Saturday, October 22, 2011

වළි කිකිලියෙකුට පෙම්කල උගුඩුවෙක්..








ඔය අපේ අලි මඩුවෙ, රා මුට්ටියට හොම්බ දාන්ට එන උගුඩුවෙක් හිටියා. මට මේ ලඟදි දවසක් එයාව හම්බුවුනා නෙව දෙණියෙ කුඹුක ලඟදි, කරටි කැඩෙන්න ගහලා.



"ඇයි බොල උගුඩුවො, බොනවයි කියලා ඔහොමත් බොනවද? චැහ්, ‍තෝ නං මුළු උගුඩු පරම්පරාවටම අවනම්බුවක්"



"වැඩක් නෑ, බෂ්ෂො. ආයෙ අපෙ පරම්පරාවෙ ගන්න නම්බුවක් ඉතිරිවෙලා නෑ, ආං අරහෙ කස්ටිය ඒකෙ දැලි ගානවා"



" කව්ද බොල ඒකෙ දැලි ගාන්නෙ?"

"වෙන කව්ද, අර කස්ටිය තමා. අර කව්ද මලක් වගේ කෙනෙක් ගලක් වුනාලු. කාගෙද සායම ගියේ? මේ අහිංසක අපේ!"



" ආ, ඒකද. ඒක මේ උඹට කියපු එකක් නෙමෙයිනෙ. උගුඩුවා කියල කිව්වට ඒකා හෝතම්ඹුවෙක් නෙව"



"ආ, ඒක මිසක්. ඒත් මං බිව්වෙ වෙන දේකට, ගෙදර වලියකට"



" ඇයි උගුඩිච්චි එක්ක අදත් වලියක්ද?"



" බෂ්ෂො. එයා උගුඩිච්චියෙක් නෙමෙයි. එයා වලි කිකිළියෙක්"



" ඈ බොල උගුඩුවො, බොගේ ඔය ඔලුගෙඩිය අස්සෙ මොළේ කලඳක්වත් නැතුවද තමන්ට නොගැලපෙන මඟුලක් කරගත්තෙ? අනික,එහෙනං වැරද්දක් කියන්නත් බෑනෙ, එයා වළි කිකිලියෙක් නෙ?"



" මොනව කරන්නද බෂ්ෂො, ලබා උපන් හැටියට නෙව ඔබා වැනෙන්නෙ?"



" බොට නං හොඳටම වැඩියි, ඔබා නෙමෙයි බොල, බඹා"



" කව්ද ඔය බඹා, අනික ඇයි එයා වැනෙන්නෙ? එයත් සෑහෙන්න බොන කෙනෙක් වෙන්ටෑ? නැත්නම් එයාගෙ මහගෙත් වළි කිකිලියෙක් වත්ද?"



"බඹා කිව්වෙ මහා බ්‍රහ්මයා නෙව. ඒක නෙමයි , උඹ ඔය කිකිලිට දැපනෙ වැ‍ටුනෙ, මොනව දැකලද?



"එයා මාව දැක්ක මුල්ම දවසෙ වේලිච්ච කොල ගොඩේ 'බස,බස' ගාලා දිව්ව හැටියට තමා මට ආදරේ හිතුනෙ. බෂ්ෂො උඹට කියන්න, මට කාලම ඉන්න බැරි වැඩේ, අහල පහල නයි , මුගටි හෝතම්ඹුවො ඔක්කොම එයාට බැල්ම දාන එකටයි"



"වළිකිකිලියෙක් නං ලස්සනට දුවන්න ඇති තමා, කෙට එලදෙන දිව්වා වගේ. කිකිලි ලස්සන ඇති, ඒකයි අනික් උන් බැල්ම දාන්නෙ"



" ලස්සන නං තමා, එයා ඩයට් කරනවා, ජිම් එකටත් යනවා.ඒත් මම එයාට ආදරේ පෙන්නනව මඳිලු. මං කොයි වෙලාවෙ බැලුවත් බුදිලු. මං 'මෙව්ව' දෙනව මඳිලු. මට තියන ප්‍රශ්ණෙ, එයා " ඔය කවුරු මොනව දුන්නත් මං ආදරෙ ඔයාට විතරනෙ මයෙ කුක්කු පැටියෝ' කියලා කිව්වට, අනික් අය දෙන 'මෙව්වා' ලස්සනට බාර ගන්න එකටනෙ"



" ඒ කියන්නෙ බොට ඔය කිකිලිව ෂුවර් නෑ"



"අනේ මන්දා බෂ්ෂො, එහෙමමත් නෙමෙයි, කිකිලියො කියන්නෙ හරිම සංකීර්ණ සත්තු ජාතියක්..."



          

7 comments:

  1. කතාව උගුඩුවෙක් ගැන උනාට පින්තූරේ ඉන්නේ මුගටියෙක්නේ බොලේ.
    හැබෑට උගුඩුව කොයි වගේද?
    උගුඩුවටනං දුක කියන්ඩ බස්සෙක් වත් ඉන්නවා. බස්සගේ දුක අහන්ඩ කව්ද ඉන්නේ!
    (ඹබා නෙමෙයි බස්සො, බඹා.)

    -----------------------------------------------------------
    බස්ස දන්නවද දන්නේ නෑ, මේ දවස්වල ලංකාවේ වේදිකා නාට්ටියක් තියෙනවා, "බකමූණා වීදි බසී." කියල.

    ReplyDelete
  2. ඔන්න පොගු කිව්ව නිසා හරිම පින්තූරෙ දැම්මා. එයා හරි ලැජ්ජා කාරයා, ඒ නිසා ඇඳපු චිත්‍රයක් තමා දැම්මෙ. ඕනම නං Palm Civet කියලා Google කරලා බලන්න. ඔය උගුඩුවො නිකම්ම නිකං වැඩකට නැති එව්වො කියලා අපි හිතුවට මෙන්න මේක බලන්නකො:
    http://maryeaudet.hubpages.com/hub/Unusual-Coffee-

    ඉතාමත් මිල අධික කෝපි වර්ගයක් වන Kopi Luwak හදන්නෙ එයාලා

    බකමූණා වීදි බසියි! හුටා, එහෙනං ලෙමන් ෆෆ් වලට හෙන ඉල්ලුමක් ඇති :)

    ReplyDelete
  3. බඹා නේන්නං.මට මේ දවස්වල දෙකොණ මාරුවෙලා ඉන්නෙ :)

    ReplyDelete
  4. දැන් බලං යනකොට උගුඩුවෝ, උන හපුලුවෝ කියන්නේ කියන්නේ හරි ලස්සන සත්තුනේ. බැරිද ඔය හෝතඹුවෙක්ගේ පින්තූරෙකුත් දාන්ට...:D

    ReplyDelete
  5. අම්මට හුඩු! බස්සත් නියම කෝපි ජාතියක් නේ හොයාගෙන තියෙන්නේ. මේ දවස්වල බ්ලොග් ලෝකෙ කෝපි ගැන හෝ ගාල කතාව. බූරු බබයි, වජිර දේවියි දෙන්නම කෝපි ගැන ආටිකල්ස්. කෝපි ලෝලියෝ රස කර කර කමෙන්ට්ස්. මේ කෝපි ජාතිය කට්ටිය බීල තියේද දන්නෑ? අපි අහල බලමු නේද?

    ReplyDelete
  6. අම්මෝ ඒක ඇහුවෙත් අදමයි ද මන්දා
    මොනා හරි කාපු උගුඩුවෝ ගැන නම් කතාවක් තියෙනව නේද. මට දැන් මතක නෑනේ.

    ReplyDelete
  7. @ පොකු
    මෙන්න මේ සයිට් එක අනුව හෝතම්බුවා කියන්නෙ මුගටියටලු. මුගටියා නං ඉතිං mongoose නෙ.
    http://nalakalakmal.blogspot.com/

    @පොගු
    හුටා, එයාල කෝපි ගැන ලියලද?

    @ දුප්පත් නෝනා
    ඇටි කෙහෙල් නෝනෝ, ඇටි කෙහෙල්

    ReplyDelete