Sunday, March 15, 2015

හිටවන කවි






සතියේ දිනවල  බස්සා 

සරල අනුවර්තී චලිතයක

ජීවිතේට කිසිම අලුත්

ගැම්මක් නෑ බං 



යංතං ඇති,අද ඉරිදා

වැඩට යන්නෙ හෙට සඳුදා

කඩල කකා දෙකක් නැමුවෙ

ඒක නිසයි බං



බොරු කියන්නෙ  මොකටෑ බං

හි‍ටු කියලා මරාගත්ත

සුනාමි කාලෙත් ඉඳහිට

මතක් වෙනව දැං



වලියක් නැති ජීවිතයත්

පරිප්පු නැති හෝටලයක්

කියල කව්ද ගල් ඉබ්බෙක්

කිව්ව නේද බං



පල්ලම ඉවරයි දැන්නම්

නිශ්චිත නෑ ඉදිරියෙ මග

ඇන්ජිම නැවතිලා වගෙයි

ගෑසුත් නෑ බං



හොඳ වෑයින් පයින් එකක්

දෙන්න ඕනෙ මයෙ පස්සට

ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ

එතකොට නෙව බං



කිව්වා වගේ නෙවෙයි බොලේ

වැඩේ අමාරුයි කරන්න

බස්සට පොඩි හැලුප් එකක්

දෙන්න බැයිද බං