Friday, March 30, 2012

නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු

කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " ‍තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.




මට හැමදාම තිබුණු ප්‍රශ්ණයක් තමා, Blogger බ්ලොග් වල පළල ඇයි මේ තීරුවක් විදිහට තියෙන්නෙ කියන එක. ඇයි මේ සාගරයයක් වගේ පළලට මොනිටර් තියෙද්දි, අර "ඔබේ තීරය" වගේ පෙන්නන්නේ අපේ කුතුහලය අවුස්සන්නද, නැහ්නං මීයාගේ බෝලෙ ගෙවන්නද කියලා මං දහ අතේ කම්පනා කොරලා තියනවාය. ඔය "කෝපි- ඉස්කිරිප්ට්" එඩිට් කරලා නා ගන්න අකමැති නිසා, මං ඒ වැඩේ අත් ඇරලා දැම්මාය.


ඕන්න දැං Blogger කස්ටිය ඒ පහසුකම අළුත් Dash-Board ඉන්ටෆේස් එකේ සපයලා තියනවා. වැඩේ හරිම ලේසිය.


පලමුව මෙතනට කොටන්න








 දෙවනුව මෙතනට කොටන්න










දැන් අවශ්‍ය කරන බ්ලොග් එක ‍තෝරා ගන්ට




තෙවනුව මෙතනට කොටන්න






හතරවනුව මෙතනට කොටා  "Backup" කර ගැනීම මගේ සරීර සවුක්කියටත් , ඔබගේ බ්ලොග් සවුක්කියටත් ගුණ දායකය




දැං මෙතනට කොටන්න








දැං මෙතනට කොටන්න




දැං මෙව්වා ඇජස් කරගෙන තමන්ට අවශ්‍ය ගානට හදාගන්ට











අවසානෙට මෙතනට කෙ‍ටුවේ නැහ්නං, මෙච්චර වේලා කොරපු ඔක්කොම වතුරේය








Disclaimer: මේ කියාපු විදිහට නොකර හිතූමතේ කූඤ්ඤ ගලවන්ට යන වඳුරන්ගේ වලිග ගැන වගකියනු නොලැබේ.



Read the fine print!: මේ වැඩේ හරියන්න නං තමන්ගේ ටෙම්ප්ලේට් එක මේ පහසුකමට  ගැලපෙන්න ඕනෙ. මගේ එකට මේක හරියන්නෙ නෑ :(





ප.ලි: මොන විදිහට කිව්වත්, ඔය ටෙම්ප්ලේට් මාරු කිරිලි, අළුත්වැඩියා කිරිලි වල පොඩි පහේ යාන්ත්‍රික දෝෂ නැතුවාම නෙමෙයි. බොහෝවිට වෙන්න පුළුවන් දෙයක් තමා, එක විජට්‍ටුවක් අනෙකාගේ කරේ නැගීම. මේක වලක්වා ගන්න නම් ඔය කිව්ව එව්වාට අමතරව මෙහෙම කරන්න:



 

layout වලට කොටලා කොලපාට රවුමෙන් පෙන්නන " single colomn" layout  එක ‍තෝරාගෙන නිල්පාට රවුමෙන් පෙන්නලා තියන විදිහට විජට්‍ටු ටික එක single colomn එකක තියන බවට වග බලාගන්ට. එහෙම කරලා හදපු බ්ලොග් දෙකක් තමා මේ තියෙන්නෙ. 






http://hotambuwa.blogspot.ca/





http://bakamuuna.blogspot.ca/













Thursday, March 22, 2012

අඳුනා ගත්තොත් ඔබ මා........





අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි 

ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.





ඕන්න ඔතනදි තමයි, අපි සීන් එකට එන්නෙ. අපෙ ජීවිතේ සහජයෙන්ම 100% සොභාව ධර්මයට අනුකුල නිසා, එයා අපිට බොහොම හිතවත් උනා. පේනව නේද වටේ සාවධානව ඉඳගෙන දර්ශණය හදාරණ අපේ කස්ටිය?



එව්වා ඇරිච්චාවෙකො, අර ලන්තෑරුම තියනව නේද? ඕක පත්තු කරගෙන එයා , දවසක් මහ දවාලෙ කාවද හෙව්වා. මිනිස්සු ඇහැව්වාම කිව්වෙ, " මං මේ අබංක කුසුමව හොයනවා " කියලයි. ඔහෙලා හිතන්නෙ හම්බ උනා කියලද? නෑ.



එහෙම "අබංක කුසුමව" හොයාපු තව හාදයෙකුට වෙච්ච සංතෑසියක් මේ:













විලියොං කියලා සුද්දෙක් කිව්වලු " ලෝකය රඟ මඩලකි, අපි එහි නළුවෝ වෙමු" කියලා. එක අතකට අනුන්ගෙ වැරදි හොයන්නෙ කොහොමද, අපිත් කරන්නෙ, අපේ කොටස රඟපාන එක කොට?



මේක මට කිව්වෙ, ඒරොප්පෙ ඉහල විබාග පාස් කොරලා, ඉහල රස්සාවක් කරලා, පවුලේ යුතුකං හොඳින් කරපු, ඒත් පසු කාලෙක ආරථික අවපාතෙට අහුවෙලා වැටිලා හිටපු මහත්තයෙක්" ටොමියො, මිනිසුන්ගෙ හැටි සුබාව තේරුං ගන්ට නං අපි වැටෙන්න ඕනෙ. එතකොට පිට එවුන් කොහොම වෙතත්, තමන්ගෙම පවුලෙ අයත් අපි දිහා බලන්නෙ හරියට අත පල්ලෙන් වැටිච්ච ගානටයි" කියලා.



ඒත් බලාපොරොත්තු අත අරින්න එපා. මොකද බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ඒ වගේම කව්ද දන්නෙ මෙන්න මෙහෙම අවංකවම කියන්න පුළුවන් කෙනෙක් ලැබෙයිද කියලා?   :D





Saturday, March 17, 2012

බලු වැඩ

සමහරු අපට බව්වා කියනවා, සමගරු බච්චෝ කියනවා. ගමේ ඉන්න අපි නං නිකම්ම නිකං බල්ලා. "මිනිසාගේ හොඳම මිතුරා" කියන නම්බු නාමෙ ලැබිලා තිබුනට, "බලු වැඩ" කියන්නෙ නං නම්බුකාර වැඩ නෙමෙයි. අපේ නම හම ගියාට එව්වා වැඩියක්ම කරන්නෙ අපි නෙමෙයි , මිනිස්සු.









මේ අසමජ්ජාති බකමූණා අපට කෝචෝක් පාරක් දාලා තිබුනා, ඔය රට රට වල ඉන්න අපේ ඇත්තො කලිසං -කෝට් අඳිනවා කියලා. හහ්, ඇයි අපේ අය එව්වා ඇඳාම මොකද වෙන්නෙ, එයාලත් සරස්-බරස් ගාලා හරි හරියට ඉංගිරිසි කතා කරන කොට. මං මේකට දහ අතේ වැඳලා යන්තං මේක ලියන්ට චෑන්ස් එකක් ඉල්ල ගත්තෙ , පරම්පරාවෙ නම්බුව බේරගන්ටයි.



- ටොමියා -