Friday, June 16, 2023

රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්









පි නොදන්න
Accent
 





ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්"
එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ.
ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය
ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ
භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( 
Dialect)
තිබෙන බවත් අසා තිබෙනවා.



















සුද්දන්ටත් උන්ගේම ඉංග්‍රීසි තේරුන්ගන්න ඔච්චර අමාරු නං, අපි ඒ ගැන එච්චර
හිතන්නෙ ඕනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අනික සල්ලි දැක්කාම සුද්දගෙ ඉංග්‍රීසි
වුනත් නැමෙනවාලු.








ඔය අරාබියො, ඉංග්‍රීසී නම්-ගම් කියවන කොට තමයි ලස්සන.ඔන්න. මම මැද පෙරදිග
රස්සාව කරද්දි, දවසක් මොකක්ද ටෙනිස් ගේම් එකක් බලනවා. කමෙන්ට්‍රිය දෙන අරාබියා
"බරබරා, බරබරා" කියනවා. බැලින්නං ඒ කියල තියෙන්නෙ "බාබරා" කියන එකයි. ඒත්
පිටරටවල ඉගෙන ගත්ත, අරාබියො හොඳින් ඉංග්‍රීසි උච්චාරණය කරනවා. 



ජැප්පො ඉංග්‍රීසි නම් කියන කොටත් එහෙම තමයි. ඒත් උන් ඒක කියන විලාසයෙ මාර
ගතියක් තියනවා. මම ඒකට කොච්චර කැමතිද කියනවා නම්, ජැපනීස් ෆිල්ම්ස් වල මම
කරන්නෙ, ඉංග්‍රීසි සබ් දාගෙන, ජපන් ඕඩියෝ අහන එකයි.



නානාප්‍රකාර ජාතීන් ඉන්න, මේ සාවියෙදි මට නං ඔය ඇක්සන්ට් ප්‍රශ්ණය ඒ හැටි ඇඟට
දැනිලා නෑ. ඇක්සන්ට් එකට, නොතේරුම්කමට මෙහෙ කිසිකෙනෙක් හිනාවෙන්නෙ නැති නිසා
වෙන්නත් ඇති. නොතේරුනොත්, ආයෙ අහන්නත් කිසි අවුලක් මෙහෙ නෑ. වැඩි හරියක් යැංකි
යෙදුම්, ඉඩියම්ස් තමයි මෙහෙ භාවිතා වෙන්නෙ. මෙහෙටම ආවේනික වෙච්ච යෙදුම්
තියෙන්නෙ ටිකයි.
















































පොප් සෝඩා
ගෑස් ස්ටේෂන් පෙට්‍රල් ෂෙඩ්
ලූනි, ටූනිඩොලරය, ඩොලර් දෙක
ඩබල් ඩබල් සීනී 2, කිරි 2 දැමූ කෝපි
බේගල් හයිය බනිස් ජාතියක්
(ටෝස්ට් කර, බටර් උලා ජෑම් ගාගත් විට මසුරංය)




අපේ එපාර්ට්මන්ට් එකෙත් ඉන්නවා රතු ඉන්දියන් සම්භවයක් තියෙන හාදයෙක්. මල් ඔතන්න
දෙයියා වුනාට හරිම අහිම්සක පොලිස්, කාටවත් කරදරයක් නෑ. මලක් ඇදලා, ගිටාර් පාරක්
ගහලා දැහැනට සමවදිනවා විතරමයි. පෙනුම පිල්ලෙකුට සමානයි. අපේ හෝතම්බුවා, ඌට
කියන්නෙ "ආදිවාසියා" කියලයි. ඉතිං මේ ආදිවාසියා තමයි මට "ඉන්ඩියන් සමර්" එක ගැන
කිව්වෙ. එහෙන් මෙහෙන්, අකලට වහින සමර් එකට තමා එහෙම කියන්නෙ. 



පිටිසර ගමක හැදුනු බස්සට, ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව ඇති කල හාදයෙක් පන්තියේ
හිටියා. ඉංග්‍රීසි ටිකක් ගොඩදාගත්තොත්, වෙනම ලෝකයක් විවර වෙන බවත්, පාසැලේ
ඉංග්‍රීසි පාඩමෙන් එය නොකෙරෙන බවත් ඔහු කිව්වා. මලලසේකර ශබ්දකෝෂය ගන්නට වත්කමක්
නොතිබුණ නිසා, ඊට වඩා ලාභ ශබ්දකෝෂයක් අරගෙන, ලොකු අකුරු සහ තඩි පින්තූර තිබ්බ,
ඉංග්‍රීසි ලමාකතා වලින් පටන් ගත්ත, බකුසු ඉංග්‍රීසි පාඩමට "ටිංටිං" එහෙමත්
සෑහෙන සපෝට් එකක් දුන්නා. 



මුලින්ම ප්‍රංශ භාෂාවෙන් ලියවුනු "ටිංටිං" පොත් ඉංග්‍රීසියට පෙරලීම, සෑහෙන
අමාරු කටයුත්තක් වුන බව කියැවෙනවා. එහෙම වෙන්නේ, සමහර ප්‍රංස විහිලු ඒ ආකාරයටම
ඉංග්‍රීසියට පෙරලුවාම, ඒවා නිකම්ම නිකං හිස් වදන් වෙන නිසාලු. පහල වීඩියෝවෙ
20:17 ටයිම්-කෝඩ්
එකේ, ඒ විස්තරය තියනවා. 







මේක මරු ඩොකියුමෙන්ට්‍රි එකක්, ටින්ටින් පිස්සොන්ට  නං ඔක්කොම බැලුවත්
වටිනවා. ලොව පුරා "ටිංටිං" සෑහෙන භාෂා ගාණකට ( බෙංගාලි වලට පවා) පරිවර්තනය වුනත්,
එය සිංහලට පරිවර්තනය නූන එකම හොඳයි කියල වෙලාවකට හිතෙනවා. හ්ම්....බුබුලු නගින
බෙලිකටු



අද ඉංග්‍රීසි ඉගෙන ගන්න, එච්චරම කට්ටක් කන්න ඕනෙ නෑ, ශබ්දකෝෂ ඔන්ලයින් තියනවා,
ඇට-හුටාමාරක් වීඩියෝ තියනවා. නැත්තෙ, ඒකාලෙ අපට තිබ්බ උනන්දුවයි, කට්ටකාල ගත්ත
ප්‍රතිඵල නිසා අපට ලැබුන ආතල් එකයි වෙන්නත් ඇහැකි. ඉංග්‍රීසි දැණුම නිසා, වෙනම
ලෝකයක් විවර වීම කෙසේ වෙතත්, තියෙන ලෝකයේ සීමාවල් පුළුල් වෙන බව නං ඇත්තයි.


ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා - පුවතක්



හා! ( ලංකාවෙ "නිදහස්" අධ්‍යාපනයෙ වගේම සෞඛ්‍ය සේවයෙත්
තියෙන්නෙ Two-tier system එකක්)







ආ යූ ඕකේ, අ යු ඕකේ ෆොනී


යූ විල් හිට් බයි ස්මූ...ත් කිරිමිනෙල්






(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)




Thursday, June 8, 2023

ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා

වර්ෂ 1985  දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා,  ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.

අපේ කතා නායකයා, ජෝර්ජ් ගාට්නර්(Georg Gärtner) ඇමරිකාවේ සිටි නාසි යුධ සිරකරුවෙක්.  ජෝර්ජ් පැනලා ගියේ යුද්දෙ ඉවර වුනාම නිසා ඒකත් වරදක් නෙමෙයි. හොරෙන් ඇමරිකාවෙ හිටියයි කියන්නත් බෑ, ජෝර්ජ් ඇමරිකාවට ගෙනාවෙ, එයාගෙ කැමැත්තෙන් නොවන නිසා. ජෝර්ජ් යුධ අපරාදකාරයෙකුත් නෙමෙයි. තමන්ගෙ රට වෙනුවෙන් යුද්ද කල තවත් සොල්දාදුවෙක් විතරයි. හැංගිලා හිටිය අවු 40 කිසිම වරදකට අහුවෙලත් නෑ. ගොනු කරන්න චෝදනාවක් නැති නිසා FBI එක ජෝර්ජ්ව නිදහස් කරනවා.

සිර කඳවුරෙන් පනින්නෙ හොඳට ප්ලෑන් කරලා. පැනලා කඳවුර ලඟින් ඉබ්බ වේගෙන් යන බඩු කෝච්චියක එල්ලෙනවා. 


අවු 40ක් බලධාරීන්ට අසුනොවී ඉන්න, ජෝර්ජ් පාවිච්චි කරල තියෙන්නෙ සරල උපක්‍රමයක් - ඇනෝනිමස් භාවය. මෙලෝ යකෙකුට, තමන් කව්ද, තමන් ගෙ අතීතය කිව්වෙ නැති එක. කසාදයක් එහෙම බැඳගෙන, දන්න කරුමාන්තයක් කොරගෙන හිටිය අහිම්සක ජෝර්ජ්ට කෙලෙව්ව කවුරු කියලද හිතෙන්නෙ? අවු 40 ක් හැංගිලා හිටිය ජෝර්ජ් බලධාරීන්ට භාර වුනේ ඇයි කියන එක අනුවේදනීය කතාවක්. ඔව්, ඔව් ගෑනියෙක් තමයි. ඔය ඇමරිකන් ඩොටේ ගෑනු ඉන්නව නේද? හරියටම මේ අපේ ඇනෝල වගේමයි. ඕන්නැති මල හත්තිලව්වක් නෑ, මුළු පැටිකිරියම දැණගන්න කං නින්ද යන්නෙ නෑ.


ජෝර්ජ් කොච්චර හොඳ සැමියෙක් වුනත්, උන්දැගෙ මායියට ඉවසිල්ලක් නැති වෙනවා, ඇයි මූ මට පැරණි රසාංග නොකියන්නෙ කියන එක. ගෑණි තර්ජනය කරනවා. අපේ ජාතියෙ පොරක් වෙච්ච ජෝර්ජියා නෙමෙයි සැලෙන්නෙ, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙනම ඉන්නවා, කට නොඇරම. ඒ වංගියෙ ගෑණිට මල පැනලා, ඇඳුම් පැක් කරගෙන ගෙදරින් යනවා. ජෝර්ජ්ට සංසාරෙම එපා වෙලා පොලෝසියට බාර වෙනවා. නෑ, එහෙම්ම නෙමෙයි වුනේ, කතාව හරියටම දැන ගන්න, වීඩියෝ එක බලපල්ලා. මට බෑ ඔක්කොම පරිවර්තනය කරන්න. 





    

අවුරුදු ගාණක් අනුන් ගෙ රටක හිටියාම, ඒකට ඇබ්බැහි වෙන ගතියක් තියනවා . පස්සෙ, උපන් ගම-රට වන, සමාජවාදී නැගෙනහිර ජර්මනියට ගිය ජෝර්ජ්ට තේරෙනවා, තමන්ට එහි ජීවිතයක් නැති බව.  දික්කසාද වුනු බිරිඳගේ,  කලින් කසාදෙ දරුවන් ගෙ දරුවොත්( ඔව්, එහෙ ඒම තමයි) ඔහුව සලකන්නෙ තමන්ගෙම සීයා ලෙස. ඒ කිසිම දේකින් ඔහු වැටුන බවක් පේන්නෙ නෑ. පලාතේ ජර්මන් කතාකරන මිතුරන් සමඟ සමාජගත වෙමින්, ඔහුගේ විනෝදාංශය වන චිත්‍ර අඳිමින් ජීවිතය ගතකරනවා.  බොහොම පරක්කු වෙලා, අවසානෙදි ඇමරිකාව ඔහුට පුරවැසිකම පිරිනමනවා 2009 දී. ඒත් 2013 දී වයස අවු 92 ආයු වළඳලා ඔහු මියයනවා. RIP Georg.



 උපත - 1920, විපත - 2013


ඔන්න ඔහොමයි පිංවතුනි, ගෑණියෙක් අහිම්සකයෙක්ව නැති කලේ. දැන් තේරෙනවා නේද අපි හැංගිලා ඉන්නෙ, ලිස්සලා යන්නෙ ඇයි කියලා?






Disclaimer: I may have butchered his German name. Apologies Mi'Lords. On the hindsight, if Americans can do that......    

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)