Wednesday, September 23, 2015

ගිම්හානයේ ආ අමුත්තා








එදත් වෙනදා වගේම පට්ට රස්නෙ දවසක්. මං හිටියෙ රාත්‍රී වැඩමුරයට යන්න ලෑස්ති  වෙමින්. ගෙදර ඉන්න හෝතම්බුව , මට කතා කලා.



" බස්සො, උඹ දැන්නව නේද ටොලාව? අන්න බුවා, ආපහු ඇවිත්. මං හිතන්නෙ මිනිහට ඉන්න තැනක් නෑ"

"හෑ, ඉන්න තැනක් නෑ? එතකොට කොහෙද අද රෑ ඉන්නෙ?"

" මිනිහට මෙහෙ එන්නද අහන්න ඕනෙකම තියනවා. ඒත් කෙලින්ම මට කිව්වෙ නෑ. ඇහුවම කිව්වෙ, ඔ‍ෆිස් එකේ නිදාගන්නව කියලයි. මං ගිහින් තියනවා ඒකට. ඒක මේ  හුංඩුවක් වගේ තැනක්, පු‍ටුව උඩ දපා තියල ඇති, පව් වැඩේ"



" ඔන්න ඔහෙ එන්න කියපං, අපේ  එක්ස්ට්‍රා ඇඳ තියනවනෙ"






http://diymusician.cdbaby.com/wp-content/uploads/2012/03/iStock_000019172228XSmall.jpg

තිබ්බ ඔක්කොම සබ්බ සකලමනාවම පොඩි ට්‍රොලි බෑග් එකක දාගෙන ගිටාර් දෙකකුත්  කරේ දාගෙන, පහුවදා ටොලා අපේ ගෙදරට සැපත් වුනා. ඔහෙලා දැකලා තියනව නෙව කව්බෝයිලා, අර බුදියන පැදුරයි, පොරෝනයයි  රොල් කරලා අස්පයගෙ පස්සෙ බැඳගෙන යන්නෙ. නැහ්නම්, අර බයිකර්ලා, සියලු සබ්බ සකලමනාවම බයිසිමොටෝවෙ දාගෙන , ලෝකෙ පෙරලුනත් ගාණක් නෑ වගේ යන්නෙ. මට ටොලාව පෙනුනෙ , අන්න ඒ නූතන කව්බෝයි කෙනෙක්ගෙ සිරි ලංකන් වර්ශන් එක වගේ.



ටොලා , හෝතම්බුවගෙ යාළුවෙක්.මං මිනිහව  කීපවිටක් මුණගැහිලා තිබුණත්  කලින් එච්චර  දැණහැඳුනුම්කමක් තිබ්බෙ නෑ.සාධාරණ, හිතහොඳ මනුස්පයා.මිනිහා හොඳ විනෝදකාමියා, සංගීතකාරයා. පිලිවෙලකට ඇන්දා, කව්බෝයි හැට් එකක් නූනත්  අමුතු තොප්පියකුත් දැම්මා . බොනවා, ඒත් බේබද්දෙක් නෙමෙයි. 



ගෙදරදි බිව්වට වාත වෙන්නෙ නෑ.  පදම වැඩි වුනාම, හෝතම්බුවාව ඇදගෙන යනවා බිලියඩ් ගහන්න, ඒකට කිව්වෙ " බෝල තල්ලුකරනව" කියලයි. සමහරදාට හෝතම්බුව කම්ප්ලේන් කරනවා :



" මූත් එක්ක බෑ බං. පබ් එකේදි ආයෙ බියර් ගැහැව්වා. ඒ කරලා, මූ යනවා සුද්දොන්ට බිලියඩ් ගහන හැටි කියාදෙන්න" :)



ටොලාගෙ මේ ‍ෆ්‍රී බර්ඩ්  ලයිෆ් ඉස්ටැයිල් එක මං වගේම, පුම්බාත් අනුමත කලේ නෑ. ආ , පුම්බා කියන්නෙත් හෝතම්බුවා මාර්ගයෙන් අඳුන ගත්ත තව මිතුරෙක්. පුම්බා අපි වගේ හිතන කෙනෙක්. ලංකාවෙදි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ ‍රැකියාවක් කරපු කෙනෙක්.



වයස විසිගණන් වල මෙහෙට ආපු ටොලා, යාන්ත්‍රික විද්‍යාව හදාරපු කෙනෙක්. නවසිය බරගණන්වල, මෙහෙ ‍රැකියාවල් අඩගහල දෙන කාලෙ ,හොද ‍රැකියාවක් ලැබුණත්, සේවා මුර කරන්න බෑ කියලා එව්ව අත්හැරලා. ඒත් තමන්ගෙම ව්‍යාපාර කරල හොඳට හම්බ කරල තියනවා. තමන්ගෙම ගෙවල් දෙකක්, ඒ තියා අර්ධ සුඛෝපභෝගී යොට් එකක් පවා තිබිල තියනවා. එව්වා ඔක්කොම නැති කරගෙන, ඒත්  මේකාට ඒව්වයෙ වගක්වත් නෑ, ඔය ඉන්නෙ යස අගේට :)



ටොලාගෙ  වීක්නස් එක තමා ගෑණු.ලෝකෙ ඉන්න ඔක්කොම ජාති වල, විවිධ වයස් වල ගෑණු යාළුවො ඉන්නවා, කලු කෙල්ලොත්  එක්කම. දවසක්, වෙන රාජකාරියකට එක්කගෙන ආවා යාළුවෙක්. නමේ හැටියට ජා, නැත්නම් මැලේ. තරුණවිය ඉක්ම යමින් තිබුණත්, පෙර රූ සිරියෙ නටබුන් අඩු නැතුව තිබුණා. කතව අතරෙදි , කියවුනා, එයත් ටොලාගෙ යොට් එකේ පාටිවලට සහභාගි වෙච්ච බව :)



පුම්බා නං කියන්නෙ, ටොලාව නැතිකලේ ගෑණු කියලා. " ටොලා, ෆන් අරගෙන වැඩියි" එහෙමයි, පුම්බා කියන්නෙ. ටොලා නෙමෙයි ඒ විවේචන සත පහකට ගණන් ගන්නෙ:)



By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher



මෙහෙම කියල තියෙන්නෙ සොක්‍රටීස්. මං හිතන්නෙ ටොලාට ඕනෙ වෙලා තියෙන්නෙ දාර්ශනිකයෙක් වෙන්න. බාගදා, හතර සැරයක්ම බැඳල තියෙන්නෙ ඒ නිසා වෙන්ටෑ?



ටොලා " ලිවින් ෆෝ ද ඩේ" ක්‍රමවේදය ප්‍රමෝට් කලා. නැති කරගත්ත දේ ගැනවත්, ගතකල ජීවිතේ ගැන වත් අබමල් රේනුවක පසුතැවිල්ලක් තිබ්බෙ නෑ.ඒත්, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනක් ලෙස, ඔහුට සාමාන්‍ය ආදායමක් තිබ්බා.



ඇත්තටම Epicurus කියල තියෙන්නෙත් මෙයට සමාන දෙයක



Epicurus notes that it is essential to eliminate all pointless fears, starting with the two biggest: fear of the gods, and fear of death.  


Once these two great metaphysical anxieties have been rejected, Epicurus analyses the question of the  pleasure that enables us to reach happiness. He starts by noting that our unhappiness results essentially from our permanent dissatisfaction. Then, he makes a first distinction between three sorts of desire: natural and necessary desires (eating, drinking, dressing, having a roof over our heads …); natural and non-necessary desires (fine cooking, beautiful clothes, a comfortable home …); non-natural and non-necessary desires (power, honors, great luxury …). He explains that we need to satisfy only the first group in order to be happy; the second group can be sought, even if it would be better to renounce them; as for the third group, they need to be avoided.



- Happiness :Frédéric Lenoir








,In the Garden of Pleasures, with Aristotle and Epicurus


කෙටියෙන් කිව්වොත්, "Life is short, so make sure  you enjoy it , while you can" කියපු Epicurus  
දාර්ශණියෙක් නම්,  ජීවිතේ හොඳට රස විඳපු , ඒ ගැන පසු නොතැවෙන ටොලාගෙ ලයිෆ් ඉස්ටැයිල් එකත් දර්ශණයක්.ප්‍රශ්ණෙ තියෙන්නෙ ජීවිතකාලයක් සිරි ලාංකික "හොඳ පුරුදු" ප්‍රගුණ කරපු මටවත්, පුම්බාටවත් ඒක දිරවගන්න බැරි එකයි. මං කොහේද දැක්කා . හුස්මක් කටක් නොගෙන දැන් වැඩ කරලා, රිටයර් වෙලා ෆන් ගන්න හදනකොට, පරක්කු වැඩියි, බෝට්‍ටුව ගිහිල්ලා තියෙයි කියලා :)



ටොලා උග්‍ර රාජපක්ෂ පාක්ෂිකයෙක්. ටොලා, පුම්බා එක්ක ගැටෙන්න එක හේතුවක් ඒක. දෙන්නා ගෙ දේශපාලන විවාද, අපට නොමඳ විනෝදය ගෙන දුන්නා. පහුගිය ටිකේ , මාත් අසාමාන්‍ය ලෙස, සති අන්ත සාද වලදි, කරටි කැඩෙන්න බිව්වා. ටොලාගෙ පැරණි රසාංග - පරණ කතා සහ සිංදු අහන එක එච්චරටම නැගලා ගියා.  "Guitar is a life saver" අදටත්, මිනිහගෙ දුක සැප බෙදා ගන්න සංගීතය ගැන ටොලා කිව්වෙ එහෙමයි. 



ඔව්වා ඇහෙන කොට පුම්බට තද වෙනවා :). ටොලා කැමති සිංදුවක් තමා " සුරංගනා කතා තවත් නොකියනු මැන මට" කියන එක. පුබ්බා නිතරම ඇනුම්පදයකට ඇදලා ගත්තෙ ඒක.

ගිය සඳුදා ටොලා ගියා.දැන් උදේ පාන්දර ගෙයි දොර අරිනකොට කෝපි සුවඳ දැනෙන්නෙ නෑ. බැන්ජො ගිටාර් එකේ සෞම්‍ය සංගීතය ඇහෙන්නෙත් නෑ,මට දවස් දෙකක් විතර ගියා , පුරුදු ට්‍රැක් එකට එන්න.මං සැලුනෙ, හුස්මක් කටක් ගන්නෙ නැතුව එකසිය ගාණට , පුළුවන් කාලෙ වැඩ කරලා, "වැස්ස" කාළෙට ගන්න යමක් ඉතුරු කරගන්න ඕනෙ කියන බස්සාගෙ " කුහුඹු" තියරි එකේ බවුන්ඩේසමටම, ටොලා නැමති තණකොළ පෙත්තා කෙලිය නිසාද,  නැත්නම් මට ටොලා තුලින් මගේම  අනාගත ප්‍රතිරූපය පෙනුන නිසාද කියලා අදටත් මට පැහැදිලි නෑ.


 හිටිය ටික දවසට , ටොලා  මගේ  ජීවන ගමනේ  සලකුණක් තියලා ගියා කියල නං හිතෙනවා.



ටොලාගෙ පැරණි රසාංගයක්:
















Sunday, September 13, 2015

කො‍ටු පැනපු දස්කොන් සහ රට පැනපු සිමියොන්



http://www.tayafinchonline.com/media/blogs/visit-kandy-the-ancient-capital-of-sri-lanka--1492510980.jpg

අර කලින් පෝස්ට් එකේ  සිංදු කියපු ගෑල්ලමයා ගැන විස්තරේ  හොයා ගත්තා.එයා ඉන්නෙ නවසීලන්තයෙ, කන්නෙ චෙරි, බෙරි වෙන්ටෑ? කොහොමත් ඔය පිටරට හැදිච්ච අපේ ගෑල්ලමයි ගැන මයෙ පොඩි ගවුරවයක් තියනවා. දැං බලන්න මේ කෙලීට හරියට සිංහල කතාකරන්න බෑ, බොහෝ විට ජීවිතේම ගතකලේ නවසීලන්තෙ වෙන්ටෑ?ඒත් නියමෙට සිංහල සිංදු  කියනවා. කිසිම ඇක්සන්ට් එකක් නෑ, ඔරිජිනල් සිංහල. ඒකටත් එක්ක අපේ සමහර සක්කර වට්ටං?  උපන්දා ඉඳලා ලංකාවෙ හිටලත්, සිංහල "බේ."





සමහර විට නිජබිමෙන් ඈත් වුනාම රටේ සංස්කෘතියෙ, භාෂාවෙ අගේ වැඩියෙන් දැනෙනවද මන්දා? දැං බලාන්ට, ඔය සමහර  පිටරට අය ඉන්නවා නෙව, සිංහල ප්‍රයිවෙට් ටියුෂන් අරගෙන හරි , බරසාර විදිහට ලියන අය, ආන්න ඒ වගේ. මං හිතන්නෙ ඒ අය බැනුම් අහගෙන හරි ඇවිල්ලා ලියන්නෙ ඒ නිසයි කියලයි. මං දැකලා තියනවා,සමහරු කියනවා " යකඩෝ, අපියි මේකෙ ඉන්නෙ, මේ  රටින් පැනපු එකාලට නෙව අමාරුව" කියලා. මට හැ‍ඟෙන විදිහට මේ කතාව අසාධාරණයි. රටින් පිට ජීවත් වුනා කියලා, අපට අපේ  නිජබිම, භාෂාව ගැන ලියන්න, කියන්න තියන අයිතිවාසිකම නැති වෙනවද? පරම්පරා කීපයක් ගියාම නං වෙනස් වෙයි, ඒත් මුල් පරම්පරාවෙ  පිටරට ඉන්න අයගෙ මුල් තාමත් තියෙන්නෙ ලංකාවෙ. දෙවෙනි  පරම්පරාවෙ අයට, ඒ මුල් බොහොම ලේසියෙන්  ගලවල දාලා, ඉන්න රටේ  සංස්කෘතියට අනුගත වෙන්න පුළුවනි. ඒ වගේ අය අතරත්, තමන්ගෙ මුල අමතක නොකරපු අය ගැන මගේ කැමැත්තක් තියනවා කියල කිව්වෙ ඒකයි.



හරි දැං අපි ආයෙ එමුකො සිංදු කියන ගෑල්ලමයට. අහලම බලාන්ටකෝ කොහොමද  කියලා.ආන්න පිංවතුනී, සහජ හැකියාව!.

කටහඬ වගේම තමා, එයත්, එයාගෙ සාරියත්, ගින්දර වගේ. කොල කෑල්ලක් කිට්‍ටු කලොත් පත්තු වෙනවා, ෂුවර්. නෑ, මම මේ කිව්වෙ සාරිය හරි ගණන් ඇති නේද? :)









ලස්සන සිංදුව. සංගීතය කපුගේ ගෙන්. මං කැමතිම, බීම නිසා අපට අහිමි වෙච්ච තවත් කුසලතාපූර්ණ කලාකාරයෙක්. එහෙම කිව්වට, ඔව්වාවල හරි වැරදි කියන්න අමාරුයි. හැමදේම සාපේක්ෂයි.



දැං අපි ගමුකො ගස්කොන්වම. හොඳ කලාකාරයෙක්, කො‍ටු පනින්න ගිහිල්ලා මාට්‍ටු වෙලා මලා. අපි ඔව්වාවල හරි, වැරදි කියන්න ගිහිල්ලා " කො‍ටු පැන්නෙ මම, බෙල්ල ගියෙ මගෙ, ඇයි උඹට අවුල්ද?" කියල ඇහැව්වොත් මලා නේද?



මතභේදයට තුඩුදීපු, මේ ඓතිහාසික ප්‍රේම වෘතාන්තය  අවසාන වුනේ ශෝකාන්තයකින්. මේක උඩරට රදළයින්ගෙ දේශපාලන කුමන්ත්‍රණයක් කියලත් මතයක් තියනවා. දස්කොන් මරණයට කැපවෙලා, සිරකරල ඉන්දෙද්දි ලියපු "නෝක්කාඩුමාලය" කියන කවිපොත රජතුමාට  ලැබුණෙ, ගස්කොන්ගෙ හිසගසා දැමිමෙන් පස්සෙ බවත්, ඒ  ගැන උරණ වු රජතුමා, එයට වගකිවයුතු විහාරස්ථානයක භික්ෂූන්ට දඬුවම් කල බවත් කියැවෙනවා.




කෙසේ නමුත්, නිර්මාණකරුවන්ගේ නිරන්තර අවධානයට හසුවන මේ අපූරු පෙම් පුවත නිසා අපට රස විඳින්න ලැබෙන කලා නිර්මාණ වලින් අදටත් හිඟයක් නම් නෑ.



 උපන් ලප ගැන තැන, තැන කියවීම , මාරන්තික/සියදිවි නසා ගැනීමක් හා සමාන දෙයක් බව  එදා වගේම , අදත් ඔප්පු වෙලා තියනවා. 




"In Finnish culture, the owl has been considered a stupid animal, probably due to its wide-open eyes. The word pöllö means both "owl" and "idiot", and silmät pöllöllään "eyes owl-y" means "disoriented, dazed"

ඔහොම කිව්වෙ, මං දන්න කියන, මැංටල් ගොලුබෙල්ලෙක්. ඒ වගේම ගොලුබෙල්ලො පවා ගෑල්ලමයින්ට බය බව ගවුරව කරන බව මෙන්න මේකෙන් පේනවා. දැන් බලාගෙන ගියාම nincompoop මමද, කට ‍රැකගන්න බැරිවෙච්ච ගස්කොන්ල ද ,නැත්නම් මැංටල් ගොලු බෙල්ල ද කියන එක නං සාධාරණ ප්‍රශ්ණයක්.:)



පිදුම: පිටරට ඉන්නා අපේ  ගෑල්ලමයින්ට සහ මැංටල් ගොලු බෙල්ලන්ට

Monday, September 7, 2015

මාතෘකාවක් නැත



http://i.imgur.com/7rdT2.jpg

කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා.  මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල්  පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත්  පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව  වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට  " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.



http://oddstuffmagazine.com/wp-content/uploads/2013/06/Shibas15.jpgමටත් දැන් හොඳටම තේරෙනවා, පෝස්ට් එකක් ලියන්න දැං උනන්දුවක් නෑ කියලා. මේක තමයි බ්ලොග් ලෝක ධර්මතාවය.  

බැරි නං , ඊළඟ පරම්පරාවට ඉඩ දීලා , වැඩේ "අප්පුච්චා" කරගන්නෙ නැතුව , නම්බු පිටින් පැංසොං ගන්න එක හොඳයි නෙව? නැහ්ද, මං අහන්නෙ?ඔය අතරෙ ඉන්නවා, මන්දගාමීව උනත් කොලිටිය අඩු නොකර උඩුගං බලා පීනන උදවියත්. ඒ අයට මගේ ප්‍රණාමය පුදකරන ගමන්, සාමානය මූකලං බස්සෙක් වෙච්ච  මට, සමාව දෙන මෙන් ඉල්ලා සිටිනවා.



හැලප ගිලින්න ගිය වෙලාවක, අහම්බෙන් මේක හම්බ උනා. ලස්සනයි, දක්ෂතාවයයි දෙකම එකට පිහිටන්නෙ කලාතුරකින් නිසා ,මේක දාන්න හිතුනා. 










මේක නැගලා ගිය නිසා තව හොයන කොට ඊළඟ එක හම්බ වුනා.









නිරීක්ෂණය: මේකප් වලට සැබෑ වෙනසක් කල හැක.








http://36.media.tumblr.com/ee74d03c930984593d269c9f4357d861/tumblr_n5rjo9B6e21rc2ymzo1_250.jpg





                    

http://static.tumblr.com/49934f483911da65dfa759f6c0ae2681/hytmavm/wLzmtqxkx/tumblr_static_tumblr_m1o3bbflsd1qfhzsvo1_500.jpgපරීක්ෂණය:   මේකප් නොදාපු බස්සෙක්































මේකප් දාපු බස්සෙක්