Sunday, August 15, 2021

අමතක නොවන මතක සටහන්

මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා  ක්වාටස්වල.  ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ  හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ. 

ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා.  මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා "  ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.

මේක මේ සෑනාම කියපු කතාවක්. බලපිටියෙ පාරක් අයිනෙ කානු කපපු කම්කරු මහත්තුරු කට්ටියක් දවල්ට කන්න ලෑස්ති වුනාලු. බත් එක ඇරලා බලපු එකෙක් මෙහෙම කිව්වලු "හුකා බොල, මාලු කෑල්ල කා..... ලා නෙව? දැන් ඉතිං අම්මගෙ *?@#$$ එක්කද බත් ටික කන්නේ..ඒඒඒ...?" කියලා. වලියට බර වුනත්, හරිම හිතවත් මිනිස්සු.

අඹතලේට එන්න පාරවල් දෙකක් තිබුනා. කඩුවෙල පැත්තට යන අලුත් පාරත්, කැළනි ගඟ අසබඩින් වැටිච්ච පරණ පාරත් මුණගැහෙන්නෙ අඹතලේ හංදියෙදි.  හදිස්සියට අලුත් පාරෙ ආවත්, කොට-කොටා එන පරණ පාරටත් මගේ කැමැත්තක් තිබුනා. කීර කොටු, නාන තොටුපලවල් පහු කරලා එන පරණ පාර, මීතොටමුල්ලේ කුණු කන්ද මඟ හැරලයි එන්නෙ. ඒකෙන්
අඹතලේ හංදියට ආවම, පුරං වෙච්ච වෙලක් මැදින් තිබුන ගුරු පාරක් දිගේ එන ෂෝට්-කට් එකක් තිබුනා. ඔය පාරෙ එනකොට පේනවා වෙල අයිනෙ තියෙන නාන පොකුණක්.

.
දවසක් පක්සියා එනවා ඔය පාලු ගුරුපාර දිගේ. වැඩි වශයෙන් බිම බලාගෙන සංසුන් ගමනින් වඩින පක්සියාට ඇහෙනවා පොකුනෙ කව්දෝ නානව. එදෙසට නෙත් යොමු කරපු පක්සියාට පේනවා අපූරු දසුනක්. එතන හිටිය ලලනාවක් , දිය රෙද්දෙ ගැටේ බුරුල් කරලා, රෙද්ද සම්පූර්ණයෙන් දිග ඇරලා ආයෙත් ඇඳ ගන්නවා. සෙල්-මුවා වෙච්ච පක්සියා, කාටවත් මේ කතාව කිව්වෙ නෑ. අංගනාව මාව දැක්කෙ නෑ කියලා නං කියන්න බෑ, ඇයි මගේ පැත්තට හැරිලා නෙව රෙද්ද ලිහුවෙ? "මොනවද උලමො බලන්නෙ, ආ ඉඳා බලපිය" වගේ අනුකම්පා සහගත හිතකින් කලාද නං දන්නෙ නෑ. අනික නාන පොකුණු ගාව හොල්මන් තියනවා කියල කතාවකුත් තියෙනව නෙව?

වෙල මැද්දේ ගුරු පාරේ දුටු    කලට
හාගන්නට කුඹුරක් දුන්නා    යලට
ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?

ක්වාටර්ස් වලට එන,  වාහන එන දුර පාර වුනත් නරකම නෑ. පක්සියා ගෙවල්වල හිටපු ගෑල්ලමයි දිහා රබර්-ඇහැ දාගෙන ආවෙ ඒ පාරෙ.  ඔන්න දැන් මට මඩ ගහන්න බලන් ඉන්න වාහෙලාටයි මේ කියන්නෙ, රබර්-ඇහැ දාන එක විතරමයි කලේ කියල . ක්වාටර්ස් පටන් ගන්න තැනට උඩින් තිබ්බා පොඩි තේ කඩයක්. අපි යනවා ඕකට තේකක් බීලා, ලැවරියා-හැලප කාලා පත්තරේ කියවන්න. දකුණෙන් ඇවිත් ගමේ බින්න බැහැපු මුදලාලි, මම ගියාම මෙහෙම කියනවා " ඔන්න මහත්තයො, මම අලුත්ම තේ කොල දාලා තමයි තේක හැදුවෙ" කියලා. කොහොමත් ඒ කඩේ තේක රසයි. මුදලාලිත් කොටු පැනලා, ඇණයක් වැදිලා නැවතුනා වෙන්නත් ඇහැකි.

ඔය කඩේට අල්ලලා තිබ්බා පොඩි බොලිබෝල් පිට්ටනියක්. ගමේ තරුණයොයි, අපේ  ක්වාර්ටස්වල සේවක මහත්තුරුයි ඕකෙ හවසට සෙල්ලම් කරනවා. අපේ හාදයෙක් හිටියා කුලසේකර කියලා, එයා තමා බෝලෙ "උස්සලා දෙන්නෙ" අනිකාට "ඩෑෂ්" ගහන්න. කුලසේකර බෝලෙ උස්සලා දීලා මෙහෙම කියනවා "ඔන්න වීරෙ" කියලා. මේක බලන් හිටිය, තවත් සේවක මහත්තයෙක් වෙච්ච ප්‍රනාන්දු මෙහෙම කිව්වා "කුලයා මේ උස්සලා දෙන දෙවිල්ලට, මූ ගෑණියෙක් වුනා නං මුළු ගමම ඉවරයි" කියලා.

ක්වාටර්ස් වල ඉන්න කොට කාලයක් අපි උයාගෙන කෑවා. එලවලු ගේන්න ගියේ කඩුවෙල පොලට. එක සති අන්තයක, එක් කෙනෙක් යනවා ඔක්කොටම එලවලු ගේන්න. යන එකාගෙ තේ- අයිස්ක්‍රීම් බිලත් ඒකට දානවා. මගේ වාරෙට පොලේ ගියාම, මම යනවා පොලේ තිබුන ආප්ප කඩේට. ආප්ප ආච්චි සැදැහැවත් බෞද්ධ උපාසිකාවක්. එයා ආප්ප ඉව්වට, බිත්තරේ කඩල දාන්නෙ වෙන්නෙ මට. ඕං ඉතිං, ඊට පස්සෙ මට බිත්තර ආප්පයක් ලැබෙනවා.ගඟ අයිනෙ හුලං වදින ගමන්, පොල් අතු කඩේක, ලෑලි බංකුවක වාඩිවෙලා උණු ආප්ප කන එක වෙනමම ආතල් එකක්.  ඒක කාලා, තව අයික්‍රීම් එකකුත් කාලා තමයි, මම බඩු අරගෙන එන්නෙ, අර කිව්ව "සෙල්මුවා" වුන ගුරුපාර දිගේ.

එහෙදි හමුවුන සමහර චරිත අමතක වෙන්නෙ නෑ. පීටර් තමා කිව්වෙ" ආයෙ මොනවද සෑර්, හැන්දෑවට නා....ලා, අරක්කු කාලක් බී....ලා, බත් ජුන්ඩක් කා....ලා, අස්පයෙක් අල්ලන්න යනවා" කියලා. වල් ෆැන්ටා ගැහුවත්, ඒ මිනිස්සු තමන්ගෙ සරල ජීවන රටාවෙන් ගත්ත ආතල් එකේ, අඩුවක් තිබ්බා කියලා මට හිතෙන්නෙ නෑ. 

තව හිටියා රණවංස. අත්කොට සුදු කමිසෙ ඇඳලා එන්නෙ. කතාවට අහුවුනොත්, ආයෙ කෝච්චියට අහුවුනා වගේ තමා. අසාමාන්‍ය ලෙස පිරිසිදුයි, උඩරට හාදයෙක්. කොච්චරවත් පනාවයි, කණ්නාඩියයි සාක්කුවෙ. කඩේකින් තේකක් බිව්වොත් බොන්නෙ , අඞුව තියෙන තැනින් කියලා, කුලේ තමයි මට කිව්වෙ.

ආයෙ හිටියා රත්තසේන කියලා සූදු කප්පිත්තෙක්. ඒකාලෙ "රේස් කොලේ" ගැහැව්වෙ
කොටුව/පිට කොටුව හරියෙ. මේකා මහ රෑ යනවා කොලේ ගේන්න කොළඹ, උදේ වෙනතුරු ඉවසිල්ලක් නැතුව. රේස් යුගයට පෙර "ජිම්කානා" කියන අස්ප දිනුමක් ඇදිලා, වෙළඳ ව්‍යාපාරයක් පටන් ගෙන දියුණු වෙච්ච මුදලාලි කෙනෙකුත් ඒ හරියෙ හිටියා. ඒ කඩේ නං තාම තියනවා, නම "තුරඟා". ඔය හරියෙත් තිබ්බා, බස්සා හවසට බිත්තර ආප්ප ගිලපු පොඩි කඩයක්, දැන් නං නැතුව ඇති.

ඒ ජීවිතේ මාරයි කියල නෙවෙයි මම කියන්නෙ. එහෙ කොටු පැනිලිත් තිබ්බා. සමහර ලොක්කොත්, සොක්කොත් දෙගොල්ලම පැන්නා. බස්සො එහෙම නොකලෙ හොඳ නිසා නෙමෙයි, ඇණයක් වදී කියන බයට. ඒකත් එක්තරා ජීවිත අත්දැකීමක්, වෙනම පරිචේදයක්, වෙනමම ආතල් එකක්, එච්චරයි.

Saturday, August 14, 2021

අබංක දේශපාලනය

 

අවුලක් නෑ

පට්ටි ජොන්සන්

වැක්සීන්-දුන්-පියා

Enemy of All Mankind

ඩේටා කන බස්සෙක්

ඔහෙලගෙ ඩේටා කන ලින්ක් දෙන්න දන්නවා වුනාට, මට හරි හමන් දේශපාලන දැණුමක් නෑ. ඒ නිසා, මට කරන්න පුළුවන් තවත් ලින්ක් එකක් දෙන එක විතරයි.

 

ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය

Wednesday, August 4, 2021

ඔක්කෝටම මුල හොර බස්සා

මේ හොඳ අහිං- සක බස්සා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

පිණි වැටිලා කම්මුල් පෙඟිලා..
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..

ඔක්කෝටම මුල හොර බස්සා..
කියලා බැන්නා  බෝනික්කා..
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා..

මකුළු දැලෙන් රුවලක් බැඳලා..
පුවක් කොලෙන් ඔරුවක් හදලා..
බස්සා ගිල්ල වන්නයි යන්නේ..
අපි ඔක්කොම නැගලා..


මගේ ලමාකාලය එලිය කල නොදුටු රුසියන් ගත්කතුවරුනි, ඔබටයි මේ ආචාරය.

Vladimir Suteev සහ තවත් කතුවරුන්ගේ සිත්තර කතා බලන්න මෙතනින්.

දියසායම් උලන්න කියා දුන්නේ මේන්න මේ නෝනෙ.  
මේ.....නැගී එන අංකූර චිත්‍ර සිල්පියෙක්ව පේනව නේද?

මිස්ට(ර්) දෙලුං

අදාල නොවන චිත්‍රයකි, 
හුදෙක්  පොස්ටුවේ සැරසිල්ලක් ලෙස සහ ජයසේන මැතිඳුගේ විචිකිච්චාව නිසා යොදාගෙන ඇත. 

Monday, August 2, 2021

දෙවෙනි වෙඩි මුරය

Windows 11 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචිය මතකයි නේද? ඔහෙලාගෙ උපදෙස් නිහතමානී ලෙස පිලිඅරගෙන ඉන්න කොට තමා, ගේට්ටුවා මහතාගෙ ජනේල ගෙදරින් පනිවිඩයක් ආවෙ. ඔය කියන්නෙ early bird 🐦 කියන එක නේද? ඉතිං මමත් එහෙමනෙ?

තීන්ත වේලෙන්නත් ඉස්සෙල්ලා....

Windows 11 බීටා තියනව කිව්වා. ජෙනුයින් ඔරිමජිනල් එක, ඕනෙද කියලත් ඇහැව්වාම මම හා කිව්වා. මෙන්න ඒ වංගියෙ කියාපි, මගේ එක පෙන්නන්න කියලා. පෙන්නන්න කිව්වාම, සෙද්ද උස්සලා පෙන්නන්න එපා කියලා එතකොටත්, තට්ටයා මහත්තයා උපදෙස් දීලයි තිබුනෙ. ඒ ඇරත්, මම ලොකේෂන්, ටෙලිමෙට්‍රි අරව-මේව ඔක්කොම ඕෆ් කරලයි වින්ඩෝස් දුවන්නෙ. මේකා ඒ වංගියෙ ජනෙල් කූරු වල එල්ලිලා කියාපි "ඒම බෑ" කියලා. මාත් ඇරියෙ නෑ, Group Policy වලින් Telemetry ඕන් කරලා,  Insider එකේ රෙජිස්ටර් වුනා. පස්සෙ ISO කොපිය බාගෙන, බැක්-අප් SSD එකට Windows 10 කොපිකරලා ඉන්ස්ටෝල් කලා.

ඔය හැරී පොටර්ව ගෙදරින් එලියට දාලා, නන්නත්තාර වෙලා ගිහිල්ලා නගිනව ඩබල්-ඩෙකර් එකකට. ඒකෙ ඉන්න බූතයා කියනව මෙහෙම: It's gonna be a bumpy r....ide.



පලවෙනි වෑයම: ISO එකෙන් වරු ගාණක් අරන් ඉන්ස්ටෝල් කලා. මුකුත්ම වුනේ නෑ. ඊට පස්සෙ වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට් එකෙන් ඉන්ස්ටෝල් කලාම,හරි ගියා ඒත් File Explorer කචල්, start button, search වැඩ නෑ. අලුත් ස්ටාර්ට් බටන් දුන්නෙය්ජ් නෑ. මගෙ වින්ඩෝස් 10 ටාස්ක් බාර් එකේ තිබුනා අයිකන් බර ගාණක්, බර වැඩි වුනා මයෙ හිතේ.

දෙවෙනි වෑයම:  පස්සෙ තව ලෝකල් එකවුන්ට් එකක් හදලා ලොග් වුනා ඒකට. ඒ වංගියෙ සෑහෙන දියුණු තත්ත්වයකට ආවා.  ටාස්ක් බාර් එකේ එයැයිට ඕන එව්වා ටිකක් දාලා දුන්නා.  ස්ටාර්ට් මෙනු ගෘප්ස් නං වාෂ්ප වුනා, ඒත් ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් තියෙන එක ලොකු දෙයක්. ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම තියෙනවා වුනාට, ලෝකල් එකවුන්ට් එකට "ඇඩ්ඩිං" තත්ත්වයට ප්‍රමෝෂන් එකක් දෙන්න ඕනෙ, එව්වා රන් කරන්න.  ඒත් ඔටෝරන් වෙන එව්වා ආයෙ සෙට් කරන්න ඕනෙ.  පරණ ප්‍රෝග්‍රෑම්ස් දුවනවා, අලුත් ආරලු-බූරලු නැතුව, ඒත් මඳෑ? ඔව්, ඔව් මගේ වයි-ෆයි නෙට්වර්ක් නම "කිරිබත්" තමා. 

දැන් මේ තාම තොයිලෙ නටාගෙන යනවා. මේ බීටා කියන්නෙ, ෆයිනල් රිලීස් එකට කලින් එක නිසා, රිලීස් එකේ ඔක්කොම ස්මූත් එකට, "මේං" කියල කරල දේවි කියල මට නං විස්වාසයක් නෑ.

අවුරුද්දට එක OS එක ගානෙ එලියට දාලා ගාණ කපන පැත්තක් කාපු ඇපල් කට්ටිට මේ අප්ග්‍රේඩ් ක්‍රමවේදය මාස්ටර් කරලා තියෙන්නෙ. අවාරෙට කජු වැටෙන්නහෙ OS අප්ග්‍රේඩ් කරන ජනේල ගෙදර අයට ඒ හැකියාව, නෑ කියලයි මට හිතෙන්නෙ. කොහොමත් ඇට-හුටාමාරක් ඇප්ස් ඉන්ස්ටෝල් කරලා, කස්ටමයිස් කරලා අනලා-නාගෙන තියෙන අපේ Windows 10 ඉඳන් Windows 11 වලට ස්මූත් ට්‍රාන්සිෂන් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මට නං මේ හොඳටම ඇති. ඒත් මට දුකයි, ජනේල ගෙදර අයගේ මෑණිවරු ගැන. කාගෙ වුනත් අම්මෙක් නෙව? ඇයි හත්වලාමෙ, කිඹුහුම් ලස්ස ගාණක් යනකොට, මනුස්පයෙකුට ඔරොත්තු දේවියෑ?

දුක් විඳලා Windows 11 යන එක වටිනවද? මගේ උත්තරේ "ඔව්". Clean minimalist design වලට අමතරව, නොපෙනෙනෙ underlying hardware utilization improvement  වල සිට, පෙනෙන පොඩි නමුත් ප්‍රයෝජනවත් සෑහෙන දේ තියනවා. සැකුරිටි ගැන විශේෂ අවධානයක් යොමු කරලාත් තියනවා. සමස්ථයක් වශයෙන් කියන්න තියෙන්නෙ, වැඩිහරියක් හොඳ තමයි. මේක ටයිප් කරන්නෙත් අලුත් එකෙන්. පොඩි, පොඩි අවුල් නැතුවමත් නෙමෙයි, ඒත් මේක බීටා නිසා එය තේරුම් ගත හැකියි.

බොට මස්කටු ඕනෙද, ටිකිලා ඕනෙමද?