ්ඩක් මෙතන තියලා ලංකාවෙ ඊරියගමට යමුකො ප්‍රේමකුමාර එපිටවල හමුවෙන්න.



මේ පහත කොටස උපුටා ගත්තේ ඉකොනොමැට්ටාගේ රොබින්සන් කෲසෝ සොයායාම පෝස්ට් එකෙන්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.


මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ
අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවාමේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි
.


උපුටා ගැනීම අවසන්.....





වෙජිටේරියන් අවවාදය :  ලිසී  ඉස්සව පොල්මුඩ්ඩෙන් හෝදලා(crayfish වෙන්නැති), හැබැයි උයන්නේ නං පණ පිටින් :) 




ප්‍රේමකුමාර එපිටවලට සැබැ කරගන්න බැරිවුන ස්වයංපෝෂිත සිහිනය, ලිසී නම් සැබෑ කරගෙන තියෙන විදිහයි, මේ වීඩියෝ වලින් පේන්නේ. වත්තෙන් , අසල කැලෙන් එළවලු. කපු, වූල් වත්තෙන්ම. සමහර වුල් සහ කපු රෙදිත් වියනවා, ස්වභාවික වර්ණ යොදලා රෙදි පාට කරනවා . සමහර රෙදි කඩෙන් වෙන්නටත් බැරි නෑ. මෙතන පුරාජේරු සුරංගනා කතා කියන්නෙ නෑනෙ? කතා නෑතුව, කරන දේ කරල පෙන්නනව, එච්චරයි.ඔයාල ලිසී ගැන ටිකක් හාර ඇවිස්සුවොත් තේරෙයි, ලිසී මේ ජිවන රටාව පටන් ගත්තෙ ධනවතෙක් විදිහට නොවන බව. අවුරුදු අටේදි දෙමාපියන් නැතුව, ආච්චි සීයා ගාව හැදිලා රස්සාවට නගරෙට ගිය, සීයගෙ මරණෙන් පස්සෙ ආච්චිචව බලාගන්න එන ගැමි කෙල්ලක්, ධනවතෙක් වෙන්න බෑනෙ?

දැන් මේකතාව ඇත්තද? ඉකොනොමැට්ටා ප්‍රේමකුමාර එපිටවලගෙ සුරංගනා කතාව ඇත්තද කියල බලන්න පේරාදෙණියෙ ඉඳන් ඊරියගමට ගියා නේ? ඔහෙලට නං මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඊට වඩා බොහෝ දුර යන්න වෙනවා. හරියටම කියනව නං දකුණු චීන Sichuan ප්‍රාන්තයට.

දැන් එතකොට විචිකිච්චාව හැදිච්ච කට්ටිය එහෙ ගියාද? ගියාද කියලත් අහනවා දහස් ගාණක් ගියා. මොකක් කිව්වා මසුරන් දෙනවා කිව්වත් යන්නෑ කිව්වා? දැන් නෙවෙයි වාහෙ. මේ කියන්නේ කොරෝන හැදෙන්න ඉස්සෙල්ලා.

මේකේ ඇත්ත නැත්ත ටක්කෙටම කියන්න නම් මන් දන්නෑ. මොකද මම එහේ ගිය එකක්යැ? මාත් ඔය වීඩියෝ වලින් පෙන්නන ටිකතමා දන්නේ? මේ වෙනකොට ලිසී කෝටිපතිනියක්. එහෙම කෙනෙක් මෙහෙම අල්පේච්ච ජිවිතයක් ගත කරයිද? හැබැයි ලිසී කියන්නෙ පට්ට ටැලන්ට් අම්මණ්ඩි කෙනෙක්. එහෙම අය එන්නෙ , නැවකට එකයි.

ලිසී මාකට් කරන්නේ, මොන හත්තිලව්ව තිබුනත් satisfied වෙන්නැති මිනිස්සුන්ට හීන වෙන්නත් පුළුවන්. බලාගෙන ගියාම ඒකෙත් වැරද්දක් නැහැ නේ ? මොකද හොලිවුඩ්, බොලිවුඩ් කරන්නෙත් හීන විකුණන එකම තමා.

එතකොට දැන් එයා යූටියුබ් එකේ ඉන්නේ කොහොමද? එයාට චීන මහා ප්‍රාකාරය නැද්ද? එව්වට තමා පින්වත්නි politics කියලා කියන්නේ. චීන polity bureau එක මේක චීනෙ ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක් කියලා ප්‍රොපගැන්ඩා එකක් විදිහට යූටියුබ් යන්න දුන්නා වෙන්නත් පුළුවන්.
ජෙෆ් බෙසෝස් ගේ concept එකක් අරගෙන ජැක් මා අලිබබා හැදුවා.එහෙව් එකේ ලිසීගේ concept එක අරගෙන වෙනම එකක් හදන එක අවුලක් නෑනේ?










ලිසීගේ වගේම මේකත් ඇත්තට නැත්තද කියල මං දන්නෙ නෑ?  දැනගන්න ඕනෙත් නෑ.  දෙකම හීන විදිහටම තියාගන්න කමා මං කැමති. ඒකත් වෙනම ආතල් එකක් ඈ.






Disclaimer: මෙව්වා බලලා, මේ කොරෝනා පීඩනය පිට, නැට්ට උඩදාගෙන, තියෙන ලබුකැටෙත් දමා ගහල,  ස්වයංපෝෂිත සිහිනෙ හොයාගෙන  ගිහින් කෙලව ගත්තාට, කිසිම මූකලන්  බස්සෙක් වග කියන්නේ නැත.



Sunday, May 10, 2020

මූලාශ්‍ර , සාධක සහ විස්වාස


නිමිත්ත: කොරෝනා, ස්වයං නිරෝධනය, මඤ්ඤං සහ Cabin Fever




Sunday, May 3, 2020

බස්සා සහ අවුල් ජීවිතේ




Sleep Walking to Disaster



ඔහෙල දන්නව නෙව, ට්‍රම්පුච්චගෙ සුප්‍රකට  It may get bigger, ......we are totally prepared කතාව? තව එතකොට එන්ගලාන්තෙ ජොන්සන්ගෙ " පට්ටි ප්‍රතිශක්තිකරණ " සංකල්පය සහ ඉස්පිරිතාලෙ කොරෝනා ලෙඩ්ඩුන්ට අතට අත දීගෙන, දීගෙන ගිහිල්ලා , කොරෝනා හැදුනට පස්සෙ , ලාවුලු කාපු රිලවා වගේ හිටිය කතාව.



සමහරු නං අහනවා " අරහෙ චීනෙ වහගෙන වහගෙන් යනකොට US,UK නිදාගෙනද හිටියෙ කියලා?" එහෙම බලාගෙන යනකොට, එයාල විතරක් නෙමෙයි, තව කොච්චර බටහිර රටවල් ඔය ටිකම කලාද?



 ට්‍රම්පුච්චගෙ වැඩ වලට හිනා වුනාට , එයැයිගෙ සමහර කෙලින් වැඩ වලට මං කැමතියි. WHO එකේ දොස්තර කැතහිතගෙයි, CCP එකෙයි වැඩ වලට කෙලින්ම විරුද්ධව කතා කලේ  ට්‍රම්පුච්ච විතරයි.



කොච්චර උනත් ජොන්සන්  බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන් කතා කරන විදිහ නං අහං ඉන්න ආසයි.



දිථට දම්ම වේදනීය කර්මය


ඔහොම අනිත් අයට හිනා වුනාට,  ජොන්සන්ගෙයි, ට්‍රම්පුච්චගෙයි රටපාලනය කිරීමෙයි, මගෙ  කොම්පුටර් නඩත්තුකරණයෙයි, අතර වැඩි වෙනසක් නෑ.



ඒ කිව්වෙ , කලින් ආණ්ඩුවෙන් කාල, උලාකාලා අනාත වෙච්ච් ආර්තිකේ අලුත් ආණ්ඩුවට බාරදීලා " හා පුළුවන් නං කොරල පෙන්නපල්ලකො" කියන්නැහෙ. මං කොම්පීතරේ  මදර්බෝර්ඩ්/ ප්‍රොසෙසර් මොනව අප්ග්‍රේඩ් කලත් කවදාවත් වින්ඩෝස් ක්ලීන් ඉන්ස්ටෝල් කරන්නෙ නෑ.



ඇයි සීවරං දෙයියනේ, මේ ඇටහුටහමාරක් ප්‍රෝග්‍රෑම් ආයෙ ඉන්ස්ටෝල කරන්න කියලැයෑ? තව එතකොට අමාරුවෙන් අටෝගත්ත VR සහ අටෝරාසියක් ගැජමැටික් අඩුමකුඩුම?ඇයි එතකොට ඔය ඇප්ස් වල රෙජිස්ට්‍රේෂන්. එව්වා දැන් කොහෙන් හොයන්නද?


මීතොටමුල්ලේ කුණු කන්ද නොහොත් හිරෝෂිමා ගිණි කන්ද


දැන් ඔහෙලට තේරෙනව ඇති නෙව කතාව?  මගෙ වින්ඩෝස්  ඩිරෙක්ටරිය හරියට මීතොටමුල්ලෙ කුණුකන්ද වගේ. ඕකෙ නැති ඩ්‍රයිවර් එකක් නෑ. ඒ වගේම තමා කොයි රටේ ඕන කොම්පීතරේකට ගැහැව්වත් මයෙ හාඩ්ඩිස්ක් එක බූට් වෙනවා,



ඒ ඉතිං හොඳ පැත්ත නෙව? මේ අනවශ්‍යය ඩ්‍රයිවර් නිසා මගෙ වින්ඩෝස් , උපන් ගෙයි ලෙඩා. අනවශ්‍ය ඩ්‍රයිවර්  සුද්ද කරන්න විදිහක් නෑ, ඇයි  මොකක් කියලා/ කොච්චර කියල සුද්ද කරන්නද?





නිකං හිතා ගන්නකො. අතපය කෙට්‍ටු , බඩ ආරපු පාණ්ඩු ලෙඩෙක්. ආන්න ඒ වගේ තමා. වින්ඩෝස් ඩිරෙක්ටරිය එන්න එන්නම ආරනවා. තව ඉතිං ඉඳලා, හිටලා කහිනවා, කාරනවා . ඔහොම තමා අපේ දුප්පත් බකුසු ජීවිතේ. ලබා උපන් හැටියට නෙව බබා වැනෙන්නේ!



කරුමෙට කකුල් අටයි කියලා, මයෙ අලුත්  මදර් බෝඩ් එකෙත් මොකක්දෝ හාඩ්වෙයා අවුලක් තියනවා. ඉඳලා හිටලා තප්පරයක් දෙකක් ඔක්කොම ලොක් වෙනවා. මේක නිසා මම කොහොමත් සෙවිල්ලෙන් ඉන්නෙ.ලෙඩේ දරුණු  නැති නිසා ඔන්න ඔහේ තියෙන්න ඇරියා.ඒ ක්‍රමවේද ඔක්කොම  ඉගෙන ගත්තෙ  කොරෝනා ඔස්තාර්ලගෙන් තමා. We closely monitor the current situation කියලා තමා එයාල කිව්වෙ.

මේ ලඟකදි මං  ගියා Task Manager පැත්තෙ ඔහොම  වෙලාවක කැහැපු වෙලාවක, කව්ද වැඩියෙන් ප්‍රොසෙසර් පවර්, මෙමෙරි පාවිච්චි කරන්නෙ කියලා බලන්න.

කිරි අප්පට බස්සො කොටපි! මේං Windows Push Notifications User Service කියලා හාදයෙක් මෙමරියෙන් 80% කාලා. සුලුප‍ටු ගාණක් නෙමෙයි 28Gb .



අර  Notification Centre එකේ ඉඳන්  එපා එකටයි , අරකටයි මේකටයි කොච්චෝරවත් කේලං කියන එකා, ආන්න ඌ තමා. මං අහන්නෙ සත පහකට  වැඩක් තියන එකෙක්ද? අනික මෙමරියෙන් 80% ඌ කෑවම  අනිත් උන් කන්නෙ උගෙ ල$%^$#@?



ඔන්න ඉතිං බස්සා ගූගලේ , යූටියුබ් එකේ ගුරුන්නාන්සෙලාගෙන් උපදෙස් අරගෙන නොයෙක් බලි, තොවිල් ගුරුකං කරලා ඒ ලෙඩේ සුවකලා කියමුකො. මොනවද කලේ කියල නං අහන්න එපා. කලේ මොනවද, නොකලෙ මොනවද කියල මටවත් මතක නෑ කිව්වම. windows scrips, අර මාගල් වගේ එව්වා. ආන්න එව්ව තමා run කලේ. අපරාදෙ කියන්න බෑ  CMD promt දිගෑර ගන්නවා . අර පැත්ත බලල මේ පැත්ත බලන කොට සිං ගාලා දුවලත් ඉවරයි. මොනවා කලාද කියලා හාං කවිසියක්  නෑ. දැන් බලන්න මේ මැරෙන්න යන කොරෝනා ලෙඩ්ඩු. උන්ව පරික්ෂණාගාර මීයො ගානට අරගෙන ඔය නානාප්‍රකාර බේත් පොවල අත්හදා බලන්නෙ. ආන්න ඒ වගේ තමා.


වැරදුනු කුරුමාණම


ඔන්න තොයිලෙ හමාර වෙලා වින්ඩෝස් බූට් කලා. හුටා! බූට් මෙනු එක අන්තරස්ධාන වෙලා. ඔව්, ඔව් චුත වෙලා/ වාෂ්ප වෙලා.



 කලින් තිබුණද කියල ඇහැව්වා? තිබුණා, තිබුණා යස අගේට තිබුණා.තව ඔය අව් අස්සෙ නානාප්‍රකාර වැරදි තීරණ අටෝරාසියක් අරගෙන, සාර්ථක ලෙස ලෙසටම අනා ගත්තා.



දැන් පිංවතුනි, බූට් කරන්නත් බෑ. Macrium Reflect බැකප් තිබ්බට ඒක පාවිච්චි කරන්න USB එකට යන්නත් බෑ. දැන් ඉතිං ඉන්නව විරවගෙන ලාවුලු කාපු රිලව කොරෝනා හදා ගත්ත බෝරිස් ජොන්සන් වගේ. ඔන්න ඔහොමයි පිංවතුනි, බස්සොයි, කොරොනා ඔස්තාර්ලයි දෙගොල්ලොම කෙලව ගත්තෙ.



හරි, BIOS CMOS reset කරන්න තිබුනා. ඒක අන්තිම තුරුම්පුව නෙව.



ආන්න එතකොට මට සම්යක් දෘස්ටිය පහල වුනා, ඔච්චර තාක්සනේ, ධනය   බලය තියාගෙනත් ලෝක බලවතුන්ට කෙල වුනේ කොහොමද කියලා. මට වෙච්ච දේම තමා වුනේ.  අන්තිම තුරුම්පුව - ආර්ථිකේ රීසෙට් කරන්න මැලි වුනා. ආන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන කොරෝනා කෙලියෙ නැතෑ චකබ්ලාස් වෙන්නම. ඊට පස්සෙ ආයෙ මොනවද බබිත් සුන්, බබීගෙ අම්මත් සුං.



මම නං එක ‍රැයක් නිදි නැතුව  වැඩේ ගොඩ දා ගත්තා. මගේ රිකවරි ප්ලෑන්/ ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සිස්ටම් සම්පූර්ණයෙන්ම පුනුරුත්ථාපනය කලා.අර කස්ටියට නං තවකල් යයි ගොඩ එන්න. ඒ ඇවිල්ලත්  මිනිසුන් වශයෙන් අපි,අපි ගැන අධිතක්සේරුවක ඉන්නෙ  කියන එක තේරුං අරගෙන. පරිසරය සතා සීපාව දිහෑ බලන කෝණය වෙනස් කරයිද මන්දා?







Hiren’s BootCD PE 

මෙන්න මේක සෝක්  ඔහොම ආපදා අවස්තාකට. USB එකෙන් බූට් වෙනවා. Full graphical interface එක. Windows PE උඩ දුවන්නෙ. ඕන කරන tool ඔක්කොම තියනවා.  Macrium Reflect  ඒකෙම තියන නිසා වෙනම ඕනෙ නෑ.  ඒ තියා වැඩ කරන ගූගල් ක්‍රොම් බ්‍රව්සර් එකක් පවා තියනවා.



ඉතිං ඔන්න ඔහොමයි මේ දවස් වල අපේ ජීවිතේ. සුද්දො අපිට "අවුල්" කියන්නෙ ඇයි කියල දැන් තේරෙනව නේද?




පසු සටහන:

ඉඳලා හිටලා කොම්පීතරේ හුස්ම හිරවෙන ලෙඩේ උත්සන්න වුනා. මවුසත් හිරවෙන්න ගත්තා. මං දන්න ගොඩ වෙදකං ඔක්කොම කලා හරි ගියේ නෑ. 

නිකමට වගේ මං දැක්කා GPU උෂ්නත්ත්වය ටිකක් වැඩි වගේ කියලා. ඒක තමා ලෙඩේ . GPU temperature වැඩි වෙනවා   සැරින් සැරේ . එතකොට ඒකෙ fans ඔන් වෙලා temperature  අඩු කරනවා. මේක හරියට ගේ ගිණිගන්න කොට වතුර බාල්දියක් ගහනවා වගේ. ආයෙ ගිණිගන්නවා, ආයෙ වතුර බාල්දියක් ගහනවා. 

මං Windows Push Notifications User Service ගොයියට බැන්නට  උන්දැ හදලා තියෙන්නෙ මට කේලම කියන්න. ඒත් කිව්වේ ඇත්ත නෙමෙයි, අලි කෙබරයක්. ඒ අවුවස්සෙ  හොල්මං වෙච්ච උන්දැ මෙමරිය කාගෙන, කාගෙන ගියා.

දැන් ඔක්කොම බබා වගේ වැඩ. මෙන්න මේ දෙන්න තමා උදව් කලේ ලෙඩේ හොයා ගන්න.