Saturday, November 19, 2016

නැතිවූ දියමන්තියේ අභිරහස




ඔබ ජේත්තුකාර  ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්‍යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ  එයාලගෙ  අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං  ජීවිතේට දැකපු  හැකරම කට සහ  ලොකුම මූලග්ගාය තිබ්බෙ  උන්දෑට.



මං මේ කිය කිය හිටියෙ, මං පේජ්-බෝයි කෙනෙක් ලෙස ඒ තරුණ ආර්‍යාවන්ගෙ  සේවයට ගියා කියලයි. එතකොට මට යන්තං වයස පහලොවයි. ජූලියා ආර්‍යාව,



සර් ජෝන් වැරින්ඩර්ව(නැසීගිය) බඳින කල්ම මම එහේ හිටියා, . මේක මේ ඔහෙලත්, මාත් අතර විතරයි ඈ? ඔය සර් ජෝන් වැරින්ඩර් ඉන්නව නේද?  පංකාදු මනුස්පයා, එයාට ඕන කලේ එයාව කලමනාකරණය කරගන්න කෙනෙක් විතරමයි. ඉතිං එයා හොයපු කෙනා එයාට ලැබුණා,අපේ  පොඩි ආර්‍යාව එයාව පල්ලියට ඇදගෙන ගිහින් බන්දවව්ව ගත්තදා ඉඳලා,   හොඳට  කාල, බීලා , ආරපු  සර් ජෝන්, අවසානෙ බොහොම සන්තෝසෙන් ඇස් දෙක පියාගත්ත.



මට කියන්න බැරි වුනා නෙව, මම සෑර් ජෝන්ගෙ ලඟ සේවයට ගිය කොටස. ජූලියා ආර්‍යාව , සෑර් ජොන්ව බැඳගත්තාම , මාව වැරින්ඩර්  වලව්වට අරන් ගියා. අපේ ආර්‍යාව ගෙවතු වැඩ, සෑර් ජෝන්ගෙ වතුවල වගා කටයුතු ගැන උඅනන්දුවක් දක්වන බව දැක්ක මමත් ඒ ගැන උනන්දු වුනා. ඒකට තව හේතුවක් වුනේ, මම අඳ ගොවියෙක්ගෙ  පුතෙක් වීමයි. කොහොමින් හරි මම සෑර් ජොන්ගේ වතුවල කංකානම් තනතුරක් දක්වා උසස්වීමකුත් ලැබුවා.




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWOeAbmjP_NUSaeJXW1P3rGdOGIOF0W8-a06y3EkeArWifUEy_G6X0nP-NstBJahTrky0tfjamka3zych81a3FXv05kL7ASb-TnmtY1lSTjYfN6Gmgl5CvQY865LIldm1dfxkIp-gD-KQk/s1600/Willem+Joseph+Laquy+%25281738-1798%2529+-+A+Scullery+Maid+Preparing+A+Chicken.jpg
පාට එරන්වන් ගඟබඩ කොකුන්නේ

රෑට බතට චිකන්ද , අද තියෙන්නේ?



ඉන්න හිටින්න මටම වෙනම පොඩි ගෙයකුත්, උදේට වතුවල  නිරීක්ෂණ සංචාරත්, හැන්දෑවට   ගණන්පොත් තැබීමේ වැඩත්, ඉන්පසු දෙකක් නමාගෙන ,මගේ පයිප්පය දල්වාගෙන උඳුන ලඟ ගිණි තපින, වාසනාවන්තයකුට , තව මොනවද ඕනෙ කියල ඔබ අසාවි? මතක නෙව, ඊඩ්න් උයනේ  සනීපෙට හිටිය ආදම්ට ඕනෙ උනදේ? හරි, ඔබ ඒ ගැන ආදම්ට දොස් කියන්නෙ නැහ්නං , මටත්  දොස් කියන්න එපා.



මම ඇහැ ගහගෙන හිටිය කෙල්ල තමා, මයෙ ගෙදර වැඩට වලව්වෙන් එවාපු කෙලී -සැලීනා. බිරිඳක් තේරීම ගැන, අපේ පැරණි කියමනක්  එක්ක මං එකඟ වෙනවා. බලන්න ඇය කෑම, හොඳට හපලා කනවද? පොලවෙ හොඳට පය ගහල ඇවිදිනවද? කියලා, එච්චරයි. සැලීනා මේ අංස දෙකෙන්ම කිසිම අඩු පාඩුවක් තිබ්බෙ නෑ. මේ තීරණයට, මගේම සොයා ගැනීමක් වෙච්ච තව හේතුවක් තිබුණා. සැලීනාගෙ සේවය වෙනුවෙන්  මට මාසිකව සෑහෙන ගාණක් ගෙවන්න වුනා. සැලීනා මගේ බිරිඳ වශයෙන් , ඇයට මට ඒ සේවාවන් නොමිලේ සපයන්න වෙනවා. මම බැලුවෙ  ඒ කෝණයෙන් - ආදරය බිඳක් මුසුකල ආර්ථික විද්‍යාව!



කල්යල් බලලා, මම මේ අදහස අපේ  මැඩම්ට දැම්මා. " මම මේ




හපල කනවද බලන හැටි

සැලීනා කෙල්ලව හිතේ කරකවල බැලුව , මැඩම්"මම කිව්වා" මට හිතෙන විදිහට ඇයව තියා ගන්නවට වැඩිය බැඳගන්න එක ලාබයි, මැඩම්". හොඳ හැටි හිනා වුන අපේ ආර්‍යාව මට  අවසර දුන්නා.  මමත් සැලීනට වචනෙ දැම්මා. ඔබ පුදුම වෙයි , ඔබ කොච්චර ටිකද ගෑණු ගැන දන්නෙ කියලා, ඈ  දෙපාරක් හිතෙන්නෙ නැතුවම " හා" කිව්ව නෙව?





මගේ තනිකඩ ජිවිතේ කාලය අවසාන වේගන එනකොට, ඔය කොයි චන්ඩියටත් එන හැඟීම මටත් ආවා -  හිටිය විදිහට  හිතූමතේ ජීවිතේ ඉන්න තිවුණ නං කියලා. අපේ රටේ විවාහ පොරොන්දුවක් කියන්නෙ, නීතිමය බැඳීමක්. මම සැලීනට, පිහා‍ටු පුරෝපු මෙට්ටෙකුයි, සිලිං පනහකුයි  වන්දියට දෙන්න යෝජනා කලා,මේ මර උගුලෙන් ගැලවෙන්න. විස්වාස කරන්න, මේ මෝඩ ගෑණි "බැහ්" කිව්ව නෙව?



මං මේ කිය, කිය හිටියෙ මොකක්ද? ආ, හරි දියමන්තිය නැතිවෙච්ච හැටි ගැන නෙව?



-Chapter I ,THE LOSS OF THE DIAMOND






http://theweddingtodolist.com/wp-content/uploads/2015/11/funny-wedding.jpg
හහ්, එව්ව හඳේ මාත් එක්ක?

-THE EVENTSRelated by Gabriel Betteredge,

House-Steward
in the service of Julia, Lady Verinder


Year 1848




පොතේ නම The Moonstone, ලිව්වෙ විල්කි කොලින්ස් වර්ෂ 1868 දි. ලෝකයේ ප්‍රථම රහස්පරීක්ෂක නවකතාව කියලත් මතයක් තියනවා. A detective story with a dash of romance, මට හිතෙන්නෙ එහෙමයි.






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ9X-h6H0fUv_eBornE3tVGuz-4mmlJkB9x6H8Nf6oYwlrmZBqQtYK_isNBug6ZwS6NAML41Tgd40yeXhz2u1tHv8gJNPxNTVzavsj6k-muDGhcz203uJB2aTExakqHg4TWt4e1hQG24BT/s1600/Joseph+deCamp+%25281858-1923%2529+-+The+Steward+aka+Lewis+of+the+Porcellian+1919.jpg
Dinner is served, Sir

ඔය පඳුරු තැලිල්ල හොයා ගත්තෙත්  විල්කි කොලින්ස් කියලයි මට නං හිතෙන්නෙ. පොත කියෙව්වොත් ඔබත් මා එක්ක එකඟවෙයි. කතාවෙ මේ හරිය කියන,වැරින්ඩර් මන්දිරයෙ  ප්‍රධාන ගෘහ සේවක, ගබිරියෙල් උන්දෑ  පඳුරු තලන්න,වංගු ගහන්න දෙයියා.බලාගෙන ගියාම පඳුරු තැලිල්ල  පුරාණේ සිට පැවත එන වැදගත් චාලිත්තරයක් නෙව, ඔය කස්ටිය යස අගේට තලල තියෙන්නෙ පඳුරු එකදාස් අටසිය ගණන් වල? ඉතිං , ඔබ ඒ ගැන විල්කි කොලින්ට දොස් කියන්නෙ නැහ්නං , අර අහිංසක හැලපයට මුකුත් කියන්නත් එපා.



කීපවිටක් සිනමාවට නැගුවත්, පොත මාර රහයි කියල කිව්වෙ අසල්වාසී එළුවෙක්. මාත් ඒකා එක්ක එකඟ වුනා. එක හේතුවක් ,කතාව ඉදිපත් කරන විදිහ: කතාවට සම්බන්ධ විවිධ අයගේ ලිපි, සටහන් මඟින්. අර බ්‍රෑම් ස්ටෝකර්ගෙ , ඔරිමජිනල් ඩ්‍රැකියුලා පොතේ ඉට්ටැයිල් එකට. පරිසරය වැනිල්ල, කුතුහල , සංත්‍රාසය  ඒ වගේමයි, භීෂණ රසය ඇර. කතාවෙ ප්ලොට් එක මේක නෙමෙයි, මේ  ඒකට අවශ්‍ය වේදිකාව තනන කොටස්. මට නං වැඩියම රස මේ කොටස්. සිනමාවට ගන්න කොට කප්පාදු කරල තියෙන්නෙත් මේ කොටස්.





කොහොමත් වික්ටෝරියානු යුගයේ එංගලන්තය, මගේ ප්‍රියතම කාලයක්. ගල් ඇතුරූ මාවත්,  නිරන්තර  මීදුමින් වැසුනු නගර වල ගෑස් වීදි පහන්, අස්ප කරත්ත, පිලිවෙලකට ඇඳපු මිනිස්සු, අඳුරු ප‍ටු මාවත් මේ ඔක්කොම මගේ හිතේ ඇති කරන්නේ චමත්කාරයක්. ඒ පරිසරය අනුගතවෙලා මේ කතාව රස විඳින්න බලන්න කියලයි මම කියන්නෙ.  හොඳම දේ ඉංග්‍රීසි පොත කියවන එක. සියවස් එකහාමාරකට ඉස්සර ලිව්ව පොතක් වුනත් , පොතේ භාෂාව හරිම ලස්සනයි.මේ පොත සිංහලට පරිවර්තනය කරල තියනවා " චන්ද්‍රකාන්ති පාෂාණය" වගේ නමකින්, අඩුගානේ ඒකවත් හොයාගෙන කියවන්න.




ඔහෙල දන්නව නෙව , මං කම්මැලි බකමූණා වග, කම්මැලියාට දිවැස් තිබේ කියල කතාවකුත් තියන නිසා , මං ගියා පරිවර්තනය කරන්න ඕනා කොටසත් අරගෙන ගුගල් දෙයියා හම්බවෙන්න. ඔය තියෙන්නෙ උන්දැගෙ පරිවර්තනය,





අවුරුදු 50 වැඩි නිසා කොපි රයිට්ස් නෑ. The Moonstone pdf කියල ගුගල් කලාම හොයාගත්තෑකි. මෙහෙම පොත් නොකියවපු "ඔය දෑස් , මක්කටෙයි?"




http://payload411.cargocollective.com/1/18/599955/10535512/firma_reduida_1000.jpg















Saturday, November 12, 2016

Chef බස්තියං





https://cache-graphicslib.viator.com/graphicslib/thumbs674x446/2428/SITours/handmade-italian-pasta-cooking-course-in-florence-in-florence-168393.jpg

බොහොම කාලෙකට ඉස්සර අපේ  ඉස්කෝලවල ගෘහ විද්‍යාව කියල විෂයක් උගන්නලා තියනවා. ඉවුම්-පිහුම්, ගේ දොර අස්-පස් කිරිලි, මැහුම්-ගෙතුම් වගේ එදිනෙදා ජීවිතේට අත්‍යවශය දේවල් තමා මේකට ඇතුලත් වෙලා තිබුනා යැයි කියන්නෙ. මේ විෂය කොච්චර සාර්ථකද කියන්න දන්නෙ නැති වුනත්, සංකල්පයක් විදිහට මේක බොහොම වටිනා එකක්. නමුත් මෙතන බරපතල කොස්සක් - තිබිල තියනවා: මේක උගන්නලා තියෙන්නෙ ගෑල්ලමයින්ට විතරයි.



මං කියන්නෙ , මේක බරපතල gender discrimination එකක්. ඇයි අපි ඔ‍ටුවොද? ඇත්ත, මෙව්වා "පිරිමින්ට අයිති නැති, ගෑණු වැඩ" කියන සමාජ සංකල්පයක් තිබුණා තමයි. නමුත්  වර්තමානයේ  අපේ ජීවන රටාවත් එක්ක  මේ සංකල්පය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියලයි  මට හිතෙන්නෙ.අපට තියෙන්නෙ ,අපේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයෙ තියන , වැඩකට නැති විෂයක් හලලා හරි "ගෘහ විද්‍යාව" නැවත රිංගවන්න. මං නං කියන්නෙ ඒක අනිවාර්‍ය විෂයක් කරලා, අකමැති කොල්ලන්ට බලෙන්  හරි උගන්නන්න ඕනෙ.  උන්දලා පස්සෙ කාලෙක හරි ඒකට පිං දෙයි.



http://www.munchcatering.net/wp-content/themes/bootplate/images/man-with-yummies.pngතමන්ගෙ වැඩ තමන්ම කරගන්න, ස්වාධීනව ජීවත්වෙන්න හැකි සමාජයක, මේ"ගෘහ විද්‍යාව" කියන්නෙ බොහොම හුරුබුහුටි කුසලතාවයක්, මිස ලැජ්ජාවෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. අද බොහෝ අය උසස් අධ්‍යාපනය, ‍රැකියාව වැනි දේ නිසා තරුණ කාලය ගත කරන්නෙ ගෙදරින් පිට, බෝඩින් වල. ජීවිතේ යම් කාලයක්  ගෙදරින් පිට ඉන්න නොවිච්ච අය , අද හොයාගන්නත් අමාරුයි. මෙවැනි පුහුණුවක අගය දැනෙන්නෙ අන්න එතකොටයි.




ඒ ඇරත් අද  සමාජයේ , කුස්සිය කියන්නෙ පිරිමින්ට  තවදුරටත් ආගන්තුක තැනක් නෙමෙයි. මං කියන්නෙ බොරු නං, ඔහෙල ඔය දන්න කියන ගෙවල්වලට හොම්බ දාලා බලන එකයි ඇත්තෙ. ඉස්සෙල්ලාම කුස්සිය පැත්තෙන් ඇහෙයි" ජිංජි බරස්, බරස්" කියල සද්දයක්, ඊට පස්සෙ ගෙදර ගෘහ මූලිකයා, කුස්සිය පැත්තෙන් මතුවෙයි' මං මේ  පොඩි රෙපයාර් වැඩක් කර, කර හිටියෙ' කියාගෙන. හොඳට බැලුවොත් පෙනෙයි, සරුවාංගෙ පුරාම  පොල් කෙඳි, පොල් කුඩු.



ගෘහ විද්‍යාවට අයත් දේ අතරින් වැදගත්ම, නමුත් වැඩිම අවතක්සේරුවට පාත්‍ර වෙලා තියෙන්නෙ සූප ශාස්ත්‍රය. මට අනුව නං උයනව කියන්නෙ කලාවක්. බෙරි නොවෙන්න, බතට කොච්චර වතුර කියන්න ඕනෙද කියන එකේ සිට , හොද්දට පදමට ලුණු-ඇඹුල් දැමිල්ල දක්වා හැම එකකටම කලාවක්-වෙලාවක්, ගාණක්-මිම්මක් තියනවා.



උදාහරණයක් විදිහට ඇඹුල් ගත්තාම, දෙහි, තක්කාලි, ගොරක,  සියඹලා ඔක්කොම ඇඹුල් උනාට එව්වයෙ රස වෙනස්,  මොන එක මොන වෑංජනයට දානවද කියන එක තමා කලාව.



තවත් මම දැකලා තියෙන දෙයක් තමා කෑම උයන්න දන්න අය උනත්, දන්න කෑම රෙසිපි ගැන උනත් තියෙන නොදනුවත් කම. සමහරු ඔහේ හිතට එනදේ හොද්දට දානවා , හිතෙන, හිතෙන විදිහට. අපේ හෝතම්බුවාට ඔය ගතිය සැරටම තියනවා.හදිසියෙ හරි, අල, ළූණු අඩුවට දාලා තිබුනොත් උන්දැට ඒක හොඳ නෑ, ගාණ වැඩි එකම තමා හොඳ. මට මතක් වෙන්නෙ බාලා. කාලයක් මම මැලේසියාව ලඟ තිබ්බ දූපතක වැඩකලා. බාලා හිටියෙ අපේ චමරියෙ. එදා බාලා උයන දවස. අපි ගෙදර ආවෙ හොඳට බඩගිනිවෙලා. බාලා ඉන්නවා ඉස්සරහ ඉස්තොප්පුවෙ  වාඩිවෙලා කකුල් වන,වන. මුකුත් උයල නැ. ඇහැව්වාම කිව්වෙ මෙහෙම " ගේ හරියෙ, කොත්තමල්ලි, උළුහාල් ඇටයක් නෑ, ඉතිං කොහොමද උයන්නෙ?"



අපේ හෝතම්බුවා මීගමුව පලාතෙ. හරියටම කියනව නම් කිරිමැටියානෙ. මස් , මාළු ගැන අපිට උන්දලා එක්ක හැරෙන්නවත් බෑ. උන්දැගෙ කුකුල්මස් කරියයි, මාළුමිරිස් දාලා මිරිසට හදන සැමන් එකයි පංකාදු පහයි. ඔන්න මං ඉල්ලුව රෙසිපිය:



මං: මචං , දැන් ඔය  වෑංජනේ හදන්නෙ කොහොමද?

හෝතම්බුවා: සැමන්, මාළුමිරිස් තුනපහ, මිරිස් අතගාලා පැත්තක  තියලා, ලූණු මිරිස්, කරපිංචා තෙලට දාලා , ඒකට අර සැමන් දාලා ගන්නවා.



මාත් ඒ කිව්ව විදිහට හැදුවා, බල්ලෙකුට කටේ තියන්න බෑ.

මං: ඈ බං, මං හැදුව හරිගියේ නෑ නෙව? ඒකට තව මොනව හරි අඩුයි වගේ? සුදු ළූණු දානවද?

හෝතම්බුවා: නැතුව

මං:දැං බලාපං , උඹ ඕක මට කලින් කිව්වෙ නෑනෙ? මේක හරියන්නෙ නෑ. උඹ හදපං , මං බලාගෙන ඉන්නම්.



පස්සෙ බලනකොට අඩුපාඩුව. ඇඹුල්.උන්ද ඒකට තක්කාලිත් දාලා, ගොරක බික් දෙක තුනකුත් දානව. ගොරක නැතුව මේ සම්මජාතියෙ ඒකෙ නියම රහ එන්නෙ නෑ. ගොරක තමා එතන  secret ingredient එක.



මං පරිප්පු උයන්නෙ, ඇට බෙරි නෙවෙන්න. මං පරිප්පු හදනවා , මිරිසට පොල්කිරි කඳුලක් නොදා , ගෙදර ළූණු නැත්නම් ඒ මුකුත් නැතුව. කිසි අවුලක් නෑ යස අගේට තියනවා. එකම දේ තෙම්පරාදු කරනවා. දැන් අපි එන්නෙ, වෑංජනේක secret ingredient එක කියන මාතෘකාවට.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzKgZDAouhteAxgwKIhiWANGhx6fluecWrU2y9FA0RDSLfpjl8L03sro42GQPlyCr83b9IGvuH3Gj8c4DLS2sfxfQO69ohi6nfBwXQ0chJzjODiYgPX7n41yvFSGvVE-9XqDO0C4iRG-HW/s1600/1_phixr.jpgසමහර විට මේ එක අත්‍යාවශය දේවල් එකක් හෝ අඩු වුනොත්, බලාපොරොත්තුවෙන රස ලැබෙන්නෙ නෑ. හිංගලෙන් ඔව්වට කියන්නෙ secret ingredient කියලා. සම්බෝලෙට, කරවල බැදුමට සියඹලා සහ අනෙක් බොහෝ වෑන්ජන වලට "oyster sauce" තමා මගේ secret ingredients.



ඉස්සර පොඩිකාලෙ මං පිට ගෙදරකට ගියොත් කෙලින්ම රිංගන්නෙ කුස්සියට, උයන හැටි බලන්න. අපේ ගමේ වයලට් අක්කා තමා , මට ඉස්සෙල්ලාම කරවල බදින හැටි ඉගැන්නුවෙ. ඉස්සෙල්ලාම බැදිය යුත්තේ කරවල බවත්, ලූණු තෙලට අන්තිමට එක්කරන්නේ කරවීම වැලක්වීමට බවත් කී වයලට් අක්කා , "In the game of cooking, timing is everything " නැමති වටිනා පාඩම මට ඉගැන්නුවාය.





කෑම වල texture එක කියන්නෙ බොහොම වැදගත් දෙයක්.

ආහාරයක, ගුණයත්, රසයත් , පෙනුමත් ගන්න නම් මේ texture  එක  ‍රැකගන වැඩිත් නැතුව, අඩුත් නැතුව උයාගන්න ඕනෙ. විශේෂයෙන්ම එලවළු, බෝංවි, කොල වගේ එව්වා. මේ කලාව චීන්නු හොඳට දන්නවා. ඔබ දකින චයිනීස් කෑම වල, එලවළු ලස්සනට කොලපාටට , කරස් ගාලා හැපෙන පදමට තියෙන්නෙ ඒකයි.තුනපහ  අධික ලෙස යොදා , තලප වෙන්න බෙරි කරලා උයන ඉන්දියන් කෑමට මම අකමැතිත් ඒකයි.



අවාසනාවට දේශීය වෙදකම වගේම, අපේ සුප ශාස්ත්‍රයත්  අභාවයට යන කලාවක් කියලයි මට හිතෙන්නෙ. තවකෙනෙකුට කියාදෙන්න ඇති අකමැත්ත, මෙව්වා ඉගෙන ගන්න, ලේඛණගත කරන්න උනන්දුවක්, ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතිකම වගේ හේතු ගණනාවක් මෙයට දායක වෙනවා ඇති.මා මෙන්ම ඔබත් බොහෝ විට අසා ඇති සමහරු මෙහෙම කියනවා " අපේ  අම්මා හදනවා  කිරිකොස් මාළුවක්, ආයෙ මොනවද ඒක එක්ක විතරක් බත් පිඟානක් කතෑකි" .



ප්‍රශ්ණෙ තියෙන්නෙ,  ඒ හැකියාව ඊලඟ පරම්පරාවට  නොයෑමයි. ඒ නිසා ඒ පරම්පරාවෙ අයට කියන්න වෙන්නෙ " අන්න අතන හෝටලයෙ  රෝල්ස් මාරයි, අහවල් හෝටලයෙ බුරියානි එක නියමයි" වැනි කතා විතරයි. පහල විඩියො එකේ 7.58 හරිය බලන්න. කොළඹ හොඳම බුරියානි හදන්නෙ මෙතැන. ලොකු, ලොකු තැන්වලත් මෙතනින් ඕඩර් කරලා අරගෙන ගිහින්  විකුනනවා.





මේකට විසඳුමක් ලෙස මා දකින හොඳම  දේ ඉන්ටනෙට් එක. මා මේ විෂය ගැන විශේෂඥයෙක් නූනත්, දැනටමත් මේ ගැන ලිපි ලියා ඇති අය උනන්දු කරවීම මගේ අරමුණයි.සොඳුරු සඳවතී ලියපු "පොඩි කාලේ කාපු බීපුවායේ රස !" කියන ලිපිය දැක්කාම තමා මට මේක ලියන්න හිතුනෙ. අපි ඉවීම අවතක්සේරුවට භාජනය කරන බව මට හිතුනෙ, එතරම් අමාරු දෙයක් ලෙස අප නොදකින "මිරිස් බැදිල්ල" ගැන මාරයා ලියපු ලිපියක් දැකලා. තව තේනුවර මහත්තයා කාලෙකට ඉහත ලියපු "අපේ දිව්‍ය භෝජන" ලිපි පෙලත්, මාතලන් ලියපු "මාළු ඇඹුල් තියල්" ලිපියත් බලන්න වටින එව්වා. මම නං බලල, සේව් කරගත්තා හිටං.





Now, this song is stuck in my head :)