Saturday, May 24, 2014

ජනතාව අවදි කරන්නෝ





http://www.prikol.ru/wp-content/gallery/july- 2012/big-cats-58.jpg

බස්සා කියන්නෙ නිශාචර පක්සිය කියන ඔහෙල දන්නව නෙව? බස්සා වැඩට යන්නෙ යක්කු ගස් නගින වෙලාවට. හැබෑටම, ඔහෙල දන්නවද , යක්කු ගස් යන්නෙ ඇයි කියලා? මට නං හිතෙන්නෙ, හොර කුරුම්බා බාන්ට වෙන්න ඇති කියලයි. ආයි මොකටෑ බොරු කියන්නෙ, බස්සත් හොර කුරුම්බා බීල තියනවා. මේක කිව්වෙ , " බස්සා අහිංසක පක්සියා කියල හැම තිස්සෙම කියා ගන්නව. ඒ වුනාට ඕකා මහ හොර බස්සා " කියල ලෝකයා කියන චෝදනාවෙන් ගැලවෙන්නයි :)

හරි, ඔය මඳෑ පඳුරු තැලුව ( © හැලපෙ -2013) , දැං එමුකො කතාවට. ඉස්සර කාලෙ ලංකාවෙ තිබිච්ච ජීවන රටාව අනුව,  කාලය කියන එක එච්චරම  වටිනා සාධකයක් බව  පේන්න නෑ. බොහෝ විට ස්වයං ‍රැකියා කල  අපේ පැ‍රැන්නො, වැඩකරල තියෙන්නෙ එයාලගෙම කාල සටහනකට. නිශ්චිතවම වේලාව දැණගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා, ආසන්න වශයෙන් වෙලාව කියල තියෙන්නෙ සූර්ය්‍යාගෙ පිහිටීම අනුවයි - මෙන්න මෙහෙම:

" දැං, මයෙ හිතේ ඉර හැරිල හෝරාවක් විතර ඇති"



ඉර බැහැල ගියාට පස්සෙ, ජනතාවට වෙලාව දක්වල තියෙන්නෙ , මෙන්න මේ කස්ටිය:

ඇටි කුකුළා - බුක් ගෑම

ගං කුකුළා - හැඬලීම



මං හිතන්නෙ, ඒ කාලෙ කාටවත්   , දෙයියනේ කියල බුදිය ගත්තට පස්සෙ, ඒ ආතල් එක කඩාගන්න අවශ්‍යතාවයක් තියෙන්නෙ නැතිව ඇති, නැහ්නං, ඔය කුකුල් නාම්බෙක්  අල්ලල , බුදියන පැදුර ගාව බැඳලා තියාගන්ට තිබුනෙ නෙව , එලාම් ක්ලොක් එක විදිහට?



ලංකාවෙ එහෙම වුනාට , විකිපීඩියාවට අනුව, පුරාණ චීනෙ  Song Dynasty (960-1279) කාලෙ, අය නං වෙලාවට වැඩ කරල තියෙනව. එයාලගෙ නිපැයුමක් තමා,  හඳුංකූරු  සීනු ඔරලෝසුව.

http://upload.wikimedia .org/wikipedia/ commons/e/eb/ IncenseAlarmClock.JPG

මෙන්න රාජකීයන්ට හදපු මහප්ප්‍රාණ එකක්:



මේ තියෙන්නෙ , බොහොම සරල , හුදී ජනයාගෙ වර්ෂන් එක:

http://www.japanese-i ncense.com/sb3.jpg

නිකං හිතන්නකො මදුරු කොයිල් එකක් ගැන. අපි මදුරු කොයිල් එකක් පත්තු කලාම ඕක පැය ගාණක් පත්තුවෙනව නෙව.  මේ අනුව  කොයිල් එකේ පැයකට පත්තුවෙන දිග ආසන්න වශ්යෙන් සමානයි. දැන් අපි  අවශය පැය ගානට දිග ගනන් බලල. ඒ තැන තියනවා හණ නූලකින් එල්ලපු  යකඩ බෝලයක් වගේ බර එකක්. දැන් කොයිල් එක පත්තුවෙලා ඇවිල්ලා අවශය වෙලාවට හණ නූල පිච්චිලා යකඩ බෝලෙ වැටෙනවා තැටිය උඩට "ටාං" කියල.  



මං මේක ඉස්සෙල්ලම දැක්කෙ Dragon (Wu Xia) - 2011 කියන චීන සිත්තර පටියෙ. මෙන්න මේ ට්‍රේලර් එකේ මුල යන්තමට ඒක පෙන්නනව. 





හරිම ලස්සන කතාව , බලන්න. හොයාගන්න කම්මැලි නං යූ-ටියුබ් එකේ තියනව සම්පූර්ණ බාල කොලිටි එක



දැං එමුකෝ අද කාලෙට. මේ කාලෙ, මූකලං බස්සෙකුටවත්, දෙයියනේ කියල  බුදිය ගන්න නිදහසක් නෑ නෙව. ඇයි ඉතිං පනං හතරක් හොයාගන්න, බඩ රස්සාවට යන්න එපැයි.



මං සාමාන්‍යයෙන් බුදියන්නෙ  කොටස්  දෙකකට. ඕං ඉස්සෙල්ලම, හිමිදිරියෙම හීල සප්පායං වෙලා, යනව ඉන්ටනෙට් එකේ හැලප ගිලින්ට. එහෙම ඉන්න කොට , ඇස් පියවීගෙන එන ගානට ආවම,  හොඳට කුරුමානං අල්ලල පනිනව ඇඳට. ආයි ඇහැරෙන්නෙ, බඩ පනුවො බොක්සින් ගහන වෙලාවට තමා- ඕක තමා පලවෙනි කොටස.



දෙවනි නිදි වඩිය පටන් ගන්නෙ, වැඩට යන්න පැයක්, දෙකක් තියල. ඔන්න ඕක තමා ආයිබෝං අමාරුම හරිය. බුදියන එක නෙමේ, ඇහැරෙන එක. මේකට මං ලෑස්ති කරගෙන තියනවා, අඩුම කුඩුම ටිකක්:



1.තඩි LED clock  එකක්. - එක ඇහැක් විතරක් ඇරල බලල, වෙලාව තියේ නං ආයෙ නිදා ගන්ට.



2.එලාම් ඔරලෝසුව - මේක තමා වැදගත්ම එක. මං දැනට ඔරලෝසු දහයක් විතර ට්‍රයි කරල තියනවා. ඔය සාමාන්‍ය එලාම් වලට බෑ බස්සොන්ව ඇහැරවන්ට. කොටින්ම , මං අත්හදා බලපු හයිටෙක්, ටච් ඉස්කිරින්, ඉන්ටනෙට් ඔරලෝසුවටවත් බැරි වුනා නෙව, ඔය වැඩේ - හයියෝ ෂල්ලි .



සමහර දාට මට ඇහිල තියනවා, මං බල බල ඉන්න හීනෙ එලාම් එකක් වදිනවා. හීනෙන් වදින එලාම් කව්ද ගනන් ගන්නෙ, නේද? පුරස්නෙ, වැදිල තියෙන්නෙ ඇත්තම එලාම් එක නෙව.



දැං බලන්නකො , මේ සුද්දො අතරෙත්  ඉන්නව නෙව, මේ අපි වගේ කුම්භකර්ණයො?







අන්තිමට මං හොයා ගත්තා, අල්ටිමේට් එලාම් එක. මේක  නං අති සාර්ථකයි.  වැඩි මහප්ප්‍රාණ නෑ, වැඩි ගාණකුත් නෑ. මෙන්න තියෙන පහසු කං:

1. ලොකු snooze button එකක් - පලවෙනි සැරේ පටෝන් ගාල තඩි බාලා, ආයෙ ඇහැපියෝ ගන්න

2. එලාම් සද්දෙට අමතරව, වයිබ්‍රේටර් වෙන ගැජට් එකක්. මේකෙන් පුළුවනි , ඕන බස්සෙක්ව ඇහැරවන්න. 



අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි..



Tuesday, May 13, 2014

ගරිල්ලා මාකටින්





http://pepecasals.files.wordpress.com/2008/07/guerrilla-marketing

-ikea-bus-stop-new-york1.jpg

ගරිල්ලා මාකටින් කියල කියන්නෙ , සම්ප්‍රදායක නොවන , ඒත්  නිර්මාණාත්මක වගේම ආකර්ශණීය වෙළෙඳ උපක්‍රමයක්. මේ පිංතූරෙ තියෙන්නෙ IKEA  වලින් කරපු එහෙම එකක්:



මට මේක මතක් වුනේ , අපේ සමහර සහෝදර බ්ලොග් රචකයො , බ්ලොගෙ මාකට් කර ගන්න විඳින දුක දැකලා. 





තමන් අමාරුවෙන් ලිව්ව බ්ලොගෙ , මාකට් කරගන්න ඕනෙ කියන එක , මට නං අවුලක් නෑ. ඒත් ඒක නිර්මාණාශීලි ලෙස නොකලොත්, වෙන්නෙ ඇනෝලගෙන්  රෙදි ගැලවෙනකන් බැණුම් අහන්නයි.


මට හිතුනා, මේ  ගැන පොඩි රිසර්ච් පාරක දාන්ට.දැම්ම හොම්බ කකාගෙ  බ්ලොග් එකට. කකා ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙව? ගරිල්ලා මාකටින් දෙයියා -  ඉඩක් ලැබුනොත් , මේ ඔහෙලගෙ , අපේ කටෙත් ලින්ක් එකක් ඔබල යයි. මේ තියෙන්නෙ බඩු. ඔය හොයා ගත්ත එක තමා පහල එල්ලල තියෙන්නෙ "You may also like  " කියල.



දැන් ඔය සමහර ජනප්‍රිය බ්ලොග් රචකය ඉන්නවා නෙව, "ඔන්න මං ලිව්වා, ඕනෙ නං බලාපල්ලා" ස්ථාවරයෙ? ඒ අයට නං මේක අදාල නෑ. අනෙක්, අපි වගේ  සාමාන්‍ය සත්ත්වයින්ට මේක එච්චර නරක නෑ. ඒ වගේම කියවන්නන්ටත් පහසුයි  නෙව?


LinkWithin  කියන්නෙ , ඉස්සෙල්ලා  WordPress වලට හදපු විජට් එකක්. දැන්  බ්ලොගර් වලටත් සපෝට් කරනවා. 





ඒත් පොඩි කොස්සක් තියනවා.මේක කියල තියන විදිහට,පොත් විදිහට කරගෙන ගියාම, සමහර බ්ලොගර් ටෙම්ප්ලේට් වලට වැඩකරන්නෙ නෑ.  මෙන්න මෙහෙම හිරවෙනවා:







මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් තියනවා. මේ පෙන්නන දෙවනි පේජ් එකෙ, ඇඩ්‍රස් බාර් එක ක්ලික්  කරන්න. ඊතලයෙන් පෙන්නල තියන ඉලක්කම් 7 නොම්බරේ කොහේ හරි ලියල තියාගන්න. දැන්  අංක 1 යටතේ තියන "Install Widget" ක්ලික් කරන්න.









එතකොට එනවා, මෙන්න මේ පේජ් එක  . ඊතලයෙන් පෙන්නල තියන "Edit Content" එක  ක්ලික් කලාම දිගහැරෙන  කො‍ටුව  හිස්. ඕක තමයි ලෙඩේ. දැන් ඔහොමම  තියෙද්දි "Add Widget" ක්ලික් කලොත්, අර මං කලින් කියපු   error page එක තමා එන්නෙ.





මේක ගොඩ දාගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ පහල තියෙන  code එක කොපි කරගෙන  අර හිස් කො‍ටුවෙ අලවන්න. දැන් XXXXXXX කියන කොටස වෙනුවට  කලින් ලියාගත්ත නොම්බරෙන් දාන්න. නොම්බරේ අග තියෙන ; මකන්න එපා.



<script>

var linkwithin_site_id = XXXXXXX;

</script>

<script src="http://www.linkwithin.com/widget.js"></script>



<a href="http://www.linkwithin.com/"><img src="http://www.linkwithin.com/pixel.png" alt="Related Posts Plugin for WordPress, Blogger..." style="border: 0" /></a>





දැන්  Add Widget ක්ලික් කලාම , ඔබේ බ්ලොග් එකේ  Layout page එකට යාවි. දැන් තියෙන්නෙ  Save arrangement කිලික් කරලා save කරගන්න එකයි. එච්චරයි.





මාත් ඔන්න ඔහේ එකක් එල්ලගත්තා. ඔහෙලත් එල්ල ගන්ට ඈ? මොකද , මේ කියවන අපි වගේ කම්මැලි බස්සො  කැමති නෑ බ්ලොග්වල පරණ පොස්ට් අවුස්සන්න. මෙහෙම පිංතූර එක්කම තොරණෙ විස්තරේ තියේ නං, සලකලා බලඤ්ඤං :)



පුඩිම: ඉස්සෙල්ලම මේක ගොඩදාගන්න ක්‍රමේ හොයාගත්ත එකාට. Google සර්ච් කලොත් , මේ ගැන පෝස්ට් හැට හුටාමරක් එන නිසා කව්ද  කියල හරියටම දන්නෙ නෑ

Saturday, May 10, 2014

අපි නොදන්න අයි-පෑඩ්




ලියන්න දේකුත් නෑ, වෙලාවකුත් නෑ. ඔන්න ඔහේ වල්පල් ටිකක් ලියලම දාන්නම්.



මුං මගේ සති-අන්ත නිවාඩු දවස් දෙකෙන් එකකට කෙලිය නෙව. මං සතියෙ දවස් පහක් මහන්සි වෙලා වැඩකරන පක්සියා ආයිබෝං. එහෙව් සතෙක් සති අන්තෙ එනතුරු ඉන්නෙ ඇඟිලි ගැණ, ගැණ. කඩේ යන්න, උයන්න,  ඇඳුම්-කැඩුම් හෝද ගන්න තියෙන්නෙ ඕය දවස් දෙක නෙව. සිකුරාදා නයිට් එක ඇදලා ඇවිත් හෙනහුරාදා  වලහ වගේ ආතල් එකේ බුදියනවා. රෑට ඔය කඩල එකක් එහෙම හදාගෙන , සිත්තර පටි දෙක තුනක් එහෙම බලලා, ඉරිදා  ෂපාන් එකේ  දිග ඇදිලා , අල ගෝනිය වගේ ඉඳගෙන යනවා හැලප කන්ට.  එතකොට තමා මයෙ බැස්ටි රී-චාජ් වෙලා, ඊලඟ සුමානෙ අදින්න ඇඟට පණක් එන්නෙ. එහෙව් නිවාඩු දවසට නෙව මුං කෙලියෙ?





ඔන්න මං , දැහැමින් , සෙමින් සිකුරාදා වැඩ කර, කර ඉන්න කොට ආව , අපේ මැනේජරයගෙ ගෝලය.

" බස්සො, අපි  ඉරිද වැඩ කරනව, එනවද?"

" බැහ්"



මූ ඒ වංගියෙ, හෙඩ් ලයිට් වැදිච්ච මුවා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන අහනවා ,

" හෑ, උඹට හොදටම ෂුවර්ද?" කියලා



" මොකෑ නැත්තෙ,  මට බැහ්"



" මැනේජර් තමා කිව්වෙ. මං දෙන්නම්  අහවල් ගෝලයවත් "සහයට ඩැනී" විදිහට, එනවද?"

" මට බෑ. මේ දවස්වල අපිට කොලිටි ඉෂුස් ගොඩක් තියනවා. ඔය අළුත් අයත් එක්ක වැඩ කරන්න ගියාම , ඔක්කොම එන්නෙ මයෙ කර පිටට"



ලාවුලු කාපු රිලව වගේ  බැල්මක් දාගෙන, පොර ලිස්සල ගියා. මං දන්නව ඔයෙ ගියේ මැනේජරයට කියන්න තමා කියලා. විනාඩි පහක් ගියේ නෑ, මැනේජරයා , කතා කලා ඔ‍ෆිස් එකට.



අපේ මැනේජරයා, පකිස්තානි. නියම හෙට්ටියා. උන්දැ නියම සේල් ටෝක් එකක් දීලා, මයෙ පිට අතගාලා, කොහොම හරි , මාව කැමති කරව ගත්තා, ඉරිද වැඩ කරන්න. ඔන්න ඔහොමයි පිංවත්නි, මයේ සති අන්තෙ නිවාඩුව වාෂ්ප වුනේ. ඒ නිසා අද කතාව හොඳ නැත්නම් මට බණින්න එපා.




මෙහේ බැංකු දෙකක් , අනිත් බැංකු වලින් කස්ටමර්ලව, බා ගන්න තරඟයක් පටන් අරං. ඔය දිය රෙද්දෙන් බෙල්ල කැපිලි කොහෙත් තියනව නෙව? එක බැංකුවක් දෙනව අයි-පෑඩ් මිනි එකක්, අනික දෙනවා සැම්සුන් ටැබ් එක. ඔය  පස්සෙ කියපු එකේ මගේ එකවුන්ට් එකක් තියනවා. මං ගත්තා කෝල් එකක්.



" මේ මට ආරංචි වුනා , ඔයාල  සැම්සුන් ටැබ් එකක් දෙනව කියලා"

" ඔව්, ඔව්, දෙනවා. කැමතිද අපේ එකවුන්ට් එකක් අරින්න"

" මට දැනටමත් එකක් තියනවානෙ"

" ඈ, එහෙනං සොරි ඩොට් කොම් තමයි, ඒක දෙන්නෙ අලුත් කස්ටමර්ලට විතරයි"

" ඒක හරිම අසාධාරණයි නෙව. හරි, මං එහෙනං තියෙන එකවුන්ට් එක කැන්සක් කරලා, එන්නම් අලුත් කස්ටමර් කෙනෙක් විදිහට. එතකොට හරිනෙ?"



සේල්ස් රෙපාට කේන්ති ගියා " හහ්, අපි අහුවෙයි ඔව්වට,  එහෙම කපටිකම් වලට අපි ටැබ් දෙන්නෙ නෑ"



" හොඳයි, සෑර්. එහෙනං මං එකවුන්ට් එක කැන්සල් කරනවා"

" ඔව්, ඒකට තහනමක් නෑ. බ්‍රාන්ච් එකට ගියාම එයාල ඒක කරල දෙයි"

" හොඳයි, සුභ දවසක්. මං එහෙම කරන්නම්. ඔයාල විතරක් නෙමෙයි නෙව, ටැබ් දෙන එකම බැංකුව. මං යනවා අර අයි-පෑඩ් දෙන බැංකුවට"



මං ගිහින් ඒ බැංකුවෙ ඇරියා එකවුන්ට් එකක්. බොහොම සාදරයෙන් මාව පිලිගත්ත ඉන්දියන් බස්සියෙක්, වැඩේ කරල දුන්නා. 



සෑම දෙයකටම මිලක් ඇත, කියන දහම මං ඉගෙන ගත්තෙ මෙහෙන්. ඒක තව වරක් සනාත කරමින්, මං දැන ගත්තෙ ,අයි-පෑඩ් එක දෙන්නෙ නිකම්මත් නෙමෙයි කියලයි. මාසෙකට සූටි සුපියල් පාලොහක, එකවුන්ට් චාර්ජස් ගෙවන්න ඕනෙ, අවුරුද්දක්. ඒත් පාඩුවක් නෑ, නියම මිලයි, අලුතෙන් ගත්තාම වදින ටැක්ස් එකත් එක්ක බලන කොට.



ඔන්න ඕකයි කතාව. නිකං ලිස්සනව, ලිස්සනව වගේ ගතියක් දැනෙනව නං , කැටගරිය " නයා" කියලම දාගන්නකො :)



ප:ලි:


අපේ දෙළුම් විලේ නෝනා, අහලා තිබ්බා , " හෑ , බස්සො ඔහෙත් එහෙමද?" කියලා. ඒ අවංක පාපෝච්චාරණය වෙනුවෙන් මාගේ ප්‍රණාමය





http://photos1.blogger.com/blogger2/3196/3
773/400/Crawl%20On%201.jpg