Sunday, April 22, 2012

The Machine is Us

තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සු‍රැකීම වගේ.





මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :)) 





ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.

                                





ලොකුවට ඕනෙ නෑ, ඔය හීනියට HTML ටිකක් ඉගෙන ගත්තොත් නරකද? දැං ඔහෙලා කියාවි WYSIWYG නැහ්නං what you see is what you get එඩිටර් එකක් Blogger දීලා තියෙන කොට HTML ඉගෙන ගෙන වරිගෙ නහ ගන්නෙ මොන ඇන්නෑවකටද කියලා? හරි ඔය එඩිටර් එකේ දීලා තියන පහසුකං වලිනුත් කීයෙන් කීයද අපි පාවිච්චි කරන්නෙ? simplicity is the real beauty කියන එකට මාත් එකඟ වෙනවා, ඒත් අවශ්‍ය තැන් වල ඔය පාට අකුරු ටිකක් දාලා ඔය කවියක වගේ කැපී පේන්න ඕනෙ තැනක Italic font එකක් පාවිච්චි කලාට මොනව වෙනවද? අනික, දැං බලාන්ට
Blogger comment box එක, ඒකෙ WYSIWYG නෑ, එත් HTML පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි ඒකෙ ඔක්කොම HTML tags පාවිච්චි කරන්න බෑ.





එයිනුත් වැඩියම ප්‍රයෝජන එක තමා:



< a href="වෙබ් ඇඩ්‍රස් එක">පේන්න තියෙන වාක්‍යය<a/>






කියන එක. වැඩි විස්තර මෙතනින් බලා ගන්ට මෙතනට කොටන්න.





Word-press blog comment box එකේ නං මීට වඩා tags support කරනවා. ඒත් උන්න හැටියට මලා මඳැයි කියලා මේ ටිකවත් ඉගෙන ගෙන ඉමු නේද? :))





Thursday, April 12, 2012

Kiss the Girl


කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.














             





මේ මං කැමතිම කතාවක්. බුදු අම්මෝ මේකෙ ඉන්න ගෙම්බො කන්දරාව.පේනවනේද කස්ටියම කටවල් උල් කරන හැටි?



 වල් ගෙම්බො! උන් ඔහොමමයි ;D







හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!