Friday, December 30, 2011

සැමටම සුභ නව වසරක් වේවා!



ඕං අලුත් අවුරුද්දට මගේ ගානෙ නියම සිංදුවක්.



මට මෙන් ඌ..ටද කඬුල ඔබයි. මේක ඇහෙනකොට ඔහෙලටත් මට වගේම ටිකා..ක් මලකඩ කාපු සිංහල වොයිස් එකක් මතක් වෙනවද , හැබෑටම ? :))


                                      

Saturday, December 3, 2011

ගෙඹි කුමාරයා

ඔහෙලට කියන්න ආයිබෝං, මේ පහුගිය දොහක, මයෙ ආහාර ගබඩාව හිස් වේගන එන හින්දා මම පොඩි චෙරි-බෙරි ෂොපින් පාරක දාන්න කියලා, අර වෙල ඉස්මත්තෙ තියෙන ලඳු කැලෑවට රිංගුව නෙව. වෙනදා මෙව්ව තියෙන සාවියෙ පලදාව අඩුනිසා , නොදැනුවත්වම මාත් ගිහින්, ගිහින් නතර උනේ රූස්ස හිමේ. ඒ හරියෙ ඝණ මූකලාන, මෙලෝ සතෙක් යන්ට කැමති නෑ, ඔය මන්තර කාරියොත් ඉන්නවයි කියන්නෙ.





මාත් ඉතිං මේ බව නොදැන යනවා, උඩ බල,බල චෙරි හොය, හොය. ඔහොම යන කොට මට ඇහෙනවා, හඬක් " ෂ්, ෂ්, බෂ්ෂො" කියලා. බැලින්නං අර දෙළුං නෝනෙගෙ නෙළුං පොකුණ තියෙන්නෙ ආන්න ඒවගේ පොකුණක් ගාව ඉඳලා කව්ද හාදයෙක් මට කතා කරනවා. ඔය රූස්ස කැලෑවල තියෙන පොකුණු තියනවනේද? එව්වා මහ මායාකාර තැන් නෙව. මං ඒත් බැලුවා දිය මකරෙක් වත්ද කියලා, ම්හු... ගිනි පිඹින පාටක් නැති නිසා ලඟට කිට්‍ටු කලා.

අඟුරු කෑල්ල වගේ,හොඳ කඩවසම් පෙනුම තියෙන හාදයා, පොකුණ ගාව ඇනබාගෙන බොහොම දුක්මුසු විදිහට බලාගෙන ඉන්නව.

"මේ මටද කතා කලේ? මාව දන්නවද?"

"මොකද මං නොදන්නෙ, මේ අපේ නැන්දගෙ දොරකොඩ බස,බස ගාපු බකුසු උන්නැහේ නේද?"

" නෑ,නෑ මං ඒ බස්සා නෙවෙයි. ඒත් එයා අපේ කෙනක් නං තමා. ඔයා කව්ද?"

"මං ගෙඹි කුමාරයා. අර කුමාරිකාවගෙ බෝලෙ හොයලා දුන්නාම උම්මා දුන්නෙ. අන්න එයා"

"හැබෑටම? ඔය දුන්න උම්මා, සමනල උම්මද? අයිස්ක්‍රීම් උම්මාද?"

" මතක් කරන්න එපා. ඔය උම්මා තමයි මාව නැතිකලේ"

"ඇයි මොකද උනේ. කතාවෙ තියෙන්නෙ, ඉක්බිති සියල්ලෝම සාමයෙන් සතුටි ජීවත් වුනා කියලනෙ"

" ඔය කතන්දරකාරයො ඔහොම්මමයි. උන්දලා ඉතිං ඊට පස්සෙ වෙච්චි දේ කවදාවත් කියන්නෙ නෑ"

" හැබෑටම ඊට පස්සෙ මොකද වුනේ?"

"ඔහෙට කියන්න බෂ්ෂො, මං නිකම්ම නිකං හැල ගෙම්බා කාලෙ කොච්චර සං‍තෝසෙන්ද හිටියෙ? ඔහේ කැමති වෙලාවක් , නෙළුම් කොලයක් උඩට වෙලා ෂපාන් එකේ බුදිය ගත්තා. අනික් ගෙම්බොත් එක්ක සිංදු කිව්වා. බඩගිනි වුනාම බත් කූරෙක් දෙන්නෙක් ඩයට් එකට ගත්තා. හිතුනු වෙලාවක නෑවා. "



          



"ඇයි රජමාලිගාවෙ කුමාරයෙක් උනාම , රජසැපලු නෙ? ඕකනෙ කියන්නෙ ගෙම්බව කොට්ටෙ තියන්නෙ බෑ කියලා?"

" අනේ බොල බෂ්ෂො, ‍තෝ දන්න ඉටිගෙඩිය. මට වුනේ මං අනුන්ගෙ රජ ගෙදරක බින්න බැහැපු එකේ වැ‍රැද්ද නෙව. රජ කුමාරි, රාජ්‍ය කටයුතුවලට එහේ මෙහේ ගියා. මං තමයි රජ ගෙදර, රථාචාර්ය්‍යා, සූපවේදියා එතකොට ප්‍රධාන බට්ලර්තුමා. ඒ ඔක්කොම සුමේ කරලත්, පොඩ්ඩ බැරිවෙනකොට එනව නේද පොල්ගෙඩි අකුරෙන් SMS", "YOU DON'T LOVE ME ANYMORE" කියලා, කැපිටල් අකුරෙන්ම. 

" ඒක නං හරියි කියලා කියන්න බෑ තමයි. ඉතිං හැබෑටම, ඔහේට සැපක් කියලා දෙයක් ලැබුනෙම නැහ්ද , මං අහන්නෙ?"

" මොකෝ නැතුව? මුලින්, මුලින් නං රජසැප. ඒත් පහු, පහු වෙනකොට එව්වා අඩුවෙලා ගිහිල්ලා, ඔය ඉඳහිට, අවාරෙට කජු වැටෙන්නැහෙ උම්මා එකක්, දෙකක් ලැබුනා නං තමා. පස්සෙ මගෙ නිදහස නැත්තටම නැතිවුනා. මං යන එන තැන්, කතා කරන අය ගැන හොයන්න ගත්තා. බෂ්ෂො උඹ අහල තියනවද, රජ බොජුන් දීලා ,රන් කුඩුවෙ තිබ්බත් ගෙම්බව සං‍තෝසෙන් තියන්න බෑ කියන කතාව?"

" මං නං අහල තියෙන්නෙ ගිරව කියලයි. දැං කාලෙ බේතකටවත් ගිරවෙක් හොයාගන්න නෑ නොවැ. ඒ තියා මූදු මංකොල්ල කාරෙයොන්ගෙ කරේ ඉන්න ගිරව් හිටන් කොල්ලකනවා කියන්නෙ?ඒක නෙමයි, මොකද ඔහේ, මේ හැල ගෙම්බා වහේ බකන්නිලාගෙන මේ පොකුණ ගාව කරන්නෙ?"

"මං මේ මන්තර කාරියෙක් එනතුරු බලාගෙන ඉන්නවා. මන්තර කාරියෙක් නැහ්නං, බටකොළ ආච්චි කෙනක් වුනත් කාරි නෑ, ආයිත් ගෙම්බෙක් වෙන්න තියනව නං.





ආදර්ශය: තමන්ට ඇතිදේ වල අගය දැනෙන්නේ, ඒවා තව දුරටත් නැතිවූ විටය



Thursday, November 24, 2011

අපිත් සිංහ වංසෙ.....





පහුගිය දොහක බැස්සිත් එක්ක කතාවක් දාහෙන ඉන්නකොට, කියපි ඔයා හරි chicken කියලා. ඕක සිංහල හැරෙව්වොත් "ඔයා හරි කුකුලා" වෙනවා. එතකොට එන්නෙ වැරදි අදහසක් නෙව. හරි, අපි කා ගාවත් පොඩි "කුකුල්" ගතියක් නෑ, කියලා මං කියන්නෙ නෑ. Wikipedia එකේ chicken අර්ථදක්වල තියෙන්නෙ මෙහෙමයි "a domesticated fowl.". ඒ කියන්නෙ එයා සැවුළ් පවුලෙ කෙනක්. ඔය ලොකුවට හිතාගෙන හිටියට මොනරු, හංසයො,පාත්තයො ඔක්කොම ඒ පවුලෙ තමා :)). ඒ වගේම බවලත් උදවියට "ගිනි කිකිලි" කිව්වොත් ඒකෙන් එන්නෙත් වෙනත් අදහසක්.



 ඔය කුකුල් කතාව ඇදිලා ආවෙ, එයා අහපු දේකට මං ටිකක් අදිමදි කලා කියලයි. හහ්,"chicken" කිව්වා කියලා, හිතේ ඇති අපි අහුවෙයි කියලා. මං නං කියන්නෙ, හැම මිනිහෙක් තුලම, කුකුලෙක්, හරකෙක් සහ සිංහයෙක් ඉන්නව කියලයි




                

Friday, November 18, 2011

නිඳි දෙව්දුව....

සිහිල් බෙනේ තුල යහන සදා දෙමි

සැතපෙනු මැන සුවසේ.....

එවන් වෙලාවක සමනල උම්මා

දෙන්නද මම රහසේ...



අහල පහල බස්සොන්ට පෙනෙන්නට

නොයනු මැනවි පිටවී.....

සදා ඔබේ කොට්ටය වෙන්නම් මම

එහි සැතපෙනු මැනවී...



මෙවන් හැඟීමක් නැත පෙර පහළව

අරුමෙකි මහ පුදුමයි..

භවෙන්, භවේ ඔබ මට හමුවන්නට

මා පතනා පැතුමයි....











P.S: මොකක්දෝ කියාගන්ට බැරි දුකක් හිතේ තියාගෙන , තනිවෙලා ඉන්න කෙනෙකුගෙ මුහුණට හිනාවක් ගෙනාව නං, මගේ කාරිය සම්පූර්ණයි.....

Saturday, October 29, 2011

When everything's made to be broken.....

අනේ මන්දා, බලන්නකො ඉන්න හැටි

 බස්සා පවු නේද? සසර කලකිරිලා වත්ද?






And you can't fight the tears that ain't coming

Or the moment of truth in your lies

When everything feels like the movies

Yeah you bleed just to know you're alive






And, I don't want the world to see me

 'Coz I don't think that they'd understand


When everything's made to be broken

 I just want you to know who I am








       



P.S:  වලි ඉවරා...යි.











And, you asked me what I want this year

and I try to make this kind and clear

 just a chance that maybe we'll find better days...
















     

Monday, October 24, 2011

මන්දාරමෙන් එහා..

අහන්නකො මේ සිංදුව. ලස්සනයි නේද?





                





මේ දවස් වල මෙහාට ටික, ටික වහිනව. අහස පුරාම වැහි බීරම. ඒත් ඉතිං වැඩට යන්න එපෑයැ. හුළඟට ඇඟේ හිරි ගඩු පිපෙනවා. ඉතිං කාවද මතක් වෙන්නෙ? දුම් දාන කෝපි කෝප්පෙයි, බැස්සිවයි තමා.

සිංදුවෙ මෙන්න මෙහෙම කියනවා:





මන්දාරමෙන් එහා..

දෙව් දුවක් ඇති බලා...

මට යන්න දෙන්න සියුමැලියේ...

සුවඳ සොය සොයා..

මේ රාත්‍රියම නිසංසලයි.. ඒත් ඔබ නිසා...





මට ඕක තේරෙන්නෙ නෑ නෙව ආයිබෝං, සියුමැලියා ලඟ ඉන්නව නං ආයි මොකටද අර දෙව්දුවක් හොයන්න යන්නෙ. බස්සට නං, අරලිය මලයි, සුදුපාට මීදුමයි, සියුමැලියයි ඔක්කොම එක්කෙනයි.





අර ගුල්ලා මට ජූජක බමුණයි කිව්වා. ඕං බලා ගන්ටකො බස්සව. එකක බස්සා බුදි.



















අනිකෙ ඔලුවට පොලු පාරක් වැදිලා වගේ බලන් ඉන්නෙ,             මොනව දැකලද මන්දා?

Sunday, October 23, 2011

පැණි හැලීම, මල් කැඩීම, කො‍ටු පැනීම සහ හැලප ගිලීම....

අනික් අය වගේම, බස්සත් කැමතියි, සංගීතෙ අහන්න, නැ‍ටුං බලන්න. ඔය 'මූන්ලයිට් සොනාටා" තරම් සම්භාවනීය එව්වා නොවුනාට මෙන්න මේ වගේ එව්වා:













 සමහරු නං මේකට කියන්නෙ, හැලප ගිලින්ට යනවා කියලයි. අනේ ආයිබෝං, යැංකි රටේ, අයර්ලන්තෙ කොයින්දෑ හැලප? හා, ඔහෙලම කියන්ට බලන්න, අනික් හැමෝටම , චිත්‍රපටි බලන්න, පොත් කියවන්න හොඳ නං , බස්සෙක් මේව බලන එකේ වැ‍රැද්ද මොකක්ද කියලා?

ටොමියට සිංදුවක්......

බල්ලො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්. හරිම අවංකයි. එයාල හිනා වෙන්නෙ නැට්ටෙන්.









නරි මොටා නං කියන්නෙ , බල්ලො කියන්නෙ හීලෑ වෙච්චි නරි කියලයි. මෙන්න ටොමියයි , නරි මොටයි අතර ඇති වෙච්චි කතාව.

(Reporting live from දොරකඩ ගහ by මූකලන් බස්සා)





"දැං බලපං ටොමියො, අපි දෙන්නගෙ පෙනුමම, හරියට සහොදරයො වගේ නොවැ"

" අනේ නිකං හිටිං, උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මං නං පිලිගන්නෙ නෑ. හා එහෙනං බුරල පෙන්නපං"

" බිරිල්ල පැත්තක තියමුකො, හා, හඳ දැක්කාම අපි දෙගොල්ලොම උඩු බුරන්නෙ නැද්ද?"

" අනේ නිකං හිටිං, උඹ මහ කපටියා. බල්ලො එහෙම නෑ, අවංකයි"

"හුහ්, මගේ කට. අවංකයි!. අර එතකොට හොරා කන්ට කුස්සියට පැනලා මැණිකගෙන් පොල් බෑ පාරක් කෑවෙ අවංක කමට වෙන්ටෑ. අර කව්ද බස්සටත් කිව්වෙ කපටිය කියලා"





"ඇත්තද මචං, ඔය ලොකු ලොකු සල්ලිකාර නෝනලා, බල්ලට 'ඩාලිං' කියනව කියන්නෙ. එයාල නිදාගන්නෙත් ඇඳේලු. එතකොට මහත්තයා බුදිය ගන්නෙ පාපිස්ස උඩද, මචෝ?"

" හප්පේ, එහෙම සැප විඳින්ට , ඉහල බලු කුලයක උපදින්න ඕනෙ, බං. මං දන්න එහෙම 'හයි-ක්ලාස්' බලු නකුටෙක් ඉන්නවා මැලිබන් හන්දියෙ. ඌට තියෙන්නෙ මේ 'හෝර්ලික්ස්' වගේ කිරිපිටි ජාතියක නමක්. අහල කියන්නං"





                         

Saturday, October 22, 2011

වළි කිකිලියෙකුට පෙම්කල උගුඩුවෙක්..








ඔය අපේ අලි මඩුවෙ, රා මුට්ටියට හොම්බ දාන්ට එන උගුඩුවෙක් හිටියා. මට මේ ලඟදි දවසක් එයාව හම්බුවුනා නෙව දෙණියෙ කුඹුක ලඟදි, කරටි කැඩෙන්න ගහලා.



"ඇයි බොල උගුඩුවො, බොනවයි කියලා ඔහොමත් බොනවද? චැහ්, ‍තෝ නං මුළු උගුඩු පරම්පරාවටම අවනම්බුවක්"



"වැඩක් නෑ, බෂ්ෂො. ආයෙ අපෙ පරම්පරාවෙ ගන්න නම්බුවක් ඉතිරිවෙලා නෑ, ආං අරහෙ කස්ටිය ඒකෙ දැලි ගානවා"



" කව්ද බොල ඒකෙ දැලි ගාන්නෙ?"

"වෙන කව්ද, අර කස්ටිය තමා. අර කව්ද මලක් වගේ කෙනෙක් ගලක් වුනාලු. කාගෙද සායම ගියේ? මේ අහිංසක අපේ!"



" ආ, ඒකද. ඒක මේ උඹට කියපු එකක් නෙමෙයිනෙ. උගුඩුවා කියල කිව්වට ඒකා හෝතම්ඹුවෙක් නෙව"



"ආ, ඒක මිසක්. ඒත් මං බිව්වෙ වෙන දේකට, ගෙදර වලියකට"



" ඇයි උගුඩිච්චි එක්ක අදත් වලියක්ද?"



" බෂ්ෂො. එයා උගුඩිච්චියෙක් නෙමෙයි. එයා වලි කිකිළියෙක්"



" ඈ බොල උගුඩුවො, බොගේ ඔය ඔලුගෙඩිය අස්සෙ මොළේ කලඳක්වත් නැතුවද තමන්ට නොගැලපෙන මඟුලක් කරගත්තෙ? අනික,එහෙනං වැරද්දක් කියන්නත් බෑනෙ, එයා වළි කිකිලියෙක් නෙ?"



" මොනව කරන්නද බෂ්ෂො, ලබා උපන් හැටියට නෙව ඔබා වැනෙන්නෙ?"



" බොට නං හොඳටම වැඩියි, ඔබා නෙමෙයි බොල, බඹා"



" කව්ද ඔය බඹා, අනික ඇයි එයා වැනෙන්නෙ? එයත් සෑහෙන්න බොන කෙනෙක් වෙන්ටෑ? නැත්නම් එයාගෙ මහගෙත් වළි කිකිලියෙක් වත්ද?"



"බඹා කිව්වෙ මහා බ්‍රහ්මයා නෙව. ඒක නෙමයි , උඹ ඔය කිකිලිට දැපනෙ වැ‍ටුනෙ, මොනව දැකලද?



"එයා මාව දැක්ක මුල්ම දවසෙ වේලිච්ච කොල ගොඩේ 'බස,බස' ගාලා දිව්ව හැටියට තමා මට ආදරේ හිතුනෙ. බෂ්ෂො උඹට කියන්න, මට කාලම ඉන්න බැරි වැඩේ, අහල පහල නයි , මුගටි හෝතම්ඹුවො ඔක්කොම එයාට බැල්ම දාන එකටයි"



"වළිකිකිලියෙක් නං ලස්සනට දුවන්න ඇති තමා, කෙට එලදෙන දිව්වා වගේ. කිකිලි ලස්සන ඇති, ඒකයි අනික් උන් බැල්ම දාන්නෙ"



" ලස්සන නං තමා, එයා ඩයට් කරනවා, ජිම් එකටත් යනවා.ඒත් මම එයාට ආදරේ පෙන්නනව මඳිලු. මං කොයි වෙලාවෙ බැලුවත් බුදිලු. මං 'මෙව්ව' දෙනව මඳිලු. මට තියන ප්‍රශ්ණෙ, එයා " ඔය කවුරු මොනව දුන්නත් මං ආදරෙ ඔයාට විතරනෙ මයෙ කුක්කු පැටියෝ' කියලා කිව්වට, අනික් අය දෙන 'මෙව්වා' ලස්සනට බාර ගන්න එකටනෙ"



" ඒ කියන්නෙ බොට ඔය කිකිලිව ෂුවර් නෑ"



"අනේ මන්දා බෂ්ෂො, එහෙමමත් නෙමෙයි, කිකිලියො කියන්නෙ හරිම සංකීර්ණ සත්තු ජාතියක්..."



          

Tuesday, October 18, 2011

අමාවක.......

ඝණ මූකලානෙ රාත්‍රිය නිසසලයි. හිරිගඩු පිපෙන හීතල හුලඟක් හමාගෙන ගියා. සර, සර ගාලා මොකෙක්ද පැනලා දිව්වා. රට උගුඩුවෙක්, ඔය කාගෙ හරි කුණු බාල්දියක් පෙරලන්න යනවා ඇති.අහසෙ ලස්සනට හඳපායලා තිබුනා, ඒත් බස්සගෙ ලෝකෙට නං හඳ පායලා තිබුනෙ නෑ.



බැස්සි ස්ට්‍රයික් කරලා. නෝ කතා, නෝ සිනා. එයා එහෙම තමා, අහිංසකයි කීවාට වෙඩි තියන්නෙ සයිලන්සර් හයිකරපු එකකින්, සද්දෙ නෑ, ඒත් බොක්කටම වදිනවා. හිනාවෙලා, සැහැල්ලුවෙන් හිටියට බස්සගෙ ජීවිතේ හැමදාම රෝසමල් යහනාවක් වුනේ නෑ. ඒත් අතාරින්න නරකයි, අර කෝ‍ටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉන්න ඕනෙ. මොකා බැන්නත් කාරි නෑ, කට අරින්න නං එපා.



බස්සා ඉන්න දිහා රාත්‍රිය නිසසල නෑ, තොර‍තෝංචියක් නැතිව යන වාහනවල සද්දෙ."මේ යක්කු කොහෙ යනවද මන්දා?" බස්සට හිතුනා. නිදි නැති මේ නගරයේ, මැදියම් ‍රැයේ මේ අය යන්නෙ ‍රැකියාවට. සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ සටනක්. ඔන්න ඕක තමයි යතාර්ථය.



අපි හැමෝගෙම හීන තියනවා, ඒත් හීන ලෝකෙ ඉඳලා සැබෑ ලෝකෙට ආවාම ක‍ටුක යතාර්ථයට මූණ දෙන්න වෙනවා. ජීවිතේ සැප, දුක එකසේ විඳගන්න ලෑස්තිනං විතරයි අපේ හීන හැබෑකරගන්න පුළුවන් වෙන්නෙ, අපේ හීන වලට පැවත්මක් තියෙන්නෙ. පැදුරෙ ඉන්න අපට නං ආයෙ වැටෙන්න බිමක් නෑ, ඒත් ඊට උඩින් ඉන්න අයට ඒක, ඔය කියන තරම් ලේසි වෙයිද?




    

Wednesday, October 12, 2011

උගුඩුවාගේ ගීතය...







මේ සිංදුව උගුඩුවෙක් ගැන. ඇත්තටම කියනවා නම් මං කියවපු, මගේ හිත සසල කල, "ලොකු" ඇටිකෙහෙල් කැනක් වෙනුවෙන්.....



     

Thursday, October 6, 2011

බස්සෙක්, බල්ලෙක් සහ පාන් බාගයක්....

ඇයි වදේ, මම ආසාවට පොඩි වල් ‍ටුවර් එකක් දැම්මොත්, මං යන්නෙ බඩජාරිකමට හැලප ගිලින්ටලු.. උන්දැට හැම බෙනේටම හොට දාන්ට හොඳයි, මං නිකම්ම නිකං බස්සෙක් නිසා මට තියෙන්නෙ බෙනේට වෙලා ඉන්නලු.





නප්පියටම තද වෙච්චි පාර, මඔ ඕන විස්කිරිඤ්ඤයක් වෙන්න කියලා හන්දිය දිහාට පියාඹලා බේකරිය ගාව සියඹලා ගහේ ලෑන්ඩ් කලා. හුටා මේ ටොමිට නේද, තුන් අන්ඩෙන් පැන පැන එන්නෙ? අර මොකක්ද කටේ, හුහ්, මේ නොසන්ඩාලයා අදත් බේකරියෙන් හොරා කාලා නෙව.





"හූම්..හූම්...."

"ෂ්..ෂ්..කෑ ගහන්න එපා බෂ්ෂො. බේකරියෙ පාන් බාස් ආවොත්, මාත් සුං, උඹත් සුං. උඹට ඕනෙ නං කෑල්ලක් කාපං"





ඔය බඩ ගොස්තරේ හොයාගන්ට ඔහොම කලාට, ටොමියා හිත හොඳ එකා. උගෙ අම්මා single parent ලු.තාත්තා කව්ද දන්නෙ නැහැලු.





"බෂ්ෂො, උඹ දන්නවනෙ, මං අනාතයා බව. රට්‍ටු මට නොයෙක් නම් කියලා බනිනවා. ඒත් මට ඉවසන්න බැරි උන් මට අම්මා මතක් කරලා බනින කොටයි"

"හැබෑටම , චෑ, චෑ ඒක කැතයි. මොනව කියලද බොට උන් බැන්නෙ?"

" මට "බැල්ලිගෙ පුතා' කිව්වා"

"ඈ බං, ඉතිං ඒක ඇත්තනෙ"

" ඇත්ත උනාට ඒක කුනුහරුපයක්නෙ. මාත් ඇරියෙ නෑ, හැපුව එකෙක්ගෙ පස්ස, සරං කෑල්ලක් මයෙ කටේ හිටින්න"

"නෑ බං, ඒක කුනුහරුපයක් නෙමෙයි"

"උඹ දන්න ඉටි ගෙඩිය. ඇයි එහෙනං එහෙම කිව්වම, ඇක්මොන් ගොයියා මරතේලිසාගෙ දත් දෙකක් හැලෙන්න හොම්බට ඇන්නෙ?"

පරස්පර






"ඔයාට මාව විස්වාස නෑ නේද?"

" නෑ අවිස්වාසෙකට නෙමෙයි. විස්වාසය කියන්නෙ උපයා ගන්න ඕනෙ එකක්"

" එහෙනම්, කොහොමද මං ඔයාව මෙච්චර විස්වාස කරන්නෙ?"

" මං කවදාවත් කියල තියනවද, මාව විස්වාස කරන්න කියලා?"





ටික දිනකට පසුව......





"කොහෙද ඉන්නෙ?"

" මං මේ වැඩ. හරියට බිසී. ඉඩක් ලැබුනාම කතා කරන්නම්"

" බිසී, හුහ්, අනේ මගෙ කට. අර "ඔන්-ලයින්" ඉන්නෙ. මං නිදාගන්න කං ඉඳලා හැලප ගිලින්න ගිහින් ඇති. නැත්නම් අර අනිත් ගෙම්බියෙක් එක්ක චැට් එකක් දාන්න ඇති"

" ?#!&*$%@:(? " 

Saturday, October 1, 2011

පොත් පොත් ...ලාබයි..ලාබයි

ඔන්න ගුල්ලො නියම පොත් ගුල් දෙකක්, හිතේ හැටියට විදගෙන , විදගෙන යන එකයි ඇත්තෙ. මෙතන අරාබි නිසොල්ලාසයෙ ඉඳන් ඇන්ඩර්සන් ගොයියගෙ සුරංගනා කතා දක්වාම පොත් තියනවා.





http://librivox.org/



http://www.gutenberg.org/





මේ සයිට් දෙකම public domain. ඔය ePUB වගේ portable format එහෙමත් තියනවා.මං කැමති classic පොත් ලිස්ට් එකකුත් දාන්නම්:




The Moonstone


The Moonstone (1868) 

by Wilkie Collins.

19 වන සියවසේ රහස් පරීක්ෂක කතාවක්. 

ලස්සන ආදර කතාන්දරයකුත් ඒ අතරින් 

ගලාගෙන යනවා.ප්‍රථම ඉංග්‍රීසි රහස් පරීක්ෂක 

කතාව කියලා තමයි සැලකෙන්නෙ.






ටොම් පච හෙවත් ඉස්තරම් බේගල් කතා:




The Adventures of

Baron Münchhausen
Don Quixote 









කවදා හරි දවසක අපට අපේ හිංගල පොතුත් මේ වගේ කියවන්න වාසනාව ලැබේවා කියලා පතනවා.මේ දවස්වල බස්සට අමාවක. උගේ ලෝකෙට ආයෙ හඳ පෑව්වාම ඉතිරි පොත් ටිකත් එකතු කරන්නම් :)

Sunday, August 28, 2011

බොම්බයි මොටයි

බොම්බයි මොටයි කියන්නෙ බස්සා පැටියා කාලේ, හරිම ආස කරපු කෑමක්. පොඩි සීනුවක් ගගහා" බොම්බා...යි, මොටා...යි" කිය කිය , ඉඳලා හිටලා ගමට ආපු බොම්බයි මොටයි කාරයා පස්සෙ බකුසු පැටියා පන්නගෙන යනවා දැක්කොත්, අපේ බලු නකුටත් සපෝට් එකට පස්සෙන් දුවගෙන එනවා. ඉතිං අර අසරණ වෙළෙන්දාත් දුවනවා, ඇයි එයා දන්නවයි, මේ නෝන්ජල් බල්ලා කාවත් නොහපන විත්තිය.ඉතිං එදාට බස්සටයි, බල්ලටයි දෙන්නටම හුලං. ඒ වුනත්, බොම්බයි මොටයි ගත්තදාට අර මෝඩ බලු නකුටටත් පංගුව ලැබුනා.. හප්පා, එව්වයෙ රහ.







බොම්බයි මොටයි කියන්නෙ, Candy Floss,Cotton Candy නැත්නම් කැන්ගරුවන්ගෙ Fairy Floss නෙමෙයි. බස්සා රටගිය වෙලේ හිටංම බොම්බයි මොටයි හෙව්වා. මේක ඉන්දියන් රස කැවිල්ලක් බව අනුමාන කරපු බස්ස, එයාලගෙනුත් ඇහැව්වා, ඒත් උන්දලා දන්න බොම්බයි මොටෙක් නෑ. හොයන්නාට සම්බවේ කියනවනෙ, අන්තිමට බොම්බයි මොටාව හම්බ උනා. එයා නම වෙනස් කරලා, වෙස් වලාගෙන උන්නෙ. හුහ්, අපි අහුවෙයි ඕවට. මෙහෙදි එයාගෙ නම Soan Papdi . Sohan papdi නැත්නම් Soam papdi හරි Sohan halva/Patisa කියලත් කියනවා.





මෙන්න බස්සා හොයා ගත්ත බොම්බයි-මොටයි සිංදුව. එයාගෙ හින්දි ටිකාක් මලකඩ කාල නං තමා. ඒත් ඕං ඔහෙලා වෙනුවෙන් දන්න විදිහට පරිවර්තනය කලා:





මං බොම්බයි මොටාව, දිල්ලියත් හෙව්වා,

පූනාත් බැලුවා,

අන්තිමට පට්නා ත් ගියා.

ඔයා එහෙත් නෑ,





අනේ , ඔය හින්දියෙන් ලව් කරන කස්ටියවත් මේකෙ තේරුම දාන්ට. ඉතුරු ටික නං අලද, ගෝවද කියලවත් තේරෙන්නෙ නෑ,  සිංදුවත් ලස්සනයි, කතාවත්ලස්සනයි. පුහ්, බලාන්ටකො එයාගෙ නැ‍ටුම. නම වව්ලා. වව්ලා මොකද, බස්සා මොකද, දෙන්නම පක්ෂියො නොවැ.



            







Tuesday, August 23, 2011

My Baby Shot Me Down



In the course of my life, I have often had to eat my words, and I must confess that I have always found it a wholesome diet.

-
Winston Churchill-



There is a thin line that separates laughter and pain, comedy and tragedy, humor and hurt.

-Erma Bombeck-







          

Sunday, August 21, 2011

කව්ද බොලේ මේ ඇලිස්!



මේක මමත් නිතර පාවිච්චි කරපු වචන සැට් එකක් තමයි. ඔහෙලට බොරු කියන්නෙ මොකටෑ, තාමත් පාවිච්චි වෙනවා, හෙහ්..හෙහ්..





දැං බලාන්ට, ඕං බස්සා උගේ පාඩුවේ ඉන්නව කියලා. ඕං හිටි අඩියෙම ඔතෙන්ට කඩා පාත් වෙනවා ඇහැට කණට පේන ගෑණු සතෙක්, හුටා නේද? ඉතිං මොකක්ද ඉස්සෙල්ලම පහලවෙන සිතිවිල්ල. වෙන මොකක්ද,දැම්මා රබර් ඇහැ, ඉතිං "කව්ද බොලේ මේ ඇලිස්!" තමා.





ඕං ඔය නිසා මං මේ කියමනේ සුල මුල හොය හොය හිටියෙ, අපේ කකුල් දෙකේ මකරා දාලා තිබ්බ කොමෙන්‍ටුවක් දිගේ ගිහින් තමා ඔරිජිනල් එක හොයා ගත්තෙ.







Sally called when she got the word,

And she said: "I suppose you've heard - About Alice".

When I rushed to the window,And I looked outside,

And I could hardly believe my eyes -

As a big limousine rolled up Into Alice's drive... 




Twenty-four years just waiting for a chance,

To tell her how I feel, and maybe get a second glance,

Now I gotta get used to not living next door to Alice...



And Sally called back and asked how I felt,

And she said: "I know how to help - Get over Alice".

She said: "Now Alice is gone, But I'm still here,

You know I've been waiting For twenty-four years..."

And the big limousine disappeared... 



ඔහෙලට කියන්ට, ඔය ඇලිස්ලා නං මේ එනවා , මේ යනවා, එච්චරයි. හැබැයි ගොයියෝ, ඔය අතර ඉන්නවා එක ඇලිස් කෙනෙක්, උන්දැ තමා "ද ඇලිස්", මං මේ තාමත් හොයනවා.සමහර විට එයා "සැලී" වෙන්ට ඇති.



අපි හැමෝම "ඇලිස්" ව හොයනවා. සමහර විට අපි, නොදන්නව උනාට , මේ ලඟටම වෙලා " පුරු,පුරු" කියකිය ඉන්න සැලී, ඒ ඇලිස් වෙන්ට බැරිත් නෑනෙ. හා නැත්ද මං කියන්නෙ. තියෙන්නෙ අර තඩි බකුසු ඇස් දෙක හොඳට ඇරලා බලන්ට විතරක් වෙන්ටත් බැරි නෑනෙ.

 

ආන්න එදාට අර තඩි ලිමොසීන් එක අන්තරස්දාන වෙයි.. 








                    



ප.ලි:

අර මොකක් හරි හොඳ දෙයක් කරන්න ගිහිල්ලා, ඒකට බැනුම් අහන එකට කියන්නෙ "වඳින්න ගිය දේවාලෙ ඔලුවට කඩා වැටෙනව " කියලා නේද? ආන්න ඒක තමා ආයිබෝං මේ මටත් වුනේ, මේ.. ඔහෙලටත් එහෙම වෙලා තියනවද? මං තාම සුං බුං වලට යට වෙච්චි ගමන්..පොඩි උදව්වක්..   

Friday, August 12, 2011

Summer Wine

ටික කාලෙකට ඉස්සර කාන්තාරයක් කිට්‍ටුවදි බස්සට ඉහින් කනින් දාඩිය පෙරා ගත්ත සුද්දෙක් හම්බ උනා. හිනා වෙවී ඉන්න බස්සව දැකලා, තද වෙච්චි සුද්දා " ඈ බොල , උඹලට දාඩිය කියල ජාතියක් දාන්නෙ නැත්ද? මං -50c උශ්ණත්වය තියෙන තැන්වලත් ඉඳලා තියනවා, ඒත් හොඳට උනුසුම් ඇඳුම් ඇන්දාම ඒක හොඳා, මේ උලව් රස්නෙට වැඩිය" කියලා කිව්වා. මට ඔය කතාව ඒ දවස් වල හරියට තේරුනේ නෑනෙ, ඕං දැං නං යස අගේට තේරෙනව :)))



දැං මෙහේට ගිම්හානය. කණ පැලෙන්න රස්නෙ අප්පා. ඝර්ම කලාපීය පක්ෂියෙක් වෙච්චි බස්සා ඉස්සර කලේ සීත කාලෙට බනින එකයි. දැං නං හීනෙනුත් හිම පේනවා.සීත කාලෙට පොරෝගෙන කුම්බකර්ණයා වගේ බුදිය ගත්ත හැටි තාමත් මැවිලා පේනවා. හුහ්, මට හේම ඔය "ගිම්හාන " කියලා නමක් දාලා තිබ්බ නං දනී, මං කරන දේ...



හා දැං බොන එක ගැන කතා කරමුකො. ඔය වයින් තියනවා නේද? සීත කාලෙට ඕකට ඔය කුළුබඩු දාලා උණු කරලා " හොට් වයින්" ඇදලා ඇරියෑකි. ගිම්හානෙටත්, පලතුරු දාලා සීත කරලා ඇදලා ඇරියෑකි නෙව..හෙහ්..හෙහ්..



මේ කියන්නෙත් එහෙම"චෙරිස්, බෙරීස්" දාලා හදපු වයින් එකක් ගැනයි. පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා  උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..






Strawberries cherries and an angel's kiss in spring

My summer wine is really made from all these things

Take off your silver spurs and help me pass the time

And I will give to you summer wine

 


My eyes grew heavy and my lips they could not speak

I tried to get up but I couldn't find my feet

She reassured me with an unfamilliar line

And then she gave to me more summer wine

 


When I woke up the sun was shining in my eyes

My silver spurs were gone my head felt twice its size

She took my silver spurs a dollar and a dime

And left me cravin' for more summer w
ine 



              

Tuesday, August 9, 2011

My Sassy Girl

ඔයාල දෛවය කියලා එකක් තියනවා කියලා විස්වාස කරනවාද? නැහැ කිව්වා, හරි, මං කතාවක් කියන්නම්. බස්සා පොඩිකාලේ බස්සලයි ගෙදර "බ්ලැකී" කියලා බලු නකුටෙක් හිටියා. නෑ, නෑ ඌ "my sweet Milo" වගේ බූල් බෝනික්කෙක් නෙමෙයි, මේ නිකංම නිකං පරයා ඩෝග් කෙනෙක්. දන්නවානෙ, අර

හොම්බ නිකං නරියගෙ වගේ, වලිගෙ රිට වගේ කෙලින් කරන් දඩාවතේ යන ජාතිය, ආන්න ඒ වර්ගෙ තමා. බ්ලැකියා වස කම්මැලියා, ඔය කොහේ හරි වල් ‍ටුවර් එකක් ගහලා ඇවිත්, දවස තිස්සෙම බුදියන එකමයි කලේ. ඒ වගේම මහා නෝන්ජලයා, ඒ වැයික්කියෙ හිටිය කුක්කො පවා, ඌට හයිකාරං පෙන්නුවා. මූ අර රිට වගේ නකුට දෙප‍රැන්ද අස්සෙ ගහගෙන යනවා මිසක් කවදාවත් වලියට ගියේ නෑ. කිසි කෙනෙක්ව හපලා නෑ, ඕන කෙනකුට නකුට වනනවා.



බස්සට දවසක් හිතුනා මූ හපා කන්නෙම නැද්ද කියලා බලන්න. එහෙම හිතලා ඌ බත් කන වෙලාවක බකුසු මූණ කිට්‍ටු කරලා නියවලා ගෙරෙව්වා. අර කාවත් නොකන නොන්ජ්ල් බලු නකුටා, පැන්න ගමන් කෑව බස්සගෙ නහය. ආන්ට බලන්ට, ඒක තමයි දෛවය. බස්සට නියවන්න හිතුනෙත්, බ්ලැකියට හපා කන්ට හිතුනෙත් ඒකයි.



මේ වැල්වටාරම් කිව්වෙ, බල්ලෙක් ගැන නෙමෙයි කෙල්ලෙක් ගැන කියන්නයි. මූණ ලස්සන උනාට ‍රැවටෙන්න එපා, මේක කොච්චි කරලක්. ඒත් එයිට යටින් හරිම සුන්දර බවකුත්, ආදරණීය බවකුත් තියනවා. මේක කොරියන් චිත්‍රපටයක්, නම "My Sassy Girl" . බලන්ට හිනාවෙලා පණ යනවා. පස්සෙ හදපු ඉංග්‍රිසි එකකුත් තියනවා, ඒක නං ජරාවත්, කොරියන් එකේ අහලින්වත් තියන්ට බෑ, ඒ තියා හින්දි වලටත් මේක කොපි කරලා තියනවා.බයිස්කොප් අඩවියේ විස්තරේ තියනවා මෙන්න ලින්ක් එක

http://www.baiscopelk.com/?p=4214



මේක ඇත්තම ආදර කතාවත් කියලයි කියන්නෙ. කොලුවට කෙලීව අහම්බෙන් හම්බු වෙන්නෙ, කෙල්ල කරටි කැඩෙන්න ගහල ඉන්න වෙලාවක (ආන්න කෙල්ලො!). ඉතිං අර හිත හොඳ මෝඩ උලමා යනවා උදව් කරන්ට, හුහ්, ඉතිං කාපන්කො පරිප්පු...



මං බලපු හොඳම, හාස්‍යජනක ආදර කතාව කිව්වත් වැරදි නෑ. ඉංග්‍රිසි සබ් ටයිටල් ෆයිල් එකත් බාගන්ට. මම නං පාවිච්චි කරන්නේ KMP player එක. ඒකට නං ෆයිල් දෙකම drag & drop කරන්න විතරයි තියන්නෙ.






මේ ට්‍රේලර් එක නං සතපහකට වැඩක් නෑ, වෙන හොයාගන්ට එකක් නැති හින්දයි දැම්මෙ.
බස්සා මේකට මෙච්චරම කැමති , ඌත් දන්න කොච්චි කරලක් ඉන්න හින්දද මන්දා...



 

            

Saturday, August 6, 2011

The Rules....

In this part of the world men travel far and wide in search of the promised land. This may be the story of   yours  or  mine  , which shows , how far we must travel to find the place where we belong.....





Friday, August 5, 2011

අළුත් නවාතැනක්........

බස්සා ඉතිං නිශාචර පක්ෂියා නෙව, බුදියන්නෙ දවල්ට. ඔහෙලට කියන්ට ලොක්කා, ඔය දවල් බුදිය ගනිල්ල තියනවා නෙවද, ඒක වෙනමම කෝස් එකක්. ඇයි ඉතිං අනිත් එවුන් දන්නවෑ අපි බුදියි කියලා, දැන ගත්තත් උන්ට ගානක් නෑ. කෑ ගහනවයි, සිංදු දානවයි, එක සෙල්ලමයි.



වැඩි දොහක් නෑ මේ ඊයෙ පෙරෙයිදා, මං ෂපාන් එකේ නියම හීනයකුත් දැක දැක බුදි. මාව උඩ විසිවෙලා ඇහැරුනා. හෙන ගහපිය , ගණන් බලාපිය, අල්ලපු ගෙදර එකා වඩු මඩුවක් දාලා, "ටෝන්, ටෝන්" ගාලා ලෑල්ලකට ඇණ ගහනවා. මං ඉතිං හිතිං උන්දැගෙ ආච්චිට පිං අනුමොදන් කරවලා, ඉයර් ෆෝන් කනේ ගහගෙන සංගීතයක් දාගත්තා.



ඔව්වා, මෙව්වා සහ තවත් එව්වා නිසා මං නිස්කලංක අළුත් බෙනයක් බලන්ට හිතේ තියනවා. මේං එහෙම තැනක් බලනකොට "ටැස්" කරලා බලන විදිහ




              

Monday, August 1, 2011

සම්භාව්‍ය සහ අසම්භාව්‍ය



   





































ඉන්ටනෙට් වලින් මට ලැබිච්ච වටිනාම දේවල් අතර එකක් තමා සිංහල බ්ලොග් අවකාශය. උපන් බිමෙන් ඈත්වෙලා ඉන්න අපට ඒක වටිනාකම බොහොම හොඳට තේරෙනවා. ඒ විතරද? ඇයි මෙච්චරකල් හැංඟිලා හිටිය කොච්චර නං ලේඛකයො මේ නිසා එලියට ආවද? මගේ නං කිසිම බේදයක් නෑ, පිං දිදී හි‍ටු කියලා කියවනවා, ඉඩක් ලැබිච්ච ගමන්.



ඉතිං, ඔහොම කියව ගෙන යන කොට තේරිච්ච දෙයක් තමා, මේ ලිපි සම්භාව්‍ය සහ අසම්භාව්‍ය කියලා වර්ග වෙලා තියනවා කියන එක. අර පොත් ගුල්ලා කිව්වා වගේ" එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්" මාත් ඒ පෞද්ගලිකත්වයට ගරු කරනවා. නමුත් ප්‍රශ්ණෙ මේකයි, එහෙම කියලා අපි එක වර්ගයක් පහත් කියලා සලකන්න ඕනෙද කියන එකයි?



ඕනෙම දෙයක "හොඳ" දකින්න එයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන්න ඕනෙ. " ඉර-හඳ පායන ලෝකේ, ආලෝකය අතරේ, සැප-දුක සමබර වේ" කියලා කියන්නෙ ඒකනෙ. දුකක් නැත්නම් එතන සැපක් නෑ. හොඳට බඩගින්නෙ හිටියාම තමයි , කෑමවේලක නියම රසය දැනෙන්නෙ. මම මේ ලිපි කියවන්නෙ දැනුම ලබාගන්න, බැරෑරුම් කාරනා සාකච්චා කරන්නම විතරක් නෙමයි. දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර එන අපි වගේ සාමාන්‍ය බස්සොන්ට සැහැල්ලුවෙන් කියවලා දවසේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් දේවල් තියෙන්න ඕනෙනෙ.



මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නෙ, රසවත් වෙලා තියෙන්නෙ විවිධත්වය නිසා කියලයි , මගේ බකුසු මොලේට නං තේරෙන්නෙ. ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි කියන්නෙ ඒක වෙන්න ඇති.



මෙන්න "වම්බො‍ටු" සිංදුව. වා, පිත්, සෙම් කෝප නොකරන කෑම විතරක් හෙව්වොත් ජීවිතේ මෙලෝ රහක් නැති වේවිද?








                

Saturday, July 30, 2011

ආයිත් වලි....බස්සා නෙමෙයි, මූ උලමා








පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...



සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුනේ...

ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැනුණේ...




ඔයාල අහල තියනවද, හුඟක් පිංබර අයට යම් අසාධාරණයක් කලොත් -ඒ කියන්නෙ , නිකං හිත රිදවනවා වගේ එකක්- , ඒක ඒ වෙලාවෙම පරිසං දෙනවා කියලා. මාත් ඔය කතාව අහල තිබුනා, ඒත් මේ වෙනතුරු විස්වාස කලේ නම් නෑ. දැං ඔයාල කියයි, ඒ සැරේ මුගේ ඔලුවෙ නට් එකක් බුරුල් වෙලා කියලා. විස්වාස කරන්ට, ආයිබෝං, මේක එක දවසක්, දෙකක් වෙච්චි අහඹු සිදුවීමක් නෙවෙයි. මං වලියක් ඇද්දොත්, අනිවා ඩෙෆා, මට එදාම කෙලවෙනවා - දිථ්ට දම්ම වේදනීය කර්මද මන්දා?



එක්කෝ මුන්දෑ පිං කඳක්, නැත්නම් මට කෙලවෙයන් කියලා වූඩූ කරන මන්තර කාරියක්.



 ඇයි රාළේ, මාත් ආස නැද්ද අර මුතු කැට වගේ ලස්සන කඳුළු බිංදුවක් දෙකක් ඉඳලා හිටලා හරි දකින්න? දැං බලාන්ට, එතකොට මට කෙලවෙනවා. ඒක නිසා ගොනා සේ කරබාගෙන ඉන්නවා කියන්නෙත් ,ඒත් මට කෙලවෙනවා කියන එකනෙ. බලාගෙන ගියාම අන්තිමට මට කෙලවෙලා තමයි ඉවරවෙන්නෙ.අද දවසෙම හරියට නිදාගත්තෙ නෑ, දැං ඉතිං ඇදපල්ලකො නිඳිමරගාතෙ නයිට් ශිෆ්ට් එක. අදත් බඩුම තමා.


 

කොහෙන් කැපුවත් රාත්තලයි නෙව. 


අන්තෝ ජටා -බහී ජටා







අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?



                  

Thursday, July 28, 2011

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....



හා, ඇගියො ආරංචිද?

කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව

සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ

මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා



ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි

ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ

අනේ අනිච්චං ගමට ගිය කලක්

මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි



රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද

මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ

හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?

හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව



සොපියගෙ කෙලී දැං පන්සලේමයි

කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ

අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව

පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව



ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා

මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ

ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා




බුදු හාමදුරුවො අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ.....

නිවන් දකින්නට පිං මඳි වෙන්නැති

ඒකයි තවමත්, සංසාරේ.........

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....



හා, ඇගියො ආරංචිද?

කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව

සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ

මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා



ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි

ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ

අනේ අනිච්චං ගමට ගිය කලක්

මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි



රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද

මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ

හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?

හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව



සොපියගෙ කෙලී දැං පන්සලේමයි

කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ

අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව

පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව



ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා

මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ

ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා




බුදු හාමදුරුවො අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ.....

නිවන් දකින්නට පිං මඳි වෙන්නැති

ඒකයි තවමත්, සංසාරේ.........

Wednesday, July 27, 2011

හැලපෙට, දෙ-හැලපයක් කාපිය, මයෙ මොකද?

මටත් හිතුනා ආයිබෝං, ඔන්න ඔහේ හුරතලේටත් එක්කලා පෝස්ට් එකක් ලියලම දාන්ට. ඔහෙලා දන්නව නෙව, බස්සා දුක් මහන්සිවෙලා, රෑ පැල් ‍රැකලා, චෙරි-බෙරි කොටාබාන පක්ෂියා වග. එහෙම සතෙකුට, බෙනේටම කූඩුවෙලා ඉන්ට පුළුවනෑ. ඒ වංගියෙ ඌ කතා පොජ්ජ දැම්මා , ඔය හුස්ම ගන්න පොඩි ඉඩක්, අනික් බෙනයකට දෙකකට හොට දාලා, හැලපයක් දෙකක් කොටාබෑමේ මූලික බකුසු අයිතිවාසිකං ලබාගන්ට. හුටා, ඔය උඩිංම දාලා තියෙන්නෙ ලැබිච්චි බිබික්කම තමා!



මේක ඔරිජිනල් කවියේ කතාව මෙන්න මෙහෙමයි:



 ඉස්සර කාලෙ හිටියලු author unknown කියල කවියෙක්. මුන්දෑ හොඳ රජ වංසෙ කුකුලෙක්ලු, හොර කො‍ටු පනින්න දෙයියලු. ඔහොම කො‍ටුවක් පනින්න මානපු වෙලාවක තමයි, මේ කවිය කියල තියෙන්නෙ.



මිනි මිනි පොදේ ගණ අඳුරේ කෑ මදුරු

බල්ලෙක්‌ ඉඳ බුරයි ඌගේ ගති නපුරු

කෙල්ලක්‌ ඉඳන් දොර නාරියි ඇගෙ නපුරු

මල්ලක්‌ කදුරු කන්නෙමි විගස දොර අරු



එදා පොටේ නං උන්දැට කෙලවෙලා, කොට්ටෝරුව වගේ කොටාගෙන, කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙ‍ටුව වගේ. මෙන්න ලැබිච්ච උත්තරේ:



අට පහ නො දන්නා තෝ කාගේ කවුද

බසක්‌ නැතුව එන්නට කීවේ කවුද

ගහක්‌ නැතුව දළු ලියලන්නේ කොහෙද

මල්ලට දෙමල්ලක්‌ කාපිය මට මොකද



දැං මේක පටලවාගෙන , හිතනව එහෙම නෙමෙයි, බස්සා හොරකො‍ටු පනින්න ගිහින් කෙලෝගෙන කියලා. බස්සො එහෙම නෑ, ඉල්ලුවෙ ඉඳලා හිටලා හැලපයක් කොටාබාලා එන්ට චෑන්ස් එකක් විතරමයි. හා, දැං ඔහෙලම කියන්ට බලන්ට ඒක අසාධාරණද? ( හා, මට පේනවා, අපේ සාධාරණ මුදියන්සේලාගේ ලෙංචිනා දත, කට මැදගෙන ඉන්නවා, උත්තර දෙන්ට). මේ අලකලංචිය උනාම මට මතක් වුනේ තව කවියක්:



පායන්නේ තරිඳු ලොව එළි කරන මෙනී

රෑ එන්නේ ළඳේ නුඹ වෙත ලොල් වෙමිනි

නාරින්නේ මෙමා පූරුවෙ කළ පවෙනි

ගෑනුන්නේ අරුමෙ දැනුනේ මට නුඹෙනි




මං මේ කවි සැට් එක ඉස්සුවෙ මේං මෙතනින් -  සිංහල ජන කවියේ ශෘංගාර රසය





http://www.chitranandaabeysekera.org/ArticlesonSinhalaPoetry.html



බලාන්ට වටින ලිපියක්...





ප:ලි: මේ මොන කයි-කතන්දර කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ:



"මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" කියල තමයි. ඔය Ricky Martin කියල ගොයියෙක් ඕක ඉංගිරිස් වලට පරිවර්තනය කලා නෙව , මේං මෙහෙම:



She never drinks the water, makes you order French champagne

Once you've had a taste of her, you'll never be the same

But she'll take away your pain

Like a bullet to your brain



-livin la vida loca (living on the wild side)- 

Monday, July 25, 2011

බස්සෙක්..ආදරය සහ ‍ෆිල්ම්ස් දෙකක්..

දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ‍ෆිල්ම්ස්" කියලා.  මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා.



සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.

 





                     





හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.









එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි අත්තම්මා සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..





              





මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..

Sunday, July 24, 2011

IF

If you can keep your head when all about you

Are losing theirs and blaming it on you;

If you can trust yourself when all men doubt you,

But make allowance for their doubting too;

If you can wait and not be tired by waiting,

Or, being lied about, don't deal in lies,

Or, being hated, don't give way to hating,

And yet don't look too good, nor talk too wise;





If you can dream - and not make dreams your master;

If you can think - and not make thoughts your aim;

If you can meet with triumph and disaster

And treat those two imposters just the same;

If you can bear to hear the truth you've spoken

Twisted by knaves to make a trap for fools,

Or watch the things you gave your life to broken,

And stoop and build 'em up with wornout tools;





If you can make one heap of all your winnings

And risk it on one turn of pitch-and-toss,

And lose, and start again at your beginnings

And never breath a word about your loss;

If you can force your heart and nerve and sinew

To serve your turn long after they are gone,

And so hold on when there is nothing in you

Except the Will which says to them: "Hold on";





If you can talk with crowds and keep your virtue,

Or walk with kings - nor lose the common touch;

If neither foes nor loving friends can hurt you;

If all men count with you, but none too much;

If you can fill the unforgiving minute

With sixty seconds' worth of distance run -

Yours is the Earth and everything that's in it,

And - which is more - you'll be a Man my son!



මේක ලිව්වෙ Rudyard Kipling , බස්සාගෙ නගරෙ එක subway එකක අන්තිම ඉස්ටේසමත් Kipling. අප්පුච්චේ, ඌ අකුරට ගිය කාලෙ කොච්චියෙ නිඳිකිරා වැ‍ටුනාම ඇහැරෙන්නෙ එතනනෙ.



එව්වා ඇරිච්චාවෙකො, මේ Kipling ගොය්යා තමා අර අපූරු කතාව, Jungle Book ලියලා තියන්නෙ. මගේ පෝටබල් බැස්සියේ, කලකිරෙන්න නං එපා පනේ, මං චෙරි ගෙනත් දෙඤ්ඤං, කරේ තියං රවුමක් ගෙනියන්නං, ගස්ලබු
දෙඤ්ඤං , උම්මත් දෙඤ්ඤං .



 





         

Thursday, July 21, 2011

පමානොවී වැහැපන් වැහි වලාවේ....



බස්සා ඉපදිලා තියෙන්නෙ නොවැම්බර් මාසේ. අර හෝ ගාලා වහින්නෙ, ආන්න ඒ මාසෙ තමා. ඌ වතුරට හරිම කැමති සතා, පීනන්නත් දන්නවා. වැස්සට හරීම කැමතියි. ඌට මේ වැස්ස මතක්වෙලා තියෙන්නෙ, මේ දවස්වල තියෙන ගිරීස්මෙ නිසා. අද සැන්ටිගෙරේට්ම 37 යි. 47 වගේ දැනේවිලු. කෙලිය නේද? බඩුම තමා.



ඒ වගේද වැස්ස. ෂා, බෙනේට වෙලා , බූල් කෝට් එකක් පුම්බාගෙන, ෂපාන් එකේ බැස්සිට හේත්තුවක් දාලා, උණුසුම් කෝපි කෝප්පයක් "ෂෙයාර්" කරන්න තිබුන නෙව....

Saturday, July 16, 2011

අලි මඩුවේ සාජ්ජෙ....

අලි මඩුවේදී රා පොල්කට්ටක් පෑගිලා බස්සා නටපු හැටි.....   



     







මේ ඒ නැ‍ටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....

 







වෙල් ෆැන්ටා ගහපු අලිමොටා ....









දෙකක් "නවා" ගත්ත හංදියෙ ටොමියගෙ "බ්‍රෙරේක් ඩාන්ස්" එක