Sunday, June 8, 2014

පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness





http://ihatecommuting.files.wordpress.com/2008/09

/the-pusuit-of-happyness.jpg

පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.



අර මීපුර වැසියෝ එකේ හිටියෙ.



"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..

තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."



අන්න එයා.





මීයා: මොනවද බස්සෝ, උඹ මේ ලියන කතා? මෙලෝ රහක් නෑ නෙව? දැං බලාපං, එක්කෝ මෙලෝ යකෙකුට නොතේරෙන ටැක්නිකල් පෝස්ට් ලියයි, නැහ්නං, කලිං පෝස්ට් එක වගේ අවලං කතා ලියයි. ඇයි යකෝ, බවලතෙකුට ලැජ්ජාවක්  නැතුව කමෙන්ට් එකක්වත් දාන්න පුළුවනෑ? අර වීර කාන්තාවො දෙන්න නැහ්නං, සුම්මා තමා



" ඉතිං මං වෙන  මොනව ලියන්නද, මී නයිදෙ? ඔය දන්න බඩකඩෙත්තුව තමා ලිව්වෙ"



"එහෙම නෙමෙයි. ලියපංකො ඉඳල හිටල හරි සම්භාව්‍ය එකක්. ඔය පොත්පත් විචාර වගේ එව්වා"



" මඟුලක්  කියනව. ආං අරහෙ හැලපෙ එකක් ලියල, අර මැරිච්ච කේ. ජයතිලක මහත්තයත් බැනුම් අහගත්තා " සුරංගනා කතා  ලිව්වය, ගං වල ගෑණු එහෙම නැත" කියල"



" හරි එහෙම නං මෙහෙම කොරපං.කකා වගේ  දාපං ලින්ක්. ඊට පස්සෙ, කොහෙන් හරි කතාව පටන් අරං, කැරකිල වරෙන් වරායෙ කිටියට"



" ඉතිං මං වරායෙ කිටියව දන්නෙ නෑ නෙව?අනික ඔය බළල්ලු එක්ක නෑ නොවැ මයෙ වැඩි පයිරු-පාසානයක්. කොච්චෝරවත් 'ඤෑස්' කියාගත්ත ගමන්මයි'"



" ඇයි බොල, කව්ද උඹට වරායෙ කිටිය ගැන ලියන්න කිව්වෙ? ඒක හැලපෙ බලාගනී. උඹ ලියපං , උඹ දන්න දෙයක් ගැන"



" හරි එහෙනං මං ලියන්නම් consumerism ගැන. මට ලඟදි නෝනෙක් බැන්නත් එක්ක 'කුම්මැහි බස්සා' කියලා"



"හා, අන්න එහෙම හොඳා"

-----------------------------------------------------------



මෙදා සැරේ නං, පවුලේ සැමට එකට කියවිය හැකි, සම්භාව්‍ය පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගෙන ගියා ජාලෙ පැත්තෙ.  මොකටද ජාලෙ ගියේ ඇහැව්වා? ඇයි ආයිබෝං වෙන මොනවටද, කාගෙ හරි පෝස්ට් එකක් හොරා කන්ට නෙව? 



ඔන්න හම්බ උනා නියම පෝස්ට් එකක්. 



Consumerism and the Pursuit of Happiness



කතාවක් තියනව නෙව  reinventing the wheel  කියල. මේ මහත්තයා මහන්සිවෙලා මෙච්චර හරබර විදිහට මාත්තුරුකාව ගැන ලියල තියෙද්දි ආයෙ මාත් ලියන්නෙ මොන ඇන්නෑවකටෑ? ඒත් ගෙඩි පිටින් උස්සන්නත් බයයි. ඇයි දෙයියෙනේ වසවර්ති මාරයගෙනුත් බේරෙන්න එපැයි. මොනව නැතත් උන්දැව ෂේප් එකේ තියාගන්ට ඕනෙ. මොකද මං දැනටමත් කියල තියෙන්නෙ , මේ ඉන්න ආගම් කරේ තියාගෙන, මිනී මරන්න උනත් රෙඩි සර්දාවන්තයො යන්නෙ දිවියලෝකෙ නං, මට අපාය හොඳා කියල.




ඔහෙලට ඇත්තම කියන්න, මං ඒ පෝස්ට් එක කියෙව්වෙ උඩින් පල්ලෙන්. මගේ හිත ඇඳිල ගිය වාක්‍යකුයි, තව කමෙන්ට් එකකුයි විතරක්  මෙතන දාන්නං:







“I shop, therefore I am”  කියල කිව්වෙ ,  Il mondo di una povera pazza  නෝන. මාත් ශොපින් යන්න කැමතියි. වරු ගනන් රස්තියාදු වෙන්න නෙමෙයි. කලින් සේල්ස්/ ඩීල්ස් තියන එව්ව බලල, සමහර විට ඔන්ලයි ඕඩර් කරල එහෙම.







ඔන්ලයින් බඩු ගන්න එකේ. වාසි, අවාසි සහ අවදානමක් තියෙනව වුනාට එව්වා අවම කරගත්තාම , සමස්තයක් වශයෙන් වාසි වැඩියි. තව, බලං ඉඳලා, ඉඳලා , ගිහින් ලියුම් පෙට්ටිය අරින කොට පාර්සලයක් තියෙන දැක්කාම එන සතුට. හම්මේ, හරියට නිකං බාප්පව දැක්ක වගේ තමා :)





අරපරිස්සම ගැන ඇටමිදුළුවලටම කාවැදිච්ච ගැමි සංස්කෘතියක හැදී වැඩිල, දැන් පාරිභෝගික සමාජීය රටාවේ මුදුන්මල්කඩ වෙච්ච සමාජයක ජීවත්වෙන මට, අර "ආරේ ගුණ නෑරේ" වගෙ  දේවලටත් මුහුණ දෙන්න වෙනවා.



" ඈ බොල බස්සො. ‍තෝ අදත් අර පාවිච්ච් කරපු  ටූත්බ්‍රෂ් එක අරං තිබ්බා නේද? විසිකරපිය කිව්වෙ, එනව මෙතන කුණුගොඩවල් එකතු කරගන්න"



" අනේ බං, ඕක තිබ්ච්චාවෙකො. ඔය දුවිලි බැඳිච්ච සර්කිට් බෝඩ් සුද්ද කරන්න , කියාපු භාණ්ඩෙ"



උදාහරණය විදිහට , මයෙ චකබ්ලාස් වෙච්ච හාඩ් ඩිස්ක්වල බෑඩ් සෙක්ටර්ස් චෙක් කරන්න මට ඕනෙ වුනා  hard disk docking station එකක්. මෙන්න ගණන්:







හහ්, අපි අහුවෙයි ඔව්වට. ගිය සැරේ සේල් එකකින් ලාබෙට ගත්ත external hard disk  එකක් වේලි, වේලි තිබ්බා. ගැලෙව්වා මදේ. හාඩ් ඩිස්ක් එක  අරං කම්පුටරේට දාලා . ගත්තා මදේ.



වැඩේ ටිකක්  කැත වුනාට, නියම hard disk docking station එක. බළල මැටි වුනත් මොකෝ ආයිබෝං, මීයො අල්ලනව නං :)



අර උඩින් තියෙන සුදු මහත්තගෙ පෝස්ට් එකේ consumerism ගැන දිගට හරහට නෙලල තිබ්බත්, මෙන්න මේ කමෙන්ට් එක දැක්කාම , මට හිතුන , බලාගෙන ගියාම ඒකක් ඇත්ත නෙව බොලේ කියල:






Arjob




What do you call standard of living? we work our ass off, only to get sick at 40, there is no creativity, no time to think, only greed and stupid people following other stupid people.


I am 23 and I already feel so tired..there is so much running, run through college – no time to gain knowledge, just getting grades is enough, then job, again running to earn some money, then get sick, running still, then I die, having to realize, that I have wasted such an opportunity to be alive. :( :(


Poor people, we are no naive and so ignorant..




මං හිතෙන්නෙ"Poor people, we are so naive and so ignorant.." වෙන්ට ඕනෙ. ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්ටෑ :)



ඇත්තටම අපි අත්‍යාවශයම නොවෙන බඩු ගන්නෙ ඇයි? සමහර විට ආසාවට, නැත්නම් හිතේ සතුටට. ඉස්සර මගේ විනෝදාංශයක් වුනේ ඉලෙක්ට්‍රොනික්ස්. අද ඒකට වෙලාවක් නෑ. වෙලාව තිබ්බත් කම්මැලියි. කලා කියල ඇති වැඩකුත් නෑ, අළුත් එකක් ගන්න එක ඇත්තටම ලාභයි. ඒත් විසි කරන්න හිතෙන්නෙත් නෑ, හදන්නෙත් නෑ. තාමත්  ලාබෙට ටූල්ස් දැක්කොත් පටස් ගාලා ගන්නවා.



ඒකයි මං කලින් කිව්වෙ, බඩු ගන්නෙ අත්‍යාවශය නිසාම නෙමෙයි ආසාවට කියල. ඉස්සර ගන්න ආසාවෙන් හිටිය, ඒත් දැන් අවශ්‍යම නැති දෙයක් වුනත්, දැක්කාම ගැනෙනවා. මටත් හිතෙන්නෙ කමෙන්ට් එක ලියල තියෙන හාදයා හරියි කියලයි. ගන්න හිතෙනවා නං, පුළුවන්කම තියෙනවා නං, ඕන පාං බාගයක් දෙකයි පනහයි කියලා ගන්න එකයි ඇත්තෙ :)
















25 comments:

  1. මීපුර වැසියෝ එකේ හිටිය "පොත් හතක් අටක්" සින්දුව කියපු සුමින්ද සිරිසේන දැන් හොඳටම අසනීපෙන් නේද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ කකා. කලිනුත් හොඳටම අසනීප වෙලා ඉඳලා හොඳ වෙලා ආව බව නං ආරංචි වුනා. මං කැමතිම කලාකාරයෙක්.

      Delete
  2. ඔය මොනවා කීවත් බස්සා ලෝබයි කියලා අපි දන්නවා. ඊයා... ඔයත් අර කවුද නිළියක් වගේ පරණ tooth brushes එකතු කරනවද? :D:D

    ReplyDelete
    Replies
    1. ඊයා..? ඇයි ඔයා හැමදාම අළුත් බ්‍රෂ් එකකින්ද දත් මදින්නෙ? අනේ . මං දුප්පත් බස්සෙක්. ඉඳලා හිටලා මයෙ, පරණ බ්‍රෂ් එකක්, දෙකක් ගන්නවා මකුලු දැල් කඩන වැඩකට. එච්චරයි :)

      Delete
  3. වසවර්ති මාරයට සත පහකට බයවෙන්න එපා බස්සෝ,ඌ දැන් මේවයෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ.එෆ් බී එකේ බින්න බැහැලා.

    ReplyDelete
    Replies
    1. හැබෑටම? එහෙනං උන්දෑ එකත් එකටම අපාය ප්‍රමෝට් කොරනව ඇති :)

      Delete
  4. අම්මපා බස්සො දාන්න පහක්..අපි මේ දවස්වල ගෙවල් මාරු කරන්ට බඩු අස් කරනවා. සමහර දේවල් පහුගිය අවුරුදු හතර විත්‍රක් නෙමේ අවුරුදු හතකට කලින් අරගත්තු පාර වැඩක් අරන්ම නැහැ. මන් මෙදාපාර නම් ගෙදර හැමෝටම තර්ජ්නය කරල ඉන්නෙ ආයෙ නම් ඉතාම අවහ්ස්ය දෙයක් ඇරෙන්න අර ගන්න එපා කියල. ගන්නවටත් වඩා නිකන් හම්බ වෙන දේවලුත් ඕසෙට. සෙමිනාර් එකකට ගියහම කොයිතරම් නම් කොල කෑලි ගොඩක් උස්සන් එනවද.

    ReplyDelete
    Replies
    1. තර්ජනය කලාට වැඩක් නෑ. ඔව්ව අපේ ලේ වල තියෙන දේවල් :)

      Delete
    2. ඔයා මොනවා කියනවද බින්දි මගේ තියෙනවා මම කෙට්ටු වෙනකම් බලාන ඉන්න කලිසම් කමිස හෙම ඕසෙට. සමහරක් ඒවා එකම දවසක්වත් ඇඳලාත් නෑ. ඒ වුනාට කාටවත් දෙන්නෙත් නෑ. කවුද දන්නේ ඉස්සරහා ආත්මෙක හරි මම කෙට්ටු වුනොත් කියලා අල්මාරියේ පුරවගෙන ඉන්නවා.... හික්ස්...

      Delete
    3. මම නං සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් ඇඳුම් අල්මාරිය අස්කරනවා.. පහුගිය අවුරුද්දෙ වැඩිය ඇන්දෙ නැති (අර රංගි කියන්නැහේ ‍කොහෙත්ම ඇන්දෙ නැති ඒවත් තියෙනවා) ෂර්ට් කලිසං ටික ඔක්කෝම අරන් වීසි කරනවා රී-සයිකල් කුණු ලොරියට අරන් යන්ට කියලා.. දුකත් හිතෙනවා වෙලාවකට, ඒත් ඉතිං "තණ්හාය විප්ප මුත්තස්සි - නත්ථි සෝකෝ කුතෝ භයං" කියලා හිත හදාගන්නවා..

      මේකෙ වාසිය තමා අලුත් අවුරුද්දේ ‍ෂොපින් කරන්ට යනකොට 'අල්මාරිය පි‍රෙයි', 'කෝටා එක පනියි' වගේ සිතුවිලිවලින් හිත බයවෙන්නෙ නැති වීම..

      ඕගොල්ලොත් කරලා බලන්ට.. හරිම සිම්පල් ප්ලෑන් එකක්! :-)

      Delete
    4. මෙහෙ නම් ඉන්නව මිනිස්සු ඇඳුම් දෙන්න. මෙ නගර වාසීන් කෙසේ වෙතත් දුර බැහැර පැති වලින් එන අය් ඉන්නව මම දන්න.
      රන්ගියො....ඇත්ත තමයි. හිතට ගත්ට හරියන එකක් දෙකක් පට්ට ගහනවා මිසක් මගෙත් හුඟක් අඳුම් අඳින්න කම්මැලි කමට පැත්තකට වෙනවා. වැඩි ගණන් එව්ව නෙමෙ. මෙහෙ ඉතින් මේඩ් ඉන් වියට්නාම් ඇඳුම් ලාබනෙ. ..
      බුරෝ...ඔහෙ නම් සීතල ඇඳුමුත් නැතැයි බරකට...මහ වදේ නේ ඔය ජැකට් වගේ එව්ව. මන් නම් අල්ලල විසික් කරන්න ඉන්නෙ. මෙහෙට ආයුබොවන් කියද්දි

      Delete
  5. බස්සත් දැන් ගානට වැඩියි :) අර ඉස්සර වාගේ විනෝදාත්මක කතා නොලිය පණ්ඩිත ඒවමනේ ලියන්නෙ.

    //අර වීර කාන්තාවො දෙන්න නැහ්නං, සුම්මා තමා//

    කව්ද අනේ මේ නෝනල දෙන්නා ?

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් මම...එක්කෙනෙක් ඔයා...හී හී...

      මම එහෙම හිතුවට ඒ බින්දියි, රංගියි වෙන්ටත් පුලුවන්...:)

      Delete
    2. මම නම් වෙන්න බෑ. මම දැන් බොහොම අහිංසක ළමයෙක්. කෝපිත් නැතිව නිදිමතේ වැනී වැනී ඈනුම් අරින මම වීර කාන්තාවක් වෙන්න නම් කොහොමටත් ඉඩක් නෑ. අපි බින්දි නෝනාගෙන් අහලා බලමු. :)

      Delete
    3. @ සෝන්යා & Il mondo di una povera pazza
      //කව්ද අනේ මේ නෝනල දෙන්නා ?//

      මී නයිදෙගෙන් අහල කියන්නම් :)

      Delete
  6. සාමාන්යයෙන් බස්සොත් එක්ක කතිකාවතක් ගොඩනගා ගත්ත මීයො එලියට යන්නෙ පෙලට්ස් [pellets] විදිහට.

    OK OK, අහින්සකයි, හරි?

    ReplyDelete
    Replies
    1. @ Pra Jay

      පෙලට්ස් නෙමෙයි බුලට්ස් :)

      Delete
  7. ඈ බස්සෝ,
    කීවාත් වගේ ඔය අරපිරිමැස්ම ද එහෙම නැත්නම් ලෝබකමද?
    මාත් දැන් හිතාගෙන ඉන්නේ අළුතෙන් මොකුත් ගන්නේ නෑ කියලා. ඒ වුනාට කඩේකට ගියාම ඒවා අමතකවෙනවානේ.

    ReplyDelete
    Replies

    1. එක්කෙනෙක්ගෙ අරපිරිමැස්ම අනෙකාගෙ ලෝබකම. හැමදේම සාපේක්ෂයි.

      ඔව්ව ඔහොම තම්යි මචං ( © හැලපෙ)

      Delete
  8. ලැප්ටොප් හාඩ් එකක් තිබේ කෙලවෙච්චි - ඒකට කරම්ද කුම්???

    ReplyDelete
    Replies
    1. එහෙම නිකම්ම කෙලවුනා කිව්වට බෑ , සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාවක් නැති නිසා මම දන්න ටික සාමාන්‍යකරණය කරන්නම්.

      සියලු සංස්කාරක ධර්මයන්සේම හාඩ් ඩිස්ක්ද අපවත් වන සේක.
      සාමානයයෙන් ජීවිත කාලය අවු 5 විතර, ඒත් අවු 3 සිටම ලෙඩ දෙන්න පටන් ගත හැක.
      ලෙඩ දෙන්න ගත්තොත්, අබ සරණය. වහාම සියලු සබ්බසකල මනාව වහාම කොපි කරගෙන, දොරේ අඩේකට භාවිතා කල හැක

      උදා:

      මගේ අවු. 7 පරණ බූට් හාඩ් ඩිස්ක් එක හොඳ නෑ කියල OS එක ස්කෑන් කරන්න ගත්තා. මම ඒක අයින් කලා. පස්සෙ , පරණ හාඩ් ඩිස්ක් සෙට් එකක්ම චෙක් කලා මේකත් එක්ක:

      1. අවු 7 හාඩ් ඩිස්ක් එක: බෑඩ් සෙක්ටර්ස් නෑ. කියන්න කිසිම වරදක් නෑ , දැනට හොඳට වැඩ කරනවා. ඒත් වයසත්, කලින් ලෙඩ උන නිසාත්, විස්වාසයක් තියන්න බෑ

      2. අවු 4 වයස නිකං ලැබිච්ච 500 GB එක: දරුණු ලෙස රත් වෙනව. ඩිටෙක්ට් කරන්නෙ නෑ. කෙලින්ම දොරේ අඩේට...

      චෙක් කිරීම:

      1: අසාමාන්‍ය ලෙස රත් වෙනවාද බැලීම.
      2. සද්ද බද්ද
      3. බෑඩ් සෙක්ටර්ස් ස්කෑන්:

      දැන් ඉස්සර වගේ හාඩ් ඩිස්ක් , අපි ලෝ-ලෙවල් ෆෝමැට් කරන්නේ නැත.
      සීරෝ ‍ෆිල් ටූල් එකක් පාවිච්චි කරාම ඇති. මං පාවිච්චි කලේ " Lowvel ගූගල් කලාම සොයාගත හැක

      දැනට ඔය ඇති.

      සන්තෝසයි ද ජෝනා :)

      Delete
    2. මට හරියන්නේ නැති වුනාට, ලැප්ටොප් එකකට හොඳම , කරදර අඩුම SSD තමා.

      ඒත් ඔය කොයි බෝට්‍ටුවත් ගිලෙනව පු‍තෝ ( © තිලකෙගෙ අප්පුච්චා )

      Delete
  9. ඈ බස්සෝ ඔහේ මොකුත් අළුතෙන් ලියන්නේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑ නේන්නං ලිව්වෙම නෑ නෙව? කොහෙද මේ පරිවර්තන වලට වහ වැටිලා නෙව හිටියෙ?

      මේ සති අන්තෙවත් මොකක් හරි ලියන්න බලන්නම් :)

      Delete