Thursday, September 30, 2021

මැකී ගිය බකුසු දඩමං 2 - ප්‍රංශ ගම්මානයක්

කලින්  කොටස

ටිකට් කවුන්ටරේ හිටිය ප්‍රංසුවාට පේන්න, බස්සා දාගන්න පුලුවන් උපරිම අසරණ මූණ දැම්මා. ප්‍රංසුවා ප්‍රශ්ණ වැලක් ඇහැව්වා. ඊට පස්සෙ ටිකට් එක හදලා දුන්නා. කෝච්චිය TGV , මේක ඒ කාලෙ තිබ්බ බුලට් ට්‍රේන් එක. යනවා බබා වගේ.  හැන්දෑවෙන කොට ගමනාන්තයට ලඟා වුනා. ප්‍රංසෙ ඇතුලෙ තිබ්බ ගමක්. නැවතුන පොඩි හෝටලයක. නම Ibis, නම දැක්ක ගමන් මගෙ හිතට ඇල්ලුවා. බස්සා- බකුස්, ඉබ්බා-ඉබිස්. පොඩි වුනාට නියමයි. මතක උදේ හෝටලයෙන් ලැබිච්ච ඔරිජිනල් කෑම වේල ගැන තමයි.

ටෝස්ට් කරපු පාන්, බටර්, සොසේජස් තව නොයෙක් පාන් වර්ග සහ අතුරුපස පිරිලා තිබ්බ ඒ බුෆේ එක මට පෙනුනෙ ෆීස්ට් එකක් වගේ. කෑම වගේම පරිසරයත් පැරිසියට වඩා වෙනස්. පෞරානික ගල් බිත්ති, ගල් ඇඳි පාලම්, ගල් අල්ලපු පටු පාරවල් වල තිබ්බෙ අමුතුම සුන්දරත්වයක්.හෝටලේ කොච්චර අල්ලලා ගියාද කියනව නම් ,  පැරිස් ආවට පස්සෙත් ඒ අයගෙ එකකටම ගියා. නමුත් ඒක අත්වැරැද්දක්, ගමේ හෝටලයෙ තිබ්ච්ච ආතල් එක ඒකෙ තිබ්බෙ නැති වුනාට ගාණ නං ලෙසටම තිබ්බා.

ගිය කාරිය ඉවර කරලා ආයෙ ආවා Gare du Nord ඉස්ටේසමට, ඇම්ස්ටඩෑම් යන්න. මෙදා පොටේ තිබ්බෙ  රාජකීය පෙනුමක් තියෙන කොච්චියක්. නම Thalys. එක පාරක් හැලපයත් ඔය කෝච්චිය ගැන ලියල තිබ්බා. TGV කෝච්චියෙ තිබ්බෙ නවීන පෙනුමක් වුනාට, මේ රතු පැහැති පෞරාණික කෝච්චියේ තිබ්බෙ ඒකට ආවෙනික වෙච්ච ප්‍රතාපවත්  ගතියක්. මේක දිව්වෙ ප්‍රංසෙ ඉඳලා, බෙල්ජියම හරහා නෙදර්ලන්තෙ ඇම්ස්ටඩෑම් නුවරට. වෙනම බූත් එකක්, ප්ලේන් එකේ වගේ කෑමත් දෙනවා. හැබැයි  වෙනම ඉස්ටැයිල් එකකට. කෝච්චිය යන්න ගත්තා. බස්සා අවට සිරි නරඹනවා. ඕං ඇහෙනව ටිලිං, ට්ලිං ගාලා සද්දයක්. කෑම ට්‍රොලියක් තල්ලු කරගෙන ආවෙ නැතෑ බුරුසු රැවුල් බුරුත කෝට් කාරයෙක්. අම්මපා බොරුවක්, මුසාවක් කියනවා නං අපේ හෝතම්බුවාට හෙන ගහන්න ඕනෙ, මෙන්න මේ විදිහටමයි වුනේ.


ට්‍රොලිය ගෙනත් නෑඹිලියෙන් වහල තිබ්බ කෑම ඇරල මොන, මොනවද කිව්වා මට මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ. කෑම අතර විශේෂය වුනේ ලස්සන රෝස පාට අමු මාලු පෙත්තක්. මට ඕනා වුනේ ඒක පැත්තකට කරලා අනිත් ටික කන්න. බුරුසුවා යන්නෙම නෑ, දොර ගාවට වෙලා පනාව දාගෙන මම මාළු පෙත්ත පිල්ලි යවයිද කියල ඔත්තු බලනවා. පස්සෙ අමාරුවෙන් ,වැඩිය නොහප මාලු පෙත්ත ගිල්ලාම බුරුසුගෙ කට කනේ. මට පෙනිච්ච විදිහට ඒක ප්‍රංස චාලිත්තරයක් වගෙයි.

සෙස්ස පස්සට.......

Wednesday, September 29, 2021

මැකී ගිය බකුසු දඩමං 1 - පැරීසිය

එක්තරා යුගයක  අරාබිකරයේ රටඉඳි ගහක හිටපු බස්සෙකුට, මරු කතරින් චුත වෙන්න අවස්ථාව ලැබුනා. ඌට හිතුනා ලෝකෙ අනිත් පැත්තටම යන එකේ, යුරෝපයෙත් බස්සො ඉන්නවද බලන්න. අහවල් රටේ අරාධනාව තිබ්බ නිසා, ඉල්ලන පරක්කුවෙන් "ෂෙන්ගන්" ද මොකක්ද වීසා එක ලැබුනා, ඇයි ඉතිං බුදු ෂුවර් නෙව, යුරෝපයේ ගල් වෙන්නෙ නෑ කියලා?

අරාබිකරයේ හිටිය මිත්‍රයෙක් මෙහෙම කිව්වා. " බස්සො, ඔය යන ගමන් ඇම්ස්ටඩෑම් පලයන්කො. අපේ අයියා එහෙ. එයා ආස මේ පෝට් වයින් බෝතලෙත් දීහං. මම එහෙ නවතින්න සෙට් කරන්නම්" කියලා. එයා අයියත් එක්ක සෑහෙන කාලෙකින් කතා කරල නෑ. පොර කප්පාදු කරලා කතාව කෙටියෙන් කිව්වා.

මිත්‍රයගෙ අයියා පෙනුම තියෙන හාදයා. ප්‍රසිද්ධ හෝටලේක බේවරේජ් මැනේජර් කෙනෙක් විදිහට ඉඳලා තියෙන්නෙ. කිට්ටුම නෑඳෑ නංගියෙක් එක්ක, දෙමාපිය ආශිර්වාදය ඇතුව අවුරුදු ගාණක හාද කමක් තිබිල තියනවා. හෝටලේට ආව ලන්දේසි තරුණියක්, තනි අලිය. මේකා පැන්නා කොටුව, කෙල්ලට හිතට අල්ලලා ගියා. බඳිමුද ඇහැව්වා, හා කිව්වා. නංගිට බූට් එක තියලා උන්දෑ පැන්නා නෙදර්ලන්තෙට. මුලු ගෙදරම විරුද්ධ වුනා. මලයා කතා කරන එකත් නැවැත්තුවා, ඇයි, කොහොමද අර මිනිස්සුන්ට මූණ දෙන්නෙ?

ර කියාපු බස්සා( මම නෙමෙයි ඈ? ඒ වෙන බෂ්ෂෙක්) , ගමනට ලෑස්ති වුනා. ශොපින් ගිහින් සීත ඇඳුම් ගත්තා. ඇස්කිමෝ වගේ සැරසිලා ගුවංගත වුනා. ගිහින් බෑව ප්‍රංසෙට. ඔව්, ඔව් අර " යුරෝපයේ අති සුන්දර ප්‍රංස රටේ පැරිස් නුවර" ට තමා. එකම අවුල, "එදා හරිම මල කෙලියකි, ප්‍රංස රටේ පැරිස් නුවර" වෙච්ච එක විතරමයි. ප්‍රංස රටේ  Charles de Gaulle එයාපෝට් එකේම තියනවා උමන් දුම්‍-රිය. එතනින් ගියා Gare du Nord ඉස්ටේසමට.

ගිහින් බැස්සා බැහිල්ලක්, ලොවෙත් නෑ, ඒක තමා ඉස්ටේසම. ඒ ඉස්ටේසමේ තට්ටුම බර ගාණක් තිබ්බා. අවශ්‍ය කොච්චිය ගන්න, හරි තට්ටුවට යන්න ඕනෙ. කෝච්චි උඩින් යනවා, යටින් යනවා, ඒ මදිවට උන් "හූ" කියලත් කියනවා.

දැන් ඝර්මකලාපීය බස්සා සට,සට ගාලා වෙව්ලනවා. ඇයි, බස්සො කවද කාපු ටකරන්ද? අරාබියෙන් ගත්ත සීත ඇඳුම් මෙලෝ වැඩක් නෑ. ඉන්න බැරිම තැන ගියා පැත්තක තිබ්බ දුවන ගිරියකට. ඉල්ලුවා කෝපි එකක්. යුරෝ බර ගාණක් ගත්තා, ඒත් කාරි නෑ, දුන්නෙ පොඩි දිදාලයක් වගේ කෝප්පෙකට කියහංකො. කටේ තියන්න බෑ, සීනි පොදක් නෑ, ඊට හපන් කෝපි එක ටිං කිරි වගේ උකුයි. අමාරුවෙන් බිව්වා, ඇයි අහක දාන්න කියලය? 

අම්මද බොල, ප්‍රංසෙ නෙව බස්සො ඉන්නෙ? එකෙක් කතා කරන්නෙ නෑ, කසාය බීපු ගොලුවො වගේ. එහෙ මොකක්ද ඉංග්‍රීසි වර්ජනයක් තිබ්බා, ප්‍රංස විතරයි. දැන් නං බාගදා වෙනස් වෙලාත් ඇති. පස්සෙ යාංතන් විදේශිකයෙක් ගෙන් අහගෙන නිවැරදි තට්ටුවෙ ටිකට් කවුන්ටරේට සැපත් වුනා. දුන්නා ටිකට් එක. කවුන්ටරේ එකා බැලුව බැලිල්ලක්, කවදාවත් නොදැකපු සතෙක් දිහා බලන්නැහෙ. ඔලුව වනලා කිව්වා, ඔයාගෙ කෝච්චිය ඊයෙ ගියා කියල. මං කිව්වා මම හොඳට බලලයි බුක් කලේ කියලා. එතකොට එයා කිව්වා " ඒක හරි වෙන්න ඇති , ඒත් අපි ඉන්නෙ වෙන ටයිම් සෝන් එකක" කියලා.

දෙවනි කොටසට........


පලවෙනි පොටෝව, ඩ්‍රැකියාගේ අනුග්‍රහයෙන් ලැබුනු මෙන්න මේ නිර්මාණය ගුරුකොට ගෙන සාදන ලදී. 

ඔන්න මට කතාවක් මතක් වුනා. එක ගම ගෙදරක ගම හාමිනේ කනෙක් කොටු පනිනවලු. එක හොර මිනිහෙක් සිංහල, අනිකා මුස්ලිම්. එක දවසක් සිංහල හොර මිනිහාත් එක්ක ඉන්නකොට, ස්වාමි පුරුෂයා ආවලු. හොර මිනිහා ඇඳ යටට රිංගල ඉඳලා "ඤාව්" කිව්වලු. ගමමහගෙ "හා අන්න අර හොර පූසා කුස්සියට ඇවිත්" කිව්වාම, ස්වාමි පුරුෂයා බලන්න ගිය අල්ලපනල්ලෙ, හොරවාහෙ පැනල ගියාලු. ඊළඟ දවසෙ මුස්ලිම් හොරවාහෙ ආවම  ගමමහගෙ කතාව කියලා, කිව්වලු  කරන්න ඕනෙ දේ. එදත් කරුමෙට ස්වාමි පුරුෂයා ආවලු ගෙදර. මුස්ලිම් හොරවාහෙ ඇඳ යටට රිංගලා "ඤාව්" කිව්වලු. ස්වාමි පුරුෂයා කිව්වලු " අදත් ආව නේද මේ හොර බළල් තඩිය, අද නං මං ඕකව බාවනවාමයි" කියලා. එතකොට මුස්ලිම් හොරවාහෙ ඇඳ යට ඉඳන් කිව්වලු " අනේ නෑ අප්පුහාමි. ඊයෙ එකා නෙමෙයි, මේ වෙන පූෂෙක්" කියලා.

Sunday, September 26, 2021

බස්සාගේ වින්ඩෝස් ආයුධ පෙට්ටියෙන්

කාලෙකින් ටැක්නිකල් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුනා. ටැක්නිකල් පෝස්ට්වල හොඳේ තියෙන්නෙ, මැකී ගිය දඩමං වල අඩි සළකුණු මකන්න හිතන්න ඕනෙ නැති එකයි. එච්චර දෙයක් නෑ. පොඩි යුටිලිටි ඇප්ස් දෙකක් ගැනයි කතාව. මේක ලියන තව හේතුවක් තමා, අනිත් අය දන්න මෙයිට වඩා හොඳ විකල්ප තියනවද කියල දැණගන්න එක.

වින්ඩෝස් වල සිස්ටම් වයිඩ් ඩික්ෂනරි එකක් නැති එක අවුලක්. මගේ විසඳුම මෙන්න මේක:
මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙ නිකං දෙනවා.

Power Thesaures මයික්‍රොසොෆ්ට් ඉස්ටෝරුවෙන් ගත හැකියි.

Power Thesaurus


ඕක ඉන්ස්ටෝල් කලාම ඕන කරන වචනෙ හයිලයිට්   කරාම මෙන්න මෙහෙම පෙන්නනවා. ඊට පස්සෙ "P" එකට කෙටුවාම මෙහෙම එනවා.

සිංහල කොච්චර හොඳ වුනත්, කවදා හරි අපේ මළකඩ කාපු කඩු සුද්ද කරගන්නම වෙනවා. ඉංග්‍රීසි ලිපි කියවන කොට වචනවල තේරුම හොයන්න එහාට, මෙහාට යන එක ආතල් කැඩෙන වැඩක් බව මම අත්දැකීමෙන්ම දන්නවා. කවුරුහරි මෙයිට වඩා හොඳ විකල්පයක් දන්නවා නම් කමෙන්ට්වල දාන්න, ඈ?


ඊළඟ එක Microsoft OneNote. මේක ගැන නම් දන්නව ඇති. ඒත් මම මේක පාවිච්චි කරන්නේ web page clipper බ්‍රව්සර් Add-On එකක් හැටියට. හිතන්න, අපි මොකක් හරි සිංහල ලිපියක් කියවගෙන යනවා කියලා. ඒක හෙට එතන තියෙයිද කියල විස්වාස නැත්නම්, ආන්න එතකොට තමා මේක ඕනෙ වෙන්නෙ.
 බ්ලොග් වහලා බුකිගත වුන , අපේ හිටපු ජනප්‍රිය බ්ලොග් රචකයෙක්ගෙ කෑම වට්ටෝරු දෙකක් , මම මේකෙන් සේව් කරගෙන තියනවා. දැන් එයැයිගෙ බ්ලොග් එක පෙන්නන්නෙ ආතර්ට සහ යාලුවොන්ට විතරලු.

තව මයෙ හිතේ පත්තරේ ගිය ලිපි කීපයකුත් තියනවා. පත්තර ලිපිවල අවුල තමයි, ඒවා සදාකාලික ලෙස නොතිබීම, තියෙන වෙලාවට බාගන්න ඕනෙ ඒකයි.
" දැන් මෙතනින් පොඩි හාමදුරු නමක් වැඩ්ඩා වැඩිල්ලක්" කතාව තිබුනෙත් එහෙම පත්තර ලිපියක.

OneNote , Microsoft Store වල නිකං දෙනවා. MS Office තියෙන්නවත් අවශ්‍ය නෑ. මේකටත් මීට වඩා හොඳ විකල්පයක් තියෙනව නං කියන්න.

Saturday, September 25, 2021

නරිවාදං සහ තවත් කතා

හතර අතේ කැරකිලා බැලුවා, ගලවන්න කඩන්න කිසිම දෙයක් නෑ, ආයිබෝං. කාලයක් යනකොට ඒ සෙල්ලමත් එපා වෙනවා. USB කේබල් දෙකක් තියනවා රිප්ලේස් කරන්න, කේබල් ආවා , ඒත් කනෙක්ටර් තාම තැපෑලෙ. ඔය දිග USB කේබල් හයි කරපු ගැජමැටික්, කාලයක් යනකොට ඇඹරිලා , පස්සෙ ලෙඩ දෙන්න ගන්නවා. මම හදන්නෙ, කරමුලින්ම USB කෙනෙක්ටර් එකකට මාරු කරලා දාන්න, එතකොට කේබල් එක ඕන සාමාන්‍ය එකකට මාරු කලෑකි නෙව?

ඔය නරියා ඉන්නව නේද? ආයෙ වහෙන්-ඔරෝ නෑ, කෙලින්ම අලි හොරා. මේක බලන්නකො.



හරි,හරි වංචා පෝස්ට් එකක් තමයි. ඉතිං ලියන්න දෙයක් හිතට නොඑන කොට මොකදෑ කරන්නෙ?  මේං ඇමරිකාව හොරාකාපු ගිල්ගමේෂ්ගෙ ටැබ්ලට් එක ඉරාකෙට ආයෙ දෙන්න යනවා. 

Windows 11 එක බීටා වලින් Dev චැනල් එකට මාරු වුනා. අලුත් අප්ඩේට් එක ආවා, හොඳ පාටයි. වෝල් පේපර් එකට මෙහෙම දැම්මා. බීටා එක තියෙද්දී නං, වින්ඩෝස් 10 හොඳයි හිතෙන තරමටම එපා වුනා. ඒත් Dev වර්ශන් එක ස්පීඩ් එකේ දියුණුවක් තියනවා. ග්‍රැෆික් කාඩ් එකේ උණුසුම සෙන්ටිග්‍රේඩ් 10 ක් බැස්සා. ඉක්මනට ලෝඩ් වෙනවත් එක්ක.


Windows 11 වලට තර්ඩ් පාටි ඇප්ස් එන පාටයි. Windows 10 ෆුල් මොන්ටි යන්න කැමති  කස්ටියට, ඔන්න පහල යන පාර දීලා තියෙනව. මට නං යන්න බෑ කියල හිතුන. නිස්කාරනේ  රට්ටුං ගෙන් කයි-කතන්දර අහගන්නෙ මොකටද?