Sunday, November 5, 2017

පාත්තයෙක්ගෙන් පාඩමක්



https://static4.depositphotos.com/1020091/365/v/950/depositphotos_3652795-stock-illustration-autumn-tree.jpg

බස්සා ලියන එක නවත්තලා , හඳවල් ගාණක් ගතවෙලා. ඒ ඩිංගට රට්‍ටු කයි-කන්දර කියන්න පටන් අරන් නෙව?



පාඨකයෙක්: මං නං කියන්නෙ , බස්සාත් එක්ක බෝට්‍ටුව ගිලිලා



යාළුව මැරෙන ඇනෝ: මයෙ යාළුවෙක් බෝට්‍ටු පදින්න ගිහිල්ලා මලා



තවත් ඇනෝවෙක්: මල සේක!?



තවත් පාඨකයෙක්:දැන් කවුරු හරි ඉන්නවද , මේකාව දැකපු?



හෝතම්බුවා: බස්සා, බස්සා කිව්වට ඕකා මොකාද කව්දැ දන්නෙ? මං කියන්නෙ බස්සා කියන්නෙ පාත්තයෙක් .මෙන්න මේකා වෙන්න බැරිද?








පොලොස් කොට්ටෝරුවෙක්: ඒක වෙන්නත් බැරි නැ. මොකක්ද පාත්ත පෝස්ට් එකකුත් ලිව්ව නෙව? මේ අපි ඉන්නව, කෝ අපි ගැන ලිව්වැයෑ?



හෝතම්බුවා: හ්ම්... ඒකත් හැබෑව. උන්දෑ කොට්ටෝරුවො ගැන ලිව්වෙ නෑ තමා. එහෙම බලන් ගියාම උන්දෑ හෝතම්බුවො ගැන ලිව්වෙත් නෑ නෙව?






http://www.onegentleman.biz/Stories/images%20stories/Having%20Sons%20Pics/Boy-checking-out-Girl-Parts.jpg

පොලොස් කොට්ටෝරුවා:  හැබෑ නේන්නම් . ඒත් මට මතකයි , කුකුලෙක් ගැන නම් ලියලා තිබුණා. මේ මොකක්ද" කුකුලෙක් පණහයි" වගේ කුකුල් බිස්නස් එකක් ගැන. ඕකා කුකුලෙක් වෙන්න බැරිද? 



හෝතම්බුවා:ඒ කතාවෙ හැටියට නං මූ, පොඩිකාලෙ ඉඳලම  රජ කුකුලෙක් නෙව?




පාඩම: කෙටිල්ල මාරාන්තික විය හැක. බ්ලොග් වලටද "එක්ස්ෆයරි ඩේට්" ඇත.ලිවිල්ල අඤ්ඤකොරොස් වීගෙන එන විට, ආ‍ඳෙකු සේ ලිස්සා යෑම සරීර සවුක්කියට ගුණ වග කාක්කොත් දන්නා දෙයකි.


බ්ලොග් කල් ඉකුත් වීමට හේතු:

1. බස්සන් බෝට්‍ටු පදින්නට යෑම

2. නාරායන් සොයා යෑම

3. පහේ පන්තියට සමත් වීම

4. අවුල් වන්නට පෙර owl වීම

5. පූසන් ටොයිලට් භාවිතා කිරීම

6. කැවුම් මඩුව ගිණි ගැනීම