Wednesday, August 19, 2015

ඈවරයි, දෑවරයි



http://jimhillmedia.com/mb/images/upload/RAT_221-web.jpg

මං තීරණය කලා, අද ඉඳන්වත්  වැදගත් බස්සෙක් වෙන්න. කතිර යුද්දෙත් ඉවර වෙච්චි, අප්පච්චිත්, සෙත්ත පෝච්චි වෙච්චි, එහෙව් එකේ වැටිච්ච් එකාට උඩ පැන , පැන තලන එක හොඳ නෑ නෙව? එහෙම හිතලා , 

 මං අහල පහල හිටිය බ‍ටු මී නයිදෙව මුණගැහෙන්න ගියා



"  උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"





මීයා ඔලුව වැනුව " ඒ කියන්නෙ බස්සෝ, උඹැහෙ ආයෙ   පොලිටිකල් එව්වා ලියන්නෙ නැතෙයි?"



" නෑ බං, ඔය මඳැ අප්පුච්චට තඩි බෑව. අනික, මහ අලිය උනත්, ටිකක්  අප්සැට් සතා, පැටිකිරියත් හොඳම නෑ, මොනව කරාවිද කව්දෑ දන්නෙ?"



" අනේ මන්ද බස්සෝ, ඒත් අප්පුච්චා , එයැයිට බලේ තියෙද්දි බොලාට එක දිගටම නෙලුවෙ?"



" ඒක නං එහෙම තමා. ඒත් අපි  එහෙම ජාතියක් නෙමෙයි නෙව? අපි එව්වා, පටස් ගාලා අමතක කරනවා"



"හෑ,  , එතකොට , අප්පුච්චා, රජගෙදර රිළවා ලව්වා , රිළා නැ‍ටුං පෙන්නන්න ආවොත්?"



" බොලං මී නයිදෙ, අපි එතකොට, ඔපරේෂන් " මෛත්‍රි" කරනවා ", මොනව කලත් ආගමානුකූලව තමයි"



" මට නං විස්වාස නෑ, උඹ ආයෙ  පොලිටිකල් කතා නොලියයි කියලා , බස්සො"



" හා , බලපංකො. ඔන්න බලාපං, මං  නෙමෙයි ආයෙ කට අරින්නෙ. පිංතූර විතරමයි දාන්නෙ"




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMSgmYbH86s1FBcyZlvRuMg-0V275LFypr7foyguMqbWmPg8dc36_UVaJSAHgs6jJmKHTp3TcGaly5O9E_y96WBbwP9QaHeYJ0Ih5SWxkI4LPtU00KicMel1Amvv91SunTNVEXFRBN38Dk/s1600/The-Best-Of-Expectations-VS-Reality-2013-8.jpg











Expectation-

A nice parking job
















                               Reality

















Parking - Arabic style

Saturday, August 8, 2015

බස්සා සහ මකරාක්ෂයා





http://wm.schoolofdragons.com/SoD/Joomla/templates/schoolofdragons/images/HTTYD_BarfAndBelch.png

මකරා ඉස්සෙල්ලම ආවෙ දකුණෙ දෙවන කැ‍රැල්ල කාලෙ. ඌ රතු කමිසයක් ඇඳලා,  තරුවක් ගහපු, කජු ලෙල්ල වගේ තැලිච්ච තොප්පියක් දාලා හිටියා.ඉස්සෙල්ලම කෑවෙ. පලාතෙ චංඩි ටික. අපි මකරට රහසින් පෙම් කලා.  මකරගෙ ක්‍රමය හරිම සිම්පල්, ආව තිබ්බ ඔලුව කුඩු වෙන්න. නඩු නෑ, සාක්කි ඕනෙ නෑ, උසාවි , අබ්බගාත්ලා , කල්ප ගණන් ඇදෙන නඩු නෑ. අපි හිතුව , කමක් නෑනෙ , උන් අපරාධකාරෙයො නෙව කියලා. පස්සෙ, මකරා කලාකාරයො. ගුරුවරු, ග්‍රාමසේවකලාව කන කොට නං අපිට හිතුනා , එයාලට නං නිදහසට කාරණා කියන්න චෑන්ස් එකක් දුන්න නං හොඳයි කියලා. මකර පාලනය තුල විවෙචන වලට ඉඩක් නෑ. අපිත් කට පියාගෙන හිටියා, නැත්නම් වෙන්නෙ ඔලුව නැති කරගන්න.



රතු මකරව කන්න ආවෙ කොල පාට මකරෙක්. අලුත් මකර ආවෙ කැලෑ කොල ඇඳුම ඇඳලා බූට්ස් දාලා , දොරවල් ගලවපු පැජරෝ එකේ.අරූ මොන මකරද, මූ නෙව මකරා ? 



 අපි රතු  මකරා ගැන දුක් වුනා. ඌ අපේ පන්තියෙ මකරා. " මොනව වුනත් දුප්පත් සතා, පං මල්ලෙ ගල්කටස් එක දාගෙන ඇවිල්ල , බඩට බත් නැතුව සටන් කලේ " අපි කිව්වා , 



දකුණෙ හිටිය බුරුසුවක් වගෙ උඩු ‍රැව්ල තිබ්බ හාදයෙකුත් අපිත් එක්කම රතු මකරාට වෙච්ච සැන්තෑසිය ගැන දුක් වුනා. එයා දකුණෙ ඉඳන් කොලොම්පුරේට පා ගමනකුත් ගියා.



මකරාධිපතිය හිටියෙ කොලොම්පුරේ. කොණ්ඩෙ සුදු වෙච්ච  උස පොරක්. ඒත්  මකරාධිපතියගෙ රිමෝට් එක තිබ්බෙ, සතපහ වගෙ හත‍රැස් මූණක් තිබ්බ උපාසක මහත්තයෙක්ගෙ සාක්කුවෙ. මකර යුද්ධෙ නැගලම ගියා. රතු මකරා නැති භංගස්ථාන වෙලා ගියා.



කාලය  ගලාගෙන ගියා. රතු මකරා ගැන අපිට අමතක වෙලා ගියා. ඔය අතරෙ උතුර පැත්තෙන් කලු මකරෙක් මතු වුනා. අපි ඌත් එක්ක යුද්ධෙට කොල මකරව ඇරියා.








මකර යුද්ධෙ දකුණින් , උතුරට මාරු වුනා. කලු මකරා කොලොම්පුරේට බයිසිකල් කාරයෙක් එව්වා. දවසක් හදිසියෙම මකරාධිපතියගෙ  වාහනේ පිපිරුවා. මකරාධිපතිය , කුකුලෙක් වගේ රෝස් වෙලා මලා. මූණ හත‍රැස් උපාසක මහත්තයා ගාවිනුත් , බයිසිකල් කාරයෙක් මාරුවුනා. එයත් නිවන් ගියා."දිඨට ධම්ම වේදනීය කර්ම" මිනිස්සු කිව්වා.



උතුරෙ මකර යුද්ධෙ අවසාන වුනා. ජයග්‍රාහී කොල මකරා  නොන්ඩි ගගහා ,  අත්වාරුවකින් ආවා. අපි නොන්ඩි කොල මකරව , මල් මාලා දාල පිලිගත්තා.ඒත්, ඒ වෙනකොට කොලොම්පුරේ අලුත් මකරෙක් බිහිවෙලා හිටියා. ඒ තමයි, අර පාගමන ගිය බුරුසු ‍රැව්ලා. 



බුරුසු ‍රැව්ල් මකරා කෑවෙ අමුතු විදිහකට. ඌ වැඩියම කෑවෙ රට.



අපිට පටි තදකරගන්න කියලා , ඌ කන්න පටන් ගත්තා. උන්දැ  චයිනීස් කන්න දෙයියා, ඉඳලා හිටලා ආප්පත් කෑව . ඔය අතුරුපසට  , පත්තර කාරයෙක්,රගර්  කාරයෙක්  එහෙමත්  කෑව වුනාට , කවදාවත් එව්වා කෑව කියලා පිලිගත්තෙ නෑ.





අපි බුරුසු ‍රැවුල් මකරා එක්ක සටනට , සෑර් ලාන්ස්ලොට්ව යැව්වා.    එයා අලිය පිටේ නැගලා යුද්ධෙට ගියා. රැවුල් මකරා පැරදිලා හෙලි -කොට්ටඋරේක නැගලා පැනලා ගියා. 


පස්සෙ ‍රැව්ලා නන්නත්තාර වෙලා හිටියෙ . ඔය අතරෙ, අලිමොටා ගම කෑව. මේකෙන් වුනේ සෑර් ලාන්ස්ලොට්ගෙත් සායම ගිය එක.



දැං බුරුසු ‍රැව්ලා ආයෙ යුද්ධෙට එන්න හදනවා. "මාස්ටර් සර්, මගෙ හිමි තැන දෙන්න " කියලත් කියනවා. 


සෑර් ලාන්ස්ලොට් නං කියනවා, එයා කවදාවත් මකරට අඳින්නෙ නෑ කියලා, ඒත් අපට  අර අලිමොටාව නං විස්වාස නෑ. ඒත් ඉතිං වෙන කරන්න දේකුත් නෑ, මොනව වුනත් අලි බෙටිත් ඕන වෙන වෙලාවලුත් තියනවා. අලියා  ඒ වැඩේට නං දස්සයා




<උපුටා ගැනීම>මකරා හොඳය.මකරා ලස්සනට කරුණාවට ආදරය කරයි.නමුත් ඔහු පවතින්නේ අන්ධකාරයේය.පරමාර්ථය‚ ආත්මාර්ථය වඩවා ගැනීමය.එවිට මකරාගේ අඳුරු කොරපොතු වල අවලස්සන හා නියපොතුවල වේදනාව බාහිරට දැනෙන්නට පටන් ගනී........
මිනිසුන් ඇතුලේ කුඩා මකරකු සිටී.ඒ කුඩා මකරන් මහා මකරකුගේ ආභාෂයෙන් උපත ලද්දන්‍ වේ. මහා මකරුන් මර්දනය කළද කුඩා මකරුන්  බැහැර කිරීම ස්වයංශෝධිත ක්‍රියාවක් බව පැහැදිලි කරයි.මේ කාලයේදී මකරුන්ගේ බෝවීම අති බහුලය.දේශපාලනික-සමාජයීය-ආර්ථික-අධ්‍යාපනික-සංස්කෘතික යන විවිධ ස්ථරවල මකර බලපෑම් දැකිය හැකිය.තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ව්‍යාප්ත කල මකර ජාන වල බලපෑම් කිරි පිටි බොනු ලබන කුඩා දරුවකුගේ කිරි ජෝගුව මෙන්ම විශ්‍රාම ගිය වගකිව යුතු පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මඟින් ද ඉදිරිපත් කරනු ඇත.......</උපුටා ගැනීම>




 - ධර්මසිරි බණ්ඩාරණායකගේ මකරාක්ෂයා -






https://s-media-cache-ak0.pinimg.com/736x/bc/0c/c2/bc0cc23ecc60c40478a4e1f77a1347f9.jpg



Thursday, August 6, 2015

වින්ඩෝස් 10




නිකං දෙන දෙමල පත්තරේ නෙව?  ඕන  පාං බාගයක් පනං අටයි  කියල , ඔන්න ඔහේ දාගත්තා.



අර ටාස්ක් බාර් එකේ තියන අයිකන් එකට කොටල  වද වෙන්න එපා, එතකොට රිසර්ව් කරල පෝලිමේ ඉන්න ඕනෙ.





1. මේ ලින්ක එකට යන්න

     https://www.microsoft.com/en-us/software-download/windows10



2. 32 bit / 64 bit ද කියල සිලෙක්ට් කරගන්න.



3.  අදාල  media creation tool එක බාගෙන රන් කරන්න.



මේ tool එකෙන්, තියන පරණ වින්ඩෝස් එක, අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ටිකක් වෙලා යනව නං තමයි, ඒත් කිසි අවුලක් නැතුව , තිබ්බ ඔක්කොම ප්‍රෝගැම්ස්  ටික අලුත් එකට ආව. 



මතකයිනෙ , නෝවගෙ නැව පෝස්ට් එකේ  macrium reflect. එයා  මේ වගෙ රිස්කි වැඩ වලට දෙයියා. ඇයි  කියන්න බෑ නෙව? අප්ග්‍රේඩ් කරන්න ගිහිල්ලා , කෙලල ඇරියා පාත්තරේටම, මලා නේද? 



මම ඉස්සෙල්ලම කලේ , කලින් වින්ඩෝස් එකේ පාටිෂන් බැකප් එකක් වෙන ඩ්‍රයිව් එකකට ගත්ත එක. දැං , බය නෑ  නෙව?, වැරදුනොත්  ආපහු කලින් තැනට ගියෑකි.  ඊට පස්සෙ, අර tool එක පාවිච්චි කරලා අප්ග්‍රේඩ් කලා. කිසිම ප්‍රොඩක්ට් කී එකක් අහන්නෙ නෑ.



 ඊට පස්සෙ tool එක ආයෙත් රන් කරලා, මේ සැරේ iso ෆයිල් එක බා ගත්තා, වැඩි පරිස්සමට. මං හිතන්නෙ එක රන් කරලා ක්ලීන් ඉන්ස්ටෝල් එකක්  කරන්න නං ප්‍රොඩක්ට් කී එකක් අහවි. 



ඔක්කොම ටෙස්ට් කරල බලල, ආයෙම අලුත් වින්ඩෝස් වල බැකප් එකකුත් ගත්තා.



වින්ඩෝස් 10 - මට හිතෙන හැටි:



වාසි:



මේක මේ මහා ලොකු ටෙක්නිකල් රිවීව් එකක් නෙමෙයි, බස්තියංගේ  සිම්පල් වර්ශන් එක:



1. හොඳයි, වින්ඩෝස් 8.1 වගේමයි. වින්ඩෝස් 8 පාවිච්චි කරල තියනව නං ගේමක් නෑ.



2. ස්ටාර්ට් මෙනු එක ආය දාලා. වින්ඩෝස් මොඩර්න් ඇප්ස්,  සහ පරණ ඇප්ස් දෙකම මෙනු  එකේ තියනවා. මෙනු එක කස්ටමයිස් කරගන්න පුළුවන්.



3. මොඩර්න් ඇප්ස්  , දැං ඇත්තටම ඇයක් වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න ඇහැකි. කලින් වගේ ෆුල් ස්ක්‍රීන්වත්, වෙනම  GUI එකකට ස්විච් නොකර. 



4. වින්ඩෝස් ෆයිල් සයිස් එක පොඩියි.



5. ඇපල් වලින් ණයට ගත්ත දේවල් වගේ පෙනුනත්, සමහර වැඩිදියුණු  පහසුකම් හොඳයි. වින්ඩෝස් චාම්ස් වෙනුවට ඇක්ෂන් සෙන්ටර් එක වගේ එව්වා. දැන්  ඔක්කොම සෙටින්ග්ස් එක තැනක, හොයන්න ලේසියි.



6. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා . ඩිෆොල්ට් ඇප්ස් වගේ එව්වා , අලුතින් ඉන්ස්ටෝල් කරගන්න ඇප්ස් වලට ඕන, ඕන විදිහට වෙනස් කරගන්න බැරි පාටයි.   



අවාසි:







1. මට නං "කෝටානා" ඇණයකි. පුදුම වෙන්න දේකුත් නෑ, උන්දැත් ගෑණු සතෙක් නෙව?



2. සිංහල ෆොන්ට් එකපාරටම වැඩ කලේ නෑ. " ඉස්කෝල පොත" ttf ෆයිල් එක හොයලා  ඉන්ස්ටෝල් කලා, දැන් වැඩ.



3. ඉඳලා, හිටලා පරණ ප්‍රෝගෑම් එක දෙකක් වැඩ කරන්න බෑ කියාවි. කම්පැටිබිලිටි මෝඩ් ගිහින්, වින්ඩෝස් 8 වලට සෙට් කලාම ඒක හරියනවා.



4. සෙකියුරිටි වලට වැඩි තැනක් දීලා වගේ පේනවා උනත්, වින්ඩෝස් ඩිෆෙන්ඩර් ඩි-ඇක්ටිවේට් කරලා. ඒ වෙනුවට වෙන එකක් දීලත් නෑ. වින්ඩෝස් firewall නම් වැඩ.



5. පරණ වින්ඩෝස් , වින්ඩෝස් 10 වලට අප්ග්‍රේඩ් කරලා , ඇක්ටිවේට් කලාට, අලුත් එකේ ප්‍රොඩක්ට් කී එක වෙනස් කරනවා. කෝකටත් හොඳයි ඒක  හොයාගෙන ලියල තියාගන්න එක . හොයන්නෙ මෙන්න මෙහෙමයි:



https://gist.github.com/eyecatchup/d577a2628666a0ad1375



ඒකෙ තියන කෝඩ් එක නෝට් පෑඩ් එකේ අලෝලා, all files විදිහට සිලෙක්ට් කරලා, .vbs එක්ස්ටෙන්ෂන් එක දාලා ඩෙස්ක් ටොප් එකක සෙව් කර් ගන්න. ඊට පස්සෙ ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා රන් කලාම, පොප් අප් බොක්ස් එකක, ප්‍රොඩක්ට් කී එක පෙන්නනවා



සමස්තයක් වශයෙන් , පාඩු නෑ - කොහොමත් ගෙව්වෙත් නෑ නෙව? :) . නෑ , ඒකම නෙමෙයි. පසුතැවෙන්න දෙයක් තියනවා කියල හිතෙන්නෙ නෑ. මහා ලොකු දේකුත් නෑ, අර යස අගේට තිබ්බ, වින්ඩෝස් 7 , 8  කරන්න ගිහිල්ලා ඇණ ගත්ත ටික , ආපහු හදලා තියනවා.





Sunday, August 2, 2015

අලි බබා, ගිරව කරේ සහ හොරා




මේ අසමජ්ජාති  මකුලුවොත් එක්ක බෑ නෙව , ආයිබෝං? පොඩ්ඩ ඇත්නං උන් දැල් බඳිනවා. ගූගලයට මාට්‍ටු වෙලා මැකුවොත් කියලා බයට,බ්ලොග් එකේ මකුළුදැල් කඩන්න කියල ආව.



කතිර යුද්දෙත් ලඟ නිසා, ආපු එකේ ඔය මොකක් හරි කොටලම යනවා . මැදමූකලාන පැත්තෙ ගියොත්, ටක්කෙටම මොනවා හරි මාත්තුරුකාවක් හොයාගන්න ඇහැකි නිසා, මං ඒ පැත්තට මංගැච්චුවා.



කිතුල් ගස් මණ්ඩිය පහුකරන කොටම ඇහෙනවා , කව්දෝ මහ හයියෙන් කෑ ගහනවා



" කපනව ඩෝ පෙති පෙති. හුරිජ්කරිජ්ජ පාගපු මං  හුරුල්ලත් දන්නවා, කුරුල්ලත් දන්නවා"



අම්මට හුඩු, මේ අපේ මැදමූකලානෙ සිංහයා නෙව, දොල ලඟ ගල්තලාවෙ , රා කළයකුත් තියාගෙන ඉන්නෙ? රජගෙදර රිළවත්  ඒ ලඟ ම ඉන්නවා.



" ආ, බෂ්ෂො, වරෙන් , වරෙන්. දෙන්නද  පොල් කට්ටෙන් දෙකක්. මේ දැං බාපු ගහේ බඩු"



" බොහොම ස්තූතියි , ආයිබෝං. මයෙ පාවිචියක් නෑ. ඒක නෙමෙයි රජෝ, මොකද මේ කස්ටිය ඔබතුමාට හොරා කියල කියන්නෙ?"



" කව්ද ඩෝ එහෙම කියන්නෙ?   කපනව ඩෝ පෙති පෙති "



" නෑ , මේ  රට්‍ටු තමා එහෙම කියන්නෙ. හරි හොරාමයි කියමුකො. ඒත් ඔබතුමා  එසේ මෙසේ හොරෙක් වන්න බෑ නෙව? "



" ආන්න උඹට තේරුනා. හොරා නෙමෙයි, මංකොල්ලකාරයා, හිංගලෙන් කියන්නෙ පයිරේට් කියලා" එතුමා මාව නිවැරදි කලා.



" දැං එතකොට මංකොල්ලකාරයා කියන්නෙ හොරෙක් නෙමෙයිද?"



" තොට පයිත්තියන්ද බොල?" එතුමා සිංහ ගර්ජනා කලා. " මංකොල්ලකාරයා කියන්නෙ ඔය තුට්‍ටු දෙකේ  හොරෙක් නෙමෙයි, වැදගත්, හොඳ සමාජ තත්ත්වයක් තියෙන ප්‍රභූවරයෙක්"



" දැං බලාපං බෂ්ෂෝ, හොරා කියන්නෙ. ඔය ගමේ  පොල් ගෙඩියක් කඩාගන්න, කුකුලෙක් පන්නගෙන යන සාමාන්‍ය එකාලට නෙව? ආන්න උන්ව තමා ගස් බඳින්න ඕනෙ, පොලෝසියට ගෙනිහිල්ලා අඬු කඩලා උසාවි දාලා  නඩු දාන්න ඕනෙ"



" අම්මපා , මං දැනගෙන හිටියෙ නෑනෙ , ඒ වග" මං හූමිටි තිබ්බා.



" ඒක නෙව කියන්නෙ? දැං බලාපං, මංකොල්ලකාරයො ගැන සිත්තරපටි පවා හදලා තියනවා. එතකොට  ජනකතා ලියැවිලා තියනවා, අහල නැහ්ද, රොබින්හුඩ්, අලිබබා ගැන එහෙම?"



" ඒත් රජෝ, අලිබබා කියන්නෙ මංකොල්ල කාරයෙක් නෙමෙයි නෙව?"



" ඔන්න, ඔන්න ඉතිං උඹත් මට උගන්නන්න එනවා. හරි, එයා  ඇරියෙ නැහ්ද  ලස්ස ගාණක වස්තු සම්භාරයකට? එතකොට හොරු හතලිහක්ම  අතුරුදහන් කලේ නැහ්ද?"



" ඒක නං එහෙම තමයි, ඒත් එයා හොරුන්ගෙන් හොරා කෑව මිසක්, මංකොල්ල කෑවෙ නෑ නෙව?" මං  ඔලුව කස, කස කිව්වා.



"මේ අහපං බෂ්ෂෝ. හොරා කියන්නෙ ඔය පොඩි , පොඩි හොරකං කරන එකාට. ඌ ඒක කරන්නෙ හොරෙන්. අපි, මංකොල්ල කාරයො එහෙම නෑ. අපි හොරකං කරන්නෙ මහ දවල්. ගියා භාණ්ඩාගාරෙට " ඕපන් සෙසමේ" කිව්වා, ගත්තා, වටේ ඉන්න ගෝලයොන්ටත් කට්ටක්, දෙකක් විසිකලා එච්චරයි. කවුරු හරි , අසමජ්ජාති පත්තරකාරයෙක් කට ඇරියොත්' ඇයි, අවුල්ද?' කියල ඇහැව්වා. එව්වා සුදු වෑන් එකක්. උන්දැ චකබ්ලාස්, ගේම ක්ලෝස්. තේරුණාද?"


තේරුණා කියල කියන්න, මං ඔලුව වනාගෙන, වනාගෙන ගිහින් හතර සැරයක් "හූම්, හූම්" කිව්වා. " ඒත් රජෝ , අලිබබාගෙයි, ඔහේගෙයි තියන සමාන කම මොකක්ද?"



" ඇයි බං, අලි බබාට හිටියෙ හොරු හතලිහයි, මං ගාව හිටියා නෙව එකසිය හතලිහකටත් වඩා?" කියලා රජා කිව්වා.



" ඒත් මං දැකලා තියනවා නෙව ඔය මංකොල්ලකාරයොන්ගෙ කරේ ගිරවෙක් ඉන්නවා. දැං ඔබතුමාටත් ඉන්නවද එහෙම එකෙක්?"



" ආ , ඒකට මං අපේ රිළවව පුරුදු කරලයි තියෙන්නෙ. බලන්න එපෑයෑ මූ ගිරව වගේ " විදේශීය කුමන්ත්‍රණ, විදේශීය කුමන්ත්‍රණ" කියන අපූරුව. මං දැං ඔය උගෙ කටට ප්ලාස්ටර් දාලයි තියෙන්නෙ. ඇයි බං, මටත් දැං ඕකම අහල එපාවෙලා ඉන්නෙ"



ඔන්න එතකොටම කැලේ පොඩි වෙන සද්දෙකුයි, මහා කාලගෝට්ටියකුයි ඇහෙන්න ගත්තා.



 රා පොල්කට්ටෙන් දෙකක් නමා ගත්ත සිංහයා , සාටකෙන් කට පිහදා ගෙන " ආ , ඔය එන්නෙ අපේ කස්ටිය" කියල කිව්වා.



එතකොටම කැලේ පොඩිකරගෙන ආවෙ අම්බරුවො රෑනක්. උන් පෙලපාලියක් යනවා :



" අපේ හොරා , අපට හොඳා"

"යන්න ගියත් යන්න දෙන්න බෑ. හැට පැන්නත්, හොරා, හොරාමයි"

" වී වන්,වන්,වන්,වන්,වන් නෝනා. හොරාවමයි ඕනා "



" පේනව නේද? ජනතාව තමයි මාව ඉල්ලන්නෙ " ආඩම්බරයෙන්  කොන්ද කෙලින් කරගත්ත සිංහයා කිව්වා.



" මුංට සුමාන දෙකක් ගියාම මුකුත් මතක නෑ. ඒක නෙව මුංට අම්බරුවොයි කියන්නෙ" මං ඇඟට , පතට නොදැනෙන්න කියල දැම්මා.



ඔය අතරෙ  හිටිය එක මඤ්ඤං අම්බරුවෙක් රජතුමාගෙ කිරිපල්ල අස්සට අතදාලා , වසී බෝලෙ මිරිකුවා.ඊට පස්සෙ, එතුමාම , එතුමාගෙ ආරක්සාව සලස ගත්තා. එනපොට හොඳ නැති නිසා,කෝකටත් සූජනං සරීරෙ කියලා, මම එතනින් ලිස්සලා ගියා.












--------------------------------------------------------------------------------




මෙන්න පිංවතුනි , වැනිල්ල අංක දෙක. මං වැනිලිත් දැක්කා මේ වගෙ වැනිලි නොදැක්කා......