Sunday, January 15, 2017

නරි නාටක


http://vignette2.wikia.nocookie.net/disney/images/0/03/Nick_and_judy_zootopia_renders.png/revision/latest?cb=20151220130400ඔහෙල දන්නව නේද , අර රජවෙච්ච නරියගෙ කතාව. අර නිල් බාල්දියෙ වැ‍ටුනෙ. හරි, ආන්න එයා තමා. මට හම්බ වුනා නෙව එයාව.



බස්සා:කොහොමද සෑර් වෙනස සැපද?



නරි: මඟුලක් කියනවා, හපොයි මාත් පැටලිච්ච පඹගාලක මහත?



බස්සා: ඇයි සෑර් , එහෙම කියන්නෙ? රජසැප නේද? අර හිටපු රජා තාමත් හූල්ලන්නෙ නිකංද? ආං දැන් කියනවා  කොහොමහරි පෙරලනවා කියලා



නරි: හෑ, හැබෑටම එයා එහෙම කිව්වද? පෙරලනවයි කිව්වෙ, ඔලුවට කලුගලක් වත්ද?



බස්සා:  ඒ කලුගල් පෙරලන කතාව කිව්වෙ නාලාගිරි නෙව. මේ කියන්නෙ අපේ හිටපු රජතුමා ගැන.



නරි:  ආ එයාද? එයා නං පෙරලන්නෙ බාල්දි වෙන්ටෑ. ඒක නෙමෙයි, උඹට කියන්න බස්සෝ, මට මේ රජකම එපාවෙලා තියෙන්නෙ.



බස්සා: හෑ, එහෙනං නිල් බාල්දියට පැන්නෙ  මොන උලව්වකටද?



නරි:  පැන්නෙ නෑ , මාව නැට්ටෙන් ඇඳගෙන ඇවිල්ලා, බාල්දියට තල්ලු කලා නෙව අර සැටලයිට් නෝන. අම්මපා මං මේ හම්බවෙනකං ඉන්නෙ, හපනව කකුලක් පත්තු බඳින්නම.




------------------------------------------------------------------------------------------

ලංකාවෙ නරි, දේශපාලනය කලාට, කපටි සූට් ඇන්දට, ලෝකෙ හැම නරියම එහෙම නෑ. ඔය නරිය හරි හුරතල් සතා.බල්ලො කියන්නෙත් ගෘහස්තකරණය කරපු නරි ජාතියක් කියල කියන්නෙ. ඔය  එන්ගලාන්ත වංශවත් සුද්දො නං, ඉස්සර එහෙ නරින්ගෙ "නරි අයිතිවාසිකං" උල්ළංඝනය කලා "ෆොක්ස් හන්ටින්" ගිහිල්ලා.ඒත් හැමෝම එහෙම නෑ:

Riot The Red Fox





නරියා, විශේෂයෙන්ම "නරිච්චි" ජපානෙ සහ කොරියාවෙ අත්භූත බලයක් ඇති සතෙක් විදිහටයි සැලකෙන්නෙ. මෙන්න මේ වගේ:






කොරියාවෙ නරිච්චියොත්  හරිම "ෆොක්සි". එහෙ ජනකතාවල ඉන්නෙ වලිග නමයේ නරිච්චියො. මෙන්න මේ කොරියන් ටෙලි නාට්ටිය මට නං නැගලම ගිය එකක්. බලන්න. කෙලින්ම සබ්ටයිටල් එක්කම යූ ටියුබ් එකේ තියනවා






https://s-media-cache-ak0.pinimg.com/564x/6d/ed/bd/6dedbdd0648230e1b24d427f072bea27.jpg
Sly fox and dumb bunny