Wednesday, August 19, 2015

ඈවරයි, දෑවරයි



http://jimhillmedia.com/mb/images/upload/RAT_221-web.jpg

මං තීරණය කලා, අද ඉඳන්වත්  වැදගත් බස්සෙක් වෙන්න. කතිර යුද්දෙත් ඉවර වෙච්චි, අප්පච්චිත්, සෙත්ත පෝච්චි වෙච්චි, එහෙව් එකේ වැටිච්ච් එකාට උඩ පැන , පැන තලන එක හොඳ නෑ නෙව? එහෙම හිතලා , 

 මං අහල පහල හිටිය බ‍ටු මී නයිදෙව මුණගැහෙන්න ගියා



"  උඹට කියන්න , මීයෝ,මං කම්පනා කොලා, අර පුරුදු විදිහට ටැක්නිකල් පෝස්ට් එකක් ලියාගෙන, පැල් කයියක් කියාගෙන පරණ විදිහට ඉන්න"





මීයා ඔලුව වැනුව " ඒ කියන්නෙ බස්සෝ, උඹැහෙ ආයෙ   පොලිටිකල් එව්වා ලියන්නෙ නැතෙයි?"



" නෑ බං, ඔය මඳැ අප්පුච්චට තඩි බෑව. අනික, මහ අලිය උනත්, ටිකක්  අප්සැට් සතා, පැටිකිරියත් හොඳම නෑ, මොනව කරාවිද කව්දෑ දන්නෙ?"



" අනේ මන්ද බස්සෝ, ඒත් අප්පුච්චා , එයැයිට බලේ තියෙද්දි බොලාට එක දිගටම නෙලුවෙ?"



" ඒක නං එහෙම තමා. ඒත් අපි  එහෙම ජාතියක් නෙමෙයි නෙව? අපි එව්වා, පටස් ගාලා අමතක කරනවා"



"හෑ,  , එතකොට , අප්පුච්චා, රජගෙදර රිළවා ලව්වා , රිළා නැ‍ටුං පෙන්නන්න ආවොත්?"



" බොලං මී නයිදෙ, අපි එතකොට, ඔපරේෂන් " මෛත්‍රි" කරනවා ", මොනව කලත් ආගමානුකූලව තමයි"



" මට නං විස්වාස නෑ, උඹ ආයෙ  පොලිටිකල් කතා නොලියයි කියලා , බස්සො"



" හා , බලපංකො. ඔන්න බලාපං, මං  නෙමෙයි ආයෙ කට අරින්නෙ. පිංතූර විතරමයි දාන්නෙ"




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMSgmYbH86s1FBcyZlvRuMg-0V275LFypr7foyguMqbWmPg8dc36_UVaJSAHgs6jJmKHTp3TcGaly5O9E_y96WBbwP9QaHeYJ0Ih5SWxkI4LPtU00KicMel1Amvv91SunTNVEXFRBN38Dk/s1600/The-Best-Of-Expectations-VS-Reality-2013-8.jpg











Expectation-

A nice parking job
















                               Reality

















Parking - Arabic style

17 comments:

  1. අද බස්සගෙ පෝස්ට් එක අපි කියවන්න එද්දි -
    Expectation

    පට්ට පෝස්ට් එකක්

    Reality

    එච්චර කියවන්න දෙයක් තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දේසපාලු මඩවලේ බැහැල හිටියම, එක පාරට පරණ ට්‍රැක් එකට එන්න අමාරුයි. ඇත්තටම ලියන්න දෙයක් තිබ්බෙ නෑ

      Delete
    2. නෑ බං. අඩුගානෙ උඹ මේක හරි ලිව්වනෙ. මං තාම ලිව්වෙ නෑ මොකවත්...

      Delete
  2. Expectation
    අප්පච්චි නැතුව පාලුයි.

    Reality
    අප්පච්චි ඒකාධිපති,හොරා,දුෂකයා,භිෂකයා

    ReplyDelete
    Replies
    1. අප්පච්චිට කියන්නෙ පළපුරුදු දේශපාලකයෙක්. රෝන්ග් සයිඩ් ගිහින්, ලයින් එක ක්‍රෝස් නොකලා නම්, ඉතිහාසගත වෙන්න තිබිච්ච කෙනෙක්

      Delete
  3. අපොයි ඔහොම බැ බස්සෝ. හරියට ගාණක් ගන්නවත් විස්ලේශණවගේ බර වචන දාලා පෝස්ට් එකක් දෙකක් ලියන්න ඕන නෙව. න්Aතිව මහප්‍රාණ මහජනයා දන්නවද බස්සා පොලිටික් රයිටර් කියලා.
    ඔන්න දැන් තමයි අපිට වැඩි වැඩ තියෙන්නේ. දැන් තමයි අපි බලාපොරොත්තුවෙච්ච හීන ආන්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන හොයලා බලන්න ඕනෙ හරි නම්... අන්න ඒවා ගැනයි ලියන්න ඕනෙ අපේ බසුතුමාලා...

    ReplyDelete
    Replies
    1. අපේ දේසපාලු කස්ටියගෙ පැටිකිරිය බැලුවාම , අපට ඉස්සරහට ලියන්න මාත්තුරුකා නොදී ඉන්න එකක් නෑ කියල හිතෙනවා

      Delete
  4. අප්පච්චි එක්ක පුද්ගලික තරහක් තිබුැනෙ නෑ නොවැ..එහෙනං ආයිබෝං ‍ෙම් ආණ්ඩුවෙත් අඩු පාඩු කියන එකයි යුතු කොම ඕං

    ReplyDelete
    Replies
    1. හොඳ දේවල් වලට හොඳයි කියමු. නරක නම් වැරදියි කියමු, රට්‍ටු කියන්නෙ, බස්සොන්ට තියෙන්නෙ මඳටියා ඇටයක් විතර මොලයක් කියලයි. මගේ ඒ මොලේට තේරෙන හැටි මේ:

      හොඳින් හෝ නරකින් අප්පුච්චා පාරවල් ටික හැදුවා, යුද්දෙ ඉවර කලා. නැව් නාවත් වරායකුත් හැදුවා, කුරුල්ලොන්ට එයාපෝට් එකකුත් හැදුවා. රටක් දියුණු කරන්න , හොඳ යටිතල පහසුකම් අවශ්‍යයයි. අලින්ට මොලේ තියනව නම්, එව්වා ප්‍රයෝජනයට ගනීවි.

      ඒත් , දේශපාලන එදිවාදිකම් පිරිමහ ගන්න, අප්පුච්චා කරපු ඔක්කොමට කචල් අදින එක හොඳ ආරම්භයක් විදිහට මට නම් පේන්නෙ නෑ.

      මත්තල වී ගබඩා කරන්නත්, පුළුවන්ද හොයා බලනවා කියල ආරංචියක් ආවා. ඊලඟට , පුලුවනි , අධිවේගෙ වී වේලන්න පුළුවනිද කියලත් හොයා බලන්න :)

      පාරම්පරිකව , අපි කෘෂිකාර්මික රටක් වුවත්, අදට එය ගැලෙපෙන්නෙ නෑ. දැනට අපේ ප්‍රධාන ආදායම, රෙදි මහන කෙල්ලො ටිකයි, රට පටවන ආයම්මල ටිකයි. අපට විකල්ප ආදායම් මාර්ග අවශ්‍යයි. එව්වා මොනවද, කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියන එක මං දන්නෙ නෑ.උඹලා මාව කවුන්සලේට නොයැව්වෙ ඒක නෙව? :)

      ආරම්භයක් විදිහට, ගාමන්ට් කෙල්ලොන්ටයි, මැදපෙරදිග මහන්සිවෙන අයටයි, මෙයිට වඩා සැලකිල්ලක්,, ගරුත්වයක්, විශේෂ සහන වගේ එව්වා ටිකක් දෙන එක , නරක අදහසක් නෙමෙයි.

      අපේ වගේම රටේ ප්‍රධාන ආදායම, විදේශගත ශ්‍රමිකයන් උපයන මුදල් වෙච්ච, පිලිපීනයෙ එහෙම කරනවා. පිලිපීනයයෙත් දේශපාලන පැටිකිරිය හොඳ එකක් නෙමෙයි. ඒත් ඔවුන්, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසනවා. මැදපෙරදිගෛන් වැඩි ‍රැකියා ලබාගැනීමට රජය මැදිහත් වෙනවා. ඒ එක්කම, ඒ රටවල ඉන්නා ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා වගේම නොමිලේ ඉංග්‍රීසි, කම්පියුටර්, නැ‍ටුම් පංති පවා පවත් වනවා. මේ හේතුව නිසා නිසා , මැදපෙරදිග ඉන්නා පිලිපීන ජාතිකයන්, විවිධ ‍රැකියා ක්ශේත්‍ර වල බලය තහවුරු කරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් මැදපෙරදිග ඉන්නා ඉන්දියන් හෝ පිලිපීන ගෘහ සේවිකාවන්ට අපේ අයට වඩා වැඩි වැ‍ටුපක් ලැබෙනවා.

      දැං බලමු අපේ තත්ත්වය. අපි හැමෝම දන්නවා , අපේ තානාපති සේවයේ තරම. ඒක ගෝලබාලයන්ට, නැදෑයනට කෙලෙහිගුණ සලකන්න , එයාලගෙ ලමයින්ට රජයේ වියදමින් පිටරට අධ්‍යාපනයක් ලබාගන්න තියන දෙයක් .එහෙම එකකින් කොහොමද සේවයක් වෙන්නෙ? අප්පුච්චා, අලි කියල වෙනසක් නෑ, හැමෝම මේක කලා. මේ මැදපෙරදිග තැලෙන අය වෙනුවෙන් හඬක් නැගුවෙ වන්-ෂොට් විතරයි.

      මගේ නම් අප්පුච්චාට ඇති අකමැත්ත, අද වෙන කොට පෞද්ගලික තරහාවක් තරමටම වර්ධනය වෙලා තියනවා. ඒත් ඒ ගැන කතා කරන එක තේරුමක් නැත්තෙ, මලවුන්ට අපහාස කරන එක හොඳ නැති නිසයි.

      Delete
    2. //බස්සොන්ට තියෙන්නෙ මඳටියා ඇටයක් විතර මොලයක් //

      >_<

      Delete
    3. ඔය අලින්ටත් තියෙන්නෙ තඩි මොලයක්? කෝ, වැඩක් තියේයෑ? :)

      Delete
  5. පලවෙනි එක තේරුනා . දෙවනි එක තේරුනේ නැත

    ReplyDelete
  6. අරාබි ක්‍රමයනම් පට්ට මචං

    ReplyDelete
    Replies
    1. ඔ‍ටුවගෙ අයිතිකාරය හිතල තියෙන්නෙ ඌත් වාහනයක් කියලා. ඒක නෙව පාක් කලේ:)

      Delete
  7. //බස්සොන්ට තියෙන්නෙ මඳටියා ඇටයක් විතර මොලයක් //

    අබ ඇටයක් තරම් නෙමේද?:P

    ReplyDelete
    Replies
    1. Don't say I didn't say I didn't warn you :D:D

      Love this song :P

      Delete