Thursday, July 28, 2011

සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....



හා, ඇගියො ආරංචිද?

කළු එතනගෙ කෙලී මැණිකගෙ පලහිලව්ව

සිදාදියෙන් ආපු බෑනා , යන්නම ගිහින් කියන්නෙ

මැණිකගෙයි, මුදලාලියගෙයි හුටප්පරේ ආරංචිවෙලා



ඕකිට හොඳ වැඩේ, මහ නැට්‍ටුක්කාරි

ඉන්නෙ දෙකට ගනින්න බෑ වගේ

අනේ අනිච්චං ගමට ගිය කලක්

මහ අම්මණ්ඩිත් හරිම මාන්නක්කාරි



රං බණ්ඩ ඉන්නෙ ඉන්නෙ උඹලගෙ ගේ ගාව නේද

මොකද, ඇසිලියො බිසෝ පේන්ට නැත්තෙ

හැබෑටම, අර අල්ලපු ගෙදර එකා එක්ක?

හප්පුච්චේ අර කොලු පැටියට යන කල දසාව



සොපියගෙ කෙලී දැං පන්සලේමයි

කොච්චෝරවත් ආවාසෙ අස්සෙ රිංගන්නෙ

අනේ මයෙ කට, උන්දැගෙ සර්දාව

පොඩි හාමදුරුවොත් වටේ කැරකෙනව නෙව



ඔන්න , බොලවු ලොකු හාමදුරුවො එනවා

මේ උන්නාන්සෙටත් ඕන නැති කෙං ගෙඩියක් නෑ

ගනින්, ගනින් ඔය නවගුණ වැල මෙහාට

සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා




බුදු හාමදුරුවො අපිත් දකින්නැති

බණත් අහන්නැති ඒ කාලේ.....

නිවන් දකින්නට පිං මඳි වෙන්නැති

ඒකයි තවමත්, සංසාරේ.........

12 comments:

  1. සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝදපනං
    ඒතං බුද්ධානුසාසනං... :)

    ReplyDelete
  2. අනේ බං උඹේ ඔය දකුණු පැත්තෙ තියෙන Blog Archive එකේ format එක වෙනස් කරපංකො.. පරණ පෝස්ට් බලන්ට ගියාම එපාවෙනවා..

    ReplyDelete
  3. සාධු...සාධු...සාධු....

    මේ බණ අස්සේ බූරා මොනවා කතා කරනවද දන්නේ නෑ...:)

    ReplyDelete
  4. ෆෝමැට් එක වෙනස් කරන්ට? කොයි එකටද?

    ReplyDelete
  5. හුටාස්, ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටයි බවුන්ඩේසමටයි දෙකටම.. දැන් හිතෙනවා තිබුන විදිය හොදා කියලා.. :D

    මං කිවුවෙ බං, ඕක හදන්ට බැරිද මාසෙ පෝස්ට් ටික ඔක්කෝම දිගට ලිස්ට් එකක් වගේ එන්න, දවස දවස වෙන්කොරන්නෙ නැතුව..?? සාමාන්‍යයෙන් එහෙම නේද වෙන බ්ලොග්වල තියෙන්නෙ..??

    ReplyDelete
  6. හී හී හී හී ඊඊඊඊඊඊඊඊඊඊ.....:D

    ReplyDelete
  7. යකෝ මේක හරි වැඩක් නෙව. ඔහෙල තුන්දෙනාම එකම වලව්වේද පදිංචිය, ලිව්වා විතරයි අනෙක් පැත්තට කොමෙන්ට්.
    මොනා උනත් හොඳ බණ පද ටික. බස්ස ගිය පෝයට ලැග්ගේ බණ මඩුවෙ යට ලීයෙද?
    මේ දවස්වල බස්සිත් ගෙදර නෑ වගේ, දිගට හරහට බ්ලොග් ලියන්නෙ.

    ReplyDelete
  8. @පොත් ගුල්ලා,

    එක වලව්වේ නේන්නම්. ඒක දැනගන හිටියේ නැද්ද? පොඩ්ඩි තමයි වලව්වේ පොඩි කුමාරිහාමි....:D..

    බූරා තමා ආරක්ෂක කටයුතුවල ප්‍රධානියා. (එයා ආරක්ෂා කරන්ට ඕනේ පොඩ්ඩිව. පිස්සුද ඒවා වෙන්නේ නෑ.) බස්සා ඉතින් දොරකඩ ගහේ මූකලං බස්සා. (D.G.M) එයා තමා ඔත්තු බලන්නේ. වලව්වට හොර මීයන්ට එහෙම එන්ට දෙන්නෙම නෑ....ඒ උනාට වැඩක් නෑ. (රහසින්)පොඩ්ඩි වලව්වේ නැති උනාම එයාලා අලි මඩුවේ රා බොනවා. ඔය අහිංසක ලෙන්චිනා කෙලී තමා පොඩ්ඩිගේ කනේ ඔයටිකවත් තියන්නේ...:)

    බකුසු බණ ගැන නම් ඔයා අහලා ඇතිනේ....හාමුදුරුවරු පරාදයි...බැස්සි ඉන්නවා නම් උන්දැට ඔච්චර උඩ පනින්ට හම්බවෙන්නේ නෑ තමයි....:D

    ReplyDelete
  9. අනේ මන්දා මේ බස්සාගෙ වැඩේම අනුන්ගෙ ඕපදූප හොයන එකමයි,බොරුවට බණදෙස දෙස හී හී හී....

    ReplyDelete
  10. බණ ටික නං පංකාදු පහයි කොලුවෝ. මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ...හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  11. @බුරා

    ඔන්න "පරණ පෝස්ට්" කියලා එකක් ඇටෙව්වා. ඒකෙන් කලින් ලිපි වල preview එකක් බලන්න පුළුවනි. එහෙම නැතුව මාසයක පොස්ට් ටික එකදිගට වැල වගේ එකම පි‍ටුවකට ලෝඩ් වෙන්නද ඕනෙ. ඒත් මං හිතන්නෙ උපරිම 10යි ලෝඩ් වෙන්නෙ.

    ReplyDelete
  12. @පොත් ගුල්ලා

    මං ඇවිල්ලා, ඔය ඉඳල හිටල දෙකක් නවා ගත්තට, ආයිබෝං පිනට දහමට බොහොම ලැදි සතා නෙව. ඕං ඔය පහුගිය පෝයට ලෙංචිනාලෑ නඩේ සිල්ගන්ට ගියා නෙව. අනේ ඉතිං,මාත් ඒ පස්සෙන් ගියා බණ පදයක් දෙකක් අහගන්ට කියලා. ගොහින් බණ මඩුවෙ හරි බරි ගැහිලා ලැග්ගා. ඕං අපේ උපාසක අම්මලගෙ "ධර්ම සාකච්චාව.". මාව එහෙම්මම අනාගාමී උනා.

    ReplyDelete