Monday, January 31, 2022

මාරු මාදිලිය බල සැපයුම

පරිගණකයක, මම අතපත ගාන්න අකමැතිම කොටස තමයි, මාරු මාදිලිය බල සැපයුම (PSU) එක. හේතුව බොහොම සරලයි. ඕකෙ තියනවා හුණ්ඩුවක් විතර තඩි කැප් එකක්. ඕක 300v වලට විතර චාජ් වුනාම, චාජ් එක සෑහෙන වෙලාවක් තියනවා. විදුලිය විසන්ධි කලත්, කැප් එක ඩිස්චාජ් කරන්නම ඕන අලුත්වැඩියාවකට.

මේ ඉන්නෙ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර් කෙනෙක්. පරණ ඇනලොග් යුගයෙන් පටන් ගෙන, නවීන ඩිජිටල් තාක්ෂණය දක්වාම යවත්කාලීන වුන කෙනෙක්,  අපි ඔහෙලා වගේ හාල් කෑලි නෙමෙයි. එහෙව් ඔස්තාර්ටත්, මාරු මාදිලිය දවල් තරු පෙන්නුව කියහංකො. ටයිම්-ස්ටෑම්ප් 5:55 සහ 53:10


 Bad electrolytic capacitor
විදුලිය විසන්ධි කල මරු මාදිලියා මෙහෙම නං, SMPS(switch mode power supply) අලුත් වැඩියා කරන්න/ පරීක්ෂා කරන්නම බැරිද? උත්තරය සාපේක්ෂයි - meh! . පැහැදිලිවම පේන, ඔලුව ඉදිමිච්ච කැපෑසිටර් තියේ නං මාරු කරලා දැමීමට කමක් නෑ. ඊට අමතරව, ඔව්වා අතපත නොගා ඉන්න තරමට ඇඟට ගුණයි කියන එක තමා මගේ අදහස. හේතුව, මේ ආකාරයේ බල සැපයුම් සංකීර්ණයි. ඒ වගේම, බොහෝවිට එව්වා පිච්චෙන්නෙ දාම ක්‍රියාවක් විදිහට නිසයි. අලුත් වැඩියාව, අනතුරුදායක පැත්තට බරයි. ආරක්ෂාවට,මා ලඟ සුපියල් විස්සකට ඇමසන් එකෙන් බාගත්ත Isolation Transformer ගැජමැටික් එක්කුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න ඕනෙ දේ තමයි, මේ වගේ අලුත්වැඩියාවකින්, මහන්සියේ හැටිය ප්‍රයෝජනයක් නැති බව. පරිගණකයක අඩුම මිලක් ඇති, ඒත් ඉතා වැදගත් වගේම, බොහෝ විට අවතක්සේරුවට භාජනය වන උපාංගයක් තමයි බල සැපයුම. මගේ පොයින්ට් එක, තුට්ටු දෙකේ බල සැපයුමක්ම නොගෙන, ඒත් හැකි සෑම විටම ඔය මල හත් ඉලව්වෙන් ඈත් වෙලා ඉන්න කියන එකයි. Prevention is better than cure and Safety is not an option . 
විල්ලුද නළල් යටිකුරිත්තා

ඔව්වා ගැන දන්න කෙනෙක්, අපේ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර්ගෙ වීඩියෝවෙදි මෙහෙම කිව්වා:

I could tell right from the start when you were randomly touching the board that you were going to get a belt from the big caps. That part didn't surprise me at all hehe! The reality is modern PSUs are not worth fixing unless it's an obvious bulged cap. Modern PSUs are far too complicated even if you have the schematic and are a professional repairer. When a PSU fails it's often catastrophic and takes out many parts and almost always it's not visible.
 Any PSU with visual high voltage damage is a lost cause, no point even looking. They are not that expensive to replace with a new one.

මේ කියන හරුපෙ, හරියටම තේරුම් ගන්න නං, නවීන multi-layer PCB සහ ඒවා සාදන ද්‍රව්‍ය වල ගතිගුණ සලකා බලන්න වෙනවා. තේරෙන බාසාවෙන් කියන්නෙ, ඔහොම "ආර්ක්" වෙලා පිච්චුනාම, පේන්නම පිච්චිලා තියෙන ඒවා වලට වඩා හානිය බරපතල වියහැකි බවයි.අටවන මාටින්ල, දැණගන්න ඕනෙ අටවන්න හැකි/බැරි දේ තෝරා බේරා ගන්න. මරු මාදිලියා වැටෙන්නෙ "නොකල යුතු" කොටසට. කරන්න පුළුවන් දේ තමයි පිච්චෙන එක වැලැක්වීම. ඒ සඳහා, ඉඳලා හිටලාවත් ඕකෙ දූවිලි කඩලා, පංකාව වැඩද කියලා බලන එක, ඉදිමිච්ච කැප්ස් තියේද බලන එක නං හොඳ වැඩක්. මම කලේ සුද්ද-බුද්ද කරලා, පංකාවෙ පැත්ත මාරු කරලා, බල සැපයුම ඇතුලට දූවිලි එන එක අවම වෙන විදිහට සකස් කරන එකයි.  

දැන් තේරෙනවා නේද, ඇයි මගේ "මාරු මාදිලිය බල සැපයුම්" අකමැත්ත කියලා? මම අකමැති වුනාට, මේක නැතුවම බැරි භාණ්ඩයක්. මමත් කාළයක් ගත්තෙ, නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් තමයි. ඒත් ටිකක් මිළ අධික GPU වලට මාරු වුනාට පස්සෙ, දැන් තියෙන සන්නාම බල සැපයුම ගත්තා. බල සැපයුමෙන් ආරක්ෂා වෙන්නෙ, ඊට වඩා කීප ගුණයකින් මිළ අධික උපාංග .ඔහෙලට, අපට ඉහළම තත්ත්වෙ මිළ අධික PSU වගේ නරි-වාදං ගන්න බැරි එක ඇත්ත. ඒත් නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් නොගන්න එක(මැදුම් පිළිවෙත), දීර්ඝ කාළීනව ලාභදායකයි. 

පරිගණකයකට, මම කැමැත්තෙන්ම ගන්නා එකම over-kill උපාංගය තමයි බල සැපයුම.බල සැපයුමක් උපරිම ධාරිතාවෙන් වැඩ ගැනීම, ඉතා නරක ( පොලියත් එක්කම ගෙවන්න වෙන) පුරුද්දක් විය හැක. 

සාමාන්‍ය පවර් සප්ලයි(බොහෝවිට අපි භාවිතාකරන) රේට් කරල තියෙන්නෙ 0c-40c වලට. වැඩි ධාරිතාවක පවර් සප්ලයි එකක්, අඩු ධාරිතාවයකින් භාවිතා කල යුත්තේ, එය ඉහත උශ්ණත්ව පරාසය තුල තබා ගැනීමටයි. මගේ පස් -චාස් වියැති "මරු මාදිලියා" තවත් චිරාත් කාළයක් යෙහෙන් වැජඹේවා, ඒස්වාහ පුහ්! 







(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Wednesday, January 19, 2022

හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය

මම "Buyer's remorse - පක්සියකුගේ පසුතැවිල්ල" පෝස්ට් එකේ කියාපු, සුපියල් 32 කට,  ඊ-බේ එකෙන් ගත්ත, Vetroo V5 CPU cooler එක ආවා. ඒත් තාම පරණ එක හොඳට වැඩ කරන නිසා මාරුකලේ නෑ. කොන් දෙකක්, පොඩ්ඩක් තැලිලා තිබුණා. ලාබෙට දුන්නෙ ඒ නිසාද මන්දා? ඒත් ටැක්ස්වත් ගෙව්වෙ නැති නිසාත්, හානිය, කාර්‍යක්ෂමතාවට එතරම් බලපෑමක් නැති නිසාත්, මට නං අවුලක් නෑ. Direct touch heat pipes නිසා cold plate එකේ mirror finish එකක් නං නෑ. ඒ නිසා, මම මේ ලඟදී CPU cooler  එකක cold plate එක පැතලි කරන විදිහ( lapping) ගැන වීඩියෝ එකක් බලමින් හිටියා. 

දැන් මේ වීඩියෝවෙ කියනවා, වැලි කඩදාසිය, සාමාන්‍ය වීදුරු තහඩුවක් මත තියලා උරච්චි කරන්න කියලා. සාමාන්‍ය වීදුරු තහඩුවක්, සෑහෙන පමණ පැතලි පෘෂ්ඨයක් කියලා කිව්වා විතරයි, දෙබරෙට ගල් ගැහැව්වා වගෙ, කස්ටිය ටිපර් වෙනවා.

I'm not sure I'd even call this lapping tbh. sure its TECHNICALLY lapping but its nowhere near properly accurate.

"Glass is perfectly flat" every machinist replacing their expensive granite surface plates with glass. Invest in a lapping plate.

මෙතන මේ granite surface plate කියන්නෙ, මැකෑනිකල් ඔස්තාර්ලා පාවිච්චි කරන පැතලි පෘෂ්ඨයට. උන්දලාට ඒක තමයි පැතලි බවේ බයිබල් එක. හැම මිනුමකටම, සාපේක්ෂ වන්නේ (reference) surface plate පෘෂ්ඨයයි.

 ඒත් ඇත්තම තත්ත්වය ඊට වෙනස්. වීදුරු තහඩුවක පැතලි බව දෙවනි වන්නේ, ස්වාභාවික මයිකා ෂීට් එකකට විතරයි. ඒත් මයිකා ෂීට් පැතලි වුනාට දෘඩ බවනැති නිසා, ප්‍රායෝගික නෑ. කැඩෙන සුළු නිසා වීදුරු තහඩුවක්, granite surface plate එකකට විකල්පයක් වෙන්නෙත් නෑ තමයි. ඒත්, අටවන මාටින් උරච්චිකරන වැඩකට, අස්ප ගණන් surface plate නැති හුදී ජනයාට, ලාභ වීදුරු තහඩුවක පැතලි බව හොඳටම ප්‍රමාණවත් වෙනවා.


පළවෙනි, උරච්චි කරන වීඩියෝව විනාඩි 16 නිසා නොබැලුවට කමක් නෑ. වැදගත් එක විනාඩි දහයෙ දෙවනි වීඩියෝවයි. අපි ඇත්තයි කියල, කොච්චර මිත්‍යා විස්වාස අදහනවද? ලාබ බඩු හැම එකකමත් හිල් නෑ. මොකද කියන්නෙ? අධි-පරිභෝජනවාදය ඉවත දමලා, අපිත් අටවන මාටින් කලබ් එකට ජොයින්ට් වෙමුද?



ආ, තව සුපියල් අටේ කී-කැප්ස් සෙට් එකකුත් ආවා, මැකෑනිකල් කී බෝඩ් එකට. මේන්න මෙහෙමයි, දාගත්තාම පෙනුම. ගානෙ හැටියට, ප්‍රයෝජනේ වටිනවා. තිබිච්ච කලු කී-කැප්ස් වල, අකුරු බැක් ලයිට් නැතුව අඳුරුයි. මේවා එහෙම නෑ.

ඩබල්-ෂොට් කී-කැප්ස්

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

Sunday, January 9, 2022

තර්ජන ,ගර්ජන සහ ආරක්සාව

"මැරුං නොකා ලියපිය" කියලා චිට් එකක්, බෙල්ල හපන ආදිපාද එවල තිබුණා. මේ, ඒකෙන් ගැලවෙන්න ලියන, වංචා පෝස්ට් එකක්. 

දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්‍රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්‍රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්‍රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.

දැන් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, ආරක්ෂාව කියන එක සාපේක්ෂයි , 100% ආරක්ෂාව කියල එකක් නෑ, කියල. දැන් ඔය MacOS වල වෛරස්, සයිබර් ඇටෑක් අඩුයි කියනවනෙ. එහෙම වෙලා තියන්නෙ, MacOS වල ආරක්ෂාව වින්ඩෝස් වලට වඩා හොඳ නිසයි. එතකොට, "මොකටෑ අපි පුම්ක ඉරාගෙන මේක හැක් කරන්නෙ, අර ලේසියෙන්ම රිංගන්න ඇහැකි වින්ඩොස් තියෙන කොට?" කියලා හැකරු එන්නෙම
අපිට කෙලින්නයි.

වින්ඩෝස් වල ආරක්ෂාව, යම් පමණකට සවිමත් කරන ක්‍රම තුනක්:

1. Core Isolation

2. Microsoft Application Guard 

3. Windows SandBox

මේ ක්‍රම තුනටම, windows virtualization භාවිතා වෙනවා. මේ අතරින්, Core Isolation කියන්නෙ, වින්ඩෝස් වලින් නඩත්තු කරන memory integrity ආරක්ෂක ක්‍රමවේදයක්. අනිත් ක්‍රම දෙක, පාවිච්චි කරන්නා විසින් ආරම්භ කලයුතු, virtual environment දෙකක්. Microsoft Application Guard කියන්නෙ, බ්‍රව්සර් සෙෂන් එකකට එන Mini-SandBox එකක් වගේ එකක්.

ඉස්සෙල්ලාම, බයෝස් වලින් Hyper-V සහ Above 4G Memory Decording, ඔන් කර ගන්න ඕනෙ. එතකොට SandBox නං නිකම්ම වැඩ කරන්න ගන්නවා. Core Isolation, වින්ඩෝස් සෙටිං වලින් ඔන් කරගෙන, පස්සෙ Windows Features වලින් ඇක්ටිවේට් කරගන්න වෙනවා.  කාටත් තේරෙන, සරල "විසුල කවින්ද" ක්‍රමේට කියනවා නං, ප්‍රධාන පරිගනක සම්පත් වලින් හුදකලා කරන ලද, අතත්‍ය මතක ගබඩාවක ඇති, චෞර  පරිගනකයක් මවා දීමක් තමයි වෙන්නෙ. හැලප ගිලින්න යන්න, වල් ටුවර් දාන්න කියාපු භාණ්ඩෙ. රාජකාරිය අවසානයේ, අතත්‍ය පරිගනකය වාෂ්ප වෙනවා.

මේක ටැක්නිකල් ටියුටෝරියල් එකක් නෙමෙයි. මෙහෙම එව්වත් තියනවා, කියන දැණුම් දීමක් පමණයි. මේවා වල සීමා-මායිම් සහ ප්‍රායෝගිතාවය, රඳා පවතින්නේ, පාවිච්චි කරන්නා මතයි. ඒ නිසා ඈස්චර්‍යයක් බලා පොරොත්තු වෙන්න එපා.


ඔව්වා මොනවද ලොක්කා. මෙව්ව නෙව ඈස්චර්‍යය?



පාඨක ප්‍රතිචාර:

වැටධිපති: හෙහ්........

නමියා: අපි නොදන්න මොණරතැන්න?

විසුල කවින්ද: මේ.....ඔයාගෙ සසම්භාවී ප්‍රවේශ මතකය ගිගා බයිට් කීයද?


මුකලං බස්සා: සුරුස්.............