Monday, October 24, 2011

මන්දාරමෙන් එහා..

අහන්නකො මේ සිංදුව. ලස්සනයි නේද?





                





මේ දවස් වල මෙහාට ටික, ටික වහිනව. අහස පුරාම වැහි බීරම. ඒත් ඉතිං වැඩට යන්න එපෑයැ. හුළඟට ඇඟේ හිරි ගඩු පිපෙනවා. ඉතිං කාවද මතක් වෙන්නෙ? දුම් දාන කෝපි කෝප්පෙයි, බැස්සිවයි තමා.

සිංදුවෙ මෙන්න මෙහෙම කියනවා:





මන්දාරමෙන් එහා..

දෙව් දුවක් ඇති බලා...

මට යන්න දෙන්න සියුමැලියේ...

සුවඳ සොය සොයා..

මේ රාත්‍රියම නිසංසලයි.. ඒත් ඔබ නිසා...





මට ඕක තේරෙන්නෙ නෑ නෙව ආයිබෝං, සියුමැලියා ලඟ ඉන්නව නං ආයි මොකටද අර දෙව්දුවක් හොයන්න යන්නෙ. බස්සට නං, අරලිය මලයි, සුදුපාට මීදුමයි, සියුමැලියයි ඔක්කොම එක්කෙනයි.





අර ගුල්ලා මට ජූජක බමුණයි කිව්වා. ඕං බලා ගන්ටකො බස්සව. එකක බස්සා බුදි.



















අනිකෙ ඔලුවට පොලු පාරක් වැදිලා වගේ බලන් ඉන්නෙ,             මොනව දැකලද මන්දා?

8 comments:

  1. සිංදුව ලස්සනයි. බස්සා පව්...:D

    ReplyDelete
  2. හැබෑට බස්සා අර ඔලුව කරකවලා මොකක් දිහාද අර බලාගන ඉන්නේ?

    ReplyDelete
  3. එක එක ඒවා තේරුම් ගන්ට නොගිහින් දෙන දෙයක් කාලා , වෙන දෙයක් බලාගෙන ඉන්ටකෝ....

    ReplyDelete
  4. බස්සෙක් පස්සේ පන්නන්න ඉඩ හදලා දෙනවා නම් හොඳයි. අපි වගේ අය ඔය රීඩරෙට ගෙන්න ගන්න නේ කැමති.

    ReplyDelete
  5. මට නම් ඔය සින්දුව එච්චර ලස්සන නැහැ . යට තියෙන්නේ මොනවද . පින්තුරද . මට නම් පේන්නේ නැහැ . ඇත්තටම මුකුත් නැද්ද

    ReplyDelete
  6. @ පීසා නෝනා

    බුදු නෝනෝ, පස්සෙන් පන්නන්න නං එපෝ. මේ දවස්වල මෙහෙට වහිනවා, මට බෙනෙන් එලියෙ නිදාගන්ට බැරියෝ. ඕනෙම නම් 'රීඩරේට " අල්ලපු ගහේ උණහපුලුවට එන්ට කියන්නම් :))

    ReplyDelete
  7. බසසෝ, ආං කුමාරිහාමි කියන විදිහට ජූජක බමුණන්ට කැමති වෙන්නෙම අප්සරාවෝ වගේ ලලනාවො'ලු' නෙව. ඉතින් මං ජූජක බමුනයි කිව්වට තරහ ගන්ට කාරියක් නෑ ඕන්.
    මට නං පේන්නෙ අපේ බකුසු උන්නැහේ ශාස්ත්‍රීය ගීතයක් ගයනව වගේ.
    පල්ලෙහා පින්තූරේ ඉන්න බස්සනන් හරි හුරතල් පාටයි. DGM බස්සගේ හීන් එකා වත්ද?

    ReplyDelete
  8. @ පොකු
    එකනෙ කියන්නෙ නෝනෙ Birds of a feather flock together කියලා
    @ සමනලී
    හැබෑටම මේකා අප්සරාවක් දැකලා දෙකොන මාරුවෙලා බලා ඉන්නව වත්දෑ? :))
    @නීතා
    අනේද කියන්නෙ.
    @බින්දි
    ඒකනෙ ලෝකෙ විවිධයි , විචිත්‍රයි, ගෝලා කාරයි කියන්නෙ. යට තියෙන එව්වත් ඒ වගේ තමා. කෙනකුට පේනදේ තවකෙනකුට පේන්නෙ නෑ නෙව.
    @පොගු
    හීන් එකා නොමෙයි බොල, මහ එකා :)))

    ReplyDelete