Saturday, July 30, 2011

ආයිත් වලි....බස්සා නෙමෙයි, මූ උලමා








පින්සර ඔබ හැර පිළිබද සිතුවිලි වෙනතක දළුලාදෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...



සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුනේ...

ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වන තුරු නෑ දැනුණේ...




ඔයාල අහල තියනවද, හුඟක් පිංබර අයට යම් අසාධාරණයක් කලොත් -ඒ කියන්නෙ , නිකං හිත රිදවනවා වගේ එකක්- , ඒක ඒ වෙලාවෙම පරිසං දෙනවා කියලා. මාත් ඔය කතාව අහල තිබුනා, ඒත් මේ වෙනතුරු විස්වාස කලේ නම් නෑ. දැං ඔයාල කියයි, ඒ සැරේ මුගේ ඔලුවෙ නට් එකක් බුරුල් වෙලා කියලා. විස්වාස කරන්ට, ආයිබෝං, මේක එක දවසක්, දෙකක් වෙච්චි අහඹු සිදුවීමක් නෙවෙයි. මං වලියක් ඇද්දොත්, අනිවා ඩෙෆා, මට එදාම කෙලවෙනවා - දිථ්ට දම්ම වේදනීය කර්මද මන්දා?



එක්කෝ මුන්දෑ පිං කඳක්, නැත්නම් මට කෙලවෙයන් කියලා වූඩූ කරන මන්තර කාරියක්.



 ඇයි රාළේ, මාත් ආස නැද්ද අර මුතු කැට වගේ ලස්සන කඳුළු බිංදුවක් දෙකක් ඉඳලා හිටලා හරි දකින්න? දැං බලාන්ට, එතකොට මට කෙලවෙනවා. ඒක නිසා ගොනා සේ කරබාගෙන ඉන්නවා කියන්නෙත් ,ඒත් මට කෙලවෙනවා කියන එකනෙ. බලාගෙන ගියාම අන්තිමට මට කෙලවෙලා තමයි ඉවරවෙන්නෙ.අද දවසෙම හරියට නිදාගත්තෙ නෑ, දැං ඉතිං ඇදපල්ලකො නිඳිමරගාතෙ නයිට් ශිෆ්ට් එක. අදත් බඩුම තමා.


 

කොහෙන් කැපුවත් රාත්තලයි නෙව. 


අන්තෝ ජටා -බහී ජටා







අනේ අසරණ බස්සා පවූඌඌඋ..නේද?



                  

Thursday, July 28, 2011

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....



හා, ඇගියො ආරංචිද?

කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව

සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ

මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා



ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි

ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ

අනේ අනිච්චං ගමට ගිය කලක්

මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි



රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද

මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ

හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?

හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව



සොපියගෙ කෙලී දැං පන්සලේමයි

කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ

අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව

පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව



ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා

මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ

ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා




බුදු හාමදුරුවො අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ.....

නිවන් දකින්නට පිං මඳි වෙන්නැති

ඒකයි තවමත්, සංසාරේ.........

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....



හා, ඇගියො ආරංචිද?

කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව

සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ

මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා



ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි

ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ

අනේ අනිච්චං ගමට ගිය කලක්

මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි



රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද

මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ

හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?

හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව



සොපියගෙ කෙලී දැං පන්සලේමයි

කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ

අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව

පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව



ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා

මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ

ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා




බුදු හාමදුරුවො අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ.....

නිවන් දකින්නට පිං මඳි වෙන්නැති

ඒකයි තවමත්, සංසාරේ.........

Wednesday, July 27, 2011

හැලපෙට, දෙ-හැලපයක් කාපිය, මයෙ මොකද?

මටත් හිතුනා ආයිබෝං, ඔන්න ඔහේ හුරතලේටත් එක්කලා පෝස්ට් එකක් ලියලම දාන්ට. ඔහෙලා දන්නව නෙව, බස්සා දුක් මහන්සිවෙලා, රෑ පැල් ‍රැකලා, චෙරි-බෙරි කොටාබාන පක්ෂියා වග. එහෙම සතෙකුට, බෙනේටම කූඩුවෙලා ඉන්ට පුළුවනෑ. ඒ වංගියෙ ඌ කතා පොජ්ජ දැම්මා , ඔය හුස්ම ගන්න පොඩි ඉඩක්, අනික් බෙනයකට දෙකකට හොට දාලා, හැලපයක් දෙකක් කොටාබෑමේ මූලික බකුසු අයිතිවාසිකං ලබාගන්ට. හුටා, ඔය උඩිංම දාලා තියෙන්නෙ ලැබිච්චි බිබික්කම තමා!



මේක ඔරිජිනල් කවියේ කතාව මෙන්න මෙහෙමයි:



 ඉස්සර කාලෙ හිටියලු author unknown කියල කවියෙක්. මුන්දෑ හොඳ රජ වංසෙ කුකුලෙක්ලු, හොර කො‍ටු පනින්න දෙයියලු. ඔහොම කො‍ටුවක් පනින්න මානපු වෙලාවක තමයි, මේ කවිය කියල තියෙන්නෙ.



මිනි මිනි පොදේ ගණ අඳුරේ කෑ මදුරු

බල්ලෙක්‌ ඉඳ බුරයි ඌගේ ගති නපුරු

කෙල්ලක්‌ ඉඳන් දොර නාරියි ඇගෙ නපුරු

මල්ලක්‌ කදුරු කන්නෙමි විගස දොර අරු



එදා පොටේ නං උන්දැට කෙලවෙලා, කොට්ටෝරුව වගේ කොටාගෙන, කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙ‍ටුව වගේ. මෙන්න ලැබිච්ච උත්තරේ:



අට පහ නො දන්නා තෝ කාගේ කවුද

බසක්‌ නැතුව එන්නට කීවේ කවුද

ගහක්‌ නැතුව දළු ලියලන්නේ කොහෙද

මල්ලට දෙමල්ලක්‌ කාපිය මට මොකද



දැං මේක පටලවාගෙන , හිතනව එහෙම නෙමෙයි, බස්සා හොරකො‍ටු පනින්න ගිහින් කෙලෝගෙන කියලා. බස්සො එහෙම නෑ, ඉල්ලුවෙ ඉඳලා හිටලා හැලපයක් කොටාබාලා එන්ට චෑන්ස් එකක් විතරමයි. හා, දැං ඔහෙලම කියන්ට බලන්ට ඒක අසාධාරණද? ( හා, මට පේනවා, අපේ සාධාරණ මුදියන්සේලාගේ ලෙංචිනා දත, කට මැදගෙන ඉන්නවා, උත්තර දෙන්ට). මේ අලකලංචිය උනාම මට මතක් වුනේ තව කවියක්:



පායන්නේ තරිඳු ලොව එළි කරන මෙනී

රෑ එන්නේ ළඳේ නුඹ වෙත ලොල් වෙමිනි

නාරින්නේ මෙමා පූරුවෙ කළ පවෙනි

ගෑනුන්නේ අරුමෙ දැනුනේ මට නුඹෙනි




මං මේ කවි සැට් එක ඉස්සුවෙ මේං මෙතනින් -  සිංහල ජන කවියේ ශෘංගාර රසය





http://www.chitranandaabeysekera.org/ArticlesonSinhalaPoetry.html



බලාන්ට වටින ලිපියක්...





ප:ලි: මේ මොන කයි-කතන්දර කිව්වත් මට අන්තිමට කියන්න තියෙන්නෙ:



"මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" කියල තමයි. ඔය Ricky Martin කියල ගොයියෙක් ඕක ඉංගිරිස් වලට පරිවර්තනය කලා නෙව , මේං මෙහෙම:



She never drinks the water, makes you order French champagne

Once you've had a taste of her, you'll never be the same

But she'll take away your pain

Like a bullet to your brain



-livin la vida loca (living on the wild side)- 

Monday, July 25, 2011

බස්සෙක්..ආදරය සහ ‍ෆිල්ම්ස් දෙකක්..

දවසක් අපේ ලෙංචිනා මට කෝචෝක් පාරක් දාලා තිබුනා, "හුහ්, බස්සෝ බලන ‍ෆිල්ම්ස්" කියලා.  මං හිතාගත්තා "හිටපංකො, දෙන්නම් ජම්බු" කියලා , ඒත් මේ වැඩ රාජකාරි අස්සෙ ඒක මඟ ඇරිලා ගියා. පොඩ්ඩිගෙ "ඇත්තම ඇත්ත ආදරේ" පොස්ට් එකට අර සොඳුරු සිතක් තියෙන ලමයා ලියපු කොමෙන්ට් එක දැක්කාම , ඕන්න ආයෙත් ඒක මතක් වුනා.



සමහරු කියනවා, ආදරේ හරිම පිවිතුරුයි, ඒකට දුප්පත්,පෝසත් බේදයක් නෑ කියලා. උන්දලා දන්න කෙංගෙඩිය. අපි අහලා තියෙන ඔක්කොම ආදර කතාවල් , දෙන්නා එකතු වෙන තැනින් ඉවර වෙනවා. කවුරුවත් ඊට පස්සෙ වෙන දේවල් ගැන කියන්නෙ නෑනෙ. මං නං කියන්නෙ, ආදරයක පැවැත්මක් තියෙන්න, ඒකට අවශ්‍යය පරිසරයත් ගැලපෙන්න ඕනෙ කියලයි. අර " ඊට පස්සෙ, සියල්ලෝම සතුටින් ජීවත් විය" කියලා තියෙන්නෙ සුරංගනා කථාවල විතරයි. ඒ ජාතියෙ, "සම්බෝල-බත්" ආදරය ගැන මට කියන්න තියෙන දේ නන්දා මාලනී මෙහෙම කියලා තියනවා.

 





                     





හරි, දැං චිත්තර පටි ගැන කියමුකෝ. මේක ටිකක් පරණ එකක්, ඒත් මේකෙන් දෙන පණිවිඩය හැමදාටම ගැලපෙනවා. අපි හැමෝම සැබෑ ආදරේ හොයනවනෙ. ඕං ඉතිං හොයාගෙන , හොයාගෙන යනකොට හම්බ වෙනවා. "හහ්,හොයන්නාට සම්බ වේ" කියලා පටස් ගාලා අල්ල ගන්නවා. හුටා, ටිකක් දුර යනකොට තමා තේරෙන්නෙ මේක ඩුප්ලිකේට් ආදරේ නෙ කියලා. කෙලිය නේද, පාත්තරේට, ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? අපේ ගතානුගතික සමාජෙ නං, ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි, සදා දුක තමා.









එහෙම එක පාරක් වැරදිච්ච අවාසනාවන්තයොන්ට "සෙකන්ඩ් චෑන්ස්" එකක් නැද්ද? මේ කතාවෙ කියන්නෙ එහෙම ආදරයක්. බලාන්ට..හරිම ලස්සනයි. කෙල්ල පෝසත්..කොල්ලා දුප්පත්..කෙල්ලගෙ පප්පා තමා දුෂ්ටයා, හැබැයි අත්තම්මා සීයා බුදු සපෝට් එකක් දෙනවා. පන යනකං හිනා වෙන්න පුළුවනි, ඒත් හිතන්න එපා මේකත් අර සරුවපිත්තල හින්දි පිච්ච්ර් වගේ කියලා..





              





මට බුදි මතා....යි, ඉතුරු එක ගැන පස්සෙ දාන්නං..

Sunday, July 24, 2011

IF

If you can keep your head when all about you

Are losing theirs and blaming it on you;

If you can trust yourself when all men doubt you,

But make allowance for their doubting too;

If you can wait and not be tired by waiting,

Or, being lied about, don't deal in lies,

Or, being hated, don't give way to hating,

And yet don't look too good, nor talk too wise;





If you can dream - and not make dreams your master;

If you can think - and not make thoughts your aim;

If you can meet with triumph and disaster

And treat those two imposters just the same;

If you can bear to hear the truth you've spoken

Twisted by knaves to make a trap for fools,

Or watch the things you gave your life to broken,

And stoop and build 'em up with wornout tools;





If you can make one heap of all your winnings

And risk it on one turn of pitch-and-toss,

And lose, and start again at your beginnings

And never breath a word about your loss;

If you can force your heart and nerve and sinew

To serve your turn long after they are gone,

And so hold on when there is nothing in you

Except the Will which says to them: "Hold on";





If you can talk with crowds and keep your virtue,

Or walk with kings - nor lose the common touch;

If neither foes nor loving friends can hurt you;

If all men count with you, but none too much;

If you can fill the unforgiving minute

With sixty seconds' worth of distance run -

Yours is the Earth and everything that's in it,

And - which is more - you'll be a Man my son!



මේක ලිව්වෙ Rudyard Kipling , බස්සාගෙ නගරෙ එක subway එකක අන්තිම ඉස්ටේසමත් Kipling. අප්පුච්චේ, ඌ අකුරට ගිය කාලෙ කොච්චියෙ නිඳිකිරා වැ‍ටුනාම ඇහැරෙන්නෙ එතනනෙ.



එව්වා ඇරිච්චාවෙකො, මේ Kipling ගොය්යා තමා අර අපූරු කතාව, Jungle Book ලියලා තියන්නෙ. මගේ පෝටබල් බැස්සියේ, කලකිරෙන්න නං එපා පනේ, මං චෙරි ගෙනත් දෙඤ්ඤං, කරේ තියං රවුමක් ගෙනියන්නං, ගස්ලබු
දෙඤ්ඤං , උම්මත් දෙඤ්ඤං .



 





         

Thursday, July 21, 2011

පමානොවී වැහැපන් වැහි වලාවේ....



බස්සා ඉපදිලා තියෙන්නෙ නොවැම්බර් මාසේ. අර හෝ ගාලා වහින්නෙ, ආන්න ඒ මාසෙ තමා. ඌ වතුරට හරිම කැමති සතා, පීනන්නත් දන්නවා. වැස්සට හරීම කැමතියි. ඌට මේ වැස්ස මතක්වෙලා තියෙන්නෙ, මේ දවස්වල තියෙන ගිරීස්මෙ නිසා. අද සැන්ටිගෙරේට්ම 37 යි. 47 වගේ දැනේවිලු. කෙලිය නේද? බඩුම තමා.



ඒ වගේද වැස්ස. ෂා, බෙනේට වෙලා , බූල් කෝට් එකක් පුම්බාගෙන, ෂපාන් එකේ බැස්සිට හේත්තුවක් දාලා, උණුසුම් කෝපි කෝප්පයක් "ෂෙයාර්" කරන්න තිබුන නෙව....

Saturday, July 16, 2011

අලි මඩුවේ සාජ්ජෙ....

අලි මඩුවේදී රා පොල්කට්ටක් පෑගිලා බස්සා නටපු හැටි.....   



     







මේ ඒ නැ‍ටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....

 







වෙල් ෆැන්ටා ගහපු අලිමොටා ....









දෙකක් "නවා" ගත්ත හංදියෙ ටොමියගෙ "බ්‍රෙරේක් ඩාන්ස්" එක




Thursday, July 14, 2011

රෑ වැඩමුරය අවසන් වන කනිසමට....

මේ දවස්වල මගේ ලෝකෙට පායපු සඳත් බැහැල ගිහින්. හරියටම කියනවා නං, කලු වලාවකින් වැහිලා. සමහර වෙලාවට අපිට තියෙන දේවල අගය තේරෙන්නෙ, ඒවා තවදුරටත් අපි ලඟ නැති උනහම නේ. හැමදාම ආදරේ ගැන, නැත්නම් විරහා ගීත ගැන කියන හින්දා, අද මට හිතුනා වෙනස් දෙයක් ගැන ලියන්න.කවදාවත්ම නිදා නොගන්න මේ කාර්මික නගරයේ රෑ වැඩ මුරය කියන්නෙ , මට අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ මගේ පැල් ‍රැකිල්ල ගැන කතාවක් නෙමෙයි.



මේ අපේ අයියලා "ගාමන්ට් කෑලි" කියලා "ආදරයෙන්" හඳුන්වන, ඉඳලා හිටලා පඩිය සොච්චමක් වැඩි කරලා ඉල්ලුවාම , පොලිස් බැටන් වලින් කෘතගුණ සලකවන, ඒත් රටේ විදේශ විනිමයෙන් වැඩිකොටසක් ලබාදෙන, සන්නාලියන්ගේ කතාවයි....


 



අහන්න මහතුනි, අපේ කාලයේ කුමාරිකාවන්ගේ කඳුළු කතාව....







                   

Sunday, July 10, 2011

Waiting For You.......

බස්සා බෙනේ තනිවෙලා හඳවල් කාලක් විතර උනා නෙව. ඒ මදිවට මෙහේ කණ පැලෙන්නෙ රස්නෙ. ඒ අවුවස්සෙ හෙම්බත් ගහපි. ඔහෙලට කියන්න, ලොක්කා, ජීවිතේ මෙලෝ රහක් නෑ, ඕං. බස්සා Iced Capp බීලා බැලුවා, කිරි කෝපි , milk Chocolate එක්ක ගහලා බැලුවා , මොන? ඒ තියා සුමිහිරි පානේට චෙරි ගෙඩි දෙකක් දාලා ගහලත් බැලුවා, ම්හු..ඒත් වැඩක් වුනේ නෑනෙ?



ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනවා. මොකක්ද මන්දා?





Oceans apart, day after day

And I slowly go insane

I hear your voice on the line

But it doesn't stop the pain





Wherever you go, whatever you do

I will be right here waiting for you

Whatever it takes or how my heart breaks

I will be right here waiting for you





I wonder how we can survive, this romance

But in the end if I'm with you, I'll take the chance



            

Saturday, July 9, 2011

අරලිය ලන්ඳට..හඳ පායන කොට

  

අරලිය ලන්ඳට..සඳ පායන කොට

තනියෙන් සනි දින .. ෂොපින් කරනා විට

කොම්පීතරයට- මං නියවන කොට


ඔබ ගැන සිහිවෙනවා.. 

එතකොට..

ගී පද.. ලියැවෙනවා...

සිතිවිලි ඉගිලෙනවා....  







              

Saturday, July 2, 2011

බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්





  

ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.



ඕන්න රෑ-ජාමේ මද්දහනේ එනවා SMS එකක්, බස්සා නිදිමරගාතේ බැලී නං අසෝකමාලා. එදා ‍රැ උයපු තම්පලා මාළුව නොකෑවට හේතු අහනවා. දැං බස්සට, නිදි මතයි, වයින් මතයි, ඒ මදිවට කෙලින් ඉන්න පන නෑ, හෙම්බා ගහලා. " මෙයා මේ මඟුලක් අහනවා" බස්සට එහෙම හිතුනා, ඒත් අතේ සාස් පානක් ඇති කියලා හිතුන හින්දා, ඌ උගේ හොඳම පෝකර්-ෆේස් එක දාගෙන මොන මොනවද කිව්වා,නිඳි මරගාතෙම. හුටා, පත්තු වුනේ නැතැයි චීන පටස් එක....




මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගෙද මටම බයයි


ඔබ සඳක් වගේ හැඩයි

හෙට අමාවක ද සැකයි..




බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.

 


මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...

 




                           

බස්සෙක්..හෙම්බා..සහ පෝට්-වයින්





  

ඊයෙ අපේ ජාතික දිනය. බස්සටත් නිවාඩු. ඌ ජාතික දිනේ සමරන්න කියලා උදේම ගැහැව්වා සුමිහිරිපානේ. ටික වෙලාවකින් හචිස් දෙකකුත් ගියා, ඇඟටත් වෙනදට වැඩිය වෙනසක් දැනුනා. ඌ ඔය කිසිමදෙයක් ගණන් ගන්න සතෙක් නෙමයි නිසා. කෙලින්ම පැන්නා ඇඳට, බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ බුදි.



ඕන්න රෑ-ජාමේ මද්දහනේ එනවා SMS එකක්, බස්සා නිදිමරගාතේ බැලී නං අසෝකමාලා. එදා ‍රැ උයපු තම්පලා මාළුව නොකෑවට හේතු අහනවා. දැං බස්සට, නිදි මතයි, වයින් මතයි, ඒ මදිවට කෙලින් ඉන්න පන නෑ, හෙම්බා ගහලා. " මෙයා මේ මඟුලක් අහනවා" බස්සට එහෙම හිතුනා, ඒත් අතේ සාස් පානක් ඇති කියලා හිතුන හින්දා, ඌ උගේ හොඳම පෝකර්-ෆේස් එක දාගෙන මොන මොනවද කිව්වා,නිඳි මරගාතෙම. හුටා, පත්තු වුනේ නැතැයි චීන පටස් එක....




මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගෙද මටම බයයි


ඔබ සඳක් වගේ හැඩයි

හෙට අමාවක ද සැකයි..




බස්සෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක්. වැඩිය කිය වන්නෙ නෑ, උන්ගේ ආදරේ තියන්නෙ හිතේ.සැකේට හරි, බයට හරි එව්වා හිතේ තියාගෙන විඳවනවා. ඒකනෙ උන්ට බස්සො කියන්නෙ ගිරව් නොකියා. ඇයි අහල නැද්ද , සමහරු කියන්නෙ, " හුහ්, ඉන්න හැටි විතරක් බස්සෙක් වගේ බුකවා ගෙන.." කියලා.

 


මටත් අමාවක ලබන්නයි යන්නෙ, ආයිබෝං, එන සුමානෙ...