Friday, March 24, 2023

වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?

මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?


මම කැමතිම කොටස්:

1. හින්දි සුපර් මෑන්ගෙ  නැටුම .

2. නයිජීරියා තෝර්ට, මිටිය ගෙනත් දෙන කොටස

3. දෙමල සුපර්මෑන් ගෙ පිටේ නැගලා යන "චන්ද්‍රම්මා" ගෙ රයිඩ් එක.

ඒ එක්කම කියන්න ඕනෙ, දැක්ක නේද හොඳට දෑත බදලා පුටුවකින් තඩි බෑවම, ඕන සුපර් මෑන් කෙනක් බිම වග?
 

මෙන්න අවුරුදු 100 පැරණි වුනත්, අදටත් වටින වැඩ:



මෙන්න "අපේ මෑන්" ලගෙ වැඩ කිඩ:

කුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා - ජනපති කියයි

රනිල් ජනාධිපති කිරීම නිවැරදියි කියලා දැන් පේනවා... රට ඉතා හොද තැනකට දිනපතා "ඉස්සි ඉස්සි" එනවා - සනත් නිශාන්ත

රට බංකොලොත් කළ තුන්වන පාර්ශවය කවුද? නාමල්ගෙන් අනාවරණයක්!
මට නොතේරෙන්නෙ, ඇයි අපි "අපේ මෑන්" ලගෙ විහිලු වලට හිනා නොවී, බනින්නෙ කියලයි.🤔
මේ, අර ඊලොන් මස්ක් කියන "සුපර් මෑන්"ට වෙච්ච දෙයක් දන්න කවුරු හරි ඉන්නවද?

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

37 comments:

  1. ඔය ලියල තියෙන්නෙ.

    පහුගිය කාලෙ (ඒ කියන්නෙ 1998 විතර) ස්වර්ණවාහිනියෙ ද කොහෙ ද, ගියා "ටාසන් ද අපේ මෑන්" කියල එකක්. ඒකත් පට්ට ආතල්.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වම, මට ආයෙ බලන්න හිතුනා. හොයන්න ඕනෙ.🙏👌

      Delete
  2. අඩෝ! මං එක...

    හුහ්! ආදෙංකො ඔය නයා... දෙන්නෙ කෑලි හැලෙන්ඩ!

    ReplyDelete
    Replies
    1. ටෝච් එක හරියට හදාගනිං. කෑලි හැලෙනවනං වැඩක් නෑ.

      Delete
  3. මානික්කම්March 24, 2023 at 6:20 AM

    'රට බංකොලොත් කළ තුන්වන පාර්ශවය කවුද?'

    ඉන්දියාවේ ප්‍රකට රාජත්‍රාන්තික නිලධාරියෙක් වෙන සිවශංකර් මෙනන් එයාගේ 'Inside the Making of Indian Foreign Policy' කියන පොතේ සදහන් කරනවා කොටි සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය නිසා ලංකාවට සෘජුවම අහිමි වූ මුදල ඇමරිකන් ඩොලර් බිලියන 200 ක් කියලා.
    දැන් ලංකාව බලං ඉන්න අයිඑම්එෆ් එකේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9 මොන සොච්චමක්ද කියලා හිතෙනවා.

    (ජනතා විමුක්ති පෙරමුණේ සහ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදය නිසා වක්‍රවත් අහිමි වූ මුදල බලද්දී ඒක ඊටත් වඩා ගොඩක් වැඩියි කියලා එයා පොතේ කියන්නේ.)

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ වගේම කොටි සංවිධාන සහ "රෝ" අතර සම්බන්ධයත් මේ සමීකරණයට දාන්න වෙනවා කියල හිතෙනවා.

      Delete
  4. ලේ පිරිසිදු කරන බෙහෙතකි මේ වීඩියොව
    බලල පණ යනව පොඩ්ඩෙන් මගේ තව
    සුපිරිම සුපිරි වැඩ්ඩන් ඇති ලංකාව
    එකම විහිළුවකි, මොකටද විහිළු තව?

    ReplyDelete
    Replies
    1. මමත් යන්තං පද හතරක් ගැටගහගන්න ඉගෙන ගත්තෙ, නිදිගෙ කවි වලින් තමයි ඉතිං.🙏👌😊

      Delete
  5. අර වීඩියෝ එකේ නිහාල් සිල්වත් ඉන්නව වගේ දැක්ක. හැක්..

    රට බංකොලොත් කල තුංවන පාර්ශවය ඉතිං බ්ලොග් කාරයො තමයි ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ආං අරහෙ අලකොමා, ටෝච් එකට බැටරි දානවා දැක්කා. හැක්! 🤣

      Delete
  6. හුටා එතකොට මේකෙ හැටියට, අර නයිජිරියන් හාදයා සීබ්‍රාමෑන් වත්ද?🤔

    ReplyDelete
  7. ආාා කොහොමද බකමූණෙ මුදියන්සෙ?

    ReplyDelete
    Replies
    1. ඇර මාටින්!, ඇන්ඩත් ඇවිත්. අම්මපා බාප්ප දැක්ක වගේ සන්තෝසයි.😊

      Delete
  8. මට ඇත්තටම අර ඉන්දියන් ෆිල්ම් එක බලන්න ලැජ්ජයි 😆 😅

    ReplyDelete
    Replies
    1. අර ඇහිබැම නටවලා, මූණෙනුත් ඇක්ෂන් දානව නෙව. ඇක්ෂන් ලෝකයයි,🤣

      Delete
  9. Replies
    1. හොඳ වෙලාවට බැලුවෙ, තව පොඩ්ඩෙන් කලුකුඩු බස්නෙ තමා, කලම්බු මැලියංතුමාගෙ කමෙන්ට් දෙකකුත් ස්පෑම් ගොඩේ තිබුනා.🤣

      Delete
  10. මෙතන ලංකාවෙ වෘත්තීය සමිති ගැන වැදගත් ලිපියක් තියනවා. පැරා, රනිලට කඩේ යනවා කියල සමහරු කියනවා. යනවත් ඇති, මට නං අවුලක් නෑ, ඒක එයාගෙ දේශපාලන නිදහස.
    http://w3lanka.blogspot.com/2023/03/blog-post_26.html
    අපේ දේශපාලනය කියන්නෙම අලි බොරුවක්. පැරා රනිලට කඩේ ගමන් හරි, වෘත්තීය සමිති බොරුකාරයොන්ගෙ රෙදි ගලවනවා, ඒක ටික හොඳටම ඇති.

    ReplyDelete
  11. Replies
    1. අඩේ සමාවෙයල්ලා. මේ අවලං ගූගලයා ඒක ස්පෑම් වලට දාලා.

      Delete
  12. NTR සෟපර්මෑන්ටත් හිටි වගක්... අදයි දැන ගත්තේ.

    /කුණු ආසියාවේ/ ද නැතුවත් මරු 😂

    ReplyDelete
    Replies
    1. ඔය යුගයේ, දෙමල ඇක්ටර්ල මට නං එකම මොඩල් එකේ.
      "කුණු ආසියාවේ" කියල තමා මුලින් තිබුනෙ, ඒකත් වැරදිම නෑ.😂

      Delete
  13. //දෙමල සුපර්මෑන් ගෙ පිටේ නැගලා යන "චන්ද්‍රම්මා" ගෙ රයිඩ් එක.// පට්ට ආතල් ඕයි.. හැබයි අසූ ගණන්වල මුල අපි බලපු Battle star Galactica , Blake Seven වගේ කතාවල තාක්ශැනය (මතක විදියට) බොහොම ඇඩ්වාන්ස් විදියට යොදාගෙන තිබුණා. 78 ජපානේ ස්පයිඩර්මෑන් එක තමයි හිතා ගන්න අමාරු. හින්දි දෙම්ල ඒවානම් ඒ හැටි අරුමයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. නවසිය 77 හදපු ස්ටාර්වෝස්වල තාක්ශණය ටොප් කොලිටි. නවසිය 33 හදපු ජපන් "කින්-කොං" එක්ක බැලුවාම, 78 ජපන් ස්පයිඩර්මෑන් හොඳටම අවුල්.🤔

      මේ ඉන්දියන් හාදය, මොබයිල් ෆෝන් එකෙන් ඊට වඩා හොඳ ඉෆෙක්ට්ස් හදනවා/
      https://youtu.be/wOJQHeBAag4?t=566

      Delete
  14. මේක දැක්ක ද?
    https://youtu.be/356VnsIotxU

    ReplyDelete
    Replies
    1. මේක නියමයි. මම කොහොමත්, ක්ලැසික් බ්‍රිටිෂ් කොමඩි වලට මනාපයි.🙏👌😊

      Delete
  15. ඒකත් ජයසිරි මංගලම්! 😂

    ReplyDelete
  16. කොමඩි ඔහේ තිබුනාවෙ.

    මගේ දැවෙන පස්නේ ..මේ ඇත්තටම ඔහේ බස්සෙක් නෙවෙයි නේද?
    සුවර් එකටම හිම වලසෙක් නේද?

    වින්ටරේ මිසිං ඉන් ඇක්ෂන් වෙලා දැන් ඉස්ප්‍රින් ලැබුව විතරයි මෙන්න ඇක්ෂන්

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ෂ්.....ෂ්...හයිබනේට් ඉවරවුනා විතරමයි, ආයිබෝං. "ජයවේවා!" කෑල්ල අනුව නං, මේ විට්ටර්ගෙ මල්ලි වෙන්ටෑ?

      ටික දොහකට ඉස්සෙල්ලා, ඇහුනා කුරුල්ලොන්ගෙ මහා කාලගෝට්ටියක්. අර වින්ටරේට, මෙහෙන් මාරුවෙන කස්ටිය. තේරුණ විදිහට කිව්වෙ මෙහෙම: "තොට මම කිව්වා තව ටිකක් එහේ ආතල් එකේ ඉඳලා එමු කියලා. කෝ, ඇහැව්වද? දැන් අපි කන්නෙ හිමද?"

      Delete
  17. ඔය වගේ අඩු වියදම් වීරයෝ ඒ කාලේ අපිට සිරා පොරවල් වගේ පෙනුනා

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ කාලෙට සාපේක්ෂව, ඒ තාක්ශණය දකින එක නං අසාධාරණයි. ඒත් ඒ කාලෙත්, අදටත් අගේ කල හැකි "star wars" වගේ ඒවත් තිබුනා.

      Delete
  18. මගේ යාලුවෙක් මීය මැරිල මළා.

    ReplyDelete
    Replies
    1. ඇයි ටෝච් පාරක් කාල නෙවෙයිද මලේ? මේක වැටිලා තියෙන්නෙ වැරදි පෝස්ට් එකට වගේ.🤣

      Delete
    2. නෑ යකෝ. මම එනකොට ඒ පෝස්ට් එක තිබ්බෙ නෑ.

      Delete