Friday, January 17, 2020

ජහුටා පොල








දෙසැම්බරෙත් ඉවර වුනා. වෙනද වගෙම මෙදා සැරෙත් බඩු අරගෙනම නැති වුනා. දැන් ඕකට ලෝකයා එක එක කතා කියනවා. හෝතම්බුවා නං කිව්වෙ " හයියෝ ෂල්ලි" කියලයි. එතකොට අර ඉන්දියන් පොලොස් කොට්ටෝරුවා, ඌත් මොනවදෝ කිව්වා. ඔහෙලට කියන්න ඒ තියා අල්ලපු ගෙදර සුදු නෝනගෙ පූසා, ඌත් මොකද්ද කිව්වා කියහංකො. මං හිතන්නෙ ඌ නං කිව්වෙ "ඤාව්" කියලයි. ඔය මොකා මොනවා කිව්වත්, අපි සැලෙයි ඕවට? ඔහෙලට සැක නං ඔය ඕන බස්සෙකුගෙන් අහල බලන්න " සේල් දාලා තියනව මේක , ගන්නද?" කියල. කෙලින්ම කියයි "හූම්" කියල.






අනික , දැන් මම ගත්තෙ අවශය දේවල් නෙව? දැන් බලාන්ට මයෙ මොනිටරේ අවු 10 වඩා වයසයි. දැන් උන්දැ ඉන්නෙ ලෙඩ ගානෙ, කහිනවා හිරවෙනවා. ඉතිං ඇමසෝනා දැම්මා 4K 1ms, 28"මොනිටරයක් සේල





කෙ‍ටුව පටස් ගාලා.ඉතිං අලියා ගත්තා නං හෙණ්ඩුවක් නොගෙන කොහොමද?



ආ එතකොට සෝඩා හදන මැසිම. ඒක සේල් දැම්මෙ Walmart. එතකොට co2 ගෑස් සිලින්ඩර් සේල් දැම්මෙ Staples.










අපි නිෂාචර පක්සියො බව ඇත්ත. ඒත් අපිට කියලා පාන්, කිඹුලා බනිස්, මාළුපාන් අගුණයක් නෑ නෙව?  මට තියෙන එක අඩුපාඩුවක් තමා. පාන් පෝරණුවට දාලා පිච්චෙන තෙක්  එතන බකන්නිලා ගෙන ඉන්න බැරි කම.  පල්ලෙහා ගෙදර ආච්චි කුස්සිය ගිණිතිබ්බට පස්සෙ , මට හිතුනා කුස්සියකට වඩා  co
unter top oven එකක් හුඟක් ලාබයි කියලා.





කෙ‍ටුවද කියලත් අහනවා? කොටලම දැන් මයෙ හොටත් බාගෙට ගෙවිලා. හැබැයි කොටන්නෙ ඔන්ලයින්, ගෙදරටම ගෙනැල්ල දෙනවා නෙව?





මේ දැන් බෑවා පාන් ගෙඩි දෙකක්. තායි මිරිස් දාල තලාගත්ත පොල් සම්බෝලයි, සැමන් බැදුමයි තියනවා. තව ටිකක් යනව වළඳන්න :)ආ මම සම්බෝල වලට, තක්කාලි , සියඹලා තායි ඉස්සෝ පේස්ට්  ඔක්කොම දානවා.






මම පොඩිකාලෙ මැකරූන් වලට හරිම  කැමතියි.  ඉස්සර දැනගෙන හිටියෙ නෑ මැකරූන්, මැකරෝනි කියන්නෙ ජාති දෙකක් කියලා, ඉතිං දවසක්  තාත්තා ගෙනාව මැකරෝනි.





දැන් පේන විදිහට මැකරූන්ස් අපේ කෑමක් නෙමෙයි. ඔරිජිනල් යුරෝපියන් වර්ෂන් එක හැඩයෙනුත්, රසයෙනුත්, මිලෙනුත් අපේ රටේ සිල්ලර කඩේ වර්ෂන් එකට වඩා වෙනස්. හේතුව Almond flour පවිච්චි කරන නිසා. කෙලගෙන  ආවා Cosco එකෙන් Almond flour කිලෝ එකාමාරක්ම. දැන් දෙන්නම් ජම්බු.







මේ යන්නෙ සීත ඉර්තුවෙ නරකම කාලෙ. ඕං හිම කුණා‍ටුවකුත් එනව කියන්නෙ. මේ කාලෙට බස්සො බෙනෙන් එලියට යන්නෙ නෑ. ඔය සීතල කියන තරම් නරක නෑ. මම කෝපි බොන්නෙ එලියෙ. සට සට ගාලා ගැහි ගැහී උණු කෝපි එකක් බොන එක වෙනමම ආතල් එකක්.



කාලෙකට ඉස්සර කියෙව්ව නම මතක නැති පොතක තිබ්බ කතාවක් මේක. අඳුර වැටිගෙන එන  පරිසරයක්. තද හිමකුණා‍ටුවක ගාට ගාට යන අස්පයෙක් සහ අසරුවෙක්. ඈතින්  කන්දක පේන හොඳින් ආලෝකමත් වුන තානායම් පොලක්. තානායමට යන අසරුවා කියනවා මෙහෙම " මට දැන් අවශ්‍ය උණු කෑම වේලක්  සහ උණුසුම් ඇඳක් පමණයි". කතාවේ හරය: සැප ලැබෙන්නෙ දුකේ අවසානයට.





වැදගත්ම දේ  රිමෝට් එක තමන් ගාව තියෙනෙ එක. ඒ කිව්වෙ කොච්චර වෙලා එලියෙ ඉන්නවද?, ඇටක‍ටු ගල් වේගන එනෙකොට පටස් ගාලා බෙනේට රිංග ගන්න තියෙන හැකියාව.













මට මතක් වෙනවා  කලි සැරේ කාපු පැණි දොඩම්