Wednesday, February 9, 2022

ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං

ටිං කටර් ගැන කව්ද නොදන්නෙ? හා, නැද්ද? ඔහෙලට කියන්න, මාත් හිතන් හිටියෙ ඔහොමම තමයි. මෙහෙම හිටියට, මමත් ඔය සම්ප්‍රධානුකූල ටිං-කටර් සෑහෙන ගාණක් කම්මුතු කරපු බස්සෙක්. එක සැරේ ගන්නවා දෙකක්. එකක් මොට වෙනකොට, ඒක පැත්තකට දාලා, අනික ගන්නවා. ආයෙ ෂොපින් ගිය වෙලාවක, සේල් එකක් බලල, නිවිහැනහිල්ලෙ ආයෙ ගේනවා තව එකක්.

ඔන්න ඔය ක්‍රමයට තමයි, බස්සාගේ ටිං කටරයේ කතාව ගලා ගෙන ගියේ.  හැල-හැප්පුම් නැතුවම, ගලා ගෙන ගියා කියල නං කියන්න බෑ. ටිං එකට අත කපා ගත්ත වාර ගාණ මතක නෑ. ලොකුම අවුල තමයි, කපාපු ටිං පියන, නැවත ටිං එක උඩ තියන එක. ඒකටත් ක්‍රමයක් හොයා ගත්තා. ටිං එක මැදින් ඔබල, ඉලිප්සාකාර කරලා, පියන උඩින් තියන එක. ඒත් ඔය, අසමහ්ජාති පියන, කොහොම හරි රිංගනවා ටිං එක ඇතුලට. 

ඔය අතරෙ තව අත්හදාබැලීම් කලා. පියන සම්පූර්ණයෙන්ම නොකපා, ටිකක් ඉතුරු කර දොරක් සේ භාවිතා කිරීම වගේ.

ඒත් ටික වතාවක් අරින,වහන කොට පියන වෙන් වෙනවා.අනිත් අවුල තමයි, පියන හොඳ හැටි "සීල්" නොවන නිසා , අඩංගු දේ වියලෙන එක. බාලම ටිං කටර් සිට, බ්‍රෑන්ඩඩ් එව්වා දක්වා ටිං කටර් වර්ග කීපයක් අත්හදා බැලුවත් එකම සන්තෑසිම තමයි වුනේ.

ඔය අතරේ දවසක්, මෙන්න මේක ඇන්න ආවා. ටක්කෙටම කෙලගෙන එන්න ඇත්තෙ, සේල් එකකින් වෙන්ටෑ? ගෙනාවට මුන්දෑ උන්නෙ පැත්තක. ඒ පැත්ත, මේ පැත්ත පෙරලලා බැලුවා. 

ම්හු...අර දන්න ටිං කටර් වගේ නෑ, කැපෙන්නෙ කොහොමද කියලා හිතාගන්නම බෑ. මඟුලක් අහනවා? පිස්සුද, ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද මැනුවල් කියවන එක?

කියන්න කණගාටුයි මහත්වරුනි, පස්සෙ ලැජ්ජාව බිමින් තියලා යූ-ටියුබ් වීඩියෝවක් බැලුව. මේක වැටෙන්නෙ safety can opener කියන කැටගරියට. කැපෙන්නෙ පිට පැත්තෙ තියන දාරෙන්. කපාගෙන යනකොට, කැපෙනවා කියල හිතෙන්නෙත් නෑ.

ඒත් සම්පූර්ණ වටයම ගියාම, අතට සියුම් බුරුලක් දැනෙනවා. ඒත් පියන කැපිලයි තියෙන්නෙ කියල පේන්නෙ නෑ. කියල තියන විදිහට,පැත්තෙ තියෙන අඞුවෙන් අල්ලලා පියන ඉස්සුවාම, අපූරුවට ගැලවිලා එනවා.

මේ දවස්වල වැඩිය ෂොපින් නොයන නිසා, ටිං කෑම නැගලා යනවා. අලුත්ම අතුරුපස ලෙස කලවං පළතුරු තට්ටුවක් දැමූ ජෙලි සමඟ උඩින් දැමූ ටින්කිරි  අත්හදා බලන ගමන් මේ ඉන්නෙ. කුකුලා මාක් ටිංකිරි එක ලඟ, පැන්සොන් ගිය ටිං කටරයාට හේත්තුව දාගෙන ඉන්නෙ අලුත් එකා. හොඳම කොටස, දැන් පියන ඇතුලට වැටෙන්නෙ නැති එකයි, සෑහෙන තරම් හොඳට පියන සීල් වෙන එකයි.

දේශීය තාක්සනය යොදාගෙන, කටර් නැතුව සිමෙන්ති වලින් ටිං ඇරපු, ආරක්ෂක භටයෙක් අඹතලේ හිටියා . උන්දෑ ටිං අරින්න දෙයියා. ටිකක් ඈත ඉඳන් වැඩට ආවෙ පුෂ්-සයිකලේමයි. එනකොට මඟදිම සලු වෙලයි එන්නෙ. එයැයිගෙ, රෑ කෑම පොඩි සැමන් ටින් එකක් විතරයි. තව ගේනවා තක්කාලි, ලුනු-ලූණු සහ අවුමිරිස්. අර ගෙනාපු සැමන් ටිං එකේ දාරෙ උලනවා සිමෙන්ති පොලවෙ, දාරෙ ගෙවෙන කල්.  අකාලෙ මලා, ඒත් උන්දෑ නියම හැල යක්ඛ පුතෙක් .   

කෙටි වීඩියෝව:


සම්පූර්ණ තොරණෙ විස්තරේ:


ටිං වගේම බස්සා කැමතිම කෙනෙක් තමයි ටිංටිං. මැකීගිය දඩමං පොස්ට් සීරීස් එකේ තියෙන විදිහට,මම ප්‍රංසෙ ඉඳන් ඇම්ස්ටඩෑම් යද්දි කෝච්චිය බ්‍රසල්ස් හරහා ගියත් නැවැත්තුවෙ නෑ. බ්‍රසල්ස් වල ගොඩ බැහැපු බුරතීනෝටවත් ටිංටිං එක්ක කෝපි බොන්න චෑන්ස් එකක් ලැබිලා නෑ. අද වගේ පහසුකම් නැති, මගේ කුඩා කාලෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු කරපු  එක හාදයෙක් තමයි මේ ටිංටිං . අද වුනත්, කැත නැතුව කෙනෙකුට මේ පොත් නිර්දේශ කල හැක්කේ, එහි භාෂාව,ව්‍යාකරණ නිවැරදි නිසයි. Z-libraray එකේ මේ පොත් තියනවා. දාලා තියෙන පිංතූර, ටිංටිං මුල්කාලෙ පොතක් වන TinTin - 01 - Land of the Soviets පොතෙන්. PDF කියවන්න මම පාවිච්චි කරන්නේ Cover-Comic Reader.

ඩික්ෂණරිය ලඟ තියාගෙන, කොමික් පොත් කියවන එක ලේසි වැඩක් නෙමෙයි, ඒත් එදා ඒ ක්‍රමය සාර්ථක වුනා. අද මේ ඉන්ටනෙට් යුගේ එහෙම කරන්න අවශ්‍ය නෑ, ඊට වඩා හුඟක් පහසුකම් තියනවා. පටන් ගැනීමක් හැටියට සබ්-ටයිටල්, ගූගල් ට්‍රාන්ස්ලේට් හොඳ වුනාට, ඒවට ඇබ්බැහිවීම, බොරු වලක වැටීමක් කියන එකයි මගේ අදහස. 





මට හිතෙන දෙයක් තමයි,  කොතරම් අපහසු වුනත්, අපි අපේ පුරුදු විස්වාස/ඇදහිලි වලින් වෙනස් වෙන්න කැමති නෑ කියන එක. සුද්දා ඕකට කියන්නෙ "comfort zone" කියලයි. කොච්චර අත කපාගත්තත්, මම මෙච්චර කාලයක්ම පුරුදු ටිං කටර් එක අතනෑරියෙ ඒනිසා වෙන්ටෑ?  ඒත් සාධක නැති අපේ හැම විස්වාසයක්ම එහෙමද, නැත්නම් ඒ අපේ නොදන්නා කමද?

ගමරාළ නං කිව්වෙ, හා බොරු නං වත්තෙ ලස්සනට වැවිච්ච මල් පාත්තියක පිංතූරයක්, මූණුපොතේ දාලා බලපල්ලකො, මල් ටික හුටස් ගාලා කූරියා ගහන්නෙ නැද්ද කියලයි.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

61 comments:

  1. DGM බසු,
    ටිං කටර් කතාව අපූරුයි.
    ටිං එකක අසුරා ඇති දෙයක් පිටතට ගැනීමට ටිං කටර් එකට අමතර පිහියා, ඇණ, ඉස්කුරුප්පු නියන ආදිය හෝ පරණ මොඩලයේ කටර් පාවිච්චි කර ඇඟිලි තුවාල කර ගත් කෙනෙක් නැති තරම්. අර සේපාල් අමරසිංහ නිතරම කියනවා වගේ 'අපි පුංචි කාළේ' නම් ඕවා අරුම පුදුම වැඩ. මට තව ටිං අරින ක්‍රමයක් මතක් උනා. මේක තියෙන්නේ corned beef ටිං වල. එකට තිබෙන්නේ අමුතු යතුරක්. ටිං එකේ පැත්තක තිබෙන ලෝහ පතුරේ කොන ඒ යතුරේ slit එකට දාලා වටේට කරකැවු විට පියන ඇරෙනවා. පියන සවිකර තිබුණු පටිය යතුරේ එතෙනවා. වැඩේ හරිම ලේසියි. ඒ වගේම ඔය beer can වල මුදුනේ තිබෙන සුකුරුත්තම් කෑල්ල ඇදලා ඇඟිලි තුවාල කර ගත්ත අයත් සිටිනවා. මේ ආකාරයට ටිං can ඇරිමත් විවිධාකාරයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, එහෙම ටිං එකේම අරින ක්‍රමය තියෙන කොට මම ඒක පාවිච්චි කරනවා. මට හිතෙනවා, හැම ටින් එකකම එහෙම නැත්තේ, නිෂ්පාදන වියදම වැඩිවෙන නිසා බවයි. සම්ප්‍රධායික විදිහට පියන කැපුවාම, ඒ දාරය හරිම තියුණුයි වගේම, ලෝහ කුඩු ඇතුලට වැටෙනවත් ඇති.

      Delete
  2. ඔය ජාති දෙකම ගෙදර තියනවා. වටේ ගානට කරකැවෙන අලුත් එක (ඔයාගේ අලුත් එක- අපට ඕව පරණයි හරිද) මම පාවිච්චි කරන්නේ ටුනා ටින් අරින්න. ටින්කිරි ටින් වල මෙහා ඔය පෙප්සි කෑන් වගේ අරින්න එකක් තියනව. පියන නිකම්ම ඇරිලා එනව. දැන් ඉතින් රුසියාව ගැන කීවේ නැත්නම් හරි නැහැනේ. ඔය සුකුරුත්තම් නැහැ. කෙලින්ම පිහියෙන් අරින්නේ. ඒ දවස් වල දවස් තුනක් මොස්කව් ඉඳන් ලන්ඩන් කෝච්චියේ එන කොට පිහියෙන් තමා මාළු ටින් අරින්නේ. ඉතින් දැන් වුනත් ඔය ට්‍රිප් එකක් ගිය වෙලාවක ටින් එකක් කඩා ගන්න ඕන වුනොත් කියන්නේ මට. පිහියත් එක්ක.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ලෙසම පැරණි සෝවියට් කඳවුරේ විකල්ප තාක්ෂණයක් බිහිවුනා කියල හිතෙනවා,වඩා දියුණු රුසියන් රොකට් තාක්ෂණය වගේ දේ ගැන හිතන විට. අත කපාගන්නෙ නැතුව, පිහියෙන් ටින් එකක් අරින්න බැරි එකා, වැඩක් නෑ කියල හිතන්න ඇති. ආරක්ෂිත ටිං කටර තාක්ෂණය පරණයි, ඒත් මොකක් හරි හේතුවකට, ජනප්‍රිය වුනේ නෑ.
      ඒත් අපි වගේ බැරි-බැරි, බටර් ෆින්ගර් බස්සන්ට සහ ආබාධිත අයට "ආරක්ෂිත ටිං කටරය" දෙයියො එවපු එකක්.😂

      තාක්ෂණික වචන වලට පිරිසිදු හෙල වදන් හොයනවා වගේ දෙයක්, රුසියාවෙත් සිදුවුනා කියල අහල තියනවා. බටහිර තාක්ෂණ ප්‍රතික්ෂේප කල බවත්, බයිසිකලයේ, කොමෝඩයේ ක්‍රියාකාරිත්වය පවා කණපිට හරවා පාවිච්චිකල බවයි අහල තියෙන්නෙ. අහල තියනවා වුනාට, ඇත්ත දන්නෙ නෑ. ඒකෙ හුදු මතවාද විරෝධයට එහා ගිය හේතුවක් තියනවද?

      Delete
    2. රුසියානුවන් තුනේ පාදයේ පරිගනක හදලා තියෙනවා.

      Delete
    3. තුනේ පාදයේ? ඒ කිව්වෙ Q-Bits වගේ එකක්ද? ඔව්, රුසියානුවන් දක්ෂ ජාතියක්. ඇමරිකානු දියුණුවේ රහස, ලෝකෙ හැම ජාතියක්ම එහෙට ගෙන්න ගන්න නිසා වෙන්නත් ඇහැකි.

      Delete
    4. ස්තූතියි. කලින් අහල නොතිබ්බෙ, එච්චරම නැගලා යන තාක්ෂණයක් නොන නිසාද මන්දා? කොහොමත්, ක්වොන්ටම් කම්පියුටින් පැත්තට තමා රැල්ල යන්නෙ.

      https://www.youtube.com/watch?v=xjI80zS3CgQ

      Delete
    5. කියන්න අමතක වුනා. ටිං ටිං පොත් 14 ක විතර එකතුවක් තියනව. නැති ටික පස්සේ ගන්න ඕනේ.

      Delete
  3. ලැජ්ජාවක් නෑ කිව්වට මට ඔය බිම කෑන් වල තියෙන පොඩි කෑල්ල උස්සල ටින් එකේ පියන ඇර ගන්න එක මේ ලෝකේ තියෙන අමාරුම වැඩ වලින් එකක් ... ගෙදර හිටියොත් පිහියක් හරි හැන්දක් හරි දාල ඕක පොඩ්ඩක් උස්සල තමා කඩා ගන්නේ .. කඩේක කෑම කන ගමන් ටින් කෑන් එකක් බිව්වොත් එක්කෝ ඒ දෙන හැන්දෙන් ඕක උස්ස ගන්නේ .. නැත්නම් ලැජ්ජා නැතුව වේටරයට කියනවා ..හෙහ් හෙහ් ... මොකුත්ම විකල්පයක් නැති උනොත් තමා ඇඟිල්ලෙන් ඕක උස්සල ටින් එක කඩා ගන්නේ .. හෙහ් හෙහ් .. බටර් ෆින්ගර්ස් වලත් හොඳම එක මට තියෙන්නේ ...


    සැමන් ටින් නම් පිහියෙන් කඩන්නේ ලොක්කා වගේ ... කඩල ඉවර වෙද්දී හතර වටේ එකේ තියෙන ඉස්ම ටික හැලිලා විනාස වෙනවා ..

    මගේ යාළුවෙක් ඉන්නවා මම IKEA යනවා කිව්ව ගමන් ඌ කියන්නේ මට ටින් කටර් එකක් ගෙනත් දීපන් කො කියල .. හෙහ් හෙහ් මම දිගටම පාවිච්චි කරන්නේ IKEA එකේ කටර් තමා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අපේ ජාතියෙ තව අය ඉන්නවා කියල දැණගැනීමත් සතුටක්. IKEA එකේ මෙහෙ තියන කටර්, කොලිටිය හොඳ වුනත් සම්ප්‍රධානුකූල වර්ගයමයි.

      Delete
    2. පැතුම් කියලා තියෙන කෑන් එකේම තියෙන පොඩි කොටසින් අරිනකොට මම හිතන්න අවශ්‍ය වෙන්නෙ අපේ tummy muscles වලින් දෙන බලය, වඩාත් නිවැරදිව කියනවනම් අපේ core strength එක. උදර ප්‍රදේශයෙන්, උකුලෙන් හා කොදු ඇට පෙල (abdomen, pelvis, spine) ආශ්‍රිත මාංශ පේශීන්. (හරිම වචන සෙට් එක sports කරන අය දන්නවා). යෝග, Pilates එහෙම කරනකොට ඒ උපදේශකයින් නිතරම කියන්නෙ engage your core, firm up your abs කියලා. නමුත් ලංකාවෙදි අපිට ඒ ගැන ලැබිලා තියෙන දැනුම අඩුයි. තව උදාහරණයක් තමයි සමහර අය ස්විම් කරනකොට කික් කරන්නෙ දනහිසෙන්. core strength එක දියුනු කරගන්න ඕනෙ තරම් ව්‍යායාම තියෙන්නෙ. (ටින් කටර් ගැන කියවලා කමෙන්ට් කලේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් ගැන).

      Delete
    3. හුටා මේ කමෙන්ට් එක කියවලා මගෙ බඩත් කුරු,කුරු ගාන්න ගත්තා.😂

      හ්ම්....නොහිතපු පැත්තක්. එහෙම වෙන්න, බොහෝ සෙයින් ඉඩ තියනවා. නොදැන, පුරුද්දට කලත්, මිනිස් ශරීරයේ ක්‍රියාකාරකම්, හිතනවට වඩා සංකීර්ණයි. ටච් ටයිපින් සහ මසල් මෙමරි වගේ දේවල්.🤔

      Delete
  4. මෙහෙ efficient & long lasting ටිං කටර් හොයාගන්න එක ටිකක් අමාරුයි.

    මං නම් ඉතින් එදා ඉඳල අද වෙනකංම කොමික් බුක් ( ලඟදි ඉඳල සොෆ්ට් කොපීස් ) ෆෑන් නෙ.
    මේ පොලිටිකල් කරෙක්ට්නස් අන්තයට ගියාම ටිං ටිං නරකයි කියනවනෙ. විශේෂයින් Congo.
    https://www.theguardian.com/world/2012/oct/15/tintin-racism-sweden-row
    https://www.theatlantic.com/entertainment/archive/2016/06/tintin/485501/

    ලමයින්ගෙ මනස හැදෙන කාලෙ ගැන නම් සමහරවිට ඇත්තක් ඇති. නරකත් ඇති.

    ඒත් මට පෙන්නන්න බැරි දේ වැඩිහිටියන්ටත් අතීතයේ ලියපු දේ, හා ඉතිසාසයේ වුන දේවල් in the context of that time ඇනලයිස් කරන්න බැරි එක. අතීතයේ පිලිගත්ත values වෙනස්, ඒවායේ හොඳ නරක දැන් ප්‍රමිතිවලින් බලන්න බෑ. ඒවා දැන් වුනොත් නරකයි. ඒකාලෙ නරකයි කියල දන්නෙත් නෑ. දඩයම්, පංති/ කුල ක්‍රමය, ආබාධිතයන්ට භාවිතා කල වචන ................ හුඟාක් දේවල්.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි Congo ගැන කියාවි කියලත් හිතුනා. ඒත් ඒක Pra Jay, පිළිතුරත් එක්කම කියපු එකට කැමතියි.Hergé ව පෞද්ගලිකව දන්නෙ නෑ, දන්නෙ ඔහුගේ නිර්මාණ තුලින් විතරයි. අර කිව්වා වගේ "in the context of the time" සළකලා, ඔක්කොම නිර්මාණ රසවිඳින්න, කිසිම බාධාවක් වුනේ නෑ.

      හැකි සෑම විටම, හැකි තරම් සාධාරණ වෙන්නත්, නොබැඳි මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්නත් උත්සාහ ගන්නවා. එහෙම ඉන්න ගිහින් බැනුම් අහගෙනත් තියනවා. discrimination සහ reverse discrimination දෙකම දැකලත් තියනවා.

      Delete
    2. සමහර extreme පොලිටිකලි කරෙක්ට් දේවල් ඉතිං ඒ බාසාවම බාවිතාකරල කිව්වාම intellectually special තමයි

      https://uk.news.yahoo.com/10-examples-ridiculous-politically-correctness-150911722.html

      Delete
    3. "Spotted ඩික් banned". හපොයි දෙයියනේ! කාල වරෙන්කො.😂🤣👌🙏

      Delete
  5. ටිං කටර් ලබ්බටය ඓසෙ 😃😃😃
    ඔය හොඳ උල්පිහි අනං මනං තියෙන්නෙ ඒකටනෙ 😃😃🙈🙈
    ටිං කටර් කියන්නෙ මොකද්ද කියලවත් නොදන්න කාලයක් තිබ්බ. (ඇත්තටම වුණේ ටිං කටර් තිබ්බත් ඒකට කියන නම දන්නැති එක) 🙈🙈🙈
    අපේ මාම ආම් එකේ ඉද්දි චීස් ගේනව. ඒව ඇවිල්ල සුපිරි බඩු ක්‍රාෆ්ට්. ටින් තියෙන්නෙ. ආම් එකට හම්බෙන්නෙ. පොඩියි. ඕව ගෙනාවම මට හම්බෙනව හෙන ලොට් එකක්. මම කරන්නෙ ගලක අතුල්ලල පියන කඩා ගන්න එක. හැබැයි හරියට කරන්න ඕන. නැත්තං ඇතුලට කල් කුඩු වැටෙන්න පුලුවන්.
    ඔය කාලෙ සැමැං ටිං කඩන කටර් තිබ්බ. අපි හිතං හිටියෙ ඒවැං පුලුවන් සැමැං ටිං කඩන්න විතරය් පුලුවන් කියල. අනික කොච්චර හේදුවත් යන්නැති මහ පච්ච කුයිලක් තිබ්බ. 😃 ඉතිං චීස් කෑවෙම අරේම පස්සෙ කාලෙ නං එකේක ගැජට් දැක්ක. ඒත් ආතල් එක තාම අර ක්‍රමය තමා . 😃😃😃

    දැං නං ඔය ටිං කියල කැඩෙන්නෙ මතුපිට පියනෙ ⁣රවුං කොක්කක් තියන සීතල කරපුව විතරයි සැමැං ටිං ගේන්නෙත් නෑ. අනික් ටිං කෑම ගේන්නෙත් නෑ. සෝ ටිං කටර් හුටර් තමා 😃😃

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු? කිව්වලු.

      ඔව් මටත් මතකයි, පොඩිකාලෙ තිබ්බ ටිං කටර් එක. ෆුල් මැනුවල්, ඔය කැරකෙන රෝද වගේ විච්චූරණ නෑ. උලක් තිව්නා, ඒකෙන් ටින් එකට ඇනලා, නගුලෙන් කුඹුර හාන්නැහෙ වටේට ඩ්‍රයිව් කරගෙන යන්න ඕනෙ. බාල වානෙ වලින් හදලා තිව්න නිසා මකලඩ කනවා. අර කුයිලෙ එන්නෙ ඒකයි.

      Delete
    2. /උලක් තිව්නා, ඒකෙන් ටින් එකට ඇනලා, නගුලෙන් කුඹුර හාන්නැහෙ වටේට ඩ්‍රයිව් කරගෙන යන්න ඕනෙ.//

      එස්සැට්ලි ෆ්‍රෙන්.. 😃😃😃
      ඒ මළකඩ පාට නැත්තං ඒක ටිං කටරෙකුත් නෙවී තිං 😃😃😃🙈🙈

      Delete
    3. ඒ නගුල් කටර් එකේ, හොඳ පැත්තකුත් නැත්තෙම නෑ. මොට වුනාම ඒක මුවත් කලෑකි. අනික් වීල් කටර් වල ඒක කරන්න බෑ කියලයි හිතෙන්නෙ.

      Delete
    4. කුඹුර හාන්නැහෙ වටේට ඩ්‍රයිව් කරගෙන යන්න ඕනෙ කිව්වම තට්ටය තුමා ඒකෙ ෆෝ වීල් ඩ්‍රයිව් තියේද කියල ඇහුවේ නැත?

      https://t4.ftcdn.net/jpg/02/82/74/47/240_F_282744704_u9o8bkPvNJ2jMIVeAuUodcIz7KNGIQf2.jpg

      Delete
    5. ආන්න ජංසන්, ඒක තමයි භාණ්ඩෙ. හැබැයි මිටට තිබ්බෙත් යකඩ තොණ්ඩුවක්. මැද තිබුනා කිරල ඇබ ගලවන ඉස්කුරුප්පුවක්.

      හෙහ්, හෙහ් ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවේ!

      Delete
    6. මෙකෙ ලී මිටක් නේ තියෙන්නෙ අර කියන්නැහෙ. 😃😃 නවපු යකඩ පතුරක් තමා අරකෙ තිබ්බෙ.
      ඕවැයි ෆෝ වීල් නෑ හැට්ටර තුමෝ.. ගෑවිල ඇලිච්ච පැණ සාඩිං කෑල්ලක් තිබ්බොත් මිස 😃😃😃

      Delete
    7. ඈ බං, ඒ කියන්නෙ අපි දෙන්නම සෑහෙන මලකඩ කලා තියේ කියන එකද?😮

      Delete
    8. වෙන්ට පුලුවන්... වෙන්ට පුලුවන්.. 😃😃

      Delete
  6. සුකුරුත්තන් ආවුද අපිට තිවුන්නෑ පොඩි සන්දියේ.. ගත්ත සමන් ටින් එක කකුල් දෙක අස්සට පිහියි මන්නෙයි හුරු දෑතින් ගල් යුගේ මානවයෙක් විදිහොට පියන ඈර ගත්ත... මුළු සරුවාන්ගෙම සැමන් වතුරින් තෙමාන. පූශ්ත් කොලොප්පං කළා බලං හිට.
    අර ටින් කටර් එකයි ටින් ටින් කතාවයි විස්සාසි එකට එක් කළ විදිහ නියමයි ඈ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමියො. බොගෙ පූසත්, පට්ට ආතල් බුවෙක් පාටයි. මේ "OK" කියන්නෙ බොලෑ පූසද?

      https://www.youtube.com/watch?v=lPdcTwnBK7w

      Delete
    2. ඌගෙ ලොකු. ඉඳන් ඉන්ට කොට බෂ්ප පැටියෙක් වගේ... පාටත් ටිකක් ඒ වගේ නෙව හිටන්

      Delete
    3. අඩේ බෂ්පා අර ඉලෙක්ක්‍රිටිකල් කටර් එකෙත් පොඩි ලකයක් තියේ නෙව.... ගන්ටෙයි කියල හිත කියනවා

      Delete
    4. ඉස්සර අපෙ යාලුවෙක් හිටියා කදව් කියලා. "ඤාව්" කියන එක පිරිසිදු සිංහලෙන් ලියල හදාගත්ත වචනයක්.😂

      මම නං කියන්නෙ, ඔය ඉලෙක්ට්‍රිකල් අනවශ්‍ය මහප්ප්‍රාණ කියලයි. සේෆ්ටි කටර් එක කැපෙන ක්‍රමය හොඳා, ඒත් සරල එකක් ගන්න එක පොකැට් එකටත් හොඳයි නේද?

      Delete
    5. හෙහ්, හෙහ් පූසො කියන්නෙ පට්ට ආතල් දෙන සත්තු ජාතියක්.🙏👌😊

      https://www.youtube.com/watch?v=ILFCDPjwSBw

      Delete
    6. ඔව් ඔව් බශ්පා කොයි කීල තීන සල්ලිද. ඒ ඇර මොනා කියල මං කඩන්නද....
      බෂ්පා, ඩැකී video ලිංක් දාල මගෙ data ටිකත් නහත්ති කරනවා හිටන්.... ඤාාාව්

      Delete
    7. ඤාාාව්??
      අනේ නෑ අප්පුහාමි, මේ වෙන පූෂෙක් කිව්වලු. කතාව අහගං ඩ්‍රැකියගෙන්.🤣

      Delete
    8. මේ වෙන පූෂෙක්!
      https://www.youtube.com/watch?v=1OptWjh1qvI

      මේ වෙන වෙන පූෂො!
      https://www.youtube.com/watch?v=48D2Pc7sHP8

      Delete
    9. වැඩේ කියන්නෙ, මේ ඔක්කොම පූසො(පලවෙනි රුසියන් පූසා) බොහොම හොඳට ඉංග්‍රීසි කතාකරනවා.🤣

      Delete
    10. අපේ ගෙදර ඤාව්ව නම් බඩගිනි වෙලාවට විතරක් කට අරින එකෙක්. මහ බලු පූෂෙක්.....
      ආ වැද්දුනා. බලු පූෂියෙක්

      Delete
  7. තාමත් අර මැනුවල් ටිං කටර් වලින් සැමන් කඩන අපි වගේ උං ගල් යුගේ වෙන්නැ එතකොට.

    ReplyDelete
    Replies
    1. ගිරිපුර සුපර් මාර්කැට් වල ගෝට් චීස් සහ සැමන් ෆිලේත් තිබ්බද, මිස්ටර් බොරලුගොඩ?🤔😂

      yabba dabba doo

      Delete
  8. අපේ බාප්ප ගාවතිබුණ ටිං කටර් එකක්...

    නෑ එක්කො ඒ ගැන පෝස්ට් එකක් ම ලියන්නං.

    සූරුස්...

    ReplyDelete
    Replies
    1. බොගෙ බාප්ප ගාව තිබ්බ එකක් නං, ඉන්තේරුවෙන්ම පෝස්ට් එකක් ලියන්න ඕනෙ.🙏👌🤣😂

      Delete
    2. එහෙම ආවට ගියාට ලියන්ඩ බෑ ඔව්ව. හොඳට ගොතාගන්ඩ ඔ්නෙ.

      Delete
    3. එහෙනං, එහෙනං හොඳට ගොතන්න ඕන තමයි. මම හිතෙන්නෙ ටිං තාක්සනේ, සතවරුසෙකට වඩා පරණයි. නැපෝලියන් බොනපාට්ගෙ කාලෙ තරම්. ටින් ඇවිත් දශක කීපයක් යනකම්ම, කටර් තිබිලා නෑ.

      Delete
    4. එතකොට ඒ දශක කීපයෙ ටිං කෑම තිබුණට කන්ඩ විදිහක් තියෙන්ඩ නැතුව ඇති...?

      Delete
    5. මේ කමෙන්ට් එක ගූගලයා, ස්පෑම් එකට දාලා තිව්නෙ.🤣😮

      ඔය කතාව, මැලියං තුමාට ඇහෙන්න කියන්න එපා. කටර් නොතිබ්බට, පිහි සහ බයිනෙත්තු වල හිඟයක් තිබ්බ බවක් කියල නෑ නෙව?

      Delete
  9. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන පුරුද්ද මට අත් ඇර ගන්න තාම බැරි වෙලා තියෙනවා. එහෙනං ඇඟිල්ල ගැන මගේ ලිවීම.
    ටිං ටිං කියන්නේ මගේ නොම්මර එකේම වීරයෙක්! දැනටත් පොතක් අහු උනොත් බලනවා කියවනවා. ඇත්තටම ඔහුගේ වීර චාරිකා ඒකාලේ අපේ ජීවිතේ සිහින!
    ටිං ටිං චරිතයට ආසන්න චරිතයක් ගොඩ නගාගෙන චිත්‍ර කථාවක් තිබුනා ඒ කාලේ මල්ටිෆැක්ස් ආයතනයෙන් අච්චු ගහපු "ස්වර්ණ" කියන චිත්‍ර කථා පත්‍රයේ! ඒ කථාවේ නම "ටෝනිගේ වික්‍රම"
    අදටත් ජීවිතයේ විඳින බොහෝදේ මේ විදියට වෙනස් වීමට ටිං ටිං "අච්චුව" හෙවත් මෝල්ඩ් එකත් බල පාන්න ඇති.
    ටිං කටර් ගැන කියන්නට නම් තියෙන්නේ නයිෆ්ස් අතර පිහිය ලෙස මගෙන් විරුදාවලිය ලැබූ මාගේ කඳවුරු පිහිය තමයි මම දන්නා වේගවත්ම කටර් එක!

    ReplyDelete
    Replies
    1. සිත්තර හරි සත්සිරි හරි පත්තරේක ගියා ටින් ටින් ශෛලියටම ලියපු සුසිල් ප්‍රේමරත්නගෙ "විකී ගෙ වික්‍රම". ඒකෙ හිටියා කැප්ටන්, මහාචාර්ය "විද්‍යාත් අමතක" ඒ දෙන්නම ටින් ටින් එකේ කැප්ටන් සහ කැල්ක්‍යුලස් විදිහ මයි පෙනුමින්. වටරැක සූරය කියල දුෂ්ටයෙක් උන්න. ඒක මේ මෑතක් වෙනකම්ම පීඩීඑෆ් එකක් තිබුණා බාගන්න ඇහැකි. පට්ට චිත්‍රකතාව...

      Delete
    2. මොකක හරි ඔහොම, චායානුවාද චරිතයක් ඇසුරින් ගොඩ නඟාගත්ත කතාවක් පටන් ගත්ත බව මතකෙ තියනවා. ලස්සනට පටන් ගත්තත්, ඒක ලත් තැනම ලොප් වුනා. මතකය නිවැරදි නං, නම "විකීගෙ වික්‍රම". සුදූ කියල බල්ලෙකුත් හිටියා. මේ අපි කතා වෙන්නේ එකම දේ වෙන්නත් ඇහැකි.

      මෑතදී ටිංටිං ලංකාවටත් ආවා නේද? ඕං පිංතූර ටික මම පෝස්ට් එක අගට ඇමිණුවා.😉

      Delete
    3. ආන්න ජංසං ඩ්‍රැකියො, බොට හිටගෙනම නිවන් යන්න, ලින්ක් එක දියංකො.🙏👌

      Delete
    4. මං හෙව්වා, හම්බුණේ නෑ. ගෙදර ඇති. හෙට විතර දෙන්නං.

      Delete
    5. තව දාහක් වටිනවා.🙏👌😊

      Delete
  10. සුසිල් ප්‍රේමරත්ත ගැන විස්තර හෙව්වා. සැබෑම දක්සයෙක්. තාත්තා රටම දන්න සාර්ලිස් මාස්ටර්. පුතා නයනජිත් ප්‍රේමරත්තත් කලා කාරයෙක්.

    Hallelujah! ඒ විස්තර තිබ්බෙත් ඉංග්‍රීසියෙන්. අන්න ඒකයි, අපි කියන්නෙ අපේ හාංදුරුවනේ, ඕක තමයි යතාර්ථය කියලා.😉

    http://archives.sundayobserver.lk/2015/08/02/spe-art-01.asp

    ඕකෙ තියෙන චිත්‍රයෙ ඉස්ටැයිල් එක අනුව, ලන්දේසි හටන ඇන්දෙත් එතුමා වෙන්න ඇති කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මං දන්න විදිහටත් එයා ම තමා.

      Delete
    2. සුසිල් ප්‍රේමරත්න මහත්තය තමයි ජී.එස්.ප්‍රනාන්දු මහත්තයාට පස්සේ සිංහල චිත්‍රකතා ලෝකය වර්ණවත් කලේ. රන් දූපත, ලන්දේසි හටන, බිලි පූජාව වගේ චිත්‍රකතා නිසාම ඒ දවස්වල වනිතා විත්ති, ඉරිදා ලංකාදීප පත්තර ගත්තා සමහරු.

      Delete
    3. වෙල්කම් බැක් නිදි. කොහෙද වල්ටුවර් එකක් ගියා නේද?😂

      දැන් ඉතිං හොයපන්කො ජී.එස්.ප්‍රනාන්දු මහත්තයාව.🤔 ටික හරි, මේ චිත්‍රකතා පුරාණය කවුරුහරි ලියනව නං ලොකු දෙයක්. මගේ යෝජනාවක් තියෙනවා. හැමෝම දන්නෙ ටික, ටික නිසාත්, වැඩේ බරපතල නිසාත්, බැරිද අපිට හවුල් ව්‍යාපාරයක් වගේ එකක් කරන්න.

      දන්න විදිහට නන්දසිරි වන්නිනායක ගුරුතුමා ලිව්වා පොතක් මේ ගැන. පොතක අවුල තමයි, රටින් පිට ඉන්න අයට ගන්න බැරිකම. ඉස්සර තිබ්බා එටිසලාට් එකෙන් කරපු ඊ-බුක් සයිට් එකක්. උන්දලා මගේ එකවුන්ට් එකේ සල්ලිත් තියෙද්දි, පැදුරටත් නොකියම මාරු වුනා.

      Delete
    4. සංචාර දෙකක යන්න වුණා බකුසුතුමෝ. 4-5-6 ගියා බත්තලන්ගුණ්ඩුවේ හා ගඟේ යායේ ගමනක්. 8-9-10 නංගිලා-මල්ලිලා එක්ක බලන්ගොඩ- බදුල්ල හා නුවරඑළිය ගමනක්, නෑදෑයන් බලන්න. ඒ නිසයි post එක පරක්කු වුණේත්.

      මම දන්නා තරමින් නං චිත්‍රකතා සංගමයෙන් ඒ දවස්වළ මහාචාර්ය සුනිල් ආර්යරත්න මහත්තයා ලවා චිත්‍රකතා ඉතිහාසය ගැන පොතක් ලියවලා ගුණසේන එකෙන් publish කෙරෙව්වා. චිත්‍රකතාවේ වංශ කතාව නමින්. මටත් ඒ පොත කියවන්න ලැබිලා නැහැ.

      මගේ ඒ පිළිබඳ සබඳකම් ගැන, අත්දැකීම් ගැන ලියන්නට කරුණු එකතු කරමින් ඉන්නේ. ගුණසිරි කොළඹගේ- සිනෙත් බැද්දගේ මහත්වරුන් දෙන්නාව ඉන්ටර්විව් කරගෙනත් අවුරුදු දෙකතුනක්.... කොරෝනා නිසයි පරක්කු වෙන්නේ...

      Delete
    5. අහා! ෆෝන් එකෙන් හරි ගමනේ පිංතූර ගන්න ඇති නේද? අපටත් රසවිඳින්න පෝස්ට් එහෙමත් ලියාවි නේද?

      බොහොම ස්තූතියි නිදි, චිත්‍රකතාවේ වංශ කතාව ලියන්න ගන්න මහන්සියට. තියෙන සබඳකම් අනුව, ඔබ තමයි වැඩේට ගැලපෙනන්නෙ. කෙලින්ම නොකිව්වෙ ඒත් කාරණේ බරපතල නිසායි.

      නිසි ඇගයුමක් නොලබපු, ඩීමන් ආනන්ද මහත්තයා, බොහොම අඩු මිලට, දුප්පත් අපට බටහිර ගොපලු චිත්‍රපට රසවිඳින්න ඉගැන්නුවා. ජනක රත්නායක මහත්තයාගෙ තිබුනෙ, වෙනම චිත්‍ර ශෛලියක්. එතුමා තමයි අපට, ජේමිස් හැඩ්ලි චේස්ගෙ "ටයිගර් බයි ද ටේල්" ත්‍රාසජනක කතාව සිංහලෙන් කියාදුන්නෙ.

      ඔය මහත්තුරු නොහිටින්න, අද මෙතන බස්සෙක් නෑ, ඉන්නෙ උලමෙක් වගේ වෙන මොකෙක් හරි තමයි.🤔

      Delete
    6. ගමනේ ෆොටෝ තියෙනවා. මම ගත්තු ඒවා නං නෙවෙයි. අනිවා post එකක් ලියනවා.

      ජනක රත්නායක මහතා ඉස්සෙල්ලාම චිත්රකතාවක් ඇන්දේ ටිකිරි ළමා පත්තරේට බවයි මගේ මතකය. කතාවේ නම බව්වා!

      අපි හැමෝම අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ දහස් ගණනක් දෙනාගෙන් ලද දැනුමෙන්- අවබෝධයෙන් තමයි බස්සා මහත්තයෝ! ඒ හැමෝම ගැන මෙහෙම සිහි කිරීමත් සතුටක්!

      Delete
  11. මම ගොයන තාමත් නොලැබුන මෘදුකාංග දෙකක් තියෙනවා.
    1. යූටියුබ් වීඩියෝ ධාවකයේ මෙන් ටයිම්පීකරය තුල මූසික සූචකය තබා සිටින විට එතැනදී පෙන්වන රූප රාමුව පෙන්වන, චිත්‍රපටියක් බාගෙට නරඹා වසා දමා නැවත නරඹන්න පටන්ගත්විට කලින් නතරකල තැනින් පටන්ගන්නා මාධ්‍ය ධාවකයක්.

    2. තිරස් අතට පිටු අනුචලනයවන සහ වෙබ් ගවේශකයක මෙන් ‘ආපසු‘, ‘ඊලඟ‘ පිටු වලට යන්න බොත්තම් ඇති පීඩීඑෆ් පෙන්වනයක්

    ReplyDelete
    Replies
    1. MPC-BE මීඩියා ප්ලේයර් එකේ එහෙම එකක් තියනවා. ඒකට කියන්නෙ " seek preview" කියල. ඒත් ඒක ඔප්ෂන් වලින් ඔන් කරගන්න ඕනෙ, වැඩ කරන්න නම්.

      https://www.youtube.com/watch?v=Ev6a2YXVMgM

      https://sourceforge.net/projects/mpcbe/

      Delete
  12. බස්සා ගේ ටිං කතාවට කමෙන්ට් එකක් දාන්නම හිටිය අමතක උනානේ.
    ඔයිටත් මරු උපකරණයක් තියෙනවා battery වලින් වැඩකරන. ට්‍රයි කරලා බලන්න
    https://www.youtube.com/watch?v=I2-SbxCBd84

    ටිං ටිංට නම් මම පැංචි කාලේ ඉඳන් ලව්!

    ReplyDelete
    Replies

    1. අඩේ ඒක මරු . වහාම ගන්න ඕනේ.

      Delete