Saturday, December 27, 2014

සුභ අලුත් අවුරුද්දක්






කතිර යුද්දෙත් ලඟ, ලඟම එනවා නෙව? ඔන්න එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල කිව්වා

Saturday, December 20, 2014

සිංදුවක්, බස්සෙක් හා පාපොච්චාරණයක්











Will you stay with me, will you be my love


Among the fields of barley


We'll forget the sun in his jealous sky


As we lie in fields of gold




මේක කියන්නෙ මං කැමතිම ගායකයෙක් "ඇනපිය" .



ඇනපිය කිව්වට එයාගෙ ඇත්ත නම Gordon Matthew Thomas Sumner, ඒත් එයා වැඩිය ප්‍රසිද්ධ Sting කියලයි.





බස්සා කොහොමත් ඔය බල්ලො, බලල්ලුන්ට කැමති සතා, ඒත්  තුන් අණ්ඩෙන් යන බලු තඩියෙක් හරි කන් කොට බළලෙක් හරි දැක්කොත්, බකුසු හදවත් , නිකං බටර් වගේ උණුවෙලා, දියවෙලා වැක්කෙරෙන්න ගන්නවා.



මේ බකුසු කරුණාව,  බලු, බළල් සත්තුන්ට වඩා එහා ගිය එකක්,  කොටින්ම ඌ බොහොම කැමැත්තෙන් හිටියා හූම් කියන්න බැරි බැස්සියෙක් හොයාගන්න. ඌගෙ අවාසනාවටද, බැස්සිගෙ වාසනාවටද මන්දා ඒ වැඩේ කෙරුනෙ නෑ නෙව. 



ඔතන කරුණාව කියල කිව්වට, යටින්  හීනියට  වෙන කාරණාවකුත් තියනවා. දැං හිතන්නකො, අත්තක් උඩ බකුසු ජෝඩුවක් ඉන්නව කියලා. කොහොමද   බස්සව, බැස්සිගෙන් වෙන් කරලා හඳුන ගන්නෙ?





බස්සා එක පාරක් "හූම්"  කිව්වොත්, බැස්සි දෙපාරක් "හූම්, හූම්" කියනවා. දැං ඔහේලට තේරෙනව නේද? කොයි බස්සද අකමැති, වැඩ  අහවර වෙලා ගෙදර ආවම, දෙයියනේ කියල කණක්   ඇහිලා පාඩුවෙ ඉන්න.

Sunday, November 30, 2014

ලුණු දෙහි







බොහොම කාළෙකට ඉස්සර, ගමක හිටියා බස්සෙක්. බස්සෙක් කිව්වාට මේකා බසු පැටියෙක්. දවසක ගෙදර  ගෙදර පරණ පෙට්ටගමක් අවුස්සපු බස්සට හම්බවුනා මැජික් ලාම්පුවක්  පරණ පොතක්. පොතක් කිව්වට , මේක පොත් රාජයෙක්. විසාල පොතක්. හොඳට බයින්ඩ් කරලා , හදලා තිව්නෙ කලු කඩදාසි වලින්. මේ කලු කඩදාසි ඇතුල් පි‍ටු පුරවලා තිබ්බෙ, පත්තර වලින් කපා ගත්ත එක එක ලිපි.






curious owl



ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම්, අත්-බේත්, හප්පේ ඒකෙ තිව්න  ජාති. දැක්ක ගමන් බස්සට තේරුනා මේක නං  බකුස් පරම්පරාවෙන්, පරම්පරාවට උරුම වෙච්ච මහාර්ඝ පුස්ථක රත්නයක් බව. ඌ පටස් ගාලා ඒක යටි මඩි ගහගත්තා.



දැං  කම්පනා කරන කොට හිතෙනවා, කවුරු හරි අපේ පරම්පරාවෙ ඉස්තිරි රත්නයක්, බොහොම මහන්සිවෙලා එකතු කරපු පත්තර  ලිපි එකතුවක් බව. ඔය දැං කාලෙ ඉන්න , බතක් , පරිප්පුවක්වත් හරියට උයා ගන්ට බැරි බවලත්තු වගේ නෙමෙයි. ඉස්සර කාළෙ මෑණිවරු , තමන්ගෙ දෝණියැන්දලාට ගෙදර දොරේ වැඩපල හොඳට පුරුදු පුහුණු කලා නෙව.



මෙන්න මේ පොතේ තමා අපේ සාම්ප්‍රදායික ලුණුදෙහි ගැන තීරු ලිපියක් තිබ්බෙ. ලියල තිබ්බෙ කුස්සි අම්මා කෙනෙක් ලියන විදිහට.හදන ක්‍රමය ගැන ඒ හැටි මතකයක් අද නැති වුනත්., මෙන්න මේ කොටස නං මතකයි:




කෑම සංරක්ෂණය කල රට කුස්සියක්

සහ  කෑම ඉදෙන කන්වත් ඉවසිල්ලක්

නැති වණ්ඩු ආප්පයො සැට් එකක්



"වාරෙට දෙහි යහමින් ඇති කාළෙට, කරන්න හොඳ දෙයක් තමා ලුණුදෙහි දාන එක. ඔය වෑංජනේකට ලුණු ඇඹුල් මදි පාඩුවක් තියේනං, ලුණුදෙහි ගෙඩියක්  අරන්, ලූනු, මිරිස් කපලා සම්බෝලයක් හදාගෙන බතත් එක්ක හාමු කොරල ගත්තාම පංකාදුයි"







පොඩිකාලෙ ලමයි කැමති පැණිරස කෑම වලට උනාට , බස්සා කැමති වුනේ ඇඹුලට. (පස්සෙ තමා 'පැණි' වලට රස වැ‍ටුනෙ). ගමේ තිබ්බ ගස්වල සියඹලා විතරක් නෙමෙයි, අහල පහල වතුවල ඇඹුල් පළතුරුත්,කඩවල තිව්ව සියඹලා, ලුණුදෙහි  සෑහෙන ප්‍රමාණයක් බකුසු බඩට ගියා මයෙ හිතේ.



ලුණු කියන්නෙ විජලකාරකයක්. මේක  උදව්වෙනවා කෑම කල්තියා ගන්න. ක්‍රමය සරලයි. ලුණු දාලා වේලනවා. ලුණුදෙහි, කරවල වලදි එහෙම උනාට, ජාඩි වලදි මේ ක්‍රමේ පොඩ්ඩක් ඉතර වෙනස් වෙනවා. ජාඩි වලට ලුණුයි , ගොරකයි දෙකම දානවා. වතුර ගතිය එහෙම්ම තියනවා. ඔය ජාඩිවතුර රස කාරකයක් විදිහට මාළුපිණි වලට පාවිච්චි කරන්නත් ඇහැකි.



ගමේ කුස්සියෙ , ඔය නොයෙක් ක්‍රම වලට කල් තියාගන්න  හදපු දේ තිබුණා. වැලි කොස් ඇට, අ‍ටුකොස්, වේලපු දෙල් වගේම දුම් මැස්සෙ පුවක් කොලපුවක එල්ලාපු කිතුල් පැණි මුලක්, දෙකක් එහෙමත් තිබුනා.  දර ලිපෙන් ගෑස් ලිපට මාරු වෙච්ච අදකාලෙ කුස්සිය, එදා ගැමි ගෙදරක තිබ්බ කුස්සියට වඩා සැපපහසු තැනක් වුවත්, ඒ එක්කම, ලුණු දෙහි, ජාඩි, අ‍ටුකොසුත් අභාවයට ගියා කියලයි මට හිතෙන්නෙ.








ජාඩි කාපු නරියෙක්



හෙරලි පොලොස්

දෙල්, අ‍ටුකොස්

ජාඩි හොඳිත්

එක්ක ගුඩුස්



ඔය කවිය " කොරලි හොඳිත්"  කියලත් කියනවා. පරණ දේවලට. පාරම්පරික කෑම, බීම වලට මගේ බොහොම කෑදර කමක් තියෙනවා.පැරණි  කෑම කල්තබා ගැනීම කියන්නෙ කලාවක්. මේක අධි-ශීතකරණයක කෑම ඔබන එකට වඩා වෙනස්. උදාහරණයක් විදිහට බල මාලු වලත්, බල කරවල වලත් රස අහසට-පොලොව වගේ වෙනස්. මෙහිදි යම් බැක්ටීරියා ක්‍රියාවලියක් සිදුවෙලා රසය වෙනස් වෙනවා. මේ බැක්ටීරියා ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියලා මෙන්න මේ මිල අධික කෝපි වර්ගය ගැන කියෙව්වාම දැණගන්න ඇහැකි.






Kopi Luwak





කෝපි හදන යන්තරේ

මං කොහේ හරි දැක්කා, ආහාර වීදුරු බෝතල්වල හුලං නොයන සේ අසුරන ක්‍රමයක්, නැපෝලියන් බොනපාට්ගෙ කස්ටිය දියුණු කලා කියලා.. බඩගින්නේ යුද්ධ කරන්න බැරිබව , හොඳට කාපු බීපු  බොනපාට් උන්නැහේ දැණගෙන ඉන්න ඇති.















මේ තියෙන්නෙ තියෙන්නෙ එන්ගලාන්..තෙ "බුදු අම්මෝ" රජ කුස්සියක් - Windsor Castle kitchen . 1819


















මේ රජකාලෙ සුද්දන්ගෙ පාන්බාස් කෙනෙක්. "People of the upper crust" කියන කියමන ඇවිල්ලා තියෙන්නෙ පාන් ගෙඩියෙ උඩ කොටස ගියේ බලවතුන්ට වීම නිසයි කියලා මං කොහේ හරි දැකලා තියනවා




















හා, එන්න, එන්න ලාබයි. දෙක පනහයි










මං  දැන් මේ මොකක් ගැනද කියාගෙන ආවෙ.......?

ආ, හරි ලුණුදෙහි ගැන නෙව? මයෙ ගාව තිව්නා ඔරිජිනල් ලුණු දෙහි ටිකක්. මං ඕක බොහොම අරපරිස්සමට තමා පාවිච්චි කොලේ. මාත් එක්ක ඉන්න අනිත් හෝතම්බුවගෙ බොනපාට් යාලුවො මේක හොරා කාලා. මං කලේ බෝතලේ හංගපු එක. මුංව දීයා කන්ට, උන් ඒකත් හොයාගෙන ආයෙ කාලා. මං ඒ වංගියෙ කලේ ලුණුදෙහි හදපු  එකයි. අවුවෙ වේලන්න විදිහක් නෑ. අර තම්බල හදන හොර ක්‍රමේ රසට මං කැමති නෑ. මං හැදුවෙ අවන් එකේ. රස්නෙ අඩුවට දාලා යන්තන් දොර ඇරලා වේලගත්තා. පස්සෙ ලාබෙට ඩිහයිඩ්‍රේටර් එකක් ලැබෙන කොට , පෙරහැර ගිහින් ඉවරයි. නරකම නෑ. පොඩි පැඟිරි රහක් නං තියේ. හොඳම වැඩේ කියන්නෙ අර කලින් ලුණුදෙහි හොරා කාපු , හොර බළල්ලු සැට් එක නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බලන්නෙ :)





Sunday, November 23, 2014

වැස්ස,කෝපි සහ කම්මැලිකම





https://smallbutvaluable.files.wordpress.com/2014/08/tumblr_mlnyz3lb1m1s44vdlo1_500.jpg




http://www.homegrowngourmet.org/wp-content/uploads/2014/01/enjoy_with_coffee_or_tea.jpg






https://c2.staticflickr.com/6/5047/5329348248_ced925be1c_z.jpg




https://themonumentaljackass.files.wordpress.com/2013/05/outdoor_raining-1680x1050.jpg




http://i.huffpost.com/gen/1444286/thumbs/o-HAWAII-RAIN-900.jpg?1








http://i.ytimg.com/vi/lasWefVUCsI/maxresdefault.jpg






http://jlroeder.files.wordpress.com/2014/04/rain-flowers_00262653.jpg




http://tv-cdn.oricon.co.jp/wp-content/uploads/2464_06.jpg




http://cdn.attackofthecute.com/August-10-2012-01-38-24-aiouiueir.jpg






http://grisoscohen.files.wordpress.com/2012/06/catsdogs_02.jpg






http://jlroeder.files.wordpress.com/2013/06/bird-in-rain-hd-wallpaper.jpg






http://th04.deviantart.net/fs21/PRE/f/2007/285/e/6/e61c252f7534511d.jpg







Monday, September 22, 2014

බස්සා සහ මකරා






යිස් ප්‍රාකාරෙ පදිංචියට ගියාට පස්සෙන් පහු , බ්ලොගෙ මකුලු දැලුත් බැඳිලා. කොහෙ පෝස්ට් ලියන්නද අප්පා, බිසී,බිසී?

ප්‍රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ ත‍ටු අකුලලා හත‍රැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.





මං ඉතිං නිසාචර පස්සියා නිසා, මට නිතරම දෙන්නෙ නයිට් ඩියුටි. පුරස්නෙ කියන්නෙ, එතන තියෙන හීතල, ඒක මං වගේ මූකලං බස්සෙකුටවත් උහුලන්න අමාරුයි. මං කරන්නෙ හොඳට අත්ත‍ටු සැට් එක පොරෝගෙන ගිණිගොඩක් ගාවට වෙලා  " හොට් වයින්" පාරක් ඇදලා අරින එකයි. 



එදා නිවාඩු දවසක්. උදේ   හීල සප්පායම් වෙලා මං ගියා රජමාවත පැත්තෙ පියාඹන්ට."හචෝස්". කව්ද මහා හයියෙන් කිඹුහුමක් යැව්වා. , මං කෝකටත් සූජානං සරීරෙ කියලා ලඟ තිව්න බුරුත ගහක ලෑන්ඩ් කලා. කෑලෑව බිඳගෙන රජමාවතට ආවෙ මකරෙක්!



මකරෙක් කිව්වට ඔය  මහා පරිමාණ එකෙක් නෙමෙයි. කොට මකරෙක් - පෝටබල් වර්ශන් එක. අර හුරතලේට හදාගන්ට නරි හොයන කස්ටියට,  දරුකමට හදාගන්න උනත් පුළුවන් ජාතියෙ එකෙක්. හරි හුරතල් පෙනුම.  තරමක පොලොස් ගෙඩියක් වගේ. පාටත් ඒ වගේ, ක‍ටු හිටං තියනවා, හදිස්සියට ලිප පත්තු කරගන්න එහෙමත් ඇහැකි.



මට හම්බ වෙනකොට හිටියෙ අසනීපෙන්. හෙම්බා ගහලා.





" මකර මචෝ, දෙන්නද බොටත් වයින් ටිකක්, මේක ඔය ලෙඩේට කියාපු බේත?කොහොමද නම. ගම , වාසෙදේසෙ කාරිය?



" නම කොරනේලිස්, ගම මෙට්‍රොපොලිස්" වයින් බීපු කොටා කුරුතග්ඥ පූර්වක බැල්මක් දාලා කිව්වා.



" හුටා, බොට තියෙන්නෙත් අමු ගිංගල නමක් නෙව? බොලෑ අප්පුච්චා ලංකාවෙ වත්ද?"



" මගුලක් කියනවා, දැන් අර සිංහ මහගෙ බොට කෙහෙල් ගහකට ඇන්න කතාවක් කිව්වෙ, බොලෑ අප්පුච්චා කොට්ටෝරුවෙක්ද?".





ඇදලා ඇරියෙ නැතෑ කොටා ප්‍රශ්ණෙට , ප්‍රශ්ණයක්. . මූ කොහොමද ඒ කතා දන්නෙ? කොහොම උනත් කොටාට කේන්ති ගිය වග රතුවෙච්චි මූණෙන් පේනවා. වැරදිලාවත් මූ ගිණි පිම්බොත් බස්සා බාබිකිව් ( සෝස පාට නං වෙයි,  PJ ,ඒත් බාබි නෙමෙයි බාබි-කිව්:P)



" හා ඔය කියන්නෙ, අපේ වලි-සිංහා නෝනෙ ගැන නෙව? එයා එහෙම තමා, වලියට ටිකක් ඉතර බරයි"



" ඔය කෝරනේලිස් කියන පිටරට නමක්, බොලා ඕක හිංගල කොර ගත්තට" තච වයින් උගුරක් ඇදලා ඇරපු කොටා කූල් ඩවුන් වෙලා කිව්වා. 



" ආ, එහෙම කියන්න එපැයි කොරනේලිසෝ. මචෝ, කොහොම උනත් කිඹුහුන් අරින්නෙ බලාගෙනයි. මේකෙ ඉන්න එකාලා බලා ඉන්නෙ, කොයි වෙලේ මාව කිරට, මිරිසට උයන්නද කියලා"



"හා බයවෙන්න එපා බං, හෙම්බිරිස්සාවට ඇංජිම වැඩ කොරන්නෙ නෑ, දුං විතරයි එන්නෙ. එක නෙමෙයි බස්සෝ. මේව්ව නං බොහොම හොඳ වයින්"



"පුහ්, මෙව්ව මොනවද? උඹට දෙන්ට තිබ්බෙ, අපේ පිං-පොං ගෙ අරිස්ටෙ. ගහපු ගමන් නාගසලං"



" පිං පොං? ඒ කව්ද "





"එයා කුමාරයෙක්, හැබැයි රටේ වෙදා. ඒ වගේම හොඳ ගොයියා. කොච්චෝරවත් ඉන්නෙ අමුඩෙ පිටිං, උදැල්ල කරේ තියාගෙනමයි"



"යමං කෝරනේලිස්, මයෙ නවාතැන පැත්තෙ. පොඩ්ඩක් විවේක අරගෙන , බැරියෑ ඔය උණු සුප් එකක් කාරිය බොන්න"



මකරා මෙහෙ ඇවිල්ල තියෙන්නෙ පාර වැරදිලා. GPS අප්සැට් එකක් වෙන්ටෑ? ඔය වැලීරියාව පැත්තෙ , තියන මකර ෆාම් එකක තමා මෙයා ඉඳලා තියෙන්නෙ. එහෙ මකර ගොවිතැන, කුඩා කර්මාන්තයක් විදිහට කරනවාලු.කෙලින්ම හරිත සක්තිය නෙව. ලොකු ලොකු එව්වො ඔය බොයිලර් රත් කරන්න වගේ වැඩවලට ගන්නවාලු. මෙයා වගේ පොඩි වර්ශන් එකේ අයට තියෙන්නෙ ලිප පත්තුකරනවා වගේ සිල්ලර වැඩලු.



මෙයා කැමති ඇවිදල රට තොට බලාගන්න. සර්කස් එකකට බැඳන්න තමා . එයාගෙ කල්පනාව. මොකද මේ සමහරු විස්වාස කරන්නෙ නෑ නෙව, මකරු කියලා ජාතියක් ඉන්න බව?








http://screenrant.com/how-to-train-your-dragon-2-reviews/



Sunday, August 10, 2014

කතන්දර කියන බස්සෙක් හා නරියෙක්







ඔහෙල දන්නව නෙව, මං ලඟදි ගෙවල් මාරු කරපු විත්තිය? ඕං ඉතිං, ඔය අලුත් නවාතැනේ  පෑලපදියං වෙලා , මේ පහුගිය සති අන්තෙ හැන්දෑ ජාමෙක මං වටපිට සිරි නරඹන්න කියලා බැල්කනියට - බෙනේ ඉස්සරහ අත්ත , උඩට ආවා.



මෙන්න බොලේ කව්ද මගේ නම කියල කතා කරනව:



" බස්ස, බස්ස"



හෑ, කව්ද මේ කැලේ මට  ගරුනම්බු නැතුව  මුල් නමින් කතා කරන්න පුළුවන් ජගතා?  මං උඩ බැලුවා, බිම බැලුවා. බැලින්නං, නරියෙක්.



"එම්බා, කසාවත් පැහැති හිවල් පුත්‍රය. මේ  නුඹ ඉදිරියේ වැඩ සිටින්නේ, හවුස් බස්තියං ගෘහමූලික සේර් බස්තියං  නැමති නයිට්-වරයා බව දැණ ගනුව. නැහ්නං තා අල්ලා අයිස් ප්‍රාකාරයේ උඩ සිට ඔලුව පහතට සිටින සේ පරසක්වල ගසන්නට , මාහට හැකි බව දණුව. මේ වනයේ මා හැර වෙනත් වෙනත් බසුන්නාන්සෙලා ඇත්ද?"



" මඟුලක් කියනවා. අනේ පිංසිද්ද වෙයි , ඔය මහප්ප්‍රාණ නැතිව කතා කරපං. දෑං බලාපං උඹ මෙහෙට වෙලා ඉන්නවා, අරහෙ අර බ්ලොග් කට්ට වේලෙනවා. මං අහන්නෙ එව්වා හරි වැඩද,බස්සො?"







" හරි, හරි, මට පොඩ්ඩක් බ්ලොග් කට්ට මඟෑරුනා නං  තමයි. ඒත් මං අර පහුගිය දොහක එහේ ගිහින් මකුලු දැල් කඩලා ආව නෙව,නරිමොටෝ?"



" හහ්, මකුලු දැල් කැඩුව? අනේ මයෙ  කට? එහෙම හරියනවද? අර වෙනදා වගේ හරි හමං කතාවක් දෙකක් ලියන්නෙ නැතිව?"



" හරි දැං උඹ ඔය කියන්නෙ , මට කතාවක් ලියන්න කියල නෙව? කතා දෙකක් විතර හිතේ නං තියේ, එකක් මේ සත්‍ය ප්‍රේමෙ ගැන කතාවක්"



" හහ් , සත්‍ය ප්‍රේමෙ??? ඇයි බොල බස්සො, උඹේ ඔය ශ්‍රී මුඛයෙන්ම නේද කිව්වෙ " අතත්‍ය වු ඉස්තිරී චින්තනයේ සත්‍ය පේරේමයක් උපදී නං, පුත්තලමේද ගෝවා වගා කල හැක " කියලා?"



" සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට, සත්‍ය ප්‍රේමෙ කියල එකක් තියනවා, අඩු ගානෙ තිබිල තියනවා.  වැඩි ඇතක නෙමෙයි අපේ ගමේ - දෙවැනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට ආපු  සුද්දෙකුයි, අපේ ගමේ ගැටිස්සියකුයි අතර. මේක ඇත්තම ඇත්ත කතාවක්"



"හා, එහෙනං කියාපංකො කතාව" කියලා  කැනහිලා, වට දෙකක් කැරකිලා හොඳට තප්පලං ගැහිලා වාඩිවුනා.






----------------------------------------------------



මේක මං පැටියා කාලෙ අහපු කතාවක්, ඒ කාලෙ  මට ලව්-උලව් ගැන මෙලෝ අල බෝලයක්  නොතේරිච්ච නිසා මං හාරා අවුස්සන්න ගියේ නෑ, ඒත් කතාවෙ සාරංශය නං අද වගේ මතකයි.



කාළය : දෙවැනි ලෝක සංග්‍රාමය සමය. ලංකාව  එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ලෝකෙ නං දෙසින් "හිරු නොබසින අධිරාජ්‍යයේ" රාජකීය හමුදාවට සෙබලු බඳවා ගත්තා. සිදාදියේ ඉගෙනගත්ත , ඉංග්‍රිසි බස උගත් සමහර සිංහල තරුණයන්ද ඒසමයෙහි රාජකීය හමුදාවට බැඳී රට, රට වලට  ගිය බව මා අසා තියෙනවා. නමුත් ඒ සොල්දාදුවන්ගේ  රසකතා, අත්දැකීම් හරි හැටි ලේඛනගත වුන බවක් සඳහන් වෙන්නේ නැති එක  අවාසනාවක්.



එම්.එස් ප්‍රනාන්දු මහතා ගයන මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි පිටරට ගිය සිංහල සොල්දාදුවෙකුත්, මැක්සිකන් තරුණියක් අතර පෙම් කතාවක් ගැන වුවත්, එය සත්‍ය සිද්ධියක් පදනම් වුනා දැයි කියන්න දන්නෙ නෑ.










කොහොම හරි  ඔය කියන කාලෙ අපේ ගමට ආව එක සොල්දාදුවන් කණ්ඩායමක් අතර , මේ අපේ කතාවෙ සුද්දත් ඉඳලා තියනවා. සුද්දා ගමට ආවෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. බාග වෙලාවට හැලප කන්ට වෙන්ට ඇති. මේකා සුද්ද නිසා තම්බපු ඉස්සා වගේ පොත්ත රතුවට ලස්සනට ඉන්න නං ඇති.






අපේ ගමේ ගැටිස්සිගෙ මල් හී පාර සුද්දට සැරටම වැදිල තියෙනවා. සුද්දා ඩවුන්, යුද්දෙ ඉවරවෙලා ගමරට යනවා වෙනුවට  සුද්දා අපේ ගමේ බින්න බැස්සා. ගමේ කරුමාන්ත ගැන කිසිම නිනව්වක් නැති  අසරණ සුද්දා , ජීවත් වෙලා තියෙන්නෙ සෑහෙන අගහිඟකම් මැද්දෙ. අන්තිමට   බඩ රස්සාවට ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි  ජීවත්වෙලා තියෙන්නෙ. මේ දෙපලගේ දරුවන් හොඳින් ඉගෙනගත් බවත් , පසුව සියලුදෙනා ඔට්ටේලියාවට සංක්‍රමණය වුනබවත් තමයි කියවෙන්නෙ.සමහරවිට අද ඔට්ටේලියාවෙ ඉන්න අපේ අයගෙ යාළුවන් අතර මේ අයගෙන් පැවත එන්නනුන් ඇති.



ඉංග්‍රිසියත්, සුදු හමත් ඇත්නම් එය අමතර වාසියක් වෙන අද කාලෙ  ගැන සලකන විට වුනත්, ඒ කාලෙ  අපේ සුද්දා ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ එසේ මෙසේ පරිත්‍යාගයක් නෙමෙයි. ඒකයි, ඔහු හැමදාම මගේ ලෝකයේ සැබෑ වීරයෙක් වෙන්නෙ. 




කතාව ඉවර කරලා මම නරිමොටා දිහා බැලුවා. නෙදකින්, මේ අසමජ්ජාති කැනහිලා ගොරෝ, ගොරෝ බුදි නෙව?



Saturday, August 2, 2014

බස්තියං



හා. ආයිබෝං කිව්වා. මං මේ, මේ පැත්තෙ ආව මකුලු දැල් ටික කඩල පොඩ්ඩක් සුද්ද බුද්ද කරල යන්න. දැන් පදිංචිය අයන්වුඩ් ගහක  නෙව. ඔහෙලට කියන්න එහෙ නෙව සෙල්ලං තියෙන්නෙ.අම්මපා, එහෙමත් පිංසාර රටක්, කිරියෙන් පැණියෙන් උතුරනව. විසේසයෙන්ම එහෙ පැණි බාන්නෙ බැරල් වලින් :)



















We left the city, the pollution, the crowd 


The air is clear here, ocean's blue, I love that sound


We're happy in this destination we found


And if you want us you can follow me


Now let's go, follow me and let's go


To the place where we belong


And leave our troubles at home


Come with me, we can go 


To a paradise of love and joy


destination unknown.





                                                               destination unknown.......නෝන්...නෝන්. ආපු එකේ ඔය මොනව හරි කොටලම යනව.මෙන්න මේකත් බලලම ඉන්නකො:








බර්ෆි, පට්ට ‍ෆිල්ම් එක . ඔව්, ඔව් ඒක් පූල් දෝ මාලි එකක් තමා. ඒත් මේක ඒ කැටගරි එකට දාන්න එපා. සරල වින්දනයක් ඕනෙ නං එහෙමයි. ඒත්  කල්පනාවෙන් බැලුවොත් ජීවිතේ ගැන ගැඹුරු තේරුමකුත් තියනවා. රන්බීර් කපූර් මාරයි. ඒ නිසාම , මම එයා ඉන්න තව ‍ෆිල්ම් හොය, හොයා බැලුව. මොන. මේකෙ කොලිටියට  කිට්‍ටුවෙන්න වත් බෑ. 



ලොකුම පුදුමෙ ප්‍රියන්කා චොප්රා. තනි ඇහැට ඇඬෙන්න  ඇක්ටින්  පාරක් දෙනවා. මේ මේකෙ ඉන්න ප්‍රියංකාමද කියල පුදුමත් හිතෙනවා.









එහෙනං අපි යන්නං ඈ... 

Sunday, June 8, 2014

පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness





http://ihatecommuting.files.wordpress.com/2008/09

/the-pusuit-of-happyness.jpg

පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.



අර මීපුර වැසියෝ එකේ හිටියෙ.



"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..

තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."



අන්න එයා.





මීයා: මොනවද බස්සෝ, උඹ මේ ලියන කතා? මෙලෝ රහක් නෑ නෙව? දැං බලාපං, එක්කෝ මෙලෝ යකෙකුට නොතේරෙන ටැක්නිකල් පෝස්ට් ලියයි, නැහ්නං, කලිං පෝස්ට් එක වගේ අවලං කතා ලියයි. ඇයි යකෝ, බවලතෙකුට ලැජ්ජාවක්  නැතුව කමෙන්ට් එකක්වත් දාන්න පුළුවනෑ? අර වීර කාන්තාවො දෙන්න නැහ්නං, සුම්මා තමා



" ඉතිං මං වෙන  මොනව ලියන්නද, මී නයිදෙ? ඔය දන්න බඩකඩෙත්තුව තමා ලිව්වෙ"



"එහෙම නෙමෙයි. ලියපංකො ඉඳල හිටල හරි සම්භාව්‍ය එකක්. ඔය පොත්පත් විචාර වගේ එව්වා"



" මඟුලක්  කියනව. ආං අරහෙ හැලපෙ එකක් ලියල, අර මැරිච්ච කේ. ජයතිලක මහත්තයත් බැනුම් අහගත්තා " සුරංගනා කතා  ලිව්වය, ගං වල ගෑණු එහෙම නැත" කියල"



" හරි එහෙම නං මෙහෙම කොරපං.කකා වගේ  දාපං ලින්ක්. ඊට පස්සෙ, කොහෙන් හරි කතාව පටන් අරං, කැරකිල වරෙන් වරායෙ කිටියට"



" ඉතිං මං වරායෙ කිටියව දන්නෙ නෑ නෙව?අනික ඔය බළල්ලු එක්ක නෑ නොවැ මයෙ වැඩි පයිරු-පාසානයක්. කොච්චෝරවත් 'ඤෑස්' කියාගත්ත ගමන්මයි'"



" ඇයි බොල, කව්ද උඹට වරායෙ කිටිය ගැන ලියන්න කිව්වෙ? ඒක හැලපෙ බලාගනී. උඹ ලියපං , උඹ දන්න දෙයක් ගැන"



" හරි එහෙනං මං ලියන්නම් consumerism ගැන. මට ලඟදි නෝනෙක් බැන්නත් එක්ක 'කුම්මැහි බස්සා' කියලා"



"හා, අන්න එහෙම හොඳා"

-----------------------------------------------------------



මෙදා සැරේ නං, පවුලේ සැමට එකට කියවිය හැකි, සම්භාව්‍ය පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගෙන ගියා ජාලෙ පැත්තෙ.  මොකටද ජාලෙ ගියේ ඇහැව්වා? ඇයි ආයිබෝං වෙන මොනවටද, කාගෙ හරි පෝස්ට් එකක් හොරා කන්ට නෙව? 



ඔන්න හම්බ උනා නියම පෝස්ට් එකක්. 



Consumerism and the Pursuit of Happiness



කතාවක් තියනව නෙව  reinventing the wheel  කියල. මේ මහත්තයා මහන්සිවෙලා මෙච්චර හරබර විදිහට මාත්තුරුකාව ගැන ලියල තියෙද්දි ආයෙ මාත් ලියන්නෙ මොන ඇන්නෑවකටෑ? ඒත් ගෙඩි පිටින් උස්සන්නත් බයයි. ඇයි දෙයියෙනේ වසවර්ති මාරයගෙනුත් බේරෙන්න එපැයි. මොනව නැතත් උන්දැව ෂේප් එකේ තියාගන්ට ඕනෙ. මොකද මං දැනටමත් කියල තියෙන්නෙ , මේ ඉන්න ආගම් කරේ තියාගෙන, මිනී මරන්න උනත් රෙඩි සර්දාවන්තයො යන්නෙ දිවියලෝකෙ නං, මට අපාය හොඳා කියල.




ඔහෙලට ඇත්තම කියන්න, මං ඒ පෝස්ට් එක කියෙව්වෙ උඩින් පල්ලෙන්. මගේ හිත ඇඳිල ගිය වාක්‍යකුයි, තව කමෙන්ට් එකකුයි විතරක්  මෙතන දාන්නං:







“I shop, therefore I am”  කියල කිව්වෙ ,  Il mondo di una povera pazza  නෝන. මාත් ශොපින් යන්න කැමතියි. වරු ගනන් රස්තියාදු වෙන්න නෙමෙයි. කලින් සේල්ස්/ ඩීල්ස් තියන එව්ව බලල, සමහර විට ඔන්ලයි ඕඩර් කරල එහෙම.







ඔන්ලයින් බඩු ගන්න එකේ. වාසි, අවාසි සහ අවදානමක් තියෙනව වුනාට එව්වා අවම කරගත්තාම , සමස්තයක් වශයෙන් වාසි වැඩියි. තව, බලං ඉඳලා, ඉඳලා , ගිහින් ලියුම් පෙට්ටිය අරින කොට පාර්සලයක් තියෙන දැක්කාම එන සතුට. හම්මේ, හරියට නිකං බාප්පව දැක්ක වගේ තමා :)





අරපරිස්සම ගැන ඇටමිදුළුවලටම කාවැදිච්ච ගැමි සංස්කෘතියක හැදී වැඩිල, දැන් පාරිභෝගික සමාජීය රටාවේ මුදුන්මල්කඩ වෙච්ච සමාජයක ජීවත්වෙන මට, අර "ආරේ ගුණ නෑරේ" වගෙ  දේවලටත් මුහුණ දෙන්න වෙනවා.



" ඈ බොල බස්සො. ‍තෝ අදත් අර පාවිච්ච් කරපු  ටූත්බ්‍රෂ් එක අරං තිබ්බා නේද? විසිකරපිය කිව්වෙ, එනව මෙතන කුණුගොඩවල් එකතු කරගන්න"



" අනේ බං, ඕක තිබ්ච්චාවෙකො. ඔය දුවිලි බැඳිච්ච සර්කිට් බෝඩ් සුද්ද කරන්න , කියාපු භාණ්ඩෙ"



උදාහරණය විදිහට , මයෙ චකබ්ලාස් වෙච්ච හාඩ් ඩිස්ක්වල බෑඩ් සෙක්ටර්ස් චෙක් කරන්න මට ඕනෙ වුනා  hard disk docking station එකක්. මෙන්න ගණන්:







හහ්, අපි අහුවෙයි ඔව්වට. ගිය සැරේ සේල් එකකින් ලාබෙට ගත්ත external hard disk  එකක් වේලි, වේලි තිබ්බා. ගැලෙව්වා මදේ. හාඩ් ඩිස්ක් එක  අරං කම්පුටරේට දාලා . ගත්තා මදේ.



වැඩේ ටිකක්  කැත වුනාට, නියම hard disk docking station එක. බළල මැටි වුනත් මොකෝ ආයිබෝං, මීයො අල්ලනව නං :)



අර උඩින් තියෙන සුදු මහත්තගෙ පෝස්ට් එකේ consumerism ගැන දිගට හරහට නෙලල තිබ්බත්, මෙන්න මේ කමෙන්ට් එක දැක්කාම , මට හිතුන , බලාගෙන ගියාම ඒකක් ඇත්ත නෙව බොලේ කියල:






Arjob




What do you call standard of living? we work our ass off, only to get sick at 40, there is no creativity, no time to think, only greed and stupid people following other stupid people.


I am 23 and I already feel so tired..there is so much running, run through college – no time to gain knowledge, just getting grades is enough, then job, again running to earn some money, then get sick, running still, then I die, having to realize, that I have wasted such an opportunity to be alive. :( :(


Poor people, we are no naive and so ignorant..




මං හිතෙන්නෙ"Poor people, we are so naive and so ignorant.." වෙන්ට ඕනෙ. ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්ටෑ :)



ඇත්තටම අපි අත්‍යාවශයම නොවෙන බඩු ගන්නෙ ඇයි? සමහර විට ආසාවට, නැත්නම් හිතේ සතුටට. ඉස්සර මගේ විනෝදාංශයක් වුනේ ඉලෙක්ට්‍රොනික්ස්. අද ඒකට වෙලාවක් නෑ. වෙලාව තිබ්බත් කම්මැලියි. කලා කියල ඇති වැඩකුත් නෑ, අළුත් එකක් ගන්න එක ඇත්තටම ලාභයි. ඒත් විසි කරන්න හිතෙන්නෙත් නෑ, හදන්නෙත් නෑ. තාමත්  ලාබෙට ටූල්ස් දැක්කොත් පටස් ගාලා ගන්නවා.



ඒකයි මං කලින් කිව්වෙ, බඩු ගන්නෙ අත්‍යාවශය නිසාම නෙමෙයි ආසාවට කියල. ඉස්සර ගන්න ආසාවෙන් හිටිය, ඒත් දැන් අවශ්‍යම නැති දෙයක් වුනත්, දැක්කාම ගැනෙනවා. මටත් හිතෙන්නෙ කමෙන්ට් එක ලියල තියෙන හාදයා හරියි කියලයි. ගන්න හිතෙනවා නං, පුළුවන්කම තියෙනවා නං, ඕන පාං බාගයක් දෙකයි පනහයි කියලා ගන්න එකයි ඇත්තෙ :)
















Wednesday, June 4, 2014

දුක නැති කිරීමේ මාර්ගය

මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා  ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ  මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.




මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.





" උගුඩු මචෝ, මේ බෑරක් යනවය?"



" ෂ්, ෂ්, කෑ ගහන්න එපා බෂ්ෂො.  මේ ඇඟේ පතේ අමාරුවට හොර පොළෙන් දෙකක් නමා ගන්න කියල යන ගමන්. උඹට ඕන්නං වරෙන් යන්න"


"හහ්, පෙනේද මූ ඒක කියන ලස්සන, හරියට සල්ලි දීලා බොන්න යනව වගේ"



" ඉතිං බෂ්ෂො ඒක නෙව , මං කිව්වෙ හොර පොළෙන්ය කියලා"



ඔය දෙණියෙ, ඕවිටට එහායින් තියෙන ලන්දෙ තියනවා නෙව කිතුල් මණ්ඩියක්. ගමේ එකාල, හොරාට ඕකෙ මදිනවා. මේ හොර තඩියා යන්නෙ, ඔය මදින කිතුල් රා මුට්ටියකට හොම්බ දාන්ට. 



" හා , හා යමන්කො. ඒක නෙමෙයි, උගුඩු මචෝ, උඹ දන්නවද දුකට හේතුව මොකක්ද කියලා?"



" ඇයි බං මං නොදන්නෙ? දුක , විතරක් නෙමෙයි, දුක නැති කිරීමේ මාර්ගයක් මං දන්නව"



" හුටා, අම්මපා  අපි උඹට සලකනව  මදි නෙව? හැබෑටමද උඹ ඔය කියන්නෙ?ඇත්ත කියපං ?"



"ඇත්ත තමා බෂ්ෂො. ආයෙ මං මොකටෑ උඹට බොරු කියන්නෙ, ආයෙ තෑගි ගන්නයෑ?"



හැබැටම මේකා රහත් වෙලා වත්ද? දැන් මේ කස්ටිය, රහත් වෙන, බුදුවෙන රේට් එකට , උගුඩුවෙක් රහත් වෙලා කිව්වත්, අපි ආයෙ නෑ කියන්නයෑ? නැහ්ද මං අහන්නෙ?



" හා, එහෙම නං කියපංකො දුකට හේතුව?"



" දුකට හේතුව පුක"



" චෑ, චෑ උගුඩුවෝ. එහෙම ග්‍රාම්‍ය විදිහට කියන්න එපා බං .කියපං පස්සා පැත්ත කියලා "



" ඒ වුනාට පුක කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි කියල තමා කකා කිව්වෙ"





" කකා දන්න ඉටි ගෙඩිය. දැං බලාපං ඕන කුණු හබ්බයක් ඉංගිරිසියෙන් කිව්වාම කොච්චර ලස්සනද? ඇයි උඹ දන්නෙ නැහ්ද, අර අකුරු හතරෙ  වචනෙ  හැම තිස්සෙම කියන ඇමරිකන් ගූගලයා, අපේ හැලපෙට දාපු සත්තම? ආයෙ කුණුහබ්බ ලිව්වොත් " ‍තෝව මකෝනව" කිව්ව නෙව?"



"හරි එහෙම නං දුකට හේතුව තමා, පස්සා පැත්ත"



" ඈ බොල , මැටි උගුඩුවෝ. කොහොමද එහෙම වෙන්නෙ?"



" හා මං කියන්නෙ බොරු නං, ඔහෙත් ඔය ඇටි කෙහෙල් ඇවරියක් , දෙකක්  කාලා බලනවකො"



ඔය උගුඩුවන්ගෙ ඇටි කෙහෙල් වලට තියන කෑදර කමත්, කෑවට පස්සෙ වෙන සැන්තෑසියත් නං මං අහල තියනවා.



ඕං ඔය ඇටි කෙහෙල් ඉදිලා සුවද එන කාලෙට,උගුඩුවත් එනවලු ගහ ලගට. හැබැයි ආවට කන්නෙ නැහැලු, කෑවොත් වෙනදේ දන්න නිසා.

කොහොම වුනත්, සුවද ඉවස ගන්න බැරිනිසා ගහදිගේ උඩට පහලට යනවලු, හොරැහින් බලබල " අපි අහුවෙයි ඕවාට" කිය කිය.පස්සෙ කියනවාලු "එකම එක ගෙඩියක් විතරක් රස බැලුවාට, මොනවා වෙනවාද කියලා".



එක ගෙඩියක් කාලා, කියනවාලු " එකක් කෑවා නං තව එකක් කෑවාට මක් වෙනවාද" කියලා.කොහොමින් කොහොමින් හරි ඔක්කොම ගෙඩි ටිකට වගකියලා තමයිලු පස්ස බලන්නෙ.ඉතුරු හරිය හිතාගන්න පුළුවනිනෙ. බඩට කොන්ක්‍රීට් දාගත්තා වගේ තමයි. පස්ස අල්ලගෙන " දුකයි, දුකා..යි, මටනං බැරියෝ. ආයෙ නං කන්නෙ නැ‍තෝ" කිය කිය දුවනවාලු.



" හරි උඹ දුක, දුකට හේතුව දන්නවයි කියමුකො. හා එහෙනං කියපං බලන්න , දුක නැති කිරීමේ මාර්ගය?"



" ඇයි බං බෂ්ෂො, දුක නැති කිරීමේ මාර්ගය තමා තැටමීම"



මූ නං එසේ මෙසේ උගුඩුවෙක් නෙමෙයි නෙව? මං  මොන පුරස්සෙ ඇහැව්වත් , මූට   තියනවා නෙව උත්තර.



" හරි උඹ ඔච්චර දන්න එකා වෙච්චි. දුක දන්නවා, දුකට හේතුවත් දන්නවා, දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා. එහෙව් එකේ මොන උලව්වකටද බොල ආයෙ , ආයේ  දුක  වළඳන්නෙ - ඒ කිව්වෙ ඇටි කෙහෙල් ගිලින්නෙ?"



" ඇයි බං, බෂ්ෂෝ, උඹ දන්නෙ නෑ නෙව  එහෙම දුකක් විඳලා  එලි බැස්සාම තියෙන සනීපයක්? කොටින්ම දුක නැත්නම් එතන කොයින්ද සැපක්?"



අම්මපා , බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. ඉන්තේරුවෙන්ම  මූ නං  අළුත් කඩේ පැත්තෙ ඉපදිච්ච උගුඩුවෙක් වෙන්ටෑ?

Sunday, June 1, 2014

මල් වඩම් අනවශ්‍යයි







http://www.hacknmod.com/wp-content

/uploads/2008/11/hard-drive.jpg

අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ  නෑ. ඔය පොඩි  කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.



W.D Caviar  (උපත- 2007 විපත- 2014)







මම නෙමෙයි මයෙ හාඩ්  ඩිස්ක් එකක්. අවුරුදු හතයි, මාස තුනයි. කම්පුටර්  වසර වලින් ගත්තාම, මේක  ගල් යුගේ  තරම් වයසක්. .මේක බූට් ඩ්‍රයිව් එක. ඒක තමා මට කෙලවිච්ච තැන.



ඉස්සර කාලයක් තිබ්බා, අවුරුද්දට තුන් හතර පාරක්වත් , හාඩ් ඩිස්ක් ෆෝමැට් කරනවා, OS රී-ඉන්ස්ටෝල කරනවා. ඒ කාලෙ , ඒකට ලෑස්තිවෙලාම යි හිටියෙ, ඔක්කොම ආවුද ආම්පන්න තිවුණා. පස්සෙ , පස්සෙ , පස්සෙ ඔය OS ස්ටේබල් වෙන්න ගත්තාම , ඒ " හොඳ" පුරුදු නිකම්ම නැති වෙලා ගියා. ආන්න එතන තමා මට වැරදුනේ.



සියලු සංස්කාරක ධර්මයෝ, නැසෙන සුළුය. 



OS ඉන්ස්ටෝල් කරන එක එච්චර අමාරු දෙයක් නූනාට වස කම්මැලි වැඩේ. එච්චර නං මඳෑ, තව අටෝරාසියක් අත්‍යාවශ්‍ය පොඩි පොඩි  කෑලිත් ඉන්ස්ටොස්ල් කරන්න එපෑය. ඉස්සර , මේ කරදරෙන් ගැලවෙන්න කරපු දෙයක් තමා , ඩ්‍රයිව් ඉමේජ් එකක් ගෙඩිය පිටින් සේව් කරගන්න එක, ඩ්‍රයිව් කිව්වට ඇත්තටම OS එක තියෙන පොඩි පාටිෂන් එක විතරයි



ඉස්සර පාවිච්චි කලේ Acronis True Image

දැන් නං එව්ව ඔනෙ නෑ, වින්ඩෝස් වලම තියනවා. ඒ නිසා ,  මේ වංගියෙ සිස්ටම් ඉමේජ් එකක් හදලාම තියා ගත්තා 



මේ වෙච්ච අකරතැබ්බෙ , පෝස්ට් එකක් කලේ, ඔහෙලගෙනුත් නොදන්න දෙයක්, උපදේශයක්  ලැබෙයි කියල හිතලයි :)



මට නං රිකවර් කරගන්න තරම් වටින  දෙයක් තිබ්බෙ නෑ. ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ  විහිලුවක් නෙමෙයි, ඇත්තටම මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්න විදිහ. (zip-lock  බෑග් එකක දාන්න ඕනෙ)





Saturday, May 24, 2014

ජනතාව අවදි කරන්නෝ





http://www.prikol.ru/wp-content/gallery/july- 2012/big-cats-58.jpg

බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)

හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව,  කාලය කියන එක එච්චරම  වටිනා සාධකයක් බව  පේන්න නෑ. බොහෝ විට ස්වයං ‍රැකියා කල  අපේ පැ‍රැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:

" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"



ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:

ඇටි කුකුළා - බුක් ගෑම

ගං කුකුළා - හැඬලීම



මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත්   , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක්  අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?



ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ  Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා,  හඳුංකූරු  සීනු ඔරලෝසුව.

http://upload.wikimedia .org/wikipedia/ commons/e/eb/ IncenseAlarmClock.JPG

මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:



මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:

http://www.japanese-i ncense.com/sb3.jpg

නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව.  මේ අනුව  කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි  අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු  යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.  



මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව. 





හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක



දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල  බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.



මං සාමාන්‍යයෙන් බුදියන්නෙ  කොටස්  දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම,  හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.



දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:



1.තඩි LED clock  එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.



2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .



සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.



දැං බලන්නකො , මේ සුද්දො අතරෙත්  ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?







අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක  නං අති සාර්ථකයි.  වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:

1. ලොකු snooze button එකක් - පලවෙනි සැරේ පටෝන් ගාල තඩි බාලා, ආයෙ ඇහැපියෝ ගන්න

2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න. 



අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි..



Tuesday, May 13, 2014

ගරිල්ලා මාකටින්





http://pepecasals.files.wordpress.com/2008/07/guerrilla-marketing

-ikea-bus-stop-new-york1.jpg

ගරිල්ලා මාකටින් කියල කියන්නෙ , සම්ප්‍රදායක නොවන , ඒත්  නිර්මාණාත්මක වගේම ආකර්ශණීය වෙළෙඳ උපක්‍රමයක්. මේ පිංතූරෙ තියෙන්නෙ IKEA  වලින් කරපු එහෙම එකක්:



මට මේක මතක් වුනේ , අපේ සමහර සහෝදර බ්ලොග් රචකයො , බ්ලොගෙ මාකට් කර ගන්න විඳින දුක දැකලා. 





තමන් අමාරුවෙන් ලිව්ව බ්ලොගෙ , මාකට් කරගන්න ඕනෙ කියන එක , මට නං අවුලක් නෑ. ඒත් ඒක නිර්මාණාශීලි ලෙස නොකලොත්, වෙන්නෙ ඇනෝලගෙන්  රෙදි ගැලවෙනකන් බැණුම් අහන්නයි.


මට හිතුනා, මේ  ගැන පොඩි රිසර්ච් පාරක දාන්ට.දැම්ම හොම්බ කකාගෙ  බ්ලොග් එකට. කකා ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙව? ගරිල්ලා මාකටින් දෙයියා -  ඉඩක් ලැබුනොත් , මේ ඔහෙලගෙ , අපේ කටෙත් ලින්ක් එකක් ඔබල යයි. මේ තියෙන්නෙ බඩු. ඔය හොයා ගත්ත එක තමා පහල එල්ලල තියෙන්නෙ "You may also like  " කියල.



දැන් ඔය සමහර ජනප්‍රිය බ්ලොග් රචකය ඉන්නවා නෙව, "ඔන්න මං ලිව්වා, ඕනෙ නං බලාපල්ලා" ස්ථාවරයෙ? ඒ අයට නං මේක අදාල නෑ. අනෙක්, අපි වගේ  සාමාන්‍ය සත්ත්වයින්ට මේක එච්චර නරක නෑ. ඒ වගේම කියවන්නන්ටත් පහසුයි  නෙව?


LinkWithin  කියන්නෙ , ඉස්සෙල්ලා  WordPress වලට හදපු විජට් එකක්. දැන්  බ්ලොගර් වලටත් සපෝට් කරනවා. 





ඒත් පොඩි කොස්සක් තියනවා.මේක කියල තියන විදිහට,පොත් විදිහට කරගෙන ගියාම, සමහර බ්ලොගර් ටෙම්ප්ලේට් වලට වැඩකරන්නෙ නෑ.  මෙන්න මෙහෙම හිරවෙනවා:







මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් තියනවා. මේ පෙන්නන දෙවනි පේජ් එකෙ, ඇඩ්‍රස් බාර් එක ක්ලික්  කරන්න. ඊතලයෙන් පෙන්නල තියන ඉලක්කම් 7 නොම්බරේ කොහේ හරි ලියල තියාගන්න. දැන්  අංක 1 යටතේ තියන "Install Widget" ක්ලික් කරන්න.









එතකොට එනවා, මෙන්න මේ පේජ් එක  . ඊතලයෙන් පෙන්නල තියන "Edit Content" එක  ක්ලික් කලාම දිගහැරෙන  කො‍ටුව  හිස්. ඕක තමයි ලෙඩේ. දැන් ඔහොමම  තියෙද්දි "Add Widget" ක්ලික් කලොත්, අර මං කලින් කියපු   error page එක තමා එන්නෙ.





මේක ගොඩ දාගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ පහල තියෙන  code එක කොපි කරගෙන  අර හිස් කො‍ටුවෙ අලවන්න. දැන් XXXXXXX කියන කොටස වෙනුවට  කලින් ලියාගත්ත නොම්බරෙන් දාන්න. නොම්බරේ අග තියෙන ; මකන්න එපා.



<script>

var linkwithin_site_id = XXXXXXX;

</script>

<script src="http://www.linkwithin.com/widget.js"></script>



<a href="http://www.linkwithin.com/"><img src="http://www.linkwithin.com/pixel.png" alt="Related Posts Plugin for WordPress, Blogger..." style="border: 0" /></a>





දැන්  Add Widget ක්ලික් කලාම , ඔබේ බ්ලොග් එකේ  Layout page එකට යාවි. දැන් තියෙන්නෙ  Save arrangement කිලික් කරලා save කරගන්න එකයි. එච්චරයි.





මාත් ඔන්න ඔහේ එකක් එල්ලගත්තා. ඔහෙලත් එල්ල ගන්ට ඈ? මොකද , මේ කියවන අපි වගේ කම්මැලි බස්සො  කැමති නෑ බ්ලොග්වල පරණ පොස්ට් අවුස්සන්න. මෙහෙම පිංතූර එක්කම තොරණෙ විස්තරේ තියේ නං, සලකලා බලඤ්ඤං :)



පුඩිම: ඉස්සෙල්ලම මේක ගොඩදාගන්න ක්‍රමේ හොයාගත්ත එකාට. Google සර්ච් කලොත් , මේ ගැන පෝස්ට් හැට හුටාමරක් එන නිසා කව්ද  කියල හරියටම දන්නෙ නෑ