Monday, January 31, 2022

මාරු මාදිලිය බල සැපයුම

පරිගණකයක, මම අතපත ගාන්න අකමැතිම කොටස තමයි, මාරු මාදිලිය බල සැපයුම (PSU) එක. හේතුව බොහොම සරලයි. ඕකෙ තියනවා හුණ්ඩුවක් විතර තඩි කැප් එකක්. ඕක 300v වලට විතර චාජ් වුනාම, චාජ් එක සෑහෙන වෙලාවක් තියනවා. විදුලිය විසන්ධි කලත්, කැප් එක ඩිස්චාජ් කරන්නම ඕන අලුත්වැඩියාවකට.

මේ ඉන්නෙ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර් කෙනෙක්. පරණ ඇනලොග් යුගයෙන් පටන් ගෙන, නවීන ඩිජිටල් තාක්ෂණය දක්වාම යවත්කාලීන වුන කෙනෙක්,  අපි ඔහෙලා වගේ හාල් කෑලි නෙමෙයි. එහෙව් ඔස්තාර්ටත්, මාරු මාදිලිය දවල් තරු පෙන්නුව කියහංකො. ටයිම්-ස්ටෑම්ප් 5:55 සහ 53:10


 Bad electrolytic capacitor
විදුලිය විසන්ධි කල මරු මාදිලියා මෙහෙම නං, SMPS(switch mode power supply) අලුත් වැඩියා කරන්න/ පරීක්ෂා කරන්නම බැරිද? උත්තරය සාපේක්ෂයි - meh! . පැහැදිලිවම පේන, ඔලුව ඉදිමිච්ච කැපෑසිටර් තියේ නං මාරු කරලා දැමීමට කමක් නෑ. ඊට අමතරව, ඔව්වා අතපත නොගා ඉන්න තරමට ඇඟට ගුණයි කියන එක තමා මගේ අදහස. හේතුව, මේ ආකාරයේ බල සැපයුම් සංකීර්ණයි. ඒ වගේම, බොහෝවිට එව්වා පිච්චෙන්නෙ දාම ක්‍රියාවක් විදිහට නිසයි. අලුත් වැඩියාව, අනතුරුදායක පැත්තට බරයි. ආරක්ෂාවට,මා ලඟ සුපියල් විස්සකට ඇමසන් එකෙන් බාගත්ත Isolation Transformer ගැජමැටික් එක්කුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න ඕනෙ දේ තමයි, මේ වගේ අලුත්වැඩියාවකින්, මහන්සියේ හැටිය ප්‍රයෝජනයක් නැති බව. පරිගණකයක අඩුම මිලක් ඇති, ඒත් ඉතා වැදගත් වගේම, බොහෝ විට අවතක්සේරුවට භාජනය වන උපාංගයක් තමයි බල සැපයුම. මගේ පොයින්ට් එක, තුට්ටු දෙකේ බල සැපයුමක්ම නොගෙන, ඒත් හැකි සෑම විටම ඔය මල හත් ඉලව්වෙන් ඈත් වෙලා ඉන්න කියන එකයි. Prevention is better than cure and Safety is not an option . 
විල්ලුද නළල් යටිකුරිත්තා

ඔව්වා ගැන දන්න කෙනෙක්, අපේ ඉලෙක්ට්‍රොනික් ඔස්තාර්ගෙ වීඩියෝවෙදි මෙහෙම කිව්වා:

I could tell right from the start when you were randomly touching the board that you were going to get a belt from the big caps. That part didn't surprise me at all hehe! The reality is modern PSUs are not worth fixing unless it's an obvious bulged cap. Modern PSUs are far too complicated even if you have the schematic and are a professional repairer. When a PSU fails it's often catastrophic and takes out many parts and almost always it's not visible.
 Any PSU with visual high voltage damage is a lost cause, no point even looking. They are not that expensive to replace with a new one.

මේ කියන හරුපෙ, හරියටම තේරුම් ගන්න නං, නවීන multi-layer PCB සහ ඒවා සාදන ද්‍රව්‍ය වල ගතිගුණ සලකා බලන්න වෙනවා. තේරෙන බාසාවෙන් කියන්නෙ, ඔහොම "ආර්ක්" වෙලා පිච්චුනාම, පේන්නම පිච්චිලා තියෙන ඒවා වලට වඩා හානිය බරපතල වියහැකි බවයි.අටවන මාටින්ල, දැණගන්න ඕනෙ අටවන්න හැකි/බැරි දේ තෝරා බේරා ගන්න. මරු මාදිලියා වැටෙන්නෙ "නොකල යුතු" කොටසට. කරන්න පුළුවන් දේ තමයි පිච්චෙන එක වැලැක්වීම. ඒ සඳහා, ඉඳලා හිටලාවත් ඕකෙ දූවිලි කඩලා, පංකාව වැඩද කියලා බලන එක, ඉදිමිච්ච කැප්ස් තියේද බලන එක නං හොඳ වැඩක්. මම කලේ සුද්ද-බුද්ද කරලා, පංකාවෙ පැත්ත මාරු කරලා, බල සැපයුම ඇතුලට දූවිලි එන එක අවම වෙන විදිහට සකස් කරන එකයි.  

දැන් තේරෙනවා නේද, ඇයි මගේ "මාරු මාදිලිය බල සැපයුම්" අකමැත්ත කියලා? මම අකමැති වුනාට, මේක නැතුවම බැරි භාණ්ඩයක්. මමත් කාළයක් ගත්තෙ, නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් තමයි. ඒත් ටිකක් මිළ අධික GPU වලට මාරු වුනාට පස්සෙ, දැන් තියෙන සන්නාම බල සැපයුම ගත්තා. බල සැපයුමෙන් ආරක්ෂා වෙන්නෙ, ඊට වඩා කීප ගුණයකින් මිළ අධික උපාංග .ඔහෙලට, අපට ඉහළම තත්ත්වෙ මිළ අධික PSU වගේ නරි-වාදං ගන්න බැරි එක ඇත්ත. ඒත් නමක්-ගමක් නැති ලාබම බල සැපයුම් නොගන්න එක(මැදුම් පිළිවෙත), දීර්ඝ කාළීනව ලාභදායකයි. 

පරිගණකයකට, මම කැමැත්තෙන්ම ගන්නා එකම over-kill උපාංගය තමයි බල සැපයුම.බල සැපයුමක් උපරිම ධාරිතාවෙන් වැඩ ගැනීම, ඉතා නරක ( පොලියත් එක්කම ගෙවන්න වෙන) පුරුද්දක් විය හැක. 

සාමාන්‍ය පවර් සප්ලයි(බොහෝවිට අපි භාවිතාකරන) රේට් කරල තියෙන්නෙ 0c-40c වලට. වැඩි ධාරිතාවක පවර් සප්ලයි එකක්, අඩු ධාරිතාවයකින් භාවිතා කල යුත්තේ, එය ඉහත උශ්ණත්ව පරාසය තුල තබා ගැනීමටයි. මගේ පස් -චාස් වියැති "මරු මාදිලියා" තවත් චිරාත් කාළයක් යෙහෙන් වැජඹේවා, ඒස්වාහ පුහ්! 







(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

74 comments:

  1. මාරු මාදිලිය බල සැපයුම ඒ මොකක්ද කියලා හොයන්න ගෙදර කොම්පියුටරෙත් ගැලෙව්වා. යකෝ මේ කියන්නේ පවර් සප්ලයි එකට නේ කියලා දැනගත්තාම සුද්ද සිංහල තමා කටින් පිටවෙන්න ගත්තේ.

    ReplyDelete
    Replies
    1. නිකම්ම නිකං පවර් සප්ලයි එක නෙමෙයි, මේක switch-mode. ඕකෙ නම "මාරු" වෙනුවට "මරු" කියන එක වඩා ගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ.

      එක හේතුවක් තමයි, switch-mode කියන්නෙ මරේ-මරු, කාර්‍යක්ෂම, හුරුබුහුටි තාක්ෂණයක්. අනිත් හේතුව, නොදැන අතපත ගාන්න ගියොත්, කරන්ට් වදිනවා දවල් තරු පේන්නම.

      Delete
    2. ඉතින් මොකටද ඕක

      Delete
    3. දැන් හැමතැනම තියෙන්නෙ මේ switch-mode පවර් සප්ලයි තමයි. ඒ නිසා, ඒ ගැන ටිකක් හෝ දැණුවත් වෙබ එක වටිනවා කියල හිතුනා.

      Delete
  2. මාරු මාදිලිය කාලෝචිත එකකී
    හෙටානිද්දටම සිදු වෙයි නං යෙහෙකී
    තට්ටු මාරුවෙන් මේ වාරේ වැළකී
    මාරු මාදිලිය පෙරටම එයිද සකී?

    ReplyDelete
    Replies
    1. ඉසේ අමාරුවට කොට්ට මාරු කිරිල්ල වගේ වැඩක් වෙයිද?

      Delete
  3. මොකක්ද ඕක උපරිම ධාරිතාවෙන් යූස් කළාම වෙන්නෙ. අපේ කොල්ලනං ගේම් ගහන වෙලාවට 450 එකෙන් වොට් 500 ක් විතර ගන්නව. :D

    ReplyDelete
    Replies
    1. switch-mode power supply උපරිම ධාරිතාවට කිට්ටු වෙනකොට කාර්‍යක්ෂතාවය අඩුවෙලා, රත්වීම වැඩි වෙනවා. ඔය කියන 450W PS එකෙන් 450W වැඩිය ගතහැකි කියන්නෙ, ඕක හොඳ
      PS එකක් කියන එකයි. සාමාන්‍ය ගේමින් රිග් එකක, ඔය ගාණෙන් ජාම බේරාගත හැකියි.

      https://www.youtube.com/watch?v=XDuTPhTCWeg

      මගේ අදහස වුනේ, ඉදිරි අප්ග්‍රේඩ් වලට ගැලපෙන වැඩි ධාරිතාවක PS එකකට, තව සුලු ගාණක් වැඩියෙන් වියදම් කිරීම වටිනා බවයි.

      Delete
    2. යකෝ ඊයෙ තිබුණෙ වෙන රිප්ලයි එකක් නේද? :D

      Delete
    3. මෙව්වා ඔක්කොම අපි අනුන්ගෙන් ණයට අරන් ඉගෙන ගන්න දේවල්. ආසන්න වශයෙන් මිසක්, 100% හරි කියල කියන්න බෑ. ඉතිං රිප්ලයි එක අප්ඩේට් කලා.😊🤣

      Delete
  4. SWICHING POWER SUPPLY කියන එකද ? මාරැ මාදිලිය කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් මාරු මාදිලිය බල සැපයුම =switch-mode power supply. රේඛීය බල සැපයුම =linear power supply.

      Delete
    2. මාරු මාදිලි බල සැපයුම විය යුතුය.

      switch-mode යන්නෙන් අදහස් වන්නේ මොනවගේ ක්‍රියාවලියක්ද?

      Delete
    3. Switching frequency, 40kHz පමණ ඉහල දමා ගැනීම තුලින්, කුඩා නමුත් වඩා කාර්‍යක්ෂම ferrite core transformer භාවිතා කිරීම සරළ මූළධර්මයයි.

      Block Diagram

      Delete
  5. මාරු මාදිලිය කොටස අවශ්‍ය නෑ නිකම්ම බල සැපයුම කිව්වාම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම නොකියා කොහොමද? මේක මාරු මාදිලියට ආවේනික දෙයක් නෙව? බල සැපයුම් විවිධයි, විශමයි.

      Delete
  6. ෂහ්, මරු මාදිලියේ ටැක්නිකල් පෝස්ට් එකක්නෙ

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගෙ ඇගයීම රටක් වටිනවා.😊👌

      Delete
  7. බස්පා බලගැන්වෙන බල සැපයුමට මොකෑ කියන්නෙ.......

    ReplyDelete
    Replies
    1. අර පළමුව දිස්වන රූපෙ ෆිලුමක එකක් නෙවෙද....

      Delete
    2. වෙන්ටෑ, හරියටම දන්නෙ නෑ නමියො. කරන්ට් වැදිච්ච ගොබිලෙක්ගෙ ෆොටෝ කෑල්ලක් හෙව්වම , හමුවුනේ ඕක.🤔

      Delete
  8. ඔබතුමාගේ සුබස් යෙදුම් මනාය. අගනේය!.
    වැලිදු ගැට කපන පද විවරණයක් සූචියක් ලෙස ලිපියේ අගට ඇතුල් කළා නම් අප වැනි පුඟුලන්ට බොහෝ වටනේය.

    මේ වගට,
    බසේ උන්නතිය තකන,
    Myself Hattor වෙමි.

    ReplyDelete
    Replies
    1. ඕං බලාපං හැට්ටරේ, හෙලුවෙන් වනන්න ගිහින් කරගත්ත සැන්තෑසියක්? අර කැප්ටන් හැඩොක් කිව්වා, සුද්ද හිංගල මතක් වෙනවා කියලත්. 😂🤣

      දන්න කලවං ගැමි වහර හොඳයි කියල හිතෙන්නෙ, ඕං ඔය වෙලාවට තමයි.🤔

      Delete
    2. ඔවැනි වදනකට හෙල වදනක් හදනවා නම් ස්විච් මෝඩ් කියන වචනය ඉංග්‍රිසි යෙන් සොදා ඇත්නේ මන්දැයි පැහැදිලි විය යුතුයි.

      පදානුගත පරිවර්තනයක් කරන්නේනම් “මාරු මාදිලියේ“ බල සැපයුම කියා කිව හැකියි. නමුත් ස්විච් යන්නෙහි අරුත දන්නේ නම් වඩා සුහුරු වදනක් තැනිය හැත.

      Delete
    3. ඔව් පදානුගත පරිවර්ථනය නිසා, බොහෝ විට විසුළු වදන් ලෙස හැඟීමක් එන බව මටත් හිතෙනවා. ඒත් සුහුරු වදන් තැනීමෙන් පමණක් අපට ගොඩ යෑ හැකිද යන්න ප්‍රශ්ණයක්. 3R ( Reduce,Reuse,Recycle) කල හැකිනම් හොඳ ආරම්භයක් වේවි.

      Delete
    4. විසුල කවින්‍ද මැතිඳුණි, කිම මෙලෙස නව හෙළ වදන් සකසන්නට වෙර දරන්නේ?
      කොම්පියුටරය ඉංගිරිසි නම් කොම්පියුටරයට අදාළ තද (දෘඪ? සංස්කෘත?? ) සහ මුදු (මෘදු ? සංස්කෘත??) සියල්ල ගැන ලියැවී ඇත්තේත් ඉංගිරිසියෙන්ම නම් නව වදන් නිපයන්නටත් ඒවා සොඳින් තේරුම්ගන්නටත් වැය කරණ කාලය තද හෝ මුදු දේ තවදුරටත් ඉගෙනීමට වැය කළොත් අගනේ නේද? අනෙක් අතෙන් බලනා කල අප මේ කොම්පියුටර වැඩකටයුතු කරන්නේ මේ සිරිලකටම පමණක් නොව පිටරැටියන්ටද අදාලව බව මා දන්නා නිසා එවන් විටක අප 'ජාලගත වැඩසටහන් ගැනත් අහෝ මගේ බල සැපයුම අඩාල වී ඇති බවත්' කියා ඔවුනොවුන් හා සංවාද කල හැකිද? තව දුරටත් පවසනවානම් අන්තර්ජාලයේ හෙවත් ඉන්ටනෙට් එකේ කොපමණ පරිගණක ඇසුරු පාඩම් මාලා, පෙරනිමි වැඩසටහන් කැබලි (pre written code) තිබේද?
      මේ හෙළ වදනෙන් ඉගෙනගත් සිසුන්ට නැවත රෝදය මුලසිට නිපදවන තත්ත්වයකට අප ඔවුන් ගෙන යා යුතුද?

      අවසානයේ මට නම් හැඟෙන්නේ මේ ක්‍රියාව තවත් 'ප්‍රභූ පරිගණක මැජික් පංතියක්' ගොඩනගන්නට කරන වෑයමක් ලෙසටයි.

      නව හෙළ වදන් නිමයුම මා ඉතා අගේ කරන අතර, නවමු දෙයකට උණු උණුවේ නිපැයූ හෙළ වදනක් ඉගෙනගන්නා කාලය දැනට තිබෙන ඉංගිරිසි වදන ඉගෙන ගැනීමට යෙදවීමෙන් එම වදනට අමතරව තවත් විසල් වාසි ඔවුන්ට ලැබෙන බව මගේ පුද්ගලික අදහසයි.

      ඔබට ජයවේවා!
      හෙළ බසට සදා හිතැති
      Myself Hattor වෙමි.

      Delete
    5. හැට්ට්ර් මහත්තයා , මගේ හිතේ තිබබ් දෙයක් ඒ විධිහටම ලීව එකට මාන්න මල් මිටක්. මය බයට ලිව්වේ නැහැ බසු ගෙන් බැනුම් අහන්න වෙයි කියල. ඇත්තම කියනවනම් ජර්මන්, චීන සහ රුසියානු භාෂා වලින් ඔපෙරෙටින්ග් සිස්ටම් තිබ්බට කොදින්ග් ගොඩක් ඉංග්‍රීසියෙන් සමගාමිව යන්නේ. එනිසා ඉංග්‍රීසියෙන්ම ඉඑගන් ගත්තම ලීහ්සියි නේ වෙනත් රැකියාවකට යන්න වුනත්. සිංහලත් ඕනේ.

      Delete
    6. // බයට ලිව්වේ නැහැ බසු ගෙන් බැනුම් අහන්න වෙයි කියල//

      ඇයි හත්වලාමේ, මම බනින්නෙ මොන ඇන්නෑවකටද? මම කියන්නෙත් ඕකෙම නෙවද?

      බස්සාගේ හැල බාසාව

      Delete
    7. //අවසානයේ මට නම් හැඟෙන්නේ මේ ක්‍රියාව තවත් 'ප්‍රභූ පරිගණක මැජික් පංතියක්' ගොඩනගන්නට කරන වෑයමක් ලෙසටයි//

      හ්ම්....මට හිතෙන්නෙ ටිකක් වෙනස් දෙයක්. එහෙම ඕනකමින් කරනවා කියල මට හිතෙන්නෙ නෑ, ඒත් ප්‍රතිඵලය,බොහෝවිට නොදැණුවත්වම කරන කකුලෙන් ඇදීමක් විය හැකි බව මගේ අදහසයි. කෙලින්ම නොකියා වහෙන්-ඔරෝ විදිහට ලිව්වෙ, කාගෙවත් හිත නොරිද්දා, මේ ගැන මගේ අදහස කියන්නයි. ඒත් මේක අදහසක් පමණක් නිසා ඔප්පු කල හැකි දෙයක් නොවේ.

      ඒත් මගේ කුඩා කාළයේ සිට ඇසූ, දුටු අත්වින්ඳ දේ අනුවයි, එහෙම ආකල්පයක් ඇති වුනේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න, මටත් සෑහෙන කට්ටක් කන්න සිදුවුන නිසා "පිරිසිදු හෙළ බස" කිව්ව ගමන්, තාමත් අඩියක් පිටිපස්සට විසික්කා වෙනවා.

      Delete
    8. ලොකු සර්ට කියන්ඩ, මේක ගැන හැට්ටර් කතාකරන්නෙත් එම නිසාම තමා.
      අපි උසස් පෙළ භෞතික විද්‍යාවට ඉගෙනගත්තා පරිපථ, ශ්‍රේණිගත, සමාන්තරගත, ප්‍රතිරෝධක, විලායක, ප්‍රත්‍යාවර්ථ ධාරාව සහ එකී නොකී දේ. කෝම කෝම හරි කාලෙකට පස්සේ වැඩිදුර ඉගෙනගන්ඩ ගියාම සුද්දි වෙරි කියන්නේ එක්ස්ට්‍රිම්ලි බේසික් සේකිට් එකක් ඇඳලා ටියුට් එකට දුන්න 'Calculate the PD between A and B' . ප්‍රස්නේ කොච්චර බරපතලද කිව්වනං තාමත් ඒ විදියටම මට මතකයි. Calculate කෝමහරි තේරෙනවා between A and Bත් තේරෙනවා මොන හුයන්නක්ද මේ PD. සුද්දෝ සුද්දියෝ එකසියගානට ගාන හදනවා. ළඟ ඉන්න අපේ රටේ එකත් ඔහේ බලාගෙන ඉන්නවා. ඔය අතරේ එකෙක් ඇහුව 'What is PD ?' කියල. උත්තරෙත් හැරෙන තැපෑලෙන්ම 'oh, it is potential difference'. දැන් කාල වරෙන් මාටිං. What the sodding hell is 'potential difference' ?
      පස්සේ ඉතින් සුද්දී සේකිට් එක සෝල්ව් කළාමනේ තේරුනේ යකෝ මේ විභව අන්තරේනේ. අපි ඔව්ව දන්නවනේ කියල.
      කාටහරි කියන්ඩ පුලුවන්ද දැන්වත් මේ 'විභවය' කියන එක හැදුනේ කොහොමද කියල.
      මං ඉතින් හරි පව් අප්පා.

      Take care buddy.
      Myself Hattor

      Delete
    9. පැහැදිලිවම රටේ සමාජ ස්ථර දෙකක් තියනවා. හැමතැනම අටව ගෙනයන "ඉන්ටනැෂනල් ස්කූල්" වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ, එක කොටසක් පමණයි. අද සම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමවල, යල්පැනගිය සහ අකාර්‍යක්ෂමතාවය අභියෝගයට ලක් කරමින්, නිදහසේ දැණුම බෙදා හැරෙනවා.

      https://www.youtube.com/watch?v=Xr1AiExSAnU

      මට වෙලාවකට හිතෙනවා, නොරටුන් නිපදවූ තාක්ෂණයේ වදන් වලට හෙළ බස් හොයන්නේ, යම් හීනමානයක් නිසාදෝ කියලත්. අලුත් වදන් සොයන්නත් ඒවා ප්‍රචලිත කරන්නත් වෙහෙසෙන මහන්සිය, හුදී ජනයාටත් නොමිලේ ලැබෙන ජාත්‍යන්තර දැණුමේ දොරටු විවෘත කරන්න යෙදවීම, වඩා ප්‍රයෝජනවත් කියල මට හිතෙනවා.

      Delete
    10. හැට්ටර්ට PD එක පාරට තේරුනේ නැති වුනත් තත්පර ගානින් ඉගෙන ගත්තා නේද?
      නැවත රෝදය මුලසිට නිපදවන තත්ත්වයකට යන්න අවශ්‍ය වුනේ නෑ නේද?

      Delete
    11. විසුල කවින්‍ද මැතිඳුට මා ලිවූ දේ නිසි ලෙසට තේරුම් ගොස් නැතිබව හැඟෙනවා.
      මුල සිටම රෝදය නිපදවීම කෙසේ වෙතත් 'මේ කියන්නේ රෝදයක් ගැන බව' තෝරාගැනීමටත් වෙහෙස වන්නට වුනා.

      ඔබ තුමාට ජය!
      හෙළ බසට සදා හිතැති
      Myself Hattor වෙමි.

      Delete
    12. ඔන්න ඔය රෝද ගැහිල්ල අල්ලල දාලා, අපි වඩියක් පෙරන්න ඉගෙන ගමු.😂

      Making Vanilla Flavored Rum!

      සංගීත පිස්සොන්ට මේක:

      පැතලි ඉස්පීකරේ

      Delete
    13. සිංහලෙන් තාක්ෂණික, විද්‍යාත්මක දේවල් උගන්න එක හරිම අපරාදයක් කියල තේරෙන්නේ පස්සේ ඒවා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ගියාම ... අර හැට්ටර් ට උනා වගේ සීන් ඕනේ තරම් වෙනවා . ඒ මදිවට අපි අනවශ්‍ය මහන්සියක් දරන්න ඕනේ... යුනිකෝඩ් ආපු මුල් කාලේ ඔය වචන හදන වැඩේ නැගලම ගියා පස්සේ ගොඩක් අය තේරුම් ගත්තා ඕක හරියන වැඩක් නෙමේ කියල ...

      Delete
    14. මටත් හිතෙන්නෙ ඒකම තමයි. මේ අපි භාවිතා කරන, කලවම් භාෂාවෙ වැරැද්දක් මට නං පේන්නෙ නෑ. කියන දේ තේරෙනවා නං ඒක තමයි වැදගත් දේ. සමහරවිට නොදන්න ඉංග්‍රීසි වචනයක්, දෙකක් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනව නෙව?කොහොමත් ඔය "පිරිසිදු/ කලවම් නොවුන/ ස්වයං පෝෂිත" සංකල්පය යල්පැනගිය, අසාර්ථක ක්‍රමවේදයක්.

      Delete
  9. //මමත් පොඩි කාලේ තුත් පෙස්ට් දාලා හීට් වෙලා වැඩිවෙලා processor එක පිච්චුනා. කඩේ එකා අැහුවා හදන්න ගිහාම pc එකට දත් මැද්දුවද කියලා.. 😂😂//

    මෙහෙම කමෙන්ට් එකක් දැක්කා, මෙතන: Thermal Paste - Explained - සිංහලෙන්. හිනාවෙන්නද, අඞන්නද ඕනෙ කියලා හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
  10. මේ ලිපි මම කම්පියුටර් හදාගෙන වැඩ කරන කාලේ තිබුන නම්

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් හදාගන්නෙ නැත්ද? හදනවා කියලත්, එච්චර දෙයක් නෑ නෙව, කෑලි මාරු කරනව මිසක්කා?🤔

      Delete
  11. පරිනකයේ ග්‍රැෆික සැකසුම් ඒකකය පරිපථ පුවරුවක් ලෙස සකසන්නේ නැතුව වෙනම පරිගනකය තුල සවිකරන උප පරිගණක ඒකකයක් ලෙස සකසා තිබුනා නම් කොච්චර හොඳද. එතකොට පරිගනකයේ දත්ත සකසනය සහ රැම් යාවත්කාලීන කරන ලෙසම ග්‍රැෆික ඒකකයද යාවත්කාලීක තරන්න තිබුනා.
    දැන් වෙලා තියෙන්නේ කැඩුනොත් විසි කරන්න.

    ReplyDelete
  12. මාරු මාදිලිය කියන වචනෙ හැදුවෙ බස්සද. මම දිගටම කියෙව්වෙ මරු මාදිලිය කියලනෙ. ප්‍රාජේගෙ කමෙන්ට් එක කියෙව්වම තමයි හරි වචනෙ 'මාරු' කියල ක්ලික් වුනේ. පෙරලුම් මාදිලිය කියන එකත් හොදයි switch කියන වචනෙට හරියන්න. (හැමෝම කියන ඒව අහන්න ගිහින් හැබැයි වචන සැලඩ් එකක් වෙයි).

    'ඔලුව ඉදිමිච්ච කැපෑසිටර්'? හපොයි.

    ReplyDelete
    Replies
    1. අපොයි මම හදපු වචනයක් නෙමෙයි, ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ගත්තෙ. අපිට කැමති විදිහෙ වචන දාගන්න ඇහැකියි කියල මම හිතන්නෙ නෑ. 'ඔලුව ඉදිමිච්ච කැපෑසිටර්' නම් මගේ නිර්මාණයක්.😂

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හා ආතර්, හැට්ටරේගෙ කෙමෙන්ට් එක මැකුවයි කියන්නෙ.🤔😮

      Delete
  13. ඔලුව ඉදිමිච්ච කැපෑසිටර් ගැන නං දන්නෙනෑ හැබැයි ඔලුව ඉදිමිච්ච ධාරිත්‍රක නං සේකිට් එකට පිස්සුමයි කෙළවන්නේ.

    ReplyDelete
    Replies
    1. සුපටිපටි පන්නෝ, මුගටි ගෙට පැන්නෝ කිව්වලු. හුකා බොල, ධාරිත්‍රක?අහා! ටැන්ටලම් ධාරිත්‍රක, ඉලෙක්ට්‍රොලයිටික් ධාරිත්‍රක. 🤔👌🙏

      Delete
  14. බල සැපයුම නුවරඑළියෙ නම් හොඳට ම අඩුයි. මෙහෙට සැපයෙන්නෙ, මුහුදු කුකුළා, ලේනපරා, තලපත්, පරා, වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. චෑ, චෑ අඩුම ගානෙ බල කරෝලවත් නැද්ද? මුහුදු කුකුලෙක් නං දැකලම නෑ. කොක්ක ඩූඩ්ල් ඩූ කියලත් කියනවද?

      Delete
    2. ඩූඩ්ල් ඩූව කෙසේ වෙතත්, ඌ කොක්කෙ එල්ලිලා තමා ඉන්නෙ. දෙමළෙං කියන්නෙ "කඩල් කෝලි" කාක්ක වගේ කලුපාටයි. රසයි පෙනුමයි තනිකර චිකන් වගේ.

      Delete
  15. ආාා කොහොමද මුකබාණ මුදියන්සෙ? කාලෙකිං දැක්කෙ ඈ...!

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද? පහුගිය බිනර පෝයට නෙව, අන්තිමටම දැක්කෙ? කොහොමද වාසෙ-දේසෙ, දැන් ගොයිතැන් බත් සරුද?

      Delete
    2. එහෙනං එහෙනං... දැක්කම, බස්සෙක් දැක්ක වගේ සන්තෝසයි. ගොයිතැං බත් නං හොඳා. මේ දවස්වල මල් හිටෝනව. දෙවේලෙ වතුර දානව. අපි කොහොමිං හරි ඒ්ප්‍රල් බ්ලූම් ය කියල තරගෙයක් තියෙනව. මෙදා පොටේ නං ප්ලේස් එකක් ගන්නවමයි කියල හිතාගෙන ඉන්නෙ...

      ආාා කියන්ඩ අමතක උනා. අපි හිටෝන මල් පැලවල නං හරියට ගෑල්ලමයිගෙ ආදරේ වගේ.

      තේරුන් නෑ? උදාහරණෙයක් කියන්නං. ඔන්න තියෙනව එවලාස්ටිං කියල මල්පැල ජාතියක්. පොඩ්ඩක් සැරට අවුව වැටිච්ච ගමං මැරෙනව.

      Delete
    3. හෙහ්, හෙහ් එවලාස්ටිං. කවියො ගෑල්ලමයි මල්වලට සමාන කලේ නිකංයෑ?🤣😂

      Delete
  16. ඔහෙලා ඉතිං රට රාජ්ජවල ඉන්න නිසා මෙව්වා ගැන දන්නේ නැතුව ඇති.
    ඔය මුහුදු කුකුළා වැඩි වැඩියෙන් එන්ඩ පටං ගත්තේ සුනාමියෙන් පස්සෙන් පහු.
    පොතුබරා කියල සමහරවිට දන්නවත් ඇති. හැබැයි මේකා කලුපාටයි.

    ReplyDelete
    Replies
    1. ආාාන්න හරි. ඌ තමා. පට්ට රසයි ඈ.

      Delete
    2. පොතුබරා කියන නම අහල තියනවා. අපේ ගම් පළාත කිට්ටුව තිබ්බ "ඔරු වැල්ලෙ" හාදයො මාලුන්ට නම් තියන්න ඔස්තාර්ල. උන්දලට ඔය "පිරිසිදු හිංගල" තාක්ෂණික බාසාවට වචන හොයන වැඩේ බාර දුන්නා නං, මෙලහකට වැඩේ ගොඩ.

      හැට්ටර්, ඩ්‍රැකී දෙන්නටම ස්තූතියි. සතාව දැක්කොත් දැන් අඳුන ගන්න ඇහැකි.

      Delete
  17. යූ නෝ වට්. ඉට් ඉස් ටූ මච් ඔෆ් 'හෙළ බස' තිං හියර්.
    ඕකේ නව් ලෙට්ස් හෑව් සම් ෆන් !
    https://www.youtube.com/watch?v=aUVdMLk9wYo


    Myself Hattor


    Myself Hattor

    ReplyDelete
    Replies
    1. දෙන්නටම ස්තූතියි. ඩ්‍රැකියගෙ එක තමා මට අල්ලල ගියේ.

      Delete
    2. හැට්ටරේ ගේ එක මරු , සිකුරාදා හැන්දෑවේ සුරංගනාවියෝ ටිකක් කියන සින්දුවක් ඇහුව , නිවන් දකීවා

      Delete
    3. දෙවෙනි වීඩියෝව අපි හැමෝම දන්න කතාව , කොච්චර කීවත් වැඩක් නැති කතාව

      Delete
    4. දෙවැනි වීඩියෝව වගේ එව්වා කරන්නේ සිංහල අය විතරයි. ඒ නිසාම ඔයවගේ වීඩියෝවල වටිනාකමක් නෑ.

      Delete
    5. මම කිව්ව එක ඔප්පු වුනානේ 😄

      Delete
    6. දෙවැනි විඩියෝවෙන් මට තේරුන අදහස තමයි.
      තොපේ රට මහ බලු රටක් ඕයි කියන අදහස.

      ඉතිං හරි මම සිංහලයෙක් මිසක් ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම මේ රටට ආදරේ නෑ.
      මම ආදරේ ගැහැණුන්ට සහ සිංහල ජාතියට විතරයි.

      Delete
    7. එහෙම වෙන්නේ සුද්දෙක් හරි චීනෙක් වෙන කවුරුහරි ඕක කළා නම් නේ. //අපේ රට මහ බලු රටක් ඕයි කියන අදහස// තමයි ඒකෙන් දෙන්නේ. කරලා තියෙන්නේ ලංකාවේ කට්ටියක් නිසා. අනික ඕකෙන් කියවෙන්නම සිංහල ජාතිය කියන්නේ මිශ්‍ර ජාතියක් කියන එක. හදවතින්ම ශ්‍රී ලාංකිකයි ඔයා ඇතුළු ඔක්කොමලම. එකම වෙනස කට්ටියක් දෙමල කතා කරද්දී කට්ටියක් සිංහල කතා කරන එක විතරයි. 😀 දෙමළු කියන්නේ සිංහලයෝ, සිංහළුන් කියන්නේ දෙමළු. (අටසිය ගණන් වල පැමිණි වතුකරයේ ඉන්දීය දෙමළ ප්‍රජාව ඇර)

      Delete
  18. D.G.M බස්සා කිව්වත් වගේ නොදැන අත ගහන්න හොඳ නෑ , අර video කොල්ලනම් මරු පොර

    ReplyDelete
    Replies
    1. ඔව්, පරිගණකයෙ අනික් කොටස්වල අවුලක් නෑ. පවර් සප්ලයි එක විතරයි, නොදැණ කූරුගෑම අනතුරුදායක.

      Delete
  19. මගේ flagcounter එක හදිසියේම පෙන්නේ නැහැ. මම ආපහු HTML කෝඩ් එක දැම්ම . ඒත් නැහැ. තව කාටහරිත් වුනාද?

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් 3rd party codes පාවිච්චි කරන්නෙ නෑ. ගූගල් ඩෑෂ්බෝඩ් එකෙම් දෙන ටික තමයි බලන්නෙ.

      Delete
  20. මැසිමක් තනියම අටවා ගන්න දැන් කාලෙක ඉඳල ලොකු ආසාවක් තියෙනවා . මේ දවස් වල මේ චිප් හිඟය හින්ද බඩු හෙන ගණන් නේද ? සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරන ගමන් ඉන්නේ .. බස්සාගේ උපදෙස් ඉතා වැදගත් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දවස්වල චිප් හිඟ හින්දා, බඩු විකිනෙන්නෙ නොවටිනා ගණන්වලට. වැටිලා හිටිය Intel ඉදිරිපත් කරපු, 12 වෙනි පරම්පරාවේ E-core/P-core සංකල්පය සිත් ඇදගන්නා සුළුයි. ඉදිරියේදි AMD වලිනුත් පිළිතුරක් ඒවි.

      Delete
  21. ඔහේ සුපිරි පරිගණක ගැන දන්නවද?
    රාස්බරි පයි, බනානා පයි, ඔරෙන්ජ් පයි කිහිපයක් යොදාගෙන සුපිරි පරිගනකයක් හදාගෙන ගෙදර තියෙන පරිගණකයට අමුනගක් හැකිවෙයිද?

    ReplyDelete
    Replies
    1. බුදු සන්තෝ! අහිංසක සඤ්ඤක පක්සීන්, ඔවැනි බරපතල කාරණා නොදනිති.

      Delete
    2. https://www.youtube.com/watch?v=X9fSMGkjtug&t=2272s

      ඔහොම පෙන්නුවට තේරුනේ නම් නෑ.

      Delete
    3. මෙහෙම (පයි පොකුරක්) ක්ලස්ටර් එකක් තිබ්බට, ඒවා එකට වැඩ කරවන්න සපෝට් කරන OS එකක් ඕනෙ. දන්න විදිහට මේ distributed/parallel computing ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්නෙ, SUSE වගෙ Linux ඩිස්ට්‍රෝ. (දැඩි ඉගෙනුම් වක්‍රයක්) steep learning curve ඇති නිසාත්, මහන්සියේ හැටියට ප්‍රයෝජනයක් නැති නිසාත්, ඔය රැබිට් හෝල් එක දිගේ යෑමට කැමැත්තක් නැත. බිට් කොයින් හාරන්නන්, ඔයිට යම් සමාන කමක් ඇති(වියදමේ හැටියට ආදායක් ඇති) ක්‍රමවේදයක් භාවිතා කරන බව අසා ඇත. ඒ සඳහා ඔවුන්, කස්ටම් බයෝස් රී-ප්ලෑෂ් කල GPU ක්ලස්ටරයක් පාවිච්චි කරන බව කියනු ලැබේ.

      මයික්‍රොපොසෙසර් නිපදවන්නන්, වැඩි කරගෙන ගිය සංඛ්‍යාතය 4GHz සීලිමේ වැදුනවිට, මාරු වුන මල්ටි-කෝර් සංකල්පයත්, ඔයිට ටිකාක් සමානය. ඒත් මල්ටි-කෝර් තිබුණු පලියට, හැම ඇප් එකම එයින් ප්‍රයෝජන ගන්නේ නැත. ඒ සඳහා ඇප් එකේ අදාල කෝඩ් තිබිය යුතුය.

      https://www.wikihow.com/Build-a-Supercomputer

      මෙතන "Community Q&A" සමහර උත්තර ඇත.

      Delete