Monday, August 2, 2021

දෙවෙනි වෙඩි මුරය

Windows 11 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචිය මතකයි නේද? ඔහෙලාගෙ උපදෙස් නිහතමානී ලෙස පිලිඅරගෙන ඉන්න කොට තමා, ගේට්ටුවා මහතාගෙ ජනේල ගෙදරින් පනිවිඩයක් ආවෙ. ඔය කියන්නෙ early bird 🐦 කියන එක නේද? ඉතිං මමත් එහෙමනෙ?

තීන්ත වේලෙන්නත් ඉස්සෙල්ලා....

Windows 11 බීටා තියනව කිව්වා. ජෙනුයින් ඔරිමජිනල් එක, ඕනෙද කියලත් ඇහැව්වාම මම හා කිව්වා. මෙන්න ඒ වංගියෙ කියාපි, මගේ එක පෙන්නන්න කියලා. පෙන්නන්න කිව්වාම, සෙද්ද උස්සලා පෙන්නන්න එපා කියලා එතකොටත්, තට්ටයා මහත්තයා උපදෙස් දීලයි තිබුනෙ. ඒ ඇරත්, මම ලොකේෂන්, ටෙලිමෙට්‍රි අරව-මේව ඔක්කොම ඕෆ් කරලයි වින්ඩෝස් දුවන්නෙ. මේකා ඒ වංගියෙ ජනෙල් කූරු වල එල්ලිලා කියාපි "ඒම බෑ" කියලා. මාත් ඇරියෙ නෑ, Group Policy වලින් Telemetry ඕන් කරලා,  Insider එකේ රෙජිස්ටර් වුනා. පස්සෙ ISO කොපිය බාගෙන, බැක්-අප් SSD එකට Windows 10 කොපිකරලා ඉන්ස්ටෝල් කලා.

ඔය හැරී පොටර්ව ගෙදරින් එලියට දාලා, නන්නත්තාර වෙලා ගිහිල්ලා නගිනව ඩබල්-ඩෙකර් එකකට. ඒකෙ ඉන්න බූතයා කියනව මෙහෙම: It's gonna be a bumpy r....ide.



පලවෙනි වෑයම: ISO එකෙන් වරු ගාණක් අරන් ඉන්ස්ටෝල් කලා. මුකුත්ම වුනේ නෑ. ඊට පස්සෙ වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට් එකෙන් ඉන්ස්ටෝල් කලාම,හරි ගියා ඒත් File Explorer කචල්, start button, search වැඩ නෑ. අලුත් ස්ටාර්ට් බටන් දුන්නෙය්ජ් නෑ. මගෙ වින්ඩෝස් 10 ටාස්ක් බාර් එකේ තිබුනා අයිකන් බර ගාණක්, බර වැඩි වුනා මයෙ හිතේ.

දෙවෙනි වෑයම:  පස්සෙ තව ලෝකල් එකවුන්ට් එකක් හදලා ලොග් වුනා ඒකට. ඒ වංගියෙ සෑහෙන දියුණු තත්ත්වයකට ආවා.  ටාස්ක් බාර් එකේ එයැයිට ඕන එව්වා ටිකක් දාලා දුන්නා.  ස්ටාර්ට් මෙනු ගෘප්ස් නං වාෂ්ප වුනා, ඒත් ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් තියෙන එක ලොකු දෙයක්. ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම තියෙනවා වුනාට, ලෝකල් එකවුන්ට් එකට "ඇඩ්ඩිං" තත්ත්වයට ප්‍රමෝෂන් එකක් දෙන්න ඕනෙ, එව්වා රන් කරන්න.  ඒත් ඔටෝරන් වෙන එව්වා ආයෙ සෙට් කරන්න ඕනෙ.  පරණ ප්‍රෝග්‍රෑම්ස් දුවනවා, අලුත් ආරලු-බූරලු නැතුව, ඒත් මඳෑ? ඔව්, ඔව් මගේ වයි-ෆයි නෙට්වර්ක් නම "කිරිබත්" තමා. 

දැන් මේ තාම තොයිලෙ නටාගෙන යනවා. මේ බීටා කියන්නෙ, ෆයිනල් රිලීස් එකට කලින් එක නිසා, රිලීස් එකේ ඔක්කොම ස්මූත් එකට, "මේං" කියල කරල දේවි කියල මට නං විස්වාසයක් නෑ.

අවුරුද්දට එක OS එක ගානෙ එලියට දාලා ගාණ කපන පැත්තක් කාපු ඇපල් කට්ටිට මේ අප්ග්‍රේඩ් ක්‍රමවේදය මාස්ටර් කරලා තියෙන්නෙ. අවාරෙට කජු වැටෙන්නහෙ OS අප්ග්‍රේඩ් කරන ජනේල ගෙදර අයට ඒ හැකියාව, නෑ කියලයි මට හිතෙන්නෙ. කොහොමත් ඇට-හුටාමාරක් ඇප්ස් ඉන්ස්ටෝල් කරලා, කස්ටමයිස් කරලා අනලා-නාගෙන තියෙන අපේ Windows 10 ඉඳන් Windows 11 වලට ස්මූත් ට්‍රාන්සිෂන් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මට නං මේ හොඳටම ඇති. ඒත් මට දුකයි, ජනේල ගෙදර අයගේ මෑණිවරු ගැන. කාගෙ වුනත් අම්මෙක් නෙව? ඇයි හත්වලාමෙ, කිඹුහුම් ලස්ස ගාණක් යනකොට, මනුස්පයෙකුට ඔරොත්තු දේවියෑ?

දුක් විඳලා Windows 11 යන එක වටිනවද? මගේ උත්තරේ "ඔව්". Clean minimalist design වලට අමතරව, නොපෙනෙනෙ underlying hardware utilization improvement  වල සිට, පෙනෙන පොඩි නමුත් ප්‍රයෝජනවත් සෑහෙන දේ තියනවා. සැකුරිටි ගැන විශේෂ අවධානයක් යොමු කරලාත් තියනවා. සමස්ථයක් වශයෙන් කියන්න තියෙන්නෙ, වැඩිහරියක් හොඳ තමයි. මේක ටයිප් කරන්නෙත් අලුත් එකෙන්. පොඩි, පොඩි අවුල් නැතුවමත් නෙමෙයි, ඒත් මේක බීටා නිසා එය තේරුම් ගත හැකියි.

බොට මස්කටු ඕනෙද, ටිකිලා ඕනෙමද?

160 comments:

  1. කිසිම අවුලක් නෑ. ඩෙල්ටා අප්කීපින් 42ක යූරියා ඇන්ටිජන්කරල අතිරේක රබර්බූට් ව්‍යතිරේකයන් තුනෙන් ලෝඩ්බෙයාරින් ඇපලටොක්සින් අංසක 85ට අධිමාත්‍රාවකට මෝෂන් එකක් ෂූට්කලා නම්

    ReplyDelete
    Replies
    1. අල කොමසාරිසාටත් ටිකක් දෙමු.

      Delete
    2. අල කොමික් සාර්ට ස්මූත් ට්‍රාන්සිෂන් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඇප්ස් අන් ඉන්ස්ටෝල්කරලා අයිඩෙන්ටිටි එකේ සැකුරිටි ගැන විශේෂ අවධානයක් යොමු කරලා ෆයිනල් රිලීස් එකට යන්න ඕනෙ

      Delete
    3. ලොකේෂන් එක ෆ්ලයි මෝඩ් එකට දාන්ඩත් ඔනෙ

      Delete
    4. සමාවෙන්ට ඕනෙ ඔක්කොමලා. මේ මලහත්තිලව්ව අප්ඩේට් වෙන්න වෙලා යන නිසා, ලියපු ගමන් පත්තරේ දැම්මා. තාම චිත්‍ර අඳිනවා

      Delete
    5. “මලහත්තිලව්ව“ කියපු ගමං මතක් වුනේ, ඉස්සර පකිස්ථාන් ක්‍රිකට් ටීම් එකේ හිටිය පොරක්, “වජහත්තිල්ලාහ් වස්ති“ කියල.

      Delete
    6. පට්ට නමක්නෙ? හතිලව්වට ගහපු කලාබරේ වගෙයි.🤣 "වස්ති" කියල නේද කිව්වෙ? හ්ම්....

      Delete
    7. ඔව්. ඌ මෙහෙ ඉස්කෝලෙ ගියානං එහෙම කාඩ් ගහල ම ඉවරයි. ඔහොම තව එක්කෙනෙක් හිටිය මෙහෙ. “හරිගුප්තා රෝහණධීර“ කියල.

      Delete
    8. ඇයි, අඹතලේ හිටියෙ වස්තිලා ද? සොරි... වත්සලා

      Delete
    9. “මහරජ ගැමුණු“ ෆිල්ම් එකේ, ඌරුපැළැස්සෙ ගමරාළ ගැමුණු කුමාරයගෙන් අහනව නම. එයා කියනව “ගුප්තා“ කියල. ඒක ඇහුණු ගමරාලගෙ දුවල දෙන්න හිකිස් ගාලා හිනා වෙලා ගේ ඇතුළට දුවනව...

      Delete
    10. Fakhar Zaman
      අපිත් සමහර යාලුවන් ගැන රිෆර් කරල තියනව "that fu--er Saman" කියල

      හරිගුප්ත නම් අදුනන කෙනෙක් නිසා නෝ කමෙන්ට්

      Delete
    11. අඹතලෙත් හිටියා ඉටි-කිරිස් කෑලි. මයෙහිතේ, අපිව නැතිකලේ "චරිතෙ" තමා. ඔය හත්තිලව්ව රැකගන්න කියල නෙව පුරුදු කරවලා තිබ්බෙ. ඉතිං රබර් ඇහැ දාගෙන යනවට වඩා ඉදිරියට යන්න බැරිවුනා.

      Delete
    12. එඩ්වඩ් ජයකොඩිගෙ වයිෆ්?

      Delete
    13. ඌරු පැලැස්සට ගිය කුමාරයා 'ගුත්තා' කියලා නේද ජන වහරේ තියෙන්නේ. film එකේ තිබ්බේ ගුප්තා කියලද?

      Delete
    14. ඔය කියන්නෙ, එතුමාගෙ මොකක් හරි නැති වෙච්ච දෙයක් ගැන නේද කියන්නෙ?

      Delete
    15. ආාා... නිදිත් ඇවිත් ඉන්නෙ. ඔව්. ජනවහරෙ තියෙන්නෙ ගුත්තා කියල තමයි. මට ඇහුණු විදිහටත්, ෆිල්ම් එකේ තිබුණෙ “ගුප්තා“ කියල තමා. සමහර විට අර ස්ලෝමෝෂන් චන්ද්‍රසිරි ඒකෙන් යමක් අදහස් කරන්න ඇති.

      Delete
    16. බකුස්, කාගෙ නැතිවෙච්ච දෙයක් ද?

      Delete
    17. වෙන කාගෙද, අපේ රිටිගල මැතිඳුන්ගෙ මිසක්කා? උන්දැගෙ මොකක් හරි කොටසකට ඔය කියන බවලතා බැස්ටිය දීලා තියනවා.

      Delete
    18. රිටිගල මැතිඳුන්ගෙ ඔලුව නැති උනෙත් බබලත් කේස් එකක් නිසා තමා.

      Delete
    19. මං නං හැමදාම කියන්නෙ, restore කරන්න පෙර ඉස්සෙල්ලා බැකප් එකක් ගන්න කියලයි. ඩොකා වැරැද්දුවා, බඩුම තමා.

      Delete
    20. //රිටිගල මැතිඳුන්ගෙ ඔලුව නැති උනෙත් බබලත් කේස් එකක් නිසා තමා//
      පට්ට කතාව ඩ්‍රැකියෝ.🤣
      නියමෙට ගැලපෙනවා. දැං තමා මේ බබලත් විරෝධයේ සුල-මුල තේරෙන්නෙ.

      Delete
    21. මොන මලහත්තිලව්වක්ද ඕයි තවුසෙල කියවන්නෙ. පෝස්ට් එකට අදාලව කතා කරනවකො.

      Delete
    22. කොයි කාලෙද ඕයි පෝස්ට් එකට අදාළව කමෙන්ට් කළේ?

      පතෑංං!!! (ටෝච් පාර)

      Delete
    23. අපිව අඳුනන්නෙ නැද්ද මිස්ටර් හාර්ඩ්වෙයාර් ?
      පෝස්ට් එකට අදාලව කමෙන්ට්කරන්න අපි කවද්ද පෝස්ට් එකක් හරියට කියෙව්වෙ?

      Delete
    24. ඒකනෙ කියන්නෙ. මූ නං ලංකාවෙ නයෙක් නෙමෙයි.

      Delete
    25. “ආතල් ඉතුරු වෙනවා, පෝස්ට් එක දිරනවා“ ඔහොම පරණ ආප්තෝපදේශයක් එෆ්බී එකේ දැක්කා.

      Delete
    26. ඕකා කොබෝ නයෙක්.පෙන හතයි, වාස-දේසෙ හිමාලෙ අනෝතප්ප විලේ. සයියගෙ අප්පා වයියා තමා කිව්වෙ.

      Delete
    27. අනෝතප්ත විල තියෙන්නෙ ගොඩකවෙල වයින් ස්ටෝර්ස් එක ට පාරෙන් අනිත් පැත්තෙ. ඩ්‍රැකියා කිව්වෙ

      Delete
    28. එහෙනං අනෝතප්ත විලේ ජයටම, වෙල් ෆැන්ටා පෙරනව ඇති නේද? ඒක තමා මේ කොබෝ නයි පියාඹනව කියන්නෙ? ඇයි දෙකක් නමා ගත්තාම යන්නෙ උඩින් නෙව?

      Delete
    29. නොදන්නකමටමයි අහන්නේ... බවලත් කියන්නේ බබා ලත් අයට විතරමද?

      Delete
    30. ඩ්‍රැකිය නං කිව්වෙ බබලත් කියලයි. ඒකනං ඔය කියන අදහසින් වෙන්නත් ඇහැකි.

      Delete
    31. නියම නිරුක්තිය නම් “භාවයෙන් ම ලතාවක් බඳු“ කියන එකයි. දුහුනන් දැනුම් සඳහා...

      Delete
    32. බොට අපි සලකනව මදි නෙව? අල-කොමී නෙමෙයි, අද ඉඳන් උඹ භාෂා විභූෂණ ආදිපාදතුමා.

      Delete
    33. මීට පස්සෙ පට්ටමක් දෙද්දි, කඩුවෙන් උරිස්සටම තට්ටු කරපන්. හරියට බලල මොට්ට පැත්තෙන් තට්ටු කරපන්. දැන් ඉතිං කමක් නෑ. උරිස් දෙකෙයි ඉස් මුදුනෙයි බෙටඩිං ගාගන්නං

      Delete
    34. කියන්ඩ අමතක උනා.

      “ඌයි යකෝ!!!!“

      Delete
  2. බකුසු මොටෝ ඕවා මේ ඩ්‍රැකියාට අන්ඩර දෙමළ. නොදන්නා දෙමළට ගිහින් වරිගේ නසාගන්නේ මොටද කීලා නිස්සබ්දව ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් නෑ බොලං. තවත් OS එකක් වින්ඩෝස් 10 වගේ. ටික කාලයක් යනකොට, නිකම්ම හුරුවෙලා යාවි. මේ අලුත් නිසයි, මෙච්චර සලං දාන්නෙ.

      Delete
  3. කියන විදිහට මට නං ඔරිජිනල් රිලීස් එක එන කං ඉඳලා, පයිරට් කොපියක් දාගන්න එක හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. තෝත් මගේ පයිරට් කොපියක් නේ

      Delete
    2. මං නෙමෙයි පයිරට්, ඔය පහළ ඉන්න එකා

      Delete
    3. තාම ලීක් වෙච්ච කොපි ගන්න එපා කියල තමා කියන්නෙ. හැකර්ලා වැඩ අල්ලලා ඇති. ඇයි පයිරේට් කොපිය උනත්, ඔරිජිනල් එකට අප්ඩේට් කරගන්න දෙන එකේ, මොකටෑ පයිරේට් ගන්නෙ?

      Delete
    4. අප්ග්‍රේඩ් කළහම අපි එක්ක අනවශ්‍ය සම්බන්ධතා පවත්වගන්ඩ බලනවනෙ මෛක්‍රොෙසාෆ්ට් එක. සැරින් සැරේ එක එක පණිවිඩ එවනව සෙට් වෙමු කියල. පයිරට් කොපිය නං පාඩුවෙ ඉන්ඩ දෙනව. එහෙම නෑද ඔය කියන ජනෙල් 11?

      Delete
    5. ඇත්ත. එහෙම පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ ජනේල ගෙදර කස්ටිය. ඒත් ජාලෙම ඒවට බේත් තියනවා. විශේෂයෙන්ම ඔබේ-බටේ තියනවා. Remote Desktop, Telemetry ඔක්කොම GPEdit වලින් ඔෆ් කලෑකි.

      Delete
    6. ආාා, එහෙනං ට්‍රයි කරල බලන්නං. පරණ සොෆ්ට්වෙයා වලට කොහොමද ජනෙල් 11 සපෝට් කරනවද?

      Delete
    7. මට නං වැඩ නොකරන එකක් තාම හම්බු වුනේ නෑ. පරණ එකක් තිබ්බා වැඩ කරනවා, ඒත් අලුත් පහසුකම් නැති. අර වමට- දකුණට වින්ඩෝ එක ස්නැප් වෙන එක, ඒක නෑ.

      Delete
    8. ඒ ජරාව නැත්තං දාමු... කියල ආරච්චි මහත්තේකුත් කිව්ව

      Delete
    9. මම අහල තියෙන්නෙ වෙන කතාවක්. ඒ ජරාව නැත්නම් කමු බත් කටක් එහෙනං.. කියන කතාව.

      Delete
    10. දැන්වත් නිවැරදි කතාව ඉගෙන ගං එහෙනං

      Delete
    11. ඉගෙන ගඤ්ඤං, කවුරුහරි පිංවතෙක් දෙසා වැදෑරුවොත්.

      Delete
  4. මේකෙන් වත් බැරිද, ලේ හිඟකමින් කලන්තෙ දාල ඉන්න කෙල්ලෙක් බේරාගන්න?

    ReplyDelete
    Replies
    1. අනෝතත්ත විලට ගිහින් ආව හංසයෙක්ගෙන් කොකෙක් ඇහුවලු, "එහෙ කුඩමස්සුත් ඉන්නවද මචං?" කියල.

      Delete
    2. //අනෝතත්ත විලට ගිහින් ආව හංසයෙක්ගෙන් කොකෙක් ඇහුවලු, "එහෙ කුඩමස්සුත් ඉන්නවද මචං?" කියල//
      ඒක නං පට්ට🤣

      Delete
    3. ඇඩමා නියම ජෙන්ටා. Maiden in distress😂. දැක්ක ගමන් හිත උණුවෙනවා, බටර් වගේ.

      Delete
    4. හුටා! ඒවා නං උණු නූනත් ලිස්සනවා.

      Delete
    5. ඒ මොකෑ මයෙ ඇඟේ වැස්ලින් ඉලුවෙ? වැඩිපුර තියේ නං, අන්න අර උණුවෙන හාදයට දුන්න නං?

      Delete
    6. ඇඩං, දන්නෙම නෑ ලේ හිග ගැල්ලමේකුට දෙන්ඩ ඕනෙ බේත... ඒ කාලෙ ඔය කෝකටත් බේත බ්‍රැන්ඩි.

      Delete
    7. කන්ද උඩරට බ්‍රැන්ඩි නෑ... තද කළු කෝපි එකක් හරියයිද?

      Delete
    8. ඇඩමො, මාගාව ඔය බේත් නං නෑ. ඕනෙම නං, බොට "ඇඩ්ඩිං" ප්‍රමෝෂන් එකක් දෙඤ්ඤං

      Delete
    9. මී පැණි ටිකක්, කස්තුරි කුඩු ටිකක්, දෙළුම් ඉස්ම ටිකක්, වතුරට කළවම් කරල දීල බලහං, ඇඩං. හරියයි. මේ ඉරිද විභාගෙන් පස්සෙ ඉතුරු ටික ලියන්නං. එතකං එල්ලිලා හිටු!

      Delete
    10. රම් ටිකක් හොයාගන්න නැද්ද? අඩුගානෙ පෝට්වයින්වත්?

      Delete
    11. මං ඇහුවෙ බස්සගෙන්... ජයසේන ගාවනං ඇති හොඳවයින් කිතුල් තෙලිජ්ජ...

      Delete
    12. බස්ස ගිහිං බේස්මන්ට් එකේ සෙලර් එකට. ඌ එනකං දෙන්ඩද “කස්ටා බුබුන්ටා“?

      Delete
    13. මේ යෝදෙය ගෑල්ලමයට බේත් හොයල තියෙන්නෙ, ඒ මුවාවෙං ලිකර් ටිකක් කට ගාගන්ඩ නෙ... දැන්නෙ දන්නෙ

      Delete
    14. රිටිගල මාමේ, ලිංක් ඉතිං අපට, “බලා සැනසෙමි - නෙලා ගනු බැරි“ තමා. කන්ද උඩරටට ඔව්ව නෑ නෙව.

      Delete
    15. පෝට්වයින් දැනට නෑ. බ්ලැක්බෙරි වලින් පෙරපු වයින් කොට දෙකක් නං තිබ්බා. කන්ද උඩරට කිතුල් හිඟයක් තියනවැයි?

      Delete
    16. https://www.196flavors.com/nigeria-palm-wine/
      //Sri Lanka: raa, kallu, et... it is considered a very potent aphrodisiac//

      Delete
    17. “කිතුල් රා ටිකක් ඉල්ලුවහම ස්ලයිඩ් ෂෝ පෙන්නුවා වගෙයි“ පරණ කියමනකි.

      Delete
    18. මට තාම ලිකර් ටිකක් දුන්නෙ නෑ...

      Delete
    19. මට ලිකර් ටිකක් දෙනකං මම ගේම අත් අරින්නෙ නෑ

      Delete
    20. නෝනා වරුනි, මහත් වරුනි, මුං මට ලිකර් දෙන් නෑ...!

      Delete
    21. අඩුගානෙ කමෙන්ට් සීය පැන්න කියලවත් බොන්ඩ දියව්!

      Delete
    22. දියව් දියව්!
      බොන්ඩ දියව්!
      දෙන බීමක්
      දැම්ම දියව්!

      අඛණ්ඩ උද්ඝෝෂණ

      Delete
    23. https://kadadasikole.blogspot.com/2021/07/265-56.html

      ඕකෙ තියනව මධු ලිකර්

      Delete
    24. හැකෑස්...!!! මධු ලිකර්. පට්ට නම කෙල්ලෙකුට.

      Delete
    25. This comment has been removed by the author.

      Delete
    26. ඈ බොල, මේකා මේ ලිකර් උද්ඝෝෂනේ පැවැත්තුවෙ, වම්හ විදිහටම නෙව? එතකොට, වම්හ ඩ්‍රැකියගෙ අවතාරෙ, ඇඩමා වම්හගෙ අවතාරෙ. අවතාරෙ දෙකේ බලය. ඕන්න ආයෙ මට පැටලීගෙන එනවා.🤔

      Delete
    27. නරිමොටා පඹගාලෙ

      Delete
    28. ---------------------------(--------------
      *---------------------------)----*--------
      --------------)-----*------(--------------
      ----)--------(-------------------(--------
      ---(----------)-----(-------------)-------
      ----)----*-----------)--------)--(--------
      ---(----------------(--------(------*-----
      ----)----------H-----)--------)-----------
      --------------[_]------------(------------
      -------(--*---|-|-------*-----)----(------
      -*------)-----|_|--------.----------)-----
      -------(------|.|----.--------------------
      -)-----------/...\-----.----'-.--------*--
      (-----------|_____|--'--.----.------------
      -)----------|.___.|--\~~~/--'-.---(-------
      --------* --|.\ /.|---\_/--\~~~/---)------
      ------------|._Y_.|----|----\_/---(-------
      *-----------|.....|--__|__ --|------*-----
      ------------`-----`--------__|__----------
      ------------------------------------------

      ඕං බීපං!

      Delete
    29. අපිට බකුස් රාළ පඹගාලෙ පටලවන්ඩ ඇහැක් වෙච්ච එකම මදැයි...

      Delete
    30. ඇයි මං කරපු උද්ඝෝෂණේ ගෞරවයත් අර කම්මැලි ඩ්‍රැකියට දෙන්නෙ? ඒක තනිකර ම මම, සූර පප්පඑකේ තිබ්බ නාටකයක් කොපි කරල හදාගත්තු උද්ඝෝෂණේ...

      Delete
    31. හපෝ!!! ඇයි බකුසො, මගෙ පරම හතුරයි මායි ඇඩමයි එකට ගාවන්නෙ?

      Delete
    32. අර ඇස්කි පින්තූරෙ හදල තියෙන්නෙ බිව්වට පස්සෙ බලන්ඩ වෙන්ඩැති. බෝනනැතුව බැලුවහම වෙරි වගේ පේනව.

      Delete
  5. ඉතිං, මොනවද ඒකෙ අපට තේරෙන අලුත් දේවල් තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. නොතේරන දෙයක් නෑ.

      Delete
    2. හික්! අඩුගානෙ ස්ටාර්ට් බටන් එකවත්?

      Delete
    3. ආ ඒක නම් ටිකක් කොම්ප්ලිකේටඩ්, අප්ග්‍රේඩ් ක්‍රමවදය මාස්ටර් කරන්න ඕනෙ. ඒත් ඊට පස්සෙ ස්මූත් ෆ්ලයින්, ලිස්සනව.

      Delete
    4. ආං ඇවිත් නරිමොටා. ඔය ගමරාළගෙ කිකිලියෙක් බාගන්න යන්නෙ.

      Delete
    5. තාම තොයිලෙ ඉවර නෑ, බලාගෙන යනවා. ඒ අවුවස්සෙ පොඩි කැස්සවල් එහෙමත් තියෙනවා, මේක බීටා නිසා.

      විශේෂයෙන්ම, තියෙන හාඩ්වෙයා වලින් වඩා කාර්‍යක්ෂම ලෙස වැඩ ගැනීමයි, සැකුරිටියි තමා. මොබයිල්වල වගේ ටයිප් කරනකොට වචන දෙන එකක් තියනවා. ඉංග්‍රිසි වලට නං හොඳට වැඩ කරනවා.

      Delete
    6. me too. (Expect Torrent) හැක්!

      Delete
    7. කැස්සට බෙහෙත් රිලීස් එකේදි එයි. ඒත් අප්ඩේට් කිය,කිය බේත් පොවන එකට වින්ඩෝස් කොහොමත් ප්‍රසිද්ධයි නෙව?

      නිකං දෙන නිසා මුකුත් කියන්නත් බෑ. ඒත් බුදු ට්‍රයි එකක් දෙනවා, යූසර් ඩේටා කලෙක්ට් කරන්න. සමහරවිට ගූගල්ගෙන් ඉගෙන ගත්තා වෙන්ටෑ? ටෙලිමෙට්‍රි, ලොකේෂන් ඔන් කරලා තියන්නලු, අපේ AI ටැක්නොලොජි එකෙන් අපි "කස්ටමයිස්" සප් එකක් දෙඤ්ඤංලු.

      Delete
    8. ටෙලිමෙට්ටෙ කිව්වෙ වෝටර් බෙඩ් එකක් වගේද?

      Delete
    9. වෝටර් බෙඩ් හොඳ මොනවටද? අනේ මේ නොදන්න කොමටයි අහන්නෙ.🤔

      Delete
    10. සමහරවිට නිදාගෙන ටීවී බලන්ඩ පුළුවන් විදිහෙ එකක් වෙන්ඩැති?

      Delete
    11. //මේ තාම තොයිලෙ නටාගෙන යනවා. මේ බීටා කියන්නෙ, ෆයිනල් රිලීස් එකට කලින් එක නිසා, රිලීස් එකේ ඔක්කොම ස්මූත් එකට, "මේං" කියල කරල දේවි කියල මට නං විස්වාසයක් නෑ.//

      Delete
    12. ඒ කියන්නෙ ටීවී එක සීලිමෙ හයි කරන්න ඕනෙ කියන එකද?🤔

      හෑ, වෝටර් බෙඩ් උඩ තොයිල් නටන්නත් පුළුවන්ද?😯😮

      Delete
    13. අඹතලේ චරිතාගෙන් අහන්න වෙන්නෙ
      ( මං මේ තාම ඔබතුමා ඇහේ රබර් දැම්මෙ මොකද කියල කල්පනා කරන ගමං)

      Delete
    14. පොලිපීමස් අවුල්?

      Delete
    15. ඕකෙ னයා සහ චෝට්ටෙක ගේම් එක තියෙනවනං මූ කැමති වෙයි.

      Delete
    16. බෝ පරිස්සං වෙලා හිටු! ළඟදීම ටෝච් වරුසාවක්!!!

      Delete
  6. වෙනව කොළොප්පන්
    හොඳටම මඤ්ඤං
    අම්මප දැන් දැන්
    පිස්සුත් මසුරං

    එහෙන් ස්ට්‍රයික්
    මෙහෙන් ලෙඩ ගොඩක්
    ඒ මදිවට දෝ
    ජනෙල් එකොළහක්

    අම්මෝ මට නං
    ඔව්වා අරහං
    නොදන්න දෙමළෙන්
    පරෙස්සම් වෙමින්!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් නොකියවා
      කමෙන්ට් කිරීමෙන්
      සියලු දොස් දුරුවේ

      Delete
    2. අඩෙඃ!!! නිදි රිටිගලටත් කවිය බෝ කරල එහෙනං!

      Delete
    3. මට පේන විදිහට, ඒක හයිකු එකක්

      Delete
    4. හ්ම්... කවිය හයි කරමු එහෙනෙං

      Delete
    5. ඔව්, හක්කපටස් තමා

      Delete
    6. දැං නං කවි කියවෙන්නෙත් නෑ නිදි, මේ ආතල් දැකලා.

      Delete
  7. තාම සෙවන් වල ඉන්න අපිට ඕක දාගන්න තව ටිකක් ලොකුවෙනකල් ඉන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අඩෙඃ...! බෝ මේ දිස්තිරික්කුවෙ උන්නනං, UN ව්‍යාපෘතියකිං හරි කොම්පියුටරයක් දෙනව, මේ කරන සේවයට.

      Delete
    2. ඇත්තම කතාව, සෙවන් වලින් කරන්න බැරි, ප්‍රයෝජනවත් දෙයක් මේකෙ නෑ කියන එකයි. මිනිසුන්ගෙ ඉවසුමක් නැතිකම සහ අනෙකුත් පෘතක්ජන ගති, කොම්පැනි වලට වෙළඳ අවස්ථාවක්.

      Delete
    3. අපිත් ආසයි නෙව, අපි ගාව තියෙන්නෙ අලුත්ම වර්ෂන් එක කියන්න. අනික, නිතර නිතර වෙනස් වෙනවට අපි හරි ආසයි.

      Delete
    4. ඒ වගේ එකක් තමා. වෙළඳ ප්‍රයෝග, අපිත් ඉතිං අහුවෙනවා.

      Delete
  8. අර පල්ලැහැ තියෙන වීඩියෝ එකේ සිංහල වර්ෂන් එකක් තිබුණා. ඒකෙ සිරියස් බ්ලැක්ට කියන්නෙ “ගඳ ප්‍රියන්ත“ කියල.

    “තමුසෙ දන්නැද්ද ගඳ ප්‍රියන්ත ගැන? ඒ මේ අපේ හොඳ කොල්ලෙක්නෙ. එයා ගාව ගඳාාායියියි... එයා ගඳ ගස්සල මිනි්සසු මරන්නෙ“

    ReplyDelete
    Replies
    1. යූ-ටියුබ් එකේ ඇති නේද? ඔය සමහර ඔහොම හදපුවා, ඔරිජිනල් එක වගේම නියමෙට තියෙනවා.

      Delete
    2. ඔබේ බටේ බැලුවා, හදිසියට හොයාගන්ඩ බැරි උනා.

      Delete
    3. රබර් ඇස් බස්නායක කියලත් හොඳ කොල්ලෙක් හිටියා අඹතලේ එයා කං ෆියුස් යවල මිනිස්සු මරන්නෙ

      Delete
    4. තව උන්නා කමෙන්ට් විදිහට ලිංක් දාලා මිනිස්සු වටේ යවන සෝයි අයිය කෙනෙකුත්...

      Delete
    5. බහු අනන්‍යතා බාප්පත් නරක නෑ

      Delete
    6. සැකුරිටි බාප්පල තමා කියන්නෙ, මල්ටිපල් ඊමේල් පාවිච්චි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි., සිල්ලර වැඩ වලට Temp Mail එකෙන් තාවකාලික ඊමේල් එකක් ගන්න කියලත් තියනවා.

      හහ්, හෙහ් බහු අනන්‍යතා බාප්ප.😂 කොහොම වුනත්, ඉන්සල්ට් තරඟයේ ජයග්‍රාහකයා ඔබයි.

      Delete
    7. ඇයි බාප්පෙ, අනන්‍යා ට “බහු!“ කිව්වෙ? අර කපුගේ ගෙ සිංදුවක් තිබුණෙ, “මල් යහනෙන් බැස පළයං“ කියල, ඒ වගේ සීන් එකක් ද?

      Delete
    8. ඒ චරිතා බස්නායකව වෝටර් බෙඩ් එකෙන් එලෙව්ව විදිහ

      Delete
    9. "බහු බොක්සර බහු, සැටියෙන් බිමට බහු" කිව්වාම, බොක්සර් මෙහෙම කිව්වලු:

      "බව්.........ඌඌඌඌ"

      Delete
  9. පෝස්ට් එකක් දාලාථ කෙටි ම කාලයක් තුළ කමෙන්ට් 100 ක් වාර්තා කරන්න හැකි වීම සතුටක්...!

    (ඒ සතුටට වත් අන්න අරූට බොන්ඩ ටිකක් දෙමු)

    ReplyDelete
    Replies
    1. රිටිගල උන්නාන්සෙ ගාවා ටිකිල නං ඇති. මං උන්නැහෙයි, බොක්සරයානෝ ගෙයි පිංතූරෙක් ඇඳලා ඇමිනුවා, මේ දැන්.

      Delete
    2. This record is dedicated to the memory of පත්තරමල්ලි, ඉවාන් ලව්පූස්, Prince of Moonshine and other departed masters of nonsense.

      Delete
    3. ඔව් මෙහෙම හරි ඒ උත්තමයන්ව මතක් කරපු එක හොඳයි. Sad, but it's a circle of life thing.😒

      Delete
    4. හපොයි! බීල වැටිලා! එක ෂොට් එකෙම්ම!

      Delete
    5. කිතුල් රා බිව්වා නං ඔහොම වෙන්නෙ නෑ. ඔය ගහල තියෙන්නෙ ටිකිලා. හාම්පුතාගෙ කොටයක් අහුවෙන්න ඇති.

      Delete
    6. බොනවට වැඩිය හොඳයි මලක් ගහල හඳේ යන එක.

      Delete
    7. මෙන්න බස්සො තව සාමාජිකයෙක්!

      Delete
    8. පොලොසීයේ මාත්තැන් කෙනෙකුත් සාමාජික ගොඩට දාගත්තොත් ඔහෙලට ඔරිජිනල් බඩු හොයා ගත්තැකි!

      Delete
    9. අපෝයි පොලොස් මාත්තුරු එපා. අර ප්‍රාජේගෙ ලන්නක් ගිලලා, තට්ටයා මහත්තයා හිතාන ඉන්නෙ මමත් පොලෝසියෙ කියලා.

      Delete
  10. රිටිගල උන්නාන්සෙගෙ පින්තූරෙ ෂෝක්, තව ටිකාාාක් විතර කෙට්ටුවට ඇන්ද නං.

    ReplyDelete
    Replies
    1. හෑ තවත් කෙට්ටුවට? එතකොට ඇඟෙ මස් කළඳක්වත් නැත්ද?

      Delete
    2. කකුල් දෙකකුත් වැඩිපුර තියනව

      Delete
    3. මස් වලදක් බයිට් එකටද?

      Delete
    4. හැබෑටම බොක්සරයානෝට, වැරදිලා මස්කට්ටක් කියල අරං යන්න ගිහිල්ලා නැත්ද?

      ඉස්සර පොල් පටෝලා වගේ යන ප්‍රයිවෙට් බස්වල නං එහෙම වෙනවා. එතකොට කියලත් තියනවා, ඒක මගේ කකුල කියලා.

      Delete
  11. ආං නිදිය දාහතර වෙද්දි අනික් කොටහ දාලා. බකුස් දැක්කද? ප්‍රා දැක්කද?

    ReplyDelete
    Replies
    1. දැක්කා. අර ගිණි තියන ලලනාවත් ඇවිත් ඉන්නෙ. බස්සො පුළුන් වගේ, වහා ගිණි ඇවිලෙන සුළුයි.

      Delete
    2. චරිතත් කිව්ව

      Delete
    3. චරිතාද, විරිතද කියල හරියට නම් දැණගන්න, කවදාවත් කතා කලේ නෑ නෙව?

      මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුලට
      ඇස්වහ වදිනවද දැක්කම මූණ මට

      Delete
    4. මිණි මිණි පොදේ පොද වැස්සේ කන මදුරූ
      බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙ නපුරූ
      කෙල්ලක් ඉඳං දොරවහගති ඇගෙ කුරිරූ
      මල්ලක් කදුරු කන්නෙමි හණික දොර අරූ

      Delete
  12. කවුරු හරි දන්න කෙනෙක් කියනවද, කොහොමද සිංහල කියවන්න "ඉස්කෝල පොත" වෙනුවට වෙන එකක් දාගන්නෙ කියලා. වින්ඩෝස් 10 ව්ගේ නෙමෙයි, මේ අටම්පහුරෙ ඉස්කෝල පොත ඩිලීට් කරන්න දෙන්නෙ නෑ, ප්‍රොටෙක්ටඩ් සිස්ටම් ෆොන්ට් එකක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ අපි ගහන්නෙම ඉස්කෝලෙ පොතෙන් නෙ. වින්ඩෝස් xp කාලෙ ඉඳම්ම. අර අට වසරෙ ගණං පොතෙන් වගේ ගැහුවනං මාසෙයක් විතර ICU

      Delete
    2. හුටා, පන්සිය පනස් ජාතක පොතෙන් ගැහැව්වා නං සෙත්තපෝච්ච්චි නෙව?

      Delete
    3. ආයෙ අහල... අසංඛෙය්ය කල්ප ලක්ෂයකට බලපාන පරිදි සෙත්තපෝච්චි

      Delete
  13. ඕයි බස්සො, හණික යමං, ආං අරෙහෙ නිදියගෙ පැත්තෙ අර ලලනාව දෙවනත් කරනව!

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ උලපු වැස්ලින් ටිකත් අරගෙන ම යං

      Delete
    2. හුටා! හිටපං හෙල්මට් එකක්වත් දාගෙන එන්න.

      Delete