Friday, March 24, 2023

වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?

මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?


මම කැමතිම කොටස්:

1. හින්දි සුපර් මෑන්ගෙ  නැටුම .

2. නයිජීරියා තෝර්ට, මිටිය ගෙනත් දෙන කොටස

3. දෙමල සුපර්මෑන් ගෙ පිටේ නැගලා යන "චන්ද්‍රම්මා" ගෙ රයිඩ් එක.

ඒ එක්කම කියන්න ඕනෙ, දැක්ක නේද හොඳට දෑත බදලා පුටුවකින් තඩි බෑවම, ඕන සුපර් මෑන් කෙනක් බිම වග?
 

මෙන්න අවුරුදු 100 පැරණි වුනත්, අදටත් වටින වැඩ:



මෙන්න "අපේ මෑන්" ලගෙ වැඩ කිඩ:

කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි

රනිල් ජනාධිපති කිරීම නිවැරදියි කියලා දැන් පේනවා... රට ඉතා හොද තැනකට දිනපතා "ඉස්සි ඉස්සි" එනවා - සනත් නිශාන්ත

රට බංකොලොත් කළ තුන්වන පාර්ශවය කවුද? නාමල්ගෙන් අනාවරණයක්!
මට නොතේරෙන්නෙ, ඇයි අපි "අපේ මෑන්" ලගෙ විහිලු වලට හිනා නොවී, බනින්නෙ කියලයි.🤔
මේ, අර ඊලොන් මස්ක් කියන "සුපර් මෑන්"ට වෙච්ච දෙයක් දන්න කවුරු හරි ඉන්නවද?

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)