Friday, January 26, 2018

බස්සා සහ බොහිමියානුවා




හෝතම්බුවා: බස්සො බොහිමියානුවෙක් කියන්නෙ කව්ද?



බස්සා: : බොහිමියානුවෙක්  කියන්නෙ ‍තෝ වගේ එකෙකුට. හම්බුවෙනකොට  පාටි දාලා, කාක්කොන්ට ආප්ප අරං දීලා, දැන් කෙලවුනාම, ගලේ පහරපු බලලා වගේ, විරිත්ත,විරිත්ත ඉන්න එකෙකුට.



හෝතම්බුවා: : අනේ විහිලු නැතුව කියපංකො බං



බස්සා: නෑ මම කිව්වෙ බාගෙට ඇත්ත. අර්ථදැක්වීම අනුව, බොහිමියානුවෙක්  කියන්නෙ අසම්මත/ අමුතු ජීවන රටාවක් ගතකරන, බැඳීම්  අඩු, "හෙට මැරුණත් හිතට සැපයි , අද ජොලි කරලා" තියරියට ජීවත් වෙන, හැපී ගෝ ලකී පොරවල් වලට.සංගීතෙ තමා උන්දලාගෙ ආහාරෙ. බයිට් එක තමා ආදරේ.ආදරේ  කිව්වෙ





අර අහවල් වැඩේට.


https://i.pinimg.com/736x/97/fc/ab/97fcab860e3bfbddb6210cdf51d21705--portrait-art-portrait-paintings.jpg



හෝතම්බුවා: : එහෙම බලාගෙන ගියා ටොලාත් බොහිමියානුවෙක් නෙ? බැන්ජො, ගිටාර්, ගෑණු හුටපට , ඔක්කොම තිබ්බ නෙව?



බස්සා : හෑ, ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. හැබැයි, ටොලා පාර්ට්- ටයිම් බොහිමියානුවෙක් කියලයි මට හිතෙන්නෙ?



Bohemianism කියන්නෙ උප-සංස්කෘතියක්, ලයිෆ්-ඉස්ටැයිල් එකක්.


කතාවෙ හැටියට වර්තමාන යුරෝපීය bohemianism වල ආරම්භය  ගැන සඳහන් වෙන්නෙ "French imagination with roving Romani people"කියල. මෙතන romani people කිව්වෙ යුරෝපියන් අහිකුණ්ටිකයො. ඒ අය විස්වාස කරනවා ඔවුන් පැවත එන්නෙ ඉන්දියාවෙන් කියලා.



Bohemianism මාර ඉස්ටැයිල් එකක් කියලා හිතන අයත් ඉන්නවා. හැබැයි, වැරදිලාවත් එහෙම අයට අහිකුණ්ටිකයො කියන්න යන්න නං එපා, දමලා අරී හොම්බ රිවට් වෙන්න. මට හිතෙන විදිහට , bohemianism වල core concept එක බැඳීම් අඩු , සරළ ජීවිතේ කියලා. ඕන්නං " හිතූමතේ ජීවිතේ" කියලත් කිව්වෑකි. මේ concept එක නං මිනිස් සමාජේ එක , එක කාල වල , එක එක තාලෙට අත්හදා බලල තියනව නෙව? සමහරු සෑසනේට ගියා, සමහරු සෙමනේරියට ගියා, සමහරු හිපියො වුනා. මේ සාවියෙ කස්ටිය නං homeless ගියා. 





සමහරු කියනවා, අපි හැමෝම තුලම බොහිමියානුවෙක්  ඉන්නවලු. ඒකලු අපි bohemianism වලට හොරෙන් ලව් කරන්නෙ. හෑ, මොකක්, මං කියන්නෙ බොරුයි කිව්වා? හහ්, ඔහෙල ඔය කතාව මූණු පොතේ කිව්වොත්, ඔහෙලව මැරෙන්නෙ කූඹි කාලා. බොරු කියන්නෙ මොකැටෑ,  ආස වුනට, මං ෆුල් ටයිම් බොහිමියානුවෙක් වෙන්න නං පට්ට බයයි. ඒකට හේතුව, හැමදේටම මිලක් තියන මේ සමාජ රටාවද මන්දා?



දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන කතාව bohemianism වලටත් අදාල වෙනවද?ඔය කියන තරම්ම bohemianism ආතල්ද? ඉන්ටනෙට් එකේ, නං කියන්නෙ වර්ථමානෙ bohemianism වඳවෙලා නෑ, underground ගිහිල්ලා කියලයි.දැන් ඔය හිපි ‍රැල්ල වුනත්, ආවා, ගියා නෙව? bohemianism underground ගියේ ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්ණෙ නිසා වෙන්න බැරිද?. ප්‍රධාන සමාජෙ එක්ක ජීවත්වෙන කොට, හිතූමතේ ඉන්න බෑ නෙව?ඒ කියන්නෙ bohemianism පවතින්න නම්, ඒකට හරියන පරිසරක් තියෙන්නෙ ඕනෙ - ඒ කියන්නෙ sub culture එකක්. මොකෑ නැත්තෙ?එහෙම තැන් තියනවා.




ඔහෙලා අපි නොහිතන තවත් බොහිමියානුවො සෙට් එකක්, මේ අපේ  නහය යටම ඉන්නවා. ඒත් අපි උන් ඉන්නවද කියලා වගේ-වගක් නෑ වගේ ඉන්නෙ. මිනිස්සු නිරීක්ෂණය කරන එක, ඉස්සර ඉඳන් මගෙත් ප්‍රියතම විනෝදාංශයක්. ඒත් එහෙම පිට ඉඳන් නිරීක්ෂණය කරල හරියට තේරුම්ගන්න බැරි අපූරු උප සංස්කෘතියක් තමා කොළඹ මුඩුක්කු. නාට්ටාමිලා. පදික වෙළෙන්දො,  නැත්නම් කොළඹ කාක්කො, මදාවියො, ගණිකාවො,පාදඩයො,සහ හිඟන්නො  එන්නෙ මේ  පරිසරයෙන්. මං මේ ලිස්ට් එකෙන් "හොරු" කියන එක හිතාමතාම අත් ඇරියා. හොරකම social norm එකක් වෙච්ච සමාජයක, ඒ ගැන කතා කරලා වැඩක් නෑ නෙව?




Bohemians were associated with unorthodox or anti-establishment political or social viewpoints, which often were expressed through free love, frugality, and—in some cases—voluntary poverty.

- Wikipedia -

මෙන්න මේ කතාව ඇත්ත නං, මේ අය බොහිමියානුවො නෙමෙයිද? මේක  ලෝකයක්, ඇතුලෙ ලෝකයක්. ඒ ලෝකෙදි,  පිටදී ජන්ම වෛරක්කාරයො වෙච්ච, බොහෝවිට එකක නොපෑහෙන  සිංහල, දෙමල, මුස්ලිම් අනන්‍යතාවය , දිය වෙලා යනවා. ඔවුන්ගෙ බාසාවත්- බජාර් බාසාව, සිංහල, දෙමල, ඉංග්‍රිසි මිශ්‍රණයක්. . මේ මිනිස්සු අන්ත දුගියොමත් නෙමෙයි, හැබැයි ඔවුන් සැප විඳිනව කියලත් කියන්න බෑ.( ඒක වෙනම ආතල් එකක්.)



මේ අය ගැන විස්තර හොයා ගන්න අමාරුයි. මොකද අපි ඉන්නෙ, උන් නොදැක්කා, නොඉයින්නවා ගාණට. ඔන්න එතකොට උන්ට තද වෙනවා. ඉඳලා හිටලා, අපේ පර්ස් එකට විදලා, පිට නැති කමිසයක් විකුණලා, උනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා අපිට මතක් කරලා දෙනවා. හරි, හරි මාමස්‌මි,  ආනමාළු ඉමිතියාස්, පොට්ට නවුෆර්ලත් එහේ තමා. ඒත් අපි ඔහෙල නොදන්නව උනාට පිටකො‍ටුවෙ එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කරන්න මූලික වෙලා තියෙන්නෙ බජාර් එකේ  අයියලා. සමිතියෙ භාන්ඩාගාරික ලීලා ස්ටෝර්ස් එකේ දෙමල මුදලාලි. සාමාජිකයො "පූස පියදාස", "පොලොං ගුණේ" . මතක විදිහට කියන්නෙ, සිළුමිණ අතිරේකයක තිබ්බෙ, හෙව්වා ඒ ලින්ක් එක දැන් හොයා ගන්න බෑ. එත් මුදලාලි ස්වේච්චාවෙන්ම භාණ්ඩාගාරික වුනාද, භාණ්ඩාගාරික කෙරෙව්වද කියන එක නම් ශුවර් නෑ. ලීලා ස්ටෝර්ස් එකේ ෂම්මුගම් තම්බයියා සින්නදුරේ මුදලාලි හින්දු බැතිමතෙක්. ඒ විස්තරේ නං මෙතන තියනවා.ඔය ඉතිං "අවුල් වන්නට පෙර"



 බොහිමියානු ජීවිතේ මෙච්චරම ආතල් නං , අපි හැමෝම බොහිමියානුවො  නොවෙන්නෙ ඇයි?මේකට උත්තරේ හොයන්න, අපි මුඩුක්කු ආතල් එක ගැන හොයලා බලමු.මේ ගැන මට ලැබිච්ච විස්තර බොහොම ටිකයි. " මචං " චිත්‍රපටියයි, අභාවප්‍රාප්ත මහාචාර්ය රත්නපාල සූරීන්ගෙ පොතුයි ඇරුනාම මේ අය ගැන දන්න අය බොහොම ටිකයි ඉන්නෙ. අරූ දැන් ලියන්නෙ නෑ .ආ, දුමින්ද සිල්වා , දැන් හිරේ නේද?

ඔන්න ඔය නිසයි , මට මුඩුක්කු හොයාගෙන ඉන්දියාවට යන්න වුනේ. "Slumdog Millionaire " තමා මෙයාලව පුම්බල ගත්තෙ. දැන් NGO පොර, කනවා උදව් කරන්න. ආ සුද්දොත් එනවා බලන්න,ඒක වෙනම සයිඩ්-ලයින් tour-guide බිසිනොස් එකක්.



මේ මුම්බායි වල "ධරාවි":



මෙතන පොලිටිකල් ගේමකුත් තියනවා කියල හිතෙන්නෙ බස්සොන්ටයි, කූඹින්ටයි විතරද? නැහ්නං "ignorance is bliss"  කියල කියමුද? කතාවෙ එක තැනක කියවෙනවා. ධරාවි බිල්ඩින්/ රිලොකේෂන් ප්‍රොජෙක්ට් එක කැන්සල් වෙන බව. අද ධරාවි කියන්නෙ ‍ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් එකක්. පොඩි පහේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක්. හැබැයි, වැස්සට උතුරන කුණු කාණු, බෝවෙන රෝග , කුඩු, අපචාර , ලමා ශ්‍රමය, එහෙම්මයි. ( human and environmental exploitation ).



මේ බොහිමියානු ආතල් එකේ අනිත් පැත්ත:



විවේචන තිබ්බත් , ගෝටා විතරයි කොළඹ මුඩුක්කු ගැන දෙයක් කරන්න මුල පිරුවෙ.  අපේ දේශපාලන මතවාද වෙනස් වුනත්, ඒ ගැන නොකිව්වොත් ඒක අඩුවක්. එත් ඒකෙන් වැඩක් වුනාද කියන්න මං දන්නෙ නෑ. මොකද ඒ පරිසරය, මුඩුක්කු සංස්කෘතියේම කොටසක්.මට හිතෙන්නෙ bohemianism, සමාජවාදෙ වගේ කියලයි. ඈතින් ඉඳන් ලව් කරන්න නං මරු. ගන්න හොඳ දේවල් බොහොම තියනවා, ඒත් සම්පූර්ණයෙන් ගත්තොත් හුටා තමයි. , බොහිමියානුවො යැපෙන්නෙ ප්‍රධාන සමාජයෙන්. තනියම පැවැත්මක් නෑ



මොනව වුනත් ධරාවි, අපේ මුඩුක්කු වලට වඩා දියුණුයි.

දැන් අපි   ධරාවි ආදර්ශෙට ගෙන අපේ මුඩුක්කු දියුණුකරන යෝජනා කීපයක් බලමු.:



හිටං තුමා: ආ, හරි අපි ඕකට කොමිසමක් පත්කරමු



හිටපු රජා: හා, දවල්ද?



අගමැටි : අපි , ඔය මුඩුක්කු ප්‍රදේශයෙ කාර් පැක්ටරියක් දාමු



ටිල්වින් සිල්වා: අනේ අපිටත් චෑන්ස් එකක් දීලා බලන්නකො.





හැන්දෑවේ කලුවරට‍


බෑං ගා අඬ‍ාගෙන


හෝන්දු මාන්දුව


බිත්තියට වාරු වෙන කල


දොරපලුව,


කලු සුරුට්ටු ගඳ පළමුව


පිපිරුනු කලු නියපොතු ඇති


නාකි නහර පය දෙවනුව


ගෙට අරගෙන.........


කොරවක්කෙක් මෙන් වකුටුව


එළිපත පැන එයි ඇතුළට.....


නාට්ටාමි සැම්සනයා


හෙවත් අපේ තාත්තා.





නාස් දෙපුට්ටෙන් හොටු රැල්


කබල් කමීසෙට උර උර


හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව


පුරුද්දකට ඔහේ අඳින


බොත්තම් නැති කොට කලිසම


අතින් අල්ලගෙන හැලි හැලි


සිලි බෑගේ මක්කාදැයි


උනන්දුවෙන් එබී බලයි


වේස දයාගේ කොලුවා


හෙවත් අක්කගේ දරුවා.





කෝටු කකුල් දෙක පෙනි පෙනි


රතු කොට කලිසම ඇඳගෙන


ඉර අව්වේ දවල් දවසෙ


අත් වැඩ දී හෙම්බත් වී


කොල්ලන් රැල වට කරගෙන


හොක් හොක් ගා හිනාවෙවී


බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...


මදාවි ආනන්දපාල


හෙවත් අපේ පැටි අයියා.





ඉස්කෝලේ ගිහින් එද්දි


බුලත් බංකුවේ ඇසිඩගෙ


හෙවත් අපේ අම්මාගේ


සොහොන ළඟදි


කණස්සල්ලට පිපිරිලා


ඇස්බෝල තාම ඇඬුවත්...


කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්


විද්දියාව පොත කියවයි


පස්ස පේලියේ රමණී......





හෙවත් මම හෙවත් හිච්චී....





- ගයාත්‍රි කුමාරි ගරුසිංහ -



එත් බස්සො ඇත්ත කියයිද?මේ ගැන ඔහෙලා මොකක්ද හිතන්නෙ?

ඔහේල කවදාවත් බොහිමියානු බස්සෙක් දැකල නැත්තෙ ඇයි කියලා , දැන් ඔහෙලට තේරෙනවා ඇති. මේකෙන් අදහස් කරන්නෙ නෑ, මම බොහිමියානු සංස්කෘතිය ප්‍රතික්ශේප කරනවා කියල. ඒකෙ කොටසක් අරගන්නවා - අර බැඳීම් අඩු කොටස, ආන්න ඒක.


“We are all just prisoners here, of our own device”







Saturday, January 6, 2018

කුරුමිට්ටන් සමඟ සුභ අලුත් අවුරුද්දක්!




ලියන්න කියල එහෙමට දෙයක් නම් තාම නෑ. මේ මකුලු දැල් කඩන්න ආපු ගමන්. එහෙම කියල පුළුවනෑ? ඔන්න ඔහේ ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා කොටලම දානවා.



මේ දවස් වල පට්ට හීතල. ගිය සැරේ ආවෙ ඇල්බර්ටා වලින්, මේ වංගියෙ සයිබීරියාවෙන්. ඔය කියන්නෙ ඇන්ටාක්ටිකාවට වඩා හීතලයි කියලා.


මේ වගේ හීතල වෙලාවක, උණුහුම්,සනීප,සැපපහසු පුංචි උනත් පිලිවෙලට තියන හුරුබුහුටි ගෙයක් දකින එකත් සැපක් නෙමෙයිද? මේ ඒ වගේ කතාවක්:



ඔහෙලත් මං වගේ ෆැන්ටසි කතාවලට කැමති නං, මෙන්න මේක මං දැකපු සුපිරිම ඇනිමේශන් ‍ෆිල්ම් එකක්.






මම නං කියන්නෙ, ඔරිජිනල් ජැපනීස් එක  හොයාගෙන ඉන්ග්ලිශ් සබ්-ටයිටල් එක්ක බලන්න කියලයි. අනේ මන්දා, අන්දෝ සංසාරයක් නොතේරුනාට( අර අරාබි සිංදුව වගේ)  ඒ බාසාවෙ මොකක්දෝ අමුතුම චමත්කාරයක් තියනවා. මේ ඉංග්‍රිසි වර්ශන් එකේ  කියවිල්ල වැඩියි.  මතක ඇතුව, අඩුම ගනනේ හොඳ හෙඩ්පෝන් දෙකක්වත් දාගෙන අහන්න. මේක හරියට රස විඳින්න නම්, ඒක වැදගත්, මොකද මේකෙ audio  වලට නං තව සම්මානයක් දෙන්න වටිනවා. සම්මාන 7 යි, තව හතරකට නොමිනේට් කරල තියනවා.



කතාව ගැන කියනවනම්, මේක Mary Norton ලියපු The Borrowers කියන පොත් සීරීස් එක මතයි පාදක වෙලා තියෙන්නෙ. මේ කතාව ගැන තව ‍ෆිල්ම් ගහල තියනව( ඇනිමේශන් නොවේ), , මම ඒවයෙ trailers බලල තියනව, මට නං එව්ව මෙලෝ රහක් නෑ. එකටත් එක්ක, මේ  Studio Ghibli  හදපු ඇනිමේශන් එක, මාරයි . එක අතකින්, නැහ්නං ඩිස්නිලා මේක ඉංග්‍රිසියෙන් හඬකවලා  රිලීස් කරාවියෑ.





මම පොත් සීරිස් එකත් බා ගත්තා.  මේ ‍ෆිල්ම් එක  පොත අනුසාරයෙන් ලියපු එකක්, එකම නෙමෙයි. ඒ ඔරිජිනල් කන්සෙප්ට් එක අරගෙන නියම වැඩක් කරලා තියනවා  Studio Ghibli  ජප්පො කස්ටිය. කතාවෙ සමහර කොටස් විස්තර වෙන්නෙ, කුරුමිට්ටන්ගෙ කෝණයෙන්. ඒකටම ලස්සනට ගලපල තියන audio . පොඩි imagination power  එකක් තියේ නං , කුරුමිට්ටන්ගෙ ලෝකයට පියමං කරන්න එච්චර අමාරු නෑ.




කොහොමත්, බස්සොන්ගෙ විසේස කැමැත්තක් තියනව නෙව ඔය පොඩි , පොඩි අය ගැන? නෑ, නෑ මීයො විතරක් නෙමෙයි. මං කිව්වෙ little people ගැන කතා ගැන. මුලින්ම හිතට වැදුනෙ Dunno and his friends කියන පොත. ඊට පස්සෙ ගලිවරගෙ සුවිසැරිය.  ගලිවරයා ඒ කාලෙ මගේ වීරයා උනාට, උන්දෑ මහ ගොන් මෝලා.  ඔහෙලට කියන්න, එක සැරයක්  මායාකාරී උල්පතකින් වතුර බීලා ගලිවරයාත් කුරුමිට්ටෙක් වුනා නෙව. අර ඉටිකිරිස් කුමාරිට ලයින් එකක් දාගෙන, අගේට  රජවෙලාඉන්න තිබ්බ චෑන්ස් එකට පයින් ගැහුව නෙව, ඔය ගොන් වාහෙ?



එඤ්ඤං , ඈ?





Day before you came(It's funny, but I had no sense of living without aim)






After you came ( New Rules)





කොහෙන් කැපුවත් රාත්තලයි