Wednesday, February 26, 2014

රොමාගෙ වාසනාව සහ බස්සාගේ අවාසනාව

බස්සා  කුඩා කල පොත් කියවීමට රුසියෙක් විය. අතට අසුවු ඕනෑම පොතක් , පත්තරයක් පමණක් නොව, කඩල ගොට්ටක් වුවද උගෙන් බේරුනේ නැත. මේ පොත් කියවීමේ පිස්සුව කොතරම්   තදේට තිබුනාද කීවොත්, කවදා හරි ඌට පුස්තකාලාධිපති කෙනෙක් වීමට ඕනෑ විය. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුය යන සිද්ධාන්තය නිසා හෝ පුස්තකාල වලට බස්සන් එපා වීම නිසා හෝ බස්සා  පුස්තකාලාධිපති කෙනෙක් වූයේ නම් නැත.






කුඩා කල ඉතා ආසාවෙන් කියවු කතා අතර  'යකාගෙ ලියුම' නම් වූ කෙටි කතාවත්, ඊ.ආර් එරත්න නම් මහතකු විසින් ලියන ලද ' රොමාගෙ වාසනාව ' නම් පොතකුත් විය.




"රොමාගෙ වාසනාව" සම්පූර්ණ පොතම කියවීමේ වාසනාව නොලැබුනත් ,කියවීමට ලැබුනු පරිච්චේද කීපය අද දක්වා මතකයේ තිබීමම, මේ පොතට  ඇති බකුසු කැමැත්ත  කියාපායි. "රොමාගෙ වාසනාව" පරිවර්තනයක් නොවේ. එය අනුවර්තනයක් හෝ  ඡායානුවර්තනයක් විය යුතුය. මේ පොත වැටෙන්නේ කොයි  කැටගරියටද කියා බස්සා හරියටම නොදන්නේ, ඔය බර වචන දෙකේ  තේරුම වෙන් වසයෙන් නොදන්නා නිසාය. ඔරිමජිනල් කතාව වන අපේ 'චාර්ලිස්' උන්නැහේගේ 'ග්‍රේට් ඇක්ස්පැක්ටේසන්' නම් පොත අනුසාරයෙන්  අපේ හාදයා , එන්ගලා....න්තයේ 'ඇට' කොලුවාව 'රොමා' නමින් බෞතීස්ම කර ඇත. කරෝලිස් අයියාගේ හොඳි බෙදිල්ල, චාර්ලට් අක්කාගේ 'එඬරු තෙල් වඩිය පෙවිල්ල සහ කබ්රාල් මාමා හැලි අරක්කු බිව්ව  විගස රොමා දෙන හුරේ රන් එක , අදටත් මතක් කරමින්  සිනා විය හැක. අවසාන වසයෙන් කිව යුත්තේ, අනුන්ගෙන් ආභාෂයක් ගත්තද, අපේ හාදයා නියම ගේමක් දී ඇතැයි කියාය.






රොමා කියන්නෙ අනාත කොලු පැටියෙක්. ඌව 'අතේ වැරෙන්' හදා ගන්නෙ , චාලට් අක්කා. චාලට් අක්කා කට සැර අම්මණ්ඩි. රොමාත්, රොමාගෙ හොඳම මිතුරා වන මස්සිනා -ගමේ කම්මල් කාරයා වෙන කරෝලිස් අයියත් ඉන්නෙ චාලට් අක්කගෙ ආධිපත්‍යය යටතෙ. දවසක් දෙමව්පියන්නෙ සොහොන් කොත් බලන්න කනත්තට ගිය රොමාට හම්බවෙනවා, හිරෙන් පැනපු භයානක මිනිහෙක්. කන්න දෙයකුයි, කම්මලෙන් පීරකුයි ගේන පොරොන්දුව පිට, රොමා බේරිල එන්නෙ, එයාගෙ කැවුත්ත උගසට තියලා( කැවුත්ත යනු කුණුහරුපයක් නොවේ).



කතාව එතැන් සිට(කතාව කියන්නෙ රොමා):

( මතකයෙන් ලියන බැවින්, වරදට සමාව දෙන්ට, ඈ )



සුපුරුදු පරිදි, එදත් හැන්දෑවේ කරෝලිස් අයියාත්, මමත් මූණට , මූණ බලාගෙන , නිහඬ බාසාවෙන් කතා කරමින් සිටියෙමු. චාලට් අක්කා විසින් හවස තේ පානය සඳහා පුච්චන ලද රොටිය , මැදින් ඉරක් ඈඳ, දෙකට වෙන් වී, එක කොටහක් කරෝලිස් අයියාගෙ ඔඩොක්කුවටත් වැටිනි. අනෙක් කොටහා , මගේ මූණේ වැදී පාත් විය. 



හැම දේටම මාගේ හවුල් කාරයා වුයේ මගේ මස්සිනාය. අපි එකට බැනුම් ඇසුවෙමු, ගුටි කෑවෙමු.  ඒසේම සවස රොටි කෑමේදීත්, අප අතර  අපූරු චාලිත්තරයක් විය. කරෝලිස් අයියා රොටි කෑල්ලක් කඩා ගෙන  ගිල දමා, ඉතිරි කොටස මට පෙනෙන ලෙස, මා දෙසට දිගු කරන්නේ' මේ මෙච්චරයි ඉතුරු" කියන්නා සේය. මමද එයම කොට, මගේ ඉතුරුව ඔහු දෙසට දික් කරමි. රොටිය අවසන් වන තෙක් මේ සෙල්ලම දිගටම සිදු වේ.



නමුත් එදා හවස නං මේ සෙල්ලම සිදු වූයේ නැත්තේ, රොටි කෑල්ලට වඩා මගේ කැවුත්ත වටිනා නිසාය. කනත්තේ ඉන්නා අර කැවුතු කන පෝරිසාදයා මතක් වන විට  මගේ කැවුත්ත 'ටිං,ටිං' ගෑව බව මට හොඳටම විස්වාසය. කරෝලිස් අයියා අහක බලන තෙක් මා කුරුමානම් ඇල්ලුවේ , රොටි කෑල්ල යටිමඩි ගසා ගැනීමටය.



නමුත් ඒ කාරිය හිතන තරම් පහසු වූයේ. නැත.  දැනටමත් කරෝලිස් අයියා කීපවිටක්ම උන්දෑගේ  රොටි කෑල්ල  මා දෙසට දිගු කොට, පුදුමයෙන් දෑස් දල්වා ගෙන මදෙස බලා සිටියේය. මමද උන්දෑගේ වේගයෙන් කුඩා වන රොටි කෑල්ල දෙස බලා සිටියේ , යම් තරමක පසු  තැවිල්ලක් ඇතිවය. අවසන මා බලාපොරොත්තු වූ අවස්තාව උදා විය, මම රොටි කෑල්ල යටිමඩි ගසා ගෙන , කිසිවක් සිදු නූනා සෙ සිටියෙමි.



මගේ රොටි කෑල්ල, එකවර අතුරුදහන් වූ බව දු‍ටු කරෝලිස් අයියා, කන්නට ගත් රොටි කෑල්ල කටේ තිබිද්දීම කටත් ඇරගෙන පුදුමයෙන් මදෙස බලා සිටියේය. මෙතන මොකක් නමුත් හොරයක් වෙනබව චාලට් අක්කාගේ උකුසු ඇස් වලට  අසුවිය.

' ඇයි, මොකද ? මොකද වුනේ"



චාලට් අක්කාගේ ප්‍රශ්ණය නොසලකා හැරිය කරෝලිස් අයියා  ' කොලුවෝ ඔය සෙල්ලම නං හොඳ වැඩක් නෙමෙයි. කාපු කෑම වමාරන එක හොඳ චාලිත්තරයක් නෙමෙයි තමා, ,ඒත් මනුස්ස පරාණෙ ඊට වඩා වටිනව නෙව.  පොඩ්ඩක් කැහැපං බලන්න, බාගදා එලියට එයි' කීවේය.



මා දෙසත්, කරෝලිස් අයියා දෙසත් මාරුවෙන් , මාරුවට බැලූ චාලට් අක්කා,  එකවර කරෝලිස් අයියාගේ කන් කෙටියෙන් අල්ලා ඇඹරුවේ ' හා, දැං කිව්ව නං මෙතන වෙච්ච දේ' කියමිනි.



දෑස් දල්වා , මා දෙස අසරණ බැල්මක් හෙලූ කරෝලිස් අයියා ' උඹ දැන්නවනේ,  මං උඹට විරුද්දව දෙයක් කියන එකෙක් නොවන බව. ඒත් ගොයියෝ, මාත් හිච්චි සංදියේ, නොකරපු දෙයක් නෑ. ඒත්  මෙහෙම රොටි බැස්සිල්ලක් නං මං මයෙ අම්ම-මුත්තා කාලෙවත් අහල නෑ' කිව්වේය. 



'මොනවා, මූ රොටිය එක සැරේ ගිල්ලාද? වර, වර  යන්න ' කියූ චාලට් අක්කා, මාවත් ඇදගෙන කෙලින්ම ගියේ  කුස්සියේ බෝතල් රාක්කය අසලටය. චාලට් අක්කා, ගමේ ගොඩේ, ගොඩ වෙදකං වලට ප්‍රසිද්ධය. වෙඬරු තෙල් උන්දෑගේ කෝකටත් තෛලය විය. බලෙන්ම මේ අමුර්තයෙන් බෝතල් බාගයක් මට ගිලින්නට සිදුවූ අතර, මගේ හවුල්කාරයා වූ කරෝලිස් අයියාට ඉතුරු පංගුව ලැබුණි.



මේ කතාවේ ඔරිමජිනල් එක වෙන චාර්ලිස් ගොයියා ගේ 'Great Expectations' කියවා රසවිඳ ඇතත්, මා කුඩා කල කියවු රොමාගෙ වාසනාවෙන් මා ලැබූ චමත්කාරය නම් නොලැබුනු බව කිව යුතුමය. 









අන්තර්ජාලයෙන් 'රොමාගෙ වාසනාව' සෙවීමේ මාගේ ව්‍යායාමය, ලත්තැනම ලොප් වූයේ , බින්දිගේ පොස්‍ටුවක  අපේ බුරම්පියා  දැමූ  කොමෙන්‍ටුවකිනි:








http://4.bp.blogspot.com/ -OyxfBKPeDlI/Tvw_SRKXf2I/ AAAAAAAAC-I/r29OZzZB0aw/s400 /Pip+and+Magwitch+on+marshes.jpg


"රොමාගේ වාසනාව නං පුතේ උඹට මෙලෝ සංසාරෙකින් හොයාගන්ට පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ.. අපේ ගෙදර නං එකක් තියෙනවා, ඉල්ලන්ට එපා, දෙන්නෙ නං නෑ.. ඒවා වටින වස්තු.. :)"



විශ්ව සාහිත්‍යය ලියා තිබෙන්නේ ඉංගිලිසියෙන් යැයි  කව්දෝ කියා ඇත. එසේම සම්භාවය කෘති, ව්‍යාපාරයක් නොව, පොදු දේපලක් විය යුතුයැයි සුද්දා විස්වාස කරයි.Project Gutenberg වැනි නොමිලේ eBook දෙන අඩවි පිහි‍ටුවා ඇත්තේ ඒ නිසා විය යුතු වුවත්, අපේ හිංගල සම්භාවය කෘති සම්බන්ධයෙන් අපට ඒ වාසනාව තවම උදාවී නැත.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, February 23, 2014

අපේක්ෂාව සහ යතාර්ථය


ආං අරහෙ කස්ටිය ගජරාමෙට සිත්තර අදිනවා. කකා  කාක්කො ක්ලෝන් කරනවා. බින්දිත් හි‍ටු කියලා 'සපා,සපා' කියකිය අඳිනවා.



ඔය අව්වස්සෙ, Pra Jay පොඩි බිස්නස් එකකුත් කරන හදනවා - කකාට ඇඳක් විකුණන්න. ඒකට නං කකා , 'තියෙන ඇඳ  හොඳා' කිව්වා. මේ වැඩේ නං ඉන්තේරුවෙන්ම වැරදියි.  ඒ අහිංසකයා දන්න හිංගලෙන් " ඇඳ ගන්නවද' කියල ඇහුවම, 'ඇඳ එපා' කියනවා.  හොඳ වෙලාවට 'ඇද ගන්නවද' කියල නෑහුවෙ, මුං කියයි ' ඇද ගත්ත නං, දැං නාගනින්' කියලා



ඇයි යකඩෝ, අපිට ඉතරක් මොකෝ සිත්තර අකැප?  මෙව්ව දැකල මාත් ඇන්ඳා  සිත්තරයක්. හොඳ සිත්තරෙක් වෙන්න නං , අනිත් අය ඇඳපු එව්වා වලින් ආදර්ශ්යක් ගන්න එපෑ?  ඉස්සෙල්ලාම  බාගත්තා  එහෙම එව්වා දෙකතුනක්




ඇයි මීට කලින් පාත්තයෙක් දැකල නැත්ද?

http://img.xcitefun.net/users/2009/04/44072,xcitefun-26923746.jpg














සින්ඩරෙල්ලා

http://content.foto.mail.ru/mail/uterm/9702/h-9705.jpg

මෙන්න මං ඇඳපු එක. හොඳද, ඈ?










අපේක්ෂාව සහ යතාර්ථය




http://www.paulcheksblog.com/wp-content/uploads

/2011/06/cat-sees-lion-mirror.jpg


මං ආසම තෙල් සායම් චිත්‍ර වලට. ඒත් ඉතිං කැන්වස්, තෙල් සායම් ඇත්තටම සල්ලි දීලා ගන්න අපට පුළුවනෑ? 



එක එක ඇප්ස් ට්‍රයි කරලා බැලුවට, ඇත්තටම  චිත්‍ර අඳිනව වගේ නෑ. පාට මිශ්‍ර කරන්න බෑ. ඒත් වෙන , වෙන වාසි තියනවා. වියදමක් නැති එක, අන්-ඩූ කරන්න හැකියාව වගේ.



මට හිතෙන්නෙ ටිකක් හරි දන්න ෆොටෝශොප් තමා හොඳම ඇප් එක. එක එක ජාතියෙ බ්‍රෂ් ටිකක් නං ඕනෙ, එව්ව නං ඕනෙ තරම් ඉන්ටනෙට් එකේ තියනවා.  ෆොටෝශොප්වල තියෙන් ඔක්කොම පහසුකම් පාවිච්චි කරනවා නං,  ඇත්ත තෙල් සායම් පින්සලට සෑහෙන්න කිට්‍ටුවට යන්න ඇහැකියි කියල හිතෙනවා.



අපේ බ්ලොග් ලියන්නන් අතර හොඳට අඳින්න හැකියාව තියන අය ඉන්නවා. ඒත්  නොයක් හේතු නිසා ඒ අය දැන් අඳින්නෙ නෑ. දුක තමා රංජනී, ඒත් මොකෑ කරන්නෙ, ඒක එයාලගෙ කැමැත්ත නෙව. මේ බැරි මරගාතෙ මෙහෙම හරි ඇන්ඳෙ අලුතෙන් කාව හරි උනන්දු කලෑකිද කියල බලන්නයි :).





ප .ලි:

මෙන්න මේකත් බලන්න. පටන් ගන්න Autodesk Sketchbook

 හොඳ  ඇප් එකක්










Wednesday, February 12, 2014

Blog to e-book




මම කාලෙක හිටං හොය හොය හිටිය දෙයක්, තමයි කොහොමද  මුලු බ්ලොග් එකම  පොතකට හරවන්නෙ කියලා. සෑහෙන ඇප්ස් අත්හදා බැලුව, හරියට හිතට  ඇල්ලුවෙ නෑ. එක්කෝ පොස්ට්  වටේ තියන ආරළු-බුරුළු ඔක්කොම එනවා, නැත්නම් සිංහල ෆොන්ට් පෙන්නන්නෙ නෑ.  



ඔන්න අද හරියට හරියන එකක් හම්බ වුනා.

http://www.bloxp.com/



මෙන්න හදපු පොත











මෙන්න සයිට් එක 











ඕන කරන අඩුම කුඩුම:



1.තමන්ට අවශ්‍ය සයිට් RSS feed URL

බ්ලොගර් සඳහා : http://blogname.blogspot.com/feeds/posts/default?alt=rss



2. ඉවසීම



 මට බොහෝ විට  මඟෑරෙන දෙයක් තමා, හොඳ බ්ලොග්වල කලින් ලියපු ලිපි. අලුත්ම එක කියවනව , එච්චරයි. හාරගෙන, හාරගෙන ගියොත් ඔව්ව අතරෙ වැලලිච්ච මොන, මොන නිල් කැට, පුස්පරාග තියනවද කව්ද දන්නෙ? 



මුලු සයිට් එකම එපා නං , අවශ්‍ය පොස්ට් විතරක් ‍තෝරගන්නත් පුළුවනි. පටන් ගන්න ඉස්සෙල්ලා "table of contents"  එකකුත් දාන්න කියල ක්ලික් කරන්න අමතක කරන්න එපා



මං යනව හැලප ගිලින්ට, දැන් බැරියෑ හැලප වට්ටිය පිටින්ම උස්සන් එන්න :)






Tuesday, February 11, 2014

බම්බුම තමයි











http://i.dailymail.co.uk/i/pix/2012/03/12/article-2

113801-1221262D000005DC-261_634x437.jpg

ගසුයි , බස්සොයි අතර තියෙන්නෙ කකායි, මීයොයි ගහයි, පොත්තයි, අතර තියෙනවා වගේ කිට්‍ටු සම්බන්ධයක්. ඉස්සර බස්සො හිටියෙ ගස්බෙන වල. දැං ඉන්නෙ මෙන්න මෙහෙම:



පේනවනෙ වෙලා තියන සැන්තෑසිය. "typical industrial animal in a concrete jungle" 





කාලීන අවශ්‍යතාවය අනුව, එහෙම උනාට , බස්සට ගස් බෙන, කන්ද, ලන්ද, හැලප, ලැවරිය එහෙම අමතක වෙලා නෑ.






මං මේ කියන්නෙ ගම හොඳයි, නගරෙ හොඳ නෑ කියල නෙමෙයි. මේ දෙක සංසන්දනය කරන්න බැරි දෙකක්. දෙකටම ආවේනික වෙච්ච හොඳ  සහ නරක තියෙනවා. " ගම කනවා" කියල  කියන්නෙ , කන තරමක් කන්නෙ ගමම නිසා වෙන්න ඇති. එහෙම කිව්වට, ගමත් වෙනස් වෙන එක නවත්වන්න බෑ.නගරෙ ඉන්න අපි ගම වෙනස් වෙනවට කැමති නෑ. ඇයි, එතකොට අපි පුළුවනි නෙව, නගරේ තියන පහසුකම් විඳින අතරම ගමට නිවාඩුවට ගිහින් ගම කන්න :)









http://lankapura.com/wp-content/

uploads/cotta-road-c1915-Plate-434x273.jpg


මේ,බො‍රැල්ල -එකදාස් නවසිය බර ගණන්වල කොළඹ . කොළඹ වෙනස්වුනා වගේ ගමත් කාලීනව වෙනස් වේවි. , නගරෙ තියෙන් පහසුකම් ගමට යෑමත් සමඟම. එහෙම නං  ගම කන්නෙ නැතුව, ගම ‍රැකගන්නෙ කොහොමද? මට හිතෙන්නෙ,  මේකට උත්තරේ තියෙන්නෙ පරිසරය  සු‍රැකීමේ කියලයි. 






http://greenvillagebali.com/wp-content/uploads

/2011/06/Green-Village_Villa-2-2-650x432.jpg


වෙන මොකක්ද බලන්න යනකොට තමයි මේක දැක්කෙ. ඇඩ් එකක් උනාට , මේක ඩොකියුමෙන්ට්‍රි එකක්  වගේ  කියල මට හිතුනා




https://a1.muscache.com/

pictures/24014329/large.jpg



මිනිසුන්ගේ දිනෙන් දින වැඩි වෙන පාරිභෝගිකත්වය හමුවේ වියැකෙන අපේ සීමිත සම්පත් ගැන අසුබ පුවත් නිතරම ඇහෙන මේ කාලෙ, තාක්ෂණය අමුතුම ආකාරයකට යොදා ගැනීම ගැන මට ඇති වුනේ සතුටක්. බට නැත්නම් උණ කියන්නෙ තෘණ වර්ගයක්, පට ගාලා වැවෙනවා. බලන්නකො ලීයට  එලිය වැ‍ටුනාම තියන ලස්සන.
























Sunday, February 9, 2014

මගේ නොවන මගේම අහවල් එක







www.thesaleslion.com/wp-content/uploads

/2013/02/blogging-employees1.jpg

අපි දැං මේ  තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොට, කොට  දුකසේ බ්ලොග් ලියනව නේද? එතකොට ඔහෙලා හිතන්නෙ මේව්ව අපේ කියලද?


බ්ලොගේ අපේ කියල කිව්වට , මේක අපේ නොවන අපේම දෙයක්. මොකද මේකෙ අයිතිය තියෙන්නෙ ගුගල්ට, තියෙන්නෙ එයැයිගෙ  ඉඩමෙ. මේ තිත්ත ඇත්ත මට මතක් කලේ ගුගල්ම තමා. අද උදේ බ්ලොගෙට ගොඩ වෙන්න ගිය මාව, මේකා කණෙන් තට්ටකින්  අල්ලලාම එලියට දැම්ම නෙව, මෙන්න මෙහෙම:














දැං මේකා කියන්නෙත් නෑ, මං වයලේට් කොලේ උගේ අහවල් එකද කියලා,  ඉතිං මොකේදෑ දං වළඳන්නෙ?






අපි වගේ  හුදී ජනයාට මේ වගේ අකරතැබ්බයක් වුනාම , අනිත් අය කරනදේ මාත් කොලා - අහල බැලුව දන්න අයගෙන්. ඔන්න එකෙක් කියාපි, ඕක ජාවා ඉස්කිරිප්ට් ලෙඩක් කියලා. තව එකෙක් කිව්වා  මැල්වෙයාය, හොර සයිට් එකකට ලින්ක් එකක් ඇතිය, අරකය මේකය , ඔය වගේ ආරළු-බුරුළු තොගයක්. මං ඉතිං ඔය දන්න කියන ගැජට්-බැජට්, ජාවා ඉස්කිරිප්ට් තියන එව්වා අයින් කරලා බැලුවා . ම්හු.. මේකා කියන්නෙම  කලින් කියපු සිංදුවමයි.





මෙන්න බකුසු මැතඩ් එක. (බාගදා, මේක මට කලින් තව කවුරු හරි හොයාගෙනත් ඇති )





1. ඉස්සෙල්ලාම ගත්තා බැකප් එකක්. ටෙම්ප්ලේට් එක නෙමෙයි බ්ලොග් එකේ - XML  එක





2. කලින්  වේලි, වේලි තිබ්බ wordpress බ්ලොග් එකකට  ඔක්කොම පෝස්ට් ටික export  කලා - මේ අමතර පියවරක්. ඒත් වෙච්ච සැන්තෑසිය අනුව බොලොගර්ව  මට සතේකට සුවර් නැත :)





3. බ්ලොග් එකට ලොග් වෙලා, හැදුව   තව අලුත් බ්ලොග් එකක්. ඒකට import කලා කලින් එකේ පොස්ට් ඔක්කෝම.





4. වැදගත්ම කොටස : කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක. 


කලින් බ්ලොග් එකේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් වෙනස් කලා, අගට '1" දාලා, දැන්  අලුත් එකට , පරණ එකේ ඇඩ්‍රස් එක කොපි කලා.





දැන් අලුත් එකයි , පරණ එකයි දෙකම තියනවා. පරණ ඇඩ්‍රස් එකට පෙන්නන්නෙ අලුතෙන් හදපු එක නිසා, ඒක බ්ලොක් වෙලා නෑ. පරණ එක බැකප් එකක් විදිහට තියනවා. මට ඇඩ්මින් විදිහට ලොග් වෙන්න ඇහැකි නිසා අවුලක් නෑ. දැං ඉතිං හිමීට , අනික්  ගැජට්-බෑජට් පරණ එකෙන් අලුත් එකට ගෙනෙමින් පවතිනවා .





උන්නු හැටියට මලා මදැයි, කිව්වලු :)




ප.ලි: 


දැං හරි, අවුල ජාවා ස්ක්‍රිප්ට් තමා. තිබ්බෙ  පේජ් වල දාපු එකක.

අවවාදය : නිකං දෙන  බඩුවල හිල් තිබිය හැක



අනුග්‍රහය - බුරා :)








Sunday, February 2, 2014

‍ටු මී or නොට් ‍ටු මී





ජර්මන් නාගසලං වාදකයෙක්

සුපුරුදු පරිදි මං ගියා නෙව හැලප ගිලින්න. කොහෙද? කීප පොලකම " කමෙන්ට් මොඩරේෂන්" දාලා, ආයෙත් මේ ඇනෝ මි කරදරේ.



ඔය මීය ඉන්නව නේද ආයිබෝං, ඇතුවත් බැරි, නැතුවත් බැරි සතා. මට ඔය කතාව කිව්වෙ රා මුට්ටියකට වැටිච්ච හික් මීයෙක්.





හික් මීයා: "බලාපං බෂ්ෂො. අපේ මි මුත්තෙක් කියල තියෙනවා, අද මැරුනත් හිතට සැපයි හෙට ජොලි කරලා කියලා. මං රා මුට්ටියට පැන්නෙ හිතේ අමාරුවට ගිලිල මැරෙන්නමයි. අපිට හරියට කෙනහිලි කරනව, අපි එනවට සමහර බ්ලොග්  සම්බාධක දාල නෙව. ආන්න අපේ අං දිග ගෝණා තුමා විතරයි, අපෙන් වෙන සේවය අගේ කරන්නෙ.  එතුමයි අපියි හරියට " ගහයි පොත්තයි" වගේ නොවැ. හික්.."මීයා නාහෙන් අඬන්න තිබා ගත්තා.





" ඒක නං මටත් පේනවා . එතුමා සමහර වෙලාවට " බීරි අලියා" වගේ නොදැක්කා සේ ඉන්නෙ ඒක නිසා කියලා"




" එක්ස්කියුස් මී" මීයාට කේන්ති ගියා.





" නෑ , මං මේ කිව්වෙ  එයා දන්නව නෙව  " මී මැනේජ්මන්ට්." ඒකයි"









උගත් මීයෙක්

"ආන්න ඔහේට තේරුනා. එතුමා දැණ උගතා නෙව. අපි එහේ පිනුං ගැහැව්වත්, කවදාවත් අපිට බනින්නෙ නෑ .ඕනෙවට වැඩිය නැ‍ටුවොත්, පොඩි  තර්ජනයක් දානවා, එච්චරයි, ඔක්කොම මීයො සරෙන්ඩර් "






" ඒ වුනාට , ඔය සමහර මීයො මහ කුජීත වැඩ කරනව නෙව. මං දැකලා තියනව සමහර තැන් වනසලා තියනවා"





" ඇත්ත. ඔය මීයො කිව්වාම නානා ප්‍රකාරයි නෙව. හික් මීයා, බ‍ටු මීයා, කොස් ඇට මීයා, ඌරු මීයා , තව ඉන්නවා .ඔය එකෙක්, දෙන්නෙක් එහෙම කලාට අපි හැමෝම එහෙම නෑ. අනික මං ඔහේට කාරණාවක් කියන්නද? පල ඇති රුකට නෙව වව්ලො එන්නෙ. ඒවගේ ජනප්‍රිය තැන් වලට ගියාට , අපි මේ වගේ  වේලෙන බ්ලොග් ක‍ටු වලට කවදාවත් එනවද? නෑනෙ, පාර්ට් ඇන්ඩ් පාර්සල් ඔෆ් දි පැකේජ්, යූ නෝ?" මීයා ඉංගිලිස් කෑල්ලක් දැම්මා. මූ සිරි ලංකා මීයෙක්, උන් ආසයි ඔය බරපතල ඉංගිලිසි කෑලි ඔබල කතා කරන්න.



" යෙස්, යෙස්, අයි නෝ හූනෝ බකමූනෝ" මාත් ඇරියෙ නෑ, හහ්, මං මොකටෑ මීයොකුට නෝන්ඩි වෙන්න?



මියා නිකං කරකවල අත් හැරියා වගේ මයෙ දිහා බලල " බීට්ස් මී" කියල කේන්තියෙන් කිව්වා.



" ඇනෝ මී අයිතිය කියන්නෙ අපි ‍රැකගන්න ඕනෙ දෙයක් . ඔහෙට අපේ සාඩම්බර ' මී පුරාණය' දැණගන්න ඕනෙ නං මං දන්නව ඒකට හරි යන කෙනෙක්"." ෆලෝ මී" කියල කියපු මීයා, අහල, පහල ගල්, මුල් වල වැදෙමින් දෙපැත්ත වැනි, වැනි  මාව එක්කන් ගියා  තව මීයෙක් වෙතට. 





" ඔන්න බෂ්ෂො, මේ ඉන්නෙ අපේ ගුරුන්නාන්සෙ. එතුමා පොත් හත අටක් ලියලා තියන උගතා. ඔය දැනුත් ලියන්නෙ, මං හිතන්නෙ හිංගල නවකතාවක්"



උපැස් යුවලක් පැළඳි උගත් පෙණුමක් ඇති මීයෙක් " තුහ්, තුහ්, දැන් කාලෙ පොත් මෙලෝ රහක් නෑ, හප්පා ඒ වගේද ඉස්සර කාලෙ පොත්. සුවඳ දැනුනත් කටට කෙල උනනවා" කියමින් පොතක් ලියනු පෙනේ.






මා දු‍ටු විගස, ලිය ලියා හිටි පොතත් පැත්තකට විසි කරගෙන දුවන්න ලෑස්ති වුනු ගුරුන්නාන්සෙ මීයා නැවැත්වු කොස් ඇට මීයා 


" හා, හා. බයවෙන්න එපා ගුරුන්නාසෙ. මෙයා වැජිටේරියන් බෂ්ෂෙක්" කිව්වා.





ටිකක්  හති ඇරිය ගුරුන්නාසෙ මීයා, පැත්තකට විසි වෙච්ච කණ්නාඩි කුට්ටම පැළඳගත්තා .






"ගුරුන්නාන්සෙ. මේ අපේ බෂ්ෂට කියල දෙන්නකො අපේ වංස පුරාණෙ ගැන"






" හා , ඔහෙට කියන්න. අපි මීයො කියන්නෙ දෙස් විදෙස් වල පවා පතල ජාතියක්. කොටින්ම අපි ගැන ජනකතා පවා තියනවා. දැන් බලාන්ට, ඔහේ අහල තියනවද " පයිඩ් පයිපර් ඔෆ් හැම්ලින්" කියන ජර්මන් ජනකතාව?. . ඔය ජනකතාවෙ ප්‍රධාන චරිතෙ කව්ද? මීයො නෙව?"  ගුරුන්නාන්සෙ මීයා උපැස් යුවල යටින් බලල කීවා





"අප්පට සිරි ගජ, ගුරුන්නාන්සෙත් දන්න දේවල් "









http://studdblog.blogspot.ca/2012/02/lost-children-of-hamelin.html

"ඔහෙට කියන්න බස්සො. මධ්‍යම යුගයේ වුනාය කියන ඔය කතාව,  නිකම්ම ජනකතාවක් නෙමෙයි. හැම්ලින් කියල ජර්මන් නගරයක් ඇත්තටම අදටත් තියනවා.කතාව සම්පූර්ණයෙන් ගෙතිල තියෙන්නෙ මීයො වටා. පුහ්, බලන්න එපැයි, ඒ ජර්මන් මීයන්ගෙ වැඩ. කොටින්ම ජර්මන් බල්ලො, බලල්ලුන්ට දුවන්නම දීල තියෙනව. කොටින්ම එහෙ දේවස්ථානයක , ඔය සිද්ධිය ගැන කරපු  පිංතූරෙකුත් තියනවා.





" මේ ගුරුන්නාන්සෙ, බැරිද ඒ කතාව අපට කියල දෙන්න"






" මොකෑ බැරි, එහෙනං ඔය ඉඩ ඇති තැනක් බලල, ඈඳි ගන්නවකො"






මායි, හික් මීයයි හරි බැරි ගැහිලා වාඩි වුනා. 












http://upload.wikimedia.org/wikipedia/commons/f/f5/Hameln1.jpg



කතාව කුට්ටි කරන නිසා ඒකට හිලව්වට,  මෙන්න මීයොන්ට  කුරුල්ලන්ගෙන් පාඩමක්....















ප.ලි: මට කම්මැලියි අප්පා. සෙස්ස පස්සට ......... :)

කතාවේ සමහර කොටස් අනුන්ගෙන් උස්සා ඇත :)

කතෘ අනාතයි